Thursday 11 July 2013

කතන්දරකුමාර හතරෙන් පහට පාස්වෙයි - Grade five, here I come! [Kathandara Blog]


මං තුනේ පන්තියෙන් හතරට පාස් වුනේ කලර්ස් එක්ක. ඒ ගැන කතන්දරේ මීට අවුරුද්දකට විතර කලින් දවසක ලියා පලකළා මතකයි.

හතරේ පන්තියේ දී වුණු සිද්ධි කීපයක් ගැන කතන්දරත් මං හිතන්නේ මං මීට කලින් ලියලා තියෙනවා.

එයින් මුල් කතන්දරේ තමයි මයි ෆර්ස්ට් ක්‍රෂ් හෙවත් කතන්දරකුමාර ට මුල්ම පෙම් සිතුවිලි පහලවුණු කේස් එක.

ඒ සිද්ධියට අදාල ශානිකා කිරිබත්ගොඩයි, කතන්දර දෙක තුනකම චරිත මවපු නාලන්ද පියතිලකයි දෙන්නම මේ පාර වැටිලා තිබුණේ හතරවෙනි ශ්‍රේණියේ මං වැටුණු 4-A පන්තියටමයි.

නපුරු ගුරුවරයෙකු ගේ දරුණු වේවැල් පහරකට අසාධාරණ ලෙස ලක්වුණු කතන්දරකුමාර ගේ ඇඟේ ලේ සෙලවුණේත් මේ හතරවෙනි ශ්‍රේණියේ දී ම යි.

ඔය අතරේ පළමුවෙනි වාර විභාගය තිබුණා.

තුනේ පන්තියේ අන්තිමවාරයේ දී ප්‍රීතිකා සුබෝධිනී නම් ගෑල්ළමයා ගේ අවාසනාව නිසා පන්තියේ පළමුවෙනියා වුණු මංතුමා මෙන්න බොලේ දෙවෙනියා වෙලා!

වස ලැජ්ජාවයි. පන්තියේ පළමුවෙනියා වෙලා තිබුණේ කෙල්ලෙක්. ඒ ශානිකා කිරිබත්ගොඩ.

හිතේ දුකෙන් රිපෝටර්ට් කාඩ් එක අරගෙන ගෙදර යන මං පොඩි දෙයක් නිරීක්‍ෂණය කළා. ඇත්තටම පොඩි දෙයක් නොවෙයි, ලොකු දෙයක්.

වාර විභාගයේ දී මට ලැබුණු ලකුණු 100, 90, 80 වගේ ඒවා දැන් රිපෝර්ට් කාඩ් එකේ බැලින්නම් 95, 85 වගේ විදියට "රවුන්ඩ්-ඕෆ්" වෙලා.

වතුවැඩ, අත්වැඩ, චිත්‍ර වගේ ටීචර්ට ඕනෑ විදියට ලකුණු දෙන විෂයයන්ට සහ රචනා ලියන්න තියෙන සිංහල සහ ඉංගිරිසි මිස අනෙක් විෂයන්ට මේක වෙන්න කිසිම විදියක් නෑ. මොකද අපට සාමාන්‍යයෙන් වාර විභාගේ කියලා දෙන්නේ ප්‍රශ්ණ දහයක් විතරයි. ඉතිං දහයේ ගුණාකාරයක් මිස ලකුණු වෙන විදියක් වෙන්න බෑ.

මං ඔය ගැන ගෙදර ගිහිල්ලා අම්මටයි තාත්තටයි කිව්වත් ඒ ගොල්ලෝ ඕව හොයන්න අද කාලේ දෙමව්පියන් සමහර විට කරනවා වාගේ අපේ ඉස්කෝලෙට ගියේ නෑ.

ඒ දවස්වල ඉස්කෝලේ වර තුනට විභාග තුනක්ම තියෙනවා.

දෙවෙනි වාර පරීක්‍ෂණයේ දී ත් ඒ වගේම මට පරාජය හිමිවුණා. ශානිකා කිරිබත්ගොඩ ජය ගත්තා. කොහොමටත් කෙල්ලෝ මැහුම් වලට ගන්න ලකුණු අපිට වතුවැඩවලින් මැච් කරන්න අමාරුයි!

තුන්වෙනි වාරයේ දී, ඒ කියන්නේ වසරේ අවසාන වාර පරීක්‍ෂණයේ දී ග්‍රහයෝ මගේ පැත්තට කැරකුණා!

මට හොඳට මතකයි අපේ පන්තිබාර මැගිලින් ටීචර් පන්තියේ ඉස්සරහා තියෙන තමන්ගේ මේසේ ලඟ වේවැල් පුටුවේ වාඩිවෙලා අපේ ලකුණු එන්ටර් කරනවා රිපෝර්ට් කාඩ්වලට.

