Monday 30 April 2012

කසාදෙටත් දේශපාලනේ - Politics and marriage

දේශපාලනේ නැති තැනක්, නොගෑවිච්ච තැනක් නෑනේ.

කෞතුකාගාරයේ ඉඳලා කැවුතුකාගාරය දක්වාම, අකාරයේ ඉඳලා විකාරය දක්වාම, සූතිකාගාරයේ ඉඳලා ආදාහනාගාරය දක්වාම, මංගලාරාමයේ ඉඳලා චාරිකාරාමය දක්වාම, මල්වත්තේ ඉඳලා පොල්වත්ත දක්වාම, අර්ජුන රණතුංග ගේ ඉඳලා මයිකල් ක්ලාක් දක්වාම දේශපාලනේ.

එහෙව් එකේ කසාදෙටත් දේශපාලනේ බලපාන බව කිව්වොත් ඉතිං පුදුම වෙන්න දෙයක් නෑ.

කසාදේ ගැන කියන කොට මට නං මතක්වෙන්නේ රත්නායක මහත්තයා ගේ බොස් ගේ ලයිස්තුවට මං එකතු කරපු නම්බර් සීරෝ කොන්දේසියයි. ඒක අති වැදගත් එකක් තමයි, හැබැයි මං මේ අද කියන්න යන්නේ ඒ සේරටම වඩා වෙනස් කතාවක්. තියරියක් කියලා කියන්නත් පුළුවනි.

ඒ කියන වෙනස තමයි, බාහිර පරිසරයේ සාධක පවුල් ජීවිතේට බලපාන හැටි ගැන මේ තියරියෙන් කියවෙන එක.

දැන් මෙන්න මගේ තියරිය.

විවාහ ජීවිතය යහපත්ව පවත්වාගෙන යාමට නම්, පති-පතිනි යුවල එකම දිශානතියක දේශපාලන දර්ශනයක් දැරිය යුතුය.

මේකේ විලෝම නියමය මෙහෙමයි.

සැමියා සහ බිරිඳ එකිනෙකාට ප්‍රතිවිරුද්ධ දේශපාලන අදහස් දරන්නේ නම්, ඔවුන් ගේ විවාහ ජීවිතය හැල හැලැප්පීම්වලට ලක්වීමට ඉඩ ඇති අතර, අවසානයේ දික්කසාදයෙන් පවා අවසන් වීමට ඉඩ ඇත.

සුද්ධ සිංහලෙන් කියනවා නං මෙහෙමයි.

ගෑණියි, මිනිහයි දෙන්නාගේ ම පොලිටිකල් අදහස් සමාන නම් කසාදේ නැගලා යනවා. විරුද්ධ අදහස් තියෙන දෙන්නෙක් අතර පවුල් කෑම අමාරුයි. දික්කසාද වෙන්න පවා ඉඩ තියෙනවා.

ගෑණියි, මිනිහයි වෙනස් දේශපාලන අදහස් තියෙන පවුල්වල ප්‍රායෝගිකව වෙන්නේ මේකයි. කසාදෙන් පස්සේ කාලයත් සමග එක්කෝ ගෑණි මිනිහා ගේ විදියට හැඩ ගැහෙනවා, නැත්තං මිනිහා ගෑණි ගේ විදියට වෙනස් වෙනවා. බොහොමයක් තැන්වල දෙන්නාම වෙනස්වෙලා දේශපාලන අදහස් සමපාත වීමක් සිදුවෙලා දෙන්නාට සාමකාමී සහජීවනයෙන් ඉන්න ඉඩ ලැබෙනවා.

දැන් මෙන්න උදාහරණ විදියට මං දන්න පොඩි කතන්දර දෙකක්.

