ජීවිතයම කතන්දර ගොඩක්!
This is a Sinahla blog written for five years from July 2009. It contains stories - Kathandara - from authors life.
කතන්දරකාරයා ගේ දශක කිහිපයක ජීවන අත්දැකීම් අළලා 2009 ජූලි 11 දින සිට පුරා වසර පහක් තිස්සේ ලියවුණු කතන්දර එකතුවකි. kathandara@gmail.com
Friday, 7 September 2012
චක්කරේ ආපහු මුල් තැනටම? - Back to square one!
දැන් අර අට ලෝ දහම කියන එක තියෙනවා නේද?
ඒකෙන් කියවෙන්නේ මෙන්න මේ ටිකයි.
සැප, දුක, ලාභ, අලාභ, නින්දා, ප්‍රසංශා, යස, අයස කියන සෙට් එක එකක් පස්සේ එකක් අපිට සෙට් වෙනවා. හරියට අර කන්දකට පස්සේ පල්ලමක් එනවා වගේ.
කාලයක් ජොලියේ හිටියායින් පස්සේ මොකක් හරි වාත කේස් එකක සෙට් වෙලා චාටර් වෙන්න වෙනවාමයි. බැක් ටු ස්ක්ව්‍යා වන් කියන්නේ ඔන්න ඕකටයි.
හැබැයි දිය කෙලිමින් ජොලියේ ඉන්න කොට පස්සේ වතුර රත්වෙයිය කියලා නොහිතෙන්න පුළුවනි.
අන්න ඒකයි අද කතන්දරය.
මෙන්න අද කයිය.
ඉනික්බිතිව එළඹියේ වසන්තයයි
රුදුරු විලාසෙන් ගිණිගෙන දැවෙනා
කුරිරු ලෝකයෙන් පැන දුවනා සඳ
මියුරු සිනාවෙන් කෝල කතාවෙන්
සොඳුරු රුවෙන් යුතු ඔබ මුණ ගැසුණා
කුසුම් පිපී හිනැහුණු ඒ මොහොතේ
සිතුම් දහක් සිත පැන නැගුණා
පෙරුම් පුරා සිටි වදන් ගලද්දී
පැතුම් හදවතේ පිළිසිඳුණා
ඔය කෑලි දෙකම එකතු කළාම තමයි කයි-කතන්දරය හැදෙන්නේ.
(පේරාදෙනිය ඉංජිනේරු පීඨ කලාකවයේ නිර්මාණ පුවරුවේ මුලින්ම පල විය. පසුව මවිසින් හස්තද්වාරයෙන් ප්‍රකාශනය කරන ලද මායාවෝ කෘතියට අඩංගු කරන ලදී)
-කතන්දරකාරයා
ප/ලි
මේ 2012 සැප්තැම්බර් සාහිත්‍ය මාසය වෙනුවෙන් පලකෙරෙන කයි-කතන්දරයකි.
(image: http://www.fantasticfailures.com/?p=37)
Labels:
කයි-කතන්දර,
සාහිත්‍ය මාසය
Subscribe to:
Post Comments (Atom)
ඔව්. ඒකනේ කියන්නේ ලිප ගිනි මෙලවෙන තෙක් දිය සැලියේ. සැපයක් යැයි කකුළුවා දිය කෙලියේ කියලා
ReplyDeleteමගේ මේ වාක්‍යය පැහැදිලි කරලා දුන්නාට ස්තුතියි!
Delete"හැබැයි දිය කෙලිමින් ජොලියේ ඉන්න කොට පස්සේ වතුර රත්වෙයිය කියලා නොහිතෙන්න පුළුවනි."
හැබැයි පුතේ ඔය අටලෝ දහම ඔය කියන විදිහට මාරුවෙන් මාරුවට නම් එන්නේ නැහැ.. දුක් එක්ක අපහාස නින්දා අලාබ පේලියට එනවා.
ReplyDeleteනමුත් දුක අඩු වුනොත් ඉතිං ඒකත් එක්තරා සැප නේ. හරියට මේ පහල අංකල් කෙනෙක් (Anonymous -September 7, 2012 1:09 PM) කියලා තියෙනවා වගේ.
DeleteHAS THOPA KRAMYEN LIYAPU PALALI KAIYA PESASUMATA LAK KARAMI .( KAI PADA BANDINA SEEYA. )
ReplyDeleteහස්තෝප ක්‍රමය මම නොදනිමි.