ඒ දවස්වල ටීචර් ලා පාවිච්චි කෙරුවේ තීන්ත දාන ෆවුන්ටන් පෑන්. හතරේ දී අපි ලිව්වේ පැන්සල්වලින්. පහේ පන්තියේ දී තමයි පැනෙන් ලියන්න අවසර ලැබුණේ!

හැමෝගෙම රිපෝර්ට් කාඩ්වල ලකුණු දාලා, ඒවායේ එකතුවත් ලියලා, දැන් ඔන්න මැගිලින් ටීචර් "වෙනියා" දාගෙන යනවා.

රානිකා පළමුවෙනියා. මං දෙවෙනියා. නාලන්ද තුන්වෙනියා ද කොහෙද!

ඊට පස්සේ ටීචර් මොකක් දෝ හේතුවකට ආපහු ලකුණු එකතු කරලා බැලුවා.

මළ කෙලියයි! ටීචර්ට ලකුණු එකතු කරනකොට වරදක් වෙලා.

පන්තියේ පළමුවෙනියා කතන්දරකුමාර!

දැන් අපි සේරම ටීචර් ගේ මේසේ වටේ බලාගෙන ඉන්නවා. මැගිලින් ටීචර් සැලුනේ නෑ.

"කතන්දරකුමාර ගිහින් අල්ලපු පන්තියේ ධනවතී ටීචර්ගෙන් මිල්ටන් බෝතලේ ඉල්ලාගෙන එන්න!"

දැන්, දන්නෝ දන්නවා ඇති, ඔය මිල්ටන් කියන්නේ ඒ ටිපෙක්ස් නැති කාලේ තීන්ත පෑන්වලින් ලියපු දේවල් මකන්න පුළුවන් ද්‍රාවණයක්, නිකං තිනර් වගේ ජාතියක්!

මං ගිහින් මිල්ටන් බෝතලේ ගෙනවා.

ටීචර් ඉරටු කෑල්ලකින් මිල්ටන් ගාලා මගේ රිපෝටර් එකේ 2 කපලා 1 දැම්මා.

මංතුමා හතරේ පන්තියේ පළමුවෙනියා විදියට පහේ පන්තියට පාස් වුණා!

-කතන්දරකාරයා

ප/ලි:
පහුගිය අවුරුදු හතර ඇතුලත මේ බ්ලොග් කට්ට ඇදගෙන යන්නට මට උදව් කළ, මගේ කතන්දර අටසිය පනහෙන් එකක් හරි කියවූ, ප්‍රතිචාර දැක්වූ, මා සමග හිතවත් කම් ඇතිකරගත්, මා සමග වලියට ආ, මා සමග අමනාප වුණු ඔබ සියළු දෙනාටම මගේ ස්තුතිය මෙයින් පුද කරමි.

මා කිසිවෙකු සමග අමනාපයක් නැත.

මේ සේරම කරන්නේ හිතේ සතුටින් තබා ගන්නයි. හිතට සතුටක් නොලැබුණහොත් බ්ලොග් ලිවීමද එතැනින් නතර වෙනු ඇත.

ඒ කේසේ වෙතත්, මංතුමා හෙට සිට පහේ පන්තියේ ය!

112 comments:

  1. Replies
    1. බ්ලොග් කලාවේ 5වැනි වියට පා තබන කතන්දරට තවත් බොහොම අපූරු බේලොග් සටහන් රැසක් අපට කියවන්න ලබා දෙන්නට ශක්තිය ධෛර්යය ලැබේවා. අර වෙනියත් අද 3වැන්නට සමත් වෙලා ඔන්න.

      Delete
    2. මාත් කතන්දර නිසා
      සිංහල බ්ලොග් ලෝකය හඳුන ගත්ත කෙනෙක්.

      Delete
  2. BEST WISHES. TO WRITE MORE AND MORE STORIES

    ReplyDelete
  3. පහේද?මම හිතුවෙ ......................................................

    ReplyDelete
  4. කතන්දරකුමාර පොඩි කාලේ හෙන හැන්ඩි කොල්ලා නෙහ්. :)
    මම අද 1ද මන්දා ?

    මම එක ඇනෝ.

    ReplyDelete
  5. පහේ පන්තිය කියන්නේ නැට්ටට කිරි උනන කාලේ නෙව.

    ReplyDelete
  6. ටීචර් “වෙනියා“ දාගෙන ගියපු හින්දා තමා වෙනියා දැං පේන්න නැත්තේ..

    ReplyDelete
    Replies
    1. ඒ මනුස්සය එච්චර වයස නෑ මං හිතන්නෙ. :D

      Delete
    2. හරිම කනගාටුයි පලිය නොබල ගිය එකට.. අවුරුදු පහක්.. ජය වේවා.. කතන්දර උන්නැහේට..