මං දන්න ඇන්ටි කෙනෙකුයි, අංකල් කෙනෙකුයි හිටියා, අංකල් අති උග්‍ර දක්‍ෂිණාංසිකයෙක්, කොටින්ම ඊශ්‍රායලයට පක්‍ෂපාත, රොනල්ඩ් රීගන් දිනන කොට රතිඤ්ඤා පත්තු කරන තරමේ. ඇන්ටි මේ අංකල්කාරයා එක්ක ඉහ ගහගෙන හිටියේ ඇන්ටිගේ නි්‍යුට්‍රල් කම හින්දයි. ඒත් ඝර්ෂණය ඇතිවෙන තරමට අංකල් දකුණු ඉවුරේ. දැන් නම් අංකල් මිය පරලොව ගිහින්.

තව ඇන්ටි කෙලනෙකුයි අංකල් කෙනෙකුයි ඉන්නවා, බඳින්න කලින් ඇන්ටි යූඇම්පී. කොටින්ම පලාතේ මංත්‍රී පාරේ යනකොට තමන්ගේ ඉස්කෝලේ කොලපාට ටයි එකෙන් වේව් කරන තරමට යූඇම්පී ඉස්කෝලේ කෙල්ල කාලේ ඉඳලාම. අංකල් නං කොල්ලා කාලේ ඉඳලාම වම් ඉවුරේ පොරක්.

දෙන්නා බැඳලා ටික කාලයක් ගියාට පස්සේ මට තේරුණා දෙන්නාම ආගම්වාදී, ගෝත්‍රවාදී, ජාතිවාදී ලයින් එකකය යන්නේ කියලා. දැන් මේ වෙනකොට ඩබලම බලන්නේ අයිටීඇන්. උදේ හවා සුභ අනාගතයක් කියනවා හම්බවෙන අයට. මෙතන වුනේ ඩබලම ඩයිවර්ජ් වෙලා සමපාත වීමක්.

-කතන්දරකාරයා

ප/ලි:
තවත් ඔය වගේ කතා අනන්තවත් ඇති නේද?

(images: http://www.dailynews.lk/2006/04/29/spice03.asp
http://www.lankaegossip.com/2011/04/anoma-janadari-nudity-is-life-of-woman.html)

40 comments:

  1. ඡායාරූප වල කථාව ගත්තොත් කතන්දර ලියල තියන උදාහරණ දෙකේ වගේ සරලව විග්‍රහ කල හැකි මට්ටමෙන් දේශපාලනයක් දකින්න නැහැ . නමුත් පාට දේශපාලනයට එහා ගිය දේශපාලනයේ පුලුල් අර්ථදැක්වීමකට ගියොත් එතනත් තියෙන්නේ දේශපාලනයම තමයි කියල කියන්න බැරිත් නැහැ

    ReplyDelete
  2. සමහර අවස්තාවල අපේ ගෙදර වැඩිහිටි අය පක්ෂ තුනකට චන්දෙ දීල ඇවිත් එක මේසෙ ඉඳගෙන මම තම්බපු ඉඳිආප්ප පරිප්පුත් එක්ක කනව.

    http://emailkavikaari.blogspot.com/2012/04/blog-post_03.html?showComment=1333515654285#c5455083186821451268

    ReplyDelete
    Replies
    1. අපි හැමෝම චන්දෙන් පසු (ඉඳිආප්ප කෙසේවෙතත්) පරිප්පු නම් කන්නෙමු.

      Delete
  3. මීට පස්සේ විවාහ යෝජනා දානකොට දේශපාලන පක්ෂය අහලා දාන්ටත් වෙයිද? :D:D:D

    ReplyDelete
  4. කව්ද මේ පින්තුරෙ ඉන්න අනෝමා ජනාදරී ?

    ReplyDelete
  5. දෙන්නටම කන්න වෙන්නේ එකම හැලියේ බත් හින්දා ඔය දේශපාලනෙත් එක පිඟානකට වැටෙන එක අහන්නත් දෙයක්ද . අනික පවුලක් පත්වාගෙන යද්දී දේශපාලනය නැතුවට වෙන කොයිතරම් ප්‍රශ්න තියෙයිද . හැබැයි ඉතින් ඕව ලේ වලටම ඇතුල් වුන අයගේ තත්වේ වෙනස් ඇති .
    පොඩ්ඩි.. පක්ෂෙකට ගැති වුන කෙනෙක් නම් බඳින්නම එපා . අනික ලොක්කෝ සුටුස් ගාල පිල මාරුකරන එකේ පොඩ්ඩෝ එක පක්ෂෙක ඉඳියිද .

