ජීවිතයම කතන්දර ගොඩක්!
This is a Sinahla blog written for five years from July 2009. It contains stories - Kathandara - from authors life.
කතන්දරකාරයා ගේ දශක කිහිපයක ජීවන අත්දැකීම් අළලා 2009 ජූලි 11 දින සිට පුරා වසර පහක් තිස්සේ ලියවුණු කතන්දර එකතුවකි. kathandara@gmail.com
Tuesday, 6 November 2012
පෙම්වතිය ගේ මරණය - This should not happen to anyone
මරණයක් ගැන අහන්න ලැබීම කියන්නේ මාර දුක හිතෙන කේස් එකක්.
ඒ මැරිලා තියෙන්නේ තමන් ගේ පෙම්වතිය නම්?
කියලා වැඩක් නෑ නේද?
ඒ දවස්වල අපේ සීනියර් පොරක් (අපේ කාලේ අයියලා හිටියේ නැත!) ගඟෙන් එගොඩ කෙල්ලෙක් එක්ක යනවා මං දැකලා තියෙනවා.
කෙට්ටු උස, දිග ඇස් තියෙන, කළු ස්ටේර්ට් කොට කොණ්ඩයක් තියෙන ගෑල්ළමයෙක්ව හිතේ මවා ගන්න.
අන්න ඒ වගේ තමයි මේ කියන පෙම්වතිය.
හදිසියේම එක දවසක ආරංචි වුණා ඒ ළමයා මිය ගියාය කියලා.
මට මාර දුකක් දැණුනේ. ඒ එක්කම මට හිතුනේ අපේ සීනියර් පොරට කොච්චර දුකක් දැනෙනවා ඇතිද කියලයි.
සනත් නන්දසිරි ගයන "එදා මෙදා තුර කඳුලට විවරවු" කියන සින්දුවේ කියවෙන්නේත් මේ වගේ දුක්බර කේස් එකක්.
මේ සිද්ධියෙන් ටික කලකට පස්සේ මා අතින් ලියවුණු කවියක් මෙන්න.
පෙම්වතිය ගේ මරණය
ඈත එපිට එක් සුන්දර උදයක
මා නෙත හමුවී
ලැජ්ජාවෙන් බිමවෙත යොමුවුණු ඒ
මා හද සැනසූ
මා සිත නැලවූ
නිල් මහනෙල් පෙති
සුන්දර නෙත් යුග
වැසී සදහටම
යලි නොඇරෙන්නට
කුරිරු ලෝකයෙන් හෙම්බත්වීලා
මා දුක්වෙන සඳ
සිසිල් දිය පොදක් සේ වූ වදනින්
මුහුණ පුරා විහිදුණු මදහාසෙන්
මා සුවපත් කළ
මට සැනසුම දුන්
නා දළු තොල් පෙති
මුතු ඇට දත් පෙල
වැසී සදහටම
යලි නොඇරෙන්නට!
(පේරාදෙනිය ඉංජිනේරු පීඨ කලාකවයේ නිර්මාණ පුවරුවේ මුලින්ම පල විය. පසුව මවිසින් හස්තද්වාරයෙන් එළිදක්වන ලද "මායාවෝ" කෘතියට අඩංගු කරන ලදී)
-කතන්දරකාරයා
ප/ලි:
එවැනි දුකක් කිසිවෙකුටත් නොලැබේවා!
(image: http://www.freshflowersandgifts.com.au/white-sympathy-flower-wreath-224.asp)
Labels:
කයි-කතන්දර
Subscribe to:
Post Comments (Atom)
මාතෘකාව දැක්කම ඇඟ හීතල උනා....
ReplyDeleteඇත්තමයි කකා.. මට අදටත් හිතා ගන්න බැරි දෙයක් තමා ඒ වගේ සිද්ධියක් උනා නම් මම මොන විදියට දරා ගනීද කියලා... අපේ මහත්තයා ගොඩක් රෑ වෙලා එන දවසට මට නිදා ගන්න කියලා කෝල් කළත් කොච්චර නිදිමත උනත්, නින්ද යන් නෑ එයා එනකම්..
