ජීවිතයම කතන්දර ගොඩක්!
This is a Sinahla blog written for five years from July 2009. It contains stories - Kathandara - from authors life.
කතන්දරකාරයා ගේ දශක කිහිපයක ජීවන අත්දැකීම් අළලා 2009 ජූලි 11 දින සිට පුරා වසර පහක් තිස්සේ ලියවුණු කතන්දර එකතුවකි. kathandara@gmail.com
Wednesday 11 January 2012
වයි-ෆයි ලැප්ටොප් නිසා ශුක්‍රානු මැරෙන්න පුළුවනි - ඔබේ පරම්පරාව රැකගන්න : Wi-Fi Laptops nuke Sperms?
අද මේ දාන්නේ කතන්දර බ්ලොග් එක දැනුම් සාගරයක් කරන අරමුණින් පල කෙරෙන දෙවෙනි ලිපියයි. (මුල් ලිපිය ගියේ සෙක්ස් ගැන එක දවසකට පිරිමි හිතන වාර ගණන ගැනයි).
මුලින්ම මෙන්න ප්‍රශ්ණ කීපයක්.
ඔබ තාම අවිවාහකයෙක් ද? නැතිනම් තවමත් දරුවන් නොමැති තරුණ සැමියෙක්ද?
ඔබ ලැප්ටොප් වර්ගයේ පරිගනකයක් නිතරම උකුල උඩ තියාගෙන පාවිච්චි කරනවාද?
ඒ පරිගනකයට අන්තර්ජාල පහසුකම් ලබාගන්නේ වයි-ෆයි සම්බන්ධයක් හරහාද?
ඉහත ප්‍රශ්ණ සියල්ලටම පිළිතුර ඔව් යන්න නම් පුතෝ, බුදු අම්මෝ!
මෙනිසා ඔබේ සරුබවට හානි වෙන්න පුළුවන් ලු!
වයි-ෆයි නිසා ඇතිවෙන විද්‍යුත්චුම්භක විකිරණය නිසා ශුක්‍රාණු විනාශ වෙන්න ඉඩ තියෙනවාය කියලා අන්න විද්‍යාඥයින් පිරිසක් අනතුරු හඟවලා.
මේ ආර්ජන්ටියානු විද්‍යාඥයින් කණ්ඩායම කරලා තියෙන පරීක්‍ෂණය ඉතාව සරල දෙයක්. ඉන්ටර්නෙට් එකට වයි-ෆයි මගින් සම්බන්ධ කරපු ලැප්ටොප් කම්පියුටරයක් යටින් හොඳ නීරෝගී සම්පන්න මිනිසුන් 29 දෙනෙකුගෙන් ගත්තු ශුක්‍රාණු සාම්පල් තියලා ඩවුන්ලෝඩ් බට්න් එකක් ප්‍රෙස් කරලා.
පැය හතරකට පස්සේ බලනකොට ශුක්‍රාණුවලින් කොටසක් අකර්මන්‍ය වෙලා බවයි පෙනිලා තියෙන්නේ.
සියයට විසිපහක් පමණ ශුක්‍රාණු තරලයේ පීනන එක අතහැරලා. ලැප්ටොප් කම්පිටුටරේට දුරින් තියල තිබුණු සමාන සාම්පල්වල මේ ප්‍රතිශතය වෙලා තියෙන්නේ 14% ක් විතරයි.
ඒ මදිවට ලැප්ටොප් එක යට තිබුණු ශුක්‍රාණුවලින් 9%ක ඩී.එන්.ඒ වලට හානිවෙලා බව පෙනිලා. මේක ඈතින් තිබුණු සාම්පල්වල ප්‍රතිශතය වගේ තුන් ගුණයක් ලු!
පර්යේෂණය කල කණ්ඩායමේ ලොක්කා කියලා තියෙනවා මේ ශුක්‍රාණු විනාශය හැම වයි-ෆයි ලැප්ටොප් පරිගනකයක් නිසාම ඇතිවෙනවාද යන්න ස්ථිරවම කියන්න බැරිය කියලා. ඒ එක්කම මොන මොන වෙනත් සාධක මේ කේස් එකට බලපානවද කියන එකත්් තවම දන්නේ නැති වග පොර කියනවා.
