Friday 13 January 2012

හොට් ගොසිප් නිවුස් - කතන්දරකාරයා අමරදේව ගේ නිවස මිල දී ගැනීමට යයි - Hot gossip about Amaradeva


රටේ ලෝකේ කීර්තිය ඉතිරිලා පැතිරිලා ගිය අයට තමයි සෙලිබ්‍රිටීස් එහෙම නැත්තං කීර්තිමත් පුද්ගලයෝ කියන්නේ. මේ සෙලිබ්‍රිටි ලා ගැන නොවැදගත් විස්තර පවා, ඒ කියන්නේ සෙලිබ්‍රිටි ගොසිප් අහන්න, කියවන්න, දැකගන්න කැමති ඈයෝ කොට්ඨාශයකුත් ඉන්නවා.

ඒ අයගේ අවශ්‍යතාවය සපුරන්න පත්තරවල පිටු ගණන්, වෙබ් සයිට්ස් විතරක් නෙමේ මුළුමණින්ම සතිපතා හෝ මාසිකව පලවෙන සඟරා පවා තියෙනවා.

පිපා ගේ තොප්පිය, කේට් ගේ යට සාය, සින්ටා ගේ කිස් එක වගේම රායි-බච්චන් ගේ සාරිය ගැනත් අපි දන්නේ ඔය මාකට් එකේ පවර් එකට අහක ඉඳල වුනත් ගොදුරු වෙන නිසයි. පැපරාට්සි කියන වෘත්තියක්ම ඇතිවෙලා තියෙන්නෙත් මේ හා සමගාමීවයි.

මාත් මේ යන්නේ ඒ වගේ සෙලිබ්‍රිටි ගොසිප් එකක් ලියන්නයි.

මූලික අරමුණ පැහැදිලියි නේ? සමහරු කියලා තිබුණු විදියට අඩුවෙලා ගිහින් තියෙන කතන්දර බ්ලොග් එකේ ජනප්‍රියතාවය වැඩි කරගන්නයි මේ වෑයම.

ඒකේ මුල් පියවර වුනේ පිරිමි සෙක්ස් ගැන හිතන වාර ගණන, වයි-ෆයි මගින් ශුක්‍රාණු මැරෙනවද හොයපු හැටි වගේ දැනුම් සාගර වර්ගයේ ලිපි පල කිරීමයි. දෙවන පියවර සෙලිබ්‍රිටි ගොසිප්.

කතන්දර ජෝඩුව බැඳපු අළුත ඇනෙක්සි හොයලා හොයලා, අන්තිමේදී ඇන්ටිගේ ඇනෙක්සියට පදිංචියට ගියා. නමුත් ඉතිං හැම ජෝඩුවේ ම වගේ අපේ හිතේ වැඩ කළෙත් අපේම කියලා කූඩුවකට යන එකයි.

දෙමව්පියන් ගේ පිහිටෙන් උරුම වුණු ඉඩං කෑලි දෙකක් ගං පලාත් දෙකේ තිබුණු නිසා, ඒකෙන් එකක් විකුණලා "කොඹළ හරියෙන්" ගෙයක් ගන්නයි අදහස් කළේ.

ඉතිං කාලයක් තිබුණා, මං හැම ඉරිදාම සන්ඩේ ඔබ්සෝවර් එකේ ක්ලැසිෆයිඩ් ඇඩ්වටීස්මන්ට් කියවලා අයිතිකාරයින්ට කෝල් කරන.

ඔන්න එක ඉරිදාවක බැලින්නම් තිබුණා නුගේගොඩ හරියේ ගෙයක් ඇඩ්වර්ටයිස් කරලා. පරචස් මෙච්චරයි, ගේ මෙහෙමයි, අනුලා එක මෙච්චර ලඟයි යනාදී වශයෙන් විස්තර ගොඩයි.

හිතට අල්ලා ගිය හින්දා මං දැම්ම කෝල් එකක්. ගෑනු කෙනෙක් තමයි අනිත් පැත්තෙන් උත්තර දුන්නේ.

විකුණන්න තියෙන ගේ ගැන කතාබහ කරන අතරේ මෙන්න බොලේ මේ මනුස්සයා එක පාරට කියපි "මේක මේ අමරදේව මාස්ටර් ගේ ගෙදර!" කියලා.

"තන්ඩරින් ටයිපුන්ස් ඇන්ඩ් බ්‍රිස්ටරින් බානකල්ස්!" කිව්වලු. මං මේ කතාකරලා තියෙන්නේ විමලා අමරදේව එක්ක.

"ආ ඇත්තද?" මට කියාගන්න පුළුවන් වුනේ එච්චරයි.

"අපි මේ හදන්නේ මේ ගේ විකුණලා ටිකක් ඈතින් ගෙයක් ගන්නයි", විමලා පෙරේරා කිව්වා.

"ආ ඇත්තද?" මට කියාගන්න පුළුවන් වුනේ එච්චරයි.

වයසට යනකොට කලාකාරයින්ට ඕනෑ වෙනවා වගේ නගරයේ කළබලෙන් පලා යන්න. අතීත කාලෙක චිත්‍රසේන සහ වජිරා කොල්ලුපිටියේ ගෙදර විකුණලා කිරිබත්ගොඩ පැත්තට ගිය බව මං පත්තරේක කියවලා තියෙනවා. මේ මෑත කාලෙක වික්ටර් රත්නායකත් නාවින්නේ ගෙදර විකුණලා කඩුවෙල පැත්තට පසුබැස්සා මයෙ හිතේ.

"කොහෙද මේ මාස්ටර් කැමති නෑනේ, දේශපාලකයින්ගෙන් උදව් ගන්න, නැත්තං මේ ගේ විකුණන්න නෙමෙයි මං හිටියේ." විමලාවෝ එහෙමත් කිව්වා මට මතකයි.

"ආ ඇත්තද?" මට කියාගන්න පුළුවන් වුනේ එච්චරයි.

දැන් නං හිතෙනවා වෙලාවක් කතා කරගෙන ගිහින් ගෙදර බැලුවා නම් හොඳයි කියලා. නමුත් ඉතිං අමරදේවලා ගෙදර විකුණන්න හිතාගෙන හිටපු ගාණ අපි ගාව තිබුණු ගාණට වඩා දෙගුනයක් විතර වුණු නිසා මට හිතුනේ නෑ එහෙම බොරුවට ඒ මනුස්සයින් ගේ කාලය නාස්ති කරන්න.

