Monday 16 April 2012

රස්ටිෆයින් වීම යනු කුමක්දැයි දන්නවාද? - Rastifying, WTF?


එක දවසක් මං දුව ගේ ඉස්කොලේ ඇරුණයිං පස්සේ එයත් එක්ක අත්‍යවශ්‍ය බඩු කීපයක් ගන්න ගියා ඒ ඉස්කෝලේ හරියේ තියෙන වෙලඳශාලා සංඛීර්ණයකට ගෙවත් ෂොපින් සැන්ටරේකට. ඔය නිකං ඇම්සී එක වගේ තැනක්.

අපි දෙන්නා එක කඩේකට ගිහින් එළියට ඇවිල්ලා කොරිඩෝර් එක දිගේ ඇවිදගෙන යනකොට මෙන්න වෙනත් ඉස්කෝලෙක කෙල්ලෝ දෙතුන් දෙනෙක් එතන චාටර් වෙවී ඉන්නවා.

පැය බාගේකට විතර පස්සේ අපි ආපහු එතනින් යනකොටත් මේ කෙල්ලෝ ටික එතනමයි.

"ෂීනි, ඔයා නං කවදාවත් මේ වගේ ෂොපින් සෙන්ටර්වල හරි වෙනත් තැන්වල හරි රස්තියාදු ගහන්න එපා!" මං දුවට කිව්වා.

"මොකක්ද තාත්ති රස්තියාදු ගහනවා කියන්නේ?"

"රස්තියාදු ගහනවා කියන්නේ අය ළමයි කරනවා වගේ නිකං තේරුමක් නැතිව එක එක තැන්වලට ගිහින් ඔහේ කාලය නාස්තිකරන එකටයි."

"තාත්තී, රස්තියාදු ගහනවා කියන එකට ඉංගිරිසියෙන් කියන්නේ මොකක්ද තාත්තී?"

ඔන්න දැන් කාලේ හැදෙන ළමයින්ගේ හැටි! දැන් ඉතිං කොහොමද මේකට උත්තර බඳින්නේ?

හොඳ වෙලාවට, එක්කෝ හිත ඇතුලේ කොහේදෝ මන්දා හැංගිලා තිබිලා හරි නැත්තං එවෙලේම හිතේ නිෂ්පාදනය වෙලා හරි එකපාරටම අපූරු වචනයක් මගේ හිතට ආවා.

"ඒකට කියන්නේ රස්ටිෆයින් කියලයි."

"රස්ටිෆයින්?"

"යර්ස් රස්ටිෆයින්, ඇන්ඩ් ඉට් ඉස් නොට් අ ගුඩ් තින් ටු ඩූ ඇට් ඕල්. යු ෂුඩ් ප්‍රොමිස් මී දැට් යු විල් නෙවර් ගෝ රස්ටිෆයින් ආෆ්ටර් ස්කූල්."

"ඕ.කේ. තාත්තී."

මට පස්සේහිතුණා ඔය වචනේ මගේ හිතේ ඇතිවුණු එකක් නෙමේ මුලින්ම ඇහැව්වේ මං පුංචි කාලේ අපේ අල්ලපු ගමේ හිටිය බාප්පා කෙනෙකුගෙන්වත්ද කියලා.

ඇත්තටම රස්තියාදු ගහනවා කියන වචනේ මූලාශ්‍රය මොකක්ද?

ලොයිටරින් (Loitering) කියන්නේ අපි දන්නා සමාන තේරුමක් තියෙන ඉංගිරිසි වචනයනේ. රස්තියාදු වෙනවා කියන්නේ රස්ටිෆයි කියන යුරෝපීය වචනයකින් ආපු එකක්ද?

දෙයියො දනී, මං නොදනී.

-කතන්දරකාරයා

ප/ලි:
මතකද අත්තනගල්ලේ ටුවර් ගයිඩ් සීයා ගේ බෝතලේ කතන්දරේ?

26 comments:

  1. //දෙයියො දනී, මං නොදනී.//

    එහෙමනම් ඉතින් අපෙන් අහලා වැඩක් තියෙයිද? :D:D:D

    ReplyDelete
  2. ඇමරිකවෙ නම් just hang out එංගලන්ත කොල්ලො කෙල්ලො නම් loafing
    http://www.urbandictionary.com/define.php?term=Loafing

    ReplyDelete
  3. කශු ඩික්ෂනරියක් හදයි වගේ.

