ජීවිතයම කතන්දර ගොඩක්!
This is a Sinahla blog written for five years from July 2009. It contains stories - Kathandara - from authors life.
කතන්දරකාරයා ගේ දශක කිහිපයක ජීවන අත්දැකීම් අළලා 2009 ජූලි 11 දින සිට පුරා වසර පහක් තිස්සේ ලියවුණු කතන්දර එකතුවකි. kathandara@gmail.com
Wednesday, 18 April 2012
තැපැල් කන්තෝරුවේ දී සහ බැංකුවේ දී ජැක් වදින හැටි - Jackson in the Queue
පිලියන්දල කඩේකින් ජොක්කු තුන් දෙනෙක් ගන්න ගිහිල්ලා වෙච්ච අකරතැබ්බය ගැන කතන්දරේ ලියන වෙලාවේ මට මතක් වුණා තවත් අපූරු සිදුවීම් දෙකක්.
එක සිදුවීමක් වුනේ පිලියන්දලම තැපැල් කන්තෝරුවේ දී.
දෙවෙනි සිද්ධිය පිලියන්ද ඉඳලා 341 බස් එකේ ගියාම හමුවෙන මහරගම නගරයේ සම්පත් බැංකුවේ දී වුණු එකක්.
පිලියන්දල සහ මහරගම පලාත් ගැන මං කතන්දර දෙකතුනක්ම ලියලා තියෙන්නේ ඇයි කියලා දැන ගන්න ඕනෑ නම් මෙන්න මේ අයගෙන් අහන්න.
1. සිහි සටහන් ලියන/ලියපු චානුක වත්තේගම
2. පිණි පලස ලියන හරී
3. හද ගී පොත ලියන තිස්ස දොඩංගොඩ
4. ටිකක් හිනාවෙන්න ලියන අභීත එදිරිසිංහ
5. සයිබර්යාය ලියන බුද්ධි ලක්ඛණ
6. වැප් ලියන වැප් නිශාන්ත
7. ජේඩී ෂේඩී ලියපු ජේඩී
8. සංසාරේ අපි ලියන දිල්සරා (ජීවීතේ මල්)
9. මගේ සඳ ලියන පසන්
දැන් මෙන්න තැපැල් කන්තෝරුවේ සිද්ධිය.
මං එදා පිලියන්දල තැපැල් කන්තෝරුවට ගියේ ලොකු සයිස් ලියුම් කීපයක් තැපැල් කරන්නයි. එතන ෂු ගාලා සෙනග පිරිලා පොඩි පහේ පෝලිමක් වගේ එකකුත් තිබුණා එක කවුන්ටරයක් ඉස්සරහින්.
හැබැයි ඒකට පෝලිමක්ම කියලා කියන්න බෑ. මොකද, පෝලිමක් කියන්නේ නිකං පේලියට හැඩ ගැසුණු එකක් නේ. මේ කියන පෝලිම නිකං අර හොඳට බැහැපු මයියොක්කා පැලයක අල වගේ දසත විහිදුණු එකක්.
තැපැල් කන්තෝරුව නං එයාර් කන්ඩිෂන්ද කොහෙද, ඒත් මේ කවුන්ටරයේ නෝනා දාඩිය දාගෙන වැඩ. හැබැයි අල්ලපු කවුන්ටරයේ නෝනා ෂපාන් එකේ ඉන්නවා. මොකද එයාගේ රාජකාරිය ලියුං රෙජිස්ටර් කිරීම හෝ විදුලි, දුරකතන බිල් ගෙවීම වගේ වෙනම එකක්.
මුද්දර ටිකක් තියාගෙන ඒ කවුන්ටරයෙනුත් විකුණලා, වැඩ සමතුලිත කරන්න පුළුවන්බව මේ අයට තේරෙන බවක් නං පෙණුනේ නෑ.
කොහොම හරි විනාඩි කීපයක් ගියාට පස්සේ ඔන්න මාවත් තල්ලුවෙලා ගියා කවුන්ටරේ ලී දාරය ගාවට.
