Wednesday 18 January 2012

රමණී නෝනා හොඳ වැඩක් කරපු හැටි - Ramani method of conflict resolution


හාමිනේ පොඩි චීනේ ගිය දවස්වල මටයි පුතු පැටියටයි කෑම හදල දුන්නු නිසා කියනවා නෙමේ, රමණී නෝනා කියන්නේ ආදර්ශයට ගත යුතු හොඳ ගුණ යහපත් කෙනෙක්.

මෙන්න ඒ ගැන හොඳම උදාහරණයක් සපයන මට මතක් වුණු තරමක් පරණ පොඩි පහේ කතන්දරයක්.

ඔන්න රමණී නෝනා තමන්ගේ දෙවෙනි ජොබ් එකට ගිය අළුත එක සති අන්තයේ දවසක අපි ඒ පැත්තේ ගියා.

"කොහොමද රමණී අළුත් ජොබ් එක?"

"කියන්න නං වරදක් නෑ කතන්දර."

"කොහොමද එතැන වැඩ කරන අනිත් උං? හොඳයිද? අපි අඳුණන පොරවල් හෙම ඉන්නවද?"

"සේරම වගේ හොඳ කට්ටිය වගෙයි පේන්නේ. ඒත් එක මනුස්සයෙක් නං ඉන්නවා අනේ මං ගිය දවසේ ඉඳලා මා එක්ක නයි වෛරයක් තියෙන විදියටයි හැසිරෙන්නේ."

"ඇයි ඔයා එක්ක රංඩුවට ආවාද? නැත්තං බැන්නද?"

"රණ්ඩුවට එනවා තියා මේ මනුස්සයා මා දිහා බලන්නේවත් නෑ. මාව දැක්කාම රවලා වගේ අහක බලාගන්නවා. මිනිහා එක්ක මට වැඩපොළේ කෙලින්ම ගණුදෙණුවක් නැති හින්දා හොඳයි."

"ඔන්න ඔහේ අල්ලල දාන්න රමණී."

"නෑ, නෑ, මං මේක එහෙම ලේසියෙන් අත අරින්නේ නෑ. හොඳ වැඩක් කරන්න ඕනෑ!"

රමණී කිව්වේ ස්ථිරසාර කටහඬකින්. මට පොඩ්ඩක් විතර බයක් වගේත් ආවා ඒ කතාවට. මේ මනුස්සයා මොනවා කරගනීවිද, මන්දා?

රත්නායක මහත්තයා නං ඔහේ ගාණක් නෑ වගේ හිටියා.

තව සතියකින් විතර ඔන්න ආයෙත් රත්නායක ජෝඩුව මට මුණ ගැහුණා. මට කෙලින්ම සිහියට ආවේ රමණී නෝනා ගේ වැඩපොළේ වලිය.

"කොහොමද රමණී වැඩපොලේ කටයුතු?"

"හොඳයි කතන්දර. හොඳට කරගෙන යනවා."

"දැන් ඉතිං මාසයක් විතර වුණානේ නේද?"

"ඔව් මේ දෙවෙනි මාසේ යන්නේ. දන්නනෙම නැතුව කාලේ යනවා."

ඔන්න මං ඇහැව්වා අර කේස් එක ගැන.

"කොහොමද අර ඔයා එක්ක වලියට බර පොර දැන්?"

"ආ! මනුස්සයා හොඳයි වරදක් නෑ."

"දැන් කතාබහ කරනවාද?"

"තරමක් විතර."

"ආ, ඇත්තද? කොහොමද ඉතිං මිනිහා ෂේප් වුනේ? රමණී එදා කිව්වේ නං හොඳ වැඩක් කරනවා කියලනේ!"

