ජීවිතයම කතන්දර ගොඩක්!
This is a Sinahla blog written for five years from July 2009. It contains stories - Kathandara - from authors life.
කතන්දරකාරයා ගේ දශක කිහිපයක ජීවන අත්දැකීම් අළලා 2009 ජූලි 11 දින සිට පුරා වසර පහක් තිස්සේ ලියවුණු කතන්දර එකතුවකි. kathandara@gmail.com
Wednesday 8 February 2012
යුනිවසිටි යෑම සහ "යුනිවසිටි යෑම" - Get a life!
මං ඒ ලෙවල් පාස් වෙලා යුනිවසිටි යන්න සෙට් වෙන කාලේ පේරාදෙනිය ද, කටුබැද්ද ද කියලා තීරණය ගත්තු හැටි ගැන ලියපු කතන්දරේ හරය අපේ පාඨකයින්ගෙන් කීප දෙනෙකු නිවරදව වටහා ගෙන තිබුණේ නෑ.
ඒක නං ඉතිං මගේ වරද! අසන්නා කෙසේ තේරුම් ගත්තත් කියන්නා පැහැදිලිව කිව යුතුයි කියලා කියනවානේ.
ඒ ස්ටෝරි එකට තරමක් හෝ සමාන්තර බවක් තියෙන තවත් කතන්දරයක් මතක් වුණු නිසයි මේ ලියන්නේ.
ඔන්න මං කලක් සේවය කළ එක්තරා විශ්ව විද්‍යාලයක හිටියා දක්‍ෂ කෙල්ලෙක්. එයා විශේෂවේදී උපාධිය කරළා, ෆර්ස්ට් ක්ලාස් එකකින් පාස් වුණා. මාස කීපෙකට පස්සේ තිබුණු ඉන්ටර්වීව් එකකින් ඔන්න මේ දැරිවිය තේරුණා කථිකාචාර්ය තනතුරකට.
ඔහොම අවුරුද්දක් හමාරක් විතර ගෙවුණාට පස්සේ මේ තරුණියට අවස්ථාව ලැබුණා පස්තාච්චි උපාධියක් සඳහා ඉගෙන ගන්න පිටරටකට යන්න. එහේ විශ්ව විද්‍යාලයේම නවතින්න පහසුකමුත් ලැබුණාය කියලා ඔන්න මටත් කිව්වා.
"ඒක හොඳයි! ඔන්න දැන් තමයි සුරේඛා ඉස්සෙල්ලාම විශ්ව විද්‍යාලයකට යන්නේ" මං කිව්වා.
"ආ, ඔය කියන්නේ පේරාදෙනිය තමයි ලංකාවේ එකම එක විශ්ව විද්‍යාලේ කියලා නේද?" සුරේඛා තමන්ට මං කියපු දේ නොතේරුණු බව පෙන්නුවා.
ඉතිං මට සිද්ධ වුණා මගේ අදහස පැහැදිළි කරන්න.
"මං කිව්වේ එහෙම එකක් නෙමේ සුරේඛා. දැන් බලන්න, ඔයා පොඩි කාලේ ඉඳලාම වගේ ඉස්කෝලේ යන කොට උදේ නැගිටලා, ඇඳ පැළඳගෙන ඇවිත් කොළඹ බස් එකේ නැගිලා ඉස්කෝලේ ගියා. හවසට ඒ බස් එකේම අනිත් පැත්තට නැගලා ගෙදර ගියා."
"ඉස්කෝලෙන් අවුට් වෙලා එතනින් විශ්ව විද්‍යාලෙට ආවාම ඔයා කළේ අර කලින් විදියටම කොළඹ බස් එකේ නැගලා ආපු එකයි. හැබැයි බස් එක කොළඹට යන්න කලින් බැහැලා කැම්පස් එකට ආවා. ඒක තමයි එකම වෙනස. හවසට ඒ බස් එකේම නැගලා ගෙදර ගියා."
"ඒ කියන්නේ ඉස්කෝලෙන් යුනිවසිටියට ආවා කියලා වැඩි වෙනසක් සිද්ධ වුනේ නෑ!"