මේ වෙනකොට අර මයියොක්කා අල පදුර මට පිටුපස්සේ හොඳ සරුසාරෙට වැවිලා.
මගේ අතේ තිබුණු එක ලියුමක් අරගෙන ඒකේ බර අනුව මුද්දර කීයක ගහන්න ඕනෑද කියලා අහගන්න දෙන්න යනකොටම මට තේරුණේ මට ජැක් ගහගෙන පස්සෙන් හිටි දෙතුන් දෙනෙකුගේ අත් මගේ ඔළුවට උඩින් කවුන්ටරේ නෝනාගේ පැත්තට දික්වෙන බව.
මං පෝලිමේ ඉස්සරහා හිටියාට, ඒ අනුපිළිවෙල මට පිටිපස්සෙන් ඉන්න සමහරුන්ට නං ප්‍රශ්ණයක් නෑ වගේ.
අපේ කන්තෝරු නෝනා මක්කෙයි දන්නවද කෙරුවේ?
මාට නිග්ලෙක්ට් කරලා, මගේ ඔළුව උඩින් එතුමිය පැත්තට පාත්වෙන ලියුමක් අරං ඒකේ වැඩ කරන්න පටන් ගත්තා. ඒ ලියුමට මුද්දර ගහලා, පොතේ ලියලා රෙජිස්ටර් කරන්න විනාඩි දෙකතුනක් ම ගියා.
ඔන්න ආපහු මගේ වාරේ.
"මේ ලියුමට කීයක මුද්දර ඕනෑද?" මගේ එක ලියුමක් කවුන්ටරේ යටින් තල්ලු කරලා මං තැපැල් නෝනාගෙන් ඇහැව්වා.
අනේ නෝනාට ඒක ඇහුනේ නෑ නොවැ.
මගේ ඔළුව උඩින්ද, කිහිල්ලේ යටින්ද කෙහෙන්ද මන්දා ආපු ලියුමක් අරගෙන ඒක ප්‍රොසෙස් කරන්න පටන්ගත්තා.
වැටත් නියරත් ගොයං කා නං කාට කියමිද ඒ අමාරුව?
-කතන්දරකාරයා
ප/ලි:
මහරගම බැංකුවේ ජැක් ගැසීමේ කතන්දරය සිකුරාදාට.
(image: http://timberry.bplans.com/2007/08/an-internet-inc.html)
Labels:
අපේ වැරදි,
ජැක්,
ජැක් ගැසීම,
ජැක් වැදීම,
පෝලිම්
Subscribe to:
Post Comments (Atom)
ඒකටත් එක්ක කැන්ගරුලන්තෙ, නේද කකා? :D
ReplyDeleteකවුරුවත් පෝලිම් පනින්නෙ නැහැ... කවුන්ටරේක වැඩ කරන හැමෝම බොහෝ වෙලාවට හැමදේම දන්නවා, තැපැල් කන්තෝරුවෙ ඕනම කවුන්ටරේකින් ඕනෙ දෙයක් කරගන්න පුලුවන්... වෙන කන්තෝරුවක් නම් (RTA වගේ), අංකයක් අරන් ඉඳගෙන ඉන්න තියෙන්නෙ කතා කරනකල්... අනික වැඩක් කර ගන්න ගියහම අපිව එයාලට කරදරයක් කියල පෙන්නන්නෙ නැහැ (අපි එයාලට කරදරයක් උනත්)...
ඒ අතින් නම් ලංකාවෙ දියුණු වෙන්න ගොඩාක් තියෙනවා... මිනිස්සුන්ගෙ ආකල්ප වල ඉඳලා...
ලංකාවෙ ගොඩක් රජයේ (සහ සුලුතරයක් පෞද්ගලික) ආයතන වල වැඩ කරන අය හිතන් ඉන්නෙ ගනුදෙනුකාරය එයාලට කරදරයක් කියලා... එයාල එතන ඉන්නෙ, එයාලට රස්සාව දීල තියෙන්නෙ, අපිට උදව් කරන්න කියන එක ගොඩ දෙනෙක්ට මතක නැහැ...
