Sunday 15 April 2012

බැඳපු මිනිස්සුන් ට සැමදා කම් සැප ගෙන දෙන රහස එලිවේ - How to enjoy sex every night...!!!


කසාද බැඳපු මිනිස්සුන්ට කෙරෙන සුවිශේෂී නිවේදනයයි.

තම බිරිඳ සමඟ නිතිපතා කම්සුව විඳින්නට උවමනාද?

එසේ නම් මෙන්න විසඳුම.

නිතිපතා ගෙදර අතුපතු ගා පිරිසිදු කරන්න.
ඒ පින එදින රාත්‍රියේම වාගේ පල දෙනු ඇත.


ඇයි, බොරුයි කියලද හිතන්නේ? එහෙනං බලමු මෙන්න මේ පත්තර කෑල්ල.


වැඩි විස්තර මෙතනින්.
http://www.dailymail.co.uk/news/article-528682/Men-housework-sex-wives.html

මෙන්න මං කියවූ නිවුස් අයිටම් එකේ සරල සිංහල අනුවර්තනයක්.
තම බිරිඳ සමග ප්‍රීතිමත් සබඳතාවක් රැකගැනීමේ සහ නිතිපතා කම්සැප ලැබීමේ රහස ගේ දොර වැඩපොල කිරීම විය හැක.

ඇමරිකානු පර්යේෂකයින් කණ්ඩායමක් විසින් සෙයාගෙන ඇති පරිදි ගෙදරදොරේ වැඩපල වැඩියෙන් කරන ස්වාමි පුරුෂයින්ගේ බිරින්දෑවරුන් අන් අයට වඩා ප්‍රීතියෙන් ජීවත්වෙන අතර ඒ ස්වාමි පුරුෂයෝ වඩා වැඩියෙන් කම්සැප විඳ, වඩා දිගු විවාහ ජීවිතයක් ගෙන යති.

"මිනිස්සු ගේදොර වැඩ වැඩියෙන් කරන තරමට කාන්තාවන් ප්‍රීතිමත් වෙනවා" සමාජ විද්‍යාඥ ස්කොට් කොල්ට්රේන් පවසයි.

"ඒ සතුටට හේතුව කාන්තාවන් ගේ සිතේ විවාහ ජීවිතය ගැන සහ සාධාරණය ගැන ඇතිවන වැඩි තෘප්තිමත්බවයි. එයින් ජෝඩුව අතර ගැටුම් අඩුවෙනවා."

ඒ විදියට ගැටුම් නොමැතිවීම නිරතුරුවම වැඩිවාර ගණනක් කම්සැප ලැබීමට හේතුවේ.

"චිකිත්සකයින් කියන විදියට මිනිසුන් වැඩියෙන් ගෙදර වැඩ කිරීම සහ වැඩිවාර ගණනක් කම්සැප ලැබීම අතර කෙලින්ම සම්බන්ධතාවක් තියෙනවා. ඒ එක්කම ගැහැණුන් පවසන්නේ, ඒ ආකාරයෙන් ගෙදරදොර වැඩට උදව්වෙන ස්වාමි පුරුෂයින් ගැන වැඩි ආදරයක් සහ කම්සැප විඳීම පිළිබඳව වැඩි උනන්දුවක් තියෙන බවයි."

ස්කොට් කෝල්ට්රේන් කියන විදියට ලෝකයේ මිනිසුන් අතුපතුගාන, රෙදි හෝදන වැඩවලට ඉස්සරට වඩා දැන් දැන් වැඩියෙන් යොමුවෙනවා. ඒත් තාමත් ඒ කරන වැඩ කොටස බිරිඳ කරන වැඩ කොටසින් බාගයක් විතරයි. නමුත් ඒ සම්මාදම එන්න එන්න දියුණු වෙනවා.

මේ අධ්‍යයනය කරලා තියෙන්නේ ඇමරිකා එක්සත් ජනපදයේ තත්කාලීන පවුල් පිළිබඳ කවුසිලයෙනුයි.
මොනවා වුනත් මේ නිවුස් එකේ අපේ පිරිමි හැමෝටම වගේ වැදගත් පණිවිඩයක් අඩංගු බවයි මට නං පේන්නේ.

අද සන්ඩේ ස්පැෂල් ඇක්ස්ට්‍රා එක විදියට ඉදිරිපත් කෙරුණු කතන්දර දැනුම් සාගරේ එපිසෝඩය මෙතනින් නිමයි.