      Delete
  7. අවුරුදු හතරක් අවසානයේ දී කතන්දර කුමාර මතක් කර දෙන්නේ නිදහස අගයන අපි බොහොමයක් දන්නා කාරණයකි. දැන් බොහෝ කාලයක සිට, මිල්ටන් වලින් තීන්ත මකන්නට ඉඩ දීම සමඟින් ආරම්භ වී රිපෝර්ට් වල දෙක එක කරන සිරිත දිගින් දිගට ම ගෙන යන මැගිලින් හා ධනවතී ටීචර්ලා නීතියේ රීතියට අනුව කටයුතු කරන්නේ දැයි විමසීම නවතා දමා ඇති බවයි.

    එහෙත් හොරකම, අයෙකුට වලංගු ලෙසින් සත්‍යයෙන් ඇති දේපල අයිතිය සහ ගිවිසුම් යනාදී නීති සංකල්පයන් ගැන නිවැරදි සිද්ධාන්ත දැන ගන්නට හා කතාබහ කරන්නට කැමති අය, මේ සිද්ධිය ගැන දැඩි උවමනාවක් දක්වනු ඇත.

    ReplyDelete
    Replies
    1. කකා,

      බලහත්කාරයෙන් උදුරා ගත් බදු මුදල් යැයි කියන්නේ ඇයි?

      තමන් කරන ලද අපරාධයක සාක්ෂි වලට තමන්ට අයිතියක් තියෙනවා යැයි කියන්නට ඉදිරියට එන්නේ මොන වගේ ප්‍රචණ්ඩවත් චණ්ඩියෙක් ද?!!!!!

      ෆ්රෙඩරික් බැස්ටියාට් ගැන අපි ඉගෙන ගත යුත්තේ ඇයි?

      වසර 5ක් අඛන්ඩ බ්ලොග් කරණයේ නියැලුන ප්‍රවීණ විශාරද බ්ලොග් කරුවෙක් ලෙස මෙම ප්‍රශ්න වලට ඔබේ පිලිතුරු මොනවාද?

      Delete
    2. කකා මේ බ්ලොගයේ අපි ඔබෙන් අසා ඇති ප්‍රශ්න රාශියකට පිලිතුරු නෑ.... කරුණාකර පිළිතුරු සපයන්න....

      Delete
  8. ඔය වගේ කේස් පොඩි කාලේ වැනිය දාත්දී වෙනවා.හැබැයි ලොකු පන්ති වලදී නම් ඕක එච්චර බලපාන්නේ නැහැ.මගේ නම් ඉස්කෝලේ වැඩ අපේ ගදර කවුරුවත් දන්නෙත් නැහැ බැලුවෙත් නැහැ.එක උනත් එච්චරයි අන්තිමය උනත් එච්චරයි.

    ReplyDelete
  9. man 1, ane uncle meka dannako

    ReplyDelete
  10. ජයවේවා....!!!

    අපිත් ඉතින් කතන්දරගෙන් කොපි කරලා තමයි බ්ලොග් පේපර් එක ලිව්වේ.. ඉඳලා හිටලා මල පැන්නට. කතාගේ බොක්ක හොඳයි...

    මගේ ක්‍රෂ් ගැන වෙනම පෝස්ට් එකක් දාන්නම්. මාත් අවුරුදු දෙකක් ගියානේ මිශ්‍ර පාසලකට..

    ReplyDelete
    Replies
    1. බොක්ක හොදයි???? හුග්....

      හක්කෙ බුදුරැස්...
      බොක්කෙ දඩමස්....

      Delete
    2. ඇයි මල්ලි වචනෙ අවුල් ද?,අප්ෂට් ද?.

      Delete
  11. ජය වේවා! හයට යන්න කලින් ඊළඟට තියෙන්නේ පහේ සිස්සත්තෙ :-)

    ReplyDelete
  12. කකාට පහේ පංතියේදීත් පළමු වැනියා වෙන්නම සුභ පතමි.!!!

    ReplyDelete
  13. අපේ කාලෙට එද්දි මිල්ටන් නැද්ද කොහෙද, බ්ලේඩ් එකකින් හූරල "වෙනිය" වෙනස් කරගෙනයි ගෙදරින් බේරුනේ.

    ReplyDelete
  14. සිව් වසරක් ප්‍රේම කලාම පස් වෙනි වසරෙදි බදින්න වෙන වයි කියන එක නම් මතක් කර ගන්න:))

    පස් වෙනි වසරට සුභ පැතුම්...

    ReplyDelete
  15. // මා කිසිවෙකු සමග අමනාපයක් නැත. //

    අපිත් ඒමයි අරී...... අපිත් ඇවිත් කියවල යනව.

    සුබ පැතුම් කකා. පන්තියෙ පළමුවෙනියා විදියට පහට පාස්වෙච්ච එක තමයි වඩාත්ම වටින්නෙ. කතන්දරතුමා ඉතිං සිංහල බ්ලොග් අවකාශෙ ජේෂ්ඨ ළමයෙක් නොවැ.