Deleteමේ කවිය ඇතුලත් පොත හස්තද්වාරයෙන් (මූද්‍රණද්වාරයෙන් නොව) ප්‍රකාශනය කරපු බවයි මා කියා ඇත්තේ.
ස්තුතියි සීයේ. පද බැඳගෙන කරට අරගෙන යන්න.
ඔය මායාවෝ කියන පොත සෑහෙන ලොකු එකක් වෙන්ඩ ඕන. නැත්නම් මේ කවි ලියන ලිවිල්ලට සාමන්‍ය පොතක් නම් තුන්පාරක් විතර ඉවර වෙලා !
ReplyDeleteමුල් දෙවසරේ කවි හස්තද්වාරයෙන් පබ්ලිෂ් කෙරුවේ "හන්තානේ කඳු පාමුල" කියන පොතේ.
Deleteමායාවෝ පොතේ තියෙන්නේ තුන්වන සහ සිව්වන වසරවල ලියූ කවි.
ඔය පොත් එකක්වත් ප්‍රින්ට් කලේ නැද්ද. එහෙම ප්‍රින්ට් කරපු පොතක් හොයාගන්ඩ නැද්ද ?
Delete"රුදුරු විලාසෙන් ගිණිගෙන දැවෙනා
ReplyDeleteකුරිරු ලෝකයෙන් පැන දුවනා සඳ
මියුරු සිනාවෙන් කෝල කතාවෙන්
සොඳුරු රුවෙන් යුතු ඔබ මුණ ගැසුණා"
කක්ක බරක් හැදිලා යද්දී ලස්සන වැසිකිලියක් දැක්කම මටත් මේ වගේ හිතෙනවා.ඔබ තුමාගේ බ්ලොගේ බලේ තමයි ඉතින්. කලින් මෙහෙම හිතුනේ ගැනු ළමයි ගැන.
කවිය නම් පට්ටයි. කම්මලක ඉගෙනගත්තට හොඳ කළා හැකියාවක් තියෙන මහත්තයෙක්.
කක්කුස්සි ඔයාට හිනාවෙලා කතා කරනවාද?
Deleteකකා ඒ ප්‍රශ්නෙ අසාධාරණයි. නිර්මාණයක ඕනෑම දෙයකට සජීවී හෝ අජීවී හෝ කතා කරන්න, හිනා වෙන්න පුළුවන්.
Deleteඋදාහරණයක්:
හිරු මා හා කතා කළා - සඳු මා හා සිනාසුණා
ඔබ මා හා කතා කළේ නෑ - ඔබ මා හා සිනාසුණේ නෑ
මං අදහස් කලේ අපි නං ඔතන ගිහින් වැඩ දෙකක් කරන නිසා එකක් හිනාවටයි, අනික කතාවටයි සමාන කරන්න පුළුවන්. නමුත් පිලිතුරු ඇහෙන්නේ, පෙනෙන්නේ නෑ නේ?
Deleteදයාරත්න ගේ සින්දුවේ කියවෙන්නේ නොවෙන දේවල් සමාන කිරීමක් කියලා හිතන්නත් පුළුවනි. හරියට ඉබ්බන්ගෙන් පිහාටු, Pigs Fly වැනි උපමා වගේ.
කකා ඇනෝලත් එක්ක වෛරෙකින් ඉන්නෙ.. ඒකයි මේ ඇනෝගෙ විවරණය සමච්චලයට ලක් කරන්න උත්සාහ කරන්නෙ.. නමුත් එම ඇනෝගේ ඒ අදහස සරල ලෙසම ඕනෑම කෙනෙකුට තේරුම් ගත හැකි බැවින් කකාගේ කොමෙන්ටුව තුල ඇති වෛරී චේතනා සැමට ප්‍රදර්ශනය වේ..
Delete-thush aiya
@ Thush Aiya,
Deleteවෛරී චේතනා ???
පුහ්, මාරයි!
අපිත් බ්ලොග් කෙරුවාවට ආවා. සපෝර්ට් එකක් දෙනවැයි.?
ReplyDeleteගොස් බැලුවෙමි, තව ලියන්න.
DeleteNew home
Deletehttp://bitternight.blogspot.com.au/
හන්ස ගීතයෙන් මල බෙර වයනා
ReplyDeleteබ්ලොග් ලෝකයක නටබුන් අභියස
පාලුගෙයි වලන් බිදිනා
කාර්ඩ්බෝඩ් විරුවානෙනි..
ඔබේ බ්ලොගේ ඇති පඩගද ගූ ගද
ලොවම සිසාරා අපට දැනේ...
මෙන්න බලන්න මගේ බ්ලොගයේ අතුරු පලයක්.