    මටත් මතක් වුනා මගේ යාලුවෝ දෙන්නෙක් . කොල්ල කැපුවත් කොළ පාට ජාතියේ . කෙල්ල නම් දේශපාලනය කියන වචනේ වත් දන්නේ නැති ඔලුවට උඩින් ගංවතුර ගැලුවත් මික් නොගාන ජාතියේ . දෙන්න බැඳලා අවුරුදු ගානකට පස්සේ හම්බවුනා මට . මොනවා වෙන්න ඇති කියලද හිතන්නේ . මෙන්න කෙල්ල කොළ පාට වෙලා . සුවච කීකරු භාර්යාවෝ

    ReplyDelete
    Replies
    1. මාත් දන්න පවුල් කීපයකම වුනේ ඔක තමයි භාර්යාව,සැමියාගේ දේශපාලන මතවාදය පිළිගැනිමට නැඹුරුවීම. මං හිතන්නේ මහ ලොකුවට දේශපාලනය ගැන කයිවාරු ගහන්න කැමැති පිරිමින්ට වැඩිය ගැණුන්ට තියෙනව හොඳ සමාජ ඉවක්, පාට පොඩ්ඩක් වෙනස් වුනාට දෙතුන් ගොල්ලොම එකයි කියලා තේරුම් ගන්න පුළුවන්.එක හින්දයි පවුල් පන්සල් වුනාම දෙන්නා දෙමහල්ලො අතර රංඩු කරන්න තව ඔනතරම් කාරණා තියෙද්දී ඔය මඟුලේ දේශපාලනය ගැන කොකු පටලව ගන්න එක බොරු වැඩක් කියලා කන්තාවො දන්නවා.

      Delete
  6. හඳගම ගේ පවුල් අවුලට හේතුවත් කියන්ට.පිංතූර දැම්ම නම්

    ReplyDelete
  7. කේ. ජයතිලකගේ "නගරාධිපති" කියන දේශපාලන නවකතාවේ කවරය සකස් වුණේ වම් හා දකුණු පැත්තේ සිට පැණ පැණ එන රතු පාට හා කොළ පාට ඉරි දෙකක් පිටුවේ මැදදී නිල් පාට වීමෙන්ලු. අර දෙවැනි කතන්දරේ කියෙව්වාම මේක මතක් වුණේ.

    ReplyDelete
  8. නියම කතාව. ශා! දශක කීපයක ජීවන අත්දැකීම් හින්ද ලියන කතා! ටොපේ ටොප්.

    ReplyDelete
  9. බැඳලම බලමුකෝ...

    ReplyDelete
  10. ඒ පාර තවත් පොරොන්දමක්

    දැන් ඕක අයිති වෙන්නෙ අට පොරොන්දමටද .... විසි පොරොන්දමටද

    ReplyDelete
    Replies
    1. හුටා දැන් විසි පොරොන්දම් නෙවෙයි නේ....... මේකත් එක්ක විසි එක් පොරොන්දම කියල සංශෝදනය කරන්න වෙනවා

      Delete
  11. එක ගෙදරක ගෑණු කෙනා අලියට, පිරිමි කෙනා බුලත් කොලේට... චන්දේ දවසේ දෙන්නම කතාවෙලා දෙන්නා දෙපැත්තට චන්දේ දැම්මම කිසිම පක්ශෙකට වැඩක් නෑ චන්ද දෙක බැලන්ස් වෙලා යනවා ඒ නිසා චන්ද දෙකෙන් වැඩක් වෙන්නම් දෙන්නම එක පක්ශෙකට දාමු කියලා...

    ඒත් ජන්ද පොළට යනකල්ම මොන පක්ශෙටද දාන්නේ කියලා දෙන්නට එකඟ වෙන්න බැරිවෙලා... ආපහු එද්දී පිරිමි කෙනා ගෑණු කෙනාගෙන් අහනවා ඔයා මොකේටද දැම්මේ කියලා...