සහතික ඇත්ත! ආකල්ප වල වෙනසක් අවශ්‍යමයි.
Deleteමිනිස්සු එකිනෙකාට උදව් කරනව, අනතුරක වැටුණාම උදව්වෙනව. නමුත් ඒ අනුකම්පාව නිසා, පිං බලාගෙන. තමන් කැපවීමක් කරලා අනුන්ට ඉඩ දෙන්න හිත යන්නේ නෑ. පෝලිම් පනින්නේ ඒකයි.
Deleteඉතින් මේවා කියන්ට කෙනෙක් නැද්ද?
ReplyDeleteඔය වැඩේ තැපැල් කන්තෝරුවේ නෙමේ හැම තැනම වගේ සිද්ධ වෙනවනේ.
ඉන්නව..ඉන්නව.... ඒ ඉතිං දෙයියො තමයි... හැබයි එතනම පොරොතිපලේ ඕන්නං... ඒ නෝනගෙ අම්මට හරි ආච්චිට හරි කියන්නෝන. ඉටිකිරිස් වගේ වැඩේ වෙනව.....අත්දුටුවයි පත්තස්සයි.
DeleteX-Porter
තැපැල් කන්තෝරු දෙයියෝ කව්ද දන්නැ..... :D
Deleteපොඩ්ඩී ගේ අත්තම්මට නැද්ද මේ වගේ අත්දැකීම්?
Deleteතැපැල් කන්තෝරු ගැන නමි කථා කරලා වැඩක් නෑ
ReplyDeleteඅපි පොඩි කාලේ තැපැල් කන්තෝරුවට ගිහින් එන්නම් කියන්නේ කක්කුස්සියට ගිහින් එන්නම් කියන එකටයි!
Deleteඑහෙම තමා ලංකාවේ, ඕවට කතා කරන්න පුළුවන්, හබි එදා ඉන් පස්සේ වෙන තැපැල්
ReplyDeleteකන්ටෝරුවකට තමා යන්න වෙන්නේ.
හරියට හරි, මං ඊට පස්සේ ගියේ මහරගම එකට.
Deleteඒක තියෙන්නේ පාළු පාරක, වැඩිය කවුරුද් දන්නෙත් නෑ ඒක තියෙන තැන.
කතන්දර වැරදියි
ReplyDeleteමම නම් කොතනදි උනත් ඔහොම දෙයක් උනොත් එවෙලේම අදාල පුද්ගලයට වරද පෙන්නල දෙනව.
අපි නිකන් බොරුවට කෑ ගහලා වැඩක් නෑ අර රටේ මෙහමයි අරමයි කියලා.
එවැනි වෙලාවකදි නැවත දවසක ඔය වැරද්ද කරන එකක් නැහැ අදාල පුද්ගලය.
නිහඩව ඉඳීම වැරද්ද අනුමත කිරීමක්
ඒ කතාවට එකඟයි... :)
Deleteපෝලිම් පනිනවට විරුද්දව නම් අපි ගොඩ දෙනෙක් කතා කරල ඇති... ඒත් කන්තෝරුවක වෙන අඩුපාඩු වලට කතා කරන අය අඩුයි...
එක දවසක් හැඳුනුම්පත් දෙපාර්තමේන්තුවෙන් (හරියටම ඒකමද දන්නෙ නැහැ නම) වැඩක් කර ගන්න ගිහින් එතන අයගෙ හරි සද්දෙ... මගේ ඇප්ලිකේශන් එක ඉල්ලුවම ඒක හොයන්න සතියක් විතර යනවලු... පොඩ්ඩක් අනම් මනම් කිව්වම, එතන හිටපු කෙල්ල ගිහින් එයාගෙ ලොක්කිට කිව්ව, එකෙක් ඇවිත් කරදර කරනව කියල... ලොක්කි නැගිටල අහුව, දැන් අපි මෙතන ඔක්කොම වැඩ නවත්තල ඔයාගෙ වැඩේ කරල දෙන්න ඔනෙද කියල.. මං ඔව් කියල කිව්වා... ඊට පස්සෙ ලොක්කි කියනව, මෙතන අපිට කොච්චර වැඩ තියෙනවද ඔය එක ඇප්ලිකේශන් එකකට ඔච්චර දඟලන්න බැහැ, අරකද මේකද ගොඩක් ජාති... මටත් තද වෙලා මාත් කෑ ගැහුව ඔපිසිය මැද්දෙ " ඔයාල මෙතන ජොබ් එක කරන්නෙ අපිට උදව් කරන්න, ඒක මතක තියාගෙන වැඩ කරන්න, මගේ වැඩේ කරල දෙන්න" කියලා... ඊට පස්සෙ දත් මිටි කකා ෆයිල් ගොඩක් ඇදල, විනාඩි 5න් ඇප්ලිකේශන් එක හොයල දුන්නා...