"නමුත් දැන් ඔයා මේ පස්තාච්චි උපාධිය ගන්න ගියාම ඒ සේරම වෙනස් වෙනවා. බස් ටයිම් ටේබල්වලින් සීමා නොවී විශ්ව විද්‍යාල ජීවිතය විඳින්න ඔයාට ලැබෙනවා. සෑබෑ විශ්ව විද්‍යාල ජීවිතය ඇරඹෙනවාය කියලා මං කිව්වේ අන්න ඒ නිසයි!"
ඒක තමයි මං සුරේඛාට දුන්නු ප්‍රථම සහ එකම දේශණය.
ඒ කිව්වත් වගේ අපේ සුරේඛා කොච්චර හොඳට සැබෑ විශ්ව විද්‍යාල ජීවිතය ගත කළා ද කියනවා නම්, මාස්ටර්, පීඑච්ඩී විතරක් නෙමේ තමන්ගේ අනාගත සහකාරයාවත් හොයා ගත්තා ඒ විශ්ව විද්‍යාලයෙන් ම!
මට ඔය පරණ කතන්දරේ මතක් වුනේ මේ ඊයේ පෙරේදා දවසක අපේ අහල පහල අඳුණන ඇන්ටි කෙනෙක් හමුවුණු වෙලාවෙයි.
ඇන්ටි ගේ දුවට යන්න ඕනෑ වෙලා තියෙන්නේ, ගෙදර ඉඳන් දුර පලාතක තියෙන විශ්ව විද්‍යාලයකට යි. දුර නිසා එහේ ගිහින් පදිංචි වෙන්නත් වෙනවා. ඇන්ටිට ටිකක් දුකයි වගේ මේ වැඩේට.
මං ඇන්ටිට කිව්වේ මේකයි.
"ඇන්ටි, දැන් බලන්න ඔයා පොඩි කාලේ ගෙදර ඉඳන් 120 ක නැගලා ඉස්කෝලේ ගියා, හවස ආපහු 120 ක නැගලා ගෙදර ආවා. යුනිවසිටි යන කාලේ උදේට 255 ක නැගලා ගියා, හවසටත් 255 ක ම නැගලා ගෙදර ආවා."
"ඒ වගේයෑ, අඩු තරමින් දුවවත් යුනිවසිටි ජීවිතයක් ගත කරයි නේද?"
මං හිතන්නේ ඇන්ටි ට තේරුණා මං කියපු දේ.
යුනිවසිටි යෑමේ සහ "යුනිවසිටි යෑමේ" වෙනස ඔන්න ඕකයි!
-කතන්දරකාරයා
ප/ලි:
හැබැයි ඉතිං ගෙදරින් පිට ගිහින් බත් කන්න ගියාම තමයි දුක තේරෙන්නේ!
http://kathandara.blogspot.com.au/2011/11/four-noble-truths-open-source-concept.html
!!!
(image: http://www.amazingonly.com/amazing/university-of-peradeniya-greenery-photography/)
Labels:
විශ්ව විද්‍යාල ශිෂ්‍යයෝ
Subscribe to:
Post Comments (Atom)
මමත් මෙසේමය.
ReplyDeleteඉස්කෝලෙ යන කාලේ කොළඹ බස් එකේ කොළඹ ගියා. දැන් කොළඹ බස් එකේ නැගලා කැලණියෙන් බහිනවා. හැබැයි විශ්වවිද්‍යාල ජීවිතය යනු ෆුල් ටයිම් විශ්වවිද්‍යාලයේ සිටීම විතරක් ම නෙමෙයි. සමහර විට කොහෙත්ම නෙමෙයි.
එකඟයි
Deleteමෙතැනදී අලුත් එක්ස්පිරියන්ස් එක වෙන්නේ තනිවම උයාගෙන වැඩ කරගෙන ස්වාධීනව ජීවත් වීම නේද? කැම්පස් එක ඇතුලේ රෑ වෙනකම් තියෙන දේවල් වලට සහභාගී වෙද්දී තමයි පොඩි ගැටලුවක් මතු වෙන්නේ ගෙදර ඉඳන් එන ළමයින්ට. මම නම් එතකොට ළඟ ඉන්න යාලුවෙක්ගෙ ගෙදර හරි හොස්ටල් හරි නැවතුනා එදාට.
අනිත් එක...හොස්ටල් ඉන්න ළමයි සිකුරාදා හවස ගෙදර යන නිසා වීක් එන්ඩ්ස් වල තියෙන දේවල් වල ට සහභාගී වීමත් අඩුයි.
