ජීවිතයම කතන්දර ගොඩක්!
This is a Sinahla blog written for five years from July 2009. It contains stories - Kathandara - from authors life.
කතන්දරකාරයා ගේ දශක කිහිපයක ජීවන අත්දැකීම් අළලා 2009 ජූලි 11 දින සිට පුරා වසර පහක් තිස්සේ ලියවුණු කතන්දර එකතුවකි. kathandara@gmail.com
Wednesday 4 April 2012
පොඩි එකාට බයියං කැව්ව හැටි - Baby Kathandara at dinner time
පොඩි ළමයින්ට බත් කවන හැටි ගැන මේ වගේ කතන්දර නම් ඔහේලා කප්පරකට අහලා ඇති. නමුත් මේ කතන්දරේ, මට නං එක වැදගත්කමක් තියෙනවා. ඒක තමයි මේ කතන්දරේ පොඩි එකා කියන්නේ කතන්දරකාරයා පොඩිම පොඩි කාලේ චරිතය නොහොත් "කතන්දර බබා" වීම.
ඇත්තටම කියනවා නං අපේ අම්මා මට බත් කවන්න ගිහිල්ලා වුණාට කියන මේ සිද්ධිය මගේ මතකයේ තිබුණේ නෑ. මේ කතන්දරේ මට මතක් කරලා දුන්නේ අපේ ඇන්ටි කෙනෙක්. (මේ කියන්නේ අර රුපියල් විස්සට පෙට්‍රල් ගන්න තාමත් බලං ඉන්න ඇන්ටි ගැනයි).
පොඩි උං බත් කැමට හොර බව ඉතිං අමුතුවෙන් කියන්න ඕනෑ නෑනේ. මංතුමාත් ඉතිං ඒ කාලේ එහෙම තමයි. මොකද, බත් කියන්නේ වැලිතලපයැ නේද?
ඉතිං ළමයින්ට බත් කවාගන්න අම්මලා දාන පරම්පරානුගත අත්දුටු උපාය, රැවටිලි, දහංගැට සේරම වගේ අපේ අම්මාත් පාවිච්චි කරළා තියෙනවා.
ඒ එක උපක්‍රමයක් තමයි ගුණපාල.
ගුණපාල කියන්නේ අපි ඒ දවස්වල කුලියට හිටපු ගෙවල් පැත්තේ ගෙදරක හිටපු කොල්ලෙක්. මේ කියන කාලේ පොර නිකං අවුරුදු දහයක දොලහක විතර ඉස්කෝලේ යන ළමයෙක්.
මුලින්ම, "ඔන්න කුරුල්ලෙක් එනවා කට අරින්න!" කියලා අම්මා මට බත් කටක් කවනවා. ඒ කට කෑවට පස්සේ මං ආයේ කුරුල්ලන්ට කට අරින්නේ නෑ.
ඊලඟට, "ඔන්න අහස් යාන්තරාවක් එනවා කට අරින්න!" කියලා තව කටක් කවනවා. ප්ලේන් ට්‍රික් එකත් එතනින් ඉවරයි.
ඊට පස්සේ ඔන්න අම්මා පාවිච්චි කරන්නේ ගුණපාල උපක්‍රමයයි.
"ඔන්න ගුණපාල එයි මේ බත් කට කන්න!" කිව්වාම කතන්දර බබා තව කටක් කනවාලු.
ඊලඟ කට කවාගන්න ඊටත් වඩා අමාරුයි නේ. එතකොටම ඔන්න ගුණපාල දොරට තට්ටු කරනවා. ඔය තට්ටු කරන වැඩේ කරලා තියෙන්නේ ඒ දවස්වල අපේ ගෙදර හිටිය මං කලින් කියපු ඇන්ටි තමයි.
දොරට තට්ටු කරන සද්දෙ ඇහුණම මං තව එක කටක් කන්න ඇති.
ඉති මේ කියන දවසේත් කතන්දර බබාට බත් කැවීමේ ක්‍රියාවලිය සුපුරුදු පරිදි සිද්ධවුණා.
කුරුල්ලෙක් ආවා. කට ඇරුණා. බත් කටක් කැවුණා. අහස් යාන්තරාවක් ආවා. කට ඇරුණා. බත් කටක් කැවුණා. ගුණපාල එන ආරංචියට තවත් බත් කටක් බඩට ගියා.