ඔන්න ඔහොමයි මගේ සෙලිබ්‍රිටි ගොසිප් කතාව!

-කතන්දරකාරයා

තවත් ඕන්නං ලියන්නං මේ වගේ ගොසිප් ඕනෑ තරම්.

හැබැයි මෙන්න මේවා නං ගොසිප් කියලා සලකන්න එපා.

1. කැසට් මුදළාලි මාව රවට්ටලා මගේ සින්දු රැප් කළා - රෝහණ බැද්දගේ කියයි

2. භාතිය-සන්තූෂ් ලා ව මල්මාලා දාලා පිළිගන්න ඕනෑ - ජැක්සන් ඇන්තනි

3. පවතින රජයෙන් හෝ එහි නායකත්වයෙන් හෝ රටට, ජනතාවට, අපේ කමට, මහා විනාශයක් සිදුවේ යැයි ඉදිරියේ දී මට වැටහුණොත්, ඉදිරියේ දී මා එයට විරුද්ධව කතා කරනවා - සෝමරත්න දිසානායක

4. මල්ලී මං අද වෙන කොට ගායකයෙකුත් නෙමේ, සිනමා නළුවෙකුත් නෙමේ, වේදිකා නළුවෙකුත් නෙමේ! - කමල් අද්දරආරච්චි

පොඩ්ඩක් හෝව්, ඔය අන්තිම සෙලිබ්‍රිටි ගොසිප් නිවුස් එක වගේ එක තාම ලියලා නෑනේ.

දැන් ඉතිං කම්මැලිකම අතහැරලා ඒක ලියන්න වෙනවා!

(image: http://www.dailynews.lk/2011/07/06/art02.asp)

106 comments:

  1. Replies
    1. @ ඊ මේල් කවිකාරි
      නෑ, ඌ ගැන නෙමේ. මේ කතාව අමරදේව ගැන.

      Delete
  2. ඇලෙක්සා එකට අනුව 42 % ක් කතන්දරගේ බ්ලොග් එකට එන්නේ පුක කියල ගහල හොයාගෙන ලු , 2% ක් විතර කක්ක සොයාගෙන එනවලු , තැනෙ වැනෙන හැටි බලන්නත් මීට සමාන කට්ටියක් එනවලු , මේ අතර 1.5% ප්‍රමාණයක් කතන්දරගේ බ්ලොග් එකට එන්නේ අම්මය් පුතය් ගන්න අතල් බලන්නලු , අපේ සුබපැතුම් කතන්දර කාරයට මේ වගේ සාර්ථක බොකක් ලියනවට.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි.

      සර්ච් කරන උන්ගේ පව් මගේ පිටින් යවන්නද හදන්නේ?

      ඇයි ඔයා ඔය කියන වචන දාලා සර්ච් එකක් කරලා බලන්නේ නැත්තේ. එතකොට තේරේවි නොදැනුවත් කමක මහත!

      Delete
  3. යකෝ....... දැන් බලාගෙන ගියාම කතන්දරගේ බෝග කියවන එවුන්ගෙන් 50% කට මානසික අබාද නේ .......!!

    ReplyDelete
    Replies
    1. ඔයාටත් ටිකක් පොට වැරදිලා.

      මගේ බ්ලොග් එක කියවන අයගෙන් බාගයක් එන්නේ තමන්ගේ රිඩර් සහ බුක් මාක් යනාදිය හරහාය. විවිධ වචන සර්ච් කර අහම්බෙන් පිවිසෙන්නේ මට තේරෙන විදියට 2%කට අඩු ප්‍රමාණයකි.

      Delete
  4. තන්ඩරින් ටයිෆූන්ස් ඇන්ඩ් බිලියන්ස් ඔෆ් බිලියන්ස් බ්ලූ බ්ලිස්ටරින් බාර්නකල්ස්ම තමා.. අපරාදෙ කකාට තිබ්බෙ සල්ලි සල්ලි කියලා බලන්නැතුව ගේ ගන්න, කොහොමද ඇන්ටික් වටිණාකම.. :D

    ReplyDelete
    Replies
    1. ගන්න තිබුණා හලෝ අපිටත් ස්ටර්ලින් තිබුණා නම්!

      Delete
  5. අබුද්ධස්ස කාලේ ලබුත් තීත්තයිලු රාලේ....රාලේ බැඳපං...එක්කො ඔන්නෑ..හික්

    ReplyDelete
    Replies
    1. කිරි පුස්සා නේද? අපි නොදන්න නාට්‍ය ගී!

      Delete
  6. මාස්ටර් ඔහොම වුනත් අර සම හරක් කලා ගණික ගණිකාවෝ රටත් ඇත ඇරලා යයි.

    ReplyDelete
  7. ඊට පස්සෙ කා.ක නින්දෙන් අහෑරුනා නෙ..???

    ReplyDelete
    Replies
    1. මෙන්න තව එකෙක්.....

      Delete
    2. මං පොඩ්ඩෙක් නෙමේ ලොක්කෙක්!
      මේක අමූලික ඇත්ත කතන්දරයක්.

      Delete
  8. මේ ලියන සීග්‍රතාවයෙන් කතන්දර ලියාගෙන ගියොත් 2020 විතර වෙනකොට හැම වචනයකටම වගේ ලින්ක් එකක් හොයාගන්න පුළුවන් වෙනව. එහෙම උනොත් මුළු පෝස්ට් එකටම ලින්ක් දාන්න පුළුවන්. ලියමුද ඒවගේ ලින්ක් වලින්ම පෝස්ට් එකක්.

    ReplyDelete
    Replies
    1. බුදු අම්මෝ, 2020 කියන්නේ තව අවුරුදු අටකින්.

      මං තව කතන්දර 2000 ක් විතර ලියලා ඉවරවේවි නේද?