හැබැයි ගිය අවුරුද්දේ යුරොලොජි පර්යේෂකයින් හොයාගත්තලූ, ලැප්-ටොප් කම්පියුටරයක් දණහිස උඩ දිගුවෙලාවක් තියාගෙන ඉන්න කොට අණ්ඩකෝෂවල උෂ්ණත්වය ශුක්‍රාණුවලට හානිවෙන තරමට ඉහල යන බව.
ඒ මොනව වුනත් පිරිමින් ගේ ප්‍රජනන පද්ධතිය සහ මෞතික රෝග පිළිබඳ ආයතනයේ ලොක්කා නම් කියන්නේ පිරිමි ප්‍රජනන සෞඛ්‍යයට ලැප්-ටොප් කම්පියුටර්වලින් සැලකිය යුතු තරමේ හානියක් නම් සිද්ධ වෙන්නේ නෑ කියලයි.
අදාල විස්තරාත්මක පුවත්පත් වාර්තාවට සබැඳියක් මෙන්න.
http://www.dailymail.co.uk/sciencetech/article-2067515/Using-Wi-Fi-laptop-damages-sperm-reduce-activity-study-finds.html
මෙන්න මං බලපු මුද්‍රිත පිටපතේ ඡායාරූපයක්.
ඒ ඇසුරෙන් වාර්තා කළේ
-කතන්දරකාරයා
ප/ලි
දැන් අවුරුදු තුනක් විතර කාලයක් තිස්සේ මාත් උදේ පැයක් විතර කාලයක් සහ හවසත් තව පැයක් විතර කාලයක් මගේ ලැප මගේ ම ලැප උඩ තියාගෙන තමයි කතන්දර ලියන්නේ.
නමුත් දැන් මං මගේ පරම්පරාව හදලා ඉවරයිනේ. ඒ හින්දා ඔය පර්යේෂණේ ප්‍රතිඵල මුළුමනින්ම ඇත්ත වුනත් මට නම් අවුලක් නෑ.
නමුත්, තවම පරම්පරා කුට්ටමෙන් ප්‍රයෝජනයක් නොගත්තු කොල්ලෝ කුරුට්ටෝ නං ටිකක් ප්‍රවේසම් වුණොත් හොඳයි!
ප/ප/ලි
මේ දැනුම් සාගර නැගලා යනවා. මේවා ලියන එක හරි ලේසියි. මගේම කතන්දර ලියනවා තරම් මහන්සියක් නෑ. පත්තරයක් බැලුවා. කෑල්ලක් අල්ලා ගත්තා, සිංහලට පරිවර්තනය කරමින් ටයිප් කළා. බඩු හෑව්!
බයි බායි ඔරිජිනල් කතන්දර, වෙල්කම් දැනුම් සාගර!
(image: http://www.dailyclipart.net/)
Labels:
කතන්දර දැනුම් සාගරය
Subscribe to:
Post Comments (Atom)
මම බැලුවා ඒත්,මොනා ද මේ චෙරීස් කියලා.වැඩි උෂ්ණත්වය චෙරිස් මැලවෙලා යනව ඇති.ඔය චෙරිස් ඇඟෙන් පිට පිහිටන්නෙත්, ඇඟ ඇතුලෙ තියෙන වැඩි උෂ්ණත්වය නිසා ශුක්‍රාණු විනාශ වෙන නිසා කියලයි අපේ ගුරුතුමී අපිට කියා දුන්නේ.
ReplyDeleteසමහර සතුන්ගෙ නම් ඇඟ තුල පිහිටනවා. ඒවටත් ඉතින් විවිධ හේතු කාරණා නැතිව නෙමෙයි.
ඒක නෙමෙයි.....
මෙන්න මේකයි....
