Monday 23 April 2012

මනමාලයා ඩොට් කොම් වෙබ් සයිට් එකෙන් කතන්දරකාරයාට ආරාධනයක් - An invitation to KK from Manamalaya dot com site


පහුගිය දොහක උදේ පාන්දරම මගේ එකවුන්ට් එකට ඊ-මේල් එකක් ඇවිත් තිබුණා.

     "සුහද ආරාධනා

ආයුබෝවන්!

අන්තර්ජාලයේ වෙබ් පිටු අතර සැරි සරමින් සිටියදී එක තැනක මම නැවතුනෙමි. (http://kathandara.blogspot.com.au/). ඒ ඔබේ අනර්ඝ නිර්මාණ එකතුවත් සමගිනි.

ඔබගේ නිර්මාණ ලොව පුරා විසිරී සිටින මිලියන 1.5 ක් වූ මනමාලයා ඩොට් කොම් ((The most favorite sri lankan web site) - සාමාජික පිරිසට රසවිදීමට අවස්ථාව ලබා දීමට අපි කැමැත්තෙමු.

දැනට අප සමග බොහෝ නිර්මාණ කරුවන් පිරිසක් එකතු වී ඇත.

ඔබේ නිර්මාණත් අප සමග බෙදාගැනීමට කැමතිනම් ඔබගේ දුරකථන අංකය සමග අපට පණිවිඩයක් තබන්න."

ඊ-මේලයේ අගින් තිබුණු සිග්නේචර් බ්ලොක් එක අනුව මේක මට එවලා තියෙන්නේ මනමාලයා ඩොට් කොම් එකේ කලමනාකරන අධ්‍යක්‍ෂක ළමයා!

මා වැනි බිළින්දා කිව්වලු.

ඒ විතරක් යෑ, මේ බලන්න කෝ මුළු අත්සන.

අහවලා ගේ අහවලා
BSc (Hons) in IT, University of Moratuwa


මේ අපේ කාල් අංකල්ලා ගේ, රත්නායක මහත්තයලා ගේ යුනිවසිටියේ ග්‍රැජුවේට් ළමයෙක් නේ. මේ වගේ කෙනෙකුට උදව් කරන එක අපේ යුතුකමක් නේ.

අනික, මිලියන එකහමාරක් පාඨකයෝ ඉන්න තැනක කතන්දර බ්ලොගේ ප්‍රොමෝට් වෙනවා කියන්නේ එසේ මෙසේ දෙයක් යෑ.

මං හැරෙන තැපෑලෙන් උත්තරයක් දැම්මා. මෙන්න ඒකේ අනුවාදයක්.

     "ප්‍රිය අහවලා

ඔබ එවූ ඊ-මේලයට ස්තුතියි.

ඔබේ යෝජනාව ක්‍රියාත්මක කරන්න.

ඔබට එක්කෝ:

(1) මගේ බ්ලොගයට සබැඳියක් ඔබේ වෙබ් අඩවියෙන් ලබා දිය හැක

(2) මගේ පෝෂකය සම්බන්ධ කොට ගෙන කතන්දර බ්ලොගයේ අළුත් කිරීම් කෙලින්ම ලබා ගත හැක,

නැතහොත්

(3) ඔබට මගේ බ්ලොගයෙන් අවශ්‍ය කතන්දර පිටපත් කරගෙන ඔබේ අඩවියේ පල කළ හැක - නමුත් එසේ කරන්නේ නම්, ඒ ඒ කතන්දරවලට සම්පූර්ණ සබැඳියක් කරුණාකර ලබාදෙන්න.

ස්තුතියි

-කතන්දරකාරයා
BScEng Hons (Peradeniya)"

මනමාලයා වෙබ් එකේ බොස් ගෙනුත් මට වහාම පිළිතුරු ලැබුණා.

     "හායි කතන්දරකාරයා,

ඉක්මන් පිළිතුර ගැන ස්තුතියි. ඔබේ ලිපි අපේ ජාලය හා බෙදා ගැනීමට ලැබීම සතුටකි.

