ජීවිතයම කතන්දර ගොඩක්!
This is a Sinahla blog written for five years from July 2009. It contains stories - Kathandara - from authors life.
කතන්දරකාරයා ගේ දශක කිහිපයක ජීවන අත්දැකීම් අළලා 2009 ජූලි 11 දින සිට පුරා වසර පහක් තිස්සේ ලියවුණු කතන්දර එකතුවකි. kathandara@gmail.com
Monday, 15 July 2013
හරියටම අවුරුද්දකට පසු "සුඋදිවේකහා" කේස් එක නැවතත් ඇවිල්ලා! - HBDKH returns in verse!
දින තුනක ට්‍රිප් එකකින් පස්සේ වැඩ ගොඩවුණු හින්දාත් තවත් කේස් එකක් හින්දාත් මේ කවි ටික ලියලා පල කරන්නත් වෙනදාට වඩා පැය එකොළහක්ම පරක්කු වුණා.
ඒ කේස් එක (සුඋදිවේකහා) මොකක්ද කියලා දන්නෝ දනිති.
අද පෝස්ටුවේ අග හරියේ ලින්ක් එකක් ද ඇත!
සුඋදිවේකහා
නෙත ගැටුණ දා විසි එක් වසරකට පෙර
වත මදහස දිටිමි පෙර නොම දුටු අයුර
සිත මා සසල විය හදවත කර විවර
කත ඔබ මගෙම බව දැන ගත්තෙමි එවර
යා දෙක රතය පෑහීමේ කිම අරුම
මා දිවි සුවඳ ඔබගෙයි මට නැත උරුම
බාධක මැදින් ආවෙමු මේ මුළු දුරම
ආදර සොඳුර කුසුමකි ඔබ සැම දිනම
හෝරා අටක් මහජන සේවය සලසා
දිව විත් නිවස වෙත නොමගෙන කිසි වෙහෙසා
පිස දෙයි අමරසැති අහර ද මා සනසා
ඔබ දෙව්දුවකි මට නැත කිසි ලෙස කුකුසා
දින පෙර ලෙසින හෙට දිනයෙද පෙම් කරමු
යන දිනයක එකට අපි දෙව්ලොවට යමු
පින ගෙවුණ දා ආපහු මනුලොවට එමු
පණ ඇති තුරා යලි යලි සසරේ බැඳෙමු
-කතන්දරකාරයා
මෙන්න ගිය අවුරුද්දේ කතන්දරේට පාර:
http://kathandara.blogspot.com/2012/07/hbd2ukh.html
(image: http://ashfaqueshah-photography.blogspot.com.au/2011/07/i-will-love-you-forever.html)
Subscribe to:
Post Comments (Atom)
Happy B'day
ReplyDeleteමෙන්න බලපල්ලා ස්ක්‍රීන් ශොට් දාන "අවජාතක" කියලා බ්ලොග් එකක් අළුතෙන් පටන් අරන්. මාර කේස් එක. ඔයා මේක ගැන හිතන්නේ මොකද ?
Deletehttp://avajathaka.blogspot.com
@ Pra Jay
Deleteස්තුතියි.
//යන දිනයක එකට අපි දෙව්ලොවට යමු//
ReplyDeleteගව මස් බුදින්නේ
දෙව් ලොව නොයන්නේ....
කකා ගව මස් කනවද ? හෑ...
Deleteඒ කියන්නේ කකා කැනිබල් කෙනෙක් !!!
ඔව් තමුන්ගෙ ජාතියේම මස් කන්නේ කැනිබල්.
Deleteගෙරි මස් කෑවද බලු මස් නොකමි!
Deleteඑලොව කෙසේ වෙතත්, මෙලොව තවත් දීර්ග කාලයක් සතුටින් පිරි ජිවිතයකට ආසිරි කකා!
ReplyDeleteකොහේ හිටියත් ජොලියෙන්!
Deleteඅප්පමාදෝ අමතපදං.....