අපිට ඕනි ඔරිමජිනල් කතන්දරගේ ජිවිතය හා සබැඳි කතන්දර හරිය.හැබැයි ඉතින් මේ කතා උනත් කතන්තරකාරය ලියන්නේ තමන්ගෙම ආවේණික ක්‍රමේකට නිසා රසයක් නැත්තෙම නැහැ.
මොබයිල් ෆෝන් පාවිච්චිය නිසා මොළේට හානි වෙනවලු, ඇල්කොහොල් ගත්තම අකිමාවට හානි වෙනවලු, දැන් කියනවා wi-fi ලැප්ටොප් නිසා ශුක්‍රාණුවලට හානි වෙනවලු.. මං අහන්නෙ ඕවා පාවිච්චි නොකර ජීවත්වෙන්නෙ කොහොමද..!!?? :D
ReplyDeleteනියමයි නියමයි.. කතා මාමාගේ දැනුම් සාගරය :)
ReplyDeleteමට නම් තාම ලැප්ටොප් එකක් නෑ,
ඒ නිසා අවුලක් නෑ :)
එහෙනං ඉතිං දෙයියනේ කියලා රේන් කෝට් වලට යන ගාන ඉතිරි කරගන්න පුළුවන්... පුදුම සල්ලි කන්දරාවක් නේ මේවට වියම් වෙන්නෙ.....
ReplyDeleteහැම දේම ධනාත්මක පැත්ත බලන එක හොඳයි නේ...
නැද්ද මං අහන්නෙ ?
ඇල්.
අනේ ඔය විවාහ වෙලා නැති පිරිමි ලමයි කවුරු, කවුරුත් අපේ ඉදිරි පරම්පරාව ගැන හිතන්ට...:D
ReplyDeleteමම මේ කල්පනා කලේ, කතන්දර තව ඉස්සරහට මොන වගේ මාතෘකා ඇදලා ගනීද දන්නේ නෑ.
ක්‍රිකට් ගහද්දි පරම්පරා කුට්ටම රැක ගන්න පාවිච්චි කරන බෝල් ගාඩ් එකක් ඹ්කට හරියන්නැති වෙයිද? එතකොට ලැප ගන්න කලින් ඒක පැළදගෙන ම වැඩේට බැස්සැකිනෙ. බෝල් ගාඩ් ගැන විස්තර ටිකක් නං අපිට බුරාගෙන් උනත් දැනගත්තැකිනෙ.
ReplyDeleteඒ එකක්වත් හරියන්නැති උනොත් මේකෙ තියෙන බරපතලකම හැඟනෙ හිදිහට වයි-ෆයි කියන නම අපි පොඩ්ඩක් වෙනස් කරමු.
හලේ.. මගේ අනාගතේ.. තැන්කූ කතන්දර සීයේ! (දැන් ඉතින් පරම්පරාව එහෙම හදලා ඉවර නිසා මිස්ට කතන්දර එක්ක බලනකොට අපි තාම පොඩි අය වෙන්ට එපැයි.. ඒකයි සීය කිව්වෙ.. :P)
ReplyDeleteස්තූතියි වැදගත් දෙයක් බෙදාගත්තට!
ඔබ හරි ඇත්තටම මේ ලැපටොප් නිසා වෙන හානිය විශාලයි. 1971දී පුරුෂ මඳසෘභාවය ලෝකයේ තිබුනේ මුළු දරුවන් නැති අයගෙන් 5% නමුත් අද වෙනකොට මේ අගය 60% පමණ දක්වා ඉහල ගිහින්. මේකට වගකිව යුතු හේතු සාධක බොහෝමයක් ඇතත් ඔබ කියන ප්‍රශ්නයත් එකක්. ඒ නිසා කතන්දරගේ කථාව පිළිගන්න. පරම්පරාව රැකගන්න. වැඩි විස්තර මමත් ලියලා ඇති.
ReplyDeleteපරම්පරා කූට්ටම රැකගන්න
ReplyDeleteලැප ලැප උඩට නොම ගන්න.
අනේ අපි මේ දැනුම් සාගරේ ගිලෙයිද මන්දා?