ඔබ කියා තිබූ (3) ක්‍රමය ක්‍රියාත්මක කිරීමට අප කැමතියි, නමුත් ඒ යම් යම් වෙනස් කම් සහිතවයි.

අපි ඔබේ බ්ලොගයට සබැඳියක් ලබා දුන්නොත්, අපේ පාරිභෝහිකයෝ කෙලින්ම ඔබේ අඩවියට හොස් ලිපි කියවනු මිස අපේ අඩවියට නොඑනු ඇත. එනිසා අප කැමති අපේ අඩවිය හරහා ලිපි පල කිරීමටයි.

සබැඳියක් ලබාදීමට නොහැකි අතර ඒ ගැන මම කණගාටුවෙමි. අපට ඔබේ ලිපිවලට ප්‍රචාරක් ලබාදිය හැකි නමුත් ඔබේ බ්ලොග් අඩවියට ප්‍රචාරයක් ලබා දිය නොහැක.

අප ඔබ ගැන හැඳින්වීමක් අපේ අඩවියේ දී කරන නිසා ලිපිවල හිමිකම ඔබ සතුවම තිබේ යැයි සිතමු.

මගේ යෝජනා ගැන ඔබ සිතන්නේ කුමක්ද?

ස්තුතියි.

අහවලා ගේ අහවලා
BSc (Hons) in IT, University of Moratuwa
"

මට පොඩි ජොලියකුයි, ඒ එක්කම කේන්තියකුයි ආවා මේක දැකලා.

ජොලිය ආවේ මේ ළමයාගේ කපටි කතාව නිසයි. මෙයා හදන්නේ මගේ කතන්දර එයාලාගේ වෙබ් සයිට් එකේ දාලා ඒකෙන් ආර්ථික වාසියක් ගන්නයි. ආර්ථික වාසියක්ය කියන්නේ මේ කියන මනමාලයා ඩොට් කොම් වෙබ් සයිට් එක ඇඩ්වර්ටීස්මන්ට්වලින් පිරුණු කැඳ හැලියක් වගේ එකක් වීම නිසයි.

මගෙන් කොපි-පේස්ට් කරන කතන්දරවලට ලින්ක්ස් දෙන්න බැරි හේතුව මොකක්ද දන්නවාද?

මේ ගොල්ලෝ අනුංගේ කතන්දර ඟෙතන පල කරන්නේ ඉමේජස් විදියට මනමාලයා ඩොට් කොම් කියලා වෝටර්මාක් එකකුත් එක්කයි.

ඒ ජොලිය මැද්දේට මට කෙන්ති ආවේ මෙච්චර දන්න කියන ළමයෙක් බීඇස්සීද, මොරටුවද, අරවද, මේවද කියලා දාගෙනත් පිළිගත් ආචාර ධරමවලට පටහැනි යෝජනා කිරීම නිසයි.

මාත් වහාම ලිපියක් ලිව්වා.

     "අහවලා ළමයා,

ඔවුන් ඔබට මොරටුවේ දී මොනවා ඉගැන්වූයේදැයි නොදනිමි. මා වසර ගණනාවක් විශ්ව විද්‍යාල කතිකාචාර්යවරයෙකු ලෙස සේවය කර ඇති අතර වෘත්තීමය ආචාර ධරම යනු අප සිසුන්ට ඉගැන්වූ එක විෂයකි."

IT Ethics යන්න BCS සහ ACS වැනි ආයතනවලද නිර්දේශිත විෂයක් බව ඔබ දන්නේ යැයි මම සිතමි.

ඔබ පහත විෂයය අවසාන වසරේදී හෝ ඉගෙන ගත්තාද?