-කතන්දරකාරයා

ප/ලි:
මේ පත්තර කෑල්ල මං බැලුවේ අද ඊයේ නෙමේ 2008 මාර්තු මාසේ.

මේ කතන්දර කියවලා තියෙනවාද?
1. බැඳපු උංට මල් කඩන්න උපදෙස්

2. නිරුවතින් රණ්ඩු කිරීම

3. සතියකට පාරක්වත් නම්බර් සීරෝ කරන්න

4. නෝනා ගේ උපන් දිනේ  ගැන වැදගත් අවවාදයක්

(image: http://excelmathmike.blogspot.com.au/2010_10_17_archive.html)

46 comments:

  1. //මිනිස්සු ගේදොර වැඩ වැඩියෙන් කරන තරමට කාන්තාවන් ප්‍රීතිමත් වෙනවා//
    ආයෙ ඉතිං අමුතුවෙන් කියන්න ඕනයැ.

    ReplyDelete
    Replies
    1. ඇත්ත නමුත් දිනපතා මතක් කර ගන්න එක හොඳයි.

      Delete
  2. අනේ මේ.....ඕක ආයෙ පරීක්ෂණ කොරල මොනා හොයන්නද.....hee heee.....

    ReplyDelete
    Replies
    1. විද්‍යාත්මක ක්‍රමය ළමයෝ විද්‍යාත්මක ක්‍රමය. අපි හරියි කියලා හිතුවාට හැම දෙයක්ඟ හරි නෑ. පොදු ජනගහනයට නිරවද්‍යයි කියලා හොයා ගන්න ඕනෑ.

      Delete
  3. අළුත් අවුරුද්දට මරු...

    ReplyDelete
  4. මේ උපදෙස් ඔබට ගෙන අවේ.... නාකි අවලමා නොහොත් කකා, ඔබගේ ඕනෑම කක්කා, චු , පඩ ජෝක්කු අවශතාවක් සදහා විමසන්න

    ReplyDelete
    Replies
    1. ඔහේව ගන්න හිතයි මගේ ඇඩ් කැම්පෙන් එකේ ස්ක්‍රීප්ට් රයිටර් කෙනෙක් විදියට!

      Delete
  5. අනාගතේට වටින උපදෙසක් !! :D

    ReplyDelete
    Replies
    1. මගේ වර්තමනාය ඔබේ අනාගතයයි!

      Delete
  6. ආයේ පිස්සුවක් ඇතැ....ඕක කොහොමත් ඔහොමනෙ..

    ReplyDelete
    Replies
    1. කොහොමටත්! ඔහොමයි කියන්නේ නිගමනයද, නැත්තං ඒ විදියට මිනිස්සු උදව් පදව් වෙනවා කියන එකද?

      Delete
  7. ලංකාවේ කොහොමත් එහෙමයි නේ! ඉන්දියාවේ එහෙම ලංකාවටත් වඩා වැඩි ඇති. ඒක නේ යුරෝපයට වඩා ජනගහන වර්ධන වේගය වැඩි!

    ReplyDelete
    Replies
    1. කොහොමටත් ඔහොමයි ද? අනේ මන්දා?

      Delete
  8. වටී වටී....
    බැදපු දවසකට බලමුකෝ.

    ReplyDelete
    Replies
    1. මතකද ජිප්සීස් සින්දුව?
      දෙන්න ගන්න දෙක සමබර වේ නම් ඔන්න
      විවාහ ජීවිතය සරුයි එය දැනගන්න.

      Delete
  9. හික්ස්..! ඔන්න ඇනෝවෙක් ඇඩ් එකක් දාල මැදින්..!!! :D :D

    ReplyDelete
    Replies
    1. පොඩි එකාගේ ආසාව නේ! ඔන්න ඔහේ ගන්න ආතල් එකක් ගන්න ඉඩ දෙන්න.

      Delete
  10. යම් කිසි ලාභ ප්‍රයොජනයක් ලබා ගන්න ඔය වෑඩෙ කරන අයට සමාජයෙ වෙන නමක් තියෙනව මන් දන්න තරමට. අබුද්දස්ස කාලෙ ගෙදර ගෑනිත් ඒ ගානට වෑටිල වගෙ.....
    හබෑටම නොදන්න නිසා අහන්නෙ, සල්ලි දීලම කර ගන්න එක ලාභ නෑද්ද?

