
කවියෙන් පණිවිඩ අරිනවා කියන එක මේ අද ඊයේ වෙච්ච දෙයක් නොවෙයි.
කාලිදාස කියන ඉන්දියානු කවියා තමන්ගේ පෙම්වතියට ශෝක පණිවිඩයක් යවලා තියෙන්නේ මේඝ දූතය කියන කාව්‍ය නිර්මාණයෙන්. පණිවිඩකරුවා වලාකුළක්.
හංස, ගිරා, සැළලිහිණි වගේ සිංහල සංදේශ කාව්‍ය ලියවෙලා තියෙන්නේත් එක එකාට පණිවිඩ අරින්නයි සත්තු අතේ.
"දිලීප පොඩි පුතු" ගේ තාත්තා කරුණාරත්න අබේසේකර, දිලීපලැයි අම්මට පණිවිඩයක් යවලා තියෙන්නේත් සින්දුවකින්, ඒ සින්දුව තමයි "එන්න මදනලේ - ගොස් පවසන්න දුක මගේ".
එහෙව් එකේ අපිටත් නරකද පණිවිඩයක් යවන්න කවියකින්. හැබැයි ඉතිං අපිට කොහෙන්ද ඔය සොෆිස්ටිකේටඩ් දූතයෝ? නිකම්ම කවිය ලියලා ප්‍රදර්ශනයක කරනවා මිසක්.
ආයාචනයක්
අඩිතාලම සවි නොවූ නිසාවෙන්
අකලට වියැකී ගරා වැටී ගිය
ප්‍රථම ප්‍රේමයේ නටඹුන් අබියස
තවමත් මුනිවත රකින ළඳේ
හැරදා මිය ගිය අතීත සැමරුම්
හද පාරවනා සිත පාරවනා
ඔබේ ආදරය අයැදින හදකට
ලැගුම් දෙනු මැනවි ඔබේ හදේ
(පේරාදෙනිය ඉංජිනේරු පීඨ කලාකවයේ නිර්මාණ පුවරුවේ මුලින්ම පල විය. පසුව මවිසින් හස්තද්වාරයෙන් ප්‍රකාශනය කරන ලද මායාවෝ කෘතියට අඩංගු කරන ලදී)
-කතන්දරකාරයා
ප/ලි:
මේ 2012 සැප්තැම්බර් සාහිත්‍ය මාසය වෙනුවෙන් පලකෙරෙන කයි-කතන්දරයකි.
(image: http://www.indianetzone.com/36/kalidasa_indian_litterateur.htm)
කවියක් ලියාගන්ට බැරි අය ගැන අද උදේම දැනුනේ පුදුම දුකක්...:D
ReplyDeleteවිනාසයි පටන් ගත්තා ඉතින් අතේ මහපුවා.. මාසයක්ම කාපන්කෝ පරිප්පු. ඇත්තටම කතෝ සාහිත්‍ය කියන්නේ කවිද...?
ReplyDeleteමචන්, කකා අපිට මේ මාසෙම කවියෙන්ම "අරින්න" තමය් හදන්නේ..
Deleteමක් කොරන්නද බන්
ඔහේ අහමු අපි උගේ කය්යත් ....
මාසෙම "කවියෙන් ප _ _ ඩ ඇරීම
Deleteමට මතකයි මේ කවිය ද කොහෙද තමයි කතන්දර ඉස්සරෝම වගේ මම ලියපු පෝස්ට් එහෙකට කමෙන්ට් එකක් විදිහට දාලා තිබ්බෙ.
ReplyDeleteලස්සන කවිය.
කාටද අප්පා මේක කිව්වේ.....
ReplyDeleteහරියන වැඩක් වගේ... කියන්න තියෙන ටික ඔක්කොම තියනවා වගේම රිදිලා තියෙන හිත තවත් හිත රිදෙන්නෙ නැති විදියට වචන ගලපලා තියෙනවානේ....
කවි දෙක නම් පට්ට !
ReplyDeleteමේ ටිකේම කතා නැතුව කයිම තිබ්බා නම් පට්ට !
එක සැරයක් අඩිතාලම අප්සට් වුන නිසා මේ සැරෙත් එහෙම වෙයිද දන්නෑ..!!
ReplyDeleteඒක නිසයි මම හිතන්නෙ ඔය මුනිවත..
HUTA.
ReplyDeleteඇත්තටම ප්‍රේමයේ අඩිතාලම මොකක්ද ක. කා.? කෙල්ල කලුද? HOT මදිද? සල්ලිද?
ReplyDeleteමින් ඉදිරියට එන්නේ හිතකින් හිතකට යවන පණිවුඩ ක්‍රමයක් යයි අසා ඇත.
ReplyDeleteඒ කියන්නේ තාමත් ..."වෙකන්සි අවේලබල් "
ReplyDeleteයකෝ වලට යන්න ඉන්න එකාට මොන කෙල්ලොද බං !!!
Deleteඩම්ප් කරපු ගැන පසුව දුක සිතී ලියපු කවියක් වගේ!
ReplyDeleteකවිනං බූට්, බූට්නං කවි
ReplyDeleteහ්ම්ම්... කාටත් ගැලපෙන කවියක්..
ReplyDeleteමේ කියන හදේ ලැඟුම් ගන්න හැකි උනාද? කතන්දරට.
ReplyDeleteඑස්.එම්.එස් තියෙද්දී මොකටද දූතයෝ?
ReplyDeleteමේක කකා නොකිව්වත් ඉංජිනේරු අංශයේ ප්‍රේම කවියක් බව පේනවනේ . බලන්න අඩිතාලම් , ගරාවැටුණු බිල්ඩින් ...
ReplyDeleteමේක කකා නොකිව්වත් ඉංජිනේරු අංශයේ ප්‍රේම කවියක් බව පේනවනේ . බලන්න අඩිතාලම් , ගරාවැටුණු බිල්ඩින් ...
ReplyDeleteමේක දැක්කට පස්සෙ හදේ ලැගුම් ගන්න ඉඩ දුන්නද?
ReplyDeleteමරු කවිය...පිළිතුරු කවියක් හම්බුනේ නැද්ද..??
ReplyDelete