ReplyDeleteට්‍රැෆික් ඇනෝගෙන් කමෙන්ට් ගොඩයි.
ReplyDelete1. ලැපක් පාවිච්චි කරන අපේ මස්සිනා ලැප මේසෙ උඩ තියාගෙන තමයි වැඩ කරන්නෙ. ඒකට හේතුව එයා දොස්තර කෙනෙක් වීම ම නෙවෙයි මං හිතන්නෙ ලැප් එක උඩ තියාගත්තහම ස්ක්‍රීන් එක පේනව හොර නිසා (ඇස් මට්ටම අනුව)
2. //මේ දැනුම් සාගර නැගලා යනවා. මේවා ලියන එක හරි ලේසියි. මගේම කතන්දර ලියනවා තරම් මහන්සියක් නෑ. පත්තරයක් බැලුවා. කෑල්ලක් අල්ලා ගත්තා, සිංහලට පරිවර්තනය කරමින් ටයිප් කළා. බඩු හෑව්//
එතකොට ඔය මහා දැනුම් සාගර වගේ තියන බ්ලොග් වැඩි හරියක් එහෙම වෙන්ටැ මයෙ හිතේ.
3. //ක්‍රිකට් ගහද්දි පරම්පරා කුට්ටම රැක ගන්න පාවිච්චි කරන බෝල් ගාඩ් එකක් ඹ්කට හරියන්නැති වෙයිද? එතකොට ලැප ගන්න කලින් ඒක පැළදගෙන ම වැඩේට බැස්සැකිනෙ.//
මගෙ දැනුමෙ හැටියට බෝල් ගාඩ් එක ඇලුමිනියම් වලින් හදල වයර් එකක් දාල අර්ත් කළොත් වැඩේ හරියන්න ඉඩ තියෙනව.
4. //ඒ එකක්වත් හරියන්නැති උනොත් මේකෙ තියෙන බරපතලකම හැඟනෙ හිදිහට වයි-ෆයි කියන නම අපි පොඩ්ඩක් වෙනස් කරමු.//
ඕවට “වයිපයි” කියල දාල තියෙන්නෙ නිකම්ම වෙන්න බෑ.
හෆෝයි බයහිතෙනවනේ.......ඉන්නෙම වයි ෆයි අස්සේ...
ReplyDeleteහුට්ටප්පරයයි... බුදු අම්මෝ... ප‍්‍රශ්න ඔක්කෝටම උත්තරේ ඔවු...
ReplyDeleteඅනේ දෙය්යනේ මතක ඇති කාලේ ඉඳං මං පාවිච්චි කරන්නේ වයිෆයි ජොකාස්පොට්.... ශුක්‍රානු මලාට මොකද අලුතෙන් හැදෙනවා නේ හැමදාම?
ReplyDeleteහි හි මටනම් ප්‍රශ්නයක් නෑ ලැප ලැප උඩ වයිපයිත් ඇත පරම්පරාවක් හදන්න තව බොහෝ කල් ඇත
ReplyDeleteමහා දැණුම් සාගර නම් ට්‍රාන්ස්ලේටර්ලගෙ ලුණු වතුර වෙනුවට බීල පැය ගානක් රස මොකද්ද කියල හිත හිත ඉන්න පුලුවන් කකාගෙ නිවිච්ච ඇල්වතුර හොඳයි.
ReplyDeleteඔය ශුක්‍රාණු වැඩේ අවුලක් නොවෙන්න කවුන්ට එක්සයිස් එකක් විදියට ලැප් ඩාන්ස් එකකට මාසෙකට දෙවතාවක් ගියානං හොඳයි වගේ පොඩි උපදෙසකුත් යටින් දාන්න තිබ්බෙ!
වයිෆුයි වයිෆයි අතරෙ වෙනස ශුක්‍රාණු වලින් පෙන්නන සූත්‍රයක් උනත් ගොඩනගන්න බැරිවෙන එකක් නෑ වැමපයර්ට වගේනං!