    ජය !

    ReplyDelete
  4. අපිත් නොදනී... :-)

    ReplyDelete
  5. ඔන්න අලුත් අවුරුද්ද්ට රස්තියාදු ගහන්න කියලා ආවා. එතනත් රස්තියදු කතාවක්. ඒකනෙමෙයි එතකොට කොල්ලො රස්තියාදු ගහන එක හරිද ?

    ReplyDelete
  6. "නිකරුණේ ගැවසීම තහනම්" කියන්නෙත් ඕකටම නේද?

    ReplyDelete
  7. මම හිතන්නේ ඕක ඇවිත් තියෙන්නේ "රස්තා" (Rasta) කියන වචනයෙන්. බොබ් මාලේගේ ගීතයක තියෙනවා "treated like RASTA' කියලා කොටසක්.. මට ඕක ප්ශ්නයක් උන නිසාම මම ඒ කාළේ අපේ අක්කා ප්‍රොෆෙසර් ගෙන් ඇහුවත් ඒයා දැනන් උන්නේ නෑ. නමුත් හොයලා කියන්නම් කිව්වා. ඒ කියපු විස්තරේට සමානම විස්තරයක් තමයි මේ.
    http://en.wikipedia.org/wiki/Rastafari_movement
    (රස්තා පිරිස සැලකුවේ කිසි කමකට නැති පිරිසක් කියලා..)

    ReplyDelete
    Replies
    1. ඔයා ඔය කියන්නෙ මාලේගෙ බෆලෝ සෝල්ජර් සින්දුව ගැනනං එතන තියෙන්නෙ "treated like RASTA" කියලා නෙවෙයි, "dreadlock rasta" කියලයි..

      Delete
  8. ශොපින් සෙන්ටර් වල රස්තියාදුවෙන එකට මුම්බායි වල කොල්ලෝ කෙල්ලෝ කියන්නේ "crashing the mall" කියලයි. මෝල්=ශොපින් සෙන්ටර්

    ReplyDelete
  9. ඔය රස්ටිෆයින් වචනේ මාත් අහලා තියෙනවා.. ඒකේ ඇත්තටම තේරුමක් තියෙනවද කියලනම් දන්නේ නෑ..

    ReplyDelete
  10. අනේ මන්දා ....... නෝ අයිඩියා ........
    රස්තා වලින් වෙන්න ඇති ඒක හැදිල තියෙන්නෙ

    ReplyDelete
  11. Rasta කියන්නේ Bob Marley අපු දෙයක් නේද?

    ReplyDelete
  12. එකදවසක් අපේ දහම්පාසලට අලුතෙන් ලැබුණු යකඩ බංකු වගයක් පේන්ට් කරනවා... දානෙගෙනාව අංකල් කෙනෙක්ද කොහෙද කතාවට වැටුනා...

    "ඇයි පුතා ඔය අලුත් ඒවායේ ආයේ තීන්ත ගාන්නේ..?"

    "නැත්තම් මේවාට ඇන්ටි-කොරොස්ස්සෝ විදිනවා අංකල්..."

    ම්ලකඩ කනවා කියලයි කිව්වේ :D

    ReplyDelete
  13. අපි ඉතින් ලැජ්ජා බයට හැදිච්ච කොල්ලෝ නිසා රස්තියාදු ගහන්නේ නෑ.

    ReplyDelete
  14. කාට හරි මිස් වෙචිචි කෙනෙක්ට දැන ගන්න මම මේක මෙතන දාන්නේ.... මෙන්න්න බලාගන්න මානව හිමිකම් .... නිර්දන පන්තිය ..... මානව දයාව වෙනුවෙන් පෙනීසිටිනවා කියන අයගේ සැබෑ ස්වරුපය….
    මේ ප්ර්තිචාර මොහු delete කිරීමට ඉඩ ඇති නිසා කිහිප තැනක දමමි…..