    ගෙවුනු අවුරුදු හතරෙ වගේම තවත් අවුරුදු ගනනාවක්ම බ්ලොග්කරණයෙ යෙදෙන්න වාසනාව ලැබෙන්න කියල මමත් ප්‍රාර්ථනා කරනව.

    ReplyDelete
  16. කතන්දරගේ පස්වෙනි වර්ෂප්‍රාප්තියට සුබ පැතුම්. මේ අවුරුද්දෙ ශිෂ්‍යත්වෙ තියෙන හින්ද හොඳට වැඩ ටික කරන්න වෙයි.

    ReplyDelete
  17. ඉස්කෝලේ කාලේ මතක්වුනා මටත් තුනේ පංතියේ ඉදලා නමය පංතිය වෙනකන් ඔය විදියට තරගයක් දෙන්න ගැල්ලමයෙක් හිටියා.. නමයේ පන්තියේදී ඒ ළමයා වෙන පාසලකට මාරු වීමත් එක්ක මටත් ස්ථානය ලබාගැනීමේ උන නැතිවුනා ...

    ReplyDelete
  18. මේ ළමයා කවද හරි එංජිනේරුවෙක් වෙලයි නවතින්නේ ..මා පැවසු දෙයක් බොරු වී නැත...ඔන්න බලන්නකෝ කවද හරි...

    ReplyDelete
  19. කකා පහේ පන්තියේදි කයි පහ පහ ලියන්න කියලා දුන්නේ නැද්ද ?

    ReplyDelete
  20. ඉස්කෝලෙන් කොහොම රිපෝර්ට් ඒක දුන්නත් මම නම් හැමදාම ගෙදර යනකොට හතරවෙනියාගේ සිට දහවෙනියා අතර සිටිමි. පහට ජයෙන් ජය...හයේදීත් හම්බ වෙමු.

    ReplyDelete
  21. අවුරුදු පහටම සුබ පැතුම් !
    90%ක්ම ලිපි කියෙව්වා.. 10% අත හැරෙන්න ඇති...

    ReplyDelete
    Replies
    1. ඒකද කේස් එක?
      එහෙනම් කකා මල්ලි ට මගෙනුත් පැතුම්...!

      Delete
  22. සුබ පැතුම් කකා.......!

    ReplyDelete
  23. සුභ පැතුම් කකා... අවුරුදු කීයක් මේ උපන්දිනේට සුභපැතුවද කිව්වොත් දැන් ඉබේම මතක් වෙනවා අද ඕනයගෙත් උපන්දිනේ නේද කියලා...

    ReplyDelete
    Replies
    1. උඹ කට කැඩිච්ච කතාවක් කියලා තිබුනා මට මතකයි... මොකක්ද බැලන්ස් කිරිල්ලක් ගැන.. හැක් හැක්..

      Delete
    2. උඹ කට කැඩිච්ච කතාවක් කියලා තිබුනා මට මතකයි..//

      http://www.cyberyaya.blogspot.com/2012/07/21.html

      Delete
  24. අද නම් එලටම ලියලා තියෙනවා. නියමයි කකා. නියම පෝස්ටුවක් !

    ReplyDelete
    Replies
    1. මේ කතාවටත් වඩා හොඳට හිත ඇදිලා ගියේ පසු ලිවිල්ලට.

      Delete
    2. මල් හතයි...
      හිකිස්...
      ඇඩෙන්න ලියලා තියෙනවා...
      ජයවේවා...

      Delete
  25. මේ කතාවටත් වඩා හොඳට හිත ඇදිලා ගියේ පසු ලිවිල්ලට.
    //මේ සේරම කරන්නේ හිතේ සතුටින් තබා ගන්නයි. හිතට සතුටක් නොලැබුණහොත් බ්ලොග් ලිවීමද එතැනින් නතර වෙනු ඇත.// මෙන්න මේ ඇත්ත අප කවුරුත් තේරුම් ගත යුතුයි. මෙතැන සදාකාලික වලි කාරයෝද හතුරෝද නැත්තේ ය. ඇත්තේ මත ගැටුමක් පමණි. එය එක් එක් පොස්ටටුවටම පමණක් සීමාවිය යුතුය. ඉබාගාතේ දුවන සිතට බ්ලොග් ලිවිල්ලෙන් ලැබෙන සුවය වෙන කොයින් ලබන්නද?

    ReplyDelete
    Replies
    1. බ්ලොග් ලිවීමෙන් ලද සුවයේ සාමාන්‍යයෙන් අයිතිය ඇත්තේ කාටදැයි යන්න සැලකිල්ලට පාත්‍ර වෙන්නේ නැත. කතන්දරගේ බ්ලොග් එක නිසා යැයි විශේෂත්වයක් නොවනවා සේ ම මාරයාගේ නිසා යැයි බ්ලොග් එකේ අයිතියට සුවිශේෂ තත්වයක් එහි දී නොලැබේ. දේපල අයිතිය ගැන වූ සාමාන්‍ය සිද්ධාන්ත අභිබවා එය නොයයි.

