Monday 2 April 2012

කසාදේ රැකගන්න අනිවාර්ය කොන්දේසියක් - A necessary condition for a successful marriage


ධම්පදයේ එන මනෝපුබ්බංගමා ධම්මා ගාථාවේ තියෙන චක්කංව වහතෝ පදං කෑල්ල දන්නවා නේද? ඒ ආකාරයට තමයි බොහොමයක් ලව්වලින් පස්සේ බූට් එන්නේත්, ඒ වගේම සමහර කසාදවලින් පස්සේ දික්කසාද එන්නේත්.

මුලින් ලව් කලකට පස්සේ මල ඉලව් වෙනවාට වඩා අඩු ප්‍රතිශතයකින් තමයි මුලින් කසාද කලකට පස්සේ දික්කසාද වෙන්නේ. මං කලින් දවසකත් කිව්ව විදියට මේකට නං හේතුව ඉතිං බැඳගත්ත බෙරේ ගහන්න වෙන්නේ තමන්ට කරුමය උරුමය වෙලා කියලා හිතන ඈයෝ වැඩි නිසයි.

අනිත් හැමෝටම ආදර්ශයක් වෙමින් හොඳ යුගදිවි ගත කරන අයත් අපි අතරේ ඉන්නවා.

රත්නායක මහත්තයා ගේ ඔෆීසියේ ලොක්කෙක් තමන් ගේ විසිපස්වෙනි විවාහ සංවත්සරය සමරලා, ඒ අවස්ථාව තවත් අර්ථවත් වෙන්න තමන් විවාහ වෙන්න කලින් අනාගත බිරිඳ එක්ක ගිවිස ගත්තු කොන්දේසි දහයක් ලේඛනගත කරළා, ඊ-මේල්වලින් තමන් ගේ හොඳම යාළුවන්ට යවලා තියෙනවා.

පොර කියලා තියෙන්නේ ඒ දේවල් පිළිපැද්ද නිසා අවුරුදු විසිපහක් සතුටින් යුග දිවිය ගෙව්වාය කියලයි.

හොඳම යාළුවන්ගෙන් උන්ගේ හොඳම යාළුවන්ටත් ලැබුණු නිසා මටත් මේ ලයිස්තුව කියවන්න ලැබුණා.

එකේ සිට දහයට අංකගත කෙරුණු ඒ ලයිස්තුව මෙන්න.

1. එකිනෙකාව අගය කරන්න. කිසිවිටෙක තම සහකරු/සහකාරිය සුළුකොට තකන්න එපා.

2. කුරිරු, කර්කෂ වචන පාවිච්චි කරන්න එපා, එකිනෙකා විවේචනය කරන්න ඉක්මන් වෙන්න එපා. සමාව ලැබුණද, අමතක නොවෙනු ඇත.

3. එකිනෙකා වෙනුවෙන් යම් යම් දේ සතුටින් සහ ආදරෙයෙන් කරන්න.

4. එකිනෙකා ගේ පවුලේ සාමාජිකයින් විවේචනය කරන්න එපා.

5. ඔබ කරන කොයි දෙය හෝ (රැකියාව, ඉවීම, වත්තේ වැඩ) හොඳින් කිරීමෙන් සහකරු/සහකාරිය ගේ ග්‍යෙරවය දිනාගන්න උත්සාහ කරන්න.

6. උපන් දින, සංවත්සර දින යනාදිය කිසිවිටෙක අමතක කරන්න එපා. මේවා ආදරය අළුත් කරගැනීමට උපකාර වෙනු ඇත.

7. ඔබේ මිතුරු මිතුරියන් සමග සහකරු/සහකාරිය ගේ ගුණ අවංකවම පවසන්න. සහකරු/සහකාරිය ගැන කීමට හොඳ දේ ඔබට සැමවිටම ලැබෙනු ඇත.

8. දරුවන් ඉදිරිපිටදී සහකරු/සහකාරිය සමහ විවාද කරන්න එපා. ඔවුන්ට ඔබ දෙදෙනා එක ඒකකයක් ලෙසින් පෙනිය යුතුය. දෙදෙනාගේ ප්‍රශ්ණ දෙදෙනා එකතුව විශ්වාසය සහ අන්‍යෝන්‍ය ගෞරවය ඇති වාතාවරණයක් තුල විසඳාගන්න.

