ජීවිතයම කතන්දර ගොඩක්!
This is a Sinahla blog written for five years from July 2009. It contains stories - Kathandara - from authors life.
කතන්දරකාරයා ගේ දශක කිහිපයක ජීවන අත්දැකීම් අළලා 2009 ජූලි 11 දින සිට පුරා වසර පහක් තිස්සේ ලියවුණු කතන්දර එකතුවකි. kathandara@gmail.com
Thursday, 27 September 2012
ලෝක විනාශය කවදා ද? (ලව් කේස් එකකි) - End of the world : A young lovers point of view
ලෝක විනාශය වෙන්නේ කවදාද කියන එක ගැන විවිධ මත තියෙනවා.
මං පොඩි කාලේ අපේ සීයා නං කිව්වේ කල්පාන්තයේදී සූර්යයන් හත් දෙනෙක් පායන දවසේ ලෝකෙට බඩු සෙට් වෙනවා කියලයි.
හැබැයි අපේ සීයා නම් ඒකට බය වුනේ නෑ.
මොකද සෑහෙන්න කල් තියෙනවානේ!
පස්සෙන් පහු ආරංචි වුණා මායා කෂ්ටිය ගේ කැලැන්ඩර් එක ඉවරවෙන දවසේදී අපිට වැඩේ සෙට් වෙනවාය කියලා.
මං අවුරුදු විසි එකේ දී ලියපු මේ කවියෙනුත් කියවෙන්නේ ලෝක විනාශයට කිට්ටු කේස් එකක් ගැනයි.
ලෝකාන්තය
ගිනියම් වූ හිරු
වියරු සිනාවෙන් මුව සරසාගෙන
ලොවම දවාලයි
වියලි සුලං රැල්
මරුවෙකු විලසින් දූවිලි පිසගෙන
කුරිරු ලෙස හමයි
වැට අද්දර පිපි
නිදිකුම්බා මල
පෙති අකුලාගෙන බලා සිටින්නේ
සිසිලස අහිමිව
ගත
සිත
කකියයි
මුව මත හසරැල් නැත
සුසුමන් මිස
සත් දිනකින් නැත ඇය හමුවූයේ
සත් දිනකින් නැත
හසුනක් ලැබුනේ
සත් දිනකින් නැත
පිණි බිඳුවක්වත්
පොළොවට වැටුණේ
(පේරාදෙනිය ඉංජිනේරු පීඨ කලාකවයේ නිර්මාණ පුවරුවේ මුලින්ම පල විය. පසුව මවිසින් හස්තද්වාරයෙන් ප්‍රකාශනය කරන ලද "මායාවෝ" කෘතියට අඩංගු කරන ලදී)
මේ 2012 සැප්තැම්බර් සාහිත්‍ය මාසය වෙනුවෙන් පලකෙරෙන කයි-කතන්දරයකි.
-කතන්දරකාරයා
(image: http://econintersect.com/b2evolution/blog2.php/2012/06/17/the-end-of-the-world-as-we-know-it)
Labels:
කයි-කතන්දර,
සාහිත්‍ය මාසය
Subscribe to:
Post Comments (Atom)
අපූරුයි මහත්මයා. අගේ ඇති කවක්....
ReplyDeleteදැන් නම් සංශෝදනය වියයුතුය....
ReplyDeleteසත් දිනකින් කෝල් එකක් නැත.
සත් දිනකින් SMS එකක් නැත.....!!!
හුරේ.... තව දවස් තුනා.....යි !!!
ReplyDeleteමාසයකින් වැඩකට ඇති පෝස්ට් එකක් නැත.
ReplyDeleteමේ අවුරුද්දේ දෙසැම්බර් 21 නේද...?
ReplyDeleteලෝකෙ විනාශ වෙන්ඩ කලිං ලංකාව විනාශ වෙනවා.කකාට ඊට පස්සෙ කොමෙන්ට් කරන සෙට් එක අඩුවෙලා යයි!!!
ReplyDeleteMe balanna yaluwane, ape maha kayi kakka thuma wisin kuda kalaye deema pada bandina lada kaiyak. Ethuma mewa hastho pak karama bawitha karamin eli dakwana lada ewai. Kai pada bandeematama upan methuma Maha Kaiyeki. Ethumata thawa thawa kai pada bandeemata shakthiya dhahiriya labewa.
ReplyDeleteමට ප්‍රශ්න දෙකක් මතු වුනා, නොතේරුම්කම ගැන සමාවෙන්න.
ReplyDeleteසාහිත්‍ය මාසය වෙනුවෙන්ම අළුතෙන් කයියක් හදල බැලුවොත් නරකද හැමදාම පරන කවි දාන්නෙ නැතුව?
සාහිත්‍ය මාසෙදි පද්‍ය වලට විශේෂ සැළකිල්ලක් ඇයි, ගද්‍ය කියන්නෙ සාහිත්‍යය නෙවෙයිද?
මටත් ඔය ප්‍රශ්න දෙකම තිබේ.
Delete-සනාත
කකාගේ කයිය පර වෙලා තියෙන්නේ
Deleteලෝක විනාශය කවදා ද?
ReplyDeleteකකා බ්ලොග් ලිවීම නතර කළ දාට පසු දාය!
MAMA KAI PADA BANDEEMATA MA UPANNEMI.
ReplyDeleteකුහකකම් අත්හැර කතා කළහොත් කකාගේ මෙ කවිය ඒ හැටි වරදක් ඇති එකක් නොවේ. මේ කවිය කියෙව්වට පස්සේ මට මතක් වුනේ සිරි ගුණසිංහගේ 'ලේ මස් නැති ඇට' කවි පොතයි. ඒ මොන හේතුවකටදැයි නිශ්චය කර ගනු නොහේ.කවිය පිළිබඳව කෙසේ වෙතත් කතාව නම් මෙලෝ රහක් නැති බැව්ද කිව යුතුය.
ReplyDeleteහ්ම්ම් හ්ම්ම්........
ReplyDeleteawurudu 21k gihillath danne nedda nidikumba mal (pethi thiyanawada) ho kola gini maddahana welawata hakilenne nathi bawa. me kai wala eki nekata sambandayak thiyanawada? nikaam wachana godak ohe liyala thiyanawa, harayak rasayak nehe.
ReplyDeletemodayo,, sahithya kiyanne ekata tamai
ReplyDelete