      Delete
  9. එක දවසක්, රන්ජන් රාමනායක අපේ ගෙදරට කෝල් කරා පොඩි බාප්පට කෙටි පණිවිඩයක් දෙන්න! ෆෝන් එක ආන්සර් කලේ මම! එයාගේ මුළු නම කියලා පණිවිඩේ කියුවා. මම "ok පණිවිඩේ දෙන්නම්" කිවුවම,එයා නැවතත් කියනවා "නංගී මම රන්ජන් අය්යියා,අර නළුවා" කියලා හෙහෙ! ඔන්න ලංකාවේ සෙලිබ්‍රටිස්ලගේ තරම! ඔයිට හපන් නිළියෝ! මම නම් අස නැහැ ගොසිප්ස් කියවන්න කතන්දර! දැනුම් සාගරේ හොදයි වගේ!

    ReplyDelete
    Replies
    1. ඇත්තටම මේක ගොසිප් එකක් නෙමේ, මගේ සෑබෑ ජීවිතයේ අත්දැකීමක් නේ! ගොසිප් වගේ ද පේන්නේ?

      Delete
  10. බොහොම හොද අදහසක් තව තව කතන්දර ජනප්‍රිය වෙනකොට අපිත් පස්සෙන් එනවානේ. කතන්දර කියන්නේ බ්ලොග් ලෝකෙ මහ වෘක්ෂයනෙ. ඔන්න අපි කැමතියි ඔබ අර රාජ් කියන වගේ හැම වචනෙටම ලින්ක් තියන පෝස්ට් එකක් ලියනවට. කලොත් ඔබටම තමා හැකි. ලියන්න.

    ReplyDelete
    Replies
    1. පොඩි පොඩි පර්යේෂන තමා මේ සේරම!

      Delete
  11. අයියෝ අපරාදෙ..කතන්දර ඒ ගේ ගත්තනම් අපිටත් කියන්න තිබ්බා ඉස්සර අමරදේවටගේ ගෙදර දැන් ඉන්න කතන්දරගෙ බ්ලොග් එක අපිත් කියවනවා කියලා..!!

    ReplyDelete
    Replies
    1. ඔන්න ශනිදාවක්වත් ඇදුණා නම් ගන්න තිබුණා ඒ ගෙදර.

      Delete
  12. අපරාදේ ඒ ගේ ගත්තෙ නැද්ද.....???

    සින්දු බිත්ති වලටත් උරාගෙන ඇති...

    ReplyDelete
    Replies
    1. මං ගියා නං ඒ බිත්තිවලට උරාගෙන තිබුණු සින්දු සේරම කවි කරන්න තිබුණා!

      Delete
  13. කතන්දරයක් වශයෙන් ඉතා සාර්ථක නමුත් සෙලිබ්‍රිටි ගොසිප් එකක් වශයෙන්නම් අන්තිම අසාර්ථකයි. අනික, සෙලිබ්‍රිටි ගොසිප් දානකොට ‘ලු’ යන්න දාන්නම ඕනැ.
    හැමදාම කතන්දර ම ලියල පුරුදු වුනාම වෙනත් දේවල් ලියන්න බෑ. එදා දැනුම් සාගරෙත් කතන්දරයක් වගේ වුනානෙ. ඒත් කවුරුත් දැනුම් සාගරේ කිමිදුනේ කතන්දරයක් වගේ ලියල තිබුන නිසයි මං හිතන්නෙ.
    නැත්තං අර අනිත් දැනුම් සාගර වගේම විසිටර්ස්ල දහයකට දොළහකට සීමා වෙනවනෙ.
    ඒ නිසා මීට පස්සෙ
    සාමාන්‍ය කතන්දර
    දැනුම සාගර කතන්දර
    සෙලිබ්‍රිටි ගොසිප් කතන්දර
    පොර ටෝක්ස් කතන්දර
    ජනප්‍රියතාව වැඩි කරන කතන්දර
    යනාදී වශයෙන් කැටගරයිස් කරගත්තනං හරි නේද?

    ReplyDelete
    Replies
    1. ස්තුතියි. උපදේශය බාරගන්නම්!

      Delete
  14. Sorry, the above comment
    Anonymous Jan 12, 2012 10:12 PM
    is by me (Traffic Ano)

    ReplyDelete
  15. ෂහ් කොහොමද ගත්තනං නේ... කතන්දර බ්ලොග් එකත් ක්ලැසික් කරලා කතන්දර අමරදේව නිවසේ සිට ලියමි කියලා තව හිට්ස් ටිකක් ගහන්න තිබ්බා

    ReplyDelete
  16. මෙය කියැවූ විට අපේ කතන්දර සූරීන් ගැන විශාල සංවේගයක් ඇති විය.

    මේ කතාවේ කවරකුට හෝ ගත යුත්තක් නැත. මේ ආදර්ශයක්, රසයක් හෝ අඩුම තරමින් ආතල් එකක්වත් ඇති කතාවක් නොවේ. එසේම මේ වෙලාවේ මෙය කීමේ වැදගත්කමක්ද නැත. ඔන්න අමරදේව මරුණු දවසක කිව්වා නම් කාලෝචිතය.

    මගේ නිහමනයේ හැටියට කතන්දර මෙය පළ කිරීමේ එකම අරමුණ "හොට් ගොසිප් නිවුස්" යන වචන ටික ටයිටල් එකකට දමා ගැනීමය. එවිට සර්ච් එන්ජින් එකකට සයිට් එක අසු වීමේ ඉඩ වැඩි බව ඔහු දනී.

    කතන්දර තමාගේ හා තම සම්බන්ධයක් ඇති වෙනත් අඩවි හරහා ලිපි වලට ලින්ක් දමා ගන්නේද, "පුක", "ජොකා", "sex", "lesbian" වැනි වචන මාතෘකාවල නිතර භාවිතා කරන්නේද මේ අරමුණින්ම බව රහසක් නොවේ. ඔහුගේ අදහස හැකිතාක් හිට්ස් ලබා ගැනීමය. මේ වචන වලට සර්ච් එන්ජින් වල වැඩි ඉල්ලුමක් ඇති බව බ්ලොග් එකක් කරන ඕනෑම කෙනෙක් දනී.