9. දවසේ රාජකාරි නිමකට නිවසට එන ඔබේ සහකරු/සහකාරියට තනිව ගත කිරීමට කාලයක් ලබා දෙන්න. එය ඔවුන්ගේ ආතතිය නිවා ගැනීමට උපකාරී වනු ඇත.

10. කිසිවිටෙක ඔබේ සහකරු/සහකාරිය අන් අය හා සසදන්න එපා. අප සියළුදෙනාම අපේම වූ ශක්තීන් සහ දුර්වලතා සහිත අය වෙමු. ඔබේ සහකරු/සහකාරියට කවරෙකු වේවා ඒ පුද්ගලයාට ආදරය කරන්න.

මේ ලයිස්තුව කියවලා බලපු මට පෙනුණේ ඔය සේරටම වඩා අතිවැදගත් මූලිකම කොන්දේසියක් තියෙනවා නේද සාර්ථක විවාහ ජීවිතයක් ගතකරන්න අවශ්‍යම කියලායි.

මං එකතු කළා ඒ කොන්දේසිය මෙන්න මේ විදියට.

0. අඩු වශයෙන් සතියකට එක්වරක්වත් ලිංගිකව එක්විය යුතුය. එයින් ඇතිවන චමත්කාරය සිත්තුල පවතිනතාක් කල් මෙහි අංක 1 සිට 10 දක්වා ඇති කරුණු අදාල නොවේ.

මං කෙරුවේ මේ අංක 0 එකතු කරපු ලයිස්තුව මට මුල් ඉ-මේල් එකේ කොපියක් එවපු හිතවතාට යවපු එකයි. පොරත් ඒක උඩට යැව්වා නම් අවසානයේ මුල් ලයිස්තුවේ රචකයාට ලැබෙන්න ඇති.

-කතන්දරකාරයා

ප/ලි:
මේ ආකාරයේ තවත් මගේ සොයා ගැනීමක් තියෙනවා.

ඒක ලඟඳීම ලියන්නම්! එතකල් කසාද ජීවිතේ ගැන ලියූ මේ පරණ කතන්දර බලන්න.

1. රෝස පාට තුවා

2. රෝස පාට තුවා - වලි ෂේප්

3. බැඳපු අයට මල් කඩන්න තහනම්ද?

4. ගෙදර පොඩි අවුලක්

5. ගෙදර අවුලක් - මෙන්න ඇත්ත!

6. හාමිනේ ට ලියූ නාඩගම් ගීතය

7. හාමිනේ ට මෙව්වා එකක් අරං දුන්නෙමි

8. බිත්තර තැම්බීම

9. බැඳපු අයට උපදෙස් කීපයක්

10. නෝනා ගේ උපන් දිනේ ගැන වැදගත් අවවාදයක්

p/s/s:
Here the original eMail in verbatim.

"I hope you will not mind if I take a little more of your time to share some of our thoughts with you regarding marriage. When we decided to get married (we married one year later) we swore to each other that we will make our marriage the happiest ever.

We realised, based on the experience of our friends and relatives, that to make
a marriage succeed is not easy. After some years of marriage many couples start leading what we call a "polite marriage" not a "delightful marriage."

We wanted to feel during each day of our marriage that we were still newly wed.
So, during that one year after our marriage was fixed, we both read many books
on marriage, problems in marriage, etc. and shared our thoughts. Based on our research we formulated some guidelines to foster a "delightful marriage." We would very much like to share this with you.

We sometimes refer to these as the 10 commandments to be adhered to, faithfully, each day of our married life.

1. Never take each other for granted.

2. Never use harsh words and do not be quick to criticise.
Once words come out of your mouth you cannot take them back in.
People may forgive but it is not easy to forget.

3. Do things for each other happily and lovingly.

4. Never criticise each other's family and family members.

5. Command the respect of your spouse through excellence in whatever you do
(your job, cooking, gardening, home projects etc.).

6. Never forget birthdays, anniversaries, Valentine's Day etc.
(these are opportunities to rekindle passion).

7. Praise your spouse (sincerely, no flattery please) to your friends.
You can always find great things about your spouse to tell others.