    "අපරාදේනේ දෙපැත්තට වැටුණම... මම ඉතින් අන්තිම මොහොතේ අකමැත්තෙන් හරි ඔයාගේ එකට දැම්මා..."

    "අයියෝ මමත් එහෙම හිතලා ඔයාගේ එකටනේ දැම්මේ..."

    දේශපාලනේට වඩා දෙන්නා දෙමාල්ලන්ගේ ආදරේ වැඩි අයත් ඉන්න බවට ඔන්න උදාහරණයක්... :)

    ReplyDelete
  12. මේක ටිකක් දර්ශනවාදී කාරණාවක් මගෙ හිතේ.
    දේශපාලනිකව යම් පක්ෂයකට හිතවත් වීම වගේම යම් ආගමික දර්ශනයක් විශ්වාස කිරීමත් එකිනෙකාට අසමාන වුනාම ඕනෑම දෙන්නෙක් අතර මත බේද, වාද විවාද ඇති වෙනවා. ඒත්, කසාද බැඳපු ජෝඩුවක් ආගමික හෝ දේශපාලනික වශයෙන් විරුද්ධ මත නොදැරුවත් ශාරීරික වශයෙන් වෙනස් වීම නිසා පවා ගැටුම් ඇති වෙන අවස්ථා තියනවා.
    කතන්දරකාරයාට වඩා චුට්ටක් විතර අඩු ජීවන අත්දැකීම් අනුව මට හිතෙන්නෙ කසාදයක් සාර්ථකව පවතින්න අවශ්‍ය කරන්නෙ එකිනෙකාට අවංක වීම විතරමයි කියලයි.

    ReplyDelete
    Replies
    1. "කතන්දරකාරයාට වඩා චුට්ටක් විතර අඩු ජීවන අත්දැකීම් අනුව මට හිතෙන්නෙ කසාදයක් සාර්ථකව පවතින්න අවශ්‍ය කරන්නෙ එකිනෙකාට අවංක වීම විතරමයි කියලයි."

      නෑ, එකිනෙකාට ගරු කරන්න පුලුවන් වීම කියලයි මම හිතන්නෙ.

      Delete
  13. mama hithana vidihata wenas math darana aya ek unama godak hondai kiya etha danenawa jeewath wena bawakuth ekinekage hangeem therum ganeemakuth e anuwa adu gatum athi kara ganne kohomada kiya dedenama yam danumak labaganna hatith dana gannawa ethandi athi wena loku bandeemak samana adahas ek unama ethana kathawak , gala yamak naha jeevithe vivida gataluwaladi muhuna denna hakiyawa labenne naha tika kalakin neerasa wenawa bohodurata wenas matha darana deshapalana adahas athi un ek unama chuti mihiriyawak danenawa dennama tharaka karanawa pasuwa eka mathyakata enna karunu hoyanawa eka jeevitheta ona.mage adahas aththatama mama ewani parisarayak athi wa inna nisa dinapatha jeevithe aluth bawak danenawa habai ugath buddhimath dennek veema itha wadagath kiya mata hithenawa

    ReplyDelete
  14. අපේ අම්මයි අප්පච්චියි පක්ෂ දෙකකට සපොර්ට් කලේ. එක්කෙනෙක් කොළ, අනික් එක්ක්කෙනා නිල්. ඒ උනත් අවුරුදු 60ක් පවුල් කෑවේ කිසිම දේශපාලන ප්‍රශ්ණයක් නැතිව?