ReplyDeleteකොමෙන්ට් වෙලාවට පබ්ලිශ් කරන්නෙ නෑ... පව්....
අපි කිව්වා අපිට පාස්වර්ඩ් දෙන්න කියලා... කෝ ඇහුවද? මොකද අපි කලුද?
ඒක නේන්නම්.
Deleteකකා පිඳුරු කන්නෙත් නෑ. කන ඇනෝලට දෙන්නෙත් නෑ.. හුක්කි හුක්කි හූ.....
කලාවේ නරියා
කකා...වැල හොඳට සරුවට වැවෙන්න නම් ඕනෑ නිවැරදි අතට මැස්ස ගැසීම කළ යුතුයි නේද?
ReplyDeleteඇනිවසරියද කකා??
ReplyDeleteයකෝ... ගෑනිගේ බර්ත්ඩේ එක !
Deleteකකා...අපි බෙහෙවින් අකමැති වූ පමණින් නීති ගෙනැල්ලා මිනිස් ස්වභාවය වෙනස් කරගන්න බැරි වුන බව මිනිසාගේ මුළු ඉතිහාසය පුරා ඔප්පු කරලා තිබ්බට කෝ පාඩමක් ඉගෙන ගන්නවා ද?
ReplyDeleteඑහෙනම්, කතන්දරහාමිනේට සුභ උපන්දිනයක් වේවා!!!
ReplyDeleteතෑන්කියු! තෑන්කියු!
DeleteWow very Romantic All the best mate
ReplyDeleteමොනවද මේ කතා?
Deleteතෑන්කියු!
වෙලාව මාරු උනාද?
ReplyDeleteදෙන්න එකට ගියාම දරු දෙන්නට කාගේ පිහිට?
ReplyDeleteදැම්ම නොවෙයි, තව අවුරුදු පනහකින් විතර!
Deleteයාන්තං පහුගිය අවුරුද්දේ ලින්ක් එකෙන් උපන්දිනේ විත්තිය හොයා ගත්තා..
ReplyDeleteකතාන්දර හාමිනේට සුභ උපන්දිනයක් වේවා!
ස්තුතියි ගයිජින් සාන්!
DeleteHappy Birth Day....!!!
ReplyDeleteThanks Mate!
Deleteකතන්දර හාමිනේට සුබම සුබ උපන් දිනයක් වේවා...!
ReplyDelete( නෝනේ ඔයාවත් කියන්නකෝ අපිව රෝලේ එල්ලගන්න කියලා )
යකෝ කකා!
Deleteදැන්වත් ගෑණිගේ උපන් දිනේ කියලාවත් සයිලන්ට් සහන්, මාරයා, කැනහිලා..(ආහ් සොරි එහෙම එකෙක් නැහැනේ)ඇල්කෙමියා රෝලේ එල්ලාගනින්.
Thanks Sahan.
Deleteසුබ උපන්දිනයක් වේවා කතන්දර හාමිනේ !!!
ReplyDeleteඑසේම වේවා!
Deleteකකා, වෙලාවක් තිබ්බොත් අපේ පැත්තෙත් ඇවිල්ලා යන්න.
ReplyDeletehttp://sinhalapothak.blogspot.com/2013/07/bambarawile-holmana.html
OK!
Deleteඅද උදෙම්ම කොල්ලෙක් එක වෙන්න කියලා ඔෆිස් ආවා.
ReplyDeleteතව පොඩ්ඩෙන් ඌ වාහනේට යට වෙලා මැරෙනවා.
කකාට දුක නැද්ද ඒ කොල්ලා ගන. ඌත් ආසයි කකාගේ බ්ලොග් එකේ එක වෙලා බලන්න.
අදත් උදේම ආවා බන්... ඒත් එක වෙන්න නෙවෙයි... රිපෝට් එකක් තියනවා දෙන්න... 9.30ට සයිට් යන්න තියනවා... අද දවසටම මෙච්චරයි කොටන්න වෙන්නෙ...
Deleteඈම් රියලි සොරි කකා....