ඒත් එදා අපේ ඇන්ටි ගෙදර නැති හින්දා දොරට තට්ටු කරන්න කෙනෙක් ඉඳලා නෑ. අම්මා කල්පනා කරන්න ඇති අද කොහොමද ඊලඟ කට කවා ගන්නේ කියලා.
කතන්දර හොඳ බබා, අම්මා ගේ ඒ ප්‍රශ්ණය තමන්ම තේරුම් අරගෙන ක්‍ෂණයකින් විසඳුවා.
"ඇන්ටි නැති නිසා අම්මා ගිහින් දොරට තට්ටු කරලා එන්න, මං එතකොට තව එක කටක් කන්නං!"
-කතන්දරකාරයා
ප/ලි:
නාසිසිසම් ඇනෝ කාලෙකින් දැක්කේ නෑ මේ පැත්තේ. අදවත් එයිද මන්දා?
ඒක නෙමේ, බෝංචි ඇටේ කතන්දරේ කියවලා තියෙනවාද?
(image: http://www.picturesof.net/pages/100716-218332-341053.html)
Subscribe to:
Post Comments (Atom)
එක!
ReplyDeleteකතන්දර සූරීන් පොඩිකාලෙ ඇම්ඩන් කෙනෙක්නෙ.
ReplyDeleteපොඩිකාලෙත් දැන් වගේම තමා ඉතිං නේද.. ලොකු වුනා කියලා ඒ ගති ගිහින් නෑ.. :p
Deleteඅම්මට නිකන් පිස්සු වගේ ඇති බත් කවල ඉවර වෙනකොට :)
ReplyDeleteකතන්දරට තිබුණෙ ගිහිං දොරට තට්ටු කරල ඇවිල්ල බත් කන්නනෙ.
ReplyDeleteකතන්දර බබා කොහොමට ඉන්න ඇද්ද ඒ කාලේ .
ReplyDeleteපව් අප්පා අම්මා... මදෑ බොරු කලා කියලා හිතෙන්න ඇති.
ReplyDeleteඅපිට පුකද ...?
ReplyDeleteඋඹට නම් පුක වගේ තමයි... පුක නෙවෙයි නම් මේ ඔක්කොම කියවල පුකද කියල අහන්නෙ නැහැ නෙ... :D
Deleteඋබ පුක දෙන්නෙ නැතිව හිටපන්..............
Deleteහා හා... මල පැනල තියෙන විදිහට නම් උඹට පුකම තමයි... මෝඩ ආතල් ගන්න එපා බං... උඹට පුක නෙවෙයි නම් සද්ද නැතිව පැත්තකට වෙලා හිටපන්කො... මෙතන පුකද කියල අහන්න එන්නෙ නැතිව... :D
Deleteඅනේ ළමයිනේ නිකං රංඩු නොවී හිටපල්ලා.
Deleteමං කතන්දරේ මුලටමත් කියල තියෙන විදියට, මෙකේ තියෙන එකම වැදගත්කම තමයි, බත් කවපු බබා මංතුමා වීම.
මේ වගේ කතන්දර මං ලියන්නේ මගේ ජොලියටයි. මේවා කියවන අය කියවන්නේත් විනෝදය පිණිසයි.
නිකං තරහ ගන්න හේතුවක් නෑ නේද?
කකා තමා ඕක කරේ
Deleteපුක කියන්නෙ කුණුහර්පයක් නෙමේ කිව්ව වෙලේ ඉඳන් මුන් පුක දෙනවා
කවුරු පුක දීම කෙසේ වෙතත් එදා ඉඳල උඹ වගේ උනුත් හැම තැනම පුකද පුකද කියල අහ අහ යනවා... :D
Deleteඅම්මට තිබුනේ ඇත්තටම ගුණපාලව ගෙන්නගන්ට. :D
ReplyDeleteමේං කතන්දර! විකාර නැතුව මෙයින් කතන්දර දුසිමක් දෙකක් දාලා ඉන්නවා.....
ReplyDelete..............