ඔය ටික මුලින්ම කලා නම් වැඩේ අහවරයි නෙ... :)
නිශ්
Deleteඅවුරුද්දට ඔන්නමෙන්න මගේ ඥාතියෙක් ලෙඩක් දාගත්ත. පෙට් මැෂින්එකේ පෝලිම පැන්න කෙනෙකුට විරුද්ධව කතාකරල. අන්තිමට ඒක අවසන් වුනේ ගුටිකෙලියකින්, පෝලිම පැන්න කෙනා ඉස්පිරිතාලෙත් මගේ ඥාතිය පොලිසියෙත් නැවතිලා. කොච්චර පෙන්නා දුන්නත් තේරුම්ගන්න බැරි හරක් කොට්ඨාසයකුත් අපි අතර ඉන්නව.
අහවලා
පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව. පුලිදෙ කියලත් කියන්නෙ :)
නිශ්. ඔයාට මේ පෝලිමක ඉඳීමේ අත්දැකීම අඩුයි වගේ, එහෙමත් නැත්තන් ඔයා ඉඳල තියෙන්නේ වැදගත් පෝලිමක.
Delete+++++++++++++++++++++++++++++++++
Deleteතමන් නිවරදව ඉඳීමෙන් අනුන්ට ආදර්ශයක් දෙන ක්‍රමයකුත් තියෙනවා.
Deleteමං වැරදි ඇති.
ආහ් ඔව් ඔව්.. රාජ් හරි, ස්තුතියි.. මට ඔය නම මතක් උනේ නැහැනෙ ඉතිං... :D
ReplyDeleteමම හිතන්නේ අපි හැමෝම වගේ මේ සිද්ධිය අත්දැකලා තියනවා. අපි මහා උජාරුවට අවුරුදු දෙදහස් පන්සීයක ශිෂ්ටාචාරයක් ගැන පාරම් බෑවට මේ වගේ තැන වලදී හැසිරෙන්නේ ඉතාම පහත් විදිහට කියලයි මට හිතෙන්නේ. අපි ඉස්කෝලේ යනකොට පෝලිමේ යන්න උගන්වනවා, ඉස්කෝලේ පන්තියේ ඉඳල නැටුම් කාමරයට එහෙමත් නැත්තම් සංගීත කාමරයට යන්නේ ලස්සනට පේලියට. ඒත් ලංකාවේ බොහොමයක් තැන්වල පෝලිමක ඉන්න එක අපේ මිනිස්සු මදිකමක් විදිහට තමයි දකින්නේ. වැඩිය හදිස්සියක් නැති දවසක බොරෙල්ලේ සම්පත් බැංකුවට ගියා අලුත් පාස් පොතක් ගන්න. මම මට ඉස්සරහින් ඉන්න කෙනාට මීටරයක් විතර පිටිපස්සෙන් හිටිඅගෙන ඉන්නකොට, බොහොම වැදගත් පහේ මහත්තයෙක් (?) මට ඉංගිරිසියෙන් කියපි ඉස්සරහට යන්න කියල. මම එතකොට ඔහුට බොහොම කරුණාවෙන් කිව්වා එහෙම කලොත් මට ඉස්සරහ ඉන්න කෙනාගේ පෞද්ගලිකත්වයට බාධා වෙනවා නේද කියල. මෙන්න මේක මවත් තල්ලු කරගෙන ගියේ නැත ඉස්සරහට. නුපුරුදු පළාතක නිසාත්, ඒ ගියපු කෙනා චන්ඩි පොරක් යයි හිතුනු නිසාත්, ගොඩක් වෙලාවට ඔයවැනි සිදුවීමකදී අප තනි වන