Saturday 13 October 2012

නාඹර තරුණ කොල්ලන්ට කෙල්ලන්ට අවවාදයක් - An important advice to all young people out there


තිස් හතලිස් ගණංවල ඉන්ණ අයත් තරුණ තමයි හැබැයි මෙතන මං නාඹර තරුණ කියන එකෙන් අදහස් කරන්නේ දහ අට පන්නලා විසි ගණංවල ඉන්න කොලු කුරුට්ටන්වයි.

පොතකින් පිටුවක් කියන්නේ ජීවිතයෙනුත් කොටසක්.

පිටු පෙරලෙනවා, වයසට යනවා.

පිටුවල සටහන් කරපු පරණ දේවල් පස්සේ කාලෙකදී කියවන කොට දැනෙන්නේ අමුතුම ආකාරයක නවතාවයක්. රසයක්. ආශ්වාදයක්. ජොලියක්.

හැකි හැම වෙලාවකම මේ විදියට අතීතයට ගිහිල්ලා ඒ රසය විඳගන්න අපි හුඟ දෙනෙක් කැමතියි.

දැන් නාඹර තරුණ වයසේ ඉන්න අයට මගේ අවවාදය තමයි හැකි තරම් තමන් ගේ ජීවිත ගැන සටහන් තියන්න. ඒවා අර විස්කි වගේ එන්න එන්නම අගේ වැඩි වෙනවා.

මෙන්න මායාවෝ පොතෙන් තවත් පිටුවක්

කොයිබටද?

නදුන් උයන් කොණ
විසල් වැලි කතර
කම්මල තුල සිරගත වී දුක සේ
කල් ගත කරණා
අතුරු සැනේ
සිත නිදි ගැන් වූ
රොකට් එන්ජිමේ
බියකරු සිහිනය
නිමාව එළැඹී
විරාමයක්

තනිවී

නිහඬව සිටි සිත
දාහය ඉවසනු නොහැකිව තවදුර
සිසිල් පැන් පොදක්
සොයා අවට ලොව
දෙස බැලුවා!

යලිත් වරක්..
සිත නිදි ගන්වා
සෙමෙන් සෙමෙන්
හිරු ගිණිගත් මැදියම් වේලේ
තවත් සිහිනයක්

මම + මම = ?

විසඳනු නොහැකිවු
ප්‍රශ්ණ වැළක්
ඩීසල් එන්ජිමේ
සුන්දර සිහිනය

රැය දිගු නැත අප
සිතන තරම්


(පේරාදෙනිය ඉංජිනේරු පීඨ කලාකවයේ නිර්මාණ පුවරුවේ මුලින්ම පල විය. පසුව මවිසින් හස්තද්වාරයෙන් ප්‍රකාශනය කරන ලද "මායාවෝ" කෘතියට අඩංගු කරන ලදී)

-කතන්දරකාරයා

ප/ලි
අර සින්දුවකත් තියෙනවා නේද "ඔබ මතක නැති කරන්නට මට මතක නැති වුණා!" ය කියලා?




(image: http://pingu000.edu.glogster.com/pablo-picasso/?voucher=4f57969d83e890d24f76e7002ca78fc4)

25 comments:

  1. ඒ සින්දුවට නම් මම හරිම ආසයි....

    තව අළුත් එකක් තියෙනවා අහලා තියෙන්වද

    ඔය ඇස් අමතක වෙන්න නම් මගේ ඇස් පියවෙන්න වෙයි

    ඒ උනාට මම ආසම එක තමයි

    මට උඹ විතරක් උනාට උඹට ඉන්නේ මම විතරද...?

    ReplyDelete
    Replies
    1. කවුද ඔය අන්තිමට කියපු සින්දුව කියන්නෙ? වික්ටර් සාලිය බණ්ඩාරද?

      Delete
    2. මට මුළු ලොවම ඔබයි!

      Delete
  2. පේරාදෙනිය ඉංජිනේරු පීඨ කලාකවයේ නිර්මාණ පුවරුව භංග වේවා!

    (ඒ මළ ඉලව්ව නොතිබුණා නම් අදත් අපි කතන්දරයක් කියවනවනෙ.)

    ReplyDelete
    Replies
    1. මේ කයි-කතන්දරයේ අරුත එය නොවේ. තරුණ කාලේ ජීවිත සටහන් තියන්න යන්නයි.

      කලා-කවය තිබුනේද නැද්ද යන්න ඉන් පරිබාහිර දෙයකි.

      Delete
  3. reya digu netha apa
    Sithana tharam.....
    Sihina dakinnata....
    E diga mata atha
    Ona tharam.....
    Ada horawak sihinen
    Duwavith....
    Pibiduni mohothin
    Miniththuwen.....
    Anduru lenata vee
    Nidi pethi bonnemi.....
    Ma godananwana
    Jeevana sihinaya.....
    Ahimiwa pibidevidei
    Biyen.....

    ReplyDelete
  4. අර අන්තිමට තියෙන සින්දුවට නං මමත් හෙන ආසයි...
    ගින්දර සින්දුව

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
  5. //නදුන් උයන් කොණ
    විසල් වැලි කතර//

    විසල් වැලි කතර ළඟ නඳුන් උයනක් තියෙනවාද ? ඒක ක්ෂේම භූමියක් වෙන්න ඇති මයෙ හිත.