      Delete
  26. අද තමයි හා හා පුරා ආවේ. හැමදාම එන්න හිතෙන බ්ලොග් එකක් නිසා හැම වෙලේම එන්න ඕනේ...

    ReplyDelete
  27. පොඩි කාලේ ළකුණු එකතු වැරදි වෙන ඒවා,ටීචර් අතින් ලියැවෙන ඒවා වැරදි වෙනකොට අපි ඒ ගැන වැඩිපුර හිතුවෙ නැත්තේ විභාගෙ ඉලක්ක කරගෙනම ඉගෙන ගත්තෙ නැති නිසා වෙන්නැති...

    ඒ වගේ අවුරුදු ගාණ ගැන ලොකුවට හිතන්නැතුව අපූරු සිතුවිලි කතන්දර ඉස්සරහටත් අපිත් එක්ක බෙදාගන්න පුළුවන් වෙන්න කියලා පස්වෙනි අවුරුද්දට සුභ පතනවා..

    ReplyDelete
    Replies
    1. සුබ පැතුම් රූ !
      අම්මටයි දූ පැටියටයි තෙරුවන් සරණයි !
      ඔයා අම්මා කෙනෙක් වෙච්ච ආරංචිය ඔයාගේ යාළුවෙක්ගෙන් දැන ගත්තේ.

      Delete
    2. Congradulations Ruu !

      Delete
  28. අර පින්තූරෙ කට පුරෝල හිනාවෙලා ඉන්නෙ කකා ද.. :)

    බ්ලොග්කරණය තුල පස් වෙනි වසරේ ආරම්භයට සුබ පැතුම්..!

    ReplyDelete
  29. කකා,
    කතන්දර බ්ලොග් එකේ තියෙන සියළු පෝස්ට් එකතු කරලා "මා ලියු ගොන් කතා" කියලා පොතක් එලි දක්වමුකෝ.
    නිව් සවුත්වේල්සයේ එහෙම සෑහෙන අලෙවියක් තියේවි.

    ReplyDelete
    Replies
    1. මුලින් ම, "මා ලියු ගොන් කථා" කියන පොතට එහි දේපල තම අයිතිය යැයි කීම අතිශයින් ම සැක කටයුතු වූවකි. මෙය වඩාත් තීව්‍රර වන්නේ තමන්ගේ යැයි කියන මේ පොත් යොදාගෙන නිව් සවුත් වේල්සයේ ආණ්ඩුව විසින් කරන කටයුතු එහි කොටස් ආයෝජකයන්ගෙන් හෙවත් බදු ගෙවන අයගෙන් වසන් කරන්නට යොදා ගැනෙද්දී ය. ඊ ළඟට මේ පොත පළ කිරීම කිරීම නවත්වන්නට ඒවාට තමනට අයිතියක් ඇතැයි කියන්නේ ද, ඒ ආණ්ඩුව විසින් කරන අපරාධී ක්‍රියාවන් තවත් දිගින් දිගට ම කරගෙන යාමට ඇති උවමනාව නිසා යැයි කියද්දී දේපල අයිතිය තුන් ආකාරයකින් කප්පාදු වී ඇත.

      Delete
    2. කකාගෙ ලඩ පොත් වගේද අයින් රෑන්ඩ් ගෙ ඇට්ලස් හැකිලුනි පොත.... ඒක ඇමරිකාවෙ දෙවනියට අලෙවිවෙන පොත.........

      Delete
    3. ප්‍රජාතන්ත්‍රවාදී නිදහස් වෙළඳපොල ක්‍රමයක "මා ලියු ගොන් කථා" කියන පොත මාකට් වේ යයි සිතීම යනු ඒකීය පුද්ගලයෙකුට වෙනසක් කරන්නට හැකියාව ඇතැයි යන්න ගැන මූලික විශ්වාසයක් තබා ගැනීමකි.

      Delete
    4. කකා, නික්සන් සහ ඔබාමා දෙදෙනාම කල එකම, නමුත් ඔබාමා කලායයි ලෝකය තවමත් පිලිගැනීමට අකමැති වැරැද්ද කුමක්ද?

      Delete
    5. කකා මේ බ්ලොගයේ අපි ඔබෙන් අසා ඇති ප්‍රශ්න රාශියකට පිලිතුරු නෑ.... කරුණාකර පිළිතුරු සපයන්න....

      Delete
    6. කකා,ටයි කෝට් සූට් එකක් හැඳ ගායනය කරන ලවෙට් සාම්ප්‍රදායික නොවන්නේ ඇයි?

      Delete
    7. කකා,සමාජවාදය වෙනුවෙන් විකල්ප පත්තර භාවිතය ගැන ඔබේ අදහස ලියන්න....

      Delete
  30. අද ඇඬෙන්නම ලියලා තියෙනවා කකා.
    මෙන්න මේවානේ පෝස්ට් කියන්නේ.. එලෑ එලෑ.

