Saturday 7 April 2012

වයිෆ්ලා ට බයවෙන්න කාරණයක්! - All wives out there, take note.


ගෑණියෙක් තමන් ගේ කසාඳ බැඳපු මිනිහා එක්ක ලිංගිකව එකතුවෙන එන ප්‍රතික්‍ෂේප කරන එක කුරිරු කමක්!

ඒක නීතියෙන් දඬුවම් ලැබිය යුතු හිංසක ක්‍රියාවක්!!

මේ මං කියන දෙයක් නෙමේ. ඉන්දියාවේ උසාවියකින් තමයි ඔන්න ඔය තීන්දුවක් දීලා තියෙන්නේ.

අද සන්ඩේ ස්පැෂල් ඇක්ස්ට්‍රා එකෙන් ඉදිරිපත් කරන කතන්දර දැනුම් සාගරෙන් දිය දෝත මෙන්න මේකයි.

මෙන්න මං කියවපු පත්තර කෑල්ල.


වැඩි විස්තර මෙතනින්.

http://www.dnaindia.com/india/report_denying-sex-to-spouse-cruelty-ground-for-marriage-annulment_1666955

ඉතිං, ඒ ආකාරයට ලිංගිකව එකතුවෙන එක ප්‍රතික්‍ෂේප කිරීම දික්කසාදයට සාධාරණ හේතුවක් විදියටත් මේ නඩුකාරයා පිළිඅරගෙන.

මේ නඩුවේ පැමිණිලිකාර මනුස්සයා කියලා තියෙන විදියට, වෙඩිම දවසේ රාත්‍රියේවත් මේ මනමාලි වැඩේට කැමතිවෙලා නෑ. ඒ මදිවට, ඊලඟ මාස පහ හය ඇතුලත කාලේත් පොරට චාන්ස් එකක් ලැබිලා තියෙන්නේ දහ පාලොස් පාරක් විතරයි.

මේ අසරණයා කියලා තියෙන විදියට, ඉඳලා හිටලා පොඩි ඉඩ කඩක් ලැබුණත්, ගෑණි කිසිම ප්‍රත්‍රික්‍රියාවක් ණැතුව නිකං දර කොටයක් වගෙයි ඉඳලා තියෙන්නේ මිනිහා අච්චර මහන්සි වෙලා හුලං ගහද්දී.

සාධාරණ හේතුවක් නැතුව, හිතාමතාම, ලිංගිකව එක්වෙන එක ප්‍රතික්‍ෂේප කිරීම කුරිරු හිංසනයක් බවයි නඩුකාරයා කියන්නේ.

"විවාහයේ පදනම ලිංගික ක්‍රියාවලියයි. ලංගිකව එක්වීමක් නොමැති විවාහය පිළිකුල් සහගතයි!" නඩුකාරයා කියනවා.

මේ අපුරු ජෝඩුව බැඳලා තියෙන්නේ 1991 දී. මිනිහාගේ දික්කසාදයට අවසර දීලා තියෙන්නේ 2001 දී බවයි මේ නිවුස් අයිටම් එකෙන් පේන්නේ.

මට හිතෙන විදියට මේ මිනිහා හොඳ ඉවසීමක් තියෙන හාදයෙක්. නැත්තං අවුරුදු දහයක් ම දරකොටයක් එක්ක ඉඳීවියැ?

-කතන්දරකාරයා

ප/ලි:
හැබැයි මට හිතාගන්න බැරි, 2001 දුන්නු මේ නඩු තීන්දුව ගැන කතන්දරේ ඊට අවුරුදු එකොලහකට පස්සේ මේ ගිය සතියේ පත්තරේක නිවුස් අයිටම් එකක් වුනේ කොහොමද කියන එකයි!


(image: http://images.mylot.com/userImages/images/postphotos/1953760.gif)

36 comments:

  1. //මේ අපුරු ජෝඩුව බැඳලා තියෙන්නේ 1991 දී. මිනිහාගේ දික්කසාදයට අවසර දීලා තියෙන්නේ 2001//
    වන්දියකුත් ඉල්ලන්න වටින්නෙ!

