ජීවිතයම කතන්දර ගොඩක්!
This is a Sinahla blog written for five years from July 2009. It contains stories - Kathandara - from authors life.
කතන්දරකාරයා ගේ දශක කිහිපයක ජීවන අත්දැකීම් අළලා 2009 ජූලි 11 දින සිට පුරා වසර පහක් තිස්සේ ලියවුණු කතන්දර එකතුවකි. kathandara@gmail.com
Friday, 19 July 2013
බොදු බාල සෙනාව සෙක්සිස්ට් ද - Is Bodu Bala Senna, Sexist?
විජය කුමාරතුංග කියන නළුවා මං පොඩි කාලේ මට පෙන්නන්න බැරි එකෙක්.
මට මතකයි පොර ඒ කාලේ සිරි ලංකා එකේ දේශපාලන රැස්වීමක කතාකරන්න ආවා. කොල්ලෝ කෙල්ලෝ හෙම පොර පස්සේ දිව්වා.
මං නෙමෙයි නිකමටවත් සැලුනේ.
මගේ යාළුවෙක් වෙච්ච සරත්චන්ද්‍ර ආපහු ඇවල්ලා කිව්වා ඌ විජය ගේ ෂර්ට් එක ඇල්ලුවා ය කියලා. මට හිතුනේ අනේ පව් කියලා විතරයි!
ටික කාළෙකට පස්සේ මටත් යම් දේශපාලනමය සිතුවිල් පහල වෙන්න පටන් ගත්තා. පස්සෙන් පහු විජය කුමාරතුංගත් මට හිතුණ විදියට නිවරදි දේශපාලනයක් පටන් ගත්තා.
අන්න එතකොට තමයි මට තේරුනේ "යකෝ, මූ කොච්චර සුපිරි නළුවෙක් ද?" කියලා.
ඒ විතරක් නොවෙයි!
මුල් කාලේ මට ඇහුණු විජය ගේ ගොරහැඩි කටහඬින් ගැයෙන "රැල්ලෙන් රැල්ලට" වගේ සින්දුවලින් මාර රස වින්දනයක් ලැබෙන්න පටන් ගත්තා.
අන්තිමට විජය කුමාරතුංගව ජාතිවාදීන් විසින් මරල දාලා ය කියලා ආරංචි වුණු වෙලේ මහා සංවේගයක් දැණුනේ!
ඔය සංසිද්ධියේම අනිත් පැත්ත තමයි මේක.
ඒ දවස්වල යූඇම්පී වේදිකාවල බයිල කියපු ගායක ගායිකාවෝ, ඩෙඟා නටපු නළු නිළියෝ ගැන මගේ කිසිම කැමැත්තක් තිබුණේ නෑ. කොටින්ම උන්ගේ ඒ දේශපාලනට තිබුණු අකමැත්ත නිසාම, මට උන් ගේ සින්දු, රඟපෑම්වලත් මෙලෝ රහක් දැණුනේ නෑ.
ඒ සමහරු (ජෝතිපාල ලා වගේ අය) මිය ගියාමත් කිසිම දුකක් වගේ එකක් හිතට ආවේ නෑ, සාමාන්‍යයෙන් හිතෙන "අනිච්චාවත සංඛාරා - සියලු සයන්ස්කාරයෝ මැරෙන සුළුය!" වගේ දෙයක් හිතුණා මිසක.
ඔය පරණ කතා මතක් වුනේ අද ආපු ඊ-මේල් එකක තිබුණු ලින්ක් එකක් ඔස්සේ ගිහින් බොදු බාල සෙනා නඩයේ තේමා ගීතය අහන්න ලැබුණු වෙලේයි.
මේක කියන්නේ සුනිල් එදිරිසිංහ.
මෙන්න යූ ටියුබ් ක්ලිප් එක.
දැන් ඉතිං සුනිල් එදිරිසිංහ ගේ සින්දු අහලත් හමාරයි. වැරදිලාවත් ඇහෙන ඇහෙන හැමෙ වෙලේම මේ කේස් එක මතක් වෙලා ඔක්කාරෙට ඒවි!
-කතන්දරකාරයා
ප/ලි:
මේ පදමාලාවේ තියෙනවා මෙහෙම.