    ReplyDelete
    Replies
    1. ඔයා අග මුල ටපලාගෙන.

      මේකේ තියෙන්නේ අර ජිප්සීස් සින්දුවේ තියෙන අවවාදයමයි.

      Delete
    2. ගෙදර ගෑනී යෑයි කියා මන් කිව්වෙ , කාගෙ වත් බිරින්දෑ වරයෙක් ඉලක්ක කර නොවේ. එවෑනි තෙරුමක් එකෙන් අවා නම් සමාවන සෙක්වා. අවවාදය නම් හොදයි, හෑබෑයි මට හිතෙන විදියට ඔක අදාල වෙන්නෙ දෙදෙනාම රෑකීයවක් කරන පවුලකටයි. එහෙම නතුව නම්, මහන්සි වෙලා ගෙදර ඈවිත් ගෙදර වෑඩ කරලා දීලා අහවල් එක කර ගන්නවට වඩා හොදයි, (තනිකඩයෙක්ව ඉන්න ගමන්) සල්ලි දිලම කර ගන්න එක... නෑද්ද මන් අහන්නේ...

      Delete
    3. එතකොට බං ගෙදර ඉන්න ගෑනියෙක් නිකං ගෙදරට වෙලා හුරතල් වෙනවා කියලද හිතන්නෙ, යකෝ රස්සාවක් කරන එක ලේසියි ගෙදර ලමයි බලාගෙන, රෙදි ටික හෝදලා තුන් වේලටම කන්න හදනවද වඩා, එහෙම එකේ ගෙදර වැඩක් කරලා ගෑනිගෙත් හිත සතුටු කරලා චිල්ල මලේ කලාම අත පය කොර වෙනවද......

      Delete
    4. ඔතන ප්‍රශ්නෙ තියෙන්නෙ, ගෑනිගෙ පහසුව තකා ගෙදර කරන වැඩ වලට උදව් නොකර, රෑට අහවල් වැඩේ කරගන්න විතරක් ගෑනිව ශේප් කරගන්න ඕනෙ නිසා ඔය වැඩ ටික කරනවනම් නෙ... :)

      Delete
    5. අහවලා කිව්වත් වගෙ අර වෑඩෙ කර ගන්න ඔය වෑඩ කරන්න වෙනව නම් ඉතින් එක හරි දුක්කිත තත්වයක්, අනික එ ගෑනිට කියන්න තියෙන්නෙ අර නම තමයි. ඔය ජිප්සීස් සින්දුවෙ තියෙන විදියට දෙන්න ගන්න එක සමබර කරන එක ඔය වෑඩෙ කරන ගමන් කරන්න බෑරි කමකුත් නෑනෙ.

      Delete
  11. තව ඉස්සරහට වැදගත් වෙන කතාවක් නේ.. :)

    ReplyDelete
    Replies
    1. අමතක කරන්නෙපා, මේක මතක තියාගෙන ඉන්න හොඳේ!

      (තවත් ජිප්සීස් සින්දුවක්.)

      Delete
  12. උඩ රූපෙ ඉන්න මුනියට නම් වැකුං මෙවුවා එකක්වත් තියනවා අපිට ඉතින් තියෙන්නේ කොස්ස ඉදල තමා . රෙදි හෝදලා, බත් උයලා ,ගේ අතුගාලා සේරම කරලා රෑට ඇඳට වැටුනම ඔය සුවේ විඳිනවාට වඩා නිදි සුවය ලබන එක දාහෙං සම්පතයි කියලා හිතෙයිවත්ද ?

    ReplyDelete
    Replies
    1. හිස් අහස (සඳරූ)

      එතකොට ඔය සේරම කරලා බිරිඳ ඇඳට ගියාම? මිනිස්සු සාපේක්‍ෂව සවි ශක්තිය වැඩි අයනේ?

      මේ උපදෙසෙන් කියවෙන්නේ දෙන්නා ගෙදර ඬැඩ බෙදාගෙන කරන්න කියන එකයි.

      Delete
  13. ඒක තමයි මේ කකා ඊයේ ආපිකො එකෙන් මොප් බන්ඩලේකුයි ටයිල් ක්ලීනරුයි ගත්තෙ. දැන්නෙ වැටහුනෙ!!! මාත් බැලුවා කඩේකටවත්ද කියලා. LOL (Lanka Orex Leasing!)

    henryblogwalker the Dude

    ReplyDelete
    Replies
    1. ඇයි රේන්කොට් ගන්නවා දැක්කේ නැද්ද?