Deleteපේනවා නේද තවත් කවියෙක් තටම තටමා බිහිවෙනවා!
හොඳ හැකියාවක් තියෙන ඇනෝවෙක් !!!!
Deleteකවිය කියවා සතුටු උනෙමි !
දුවන පනින නටන ගයන විටදී අඳින පටි ජොකු ගැන
Deleteබෙට්ටක් ගැන පඩයක් ගැන කමකට නැති කතා ලියන
හුජ්ජ කරන රෙන එක ගැන නිතරම අනුසාසන දෙන
පිළිගමු අපේ කක්ක (කකා) මැතිඳු නොමිලෙම මේ ආතල් දෙන
මෙන්න බලන්න මගේ බ්ලොගයේ අතුරු පලයක්
Deleteමගේ බ්ලොග් එක චා වෙනවා...
කුනු ඇනෝල මෙහි රෙනවා...
කොමෙන්ට්ස් හිට්ස් වැඩි වෙනවා...
මාව නිකන් උඩ යනවා...
සැම දෙන විකුනන් කනවා...
කාල කාල නිදියනවා..
හෙට උදේට ඇහැරෙනවා...
ඇනෝ නිසා ගොඩයනවා...
සූරියාඅරච්චි මහත්තයෝ...
ReplyDeleteපුලුවන් නම් පෝස්ට් එකේ කමෙන්ට් ටික උදෙම්ම පබ්ලිස් කරලා දාන්ඩ... පෝස්ට් එක වගේම කමෙන්ට් ටිකත් රසවත් !!!
පුලුවන් නම් මේ උලවු මොඩරේට් කිරිල්ල නවත්තලා දාන්ඩ... !!!
මම හිතන්නේ පළවෙනි කවේ තියෙන දුකත් එක්ක දෙවෙනි කවේ තියෙන සතුට වර්ධනය වෙලා පේනවා.ඒක ළමයි සීයක් විතර ඉන්න එකෙක්ට තව ළමයෙක් ලැබෙනවට වඩා අවුරුදු ගාණක් පෙරුම්පුරලා එක එක ඉරියවුවලින් වැඩේ කොරලා බලලා ඩොකාලා ගාව රස්තියාදුවෙලා බාර හාර වෙලා හදා ගත්තු ළමයා වටිනවා වගේ.
ReplyDeleteමොකෝ වෙන එකක් එක්ක සෙට් වෙලා ආතල් එකේ ඉද්දි ඔය එක දැක්කට ඔය ආතල් එකම එයිද?අටලෝ දහම කැරකෙන්නෙත් ඔය වගේ සංසන්දනාත්මක චින්තනේකට කියලයි මට හිතෙන්නේ.
ස්තුතියි!
Deleteඔව් අට ලෝ දහම නං සම සමව නෑ තමයි. නමුත් ලෝ ඔෆ් ඇවරේජස් කියලා එකකුත් තියෙනවානේ?
හොඳා හොඳා ඒක එහෙම නම් :)
ReplyDeleteහොඳා එහෙනං!
DeleteAug. 29th post eke boga daapu Ano. - dan onna wede hari ude 6 ta post eka eliyata awama comments eliyata enne sawasa 6 ta. dan onna hari pare yanawa apitath oone kale ooka thama. meke kaka hama dama liyanne eya vissa vijjale hitapu ekai, athe mokakda karapu eki. melo rahak nathi wachana peli tikak liyala kaiyak lu. anek ewath ehemi. pada,choo, jee, hotu, kana kasana eka. meyage kathandara walata wada honda comments. thawa bogala tikadenek boruwata meyage pita kasanawa. thamntama trumpet eka gaha gannawa. warna patallawa withari. Meyage yahalu bogekutath dan comments block karagana inna wedekala. Mata dawasak Pon Snake kiwwa, Atama nohoth Sujiyata.
ReplyDeleteඅවංකවම මට නං මේ ලියලා තියෙන දේ කියවන්නත් අමාරුයි, කියෝපු ටික තේරෙන්නේත් නෑ.
Deleteසාහිත්‍ය මාසෙට පල කරන පෝස්ට් දැක්කාම හිතාගත්ත හැකි රටට කෙලවිලා තියෙන තරම
ReplyDeleteඅන්න ඒ බව ඔහේලාට කියලා දෙන එක තමයි මගේ මේ ව්‍යායාමයේ අරමුණ!
Deleteසියළු දෙනාටම මගේ ස්තුතිය පිරිනමමි!!!
ReplyDelete