බිඳී එරන් කොත, නිවී පහන් වැට, අන්දකාරයි සාසනේ
කාහල නාදය නගනට කාලය
ඇවිත්, අවදිවෙමු සොයුරනේ
ඉතිං අවදිවෙමු සොයුරනේ
මෙතන සොයුරන් ගැන මිස සොහොයුරියන් ගැන කිසිම කතාවක් නෑ.
ඒ කියන්නේ නිදාගෙන ඉන්නේ පිරිමි විතරද? ගෑණු අවදියෙන් ද ඉන්නේ?
නැත්තං මේ සින්දුව සහ බොදු බාල සේනාව සෙක්සිස්ට් ද?
(image: https://www.facebook.com/SGaminiFonseka)
Subscribe to:
Post Comments (Atom)
කලාකාරයන්ට දොස් කියන්න බැහැ.ඒ අයව නලාකාරයෝ කරන එව්වන්ට තමයි නෙලන්න ඕන.
ReplyDeleteඅනේ පොඩි බබ්බු නේ ඒ ගොල්ලෝ නේද?
Deleteසොයුරියො(සම හරක්)නානසාර ල ලග 24 පැය අවදියෙන්නේ.
ReplyDeleteඑකයි ඒ අයව අමතක කරල තියෙන්නෙ.
බුදු අම්මෝ, අපි දන්නේ නෑ ඕවා!
Deleteගෑනු ඉතින් පිරිමි වගේ නෙමේ කොහොමත්. අවදියෙන්, සිහිය පිහිටුවාගෙන ඉන්න කොටසක්නේ. ඒකයි පිරිමින්ට විතරක් අවදිවෙන්ට කියලා තියෙන්නේ. මම හිතන්නේ ගීත රචකයත්, ගායකයත්, ඒ වගේම හාමුදුරුවරුත් ඒ බව දන්නවා ඇති. :D:D:D
ReplyDeleteසම්මා සති, සම්මා සමාධි!
Deleteසුනිල් එදිරිසිංහ මගේ ප්‍රියතම ගායකයා. මමත් සෑහෙන කම්පා වුණා මේ ගැන අහලා. ඒත් මම ප්‍රියකරන ඔහුගේ සිංදු සිය ගණනක් මැද මේක එක සිංදුවක් විතරනේ කියලා මම හිතුවා. අනික ඉතිං මම දරන මත වලට වඩා විරුද්ධ මතයක් දරන්න ඔහුටත් අයිතියක් තියනවනේ.
ReplyDeleteරත්න ශ්‍රී, රෝහණ, අමරසිරි පීරිස්, අමරදේව වැනි කලාකරුවොත් වරින් වර පවතින රජයන් වෙනුවෙන්, යම් යම් ආයතන වෙනුවෙන් නිර්මාණ කරලා තියනවා. ඒක ඔවුන්ගේ අයිතියක් කියලා හිතහදාගන්න එක තමයි මම කරන්නේ. ඔවුන්ගේ නිර්මාණ කුසලතාවය, ඒ වගේ සුළු සුළු දේවල් වලින් ඔබ්බට ගිය දෙයක් කියලා මම හිතන්නේ.
එහෙම ප්‍රජාතන්ත්‍රවාදයක් අපේ ජාන වල වත් සංස්කෘතියේවත් නැත. "මගේ මතයට විරුද්ධ එකා මගේ බ්ලොග් රෝලෙවත් ඉන්න එපා" කියන මජර, අශිෂ්ඨ, ම්ලේච්ඡ ලිංමැඬි චින්තනය තමා කොහෙ ගියත් අපට තියෙන්නෙ.
Delete@ තිසර
Deleteමේ ලිපිය පොඩ්ඩක් tongue in cheek තියාගෙන ලියපු එකක්!
අර කුතුල්ගහට ගිහිල්ල තණකොල හොයපු එකා මතක්වුනා කකාගේ මේ රිප්ලයි එක දැකල. බැක්ෆයර් වෙලා නාන්න වුනාම ඔහොම බයිලා කියවෙනවා ලිංමැඬියෝ.
Deleteඅදනම් කනවා අම්බානෙක
ReplyDeleteමක්කෙයි කන්නේ?