    මෙසේ ලබා ගන්නා හිට්ස් ඇත්තටම වැදගත්කමක් නැත. ඒවා බ්ලොග් එකේ තත්පර තිහට වඩා අඩු කාලයක් රැඳී සිටින පාඨකයින්ගේ casual hits වන නිසාය. (ගණනය කර බැලුවොත් කතන්දරගේ මේ ප්‍රමාණය 50%ක් පමණ වනු ඇතැයි සිතමි.) වැදගත් ඉතුරු හිට්ස් ටිකය. වැඩි කර ගත යුත්තේ ඒවාය. නැතුව නිකම් ඉලක්කම් නොවේ.

    ඉලක්කම් වැඩි කර ගැනීම "මං පොර" යැයි අනෙකාට පෙන්වීමක් පමණෙකි.

    දැන් කතන්දරට "මම නම් හිට්ස් ගැන හිතන්නේ නෑ" යි මෙය ප්‍රතික්ෂේප කළ හැකිය.

    ReplyDelete
    Replies
    1. අදරුති ඇනෝ
      මගේ හිතවතියක් ළෙස ඔයා මේ දැඛවූ අදහස් ඉතා අගේ කරමි.

      මගේ ලිපියේ යටි අදහස ඔයා හිතා මතා උළුප්පා පෙන්නීම ටියුබ් ලයිට් කාරයින්ට හැලුප් එකක් වනු ඇත.

      ස්තුතියි.

      Delete
  17. බිබිලි නගින බෙලිකටුම තමා කසූ....අපරා‍දේ මොනවා හරි කරලා ගේ අර ගත්ත නම් වැඩි කරලා මාකට් කරන්න තිබ්බා....මේ ගෙදර තමා අමරදේවත් හිටියේ කියලා.....:)

    ReplyDelete
    Replies
    1. පවට පින දෙන්න බෑනේ! දුක තමයි!

      Delete
  18. @AnonymousJan 12, 2012 10:27 PM,

    සහතික ඇත්ත කතාව ... මටත් කතන්දර ගැන හොද දෙකක් ලියන්න හිතිලා ලියන්න ගියේ නෑ කෙනෙක්ගේ පුද්ගලිකත්වයට ගරුකරන නිසා ... ඒ උනාට දැන් වැඩ යනවිදිහට අනේ කියල හිතෙනවා ... මොනවා උනත් හොදට ඉගෙනගත්ත මනුස්සයෙක් නේ ..... මම අහන්නේ එක දෙයය් තව අවුරුදු 10-15 කින් ඔයාගේ දුවට හරි පුතාට හරි කවුරුවත් කිව්වොත් අර යන්නේ කක්ක-චු බ්ලොග් එක ලියන කෙනාගේ දුව කියල ඔයාට ආඩම්බරය් ද ?

    ReplyDelete
    Replies
    1. මගේ යහපත ගැන හිතවතියක් ලෙස කරුණු දැක්වූ ඔබටද මගේ ප්‍රණාමය.

      හැබැයි ඔබ මොන ලෝකයක සිට ආවාදැයි මට පොඩි පැණයක් ඇතිවුණා.

      මං ඉන්නා ලෝකයේ නම් බහ තෝරන වයසේ සිටින දරුවන් සමග දෙමව්පියන් කතා කරන මාතෘකා ප්‍රධාන වශයෙන් හතරක් ඇත.

      1. බයි කෑම
      2. කුක්කු බීම
      3. චූ කිරීම
      4. කක්කා කිරීම

      දැන් ඔබේ දුකට හේතුව ගැන නැවත හිතා බලා පියවි ලෝකයට පිවිසෙන්න. මේ ලිව්වේ අපහාසයකට නොවේ. ඉතාමත් අවංකව සිතට ආ අදහසයි.

      මගේ බ්ලොගයේ කතන්දර 549 ක් ඇත.

      දෙමව්පියන් අති බහුතරය තම දරුවන් සමග කතාකරන කක්කා, චූ ගැන ලිවීම මහා පාපකරමයක් ලෙස මදකට සළකමු.

      මගේ බ්ලොගයේ ඒ ගැණ කතන්දර කීයක් තිබේද? එය ප්‍රතිශතයක් ලෙස කොපමණද?

      Delete
  19. මේ පෝස්ට් එක නොදා හිටියනං එතුමාට කරන ගෞරවයක් හැටියට?

    ReplyDelete
    Replies
    1. මේ කතාවේ අමරදේව නොහොත් දුමී ගේ මචංට වී ඇති අගෞරවය පෙන්නා දෙන ලෙස කරුණාකර ඉල්ලා සිටිමි!

      Delete
    2. මා මේ කියන්න්නේ කාගේවත් මචං කෙනෙක් ගැන නොවෙයි. මැග්සයිසේ සහ පද්ම භූෂණ වැනි ජගත් උපහාරයන්ගෙන් පිදුම් ලැබූවද පණ්ඩිත් අමරදේවයන් ගැන

      Delete
    3. මං අහපු ප්‍රශ්ණයට දිය හැකි ලේසිම පිළිතුර දී ඇති බව පෙනේ. ස්තුතියි.

      අමරදේව යනු දුමී ගේ මචං නොවේ, දුමී යනු අමරදේව ගේ මචං ය.

      Delete
  20. කසුත් මගේ මතක අවුස්සනවා.

    1983 - 1985 වගේ කාලේ මම ගියා ඔය කසූ කියපු අමරදේවගේ ගේ ගාවින් තියෙන පාරෙ කොණේ (පාරෙ නම මතක නෑ) තිබිච්ච ඉංග්‍රීසි පන්තියකට සතියට දවස් දෙකක්. ඒ යන ගොඩක් වෙලාවට දකින සීන් එකක් තමයි අමර දේව මාස්ටර් කොට කලිසමක් ගහගෙන කාර් එක හෝදනවා. ඒ කාර් එක මොකක්ද කියලා නම් මතක නෑ. හැබැයි ඒක රතු පාට කාර් එකක්. මට මතක විදිහට ඒ ගේ ගොඩක් ඉඩ කඩ තිබිච්ච ගෙයක් නෙමෙයි. හරියටම පාරටම මායිම් වෙලා තමයි ගැරේජ් එක තිබුනේ. ඇතුල පේන යකඩ කම්බි ගහපු ගේට්ටුවක් තමයි තිබුනේ.ගෙදර වම් පැත්තේ බිත්තිය මායිම් වෙන්නෙ අනුලා එකේ පිට්ටනියට. අමරදේව මාස්ටර් හෝස් බටේ අල්ලලා රතු පාට කාර් එක රෙදි කෑල්ලකින් අතුල්ලනවා මට මේ දැනුත් මැවිලා පේනවා.