    ReplyDelete
  2. ලංකාවෙත් ඔය වගේ ලෝ තියනවද කියලා සොයල බලන්ට ඕනි..
    අනාගතේට පොරෝජන් වෙන්ට පුළුවන්...

    චෑ..හ්..! නෝටියගේ කැත හිත.....................

    ReplyDelete
    Replies
    1. මාස 6ට 15 වතාවක් කියන්නෙ මාසෙට 2,3 වතාවක්. ඒ ගැන නීතියක් තියනවද කියල හොයල බලපන් කොල්ලො.

      Delete
  3. අනෙ අම්බෝ....ෂුවර් එකට මිනිහා කොටු පයිනවා ඇති. නැත්තං ඉදී අවුරුදු 10ක් :)

    ReplyDelete
  4. //මිනිහා අච්චර මහන්සි වෙලා හුලං ගහද්දී.//

    ම්ම්.... කකා, හුලං ගැහිල්ලෙයි මේකෙයි සම්භන්දෙ මොකක්ද අප්පා?

    ReplyDelete
  5. කකා, ඕං බලන්ඩ බාගෙට කියවපුවම වෙන දේ...

    ඒ ගෑණි exercise trainer කෙනෙක්ලු, ඉතිං ආයෙ මනුස්සයගෙන් වැඩක් ඇතෑ...

    :D :D :D

    ReplyDelete
  6. ආන්න ලංකාවට ගේනව නං නීති

    ReplyDelete
  7. ඔය වගේ ගෑණු බඳිනවට හොඳ වැඩේ........

    ReplyDelete
  8. Sex therapy වලින් විසඳගන්න තිබුණ සිම්පල් කේස් එකක් උසාවි ගානේ ගිහින් පත්තර වල දාලා කතන්දර බ්ලොග් එකෙත් අන්තිමට ගිහිල්ලා ප්‍රශ්ණ ගොඩයි... :D

    ReplyDelete
    Replies
    1. හපොයි මේක රජතුමත් බලන බ්ලොග් එකක් නේද?

      Delete
  9. පත්තරේ දාන්නත් අවුරුදු 11කට වැඩිය ගිහිල්ලනේ

    ReplyDelete
  10. ගෑණි ගැනත් හිතන්න ඕන නේද? :) අකමැති නම් නොබැද ඉන්න තිබ්බා අයියෝ පව් අර මිනියාගේ ජීවිතේ නාස්ති වුනා.

    ReplyDelete
  11. ඒ ගෑනි කසාද බැන්දේ මොන කෙහෙම්මලකටද දන්නෑ...

    ReplyDelete
  12. 2001 තීරණේ දීලා තියෙන්නේ ලෝ කෝර්ට් එකෙන්.. හයි කොර්ට් එකෙන් තීන්දුව දුන්න එක තමා දැන් නිව්ස් එක.
    එහෙම නේද ??

    ReplyDelete
  13. මොන මගුලකට බැන්දද.... ?

    ReplyDelete
  14. aurudu 10k! aruta wandiyak illanna thibbe bn aththatama! mmm! indian gaanune bn! un hithan inne kakul mirikanna hitiyama athi kiyala! unge novels baluwama godakma ee bawa theerenawa bn! sampradaaika gaanune bn! un sex athal gana hithanne na! bandama minihata uyala denna kakul mirikanna redi hoodanna hitiyama athi kiyalai hithanne!! eeth meeke thawa paththak thiyenneth puluwan! kellata mokak hari sex sambanda prashnayak nisa wenna athi! mmm! (Lesbian kellekda danne na! ;)) hmmmm! maara cse~! ooya welawata thamai badinna kalin pera PHUNUWE agaya theerenne! :D :D :D

    ReplyDelete
  15. This comment has been removed by the author.

    ReplyDelete
  16. පත්තරේට 2011 2001 විදිහට මුද්‍රණය උනාද වැරදිලාවත්????

    ReplyDelete
  17. මගෙ අත,මගෙ සතුටයි :-)

    ReplyDelete
  18. ඕකට ඉතින් බෙහෙත් ගත්තා නම් ඉවරයිනේ!