8. Never argue with your spouse in the presence of your kids
(your kids must see you both as a single, united entity).
Differences are to be worked out in private in an atmosphere of trust and mutual respect.

9. Allow your spouse some time to be alone each day after coming home (they need their private space to recover from stress at the workplace).

10. Never compare your spouse with others. We are all individuals with our own strengths and weaknesses. Love your spouse for what she/he is.

We decided to follow these rules from day 1 of our marriage and such conduct has now become part of our personalities. We certainly have our flaws but our marriage is still very happy and deeply passionate.

Our greatest reward came last year when our daughters, on our wedding anniversary, told us that they wished, hoped, and prayed that their marriage would be as wonderful as ours.

We are sure that your kids too will feel the same way about you."


(image: http://www.fanpop.com/spots/celeb-weddings/images/5982532/title/amitabh-jaya-wedding-photo)

55 comments:

  1. අංක 8 ගැන තාම අත්දැකීම් නැහැ.. ඉතුරු ටික නම් ඇත්ත... :D

    ReplyDelete
  2. සමහරවිට කකාගෙ ඔය කොන්දේසිය නැතුවද දන්නෑ අර යාළුවා අවුරුදු 25ක් පවුල් කෑවේ.. ඒකයි එයාට ඒක එච්චර වැදගත් නෑ වගේ පෙනිලා තියෙන්නෙ.. තාම යවපු ඊමේල් එකට උත්තරයක් ආවෙ නැද්ද..?? ආවහම අපටත් පොඩ්ඩක් දැනුම් දෙන්ට කෝකටත්.. :D

    ReplyDelete
    Replies
    1. සමහර විට ගණන් හදලා බලලා අවුරුදු විසිපහේ අඩුපාඩු මකනවා ඇති බොස්....!

      Delete
  3. අමතර වශයෙන් කලත්‍රයා ලවා ව්‍යායාම කිරීමද ප්‍රයෝජනවත් විය හැක.

    ReplyDelete
    Replies
    1. ඉතිං බොලේ ඒක නේන්නං ඔය කකා අන්තිමට කියලා තියෙන්නෙ සතියකට වරක් ව්‍යායාම් කරන්ටය කියලා.. :D

      Delete
    2. ඒ උනා‍ට කකාට තවත් එකක් අමතක වෙලා... බන්ඩ මම ඒක පහලින් ලියන්නම්

      Delete
  4. අංක 3න් කියලා තියෙන්නෙ ඒ මහත්තයා කකා කියපු දේම නේද ? ඒ මහත්තයා ඒක 3 ට දමද්දි කකා ඒක 0 ට දමලා..දෙන්නම සෑහෙන්න හිතලා තියෙන හැඩයි..

    ReplyDelete
    Replies
    1. This was the content of that email from Ratnayake's boss.

      ==========================================
      I hope you will not mind if I take a little more of your time to share some of our thoughts with you regarding marriage. When we decided to get married (we married one year later) we swore to each other that we will make our marriage the happiest ever.

      We realised, based on the experience of our friends and relatives, that to make
      a marriage succeed is not easy. After some years of marriage many couples start leading what we call a "polite marriage" not a "delightful marriage."

      We wanted to feel during each day of our marriage that we were still newly wed.
      So, during that one year after our marriage was fixed, we both read many books
      on marriage, problems in marriage, etc. and shared our thoughts. Based on our research we formulated some guidelines to foster a "delightful marriage." We would very much like to share this with you.

      We sometimes refer to these as the 10 commandments to be adhered to, faithfully, each day of our married life.

      1. Never take each other for granted.

      2. Never use harsh words and do not be quick to criticise.
      Once words come out of your mouth you cannot take them back in.
      People may forgive but it is not easy to forget.

      3. Do things for each other happily and lovingly.

      4. Never criticise each other's family and family members.

      5. Command the respect of your spouse through excellence in whatever you do
      (your job, cooking, gardening, home projects etc.).

      6. Never forget birthdays, anniversaries, Valentine's Day etc.
      (these are opportunities to rekindle passion).

      7. Praise your spouse (sincerely, no flattery please) to your friends.
      You can always find great things about your spouse to tell others.

      8. Never argue with your spouse in the presence of your kids
      (your kids must see you both as a single, united entity).
      Differences are to be worked out in private in an atmosphere of trust and mutual respect.