    ඊට පස්සෙ කාලෙක මම ඉස්කෝලෙ රගර් ටීම් එකේ සෙල්ලම් කරන කාලේ අපේ ටීම් එක හැම ඉරිදාවකම වැල්ලවත්තේ කිංරෝස් එක ගාව ටැප් රගර් ගහනවා. එතකොට අමරදේව එයාගේ වයසෙම වගේ පොරවල් දෙකකුත් එක්ක මුහුදේ පීනන්න එනවා. අර වගේම කොට කලිසමකුත් ගහගෙන අමරදේව මාස්ටර් දිය කාව වගේ අර ගලේ හැපිලා ගිලිච්ච බොම්බයි ලුණු නැව ගාව ගල් තලාවට පීනලා ගිහිල්ල වාඩිවෙලා ටික වෙලාවක් ඉඳලා ආපහු එනවා... මේ කියන්නෙ 1991 - 94 කාලේ.

    ඊටත් පස්සෙ කාලෙකදි ඔය නුගේගොඩ පැත්තෙ ලොකු මුදලාලි කෙනෙක්ගේ ගෙදරක තිබිච්ච පැදුරු සාජ්ජෙක ගිටාර් ගහන්න ගිය වෙලාවක අමරදේව මාස්ටර් ඒ පැදුරට ඇවිත් සින්දු කිව්වා. වයලීන් ගැහුවෙ ඩී.ඩී ගුණසේන මාස්ටර්. ඒ 98 - 99 වගේ කාලේ. දෙක තුනක් නමාගෙන හිටපු අමරදේව මාස්ටර් මට දෙපාරක් තුන් පාරක්ම "මචං" කියලා කතා කලා...:)

    ReplyDelete
    Replies
    1. පොඩි කරෙක්ෂන් එකක්, මම ඉංග්‍රීසි පන්තියට ගියේ 83-85 කාලේ නෙමෙයි 85 - 87 වගේ කාලේ...

      Delete
    2. ඉතාමත් ස්තුතියි ඔබේ මතකයන් බෙදා ගත්තාට.

      මේවා ඉතා සොඳුරු මතකයන්. අපහාස හෝ අගෞරව හෝ හිට්ස් ගන්න ලියන දේ නොවේ!

      Delete
    3. "//අර ගලේ හැපිලා ගිලිච්ච බොම්බයි ලුණු නැව//"

      ඔය නැව අවුට් හාබර් තියෙද්දි හුළඟට ගහගෙන ඇවිත් ගලේ හැපිල පෙරළිල. ඒ දවස්වල දෙහිවල ගල්කිස්සෙ ගාළු පාර දිගට ළුනු සේල්! අපිත් දවසගානෙ සීනිසම්බල් කෑව. අන්තිමට අපේ පැතිවල තඩි වාසියක් වෙන වැඩ වලට හරි, එහෙම වාසියක් වෙන මිනිස්සුන්ට හරි "ළුනු නැව" කියල ප්‍රස්ථාව පිරුළකුත් හැදුන. මාත් ඔතන අනන්ත නාල තීනව. ඒත් ඒ සතියෙ දවස්වල හින්ද වෙන්නැති කවදාවත් අමරෙ මාස්ටර් එක්ක නාගන්නනං බැරිඋනා.:D

      Delete
  21. කකා.. කස්ටිය නගරේ අතැර කඩුවෙල, කිරිබත්ගොඩ ආවා නම්, බ්ලොග් ලියන සෑම් කැළණියේම් ඉන්නම් හොදේ :)

    ReplyDelete
    Replies
    1. @ sAm sRi
      කැළණියේම ඉන්න හතරවරං දෙයියෝම ඉන්නෙත් ඔය පලාතේනේ!

      Delete
    2. දෙයියෝ කෙසේ වෙතත් හතරවරම් නම් තමයි :)

      Delete
  22. 4. මල්ලී මං කවදාවත් හරිහමං ගායකයෙකුත් නෙමේ, සිනමා නළුවෙකුත් නෙමේ, වේදිකා නළුවෙකුත් නෙමේ! මේ රටේ සබ්ජෙක්ට් පටලවා ගත්තු රසික කැල අතර මං හෙන ජනප්‍රිය පොරක්. ඒ මං ස්ත්‍රී දූශකයෙක් නිසා!

    (මඩක් / අපහාසයක් කියලා ගන්න එපා.. සමාජ යතාර්තය එහෙම නේද?)

    - සනාත

    ReplyDelete
    Replies
    1. පොර එහෙම කිව්වේ ඒ දවස්වල කළේ අර ස්ටාර් ලා තෝරන තරගේ විතරයි නිසා. පොර හොඳ නළුවෙක්!

      Delete
    2. මම කියපු එක තේරුම් ගන්න නම්... කියමු බලන්න ඔය "පොර" රඟපාපු හොඳ චිත්‍රපටි පහක් (දහයක් නෙමෙයි පහක්)!!!

      - සනාත

      Delete
    3. නළුවෙක්ය කිව්වේ චිත්‍රපට ගැණ හිතා නොවේ.

      දඬුබස්නාමානය, වෙදහාමිනේ, හිරුට මුවාවෙන්, මෝරා, අත්, අග්නිදාහය සිහියට නැගේ.

      Delete
    4. සප්තකන්‍යා, සාගරයක් මැද, මිල්ලෙ සොයා, බව කර්ම

      Delete
    5. ගරිල්ලා මාර්කටින්

      Delete
    6. හොඳ යන්න සාපේක්‍ෂ බව පැහැදිලිය, නේද සනාත?

      Delete
  23. ගේ ගත්තනම් කකාට ගෙදරට directions කියන්න ලේසියි...කියන්න තියෙන්නේ
    "කාගෙන් හරි අහන්නකෝ අමරදේව ගේ ගෙදර කොහෙද කියලා"

    ප/ලි: කකා මොකක්ද මේ ඇනෝලාගේ ඇලෙක්සා / හිට්ස් / බ්ලොග් පොපියුලරටි වලිය?