    කණ්ඩුල said...හිඟන්නෝ කණ්ඩුල නමින් පෙනීසිටින මට අඩුම ගනනේ තොපි වගේ එවුන්ට ඇවිල්ලා කොමෙන්ට් කොටන්න හරි බ්ලොග් එකක් තියෙනවා, එතනට මිනිස්සු යනවා එනවා, ඊ මේල් ලිපිනයක් තියෙනවා....
    (නිර්දන පන්තිය ..... ????) හිගන්නෙක් වීම මට ලජ්ජාවට කරුණක් නොවේ ..... ඔබ වැනි නිර්දන පන්තිය ගැන කතාකරනවා යය් කියාගන්නා ය සමග වාද කිරීමට සිදුවීම ලැජ්ජාවකි ....
    බ්ලොග් කාට හදන්න බැරිද .... අපිදන්නවද ඕස්ට්රේිලියාවේ ඉදල කුමරයම මේක ලියනවද කියල .... එහෙව් එකේ උ උටම කඩේයන එකක් වෙන්න බැරිද මෙන්න මමත් හදාගත්ත email එකක් දැන් මාත් ඇනෝ නෙවි නේ
    h510966@rppkn.com
    -----------------------------
    කණ්ඩුල said...තෝවගේ අන්තර්ජාල-අවජාතකයින්ට අඩුම ගණනේ "මේ මම - මේ මගේ අදහස්" කියලා කියන්න තැනක් තියෙනවද?ඉබාගාතේ යන ගමන් දකින දකින තැන පහර පහරා ගඳගස්සලා යනවා......
    මානව හිමිකම් ....? මොහුගේ බෂා විලාසය බලන්න .... සැබෑ මානව දයාවක් ඇත්තෙකුට මෙවැන්නක් කිව හැකි ද ? ..... නැත්තන් මොහු මානව දයාව තමාට අවශ්ය් වෙලාවට පමණක් "පාවිච්චි කරන ' කෙනෙක් ද ?
    ඔහේ කියන්නේ හැමෝම බ්ලොග් ලියන්න ඕනි කියලද ..... ලිවීමේ හැකියාවක් නැති යට අදහස් ප්රවකාශ කිරීමේ අයිතියක් නැද්ද ?
    ----------------------------------
    කණ්ඩුල said...NID එක?....සරම උස්සලා අතගාලා බලපන් ඊයේ රෑ ලැගපු අම්බලමේදී ඇරපු එකා උගේ NID එකත් ඇතුලට දාලා අරින්න ඇති...තටමපන් එයි එලියට...
    ---------
    මෙයට උත්තර දීමට තරම් පහත් තත්වයට නොවැටෙමි

    ReplyDelete
    Replies
    1. මොකක්ද මේ හරුපෙ???

      Delete
    2. මේකත් අර නොමිලේ ප්‍රචාරය වගේ එකක්. මතකද ටැබූ අජිත් පරකුම්ගේ පොතකට ප්‍රචාරය දුන්න.

      වෙලාවකට මේ කන්දුලමද කියලත් හිතෙනවා. කාලෙකින් එපත්තේ ගියේ නැති මාත් අද ගිය මොකක්ද මේ හරුපේ කියල බලන්න.

      Delete
    3. for more details

      http://sinhala-nazi.blogspot.jp/2012/04/blog-post_8566.html

      Delete
  15. ' අන් විශ්වාසබල් ' කියන එකත් වැටෙන්නේ මේ වර්ගයටම නේද

    ReplyDelete
  16. රස්තියාදුවෙත් එකතරා විදියක ආශ්වාදයක් නැතුවම නෙමේ...!

    ReplyDelete
  17. අපි නම් රස්තා ගහන්නේ නැත. (ඔය කිව්වාට)

    ReplyDelete
  18. මොකක්ද බොලේ ඒ

    ReplyDelete
  19. කසූමාලාව කියලා වචන සැට් එකක් හැදුවා නම් මොකද ???

    ReplyDelete
  20. එක දෙයක් පැහැදිලි... රස්තියාදුවේ යාම යනු නන්නත්තාරේ යාම නෙමේ, නිදහස් මනසකින් යුතුව සමාජයේ සැරිසැරිමයි. රස්තියාදුකාරයට පෙනෙන නිරුවත් ලෝකය සංකීර්ණ ලෝකයට පෙනෙන් නැහැ.

    ReplyDelete

මා ලියූ කතන්දරයට අදාල නැති කරුණු ඔබේ ප්‍රතිචාරවල ඇතළත් නොකරන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

අදහස් වාරණයක් නොකෙරේ. කුණුහරුප සහ තුන්වන පාර්ශවයන්ට නින්දා කෙරෙන ප්‍රතිචාර ඉවත් කෙරෙනු ඇත.