මගේ අයියා කෙනෙක් නැති උනා ඩෙංගු වගේ ලෙඩකින් අවුරුදු 4කට කලින්.. අපි දෙන්නා මාස ගානක වෙනසකින් අයියා නංගි උනේ.. මළ ගෙදරට ගිය වෙලාවේ මට දරාගන්නම බැරි උනේ එයාගේ ගර්ල් ෆ්‍රෙන්ඩ් හිටපු හැටි.. ඒ කෙල්ල ඩෙංගු හැදිලා හොඳ උනා විතරයි.. හොඳටම උණ එතකොටත්..
අන්තිමට වළදාන්න යනකොට පොළවේ හැපෙන්න ගත්තා මටත් යන්න ඕනේ කියලා... මහ වැස්ස... ඔක්කෝම ලොකු අය කිව්වා යවන්න එපා වැස්ස නිසා කියලා.. මම කිව්වා කාර් එකේ දාගෙන අරං යන්න.. නැත්තම් එයා ජීවිත කාලෙම ඕකට දුක් වෙයි කියලා..
දානෙට ගිය වෙලාවේ ඒ කෙල්ලගේ නංගි මට ඇවිත් කියනවා .. අක්කා එදා එහෙම නොකිව්වා නම් අපි අක්කව එක්කගෙන යන්නේ නෑ... එහෙම උනා නම් අපේ අක්කා මේ වෙනකොට මැරිලා නැත්තම් පිස්සු හැදිලා... කියලා....
මට තාමත් ඔය සිද්ධිය මතක් වෙනකොට ඇස් වලට කඳුළු එන්නෙ අයියා හින්දා විතරක්ම නෙවෙයි.. අර ගෑණු ළමයත් හින්දා....
ඒත් මම නම් හිතන්නේ නෑ එහෙම දෙයක් දරා ගන්න තරම් හයියක් මට ඇති කියලා..
ඒම දුකකි, යාම දුකකි, ඒම යාම අතර දුකකි!
Deleteකතාට මතකද මගේ ළඟ ඥාති පුතෙක් මැරුණා මේ ළඟදි. ඌගේ කෙල්ල අඬපු ඇඬිල්ලට බලන් හිටපු හැම එකාටම ඇඬුනා. කොහොම වේදනාවක් ඇතිද කියලා බොක්කෙන් ලව් කරණ ඕන එකෙකුට දැනෙනවා.
ReplyDeleteමතකයි!
Deletehttp://maathalan.blogspot.com.au/2012/09/dead-dreams.html
කෙනෙක් ආදරය කරන කෙනා තමන්ව දාලා යනවා කියන එක තරම් දුකක් නෑ කාකා. ඒක හැම ජීවියෙකුටම පොදුයි. මේ ලඟකදී බැල්ලියක් අඬපු හැටි දැක්කා බල්ලා හැපිලා මැරුන වෙලාවෙ. තමන්ට සතුටක් ගෙනෙන දේම තමා තමන්ට දුක ගේන්නෙත්.
ReplyDelete" තමන්ට සතුටක් ගෙනෙන දේම තමා තමන්ට දුක ගේන්නෙත්.."
Deleteලක්ෂ වාරයක් ඇත්ත... :-(
ස්තුතියි.
Deleteතවත් මට මතක පත්තරේ ගිය ෆොටෝ දෙකක්
1. කුරුල්ලෙක් පාරේ මැරී, කිරිල්ලි දුක් වෙන විදිහ.
2. සංචාරක වයසක යුවලක බිරිඳ ලංකාවේ පරක අනතුරකින් මැරිලා, සැමියා දුක් වෙන අයුරු.
ඒ වේදනාව කියා නිමකළ නොහැකිය.කවිය පට්ට කකා
ReplyDeleteකාලයත් සමග සියල්ල සන්සුන් වේවි කස්ස!
Deleteඔබට සැනසුම පතමි.
මාතෘකාව තමයි කියන්න තියෙන්නෙ. This should not happen to anyone...
ReplyDeleteස්තුතියි!