    ReplyDelete
    Replies
    1. Have you heard about the Tall Poppy Syndrome?

      Nothing more than that.

      Delete
    2. අපිට එහෙම රෝගයක් තියේ නම් සදරු ගේ බ්ලොග් එකට ගිහින් එක එක දේවල් ලියනවනේ ... මේ වගේ සාපේක්ෂව ජනප්‍රියත්වයෙන් අඩු බ්ලොග් එකක ලියන්න ඕනි නෑ නේ.... පොඩි කොල්ලෙක් උනත් සදරු තාමත් කතන්දර කාරයාගේ තත්වෙට වැටිලා නෑ ... වැටෙන්නෙත් නැතිවෙය් ... අපි කිව්වේ කතන්දර කාරයට තියෙන ආදරේ නිසා ... තේරුම් ගන්න බැරි නම් ඕන මගුලක් කරගන්න

      Delete
    3. Hmmmmm.....

      Delete
    4. ආදර ඇනෝ,
      මාත් ඔයාට ආදරෙයි. මං රෝගයක් ගැන කිව්වේ නෑ. මං කිව්වේ ප්‍රවණතාවක් ගැනයි. ඒ ඇලෙක්සා කතාව ගැන කැන්ඩියන් ඇසූ ප්‍රශ්ණයට උත්තරයක් ලෙසයි.
      අපි සදා ආදරයෙන් ඉඳිමු.
      -කකා

      Delete
    5. කතන්දරට ගෙදර ඩික්ෂනරියක් නෑ වගේ. තිබුණ නම් Syndrome කියන වචනෙ තේරුම ප්‍රවණතාවයද නැද්ද කියල බලන්න තිබුණනෙ. නැද්ද?

      Delete
    6. අන්න බලන්න, මට වැරදුනාය කියලා හිතන වෙලාවේ, මං එහෙම කිව්වේ ඇයි කියා හිතුවේ නෑ නේද?

      මං ප්‍රවණතාවය කිව්වේ සින්ඩ්‍රෝම් යන්නේ පරිවර්තනය ලෙස නොවේ. ඒ trend යන්න වෙනුවටයි.

      Delete
    7. මොනවා උනත් සඳරු ඔහුගේ වයසට වඩා පරිණත ලෙස ලියනවා. කා හටවත් අවැඩක් නොවන අයුරින්. ඒක කාටත් ආදර්ශයක්. සඳරු වෙන රටක ඉපැදුනානම් මෙයිට වඩා උසස් තැනක ඉන්ට තිබුනා. කරුමෙට අපේ රටේ යුද්ධයක් තිබුනනෙ.

      Delete
    8. වෙන රටක්, උසස් තැනක් හා යුද්ධයක් එකිනෙක ගැලපෙන්නේ කොහොමද? යුද්ධයක් නොතිබුණා නම් සඳරූ වෙන රටක ඉපදිලා උසස් තැනකට යයිද?

      මට නං මේක ග්‍රීක් වගේ.

      මේ කතන්දරේ බලන්න.
      http://kathandara.blogspot.com/2010/03/blog-post_07.html

      !

      Delete
    9. මම කිව්වෙ වෙන්ට තිබුන අවස්තා දෙකක් ගැන. එක්කෝ යුද්දෙ නැතිව ඔහු ඔහුගෙ පියත් එක්ක රැකවරණයක් ඇතිව හිඳීම.අනෙක වෙනත් රටක ඉපැදුනා නං ඔහුට තාත්තා ඔය විදියට නැතිවෙන්නෙ නැහැනෙ නේද?

      Delete
  24. ගේ ගත්තනම් මරු පෝස්ට් ටිකක් වැටෙන්න තිබුනා නොගෙන මෙහෙම නම් කතන්දර වලට ලින්ක් දානකොට ඇට්ටි හැලෙන්න දානවා මෙහෙම ලින්ක් දැමිල්ලක් මම දැකලම නෑ හි හි තව ටික කාලෙකින් ලින්ක් ගොඩක් ඉතුරු වෙයි තමයි

    ReplyDelete
    Replies
    1. වෙබ් හෙවත් ජාලයක් හැදෙන්නේ ලින්ක්ස් වලිනි. ලින්ක්ස් ණැත්තං ඇත්තේ පොටින්ට්ස් (ලක්‍ෂ්‍ය) පමණි!

      Delete
  25. කතා කළේ විමලා අමරදේවමයි කියලා ෂුවර්ද හැබෑට???

    ReplyDelete
    Replies
    1. නැතුව වෙන කවුද?
      ඒ සුභානි ගේ කට හඬ නොවෙයි!

      Delete
  26. මළ ඛෙළියඛි. ඩැණ්ණේ ඩැඛ්ඛේ! ඝූඝළ් මාමා අඵිඨ රිඵ්ළයි ඛරණ්ණ chance එඛඛ් ඩීළා!

    ReplyDelete
  27. වයසට යනකොට කළාකාරය කියන මනුස්සයට වෙන්නෙ ඕක තමා.

    ReplyDelete
    Replies
    1. මේක ටිකක් විතර පරණ කතාවක්. කතාව පරණයි. ෆොටෝ එක අළුත්.

      Delete
  28. අයියෝ කතන්දර, පිපා ගෙ තොප්පිය නෙවේ! පිපා ගෙ බට් එක! බට් එක!

    ReplyDelete
    Replies
    1. ඒ කියන්නේ මේ සෙලිබ්‍රිටි ගොසිප්වලින් මං ටිකක් ගැළවිලා!

      Delete
  29. ෂැහ්....අහලා බැලුවේ නැද්ද ඉතින් ඇනෙක්සියක් විදියටවත් ගෙයින් කෑල්ලක් දෙන්නේ නැද්ද කියලා, එහෙම උනා නම් කොහොමද බිත්තියෙන් එහා පැත්තේ ඉඳන් කියන් සින්දු අහගෙන ම පෝස්ට් දාන්න තිබ්බා!

    ReplyDelete
    Replies
    1. ඒකනේ, නේද?