IS 4200 Professional Practice

මා එය උපුටා ගත්තේ මෙන්න මේ ස්ථානයෙනි. http://www.itfac.mrt.ac.lk/newsite/files/2010/12/Curriculum_2009.pdf

ඉහත විෂයය යටතේ ආචාර ධර්ම ගැනද ඔවුන් උගන්වනවා ඇතැයි මම උපකල්පනය කරමි.

ඔබ යෝජනා කරන්නේ මගේ බ්ලොගයෙන් අන්තර්ගතය ගෙන ඔබේ මනමාලයා ඩොට් කොම් අඩවියේ එය මූලාශ්‍රය පිලිබඳව කිසිදු සඳහනක් හෝ නොකර පලකිරීමයි. එය කොතරම් සදාචාර සම්පන්නද?

මොරටුවේදී ඔවුන් ඔබට ආචාර ධර්ම ඉගැන්වූයේ නැති යැයි සිතූවද, මූලාශ්‍ර සඳහන් කිරීම පිළිබඳව උගන්වා තිබිය යුතුය.

මෙය ඉතාමත්ම විහිළු සහගත අවස්ථාවක් බව පමණක් සඳහන් කරමි. ඇත්තටම කියනවා නම්, මෙතැන මගේ බ්ලොගයට තවත් කතන්දරයක් ඇත.

මගේ කතන්දර බ්ලොගයේ අන්තර්ගතය ඔබේ අඩවියේ පලකිරීමට ඔබට කිසිදු අවසරයක් නැති බව කරුණාවෙන් සලකන්න.

වෙබ් ලෝකය ක්‍රියාත්මක වෙන ආකාරය ගැන ඔබට මූලිඛ අදහසක් හෝ ඇතිනම්, යම් දෙයක් එක්වරක් ප්‍රකාශනය කරණ ලද පසු අවශ්‍ය වන්නේ එයට සබැඳි යෙදීම පමණක් බව ඔබට වැටහිය යුතුය.

එසේ වුවද, පහත සඳහන් කතන්දර කිහිපය පමණක් ඔබේ බ්ලොගයේ පලකීරීමට මම ඔබට අවසර දෙමි.

1. http://kathandara.blogspot.com/2011/12/deciding-between-peradeniya-and.html

2. http://kathandara.blogspot.com/2011/04/tale-of-two-cocks-of-katubedda-campus.html

3. http://kathandara.blogspot.com/2011/04/two-cocks-of-katubedda-campus-contd.html

4. http://kathandara.blogspot.com/2011/04/two-cocks-of-katubedda-secret-revealed.html

මේ අවසරය පහත සබැඳි වලින් යාවෙන කතන්දර සඳහා ම පමණකි. ඉහත 2, 3 සහ 4 කොටස් එකට සම්බන්ධ බව සලකන්න.

මගේ බ්ලොගය පිළිබඳ ඔබේ උනන්දුව ගැන ස්තුතියි.

මෙයට කතන්දරකාරයා"
ඔන්න ඔහොමායි වුනේ!

-කතන්දරකාරයා

ප/ලිඃ තව ඊ-මේල් දෙකක් විතර හුවමාරු වුණා. අවශ්‍ය නම් පස්සේ දාන්නං.

(image: A cartoon by Anjana Indrajith)

49 comments:

  1. එහෙමත් පෝස්ටු උස්සන්න දෙන්ඩ පුළුවන්ද මං අහන්නේ? :/

    ReplyDelete
    Replies
    1. අද මං එකකකකකකකකකක.... :-)

      Delete
    2. මාරයා23 April 2012 at 09:27

      ///අද මං එකකකකකකකකකක.///

      මේ මගේ බ්ලොග් එක නෙමෙයි බබෝ

      Delete
    3. වෙලාවට අඩවි රජා මට කලින් මේ පැත්තට ආවේ...:)

      Delete
    4. හිහ් හිහ් හිහී... :-)

      Delete
  2. උදේ පාන්දරම මල පනිනවනේ ඉතින්. ඔය ආචාරධර්ම දන්නැති කම නෙවෙයි. නරි කපටිකම.