      Delete
  14. මට නම් ඕක ලබුනත් නැතත් මම හැලුප් කොරනව ඕන්.බබාලගෙ අම්මනේ බොලන්.

    ReplyDelete
    Replies
    1. බබාලා ගෙනාවේ කඩෙන්යැ?

      Delete
  15. කකාගෙ දැනුම් සාගරේ නම් ඉදිරි අනාගතේට සෑහෙන්න වටිනවා

    ReplyDelete
    Replies
    1. අනාගතේ
      ඔබේ අතේ
      කිරි පුතේ!

      Delete
  16. කතන්දරකාරයා ලිව්ව

    "ජීවිතයක මිනිස් වටිනාකම දැනෙන
    මොහඳුර මැකී සත්‍යය හරි හැටි පෙනෙන
    විසංවාදයට නිරතුරු ඉඩ ලැබෙන
    වසරක් උදාවේවා සැනසුම පිරුණ"

    හරි ලස්සනයි! ස්තූතියි. එසේම වේවා!

    ReplyDelete
    Replies
    1. මගේ නං අවුරුද්ද ජය පාටයි. මෙන්න අරුණීගෙන් තෑන්කියු එකක්...!!!

      Delete
  17. ඔය කතාවේ අත්තක් තියනවා. නමුත් මගේ අත්දැකීමේ හැටියට හේතුව ඔය කියල තියන එක නෙමේ.

    ReplyDelete
    Replies
    1. නිකං හංගාගෙන ඉන්නේ නැතුව අපිටත් දන්නන්නකො මෙයා.

      Delete
    2. Here is a hint

      http://kathandara.blogspot.com/2012/04/how-to-enjoy-sex-every-night.html?showComment=1334489501672#c7334169576457658846

      read above comment and consider it from your wife's point of view.

      Delete
  18. අන්තිමෙ ගෙදර වැඩටික කලාට පස්සෙ කම් සැප කෙසේ වෙතත් මහන්සියට නින්ද යන්න නම් බැරි නෑ

    ReplyDelete
  19. ඒ කියන්නේ පිරිමින්ට නිවාඩු ගන්න පුලුවන් මාසෙකට දවස් 5 ක් වගේ....
    ඒකත් එක දිගටම සෙට් වෙන එක හොඳයි

    ReplyDelete
  20. මෙන්න මේ ලොකු ජෝන් ගේ කතාවට මමත් එකඟයි. නින්ද යනවා විතරක් නෙවෙයි, ඉතා ඉක්මනින් ලිංගික අපහසුතා ගැන දොස්තර කෙනෙක් ලඟටත් ගෙනියන්න පුළුවන් ගෙදර එක්කෙනා.... ඇඳට වැටුන ගමන් නිදාගන්නවා මං ගැන බලන්නෙවත් නෑ වගේ කතා කියලා.

    මේ උපදෙස් පිළිපදින්නෙ පරිස්සමින්.

    ReplyDelete
  21. කොසොල් රජතුමාගේ සිහිනවල සඳහන් වෙනවා මිනිස්සු තමන්ගේ අධික කාමාෂාව නිසා
    ගැහැණුන්ගේ වහල්ලු බවට පත්වෙන වගක් ..එක නේද ඔය සුදු මහත්වරු ඔප්පු කරලා තියෙන්නේ .

    ReplyDelete
  22. ඇත්ත ඇත්ත වෙනසක් තියනවා තමයි.මමත් උදර්‍ව කරනවා හැබැයි ඔය අහවල් එක බලාගන නෙමෙයි

    ReplyDelete
  23. මේ වගේ උපදෙස් දෙන අය ඉන්නකම් අපේ අනාගතය අඳුරු වෙන්නේ නැහැ

    ReplyDelete
  24. අපිට සලකන විදියට තමයි අපිත් සලකන්නෙ. කියල කාන්තා පක්ෂය කියන කතාව ඇත්ත තමා

    ReplyDelete

මා ලියූ කතන්දරයට අදාල නැති කරුණු ඔබේ ප්‍රතිචාරවල ඇතළත් නොකරන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

අදහස් වාරණයක් නොකෙරේ. කුණුහරුප සහ තුන්වන පාර්ශවයන්ට නින්දා කෙරෙන ප්‍රතිචාර ඉවත් කෙරෙනු ඇත.