      පස්සේ ගත්තු ගෙදර ඉස්සරහ ගෙදරටත් ආවා ගියා සංගීතඥයෙක්. ඒ ගැනත් කතන්දරයක් ලියන්නම් පස්සේ!

      Delete
  30. විමලා අමරදේව ටිකක් වෙලා යනකොට විමලා පෙරේරා උනේ කොහොමද මාමේ?
    එතකොට ඔයා ඇත්තටම කතා කළේ අමරදේව මාස්ටර්ගේ ගෙදරට නෙමෙයිද?

    ReplyDelete
    Replies
    1. @ Mithuru
      වන්නකුවත්ත මිටීවඩුගේ දොන් ඇල්බට් පෙරේරා පසුව ඩබ්ලිව්. ඩී. අමරදේව යනුවෙන් සිය නම වෙනස්කර ගත්තා.

      මෙහි අමරදේව යනු මුල් නමයි, වාසගමක් නොවේ.

      Delete
    2. මං දැනගෙන හිටියේ නැහැ මුල් නම.තැන්කූ වෙරි මච්.
      අමරදේව කියන්නෙ වාසගම නෙවෙයිනම් ඇයි එයාගෙ ළමයින්ගේ නම් කියද්දි ඒ නම දාලා රූපවාහිනී වැඩසටහන්වලදී පාවිච්චි කරන්නේ?ඒක හරි වැරදියිනෙ.

      Delete
    3. වරදක් නෑ, මොකද W.D. (වන්නකුවත්ත මිටීවඩුගේ) කියන එක මුලින් ඇති. අපේ තාත්තා ගේ නමත් මගේ නමේ තියෙනවා, වාසගමත් තියෙනවා.

      සනත් නන්දසිරි ගේ බිරිඳ මල්කාන්ති නන්දසිරි වුණා වගේ තමයි. මොකද නන්දසිරි වාසගමක් නෙමේ. නන්දසිරිගේ මල්ලී නිමල් චන්ද්‍රසිරි.

      Delete
    4. වැරැද්ද නිවැරදි කලාට බොහොම ස්තූතියි!

      Delete
  31. අර නෙලුම් (Nelum Jan 12, 2012 06:55 PM) මාර බේරිල්ලක්නේ බේරිලා තියෙන්නේ.
    ඔය වන් ෂොට් හිටියලු ජම්බුගස්මුල්ලේ ඇනෙක්ස එකක. වැඩි විස්තර ස්වයඞ් වාරණයට යටත් කලෙමි

    ReplyDelete
    Replies
    1. වන් ෂොටා කෙල්ලෙක් හම්බවෙන්න ගිහින් තට්ටු නිවසක උඩ තට්ටුවකින් බිමට පනින කතාවක් යූ ටියුබයේ තිබුණා නේද?

      Delete
  32. මම ගෙයක් හොයනව . . . කතන්දර ගේ විකුනනවද ????

    ප.ලි.
    ඇනෝලා පවු

    ReplyDelete
    Replies
    1. ගේ විකුණන්න තියා ඇනෝලා නිසා මට ඇඩ්රසුතුත් නැති වෙලායි ඉන්නේ!

      Delete
  33. මගේ යාළුවෙක් එක්ක උගේ ලඩි වෑන් එකේ ගමනක් ගිහිල්ලා එනකොට බොරලැස්ගමුව දිහෑදි මූ කාගෙද දිහා බලං ගිහිල්ලා බෝක්කු කනුවක ඇන්නා..බැලින්නං ඒ බන්දු සමරසිංහ.....

    ReplyDelete
    Replies
    1. සෙලිබ්‍රිටි ලා බෝක්කුවක් බෝක්කුවක් ගානේ ඉන්නවා වගේ නේද?

      Delete
  34. අමරදේවගේ පුද්ගලික ජීවිතයේ ඉතාම කුඩා දෙයක් වුවත් වටින පැත්තක් හෙලිවන කතාවක්.
    මාර්කටින් පැත්ත සාර්තක නූනොත් කිසිම දෙයක් මේ ලෝකෙ සාර්තක වෙන්නෙ නෑ, කතන්දර එයත් ප්‍රගුණ කළ කෙනෙක් ලෙසයි මට පෙනෙන්නේ.
    සමහරු එහි වරද දකිනනවා. නමුත් සිංහල බ්ලොග් කලාව, කලාවක් ලෙස දියුනු වීමට නම් විවිධ පර්යේශන අවශ්‍ය වෙනවා.

    මට මතකයි අමරදේව ජාතික ඇඳුමෙන් සැරසී සුදු ස්කෝඩා කාරය නවත්වාගෙන කොලොඹ පිරිමි පාසලක ප්‍රාතමික අංශය පැත්තේ ඉන්නවා (සිය පුතු එනතුරු වෙන්න ඇතී)

    ReplyDelete
    Replies
    1. දයාල් ස්තුතියි.
      මෙතන කිසිවක් අතින් එකතු කරපු කෑලි නෑ, මේ කතන්දරේ.
      මං කතා කීමේ ක්‍රම වගේම, මාකටින් ක්‍රමත් අත්හදා බලනවා. කතන්දර බ්ලොග් එකේ බිස්නස් කාඩ් ටිකක් මුණ ගැසුන දිනයක දෙන්නම්කෝ ඔය පැත්තේ බෙදා හරින්න.

      Delete
  35. (Traffice Ano)
    කමෙන්ට් වලට රිප්ලයි කරන මේ සිස්ටම් එක කළින් ති‍බුනෙ නැද්ද?මේක මේ අලුත් ටෙම්ප්ලේට් එකක්ද? කොහොම වුනත් මේ සිස්ටම් එක මරු.

    ReplyDelete
    Replies
    1. ගුගල් දෙයියා හොරෙන්ම මේ වෙනස කරළා.
      කමෙන්ට්ස් අකුරු පොඩි වැඩි එකයි එකම වරද?