      9. Allow your spouse some time to be alone each day after coming home (they need their private space to recover from stress at the workplace).

      10. Never compare your spouse with others. We are all individuals with our own strengths and weaknesses. Love your spouse for what she/he is.

      We decided to follow these rules from day 1 of our marriage and such conduct has now become part of our personalities. We certainly have our flaws but our marriage is still very happy and deeply passionate.

      Our greatest reward came last year when our daughters, on our wedding anniversary, told us that they wished, hoped, and prayed that their marriage would be as wonderful as ours.

      We are sure that your kids too will feel the same way about you.
      ==========================================

      Delete
  5. /0. අඩු වශයෙන් සතියකට එක්වරක්වත් ලිංගිකව එක්විය යුතුය. එයින් ඇතිවන චමත්කාරය සිත්තුල පවතිනතාක් කල් මෙහි අංක 1 සිට 10 දක්වා ඇති කරුණු අදාල නොවේ./

    සතියකට වතාවක් එකම ගෑනියෙක්/පිරිමියෙක් එක්ක ලිංගික සංසර්ගයෙන් තෘප්තියක් ලබන්න නම් (ඒ තමන්ගේ විවාහක භාර්යාව, පුරුෂයා වීම වෙනම කාරණාවක්) ඒ සුපර් මෑන් කෙනෙක්ම සුපර් වුමන් කෙනෙක්ම වෙන්න ඕනැ.

    ReplyDelete
    Replies
    1. kauda kamathi kaka kalani gage palama yatin pol lellak yanawa wage melo rahak nati wadak karanna.pahu pahu wenakota dannawane ladies lage............

      Delete
    2. 1ඇනෝ - මොකෝ බැරිද???

      2ඇනෝ - දැන් එහෙම වුන ඒවා රිපෙයාර් කරන්නත් පුලුවන්.වෙනම එක්සයිසුත් තියෙනවා.

      Delete
    3. 3ඇනෝ,

      මහත්තයෝ, ජීවිතේ ඕනැම දෙයක විවිධත්වයක් තියෙන්න ඕනැ. සතියකට සැරයක් ඕක කරන්න බැරි කමක් නෑ. මම කිව්වෙ එක්තරා කාලයකින් පස්සෙ එයින් වින්දනයක් ලබන්න බැරිය කියන එකයි.

      අවුරුදු විසිපහක් එකම කාර් එක එළවන කීදෙනෙක් ඉන්නවද? අවුරුදු විසිපහක් එකම ෆෝන් එක පාවිච්චි කරන කීදෙනෙක් ඉන්නවද? විශේෂයෙන්ම ඕනැ තරම් අළුත් මොඩ්ල් වල කාර් හා ෆෝන්ස් වෙළඳපළට එද්දි?

      Delete
    4. මහත්තයෙක් නොවෙමි. එක්තරා කාලෙකට වින්දනේ ලබන්න ක්‍රම සහ විදි හදා ගන්න තමන් දැන ගන්න ඕනෙ.(මං කීවෙ වෙන අය එක්ක යන එක නෙවෙයි.වෙන ඕනෙ තරම් විදි තියෙනවා.ජංජාලෙත් උදව් තියෙනවා ක්‍රම දැන ගන්න)ඒ වගේම ගැහැනිය දැන ගන්න ඕනෙ තමුන්ගෙ රූපය පුලුවන් තරම් හොදින් නඩත්තු කරගන්න. එතකොට ඊයා හිතෙන්නෙ නෑ නොවැ.

      කාර් වලට ෆෝන් වලට අලුත් තාක්ෂණෙත් එක්ක අලුත් අලුත් ගැජමැටික් එකතු වෙනවා.එතකොට අලුත් අලුත් ඒවා ගත්තෙ නැත්නම් සමාජෙත් එක්ක පිටි පස්සට ගිහින් තියෙයි.කොච්චර අලුත් ඒවා ආවත් තමුන්ට තියෙන එකට ආදරෙන් ඒකම තියාගෙන ඉන්න අයත් කොච්චර ඉන්නවද....

      Delete
    5. අන්තිම ඇනෝ,
      එහෙම ියාගෙන ඉන්න කාර් හෙන ගනනුත් එක්ක

      Delete
  6. 6,7,10 ගැන වඩා අවධානය යොමු කල යුත්තේ පිරිමිය.