    ReplyDelete
  15. ගොඩාක් දේවල් හංගලා ගහන මේ ලංකාවෙ දෙන්න දෙමාල්ලො ඇත්තටම රන්ඩු වෙන්නෙ , විරසක වෙන්නෙ සහ වෙන් වෙන්නෙ වෙන වෙන දේවල් වලට..දෙන්නගෙම හංගන් ඉන්න හුණු ටික සමාජයට පෙනෙයි කියලා කියන්නෙ වෙන මොනා හරි හේතුවක්ම තමයි..ඒකට අල්ල ගන්න අහිංසක එක හාවෙක් තමයි මේ.."අපි දෙන්නගෙ දේශපාලන මතවාදෙ වෙනස් ඒ හින්දා එකට ජීවත් වෙන්න බෑ" කියන එක..හරියටම ඇත්ත හේතුව ඇදලා අරන් බැලුවොත් ඒ හේතුවට අඬන්නද නැත්නම් හිනා වෙන්නද කියලා අපිටම හිතා ගන්න බැරි වෙයි...

    ReplyDelete
  16. අපේ පුංචි බප්පි නම් දෙන්නම එකටම තමයි පක්ෂේ වෙනස් කරන්නේ. එක හොඳයි :)

    ReplyDelete
  17. දේසපාලනේ කියන්නෙ අර අවුරුද්දකට වතාවක් විතර පංසලට ගිහිං ඒකෙ තියෙන පෙට්ටියට කොළයක් දැමීමක් තමයි අපේ අම්මටයි තාත්තටයි නං...
    ඒකෙ මනාපය ගොඩක් වෙලාවට මාක ්ෙවන්නෙ පවතින රජයට විරුද්ද පැත්ත තමා ගොඩක් වෙලාවට...

    ReplyDelete
  18. විවාහ ජීවිතය යහපත්ව පවත්වාගෙන යාමට නම්, පති-පතිනි යුවල එකම දිශානතියක දේශපාලන දර්ශනයක් දැරිය යුතුය.

    කතාව ඇත්ත.. 100%

    ReplyDelete
  19. මම නං හිතන්නෙ පක්ෂ දෙකක උනත් "දේශපාලන උණ" තියන දෙන්නෙක් උනොත් තමයි අවුලවෙන්නෙ. උදාහරණයක් විදියට අපේ තාත්තයි අම්මයි පක්ෂ දෙකකට චන්දය දීපු අවස්ථා තිබුන ඕනතරම්. මම උනත් මගේ හාමිනේගේ අයිතියට බලපෑම් කරන්නෙ නෑ කවදාවත්. මොකද එච්චර උනන්දු කරවල ඡන්දය අරගෙන දෙන්න තරම් සුදුස්සො නැති නැසා.

    ReplyDelete
  20. කළටි පොල් කල් යද්දී මෝරන එකේ ඔව්වා ඒ හැටි දෙයක් නෙමේ කසූ....

    ReplyDelete
  21. දැනටනම් අවුලක් නැහැ.
    දෙන්නට එකට ගිහින් ජන්දයක් දාන්න ලැබුනේ නැහැ තාමත්.... :)

    මේ ෆොටෝ වල ඉන්න දෙන්නවම මේකට තෝර ගත්තේ මොකද කියලත් කිව්වනම්.
    මෙයාලගේ එක ෆිල්ම් එකක් මතක් වෙලා ඔක්කාරෙට වගේ ආවා.
    වෙලාවට අනිත් ඒවා මතක් උනේ නැහැ, මතක් උනානම් වමනේ ගිහින් තමයි නතර වෙන්නේ... :(

    ReplyDelete
  22. කකා හීන් නුලෙන් කියල දැම්ම නේ.... ඇයි සරත් සහ ශාන්තිනි කෝන්ගහගේ ..මහත්තය මහින්ද මාමගේ දෑත් සවිමත් කරද්දී නෝනා පලු යන්න දෙනවා...මොනවා උනත් හඳගමගේ සීන් එක මෙතනට මැච් වෙනවා මදි වගේ...ඒක නෙමෙයි ITN කට්ටිය බලනවද මම හිතුවේ ඒක බබාලට තියෙන ළමා චැනල් එකක් කියල...

    ReplyDelete
  23. අපේ අම්මයි තාත්තයි එකම දේශපාලන පක්ශයක උන්නෙ....ඒත් හැමදාම දේශපාලනේ ගැන කතා කරල දෙන්න රන්ඩු.....වාසනාවකට අපි 3 දෙනාට ලංකාවෙ චන්දෙ නැහැ......