Delete//මා සුවපත් කළ
ReplyDeleteමට සැනසුම දුන්
නා දළු තොල් පෙති
මුතු ඇට දත් පෙල
වැසී සදහටම
යලි නොඇරෙන්නට!//
:(:(:(
දුකයි නේද? :(:(:(
Deleteමරණය එකම උරුමය කරගෙන උපදින අපි ඒ මරණය අතේ තියාගෙනයි හැම මොහොතෙම ජීවත් වෙන්නෙ....
ReplyDeleteතමන් දැඩිව ආදරය කරන කෙනෙක් ඒ මරණය වැලඳගෙන ජීවිතය අතහැරල ගියාම ඒ දුක උහුලගන්න බෑ ලේසියෙන්....
නොනවතින මේ සසර ගමනේ භයානක ස්වභාවය මේ යයි යන්තමට හෝ අවබෝධයෙන්, මතකයෙන්, සිහියෙන් ඉන්නම ඕනෙ....
කවි නිර්මාණය තුල ඒ අනිත්‍ය මෙනෙහි කරල තියෙනව කියල හිතුන....
ජීවිතයෙන් අපි සමුගන්නා දා.. ඒ ගමනත් අපි එකට යමු...!!!
ReplyDeleteතරුණ කාලෙම කෙනෙක් මළොත්.ඒ මරණය ගැන අහල දුක් වෙනවා.සමහර විට ඒ තරුණ කාලය විඳින්න ඔහුට/ඇයට නොලැබුන නිසා වෙන්න ඇති.එහෙමත් නැති නම්, “ අපි වින්ඳ දුක් නොවිඳම ඒකා මළා නේ“ කියල හිතලද දන්නෙත් නැහැ.
ReplyDeleteකොහොම වුනත් ආදරය කරන කාලේ දී පෙම්වතා/පෙම්වතිය මිය යෑම අතිශය වේදනාකාරී දෙයක්.
මට මතක් වුනේ සඳ කිඳුරිට වෙච්ච දේ................
කිඳුරාව මැරුවම කිඳුරු අඩපු ඇඬිල්ලට ලු කිඳුරට පණ අරන් දුන්නේ.
සූනාමීයේ අපේ ගෙවල් ළඟ අයියායි අක්කායි දෙන්නම එකට නැති උනේ කොච්චියේදි.තව අප්පච්චි විතරක් ඉතිරිව පවුලේ සියළුම දෙනා මැරුණා.ඒ ඥාතින්ගේ ඇස් දෙස බැලුවම අපේ ඇස් වලට කඳුළු එනවා.මගේ හොඳ යහළුවෙක් කලාතුරකින් හැදෙන ලෙඩකින් නැති උනා.ඒයාගේ පෙම්වතා එදා හොඳටම ඇඩුවා අවසාන මොහොතේ.පිරිමියෙක් එච්චර අඬනවා දැකපු පළවෙනි අවස්ථාව.කවි ටික මගේ හිත් ගත්තෙමි.ජය@!
ReplyDeleteමට දරාගන්න බෑ
ReplyDeleteකවිය නිසා ඇඬුනා !
ReplyDeleteවනේ වන හතුරෙකුටවත් එහෙම දෙයක් නොවේවා. අපේ කාලේ කෙල්ලෙකුගෙ කැමැත්ත ලැබෙනවා කියන එකත් යුද්ධයකින් ජයගැනීම වගේනෙ. අපේ බැඳීම් වැඩි. ඒ බැමි බිඳුනාම දරා ගන්න අමාරුයි.
ReplyDeleteකතන්දර... පොටෝ කෑලි පත්තර කෑලි දදා ඉන්නවා. මං හිතන්නේ කතන්දර අහවර වෙලා... හැබැයි ඇහුවොත් වෙන්න කතන්දර අච්චරයි මෙච්චරයි...
ReplyDeleteඋපුටා ගැනීම :මාරයාගේ හෝරාව.. (http://ctkumara.blogspot.com/)
Нi everyone, іt's my first visit at this web page, and paragraph is truly fruitful in favor of me, keep up posting these articles.
ReplyDeleteMy webpage : best stun gun