"මං කෙරුවේ කරන්න පුළුවන් හොඳම වැඩේ තමයි. හැමදාම උදේට වැඩට ගිය ගමන් ගුඩ් මෝනින් කිව්වා. හවසට ගුඩ් ඊවිනින් කිව්වා. දැක්ක දැක්ක තැන කොහොමද කියලා අහලා පොඩි හිනාවක් දැම්මා. ඒත් මුලින් මුලින් මේ මනුස්සයා රවන එක නැවැත්තුවේ නෑ. හැබැයි ඉතිං මාත් නැවැත්තුවේ නෑනේ. හැමදාම, ගුඩ් මෝනින්, ගුඩ් ඊවිනින් කියන එක අතහැරියේම නෑ. අන්තිමේදී මිනිහා ගේ මූඩ් එක ටික ටික වෙනස් වුණා. දැන් යාන්තං විතර හිනාවකුත් දානවා. මෝනිං කියන ගමන්."

කොහොමද රමණී නෝනා ගේ හොඳ වැඩේ? වෛරයට වෛරයෙන් ප්‍රතිචාර දැක්වීම වෙනුවට කරුණාව සහ මෛත්‍රිය පෙන්නීම.

නාලාගිරි ඇතා දමනය වුනෙත් ඔහොම තමයි!

-කතන්දරකාරයා

ප/ලි:
නහී වේරේන වේරානී
සම්මන්තීධ කුදාචනං
අවේරේනච සම්පත්තී
ඒස ධම්මෝ සනන්තනෝ

අක්කොච්ඡි මං අවධි මං
අජිනි මං අහාසි මේ
යේ තං න උපනය්හන්ති
වේරං තේසූපසම්මති

මං මේ ගාථා දන්නේ කොහොමද කියලා මෙන්න මේ කතන්දරේ තියෙනවා.
http://kathandara.blogspot.com/2010/05/blog-post_26.html

(image: http://www.projecthappilyeverafter.com/2010/07/compassion-is-the-antidote-to-everything/)

49 comments:

  1. හුහ්, එහෙම කොහොමද..?? අපි වලියට බර පොරවල් හරිය..

    ReplyDelete
    Replies
    1. ඇත්ත. ඇත්ත. හී ... හී ....

      Delete
    2. මගෙ කට අවුස්සගන්න එපා.. :p

      Delete
    3. අපි ඉතින් දන්නවා වලියට බර පොරවල් කියලා. :D:D:D

      Delete
  2. රමණී නෝනා නම් ආදර්ශමත් කාන්තාවක්. ලඟ පාතක හිටියානම් අපි කතන්දරට කරන්නෙත් ඔහොමයි. රවන , රවන පාරට ගුඩ් මෝනින්, ගුඩ් ඊවිනින් කියනවා...:D

    ReplyDelete
  3. හොඳ වැඩේ කරලා තියෙන්නෙ !

    ReplyDelete
  4. අම්මා මම අද කලින්මද මන්දා..

    සිරා වැඩේ.. අපිටත් යූස් කරන්න පුළුවං :)

    ReplyDelete
  5. ඉස්සෙල්ලම ගෙදරින් ට්‍රයි කොරල බලන්න ඕනෙ ඔබී තරහ වෙච්ච වෙලාවක.

    ReplyDelete
  6. රමණි නෝනාට අපේ ආචාරය....

    ReplyDelete
  7. මම හිතුවෙ හෙන ගේමක් තියෙයි කියලා, බැලුවාම ඒකත් හොඳ ක්‍රමයක් නේ ........

    ReplyDelete
  8. ඕක තමයි සූත්තරේ මම නම් ඕක බ්ලොග් අවකාශෙදිත් භාවිතා කළා.

    ReplyDelete
    Replies
    1. මටත වැඩ කරල තියෙනවා..... :)

      Delete
  9. සංජේ දත් රඟපාපු "ලගේ රහෝ මුන්නා භායි" ෆිල්ම් එකෙත් කතා තේමාව ඕකම තමයි. ගාන්ධිගේ අවිහිංසාවාදී දර්ශනය ට්‍රයි කරන මැරයෙක්ගෙ කතාවක් තමයි ඒකෙ තියෙන්නෙ.
    බලල නැත්තන් හොයාගෙන බලන්ඩ. මරු...!!!


    ප/ලි:
    මේ කතාව රමණි නෝනාගෙ හොඳ ගැන කියන්ඩම ලියපු එකක් නන් නෙවේ :D

    ReplyDelete
    Replies
    1. ෆිල්ම් එකේ නම මුන්නා භායි එම් බී බී එස් නේද ?