      Delete
  36. ප්‍රසිද්ධ අයගේ ගෙවල් වල හෝ ඔවුන් පාවිච්චි කල බඩු භාණ්ඩ වල වටිනාකමේ ඇති කිසිම වටිනාකමේ වැඩිවීමක් මමනම් නොදකී

    වාහනයක් ගන්න ගියත් මිනිස්සු දාල තියෙනවා දොස්තර වරයෙක් පාවිච්චි කරන ලද, ඉංජිනේරු වරයෙක් පාවිච්චි කරන ලද, කාන්තාවක් පාවිච්චි කරන ලද :) වැනි නොයෙකුත් කතා
    ඒ මිනිස්සු අතරේ වාහනයක් හරියට පාවිච්චි කරන්න නොදන්නා අය ඕනේ තරම්
    ගෙවල් ගැනත් ඒ ටිකම තමයි
    ලොකු ලොකු හෝ ප්‍රසිද්ධ අය හිටපු ගෙයක් කිව්වට එකේ වටිනාකමේ වැඩි වීමක් මම දකින්නේ නැහැ
    විකුනන්න හදන ගාන අපිට වටින්නේ නැහැ කියල හිතෙනවනම් ඒකේ කලින් හිටියේ කවුද, ඒක කලින් පාවිච්චි කලේ කවුද කියන එක වැඩකට ඇති දෙයක් නෙමෙයි

    සිදු වීමක් වශයෙන් ගත්තත් මේක සාමන්‍යය දෙයක්
    තමන්ගේ තියෙන ගේ විකුනන්නේ නැතුව අලුත් ගෙයක් ගන්න එක දැන් කාලේ ගෙවල් වල ගණන් මිනුම් එක්ක බැලුවහම අමරදේව මහත්තයටත් ලේසි පහසු දෙයක් නෙමෙයි වෙන්න ඇති

    ReplyDelete
  37. ඔබ මතුකර ඇත්තේ වැදගත් ප්‍රශ්ණයක්.

    ගෙදර කාගේද කියන එක මේ මුල් දුරකතන කතා බහේදී කියන්නට ඕනෑකමක් තිබුණේ නෑ. එත් ඇයි විමලා ඒ කතා සේරම කිව්වේ නොදන්නා කෙනෙක් එක්ක?

    ReplyDelete
    Replies
    1. ඒක හරහා ගෙදරට මාකට් එකක් හදාගන්න අහිංසක උත්සාහයක් වෙන්න ඇති විමලා මහත්මිය ගන්න ඇත්තේ...
      අනික ඉතින් මහත්තයාගේ ගුණවරුණාව(පම්පෝරිය...?) නොකියන නෝනා මහත්තුරු හරි අඩුයි නොවැ

      Delete
    2. ඊටත් වඩා තමන්ගේ නුගේගොඩ ගේ දාලා දුර තැනක වෙන ගෙදරකට යන්න කැමති වෙන්නේ කොයි ගෑනිද?

      මේක තරමක් පරණ කතාවක්. පසුගිය මිලනියම් එකේ සිදු වුනේ.

      Delete
  38. මළා.... ඒ විමලාද.....?

    පෝස්‍ටුව කියැවීමට වඩා.... කොමැන්‍ටු කියවීමේදී එල පන් එකක් තිබෙන බව පෙනේ..... ඒකෙසේද යත්, මාවැනි ඇනෝලාවෝ දමන්නවූ පන් ඇඩ් නිසා එය අතිමහත් වූ පන් එකක් බවට පත්වීතිබේ.....මේ ක.කා ට ඇති අතිමහත්වූ සත්‍ය ප්‍රේමයේ නාමයෙන් දමා ගසන පන් ටෝක්ස් උන්ඩ වලින් බේරීමට ක.කා. ද එහෙට්ට මෙහෙට්ට පැන වෙට්‍ටු දමමින් පුල් ආතල් එකක් ගන්නා හැඩය.මට පෙනීයන ආකාරයට අර බොලොක්ක වලට පැන කක්කි නාගන්නා මංපොර ඇනොමාද මෙහෙට්ට පැන ඇති හැටියකි. ප්‍රීතියි..ප්‍රීතියි.....සෝක් කොමෙන්‍ටු සැට් එක... මින්පසු මම පෝස්‍ටු නොව කොමැන්‍ටුමැ බලමි.....

    X-Porter

    ReplyDelete
    Replies
    1. අද සැටඩේ නිසා මෙලෙස වෙලාව ලැබුණි.
      ඇනෝලාට මම සැමදා ප්‍රේම කරමි.

      Delete
  39. මේ පැත්තට ආවෙ අද.
    ලස්සනට ලියලා තියනවා.

    ReplyDelete
    Replies
    1. සාදරයෙන් පිළිගන්නවා.
      මාසයක් දෙකක් අරගෙන කතන්දර ඉතුරු කතන්දර 548 ත් බලන්න.

      Delete
  40. අපිවත් බ්ලොග් ලිවීමට පෙලඹවූ ඔබතුමාට ජයවේවා..............

    ReplyDelete
  41. මම දැකලා තියෙනවා අමරදේව මාස්ටර් සුදු පාට ඇම්බැසඩර් කාර් එකක ගමන් බිමන් යනවා..කොච්චර ලොකු වාහන ගන්න පුළුවන් කෙනෙක් උනත් එහෙම කරන්නේ නැහැ..නිහතමානි කෙනෙක්

    ReplyDelete
  42. මේවත් කතාද කකෝ?

    ReplyDelete
    Replies
    1. කෙටි පිළිතුර ඔව්.

      මේක පන්සිය පනස් එකෙන් එකක්.

      මං ලියන්නේ මගේ ජීවිතයට අදාල කතන්දරනේ. ඔයාට අදාල නොවෙන්න පුළුවන්. ඒ ගැන කණගාටුයි. නමුත් මං 2009 ජූලි 11 පටන් ගත්තේම මං කැමති කතන්දර ලියනවා කියලා කියලයි. බලන්න මගේ ප්‍රොෆයිල් එකේ තියෙන දේ.

      Delete

මා ලියූ කතන්දරයට අදාල නැති කරුණු ඔබේ ප්‍රතිචාරවල ඇතළත් නොකරන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

අදහස් වාරණයක් නොකෙරේ. කුණුහරුප සහ තුන්වන පාර්ශවයන්ට නින්දා කෙරෙන ප්‍රතිචාර ඉවත් කෙරෙනු ඇත.