මම ගෙදර ඉඳන් ගිය නිසා, හොස්ටල් ළමයින් කරේ නැති දේවල් මට කරන්න ලැබුනා : කැම්පස් උත්සව වලට කෑම හදා ගෙන ගියා, එහෙම පිට නවතිච්ච යාලුවෝ අපේ ගෙදර එක්කන් ආවා, ...
පැහැදිලිව එක්ස්පිරියන්ස් දෙකක් තමයි ගෙදර ඉඳන් යාම සහ හොස්ටල් ඉඳන් යාම. නමුත් 'නියම කැම්පස් ජීවිතේ' කියන්නේ ඔය දෙකෙන් එකක්වත් නෙවෙයි කියලයි මටත් හිතෙන්නේ.
මගේ කතාවත් අරවින්ද අයියාගේ කතාවමය.....
Deleteඔය සුරේඛා ගේ කතාවත් අරවින්ද ගේ සහ හසිතගේ කතාවමය.
Deleteඔව් කතන්දර ගේ කතාව එක අතකින් හරි. ඒ උනාට බැචේලර්ස් එකයි පස් තාච්චි එක්ස්පිරියන්ස් එකයි වෙනස් නේ... ඉතින් මාත් අර සුරේඛා වගේ උනත් මට නම් කොළඹ බැචේලර්ස් ජීවිතේ තරම් පස්තාච්චි ජීවිතේ ජොලි නැත :(
ReplyDeleteඒ කාලේ කැම්පස් එකේ ඉඳන් ගෙදර යන්න පැයක් යනවා. දැන් නම් ඇවිදගෙන ගියත් විනාඩි 10 යි - අනික රෑ 1 ට 2 ට උනත් යන්න පහසුකමුත් තියෙනවා. ඒත් අර කොළඹ දී තරම් බාහිර ක්‍රියාකාරකම් වෙන්නේ නැහැ...
ලංකාවේ වගේ නෙමේ මෙහේ ඉන්න ලමයි යුනිවර්සිටි යනකොටම ඉතින් යුනිවර්සිටි යනවා. :D
ReplyDeleteම්..එකේ පොඩි ආතල් එකක් නැත්තේමත් නෑ නොවැ..
ReplyDelete1) කතන්දරකාරයාට මොරටුව ගැන මාරම අවුලක් ඇත
ReplyDelete2) මොරටුවෙ නම් නැවතිලා හිටියත් සැබෑ යුනිවසිටි යෑමක් තියනවාදැයි මමත් කල්පනා කරමි. (වර්තමානයේ..අතීතය ගැනනම් මාරම කතා අසා ඇත)
3) කලින් පෝස්ට් එකේ (පේරා පොරවල් සහ කට්ටෝ ) අන්තිමට photos 4ක් මගින් වි.වි 2ක් සන්සන්දනය කරන්න යෑමෙන් පෙනෙන්නේ කතන්දරකාරයාගේ කුහකත්වයයි.(මම ඔබ කවුද කියා නොහඳුනමි)
4) හොස්ටල්, කැන්ටින් බත් වලින් තොර වි.වි ජීවිතයක් නැති බව මමද පිලිගනිමි..
(Traffic Ano)
Deleteමේ බ්ලොග් වල බොරු ලියන්න තහනම්ද? බ්ලොග් එකක ලියන්න ඕනෙ අවංකව තමන්ගෙ හිතට එන දේ විතරමද?
(මගේ යාළුවෙක් “දඩයම” චිත්තරපටිය බලල දවස් තුනක් නොකා නොබී හිටිය හිතේ අමාරුවට.)
(මගේ යාළුවෙක් “දඩයම” චිත්තරපටිය බලල දවස් තුනක් නොකා නොබී හිටිය හිතේ අමාරුවට.)
Deleteකාලෙකින් දැකපු එළකිරි කමෙන්ට් එකක්.