හැබැයි මට ආපු ලොකුම පුරස්නෙ අර බැඳල නැති පිරිමි ළමයි "කවුරු, කවුරුත්" මොකටද කුමාරිහාමිගෙ ඉදිරි පරම්පරාව ගැන හිතන්නෙ කියන එක :D
ප්‍රශ්නයක් නෑ.... මේක ලැප්ටොප් එකක් උනාට,හැමදාම වැඩ කරන්නේ මෙසේ උඩ තියං.. ඒ නිසා මේක දැන් 'ටේබල් ටොප්' :))
ReplyDeleteකසුත් කරන්නෙ මිනී මරණ, පවුල් කඩා කප්පල් කරන වැඩ...!
ReplyDeleteමේ සිනාරියෝ එක හිතන්නකෝ...!
බඳින්න කලින් ඉඳන්ම උකුල උඩ තියාගෙන වයි-ෆයි (වයිෆ් නෙමෙයි ) ගොඩක් කාලයක් පාවිච්චි කරපු එකෙක්, දැන් ළමයි තුන් හතර දෙනෙක්ගේ තාත්තා කෙනෙක් වෙලා කියලා. දැන් කසූගේ පෝස්ට් එකෙන් පස්සෙ ඌ හතර අතේ දුවන්න පටන් ගනියි ළමයින්ගේ ඩී.එන්.ඒ ටෙස්ට් එකක් කරන්න ළමයි උගෙමද කියලා හොයාගන්න...!
@ඉන්දික උපශාන්ත - උඹට අපේ පොඩ්ඩි එයාගේ පරම්පරාව ගැන කියපු කතාවට ඇතිවෙච්චි පුරශ්නෙම මටත් ආවා...!
ReplyDelete@පොඩ්ඩියේ, ඒ වැඩේ එච්චර අමාරු වෙන එකක් නෑ මයේ හිතේ....!
මොන රෙද්දටද කෙහෙම්මල් ලැප්ටොප් බිජ්ජ උඩ තියාගෙන පාවිච්චි කරන්නෙ. මේසයක් උඩ තියහල්ලකො.
ReplyDeleteදැන් එහෙනං මන් ලැප්ටොප් එක ලැප් එක උඩ තියල වයි ෆයි යුස් කරන්න ගන්න ඕනි
ReplyDeleteමේ නිවුස් එක ප්‍රචලිත උනොත් ඇන්ටි-වයිෆයි ජොක්කු නිෂ්පාදනාගාරයක් අරින්න ණයක් පාස් කරගන්ඩ පුලුවන් වෙයි...දැම්ම තියා කටුනායක පැත්තෙං ඉඩං කෑල්ලක් බලන්ඩ ඕනේ...
ReplyDelete...........
දූමී, හැම කාරනේම දෙපැත්තක් තියෙනවා. අනිත් අතට සමහරු කියයි "මම චිරාත් කාලයක් තිස්සෙ ලැප ලැප උඩ තියාගෙන උන්නෙ... ඔය දරුවා මගේ නෙමේයි, නිකං බොරුවට බෝපැලයක් වගේ ඉන්න මාව ඕවට ගාවගන්ඩ එපා"යි කියලා.
හෆෝයි.. දැන් ඉතින් අපිට කොල්ලෙක් යාලුවෙන්න ඇහුවොත් අර ප්‍රශ්න 4 අහලා ඔව් කියනවද දැන ගන්න වෙනවා...
ReplyDeleteපරම්පරා කූට්ටමෙන් වැඩ ගත්තට පරම්පරාව හදලා නෑ... එතකොට ඒක වැඩක් ගානට වැටෙන්නෙ නැතිද...
ReplyDeleteහදල ඉවරනම් එහෙම වෙන තරමට හොදයිනෙ කතන්දර... දින චක්කර ඕනෙ නෑ.. අර ප්ලෑන් නෑ මේ ප්ලෑන් නෑ ෆුල් ෆ්‍රී එකෙන් නාමු ජලේ බැස පීනාලා
අරම නොවී තිබුනොත් ගුරුන්ටත් අකුරුවරන්දින එකේ සෙල්ලංද පොල් කොල
මිලියන් ගානකින් වැඩිම උනොත් දෙකයි නැත්නම් තුනයි ඕන වෙන්නේ....