    ReplyDelete
    Replies
    1. සදාචාරයක් තියෙන නිසා නේද මුලින් E mail එකක් එවල තියෙන්නේ , කතන්දර ලියන්න සදාචාරේ අමතක කරලා පොර ටෝක් දෙනවා නේද ? අනේ පව් .

      Delete
  3. වැරදියි වැරදියි ..අපේ බලවත් විරෝදය

    ReplyDelete
  4. හොද වැඩේ කරල තියෙන්නෙ ඌ කිව්ව විදියට කලානං කතන්දරට වෙන්නෙ "සියඹලා ගෙනාවෙම නැති වගේ" බලං ඉන්න තමයි. කොහොම උනත් කතන්දරට පෝස්ටු දෙකක් එතනම. :-)

    ReplyDelete
  5. කවුරු වුනත් IS 4200 ඉගෙන ගත්තු කෙනෙක් නෙමෙයි... ඕන ඔට්ටුවක් දානවා ඔය පුද්ගලයා IS 4200 කරලා නෑ නෑමයි..

    මොකද දන්නවද? IS 4200 හඳුන්වා දුන්නෙ මෑතක.. තාම එක බැච් එකකටවත් ඕක උගන්නලා නෑ..

    IT 3505 Professional Practice නම් ඉගෙන ගෙන ඇති :)

    අහලා බලන්න..

    ReplyDelete
    Replies
    1. මෙයා අවුට් වෙලා තියෙන්නේ 2005 දී!

      Delete
    2. සම්පූර්ණෙන් වැරදියි! මම 2005දි A/L කරලත් නෑ..

      ඔය IS සබ්ජෙක්ට්ස් දාලා තියෙන්නෙ 2009දි ඇතුලට ආපු බැච් එකට.. උන් තාම L4 ඇවිත් නෑනෙ.. අන්තිමට අවුට් වෙච්ච බැච් එකේ තමයි මම..

      Delete
    3. මෙයා කිව්වේ හරී ගැන නෙමේ.
      මනමාලයා ඩොට් කොම් එකේ මට ඊ-මේල් එකක් එවූ තැනැත්තා ගැනයි.

      Delete
  6. "කොහොම උනත් කතන්දරට පෝස්ටු දෙකක් එතනම. :-).."

    බැලින්නම් ඒකා උදව්වක් නෙව කරල තියෙන්නෙ.... හික්ස්...

    ReplyDelete
  7. අපරාදේ ඔයාටත් මංගල යෝජනා ගලාගෙන එන්ට තිබුනා ඔයා මනමාලයා කියලා හිතලා...:D

    ReplyDelete
  8. ලලිත් වීරතුංග මහත්තයා හෙම කකාට එන්න කිව්වෙ නැද්ද හම්බවෙන්න?

    ReplyDelete
    Replies
    1. ගත්තෙ වම23 April 2012 at 11:06

      මම කකාව එක්කගෙන ගියෙ නෑ. ජනපති බලන බ්ලොගේ අහවල් එකටද කේලම්ට පෙන්වන්නෙ

      Delete
    2. ඒකනෙ. තාමත් ජනාධිපතිතුමන්ගේ කැමැතිම බොලොගෙ කතන්දරද දන්නෙ නෑ. කසූ නරකද ඒකත් ඔය කොහෙන් හරි ලියලා එල්ල ගත්තා නම් අර කක්කා සම්මානෙ වගේ? කාටද ආඩම්බර?