කරුමෙ කියන්නෙ සයිට් වැඩේ කොට උඩ.... ඔන්න කකා මම ආවා.... කකා අධිමානය පැත්තක තියලා අර මිනිස්සු කරපු ඉල්ලීම සලකලා උන්ව බ්ලොග් රෝලට දාගන්න...
Deleteඅං දික් වෙච්ච ගෝණා වගේ ඔලුව කෙලින් තියන් හිටියට විතරක් සමාජයෙ ජීවත් වෙන්න බෑ....
ඇයි බං මාත් උදේ ඉදන් දාකහ් වැඩ තිබ්බත් ඒ ඔක්කොම පැත්තකට දාලා කකාගේ බොගේට කමෙන්ට් කොට කොටා ඉන්නවා. එහෙම කැපවීමකින් කමෙන්ට් කරලත් කකා ඒවා වෙලාවට පබ්ලිශ් කරන්නෙත් නෑ. මුට මක්ක වෙලාද මන්දා
Deleteසංගණන ඇනෝ
අපි රස්සාව උකසට තියලා කමෙන්ට් කෙටුවට අම්මාපල්ල...කකාට වගේ වගක් නැතුව ඉන්න හැටි විතරක් !
Deleteහොට කපපු පැස්බරා !!
මාත් ජොබ් එකක් කරන බව අමතකද?
Deleteකකා,
ReplyDeleteමගේ යතුරු හිලේ ප්‍රශ්නයට උත්තරයක් තාම ලැබුන් නෑ. ප්‍රශ්නය අමතක නම් මම ප්‍රශ්නය මෙතන අලවන්න ද ?
කකා, මට මාර ප්‍රශ්නයක් නේ තියෙන්නේ.
Deleteමම ඊයේ ටිකක් රෑ වෙලා බෝඩිමට ආවා. එනකොට ඒ පැත්තටම කරන්ට් ගිහින් තිබ්බේ. එක අතකින් බඩු මල්ලක් තිබ්බා. අනෙක් අතේ යතුර. මම යතුර අතට අරන් කළුවරේම යතුරු හිල හෙව්වා. ඒත් හම්බ උනේ නෑ. සෑහෙන ගේමක් දීලා තමා හිල හොයා ගත්තේ.
කකාටත් එහෙම වෙලා තියෙනවද ?
ඕවා ගිහින් කියන්න අර ආන්ටි ඇගොනි වගේ අයට!
Deleteමට ප්‍රශ්නයක් තියෙනවා කකා.
ReplyDeleteකකා අපි බුද්ධියෙන් මුහුකුරා ගියහම කොණ්ඩේ යනවා කියන කතාව ඇත්තක් ද ?
ඒ එක්කම කොණ්ඩේ බූ ගා දැමීම තමයි හොඳම ප්‍රතිකර්මය.
Deleteමං නං සතියකට වරක් බූ ගා දානවා.
තේරෙන මගුලක් වහෙන් ඔරෝ නැතිව කියන්ට එපෑ මැන්ටල් අපිට.
ReplyDeleteකතන්දර තුමියනි;>>ඔ තන්ජෝබි ඔමිදොතෝ ගොසයිමසු<<
තවත් වසර 50ක් දෙදෙනාට එකට විසීමට අවංක පැතුම්....!!!!
あなたに感謝
DeleteAnata ni kansha
සුබ උපන්දිනක් වේවා කතන්දර අක්කා. මහත්තයාගේ පැතුමත් හොදයි තෑග්ගත් රසවෙයි.. ඒ ගැන පස්සේ කියන්නකෝ කකා.
ReplyDeleteකවි ටික කියවූ ටික දෙනාගෙන් එක් අයෙක් වගේ නලීන්!
Deleteහරියටම අවුරුද්දකට සැරයක් ඔය කේස් එක ආයෙ ආයෙ එන එකනෙ වැඩේ.
ReplyDeleteඒකට තමයි චක්කරේ කියන්නේ!