නිසාත් කටපියාගෙන මගේ පාඩුවේ පෝලිමේ ඉඳල අර හදිස්සිකාර මහත්තය ගියාට පස්සසේ මගේ වැඩේ කරගෙන ආපිට ආවා. හැබැයි තවත් දෙයක්, අපේ ගොඩක් කන්තෝරුවල පෝලිමක් හදන්ට අවැසි වැටවල් ආදිය හිටවලත් නෑනේ. අඩුම ගැනේ තමාගේ වාරය එනතෙක් රැඳී සිටින්න කියලවත් බෝඩ් ලෑල්ලක් වත් තිබුනානම් හොඳයි. ඒ උනත් ස්ටෝර්ය් එකේ එක තම අපේ මිනිස්සුන්ගේ ඔය අංශයේ හැදියාව බින්දුවයි කියන එක. කතන්දර කිව්වා වගේ ඔය කවුන්ටර වල ඉන්න නෝනා මතත්තුරු ටිකක් විතර common sense පාවිච්චි කරලා පෝලිමේ එන උදවිය ගැන බලනවානම් යම් තාක් දුරකට ඕක නිවෙරදි කර ගන්න පුළුවන්.
ReplyDeleteස්තුතියි මේක තමයි මං අද දාන බැංකුවේ කතාව. පොඩි ඉඩක් හරි තිබුනොත් එතනට ජැක් ගහන එවුනුත් ඉන්නවා!
Deleteකකාට ඔය වගේ වෙලාවල හැසිරීම ගැන අවබෝධයක් නැති පාටයි.
ReplyDeleteපොඩ්ඩක් ඇස් දෙක ලොකු කරගෙන අර නෝනගෙ හැට්ටෙ දිහා බැළුව නම් තත්පරෙන් වැඩේ කරල දෙනවා. පිරිමියෙක් නම් කලිසමේ ඉස්සරහ දිහා බලන්න. ඔන්න අවධානය ගන්න ක්‍රම.
ඉතාම අකාර්යක්ෂම රජයේ නිලධාරීන්ගෙන් සේවයක් ලබා ගන්නා තවත් ක්‍රම:
1. ඔහු/ඇය කළ යුතු වැඩේට වඩා අමාරු වැඩක් විකල්පය සේ දෙන්න. ("මේ ඇප්ලිකේෂන් එක භාර ගන්න බෑ කිව්වොත් කරුණාකර ඒක ඇප්ලිකේෂන් එකේ ලියල දෙන්න කියන්න. දෙවැනි වැඩේ වඩා අපහසු අවදානම් නිසා පළවැනි වැඩේ කෙරෙනවා.)
2. ඉංග්‍රීසියෙන් කතා කරන්න. ඔය නෝනලා මහත්තුරු ඉංග්‍රීසියට තරම් වෙන මොකකටවත් බය නෑ. වැඩේ කරන්න බෑ කියල ඉංග්‍රීසියෙන් උත්තර දෙනවාට වඩා ඒ ගොල්ලන්ට වැඩේ කරල දෙන එක ලේසියි.
3. "සර්", "මැඩම්", "මිස්" වගේ වචන භාවිතා කරන්න - පියන්ට උණත් කම නෑ. සල්ලි යන්නෙ නෑනෙ ඕව කිව්ව කියල. කොච්චර ඉක්මනට වැඩේ වෙනවද බලන්නකො.
4. "කීයක් යනවාද?" අහන්නේ නැතුව "මේක රිජිස්ටර් කරන්න" කියලා දුන්නාමත් වැඩේ වෙනවා. දෙකටම දරන්න ඕනැ එකම වෙහෙස වුණත් ඒ ගොල්ල හිතාගෙන ඉන්නෙ මහජනතාවට උත්තර බඳින එක ඒ ගොල්ලන්ගෙ රාජකාරියක් නෙවෙයි කියලා.