    උපන්දින, සංවත්වර අමතක වෙන්නේ ඔවුන්ටය.
    මිතුරන් සමග ගුන වැනීමක් නම් ජීවිතේට අසා නැත.
    අන් අය හා සැසදීමද නම් නිතරම සිදුවෙන්නකි. ඔවුන්ට පේන්නේම අල්ලපු වත්තේ ගස්වල කොළ පැහැයය.

    මා මේ ලියන්නේ මැදහත් සිතින් බව කරුනාවෙන් සලකනු මැනවි. :D

    ReplyDelete
    Replies
    1. ඒ එක එක්කෙනාගෙ අත්දැකීම්. ඒවට කරන්න දෙයක් නෑ දැන්. :D

      Delete
    2. තමන්ගෙ අද්දැකීම් ලෝකෙ මනින මිම්ම කරගන්න එපා! :P

      Delete
    3. //මිතුරන් සමග ගුන වැනීමක් නම් ජීවිතේට අසා නැත//
      අනේ පව්!

      Delete
    4. @අංජන, බුද්ධි, සහ ට්‍රැෆික් ඇනෝ,

      තාම ඔය අත්දැකීම් ලබලා නෑ. අනෙක් අය දිහා බලලා තමා ඔය ඉගෙන ගන තියෙන්නේ. මම කියලා තියනවනේ මැදහත් සිතින් ලීවේ කියලා. අනෙක ඔය එක, එක අය එක, එක දේවල් කීවට මගේ හිත ඇතුලේ ඔයලා ගැන තියන විශ්වාසේ පොඩ්ඩක්වත් සෙලවෙන්නේ නෑ .....:D:D:D

      මම දන්නවා ඔයාලා ඔය උපන්දින වගේ ඒවා ලියලා තියාගෙන, යාලුවෝ බැන්නත් තමන්ගේ ගෙදර අය වර්ණනා කරන, අල්ලපු ගෙදර අයගේ ලස්සන දකින්නේ නැති අය කියලා.:)))

      Delete
    5. මම දන්නවා ඔයාලා ඔය උපන්දින වගේ ඒවා ලියලා තියාගෙන, යාලුවෝ බැන්නත් තමන්ගේ ගෙදර අය වර්ණනා කරන, අල්ලපු ගෙදර අයගේ ලස්සන දකින්නේ නැති අය කියලා.///

      ලස්සන දකින්න ඕනේ තමන්ගෙ අයගෙ විතරයි කියලා කොහෙද තියෙන්නෙ කුමාරිහාමි. ඕනැම තැනක ඕනැම දෙයක ලස්සන දැක්කට ඒකෙ අවුලක් තියෙනවා කියලා මට හිතෙන්නෙ නෑ.

      හෝටලයක් දැක්ක පලියට ගිහිං කන්ඩ ඕනැ නෑනේ. මෙනු එක කියෝලා නිකං ඉන්නත් පුලුවන්නෙ.:P හා නැද්ද?

      Delete
    6. හැඳි මිටේ දිග ගැන මතක් වුණා!

      Delete
    7. මේ 10ම පිලිපැද්දත් කුමාරිහාමි වගෙ කෙනෙක් එක්ක ඉන්න බැරිවෙයි වගේ.......

      Delete
    8. ඉඳලම බලන්ට ඕනි. නැතුව ඉතින් කියන්ට අමාරුයි.:D:D:D

      කොහොමද දන්නේ හිටියට පස්සේ දාලා යන්ටම හිතෙන් නැතිවෙයිද දන්නේ නෑනේ.:)))

      Delete
  7. //දරුවන් ඉදිරිපිටදී සහකරු/සහකාරිය සමහ විවාද කරන්න එපා. ඔවුන්ට ඔබ දෙදෙනා එක ඒකකයක් ලෙසින් පෙනිය යුතුය. දෙදෙනාගේ ප්‍රශ්ණ දෙදෙනා එකතුව විශ්වාසය සහ අන්‍යෝන්‍ය ගෞරවය ඇති වාතාවරණයක් තුල විසඳාගන්න. //

    මේක ඒ දෙන්නට කෙසේ වෙතත් ලමයින්ගෙ පැත්තෙන් බැලුවොත් හුගක් ඕනෙ වෙන දෙයක්.