    ReplyDelete
  24. දැන් ඉන්න මිනිස්සුන්ට දේශපාලනය කරනවට වඩා ජීවත් වෙන්ඩ ක්‍රමයක් හොයන එක අමාරුයි.

    ReplyDelete
  25. මැස්සාගේ බ්ලොග් එකත් හැක් වෙලාද???

    ReplyDelete
    Replies
    1. ඇත්තටම "ඇට මැස්සා" ගේ බ්ලොග් එක වහලා තමයි. පුද්ගලිකව ඇටමැස්සා දන්න කෙනෙක් ඉන්නවද?

      ?

      Delete
  26. මම බැඳල දැන් අවුරුදු 25 ක් වෙනවා. අපි වැඩ කරන්නේ බෙදාගන. මම සේරම ලොකු ලොකු වැඩ ටික කරනවා, එයා සේරම පොඩි පොඩි වැඩ ටික බලාගන්නවා. ඉතින් කිසි ප්රෝශ්ණයක් නැහැ.
    පොඩි පොඩි දේවල් කිවුවෙ මගේ පඩිය වියදම් කරන හැටි, මම අඳින පළදින හැටි, ආශ්රලය කරන අය, මතට තිත තියන වෙලාව, ගමන් බමින් යන එක, බලන්නේ මොන ටෙලි ඩ්රාටමද වාගෙ පොඩි පොඩි ඒව එයා බලා ගන්නවා.
    එතකොට ඔය ඇමරිකාවෙ විදේශ ප්රපතිපත්තිය සැකසෙන ආකාරය, ජීනීවා මානව හිමිකම් වාගෙ දේවල්, ඉරානය සම්බන්ධව ගත යුතු ක්රිපයා මාර්ගය, ලිබියාවේ පශ්චාත් දේශපාලන නායකත්වය වාගෙ ලොකු ලොකු දේවල් මම බලාගන්නවා.
    ඉතින් කිසි අවුලක් නැහැ.
    (මේක මම කොහොදෝ කියවල තමයි ඉගන ගත්තෙ. ඔයාලත් ට්රවයි කරන්නකෝ. අත් දුටුවයි සත්තයි.)

    ReplyDelete
  27. බම්බුවෙ දේශපාලනේ තමය්...
    මොන පක්ශෙ ආවත් වැඩක් නැහැ....... අපි හම්බකරොත් අපි කෑවා.

    ReplyDelete
  28. [දෙන්නාම ආගම්වාදී, ගෝත්‍රවාදී, ජාතිවාදී ලයින් එකකය යන්නේ කියලා. දැන් මේ වෙනකොට ඩබලම බලන්නේ අයිටීඇන්.]

    අනේ හුකේ, උඹ ලස්සනය උඹත් ගෝත්‍රවාදියෙක් කියල මේ දැං ඔප්පු කොලා

    ReplyDelete
  29. කසාද බැදලා ළමයිත් ඉන්න කොට ඒ තියෙන ප්‍රශ්න මදිද දේසපාලන ප්‍රස්ස්නත් දා ගන්

    ReplyDelete
  30. හිකිස්..

    මම දන්නා උදාහරන නොකියමි..

    ReplyDelete
  31. දික්කසාද වෙන්ඩ වෙන හේතූ නැතූවද චන්දේ හින්දා දික්කසාද වෙන්නේ

    ReplyDelete
  32. මම හිතන්නේ දෙන්න කසාද බැන්දට පස්සේ දේශපාලනේ අත ඇරලා ෂේප් එකේ හිටියා නම් තව හොඳයි :D

    ReplyDelete

මා ලියූ කතන්දරයට අදාල නැති කරුණු ඔබේ ප්‍රතිචාරවල ඇතළත් නොකරන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

අදහස් වාරණයක් නොකෙරේ. කුණුහරුප සහ තුන්වන පාර්ශවයන්ට නින්දා කෙරෙන ප්‍රතිචාර ඉවත් කෙරෙනු ඇත.