අවවාද වලට ස්තුතියි.
Deleteඑකකට කීයක් යනවාද ඇහැව්වේ, ඒ වගේ ලියුං බර ගානක් මා ලඟ තිබුණු නිසයි.
පොඩි කාලෙ හිටන් ආකල්ප වෙනසක් නම් ඕනෙමයි. ආයතනයේ culture එකත් ඕකම නම් වෙනස් කරන්න සෑහෙන අමාරුයි
ReplyDeleteBTW I'm also from Piliyandala ;)
ලබන ආත්මේවත් බලමු හරි විදියකට පෝලිමක ඉන්න.
Deleteඔබට වෙලාවට "මයිකල්" "ජැක්සන්" කෙනෙක් හම්බ නොවුනේ. (මතකද කැමිලස් ගේ දැක්කොත් පත්මාවති, ඒකෙ තිබුනා දවසක් බස් රියක යන පත්මාවති මිතුරියට කියනවා මගේ ළඟ ඉන්නේ මයිකල් ජැක්සන් කෙනෙක් මොකද, මෙයා ..... විතරක් නොවේ මයික් එකත් දානවා කියල. එහෙම කිව්වේ මිතුරිය කලින් කිව්වා "මගේ ගාව ජැක්සන් කෙනෙක් ඉන්නවා" කියල). ඔබගේ පෝලිම් කතාව හරිම සුලභ එකක්. මන් දවසක් නුගේගොඩ තැපැල් කන්තෝරුවේ පෝලිම පනින එකෙකුට බනින කොට මගේ පිටිපස්සේ ඉන්න මිනිසුන් මට බැන්නා, මෙතන කලබල කරන්න එපා කියලා. කවුන්ටරේ මනුස්සයට කියුවහම මොකද ඔයා පෝලිමෙන් පිට එන අයට මුද්දර දෙන්නේ කියල , එයා කියුවේ "මට කරන්න දෙයක් නැහැ, ඔයාලම බේර ගන්න කියල". අර රෙජිස්තර විතරක් කරන කවුන්ටර හරිම අපූරුයි. රෙජිස්තර වලට මුද්දර ගහන්න පුළුවන්, නිකම් ලියුමකට මුද්දර ගහන්න බැහැ. තැපැල් කන්තෝරුවේ ඇතුලේ කට්ටිය ඉන්නවා. කවුන්ටරේ ළඟ මිනිස්සු දිහා හොරෙන් බලබල ඇතුලේ කතා කරනවා. මංගල සමරවීර මේක "ප්‍රති වියුහගත" කරන්න හදනකොට මේ කට්ටියම තමා තැපැල් කන්තෝරු ඉදිරිපිට මහජනයාගේ සහයෝගය ඉල්ලලා පෝස්ටර් ගහල තිබුනේ, අරකට විරුද්ධ වෙන්න අපට සහයෝගය දෙන්න කියලා!!
ReplyDeleteඅපිට කෙලවෙනකොට තමයි අපිටත් සාධාරණය මතක් වෙන්නේ නේද?
Deleteමටත් එහෙම තමා!
මීට ඉස්සර වතාවල් අත ඇරල, මේ වතාවෙ ලංකාවෙදි දැක්ක සහ සිද්ධ වුන දේවල් ගැන පෝස්ට් කීපයක් ලියන්න හිතාගෙන ඉන්නෙ.
ReplyDeleteඅනේ ඔව් සීයෙ, ලියන්න. ඔයා ලිව්වය කියල අපේ මිනිස්සු මේං කියල හැදෙයි. බලාගෙන ඉන්න.
Deleteඅම්මෝ ඔබා මාමා ඉන්නවා නේද? ඔබා මාමේ ඔය හරි නම පාවිච්චි කරලා නේද ලංකාවට ආවේ. එහෙම නැතුව ඔබා ගුණරත්නම් හෝ මුදලිගේ ඔබා කියල නෙවෙයි නේද?