Deleteසුභ උපන් දිනයක් වේවා !
ReplyDeleteThanks.
Deleteකකා... ඉස්සර ගාල්ලෙ තිබුනා මියුසික් ගෘප් හතරක් විතර ගහන්නෙම ඉන්ග්ලිශ් සින්දු විතරයි... වැඩි හරියක් කන්ට්‍රි සෝන්ග්ස්... සුද්දො පුදුම වෙනවා... තාප්පවල එල්ලිලා බලන් ඉන්නෙ.... පිස්සු හැදෙනවා...
ReplyDeleteඒ කාලෙ ආපු සුද්දන්ගෙන් ලන්කාවට එන්න හේතුව ඇහුවාම කියන්නෙ "මන්චී හවායින් කුකීස්" කියලා නෙවෙයි... කන්ට්‍රි සෝන්ග්ස් කියලා....
කකා.. අතීතයේ පටන් සිද්ධාන්තයන් නිශ්ප්‍රභා කළ ෆෙඩරික් බැස්ටියාට්, ලුඩ්විග් වොන් මීසස්, ෆෙඩරික් හයෙක් ගැන සිංහල පරිවර්තන නැහැ. කරුණාකර සුදුසු පියවරක් ගන්න....
ReplyDeleteකතන්දර හාමිනේට සුභ උපන් දිනයක් වේවා!
ReplyDeleteස්තුතියි රාජ්!
Deleteඅළුත් ජිවීතය ගැන කතන්දර කෝ?
ආනන්දෙ තමයි ඉස්කෝලෙ...
ReplyDeleteහැබැයි පාඨක ප්‍රතිචාර පබ්ලිශ් කරන එක වෙලාවට කරන්නෙ නෑ.... පව්....
අපේ කොමෙන්ට් වෙලාවට පබ්ලිශ් නොකර තියන් ඉන්නවට හොදක් වෙන්නෙ නෑ.... හොට කපපු පැස්බරා.....
ReplyDeleteමේකා මටනම් පේන්නෙ හොට කපපු පැස්බරෙක් වගේ නෙමෙයි, හොම්බ කැඩිච්ච ගං කබරයෙක් වගේ.
Deleteහොට කපපු පැස්බරා !! හොට කපපු පැස්බරා !! හොට කපපු පැස්බරා !!
Deleteඔබේ මේ හෝඩියේ පන්තියේ විනෝදයට ඉඩ දෙන්නේ ඉතා සතුටිනි.
Deleteඅද පෝස්ට් එකට කමෙන්ට් ගණන 27
ReplyDeleteමා විසින් දමපු ඇනෝ කමෙන්ට් ගණන 9
වෙනත් ඇනෝ වරු දමපු කමෙන්ට් ගණන 5
කකා විසින් දමපු කමෙන්ට් ගණන 0
වෙනත් ප්‍රොෆයිල් කමෙන්ට් ගණන 13
කතන්ද්‍රිට සුභ උපන්දිනයක්......!
ReplyDeleteස්තුතියි.
Deleteමොකද ගම හාමිනේ ගැන හෝ වෙනත් කිසි දෙයක් ගැන කලකින් කතාවක් නැත්තේ?
මට ඩිංගෙක් පැටලෙනවා කකාට කා වෙනුවට හා වැදලයි කියලා. යන්තං ගොඩ ගියා. එහෙනං කකා හාමිනේ අක්කට සුභ උපන් දිනයක්ම වේවා. කකාරයගේ තෑග්ග.. ආ ඒකත් ගන්න..
ReplyDeleteස්තුතියි.
Deleteවයසට යන කොට ටිකක් ටැපලෙනවා නේද?
කකා අපිත් විස් කෙරුවයි කියන්ට
ReplyDeleteකතන්දර හාමිනේට සුබ උපන්දිනයක් වේවා. ඒ වගේම දෙන්නගේම ආදරේ තව වැඩි වේවා.
ReplyDeleteමම අද 1ද මන්දා ?
මම එක ඇනෝ