    ReplyDelete
  8. විවාහ වුන අළුත මම වැඩිය මේවා ගැන තැකුවෙ නෑ.ඒක නිසා අපි අතරේ ප්‍රශ්න ඇති වුණා.ඒත් පස්සෙ මම ගොඩක් කල්පනා කළා.මම මාස 5 6 ට කලින් කල්පනා කරලා ක්‍රියාත්මක කරලා තියෙන්නෙත් මේව ම තමා.මීට අමතරව ඉවසීම කියන දේ වගේම තැනට සුදුසු නුවණත් වැදගත්

    ReplyDelete
  9. ඔය කරුනු ටික නම් හොඳයි. හැබැයි, ඕව ලේඛන ගතකරල රාමුවල ඉන්නවා වඩා අවභෝදෙන් ජීවත් වෙන්න පුලුවන් නම් වටිනව මගෙ හිතේ....
    'පැනි' රස උනාට හැමදාමත් කන්න පුලුවන්ද? :D

    ReplyDelete
    Replies
    1. ඇයි හැමදාම සීනි දාලා තේ බොන්නේ?

      Delete
  10. ඉටි ගෙඩිය තමයි තව එකක් තියෙනවා..
    සියලු දේම වෙනස්වෙන සුළුයි අනිත්‍යයි කියලා වටහා ගන්න ඕනා.

    ReplyDelete
  11. හරි . . ලිස්ට් එක ලියා ගත්තා . . .:D

    ReplyDelete
  12. සහතික ඇත්ත.

    ReplyDelete
  13. නිවසින් බැහැරදි නියම චරිතයට පිවිසෙන්න.
    නිවසේදී, අඳ, ගොළු, බිහිරි ස්වාමී පුරුෂයකු ලෙස ජීවත් වන්න.
    ඇයගේ ඉල්ලිම මත පමණක් ළිපි ළේඛන සඳයා ගෘහ මූලීක අතසන යොදන්න. (ඇයටම අත්සන යොදන ලෙස කාරුණිකව ඉල්ලීමෙන් ඇයව කුල්මත් කරන්න.)
    ඇයගේ ඉල්ලීම් මත පමනක් ඇඟට ගොඩවන්න. (එයද ඇය කැමති ආකාරයකට ඉටුකරන්න. කාමසූත්‍රය අත්හදා බැලීමට ගොස් අවයවය අහිමි කර ගැනීමෙන් වලකින්න.)
    ලාදුරු රෝගියකු සේ ජීවත් වන්න.
    අවුරුදු 25ක් නොව, මිය යන තෙක්ම සාර්ථක පවුල් ජීවීතයක් ගත කළ හැක.
    ඇත්දුටුවයි ප්‍රත්‍යක්ෂයි
    පවුල් සැළ්සුම් හා ලිංගික ගැටළු පිළිබඳ විශේෂඥ වෛද්‍ය ආචාර්ය මාතලන්

    ReplyDelete
    Replies
    1. අන්න මාතලන් ලොක්කා නම් ප්‍රායෝගිකව පිළිපදින්න පුළුවන් ලිස්ට් එකක් දීල තියෙනවා.

      Delete
    2. good comment.... this is very suitable for KUMARIHAMI'S husband

      Delete
  14. ඇයි කතන්දර මීට කලිනුත් ලිස්ට් එකක් කිව්වෙ. ඒකෙත් වැදගත් දෙයක් කිව්වනෙ..... රන්ඩුවෙද්දි හෙලුකොට්ටෙන් රන්ඩුවෙන්ඩ කියලා..... ඒකත් මේකට දාන්ඩ....

    ReplyDelete
  15. ආදර්ශමත් විවාහයක පින්තූරයක් එහෙම දාල වැඩේ පටන්ගත්තු එක හොඳයි.
    මට මතක් වුනා සාමා කෙල්ලගේ ‍කතන්දරේ ඊයෙ පෙරේදා දාපු. මේ ලිස්ට් එකේ සමහර කාරණාවල් වලංගු වෙන්නෙ සාමා හිතාගෙන ඉන්නව වගේ හැම දෙයක්ම හරියටම කෙරෙන ලෝකෙකදි තමයි. ඒත් ඉතින් පන්සිල් පද ටික වගේ දස පණත වගේ මේ වගේ ලිස්ට් එකක් තියන එක හොඳයි අඩු ගානෙ ඉඩක් ලැබුන වෙලාවටවත් අනුගමනය කරන්න.