Deletehmm wijeys voice gorahedi well thats the first time i heard such a comment, it may b rough bt its beautiful, like pouring honey in to my ears, and seriously u hated jothipala come on no matter what his politics are wouldnt u just fall in love wit his music, politics and their careers were mixed up by themselves but as fans we shouldnt be mixing them up , i mean let them keep their views we dont hve to follow them, bt dont b a hater on their music,
ReplyDeleteමේ ලිපිය පොඩ්ඩක් tongue in cheek තියාගෙන ලියපු එකක්!
Deleteකතාව හරි. ජැක්සන් ඇන්තනී වගේ උදවියගෙ හැකියාව පරදා අපුල ඉස්මතු වෙලා තියෙන්නෙත් ඔය කේස් එක නිසා වෙන්න ඇති.
ReplyDeleteඒකා නං ඉන්නේ සෘණ අනන්තයේ!
Deleteඒත් අපිට සුනිල් එදිරිසිංහගේ මේ හැදියාවත් නිතර දකින්න ලැබෙන එකක්. අනිත් අයට යම් දෙයකින් සිද්ධ වෙන පව් හෝ හානිය ගැන අවදානම් කියන්න මහා කරුණාවන්ත සංවේදී මිනිස්සු හැටියට වෙහෙසනවා යැයි කියන අය අනුන්ට ගවමස් කන්න එපා කියමින් තමන් කුකුල් මස් කනවා. නිව් යෝර්ක් නගරාධිපති වගේ සෝඩා පානයේ ආදීනව ගැන කියමින් ඊට තහනම් ගෙනෙමින් හොට් ඩෝග් කොච්චරක් ගිලින්න පුළුවන් දැයි උත්සව පවත්වනවා. නැත්නම් කොකා කෝලා වල මෙච්චර මෙච්චර නරක දේවල් තියනවා යැයි කියන අයට යාළු මිත්‍රාන්දීන් එකතු වුනාම විස්කි වීදුරුවක් දාගත්තෙ නැත්නම් නිකන් මොකක්ද නැහැ වගේ!!!!
ReplyDeleteඑතකොට විස්කිවලට, බර්බන්වලට කෝක් දාලා බීම?
Deleteඅර කුතුල්ගහට ගිහිල්ල තණකොල හොයපු එකා මතක්වුනා කකාගේ මේ රිප්ලයි එක දැකල. බැක්ෆයර් වෙලා නාන්න වුනාම ඔහොම බයිලා කියවෙනවා ලිංමැඬියෝ.
Deleteකකා.... ඔය විජය කුමාරතුංග ගජ නළුවා වෙලා ඉන්න කාලෙ ඒ කියන්නෙ 80ගනන් වල ලංකාවෙ සිරි නරඹන්න ආපු සුද්දො ලංකාවෙන් යනකොට උන්ගෙ ඇගවල් මාර ෆිට් වෙලා ආම්ස් එහෙම හොදට හැදිලා.... කොටින්ම කියනවනම් ආපු කැහැටුම සුද්දා පවා ඇග පුම්බගෙන තමයි යන්නෙ... ආපු එකාද කියලා අදුරගන්න බෑ...
ReplyDeleteඉතින් අවුලට පත් වෙච්ච ඉමිග්‍රේෂන් එකේ කස්ටිය රහස් පොලීසියට කියුවා පරීක්ෂණයක් කරන්න කියලා.... ඇයි මොකද මෙහෙ තහනම් බෙහෙතක් වත් විකුණනවද දන්නෙ නෑනෙ....
නමුත් පස්සෙ සොයලා බැලුවාම මුන් ආපු දවසෙ ඉදන් කරලා තියෙන්නෙ ගාල්ලෙ තාප්පවල එල්ලිලා "කන්ට්‍රි සෝන්ග්ස්" අහපු එක... අර එල්ලිලාම ඉදලා තමයි ආම්ස් හැදිලා තියෙන්නෙ....
මං හිතුවේ තරලසාර බීලා ය කියලා!
Deleteතරලසාර ??? o.O
Deleteඅද නම් කකා හොඳම එකෙන් කෙලෝ ගන්නයි යනේ. පවු. වයසක හාදයා රෙද්දේ රෙවා ගනී.
ReplyDeleteඅද මම 1ද මන්දා ?
මම එක ඇනෝ.
නානේ ගැනද මේ කියන්නේ?