ඇයි බන් ඌ නොකා හිටියේ
මේක අර උඩ ඇනෝට(AnonymousFeb 7, 2012 07:22 PM)
මොරටුවේ හැටි දන්නෝ දනිති, මොරටුවේ නෙමෙයි කොහේ ගියත් යන්නන් වාලේ පිරිසක් ඉන්න බව අමතක කරන්න එපා
ඔබ මොරටුවේ ගියානම් මොරටුවේ කැම්පස් ගතිය නැහැ කියලත් හිතෙනවනම් ඒ ඔබ එහි ගතකල ක්‍රමයේ වැරැද්දක් වෙන්න ඕනේ
ඒ කියන්නේ ඔබ යන්නන් වාලේ එහි ගිය කෙනෙක්
කසු ගේ පරණ පෝස්ට් එකේ ෆොටෝ 4 න් කියවෙන දේ තේරුම් ගන්න බැරි වෙච්ච එක ගැන දුකයි දරුවෝ
ඔබ මොරටු පුතෙක් හෝ දුවෙක් කියලනම් කියන්න එපා
ඒක මොරටුවට ලැජ්ජාවක්
එකගයි....
ReplyDeleteඅනිවා කසූ....මම දැනට අවුරුදු 12ක් ගෙදරින් පිට....ඉස්කෝලේ යන්න ආවා....ඊට පස්සේ යුනිවර්සිටි ගියා....ඊළඟට රස්සාවට යනකොට මම ආසයි තවත් කොහේ හරි වන්නියකට යන්න....:D
ReplyDeleteවිශ්ව විද්‍යාලේ ගැනම නෙවෙයි..ඒත් ගෙදරින් නිදහස්ව ජීවත් වෙන්නත්..අළුත් පරිසරයක ඒ පරිසරයත් එක්ක බද්ධ වෙලා හැම ක්‍රියාකාරකමකටම සම්බන්ධ වෙලා ජීවත් වෙන්න ලැබෙන එකයි කියන්නේ වටිනම අත්දැකීමක්..සහ වෙනමම ජීවිතය ගැන කියැවීමක්...
ReplyDeleteකොහේද අපේ මිනිස්සු පුදුම බයයිනේ උන් හිටි තැනින් ඈතකට ගිහින් නිදහසේ ජීවත් වෙන්න...
එහෙනම් කතන්දර කියන විදියට මමත් දැන් ඉන්නේ "යුනිවසිටි" එක අතකට හරිම ජොලි වගේ ම එපා වෙන්නේ නිතර ගෙදර එන්න යන්න ගියාම. ගෙදර නෑවිදින් බෑනේ හාමිනේ ගම් පළාතේ නිසා! කැම්පස් යන්න කලින් ඒ දේවල් කරගත්තම එහෙම වෙනවා. මම ඉන්නෙ සබරගමුව වි.වි නිසා ඇවිදින්න තැන් ඕන තරම්! හිතුණා ම ඉගෙනත් ගන්නවා ඕං! ක.කා කියනවා වගේ ඒ කාලෙට වඩා වෙනස් ම අත්දැකීමක්!
ReplyDeleteමාරයා හරි...
ReplyDeleteමේ කෙහෙම්මල් කැම්පස් ගැනම කියෝන එක අතහැරැල සමාජයේ වෙන දේවල් නැද්ද අම්මප ලියන්න බොලෑට.
ReplyDeleteඉතින් බං තව බ්ලොග් ඕන තරම් තියෙන්නෙ..ඒව බලහන්කෝ මිනිහ මැරිච්ච ගෑනී වගේ මෙතන ලතෝනි තියන්නේ නැතුව !
Deleteදවසේ කියමන
DeleteTraffic Ano
ReplyDelete//අසන්නා කෙසේ තේරුම් ගත්තත් කියන්නා පැහැදිලිව කිව යුතුයි කියලා කියනවානේ//
ටැපලිලා හරි කියල තියන කතාවනං ඇත්ත. මාත් තේරුං ගත්ත දෙයක් තමයි බොහෝ අය යමක් තේරුම් ගන්නෙ තමන් හිතාන ඉන්න දේට ගලප්පලා. ඒ කියන්නේ පූර්ව නිගමන වල ඉඳලා. කියන්නා අපැහැදිළිව කිව්වොත්නං වැඩක් ම නෑ තමයි.
මං හිතන්නෙ බුදු බණේ තියන අනාත්ම සංකල්පය හා පුනරුත්පත්තිය පොඩ්ඩක් අණ්ඩර වගේ වෙලා තියෙන්නෙත් ඒ සංසිද්ධිය නිසා කියල.