    ReplyDelete
  16. ඔයතරම් කොන්දේසි දාගෙන ඕක ඇදන් යනවට වඩා මෙන්න මේ ක්‍රමේ ලේසි නැද්ද බලන්නකෝ.
    http://aayubovanda.blogspot.com/2012/03/blog-post.html

    ReplyDelete
  17. සමහර සහකරුවෝ සහකාරියෝ සතියකට වරක්වත් සෙක්ස් කරන්න කැමති නැහැ.

    ReplyDelete
  18. මුල් කාලෙදි නං 0 වෙනි එක උදේ හවහ බත් දකින්න වගේ තියෙයි. පහු පහු වෙනකොටනෙ කොහු කොහු වෙන්නෙ.

    ReplyDelete
  19. උඩරට නීතියට බැදපල්ලා,,, වැඩේ ලේසියි. යුග දිවියේ කචල් ඇති නොවේ. අසන්තෘප්තියක් ඇති නොවේ. අත්නුදුටුයි නමුත් ප්‍රත්‍යක්ෂයි.

    ReplyDelete
  20. හොද පවුල් ජීවිත ගෙවන සුද්දෝ සුද්දියෝ එකිනෙකා අතර හොද ලිංගික ජීවිත ගෙවනවා .. ඉතින් අපේ අයට විතරක් මොකෑ මේ අවුල... පිරිමියා සහ ගැහැනිය දෙන්නම තමන්ගේ පෙනුම .. පිරිසිදුකම පවත්වාගෙන ලස්සනට ඉන්නවා නම් එහෙම එපා නොවී ඉන්න පුලුවන් මට හැගෙන විදිහට...

    ReplyDelete
  21. තෑන්ක්ස් කකා. මම මේ දවස්වල මේ වගේ උපදෙස් හොය හොයා ඉන්නේ :-)

    ReplyDelete
  22. කශූ කිව්ව වගේ මේ උපදෙස් මේල් එකක් ආව නොවැ ඉංගිරි‍සියෙන්..

    අන්තිමට තිබ්බා පිරිමියා සතුටු කරන්න නම් ඒ පිරිමියට තනියම ඉන්න දෙන්න කියලා

    ReplyDelete
  23. සතියකට එකවරයි කිවුවෙ භාර්යාව/ස්වාමියා එක්ක නේද ?

    එතකොට ඉතිරි දවස් හය වෙන කෙනෙක් එක්ක එකතු වුනාට කමක් නෑනෙ...

    ඒකත් හොඳ උපදේසෙ.... කකා පවුල් උපදේශන සමාගමක් දා ගත්තනං මීට වඩා හොඳට හම්බ කරයි...

    ඇල්කෙමියා

    ReplyDelete
  24. බැදපු දවසට බලමුකෝ....

    ReplyDelete
  25. මටත් හිතෙන්නේ පවුල් ජීවිතෙන් සීයට පනහක් විතර සෙක්ස් තමයි. අනිත් ඔක්කොම ඇතුල් වෙන්නේ ඉතුරු සීයට පනහට.