    ReplyDelete
    Replies
    1. සුබ වේවා!!!!! රාජ සම්පත් ලැබේවා!!!!!

      Delete
  31. viewer discretion is advised

    Just Read Topic and 3 or 4 lines of post !
    it is enough to drop a comment for this post ! Reading whole post is time wasting task. because whole blog is vulgar and it converts viewer into fool with horns !

    ReplyDelete
    Replies
    1. Then,What about comments dude?

      Delete
    2. comments are more interesting than this post !

      one doller Comment and half penny post !

      it's true dude !

      Delete
    3. That means you do not really need a blog post to comment..is that what you are saying?

      Delete
    4. Idiot !!!
      We need Valued posts ! not half penny posts !
      and
      We need publish our comments on time. we all like to have fun with comments.

      Go mate... and get a Life !!!
      you do not know tasty of comments !

      Delete
  32. කතන්දර කුමාරට තියෙන්නේ හොද කතන්දර සෙට් එකක් නේ. මෙන්න මෙතැන නම වැරදියි නේද/රානිකා පළමුවෙනියා/.
    ඔය කාලෙට කෙල්ලෝ පේන්න බෑ නේද කොල්ලටන්ට.

    ReplyDelete
  33. උබ පහේ පන්තියේ අපි තාම බාලාංශ...... එත් මගේ සිංහල සර් අපි ඉස්කෝලේ පහේ පංතියේදී කියපු කතාවක් මට හොදට මතකයි "අපේ වැරදි කියන එවුන් අපිට කරන්නේ උදව්වක් ...... මොකද උන් නිසා අපි වැරදි හදාගන්න නිසා ...... එතකොට හොද කියන එවුන් ගැන................................. උබලා ඕන දෙයක් හිත ගනිල්ලා ....."

    ReplyDelete
  34. ඔබගේ සටහන් කියවන විට යකා නගින පිරිස නිරතුරුව රඳවා ගනිමින් ඉදිරියටත් ලිවීමට සුබ පැතුම්!

    ReplyDelete
  35. කකා පහයි ද ?

    සුබ පැතුම් කකා !

    ReplyDelete
  36. කකා ,

    පොඩ්ඩක් බලන්න පුලුවන්ද මගේ එක මෙව්වා එකේද කියලා ?

    ReplyDelete
  37. පස් වෙනි අවුරුද්දට සුභ පැතුම්!

    ReplyDelete
  38. සුබ පැතුම් !!

    වෙනියා කී වෙනියා හැටියටද දන්නෑ අද හතරට පාස් වුනේ ?

    ReplyDelete
  39. අම්මෝ... පහට පාස් වෙනවා කියන්නේ දුකක්.. සිස්සත්තෙනේ..... කකාට සිස්සත්තෙනුත් ශානිකා පරද්දලා පළවෙනියා වෙන්න ලැබේවා...!!

    ReplyDelete
  40. කකාට සුබ  පැතුම්!



    නිකමට ඔබලා බලන්න පරණ මතක තෑගි හැටියට......



    01



    02



    03



    04



    05



    06



    08

    ReplyDelete
  41. සුබ පැතුම් කකා! වෙන මොන උලව්වක් වත් නිසා නෙමේ, බ්ලොග් ලෝකේ වනාහි මුළුමහත් අෂ්ටාදශ සහශ්‍රක චක්කවාල සම්පන්න ලෝක ධාතුවම ය, මේක තමා ලොකුවයින්ම එකය, මේක ඇතුළේ මරාගන්නවා කියන්නේ හංදියේ දැක්කොත් කපන සයිස් ය, මේකේ බබ්බු ඉන්නා බැවින් කුණුහබ්බ කියන්න බැරිය, අර තුමාට මේ තුමාට රිදෙන්න ලියන්න හොඳ නැතේ ය, දේශපාලන ලිපි ලියන්න එපා ය, සිවුරු හොරු ගැන ලියන්න එපාය, සිංහල ලිපි ඇතුළේ ඉංග්‍රීසියෙන් ලියන්න එපා ය, ඔක්කොටමත් වඩා මේ රටේ බෞද්ධ පුනරුදයක වේශයෙන් පෙනී සිටින ඊනියා සිංහල බෞද්ධ ස්වොත්තමවාදය හෙවත් හුජ්-ජාතිවාදයට ඌයියා වෙන දේවල් ලියන්නට එපාය ආදී මෙකී නොකී නානාප්‍රකාර අටෝරාසියක් නීති රීති දණින් උඩට ගණන් නොගෙන තමන්ගේම දෙයක් කොටාගෙන මේ බඩකඩුත්තු බ්ලොගොස්ෆියරේ අවුරුදු හතරක් ඉහගහගෙන උන්නාටය...

    පහ වසර සැරයි කකා, සෙල්ලං නෑ!