      Delete
    3. අම්පාරෙ මල්ලි23 April 2012 at 17:23

      හූ මම නම් ගියා. අතින් කෑමත් කෑවා. අවුරුදු උස්සවේට නම් ආවෙ නෑ වෙලා නැති නිසා. අනෙක මට වඩා ජනප්‍රිය නැති බ්ලොග්කාරයො හම්බෙන්නෙ මක්කටැයි. ඕකට ඇවිත් මගේ බ්ලොගේ අමුතුවෙන් ජනප්‍රිය කොරගන්ඩ දෙයක් නෑනෙ. ඒත් මේ වගේ චෑන්ස් නම් මිස් කොරගන්නෙ නෑ. (නොදන්න ඉංගිරිසියට ගොහින් ටැපලුනාද මන්දා)

      Delete
    4. අවුරුදු උස්සවේට ගිහින් තිබුණේ ඔය අබීතලා, බනියලා, ඔබා මාමලා වගේ බැස යන තරු විතරයි. නැඟ එන තරු ගිහිලා තිබුණේ ඔෆීෂල් මීටිං එකට.

      Delete
  9. හොඳටම තේ රෙන්න ඇති මනමාලයාට..

    ReplyDelete
  10. බොලේ මෙයත් එක්ක වචනයක් කතා කරන්ඩ බෑ කතන්දර හදනවනේ....!

    ReplyDelete
  11. මනමාලයා.කොම් කියලා සයට් එකක් තියෙනවද? ගූගල් ගෙන් නම් අහලා බැළුවා එහෙම එකක් නැහැ.

    ReplyDelete
    Replies
    1. මනමාලයා කිව්වේ ත_ණයා ඩොට් කොම් එකට වෙන්න ඇති.

      Delete
  12. කතන්දර සද්ද නැතුවම බ්ලොග් එකේ අගට .au කෑල්ලක් දාගෙන නේද?

    ReplyDelete
  13. මේ වෙන්න ගිය දේ වුනානම් , අන්තිමේට අපිට හිතා ගන්න බැරුව යනවා, මේක කකා ගේ කතාවක්ද , මනමාලයාගේ කතාවක්ද කියල ..

    ReplyDelete
  14. kathandara boruwak kiyala wage mokada ehema site ekak wath naha

    ReplyDelete
    Replies
    1. ළමයෝ මං මෙතන ඇත්ත නං කියන්නේ ඇයි?

      ඔයා හිතන්නේ කාල් අංකල්, රත්නායක මහත්තයා කියන්නේ ඇත්ත නං කියලද?

      මනමාලයා ඩොට් කොම් නැති බව සැක හැර දැන ගෙනයි ඒ නම දැම්මේ!

      ඔයාට හොද බිස්නස් අදහසක් නේනං? ඒ නම රෙජිස්ටර් කරලා වැඩේ පටන්ගන්න.

      Delete
    2. ඇනෝ මට හිතෙන්නේ ත__යා.කොම් වගේ

      Delete
  15. කතන්දරකාරයා
    BScEng Hons (Peradeniya)

    පෝස්ට් එකට මේ ටික දැම්ම නම් ඇතිනෙ. තව කතන්දරයක් මොටද?

    ReplyDelete
    Replies
    1. ඔතන අමුතු කතන්දරයක් නෑ නේ! මං පේරාදෙනියේ කතන්දර කීයක් නං ලියල තියෙනවද?

      ඇයි පස්තාච්චි කතන්දර?

      Delete
    2. ඒ වුණාට ඔය Hons කෑල්ල කියල තිබුණෙ නෑනෙ. (H අකුරයි P අකුරයි මාරුවෙලා හෙම නෙවෙයි නේද?)

      Delete
  16. අහලා බැලුවෙ නැද්ද දෙමාව්පියො කොහෙද ඉන්නෙ කියලා ?

    ReplyDelete
    Replies
    1. ආසියාවේ ආශ්චර්යමත් රටේය කියන්නේ

      Delete
  17. මූ සයිට් එකක් කරන්නේ කොහොමද මන්දා අඩුගානේ iframe එකක් වත් දාලා මූට පේජ් එක වෙනම ලෝඩ් වෙන්න දෙන්න තිබුනනේ.... මට නම් ෂුවර් නෑ මේකා කැම්පස් යන්නැති කියලා

    ReplyDelete
  18. හැමැයි ඉතින් ඔය අන්තිමට ඔබතුමා යවපු ලිපියට ලැබුන ප්‍රතිචාරෙත් තිබුනනම් තමයි හොද...