    // මම + මම = ?//
    .මොකද්ද මේ මම+මම කියන්නේ. කකා මේකට අර්ථ විවරණේකුත් ලියන්න.

    කකා කවි කියන දේ ආමන්ත්‍රණය කරන්නේ බුද්ධියට නෙවෙයි හදවතටයි. ඔබේ කවි මට නම් හදවතින් කියවා තේරුම් ගන්න අමාරුයි.සමහර විට මේවා වික්‍රමසිංහයන් ජීබී සේනානායකගේ කවි ගැන කීවාක් මෙන් කවි කල්පයන්ට හරවන ලද විචාර චින්තාවන් විය හැකියි.

    බුද්ධිය මිත්‍රයෙකුයි සිතූ මම
    දිනක් මග රැක සිට
    මගේ දෙවියන්
    මරා හෙළීමි.
    දැවන්තයෙකු වන බුද්ධිය
    අඳුරෙහි මග අඩි තබමින්
    මා පිටුපසින් එනු
    මට ඇසෙයි
    දැන් මට සැක හැර ගමන් කළ නොහැක
    යළිත් දෙවියන් සොයා ගිය මට
    උන්වහන්සේගේ රන්වන් මළ සිරුර
    මඟ අසල
    නුග ගස යට තිබී සම්බ විය .
    ස්වාමීනි ,යළිත් නැගී සිට
    මා හා පෙර මෙන්
    එනු මැනවැ'යි මම කීමි.
    බුද්ධිය තම දත් දෙපළ පෙන්නා
    විළිස්සමින්
    මා පිටිපස සිටින හෙයින් බව
    මම දනිමි .
    .එහෙත් මට බුද්ධිය ගසා පළවා හැරිය නොහැක.

    (උපුටා ගැනීම -දෙවියන් මැරීම /ජී.බී සේනානායක )

    ReplyDelete
    Replies
    1. =කකා කවි කියන දේ ආමන්ත්‍රණය කරන්නේ බුද්ධියට නෙවෙයි හදවතටයි.=
      සමාවෙන්න මම මෙන්න මේ කොටස ඉල්ලා අස්කරගන්නවා. එහෙම වෙන්න බෑනේ.කවියට මිනිසාගේ බුද්ධියටත් ආමන්ත්‍රණය කරන්න පුළුවන්.

      Delete
    2. මෙහි නදුන් උයන යනු පේරාදෙනිය සරසවි භුමියයි. එහි එක කොනකින් ඇති ඉංජිනේරු පීඨය යනු වැලි කතරය.

      කවියට උඩින් තියෙන කතන්දරෙන් කියවෙන පරිදි මේක මගේ ජීවිතයෙන් කොටසක් සටහනක් නේ. මං ඟෙය ලිව්වේ පේරාදෙනියේ තුන්වන වසරේ (වයස 22) දී.

      මේ පෝස්ටුවේ අර්ථය නම් තරුණ කාලේ ජීවිතය ගැන සටහන් තබන්න කියන එකයි. එපමණයි.

      Delete
  6. ඔය පේරාදෙනිය ඉංජිනේරු පීඨ කලාකවයේ නිර්මාණ පුවරුව කොහේද තියෙන්නෙ ...?
    මෙච්චර යනව එනව...තාම දැක්කෙ නෑ නොවැ....

    ReplyDelete
    Replies
    1. කොමන් රූම් පැත්තේ තියෙන කැන්ටිම ගාව. අවසන් වරට දැක්කේ 2010 දෙසැම්බරයේ දී.

      Delete
  7. ah eka dan thiyenne katu gei. P. viss vijjale thibune Vije rajjuru wange kale.

    ReplyDelete
  8. අද දවසෙම කවි.... තේරෙන්නෙත් නෑ...

    ReplyDelete
  9. අනේ මන්දා
    මන් හිතනවා මට හොඳ ඇඩ්වයිස් එකක් කියලා අද පෝස්ට් එක.

    ReplyDelete
  10. ජීවිතේ හොඳ කාලේ ලියලා තියලා පස්සෙ කාලෙක හොට බිම ඇනිලා ඉන්නකොට කෙනෙක්ට ඒ අතීතය කියවලා 'මම මෙහෙම හිටියා බොලව්' කියලා ආතල් එකක් ගන්න පුළුවන් වගේම කෙනෙක්ට ඒක කියවලා 'අනේ මම ඒ දවස්වල හිටියෙ මෙහෙම' කියලා දුක් වෙන්ඩත් පුළුවං නේ.එතකොට අතීතය ලියලා තියන්ඩ කලිං අපි අපිව හරියට අධ්‍යයනය කරං හිටියොත් හොඳ නැද්ද?

    ReplyDelete
  11. රොකට් එන්ජිම ගැන කියවද්දි නම් ආයෙත් හිත අතීතයට ගියා..
    කවිය ගැන නම් කියන්න තියෙන්නෙ එච්චරයි..!!

    ReplyDelete
  12. @ All
    සියළු දෙනාටම ස්තුතියි.

    ReplyDelete

මා ලියූ කතන්දරයට අදාල නැති කරුණු ඔබේ ප්‍රතිචාරවල ඇතළත් නොකරන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

අදහස් වාරණයක් නොකෙරේ. කුණුහරුප සහ තුන්වන පාර්ශවයන්ට නින්දා කෙරෙන ප්‍රතිචාර ඉවත් කෙරෙනු ඇත.