ReplyDeleteගෑණු ලමයිනුත් පරිස්සමින්...බිත්තර හබක් වෙන්න ඉඩ තියනවා...
වයි-ෆයි වලට බය වුනු කාලේ ගියා....
ReplyDeletehttp://www.facebook.com/photo.php?fbid=339725939379297&set=a.169579949727231.37365.100000256806646&type=3&theater
සුපිරියි ඈ!
Deleteමම නම් පුළුවන් තරම් ලැප වෙන මොකක් හරි උද තියාගෙන තමයි කොටන්නේ..ඒ නිසා බයක් වෙන්න දෙයක් නෑනේ??
ReplyDeleteඋකුල උඩ කොට්ටයක් තියල,ඒක උඩ ලැප් එක තියාගෙන පාවිච්චි කරාම අවුලක් නැතිවෙයිද?
ReplyDelete@Ano January 11, 2012 6:09 PM
ReplyDeleteඑක්ස්පෙරිමන්ට් එකක් කරන්නකො ඉතින්.
උවමනා දේවල්- ඕනැ කරන්නෙ ගෑල් ලමයි දෙන්නෙකුයි, ඉන්ජෙක්ෂන් සිරින්ජර් එකකුයි, ලැප් එකයි, කොට්ටෙයි, පොලිතීන් කෑලි (සිලි සිලි බෑග් වුනත් හොඳයි) දෙකයි.
කරන ආකාරය - ......................
ප/ප/ලි එක සිරා.. ඒත් අපිට බලන්න බ්ලොග් එකේ දාන එක වටිනවා කකා අයියා...
ReplyDeleteමේ ලගදි වෙන බ්ලොග් එකක කකා අයියගේ කමෙන්ට් එකක් දැක්කා.. කලින් දවස්වල කකාගේ බ්ලොග බලපු අය දැන් එන්නේ නැහැ කියලා. මට හිතුනේ මටම කියපු එකක්දෝ කියලා (එහෙමද ඇත්තටම??)
සෑමාගේ බ්ලොගට කකාව දාගන්ට ඕනි.. :)
good one
ReplyDeleteඔබ තාම අවිවාහකයෙක් ද? නැත
ReplyDeleteනැතිනම් තවමත් දරුවන් නොමැති තරුණ සැමියෙක්ද? නැත
ඔබ ලැප්ටොප් වර්ගයේ පරිගනකයක් නිතරම උකුල උඩ තියාගෙන පාවිච්චි කරනවාද? ලැපක් පාවිච්චි කොලාට උකුල උඩ නෙමේ.
ඒ පරිගනකයට අන්තර්ජාල පහසුකම් ලබාගන්නේ වයි-ෆයි සම්බන්ධයක් හරහාද? නැත
"අන්තර්ජාලය ඇසුරෙණි" කියා [සමහරු කියන්නේ අන්තර්ජාලය ඇසුරිනි කියලා] දැම්ම නම් නරකද? මේවා කෙලින්ම ලංකාවේ පත්තර වලටම ලියන්න.
ReplyDeleteඅපි නං ඔන්න ලැප් එක ඩෙස්ක් එක උඩ තියන් තමා වැඩ කරන්නෙ.
ReplyDelete@පොඩ්ඩි
ඔන්න ඔයා හිතන්න කිව්වනෙ. දැන් වැඩේ හරිනේ?. :D :D
//විද්‍යුත්චුම්භක විකිරණය නිසා ශුක්‍රාණු විනාශ වෙන්න ඉඩ තියෙනවාය//
ReplyDeleteඇත්ත ඇත්ත . . . චුම්බ කිත උනොත් . . . ශුක්‍රාණු වලට බරපතල විදියට බලපානව
ප.ලි.
ඕකට "වයි-ෆයි" කියලම නම දැම්මෙ . . . පිරිමින්ට විතරක් බලපෑම ඇතිවෙන නිසාවෙන්ටැ ???