//හැබැයි ඉතිං ගෙදරින් පිට ගිහින් බත් කන්න ගියාම තමයි දුක තේරෙන්නේ!//
ඒකත් යුනිවසිටි අත්දැකීමක්නෙ.
විවි න් පස්සෙ කාලෙක කොලඹ වරායෙ වැඩ කරන කාලෙ අපි කොල්ලො 5ක්, 6ක් විතර කන්නෙ එකට බත්ටික ලිහාගෙන. ඔන්න ගෙවල් වලින් ගේන කෑම මදි උනාම site එකේ කැන්ටිමෙන් කෑම 2ක් විතර ගේනව. ඕක කනකොට අපේ එකෙක් කියනව
ReplyDelete"මචං බඩ අහනව අයෙත් කම්පස් ගියාද" කියල.
ඉස්සර නං හාබර් බත් කන්න පිට කට්ටියත් එනව
Deleteහාබර් කෑම නෙමෙයි. අපි හිටියේ project එකේ.එවත් දැන් වෙනසක් නෑ.
Deleteඉස්කෝලෙත් හොස්ටල් හිටියානම් චුට්ටක් විතර වෙනස අඩුයි. ඒ මොනවා උනත් කතන්දර කියනවා වගේ කැම්පස් යනවානම් හොස්ටල් ඉන්නම ඕනි. මගේ යාළුවෝ සෙට් එකක් හිටියා. ගෙදර ඉඳන් විනාඩි 25න් කැම්පස් යන්න පුළුවන්. ඒත් මුන් හොයන්න නැත්තේ ගෙදරමයි. ඉන්නේම කැම්පස් එකේ නැතිනම් හොස්ටල් එකක.
ReplyDeleteඕකට තියෙන බෙහෙත ඉතින් ගෙදර ඉඳන් කැම්පස් ගියත් ගෙදරක් නෑ වගේ වැඩ කරන එක තමයි! :))))))
ReplyDeleteහරියට හරි. යුනිවර්සිටි යනව කියන්නෙ ඉගනගන්න එක විතරක්ම නෙවේ.
ReplyDeleteඅපි නම් ඒක වින්දා. ඒත් රස්සාවට යන කාලෙත් ගෙදරින් පිට ඉන්න උනාම නම් එපා වෙනවා.
ReplyDeleteවිශ්ව විද්‍යාල ජීවිතේ එකාකාරී නම් ලංකාවේ පිටරට කියලා වෙනසක් නෑ..
ReplyDeleteඅනිව තමා..
ReplyDeleteඒකෙ නියම රසේ අත් විදින්න නම් ඉතින් ගෙදරින් පිටම ඉන්න ඕන..!!!
මමත්ඔය පේරා හිටපු එකෙක් තමයි. ඒත් මම අවුරුදු 7ක් ඉස්කෝලෙ හොස්ටල් එකේ හිටපු එකෙක් නිසා නිදහස් මතයකට ඉඩනැති, කැම්පස් ජිවිතයට වඩා අදත් මම සතුටු වන්නේ හොස්ටල් එකේදි මට ලැබුන අන් මත යට සවන්දීම සහ එය ඉවසීම වැනිගුණාංග ගැනයි. එහෙත් බුද්දිමතුන් සිටිනා බව කියන විශ්ව විද්‍යාලය එවැනි තැනක් නොවන බව දින කීපයකින්මට ලැබුන අත්දැකීමකින් පසක්වීමෙන් පස්සේ ඇතිවු කලකිරීම තවමත් ඇත. !
ReplyDeleteමට වෙනස තේරුනේ නෑනේ....
ReplyDeleteහොස්ටල් හිටපු කෙනෙක්ට ඒ ජීවිතේ හොඳයි. ගෙදර ඉඳන් ආපු ගිය අයට ඒ ජීවිතේ හොඳයි.
ReplyDeleteහැමදේම සාපේක්ෂයි කතන්දර.
ප/ලි - ඔබතුමා කොච්චර පේරා උස්සලා තියන්න හැදුවත් ලංකාවේ අතිශය අහුතරයක් මිනිස්සු දන්නවා ඒ ලස්සනට යටින් තියෙන කුහක/ ලිංගික අසහනකාරී සංස්කෘතිය ගැන. ඔව් මම මේ කතා කරන්නෙ පේරා රැග ගැන තමයි.