Deleteකකා අදත් වැඩියමක් කොටන්න වෙන්නෙ නෑ.... සයිට් යන්න හදන්නෙ... හැබැයි වැස්සොත් කකා ගොඩ.... කොහොම උනත් අර කිහිප දෙනෙක්ව බ්ලොග් රෝලට දාගන්න කියල කරපු ඉල්ලීම අදවත් සලකා බලන්න....
ReplyDeleteඅං දික් වෙච්ච ගෝණා වගේ ආඩම්බරෙන් ඉන්න එපා... අං හැලුනාම ගෝණා ඉන්නෙත් බල්ලා වගේ තමයි...
මං කියවන බ්ලොග් මගේ බ්ලොග් රෝල්වල තවමත් තිබේ!
Deleteකකා කරලා තියෙන්නෙ මම එදා කියුව එක තමයි... මම කියුවනෙ ඔය මොකක් හරි වීඩියෝ එකක් අරන් ඒකට විචාරයක් ලියන්න කියලා... බලන්න කකා ඔය පොත් වලට විචාර ලියුවා වගේද කියලා අද මේක හිට් වෙන්නෙ....
ReplyDeleteහැබැයි පොඩි අඩුවක් තියෙනවා.... මේක ලියනකොට අමුතු විදිහට බර වචන දාලා, ඉන්ගිරීස් කෑලි දෙක තුනක් වරහන් ඇතුලෙ දාලා, මානව ඉතිහාසය ශිෂ්ඨාචාරය වගේ දේවල් ඈදලා, වාමාන්ශිකයින්ට පහර ගහලා ලියන්න ඕනි.... ඕනෙමනම් කතාව අස්සෙ පොතකුත් මාකට් කර ගත්ත හැකි.....
Get a life mate
Deleteහැබැයි "ආනන්දේ තමයි ඉස්කොලේ" පොත නම් මාර්කට් කරන්න යන්නෙපා. චාටර් වෙන්නයි වෙන්නේ.
Deleteහා, මචං!
Deleteකකාගේ බ්ලොග් ලිවිල්ල නිකම් "සෝඩා පාන වල අගුණ දෙසන අය මත්පැන් බොනවා වගේ" නේ.
ReplyDeleteසෝඩා එපා!
Deletehttp://kathandara.blogspot.com/2009/08/blog-post_14.html
පස්සේ කාලෙක සුනිල් එදිරිසිංහ ගැන පැහැදීමක් ඇති වෙන්නත් පුළුවන් නේද කකා ...?
ReplyDeleteමට නම් බන්දුයි , බැද්දගේයි එපාම උනා පහුගිය ජනාධිපතිවරණයේදී .. උන් කියපු සින්දුව අහලා තියෙනවද ...? අන්තිම හිරිකිතයි... ඒක අහපු ඇනෝ කෙනෙක් හරි විස්තරයක් දාන්න බලන්න.. ( කකා මේක ස්පෑම් වෙන්න පුළුවන් . අවධානෙන් ඉන්න )
//( කකා මේක ස්පෑම් වෙන්න පුළුවන් . අවධානෙන් ඉන්න )//
Delete:-)
ඒකනේ සහන් ස්පටිස් ලා ගැන ඔච්චර දන්නේ, නේද?
DeleteSpies
Delete//( කකා මේක ස්පෑම් වෙන්න පුළුවන් . අවධානෙන් ඉන්න )//
Deleteමේක නිකං මට රෙන්න යන්න පුළුවන් කෝකටත් මගෙ පිටිපස්සෙ ඉන්නවා නං සොපින් බෑග් එකක් තියාගන්න කියනව වගේ කතාවක් නේ..
මම ඒත් බැලුවා මොකක්ද මේ ස්පටීස් කියන්නේ කියලා..
Delete
Delete@ අමිල
කකා , සයුරි , සෙන්නා , නවදැලි හේන , හිරු , මාතලන් , සමනලී , දේශකයා , ගයිජින් වගේ බ්ලොග් කරුවන්ගෙන් අහන්න දැන් සතියක විතර ඉඳන් මාව එක දිගට ස්පෑම් වෙනවා...
මට එපා වෙලා දැන් ස්පෑම් එකේ බලන්න කියලම..