      Delete
    2. නෑ මචන්. 'මුන්නා බායි එම් බී බී එස්' එක තමයි මුල් චිත්‍රපටිය. දෙවනි එක තමයි 'ලගේ රහෝ මුන්න බායි'
      දෙකේම ඉන්නෙ සංජේ දත් :)

      Delete
  10. ඇත්තටම ඔය සූත්තරෙනම් හරිම් හොඳයි . මාත් අනුගමනය කරනවා .

    ReplyDelete
  11. වෛරයෙන් වෛරය නොසංසිඳේ කතාව ඇත්ත වු අවස්තාවක් නේද ?

    ReplyDelete
  12. ආදර්ශයට ගත යුතු චරිතයක්..... :)

    ReplyDelete
  13. මම වැඩ කරන තනත ඉන්නවා ඔහොම අය. මුලින් කතාවට ආවට මම කතා නොකරපු නිසා දැන් මම හිනා උනත් අහක බලනවා හිකිස්‌,, අපි බයවෙයි ඕවාට :ඩි

    ReplyDelete
  14. ඔහොම සීන් එකක් මටත් වුනා. ජොබ් එකට ගිය කාලෙ මාව ට්‍රෙන් කරන්න භාරගත්ත එකාගෙ මූණේ තිබ්බේ මරුමුස් පෙනුමක්. කතා බහක්, හිනාවක් මුකුත් නෑ. අනේ අපොයි මට වෙච්ච දේ කිය කිය හිත හිත හිටියේ. මුල් කාලෙනම් ජොබ් එකත් එපාවුනා. මොනවා උනත් ඌ මගේ ට්‍රේනර්නේ. ඉතින් මාත් ඔය රමණි නෝනා වගේ හිනාවෙලා කතා කරා හැමදාම. මාසයක් එක හමාරක් ගියාට පස්සේ පොර එලකිරි ෆිට් එකක්. උගේ මරුමුස් පෙනුම නිසා මාත් ගෙම්බර් දැම්මා නම් ට්‍රේනිනුත් කොට උඩ.

    ReplyDelete
    Replies
    1. මරුමූස් පෙනුමක් ???? %$$%£^&&^$£..
      කන්න ඕනේ වෙලා වගේ උදේ පාන්දරම...

      Delete
  15. හොඳ වැඩක් කරලා තියෙන්නේ.
    හැමෝටම ආදර්ශයක්.

    ReplyDelete
  16. තැනේ හැටියට ඇණේ ගහන්න ඕන කියලා කියන්නේ ඔය වගේ වෙලාවට නේ?

    ReplyDelete
  17. ඔයවගේ අත්දැකීම් මටත් තියනව. මේවගේ කාත්එක්කවත් හිනාවෙන්නෙ කතාබහ කරන්නෙ නැතිඅය ඉන්නව, අමාරුවෙන් හරි එයාල එක්ක ෆිට් වුනොත් පණ උනත් දෙනව.

    ReplyDelete
  18. මේ කතාව රමණි නෝනා ගැනමෙ නෙවේය... අනේ අපි නොදන්න කකා... ;)

    ReplyDelete
  19. බලමු ට්‍රයි කරලා...

    ReplyDelete
  20. ගුඩ් මෝනිං කීමේ පලවිපාක තමා නේද? ඒක හින්දා නොවැරදී උදේම ගුඩ් මොනිං කියන්ඩ ඕනේ....

    ගුඩ් මෝනිං කකා මහත්තයා

    ReplyDelete
  21. වලියට බර එවුන්ට මේ ක්‍රමේ අල්ලයිද මන්දා...

    ReplyDelete
    Replies
    1. ඒ ඒ බනිස් වලට ඒ ඒ කෙසෙල් ගෙඩි කියල තියෙනවනෙ.

      Delete
  22. රමණී නෝනගෙ මෙතඩ් එකයි, කතන්දරගෙ මෙතර්ඩ් එකෙයි වැඩි වෙනසක් නැහැ. මම නම් හිතුවේ , මිනිසුන් පරිණත වෙන කොට තමයි මේ විදිහට වෙන්න ඇහැකි කියල. (මට කියපු කෙනා කීවේ එහෙමයි.)