    ReplyDelete
  26. දැන්ම බදින්නට අදහසක් නැත :) බැදපු දවසට ගන්න බුක්මාර්ක් කොරගමි

    ReplyDelete
  27. කසාදෙ රැකගන්න නං ඉවසල ඉවසල ඉවසල ඉවසල ඉවසල ඉවසල ඉවසල ඉවසල ඉවසල ඉවසල ඉවසල ඉවසල ඉවසල ඉවසල ඉවසල ඉවසල ඉවසල ඉවසල ඉවසල ඉවසල ඉවසල ඉවසල ඉවසල ඉවසල ඉවසල ඉවසල ඉවසල ඉවසල ඉවසල ඉවසල ඉවසල ඉවසල ඉවසල ඉවසල ඉවසල ඉවසල ඉවසල ඉවසල ඉවසල ඉවසල ඉවසල ඉවසල ඉවසල ඉවසල ඉවසල ඉවසල ඉවසල ඉවසල ඉවසල ඉවසල ඉවසල ඉවසල ඉවසල ඉවසල ඉවසල ඉවසල ඉවසල ඉවසල ඉවසල ඉවසල ඉවසල ඉවසල ඉවසල ඉවසල ඉවසල ඉවසල ඉවසල ඉවසල ඉවසල ඉවසල ඉවසල ඉවසල ඉවසල ඉවසල ඉවසල ඉවසල ඉවසල ඉවසල ඉවසල ඉවසල ඉවසල ඉවසල ඉවසල ඉවසල ඉවසල ඉවසල ඉවසල ඉවසල අන්තිමට ආයෙත් ඉවසන්න. ඉවසීමෙන් සැනසීම! අත්දුටුවයි ප්‍රත්‍යක්ෂයි, වැරදුනොත් මුදල් ආපසු.

    ReplyDelete
  28. වටිනා උපදෙස් ටිකක් වගේ... බැන්දදාකට ගොඩක් ප්‍රයෝජනවත් වෙන්නැතෑ.... ලොල්ල්ස්

    ReplyDelete
  29. ඔය කියල තියන 1-10 වෙනකල් කරුණු ඇත්ත තමයි, 2013 අපේ 25 සංවත්සරය ,මම දකින්නේනම් ඒ කරුණු වලට වැඩිය නිතරම හොද ඉවසීමක් තියෙන්න ඕනේ .

    ReplyDelete
  30. අම්මෝ අදනම් කොහොම හරි කියව ගත්ත එකක්.මට මේ බ්ලොග් එකට ලොග් වෙන්නම බැහැ.. ගොඩක් වැදගත් කියලා හිතෙනවා මේ දේවල්.මේ වගේ දේවල් ලියන එක ගොඩක් වටිනවා.

    ReplyDelete
  31. සියළු දෙනාටම ස්තුතියි.

    විවිධ හේතු නිසා මෙලෙස පොදු ස්තුතියක්වත් කරන්නට කාලය, ශ්‍රමය සහ සම්පත් නැතිවිය.

    ReplyDelete
  32. වැදගත් වැදගත් බොහෝ....ම වැදගත්. දැන්ම නෙමේ ඉස්සරහට

    ReplyDelete
  33. ලංකාවෙ සමහර පවුල් වල උදවිය කර්කශ වචන පාවිච්චි කරනවා කිසිම වගක් නැතුව..පොඩි එවුන් කිව්වත් එපා කියන්නෙවත් නෑ..ඒ මිනිස්සු බ්ලොග් කියවන්නේ නෑ මයේ හිතේ..මේකට (දේශපාලන ) විසඳුමක් ඕනද නැද්ද?

    ReplyDelete
  34. සම්පූර්ණ වැදගත් පෝස්ට් එකක් කකා මේක නම්...ඇත්තටම වෘතීමය මට්ටමේ උපදෙස් ටිකක්...

    ReplyDelete
  35. සහන්ගේ අඩවියේ ලින්ක් එකකින් මේ පැත්තේ ආවේ.
    ඕනෑම දෙන්නෙක් අතර ඇතිවන ඕනෑම ආකාරයේ සබදතාවයක් සාර්ථක වෙන්න නම් කරුණු 4ක් තියෙන්න ඕන කියල මට හිතෙන්නේ Love, faith, respect, acceptance.
    මේ 4න් එකක් හරි අඩු උනොත් යාළුවො අතරත් හොඳ හිත පලුදු වෙන්න පුළුවන්.හිත්රිදීම් කලකිරීම් ඇතිවෙන්න පුළුවන් .sex නම් ඉතින් ඇතුවත් බෑ නැතුවත් බෑ ඒක ඒ දෙන්නගේ රුචිකත්වය අනුව වෙනස් කරගන්න පුළුවන්නේ...

    ReplyDelete

මා ලියූ කතන්දරයට අදාල නැති කරුණු ඔබේ ප්‍රතිචාරවල ඇතළත් නොකරන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

අදහස් වාරණයක් නොකෙරේ. කුණුහරුප සහ තුන්වන පාර්ශවයන්ට නින්දා කෙරෙන ප්‍රතිචාර ඉවත් කෙරෙනු ඇත.