( අමිල මාව සැක කරා නේද යම්කිසි දේකට ? )
@ අමිල
Deleteවෙන මුකුත් ඕනේ නැහැ ඔයාගෙම ස්පෑම් ෆෝල්ඩර් එකේ බලන්න..
/* SilentSahan( පොඩ්ඩක් ස්පෑම් එකේ බලන්න පුලුවන්ද )July 19, 2013 at 8:47 PM */
Deleteඉහත කමෙන්ටුව ස්පෑම් වී තිබුණි! මූ නම් ස්පයියෙක් ම තමයි.
It's quite depressing to see militancy creeping (more like galloping these days!) in to Buddhism which used to be the most tolerant of all major religions. I sometimes think best thing sane people can do is to ignore these Senas. Fanatics thrive on publicity. Fairer sex should feel flattered to be left out of extremism. Does it mean that the fanatics think men are easier to fool? LOL!!!
ReplyDeleteෆ්‍රෑන්ක්ලි, අයි ඩොන්ට් තින්ක් දැට් හූ එවර් රෝට් ද ලිරික්ස් පර්පස්ලි ලෙෆ්ට් ද ෆෙයාරර් සෙක්ස් අවුට්. අයි තින්ක් දේ වර් රාදර් ට්‍රයින් ටු ගෙට් ද ව්රඩ්ස් ටු රයිම් ඉන් දැට් වර්ස්.
DeleteKK, I just realized that it's much easier to read English written in Sinhala characters (like you've done here) than read Sinhala written in English characters. Any idea why?
DeleteWe read words as pictures/graphics. Obviously, we are more used to read Sinhala than English.
DeleteI generally read Sinhala and English almost at the same speed (Maybe Sinhala bit faster but not by much) . But I find it so difficult to read Sinhala written in English characters. Now here you did it the other way around (Engish in Sinhala) and I was surprised that I had no difficulty at all. I thought it might because Sinhala diacritics (pilla) have to be written in vowels in English. So, when u write Sinhala words in English they don't the "pictures/grafics" instantly recognizable. Maybe you could research and write about this in a later blog.
Deleteසුනිල් එදිරිසිංඤොත් නළාකාරයන්ගෙ සෙට් එකේ එකෙක් තමයි. හැබයි ඉතින් අර කතාම කියනවා වගේ එයාලට එයාලගෙ මතය වෙනුවෙන් පෙනි ඉන්න අයිතියක් තියෙනවා.
ReplyDeleteඅනිවා ඩෙෆා!
Deleteමං මේ කතන්දරේ ලිව්වේ උවමනාවෙන්ම එක අන්තයක ඉඳලයි.
"අන්දකාරයි සාසනේ" ? Will drunk driving by monks enlighten it?
ReplyDeleteජීවන මේ ගමන සංසාරේ
Deleteයැවෙයි නම් අන්ධකාරේ
නොලැබ ආලෝකේ
යා හැකි දෝ සොයා මාර්ගේ
ඔබ යයි නම් තනිව අන්ධකාරේ
ඔබට ආලෝකේ දෙන්නෙමි තිරසාරේ
දිවි ඇති තෙක් මෙ සංසාරේ
දිවි ඇති තෙක් මෙ සංසාරේ
පේ‍්‍රම ප‍්‍රදීපේ මහදේ දැල්වුණ මේ
දීප්ති විහිදේ විහිදේ
දීප්ති විහිදේ විහිදේ
මා ය ඒ විහිදෙන ආලෝකේ
ඔබ ය පේ‍්‍රම ප‍්‍රදීපේ
ඔබ ය පේ‍්‍රම ප‍්‍රදීපේ
හද සෝකෙන් බර වූ නෙක වාරේ
එයයි අනුප‍්‍රාණේ ඔබේ පේ‍්‍රම ලෝකේ
නැත ඉන් මා මුළා වෙන්නේ
ඔබ යයි නම් තනිව අන්ධකාරේ
ඔබට ආලෝකේ දෙන්නෙමි තිරසාරේ
දිවි ඇති තෙක් මෙ සංසාරේ
දිවි ඇති තෙක් මෙ සංසාරේ
පේ‍්‍රම පහන අපි දල්වාලමූ අද
ජීවන අඳුර නසන්ටා
ජීවන අඳුර නසන්ටා
ජීවනේ රස වෙයි තිර පේ‍්‍රමේ
සුන්දර හදකින් පානා
සුන්දර හදකින් පානා
ඒ වාගෙයි පහන ආලෝකේ
වූයේ සංයෝගේ සදා සංසාරේ
එය නොම වෙයි එකාකාරේ
එය නොම වෙයි එකාකාරේ
ජීවන මේ ගමන සංසාරේ
යැවෙයි නම් අන්ධකාරේ
නොලැබ ආලෝකේ
යා හැකි දෝ සොයා මාර්ගේ
නිර්මාණ කරුවාට නොව රසවත් නිර්මාණයන්ට විතරක් ආස කරන්න පුරුදු වෙන්න ...... එතකොට කරදරයක් නැතිව රසය වින්දනය කල හැකිය..... මැලේ රාළ කියයි
ReplyDeleteපිළිකුල් රසයත් රසයකි!