    ReplyDelete
  23. අන්න නියම ආදර්ශයක්....

    ReplyDelete
  24. 'පොලියානා' පොතෙත් ඔහොම කතාවක් තියෙනව. ඒකට කියන්නෙ 'සතුටු වීමේ සෙල්ලම'කියලද කොහෙද! රමණි නෝනා සමහර විට ඒ පොත කියවපු කෙනෙක් වෙන්න ඇති.

    ReplyDelete
  25. හික්. හොද වැඩක් කරනවා කියලා කිව්වම මම හිතුවේ. අර මනුස්සයා එක්ක යුද්දෙ ප්‍රකාශ කරලා ඇති කියලා.....

    ReplyDelete
  26. මේක කියවනකොට මටත් කට කහන කතාවක් මතක් උනා.

    ඒකෙ තියෙන්නෙ වලියට බර නේබර්ස්ලව හැන්ඩ්ල් කරන හැටි...!

    කවදා ලියවෙයිද දන්නෙ නෑ ඉතින්....! අනාගත කට කහන කතා ලිස්ට් එකට ඇඩ් කලා...!

    ReplyDelete
    Replies
    1. එල කිරි දුමි අයියා..

      Delete
  27. හොඳ උපදෙසක් තමයි මම හිතුවේ හොඳ ගේමක් සෙට් කරන්න ඇති කියලා මේ උපදෙස ප්‍රයෝජනවත් වේවි අනාගතේදි

    ReplyDelete
  28. ක්‍රමේ හරි...ඒත් දැන් කාලේ සමහර ඇත්තු (ඇත්තෝ ) එක්ක ඔය ක්‍රමේ කරන්ට අමාරුයි ... ඒ වගේ අයට තියන ක්‍රමේ තමා ignore කරලා ඉන්න එක...

    ReplyDelete
  29. (Traffic Ano)
    රමණි නෝනාගේ ආදර්ශය හොඳයි. හැබැයි ඉතින් ගොඩක් අයට ගැටළුවක් වෙලා ඒ මෙතඩ් එක මේ කාලෙට වලංගුද, ආසියාවට වලංගුද, හැමෝටම වලංගුද ආදී වශයෙන්. මං හිතන්නෙ ඕනැම මෙතඩ් එකක් ඇප්ලයි කරනු ලබන පුද්ගලය අනුව කස්ටමයිස් කරගන්න ඕනැ. අංගුලිමාල දමනයටයි ආලවක දමනයටයි එකම මෙතඩ් එක නෙවෙයිනෙ බුදුහාමුදුරුවො පාවිච්චි කළේ.

    මං ඔය උඩ ඊරියගම පාරෙ අර “විදුලි උප පොල” තියන තැනින් උඩට උඩ....ටම නැගල වමට හැරුනහම තියෙන ගෙදර බෝඩිං වෙලා හිටියනෙ ටික කාලයක්. ඒ හරියෙ දකුණු පැත්තෙ තිබුන පොඩි කඩ කෑල්ලක්. මේ කඩේ තිබුන “ඩාර්ට් බෝඩ්” එකක්. එතන හිටිය පොරක් හවසට ඕකෙ සෙල්ලං කරනව. නිකං නෙවෙයි පොඩි කිනිස්සක් වගේ ‍එකකින්. මේක හැමදාම වෙන්නෙ අපි යන වෙලාවටමයි.
    මං ඒක දැක්කත් එච්චර ඒ දිහා බැලුවෙ නෑ කිසිම දවසක.
    මෙන්න එක දවසක් ඉලන්දාරියා මගෙ ඇඟේ හැපෙන්න එනව පාර දිගේ. මං පාරෙ අයින් වුනා.
    ආයෙත් පහුවදා ඩාර්ට් ෂෝ එක. මං ගණං ගත්තෙ නෑ.
    ඊ ළඟ දවසෙ ආයෙත් පොර ඇඟට එනව. මං අයින් වෙනව.
    ඔහොම සතියක් විතර ඒ සිද්ධි දාමය මාරුවෙන් මාරුවට නැවත නැවත ඇති වුනා.මගේ හැසිරීමත් කිසිම වෙනසක් වුනේ නෑ.