    සුබ සහ ජය පතමි!

    ReplyDelete
  42. කතන්දරතුමන්ට උණුසුම් සුභ පැතුම් .

    ReplyDelete
  43. පස් වැනි වසරට උණුසුම් සුභ පැතුම්. ශිෂ්‍යත්වෙන් පාස් උණාම වෙන ඉස්කෝලෙකට යයිද දන්නෙ නෑ...

    ReplyDelete
  44. කකා මම අද උදේ වැඩට එද්දි හොද කල්පනාවක් ආවා...

    මේ බ්ලොග් එක උදේ ඉදන් මගේ බ්‍රවුසර් එකේ ඕපන්... සැරින් සැරේ රිෆෙෂ් කර කර බලනවා.... මිස් වෙන්නෙ සයිට් ගියොත් හරි.. මීටිමකට ගියොත් හරි විතරයි... මට තේරෙන විදිහට මම වගේම තව ඇනෝලා දෙන්නෙක්වත් ඉන්නවා....

    කකාට කොමෙන්ට් වෙලාවට පබ්ලිශ් කරගන්න අමාරුයි කියලා දවස් ගානක් තේරුනා.. කරන්න තියෙන්නෙ මටයි අර ඇනෝලා දෙන්නටයි පාස්වර්ඩ් දෙන්න... අපි කකා කරන විදිහට කොමෙන්ට් පබ්ලිශ් කරන් යන්නම්... කකා පුලුවන් වෙලාවක ඇවිත් අපි වැරදි දෙයක් පබ්ලිශ් කරලා නම් මකලා... රිප්ලයි කරලා එහෙම යන්න... මොකද කියන්නෙ?

    ReplyDelete
    Replies
    1. අන්න හරි මචං.
      මාත් පැයෙන් පැයට ඇවිත් බලනවා. කමෙන්ට් තියෙනවද කමෙන්ට් තියෙනවද කියලා.

      Delete
    2. Get a Life machan. Thats all everyone can say to you.
      :P
      - Mahason Piliya

      Delete
    3. හොඳට හිටි...

      Delete
    4. කකා, මාත් කැමතියි මේ වැඩේට මොකද කියන්නේ ?
      මොකද මම තමා පැයෙන් පැයට වගේ කමෙන්ට් කරලා දවස අන්තිමට සංගණනයක් කරලා කකාට කමෙන්ට් වාර්ථා සපයන්නේ.
      මේ වෙනතුරු කරපු සංගණන වල ප්‍රතිඵල 100%ක්ම නිවැරදියි කියලා ඔප්පු කරන්න පුලුවන්.
      වැරැද්දක් උනොත් නිහතමානිව, කට්ටියගෙන් සමාව ඉල්ලලා ඒ වැරැද්ද නිවැරදි කරලත් තියෙනවා.
      තව දෙයක් තමා අදාල පෝස්ට් එකේ කමෙන්ට් වල තිබ්බ විශේෂ දේවල් 'විශේෂ සටහන්' කැටගරියේ යටතේ ලියා තියනවා. ඒ නිසා කකාට පසුකාලිනව ඒවා ප්‍රයෝජනයට ගන්නත් පුලුවන්.
      අනික මගේ සංගණන වාර්ථා ගැන කකාත් සතුටු වෙනවා කියලා මට දාලා තිබ්බ ප්‍රතිචාර වලින් පෙනුනා. ඒ වගේම කකා මට කටපුරාම ස්තුති කරලත් තිබ්බා.
      තව, කුණුහරුප කැත වචන වගේ දේවල් කමෙන්ට් කරලත් නෑ.
      ඒ නිසා මාවත් කමෙන්ට් පබ්ලිශ් කරන වැඩේට හවුල් කරගන්න.

      මම
      සංගණන ඇනෝ

      Delete
    5. දැක්කනෙ කකා අපි තුන්දෙනෙක් ඉන්නවා.... මොකද කියන්නෙ කැමතිද? ඔයාගෙ ටර්ම්ස් ඇන්ඩ් කන්ඩිශන්ස් කියලා අපි ඩීල් එකකට එමු....

      Delete
    6. කකා උත්තරයක් දීහන්කෝ ?
      අඩුම තරමේ මේ ඉල්ලීම දැක්කද කියලාවත් කියහන්කෝ...

      Delete
    7. කකා සැමදා සැමවිට ඔබ ලගින් පණ වගේ ඉන්න ඇනෝලා තුන් දෙනෙක් ඔබට තියෙන ආදරේටයි මේ ඉල්ලීම කරන්නෙ.....

      Delete
    8. කකා,
      ලින්ක් වපුරන්න නෙමෙයි කිව්වේ. ප්‍රශ්නයට උත්තරයක් දීහන්.
      උත්තර නැති හන්දද ලින්ක් දාන්නේ ?

      Delete
    9. උපුටා ගැනීමක්...