Delete- කතන්දරකාරයා කියයි.
OONNA MAMA KIYANNETH OOKAMA THAMA. MAGE COMMENTS SPAM KARANNE MOKADA?
Deleteඅදත් හිට්ස් තකා ලිපියක් ලියලා.
ReplyDeleteකකා දිගටම මේ වගේ ලිපි ලියන්න. හැබැයි ඉතින් ලංකාවට එනවා නම් විග් එකකුත් දාගෙන තමයි එන්න වෙන්නේ. නැත්නම් කුණු බිත්තර කන්න බලාගෙනම එන්න.
ඊට වඩා හොඳයි කටුනායකින් බහින්නේ නැතුව මත්තලට බාන ප්ලේන් එකකින් ආවා නම්.
හුහ්! මත්තලට බාන්න? මෙහේ දේශප්‍රේමියො වැහිවැහැල! බිත්තර නෙවේ කඩු පොලු ටී පනස් හය... අතේ තියෙන්නෙ.
Deleteහිට්ස් එනවා නං ආවාවේ, මොකටද එපා කියන්නේ.
Deleteමීට පස්සේ ඔහේ හිට්ස් නොදී හොරෙන් ඇවිල්ලා කියෝලා යන්නකෝ හොඳේ!
හා මචං !
Deleteසුනිල් එදිරිසිංහ ගැන කොහොමත් කළකිරිලා ඉන්නේ.හැබැයි වෙනස් මතයක් දරන හින්දා නං නෙමෙයි.කරපු කුප්ප වැඩක් හින්දා.හැබැයි මමනං ඔය උංගේ වෙන කෙරුවාවල් උංගේ හැකියාවල් එක්ක පටලගන්නේ නෑ.ඒක හින්දා මම සුනිල්ගේ සින්දු බේධයක් නැතුව අහනවා.
ReplyDeleteඒ දවස්වල ගම්පහ පන්ති යද්දි අපේ සමහර උන් එක ෆිසික්ස් සර් කෙනෙක්ගේ පන්තියට ආවේ නෑ ඌ පොර ටෝක් දෙනවා කියලා.මට උගේ පොර ටෝක්වලින් වැඩක් නෑ, ඌ හොඳට උගන්නන හින්දා පන්ති ගියා.
අමිත් පුස්සැල්ල නේද
Deleteයකා ගේ ආච්ටී වුනත් මොකද කියලා කතාවක් තියෙනවා නේ!
Deleteකකා IPL ගහන්න ගියාද කුනු බිත්තර පාර කන්න?
ReplyDeleteමලිත්ට ගහද්දි ඇයි චංචලා අඬන්නේ ?
Deleteඇත්තටම අයිපීඇල් කෂ්ටියට මොකද වුනේ?
Deletethamangema Ano comment 20-30 da gena.thamuntama hariyana mathalan weni ponna katha liyana blog padangu karayo hathara pas denek ekka set wela ganna me sigithi athal eka gena kanagatui......
ReplyDeleteසහතික ඇත්ත මචං
Deleteඔය සංඛ්‍යා ලේඛන ගැන මං දන්නේ නෑ. අපේ අර සංගණන ඇනෝගෙන් අහලා බලන්න.
Deleteකෝ අද අර KAPITAL ANKAL?
ඌ එනකොට බැරි යෑ. ඌ එන්නේ පෝස්ට් එක දාලා දවස් 2කට පස්සේ එලඹෙන හිමිදිරි උදෑසනේ නේ :)
DeleteGender discrimination....