    ඊට පස්සෙ පොර මං දිහා බලල ලාවට හිනාවක් දැම්ම. මාත් හිනා වුනා. තව දවස් දෙක තුනක් යනකොට කතා කරන්න පටන් ගත්ත.

    නානත්ත කායා නානත්ත සිංඤා කිව්වලු. (මේක අර ජූනියස් රිචඩ් ජයවර්ධන තුමාගේ නහි වේරේන වේරානි වගේ සිරා කෑල්ලක් නෙවෙයි.)

    ReplyDelete
  30. වයිරයෙන් වයිරය නොසන්සිඳේ කියල බුදු හාමුදුරුවොත් කිව්වේ නිකන්යැ?

    ReplyDelete
  31. ඇත්තටම ඉතින් ඕක හරියන්න නම් ඉවසීම තියෙන ඩබලක් අතර ඔයි කියන ගනු දෙනුව වෙන්න ඕනෙ .

    නැත්තම් ඉතින් ගේමනම් ගේම වගේ දෙපලක් අතරේ ඔයිවගේ සුහඳ වචන හුවමාරුවක් වෙන්න තියන අවස්ථාව නම් ගොඩාක්ම අඩුයි ...

    ReplyDelete
    Replies
    1. උඹ නේද කිව්වේ පොරක් ඉන්නවා කියලා 'ගුඩ් මෝනින්' කිව්වම වට පිට බලලා 'හැබෑ නේන්නං' කියනවා කියලා... :D

      Delete
    2. ඕ ඕ .එහෙම බුවෙක්.ඉන්නවා ඌට සුබ උදෑසනක් කීවාම නම් "එසේම වේවා!!" කියලා කියනවා අපූරුවට ..

      Delete
  32. රමණි නෝනා පට්ට !!
    වෛරයෙන් වෛරය සංසිදෙන්නේ නෑ.

    ReplyDelete
  33. ඒකනම් මටත් අත්දුටුවයි ප්‍රත්‍යක්ශයි

    ReplyDelete
  34. මම ඉන්න තැන ගොඩක් ඉන්නෙ ඔය කුරුස යුද්දෙන් දිනපු රටෙ කට්ටිය. මුන් ඔක්කොම ඔහොම තමයි. මමත් ඔය වැඩේ තමයි මේ දවස් වල try කරගෙන යන්නෙ. වැඩෙ කියන්නෙ මාස 2කට කිට්ටුයි, මුන් තවම මට අහුවෙන්නෙ නෑ. මම තව ටික දවසක් බලල අතෑරල දාන්නයි හිතාගෙන ඉන්නෙ

    ReplyDelete
  35. @ All සියළු දෙනාටම
    කතන්දරය කියවා කමෙන්ට් කළ සැමට මගේ ස්තුතිය!

    කාටත් කරුණාවෙන් මෛත්‍රියෙන් ජීවත්වීම වැදගත්.

    අපි ක්‍ෂාන්තිවාදී තාපසයෝ වෙන්න ඕනෑ නෑ. තමුන්ව ඩිෆෙන්ඩ් කරන්න ගිහින් වෙන දේවල්වලට නීතියෙනුත් සහනයක් ලැබෙනවා.

    නමුත් කැත්තට පොල්ල සංකල්පය අන්තිම තුරුම්පුව විය යුතුයි.

    රමණී නෝනා කාටත් ආදර්ශයක්.

    සියළු දෙනාටම ජයවේවා.

    ReplyDelete

මා ලියූ කතන්දරයට අදාල නැති කරුණු ඔබේ ප්‍රතිචාරවල ඇතළත් නොකරන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

අදහස් වාරණයක් නොකෙරේ. කුණුහරුප සහ තුන්වන පාර්ශවයන්ට නින්දා කෙරෙන ප්‍රතිචාර ඉවත් කෙරෙනු ඇත.