    ReplyDelete
  19. මොකට බැන්දද මන්දා...

    ReplyDelete
  20. //හැබැයි මට හිතාගන්න බැරි, 2001 දුන්නු මේ නඩු තීන්දුව ගැන කතන්දරේ ඊට අවුරුදු එකොලහකට පස්සේ මේ ගිය සතියේ පත්තරේක නිවුස් අයිටම් එකක් වුනේ කොහොමද කියන එකයි!//

    කොයිකටත් පොඩ්ඩක් චෙක් කරල බලපං මේක අප්‍රේල් පලවෙනිදා නිවුස් එකක්ද කියල

    ReplyDelete
  21. ස්වාමි පුරුෂයා අවුරුදු 10ක් ඉවසලා.
    පත්තරකාරයා අවුරුදු 11ක් ඉවසලා.

    ReplyDelete
  22. මට නම් මේක කියවලා ඇඟේ හිරිගඩු පිපුණා.

    ReplyDelete
  23. නීතිය පැත්තෙන් කෙසේ වෙතත් සමාජ යුතුකම් අනුව ගත්තහම නම් මේක වරදක් තමයි. ලිංගික නොසලකා හැරීම කියන දේ දෙපැත්තටම වලංගුයි. මම දන්නවා සමහර විටක ලිංගික එක්වීමට නොහැකියාව දුබලකම පවා දික්කසාදයට හේතුවක් වෙනවා. කොහොම වුවත් ලංකාවේ නම් දරුවො ගැන සිතා මෙහෙම දුක් විදින අය අනන්තප්‍රමාණයි. නොයෙක් පිළියම් කළත් වැඩක් නැහැ. මේ වෙලාවට තමයි තේරෙන්නේ උපදේශනය (counselling) නම් වටිනා විෂය ලංකාවේ නැති වීම කොච්චර අඩුවක්ද කියා. මම දන්න තරමින් ලංකාවේ තිබෙන ලෙඩ බොහෝමයක්ම මානසිකකායික (psychosomatic) ලෙඩ. නමුත් කායිකව පමණයි බෙහෙත් යොදන්නේ. අඩු ගනනේ මෙවැනි අයටවත් උදව්වක් වෙන්න උපදේශන සේවා බහුල කළ යුතුයි නේද?

    ReplyDelete
    Replies
    1. උපදේශනය (counselling) නම් වටිනා විෂය ලංකාවේ නැති වීම කොච්චර අඩුවක්ද කියා. // වෙද මහත්තයා මේ මොනවා කියනවද මන්දා. ඇයි අපේ වෙනිවැල්ගැට අයියා....‍‍‍‍‍‍‍ඕවා නේද කරන්නෙ....

      Delete
    2. මන් ඕවට නෑඈඈඈඈඈ....!!!!

      Delete
  24. හොදම සීන් එක තමා පලි එකේ තියෙන්න සීන් එක

    ReplyDelete
  25. සුවර් එකටම ඒ ගෑණි නන්දාච්චිගෙ අර "ප්‍රේමය නම් රාගයෙන් තොර සඳ එලිය සේ අචින්ත්‍යයි" අහපු එකියෙක් වෙන්න ඕනෙ.

    ReplyDelete
  26. හුළං ගැහුවට කොහේ හරි හිලක් ඇති.. එකයි කේස් එක..

    ReplyDelete
  27. Replies
    1. මෙන්න ඉන්දික වැදගත් ඔත්තුවක් දීලා...
      එල කොල්ලෝ එළ...........

      Delete
    2. ayyo mama kiyanna apu eka sinhaya ayya kiyalane. wadi wisthara nam danne naa, habai divorce eka illanna puluwan oya hethuwa nisa.

      Delete

මා ලියූ කතන්දරයට අදාල නැති කරුණු ඔබේ ප්‍රතිචාරවල ඇතළත් නොකරන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

අදහස් වාරණයක් නොකෙරේ. කුණුහරුප සහ තුන්වන පාර්ශවයන්ට නින්දා කෙරෙන ප්‍රතිචාර ඉවත් කෙරෙනු ඇත.