ReplyDeleteඅපොයි නෑ, මේක එලිසමය රැකීමක් විතරයි!
Deleteඅම්මා...පල්ල.. අද නම් හැබෑම වෙනසක් !
ReplyDeleteඅද කකා හැමෝටම රිප්ලයි දාල ! එල එල ඔහොම යමු මචං !!
අද මීටින් නැත! කලින් ගෙදර ආවෙමි.
Deleteජොකා හේදුව ද ?
Deleteකකා,
ReplyDeleteඑදා ඉල්ලීම තාමත් නතර වෙච්ච තැනමයි. අපිට පාස්වර්ඩ් ලබා දෙන්න කකා. අපි වෙලාවට කලාවට කමෙන්ට් ටික පබ්ලිෂ් කරලා දෙන්නම්.
කකා කරුණාකරල මේ ඉල්ලීමට සවන් දෙන්න. බ්ලොග් අඩවිය කකාගෙ උනාට වැඩි බර අදින්නෙ ඇනෝල.
Deleteඔය අද මං වෙලාවට කලාවට කමෙන්ට්ස් දැම්මේ!
Deleteකකා මොනාද අප්පා තාම සිංහල සින්දු අහන්නේ දැන් පිටරට අවුරුදු කීයක්ද ?ඒකට බලන්නකෝ අපේ උදිත .දැන් අහන්නේ country music විතරය් සුද්දොත් උදිත තරම් ඒවා දන්නේ නැතුලු
ReplyDeleteකන්ට්‍රි මියුසික් කියන්නේ පැල් කවි වගේ ජන ගීවලට නේද?
Deleteඒ උනාට් ඒවා අහන්නේ මාර පොශ් ඩයල් කකා.... ඇමරිකාවෙ ඉන්න අය... ලංකාවෙ හිටියත් සුද්දො එක්ක ඉන්න අය.... පිස්සු හැදෙනවා කකා... ඔය පත්තර කන්තෝරුවල ඉන්න අයත් පොශ් වෙන්න හිතන් දැන් ඔව්වා අහන්න පටන් අරන්....
Deleteඒක නෙවෙයි... කකාට කකාගෙම කියලා මියුසික් ස්ටුඩියෝ එකක් නැද්ද?
කන්ට්‍රි මියුසික් වලට අපි බොහෝ දෙනෙක් කැමති ඒවායේ සංගීය සරල නිසා සහ වචන සෙට් එක තේරෙන නිසා, එතකොට අපිටත් කියන් ලේසියි, එහෙමයි කැමැත්ත එන්නේ.
Deleteෆොටෝ කෑල්ලට නම් ස්තූතිය.
ReplyDeleteසිනමාවේ එක දෙක තුන සහ ගායන ලෝකයේ දෙක!
Deleteඕ සිංදුවම කෝමද පදමාලාව එක්ක ජොලි සීයට හරි සාජන් ගේ නැන්දම්මා එකේ රගාපාන එක්කෙනාට හරි දුන්න නම්.. සරම ඇන්දත් ජොලි සියයි පොඩි ලමයයි සිංහල බෞද්ධ ගති ලක්ෂණ දරන්නෙ නැහැ. ඒ නිසා ජොලි සීයයි පොඩි ලමයයි කීයටවත් ඔය වගේ සිංදුවක් කියන්න ගන්නෙ නැහැ.
ReplyDeleteතට්ටෙ තියෙන, හිමින් කතාකරන, ස්ලෝ සිංදු කියන., නොතේරෙන කුනුහරුප තියෙන සිංදු කියන, රාගධාරී සංගීතය පමණක් භාවිත කරන, සුනිලුන් තෝරාගැන්ම ඇතුලෙම සිංහල බොදු ලෑන්ඩ් මාක් එකක් තියෙනවා..
හැබැයි ඉතිං ඒ අතින් බැලුවොත් ආතල් සැරටම කඩපු කෙනෙක් තමයි බෙග් මාස්ටර් කියන්නෙ. එමවිට පවසනු මුවින් ඔබේ කියලා කියන්නෙ නිකං කට අස්සෙ ජිල්බෝලයක් දාගනිපු පොඩි එකෙක්ට අම්ම බනිනවා වගේ.. දාපිය ජිල තොගෙ කටින් පුතේ.. කියල තමයි අම්ම කියන්නෙ. අම්ම ආදරයට දාපිය තෝ ජිල එලියට කිව්වට ඒකෙ අර පොත් වල තියන කරුණාබර, අම්මාගේ ආදරය වැක්කෙරෙන් නැහැ.