\\ හැමදේම සාපේක්ෂයි \\ 100% ක් ම එකඟයි..
Delete\\ කුහක/ ලිංගික අසහනකාරී සංස්කෘතිය \\ අන්න ඒකටනම් එකඟ වෙන්න බැහැ සහෝ.. මම දන්නා විදිහට පේරා ට වඩා රැග් තියෙන, රැග් එකේ නමෙන් ප්‍රෙෂාලට ගහන unis ලංකාවේ ඕනේ තරම් තියෙනවා. මොරටුවේ රැග් අඩු නම් ඒ අඩුවෙලා තියෙනේ ඒ අය ලිංගිකව පරිනත වෙච්ච අය හින්ද නෙවෙයි. day scholars ල වැඩි හන්ද.
අනික මොනවා හරි ලිංගික අසහනයක් තියෙනවා නම් ඒවා ඇර ගන්න වැඩිම පහසුකම් සහ වටපිටාව තියෙන්නෙත් පේරා වලම තමයි.
හෑහ් මටත් දැන්නේ වෙනස තේරුනේ.
ReplyDeleteදැන් කාලේ හොස්ටල් එවුන් නිකන් කූඩු කරපු කුකුල්ලු වගේ. කැම්පස් එකයි හොස්ටල් එකයි ඇරුනම ටවුමේ පාරක්වත් දන්නේ නැහැ. ඒකට බෝඩිම් කාරයෝ. 138,154,122,190,176,100,200...ඕනි පාරක් අහන්න.
ReplyDeleteසුපිරි වෙනසක් නොවැ..
ReplyDeleteකතාව සහතික ඇත්ත !
ReplyDeleteවිශ්ව විද්‍යාල ජීවිතය තියෙන්නේ උදේ ගිහින් හවස එන්න යෑ. :)
ඒකනේ ගෙදර පැයේ දුර තිබිලත් මම බෝඩිං උනේ
ReplyDeleteහොස්ටෙල් වල බෝඩින් වල ඉදලා කැම්පස් යන ජීවිතෙත් ආතල්. මාසෙකට දෙකකට සැරයක් ගෙදර ගිහින් ගෙදර බත් කන එක ඊට වැඩිය ආතල්... නෑයි කියනවද ..හොදයි....( මේ මධුර එකේ සන්චක අකුරු ලියන්න දන්නෙ නෑනෙ... සන්චක හරියට ලියවෙන්නෙත් නෑ අප්පා)
ReplyDeleteමල් පියලි
This comment has been removed by the author.
Deleteමල් පියලි,
Deletehttp://www.google.com/transliterate/sinhalese"
Try කරලා බලන්න. ඕනේ අකුරක් ඕනේ වචනයක් ලියන්න පුළුවන්.
ඔන්න මමත් මේ පැත්තට ගොඩ වැදුනා කියවන්නනම් දේවල් ගොඩයි හිමින් හිමින් කියවන්නම්කො. මටත් මේ 120යි 255යි ගිහිල්ලා දැන් එපා වෙලා
ReplyDeleteගෙදරින් පිට ඉඳලා තාම පුරුද්දක් නම් නෑ... ඉඳලම බලන්න ඕනා.... :)
ReplyDeleteස්තුතිය් මරුමුස් ස්තුතිය් කියන්න බැරි තරම් ..
ReplyDeleteමමත් ලඟදි බ්ලොග් එකක් පටන් ගන්නයි යන්නේ .. සියල්ලන්ගේම සහාය ලැබෙවා...
මල් පියලි
කියවන්න ආසයි, විවිධ කෝණ වලින් මෙය පෙනෙන හැටි!
ReplyDeleteකාර්ය බහුලව ජීවිතය ගෙවී යනවා.
ReplyDeleteසියළු දෙනාටම ස්තුතියි.
මගෙන් පිලිතුරු නැති වුනත් කතන්දර ගඟ ගලා යනු ඇත!
මේක නම් සහතික ඇත්ත...ඉස්කෝලේ ගියා වගේම යුනිවසිටි එකටත් එන්න වුනොත් යුනිවසිටි ලයිෆ් එක විදින්න බැරි වෙනවා
ReplyDelete