කාමරෙන් එළියේ වයි ෆයි රවුටරයක් සවි කර ඇතත්, ලැපේ වයි ෆයි නිවා දමා වයරයක් මගින් ලැපට අන්තර්ජාලය ගත්තේ මේක දැනගන්න ගොඩක් කලින්
ReplyDeleteඒ සමහර වෙලාවට වයි ෆයි සිග්නල් අඩුවෙන නිසා
දැන් බලාගෙන යද්දී ඒක මගේම හොඳට වෙච්ච දෙයක් වගේ :)
අපිට ලැපුත් නැත, වයි ෆයි ත් නැත.
ReplyDeleteඋපත් පාලනයට හොද විසදුමක්... :)
ReplyDeleteඅලේ ඔය ප්‍රශ්න ඔක්කොටම මගේ පිළිතුර ඔව් කියන එකනෙ.ගෙදර හිටියොත් නම් දවසෙම උකුල උඩ තමා ලැප් එක (මගේ අහවල් එකත් මැරිලද දන්නෙ නෑ යයි සිතමින්) අදම මොකෙක් හරි අල්ලන් චැක් කොරල බලන්න ඕනි :O..........
ReplyDeleteදැන් මේ වයි ෆයි නිසා මීයො විතරද මැරෙන්නෙ? පූසන්ට කිසිම හානියක් වෙනවයි කියල කවුරුත් හොයන් නැද්ද?
ReplyDeleteදින කිහිපයකට පෙර ගෙදර Wi-Fi කලෙමි. දුරු රට සිට ගෙදර සිරින බිරිඳ දුව සහ පුතා සමග ස්කයිපයෙන් කතාකිරීම දැන් වඩා පහසු වී ඇත. තවදුරටත් පරම්පරාවක් සැදීමට මගේ නම් අදහසක් නැත්තේය. ඉන්න පැටවු දෙන්නා හොඳටම ඇතිය. ලැප තියෙන්නේ මෙසේ උඩය. ලැප හොලවන්න වත් එපා යයි පුතාට තරයේ අවවාද කලෙමි. එමනිසා කසු කියන ජාතියේ අර්බුදයක් පුතාට ඇති නොවේ යයි මම සිතමි.
ReplyDeleteඒ වගත් මෙසේම.....
කොමෙන්ට් කොටසේ අකුරු කුඩා කිරීම පිලිබඳ මගේ බලවත් විරෝධය...
ReplyDeleteටෙම්ප්ලේට් එක වෙනස් වෙලාවත්ද?
ReplyDelete@සුළඟිල්ල | pinkie
මේක වාසෙක්තමි මං හිතන්නෙ. නෝ රිකවරි.
හපොයි... මෙහෙම ගියොත් ඉස්සරහ පරම්පරාවක් නැති වෙයි වගේ... එහෙම නැත්තං ඔක්කොම විකෘති පැටව් බිහි වෙයි...
ReplyDeleteප.ලි. මම නං කැමති ඔරිජිනල් කතන්දරටය...
මොන දෙයියන්ට කියන්නද...මේ දැනුත් උකුලේ උඩ වයි පයි එක ඔන් එකේ.....
ReplyDeletehttp://www.elakiri.com/forum/showthread.php?t=1306131
ReplyDeleteඇයි දෙයියනේ දැන් එතකොට Lap එකක් පාවිච්චි කරන්නත් බැරි වෙන පොටක් පෑදෙන්නද යන්නේ???
ReplyDeleteගැමියගෙ පෝස්ට් එකක් කියවද්දි දැකල මේ පැත්තෙ ආවෙ මම මේ වැඩේ කරන නිසා, මල කෙලියයි අපි නම් වැඩක් ගත්තෙම නෑ. චූටි කදුලු බින්දුවක් ඇහැට ආවත් එකක.....
ReplyDeleteAccording to your article, radiation just kills goods. Not the factory itself. So once the dead are ejaculated completely, newbies will form.
ReplyDeleteSo it should have minimal effect.