එළ උදාහරණ ටික!
Deleteකකා මංකොල්ලයට හුරු කළාම නිෂ්පාදනය යනු කුමක් දැයි දැනගන්නේ කෙසේ ද?
ReplyDeleteකකා,
ReplyDeleteමේ දවස්වල දැනට අලෙවි වන විවිධ පොත් ඊ බුක් කොපි නොමිලේ ලබා දිය යුතු ය කියලා මූනුපොතේ කතා වෙනවා. ඔබේ අදහස කුමක් ද ?
(අළුත්ම පොත් වල ඊ බුක් කොපි මුද්‍රිත පොත් වලට වඩාඅ අඩුවෙන් විකිණීමට දැනටමත් තිබේ.)
නිර්මාණ කරුවාගේ චර්යාවනුත් කෘතියක් රසවින්දනයේ දී රසවිඳින්නාගේ සිත තුළ බලපෑමකට ලක් කරනවායන්නට කදිම නිදසුනක්.
ReplyDeleteඑක් අන්තයකින් හිතලායි මේක ලිව්වේ. එහෙම බලපෑමක් එනවා තමයි, නමුත් අපි තාමත් දිවුල්ගනේට කැමතියි!
Deleteඅද පෝස්ට් එකට කමෙන්ට් ගණන 82
ReplyDeleteමා විසින් දමපු ඇනෝ කමෙන්ට් ගණන 12
වෙනත් ඇනෝ වරු දමපු කමෙන්ට් ගණන 16
කකා විසින් දමපු කමෙන්ට් ගණන 30
වෙනත් ප්‍රොෆයිල් කමෙන්ට් ගණන 24
ස්තුතියි!
Deleteබොදු බල සේනාවට බනිනවා එහෙම නොවෙයි. කස්ටිය එයි සිවුර කරේ තියන්.
ReplyDeleteඔය කියන්නේ කවුරු ගැනද?
Deleteමේ කතන්දරය "බොදු බාල සෙනා" ගැනයි!
බොදු බල සේනාවට හෙම බයිනවා නොවෙටි. කට්ටිය එයි සුවුර කරේ තියන්.සෙනසුරාදට විතරයි මට ජාල ගතවෙන්න ඉඩ කඩ ලැබෙන්නේ. තාම මං තහංචි මැද.
ReplyDeleteමම සෙන්කෝලයා
එහෙම තමයි වෙන්න ඕනෑ. මාත් මගේ පුතා ගේ ඉන්ටර්නෙට් භාවිතය සීමා කරලායි තියෙන්නේ.
Delete@ All
ReplyDeleteසියළු දෙනාටම ස්තුතියි!
ගෝත්‍රවාදයට කත් අදින එක සින්දුවක් කී පමණින් මේ ගායකයා භ්‍රෂ්ඨයෙක් කියා නම් කර ඔහු ගේ සින්දු නොඅසා සිටිය යුතු යැයි මා හිතන්නේ නෑ.
නමුත් නලින් දිර්රුක්‍ෂ ගේ වචනවලින්කියනවා නම් "නිර්මාණ කරුවාගේ චර්යාවනුත් කෘතියක් රසවින්දනයේ දී රසවිඳින්නාගේ සිත තුළ බලපෑමකට ලක් කරන" බව සත්‍යයක්.
මා ඔහුට පිළිතුරු දුන්නා සේ "අපි තාමත් දිවුල්ගනේ ට කැමතියි".
ඉරිදා කතන්දරය ප්‍රමාද වීමට ඉඩ ඇත.
සංවිධානයේ නමවත් ලියාගන්න බැරි උඔලායි නපුංසකයෝ.රට ජාතිය ගැන හිතලා වැඩ කරපල්ලා අනුන්ගේ මගුල් හොයන්නේ නැතිව
ReplyDeleteකකා සුනිල්ගෙ සඳකඩ පහනක සින්දුවේ තේරුම ලියන්නකෝ....
ReplyDelete