    ReplyDelete
  19. කතන්දරගේ නියම 3 පිළිපදිනවා නම් කමක් නැහැ ඒත් සබැදියක් වත් නැතුව එක එකාගේ සයිට් මොකටද ප්‍රමෝට් කරන්නේ.

    ReplyDelete
  20. මං හිතන්නේ මේ වෙනකොටත් කතන්දර හිට්ස් මිලියන 1.5 පන්නල..! :ඩි

    ReplyDelete
  21. manamalaya.com කියල සයිට් එකක් නෑනේ!!!

    ReplyDelete
    Replies
    1. එහෙමනම් tharunaya.com කියලවත් එකක් තියනවද බලන්න.

      Delete
    2. me add ekata keeyak gewanawada?

      Delete
    3. Ad ekak nemeyi ban. Kasu methana manamalaya.com kiyala thiyenne tharunaya.com kiyana goo site ekata.

      Delete
    4. තරුණයා.කොම් කියන්නේ ගූ වෙබ් එකක්ද? ඊ රිසියාවට ඉතින් මොනව කියන්න බැරිද?

      Delete
    5. එහෙනම් අනුන්ගෙන් හොරකම් කරගන්න ඒවා පෙන්නලා ඇඩ් සල්ලි හොයන වෙබ්සයිට්වලට කියන්න වෙන හොඳ නමක් යෝජනා කරන්නකෝ.

      Delete
  22. මං ලියපු ලිපියකුත් බුකියේ මොනවත්තෙද උන් වගයක් ඉමේජ් එකක් විදියට ෂෙයා කරලා තිබ්බා! මගේ යාලුවෙකුත් ෂෙයා කරලා තිබ්බා..දැකලා තියනවා වගේ නිසා කියවගෙන යද්දි තමා තේරුනේ අඩේ මේක මගේ ලිපියක්නෙ කියලා! :D කිසිම සඳහනක් තිබ්බෙ නෑ ලියපු එකා ගැන!මං ඉතින් මගේ අයිතිය ප්‍රකාශ කරන්න ගියේ නෑ වැඩක් වෙන එකක් නෑ කියලා හිතුන නිසා!

    ReplyDelete
  23. දන්නවනේ මම ලියපු "කැත හිත්වලට ලස්සන කවි" ප්‍රසිද්ධියේ වෙන්දේසි වුන හැටි. එල කිරි සයිට් එකේ සහ ඊමේල් විදිහටත් තව එක එක සයිට් වලත්. වෙලාවට කශූගෙන් අහලා දාන්නද එපාද කියලා..

    හැබැයි කතන්දරට කතා දෙක තුනකට පාර කපලා ඒ ලමයි ටික.. හිකිස්..

    ජය !

    ReplyDelete
  24. මගේ ඇන්ටි වයිෆයි ජොකාගේ කාටූන් එක ඉස්සුවා එළකිරි එකෙන්.


    ඒත් මම මේ කල්පනා කලේ මනමාලයා කියලා සයිට් එකක් නෑනේ.

    ReplyDelete
  25. කතන්දර ශුරීන් අහල තියනවද One good theif worth ten scholars කියලා එත් මේ වගේ වැඩ නම් කීයට වත් අනුමත කරන්න අමාරුයි.

    ReplyDelete
  26. oyata mohada me hadisiye digree eka promote kara ganna hithune....

    ReplyDelete

මා ලියූ කතන්දරයට අදාල නැති කරුණු ඔබේ ප්‍රතිචාරවල ඇතළත් නොකරන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

අදහස් වාරණයක් නොකෙරේ. කුණුහරුප සහ තුන්වන පාර්ශවයන්ට නින්දා කෙරෙන ප්‍රතිචාර ඉවත් කෙරෙනු ඇත.