Delete@ඔබා,
Deleteමෙයා ආපහු ගොඩ බැහැලද?
ඔබතුමා විදේශික බලවේගයක බළල් අතක් වෙලා ලංකාවේ නාථ දෙයියංගේ වරම් ලද ස්වදේශීය දේවල් වලට සරදම් කරන්ණ වගේ යන්නේ?
Deleteමම එයාලට කියන්නේ ඉබ්බෝ කියලා.
ReplyDeleteගල් ඉබ්බෝ?
Deleteකිරි ඉබ්බෝ?
ගොඩක් තැන්වල දකින්න ලැබෙන සුලබ සිදුවීමක්.
ReplyDeleteඑහෙමමත් නෑ. හුඟක් අය හොඳ ළමයි මං දන්න විදියට.
Deleteතැපැල් කන්තෝරුවටත් නොම්බර පිළිවෙලට සේවා සපයනවනම් ඒක වෙන්නේ නෑ.. තැපැල් කන්තෝරු වලනම් මටත් හොද අත්දැකීම් තියේ..
ReplyDeleteඅහන්න ආසයි, අපිටත් කියන්න!
Deleteඅපේ ගමේ තැපැල් කන්තෝරුවේ මුද්දර නැහැ. ඒව තියෙන්නේ අල්ලපු කඩේ :(
ReplyDeleteඅපේ නං තැපැල් කන්තෝරුව තියෙන්නෙත් අල්ලපු ගමේ!
Deleteහැම තැනම තත්වෙ ඕක තමා. ඒත් ඔක්කෝමලා තමන්ගෙ අද්දැකීමක් විස්තර කරලා තියෙන හන්දා මමත් එකක් කියන්නම්...
ReplyDeleteමම ගියා ප්‍රාදේශීය සභාවට ව්‍යාපාර ලියාපදිංචි කරන ඉල්ලුම් පතක් ගන්න. එතන හිටපු නොනා මගෙන් ඇහැව්වා " ඒවා නං ඉවරයි වගේ මොකද කරන්නෙ දැං?" කියලා.
එහෙනං ජොබ් එක නැතිවෙයි නේද කියලා අහන්නයි තිබුනේ!
Deleteමටත් මේ ලඟදි ඔහොම උනා හැමදාම යන කඩේට ගිහිල්ල බඩු ගන්න යනකොට මට පිටි පස්සේ හිටපු එකාගෙන් කඩේ එකා අහනවා බඩු list එක. මට මල පන්න එකේ උපරිමයට ගියා. උට ඕන රෙද්දක් කරගන්න කියල මම එතනම එහා පැත්තේ කැඩෙන බඩු අරගෙන ගියා.
ReplyDeleteමට නං කාලයක් තිබුනේ ඕකේ අනිත් අත්දැකීම. ඒ කියන්නේ මං කඩේට ගියාම කවුරු හිටියත් මට බඩු දෙනවා.
Deletehttp://kathandara.blogspot.com.au/2011/03/blog-post_21.html
මට මාර ලැජ්ජයි ඒ ගැන, ඒ නිසා යන එකත් අඩු කළා!
සියළු දෙනාටම තැන්කියු එකක් වේවා.
ReplyDeleteකාලේකට පස්සේ අද පොඩි ඉඩක් ලැබුණා උත්තර බඳින්න.
අනිවා.. මේ සිරි ලංකාවේ ගොයම් කන්නේ ම වැටයි නියරයි නේ.. ඕක කමෙන්ට් වල දාලම මට දැන් ඇති වෙලා!!
ReplyDeleteවැඩ සමතුලිත කරන්න ඒ ඒ කවුළු වල වැඩ කෙරෙන්නේ උඹට ඕන විදිහට නෙවෙයි. රජයේ රස්සාවක් නොකරපු උඹ දන්නේ කතන්දර කියන්න විතරයි. සමාජවාදීනේ? එහෙනං පෝලිමේ හිටපල්ලා. පෝලිමේ ඉන්න බෑනේ? එහෙනං ධනවාදී වෙයල්ලා.
ReplyDelete