මටත් පොඩිකාලේ මතක් උනා. අපේ නංගිට අම්මා කවන්න ගත්තු උත්සහයයි, මට අම්මා කවන්න ගත්තු උත්සහය ගැන කතායි. ලියන්ඩ නං විදිහක් නෑ... ආයෙත් තත්තු අමාරුව මතුවෙලා! :D
ඇයි තොගෙ මහලොකු සොට්ටෙයාර් එකෙන් ලියපන්කො
Deleteඅපේ ගෙදරත් මාර යුද්ධයක් චූටි මල්ලිට බත් කවන වෙලාවට
ReplyDeleteඅපට මතක නැති උනාට හැම දෙනාගේම වගේ පොඩි කාලේ කෑම යුද්දේ ඔය වගේ තියෙන්න ඇති ....
ReplyDeleteහබුන් කටයි බත් දෙකටයි
ReplyDeleteකකා බබා ඔක්කොම කයි
මල් පියලි
හික්...ආයේ කවදාවත් තට්ටුවට බත් කවන්න යන්නේ නැතුව ඇති..
ReplyDeleteඔය බත් කැවුවා කියන කාලේ එහෙනම් කතන්දර ගොඩක්ම පොඩි වෙන්න බෑ...
ReplyDelete3+ years
Deleteහානේ කතන්දර ඒ කාලෙ ඇම්ඩන් වගේ හොද බුද්ධිමත් දරුවෙක්නෙ
ReplyDeleteසික් කතන්දර ඒ කාලෙ ඉදලම හෙන ඇම්ඩෙක්නෙ
ReplyDeleteමරු.... අපේ දෝණිට බත් කවන්ට ගියාමත් හැමදාම ඔය වගේ තමයි. හැබැයි එයා නම් ඔය කුරුල්ලන්ට, ප්ලේන් වලට කට අරින්නේ නෑ...තට්ටරන සදිදෙට නම් ටිකක් බයයි.බිල්ලෙක් තට්ටු කරනවා කියල. ඒත් ඉතින් බත් එක ඔක්කොම කවා ගන්ට නම් කවදාවත් බෑ.......
ReplyDeleteඅප්පට සිරි....දැන් හැදෙන පොඩි එවුන්ට මාර විදියට මොළේ තියෙනවා අප්පා....හි හි හි
ReplyDeleteඅන්දරේ වගේ ඩයල් එකක්නේ කතන්දර ශූරිනුත් :D
ReplyDeleteකකාගෙ පොඩි එකාටත් බත් කවන්න මේවගේම කකා දොරට තට්ටු කරන්න ඇති.
ReplyDeleteපොඩි කාලෙ ඉඳන්ම වැඩ පෙන්නලා තියෙන පාටයි. අපේ අම්මටනම් කිසිම කරදරයක් නැහැලු මට කවන්න. ඒ කාලෙ ඉඳන්ම මම කෑමට පෙරේතලු :D
ReplyDeleteඅපේ මල්ලිට පොඩි කාලේ කවන හැටි මට මතක් උනා. එයා කන්නේ ගේ වටේ දුව දුව ඇවිද ඇවිද. වැඩි කරදරයක් නැතුව බත් ටික කටේ දාගන්නවා. ටිකක් වෙලා ගියාම තමයි සෙල්ලම මාට්ටු වෙන්නේ. කටේ දාගත්තු බත් කටවල් ඔක්කොම ගිලින්නේ නැතුව තැන් තැන් වල කටින් දාලා. කබඩ් වල ලාච්චු අස්සේ, සෙටි එකේ කුෂන් යට, මල් පෝච්චි ඇතුලේ... ඒ දවස් වලනම් අම්මට හොඳටම යකා නගිනවා. දැන්නම් අම්ම මතක් කර කර හිනා වෙනවා.
ReplyDeleteමේ කාලේ මගේ වයස අවුරුදු තුනක් විතර බවයි කියවෙන්නේ. නැවතත් කියනවා නං මේ කතන්දරය මගේ මතකයේ තිබුණු එකක් නොවේ. මං දැන ගත්තේද මේ ඊයේ පෙරේදාය.
ReplyDeleteසියළු දෙනාටම ස්තුතියි.
ReplyDeleteවිවිධ හේතු නිසා පසුගිය සති දෙක තුනක කාලය පුරාම කතන්දර දැම්මා මිස පොදු පිළිතුරක් හෝ දෙන්න ඉඩකඩ නැතුව ගියා. දුක තමයි!
හැදෙන ගහ දෙපෙත්තෙන් දැනේ :D
ReplyDelete