      තෝ ආවද බොල *** ගේ පුතා මෙතන හොරකම් කරනවා මදිවට මට බොරුත් කියන්න! දැන ගනිං ***, තෝව මං අද ** ***. අත් දෙකෙන් කන් දෙක අල්ලං ගහපිය දණ **** පුතා **** නැතුව.

      උපුටා ගැනීම අවසන්

      මෙම කමෙන්ට් එකට අදාල පිලිතුර

      තෝ ආවද බොල *** ගේ පුතා මෙතන හොරකම් කමෙන්ට් කරනවා මදිවට මගේ පාස්වර්ඩුත් ඕනේ කියන්න! දැන ගනිං ***, තෝව මං අද ** ***. අත් දෙකෙන් කන් දෙක අල්ලං ගහපිය දණ **** පුතා **** නැතුව.

      Delete
  45. අද පෝස්ට් එකට කමෙන්ට් ගණන 94
    මා විසින් දමපු ඇනෝ කමෙන්ට් ගණන 12
    වෙනත් ඇනෝ වරු දමපු කමෙන්ට් ගණන 19
    කකා විසින් දමපු කමෙන්ට් ගණන 18
    වෙනත් ප්‍රොෆයිල් කමෙන්ට් ගණන 45

    ReplyDelete
  46. //නපුරු ගුරුවරයෙකු ගේ දරුණු වේවැල් පහරකට අසාධාරණ ලෙස ලක්වුණු//
    ටීචර්ස්ලාගේ වේලාවට කකාගේ තාත්තා නවීන පන්නයේ පළාත් සභා මන්ත්‍රී කෙනෙක් නොවුනේ.

    ReplyDelete
  47. පාරමී දම් පුරා සපැමිණ
    එකට හමුවී යන්න යන සඳ…
    කියාගන්නට බැරිව ලතැවෙන
    හැඟුම් මිහිදන් නොවේ කිසිදින…

    ලේ නහර ඇට මිදුලු විනිවිද
    රිදුම් දෙන හැඟුමක්ද ප්‍රේමය
    දුර‍ට වි ඇසිපිය නොලා
    බලා ඉන්නට අවසරයි
    සංසාරයේ පතා ආවෙත් එලෙසමයි…

    ස්වයංජාතව හිතේ මතුවන
    පහන් සිතුවිල්ලක් ද ප්‍රේමය
    දෙපදකට සීමා නොවී
    ලයෙන් ලය සැනසිය යුතුයි
    ප්‍රේමයෙන් විශ්වයම සුවපත් කළ හැකියි…

    නොතින් සසර දුක ජයගන්නට පේවී
    දහම් සරණ හැර සරණක් නැත දේවී…….

    ReplyDelete
  48. @ All
    සියළු දෙනාටම ඉතා ස්තුතියි.

    හැමෝටම පිළිතුරු දාන්න හිටියත් සති අන්තයේ පොඩි විනෝද චාරිකාවක් යෙදුණු නිසා නොහැකි වුණා.

    හෙට ට කතන්දරයක් සෙට් කරලායි තියෙන්නේ. හෙට හමුවෙමු.

    ReplyDelete
    Replies
    1. ඔවු ඉතින් උබට කමෙන්ට් දානවා නම් ඒ ඇති නේ. කමෙන්ට් වලට උත්තර දෙන්න ඕන කමක් නෑ නේ.
      උබට කමෙන්ට් දානවට අපිට හුජ්ජ කරපු බූවල්ලකින් තලන්ඩ ඕන පාර හිටින්ඩම !

      Delete
  49. කතන්දර කුමාරගේ බ්ලොග් එක මගේ එකට වඩා මාසයයි බාල.

    ඒ වුනාට සාර්ථකත්වය අතින් නම් මගේ බ්ලොග් එකට වඩා ගවු ගානක් ඉදිරියෙන් . .

    ජය වේවා කකා . . !!

    ReplyDelete
  50. මගේ රිපෝර්ට් එකකත් ටීච ටිපෙස් කරලා වෙනියා හැදුවා ,,අපේ අම්මා ඉස්කෝලෙට ඇවිත් ඇහුවා ටිචමද හැදුවේ කියලා ..මුළු නිමාඩු මාසෙම මන් හිටියේ යකා වැහිලා ඈ,,කිසිම සතුටක් නැහැ ,, පෙර වැරදි නිසා තමා ඉතින් අම්මලට අපිව තදට අවිස්වාශ ඉතින් ,,,, තව තවත් ලියන්න ,,සුබ පැතුම්

    ReplyDelete

මා ලියූ කතන්දරයට අදාල නැති කරුණු ඔබේ ප්‍රතිචාරවල ඇතළත් නොකරන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

අදහස් වාරණයක් නොකෙරේ. කුණුහරුප සහ තුන්වන පාර්ශවයන්ට නින්දා කෙරෙන ප්‍රතිචාර ඉවත් කෙරෙනු ඇත.