Friday 6 January 2012

සිගරැට් බීම ගැන මං අහලා තියෙන හොඳම කතන්දරේ මෙන්න - The best story about smoking!


සිගරැට් බීම ගැන මේ අති වැදගත් කතන්දරේ මට මතක් වුනේ ඔබා-මා ගේ කාල බොන්න සිගරට් එකක් දුන්නු කතාව කියවපු වෙලේයි. ඔබා-මා ගේ කතන්දරේ ඇත්ත නම් ගම් එක්ක පටලෝලා ඇත්ත වගේ නිර්මාණය කරලා ලියලා තිබුණත් මං නං ඒ කතාව අහලා තිබුනේ අමුවෙන්ම තමයි.

ඒ මොනවා වුනත් මෙන්න මේ පහලින් දාලා තියෙන කතන්දරේ තමයි මට හිතෙන විදියට සිගරැට් බීම ගැන ලෝකේ තියෙන හොඳම කතන්දරේ.

* * * *

ඔන්න මිනිස්සු දෙන්නෙක් මග රෑක වැස්සට කොටු වෙලා හිටියා කඩ මංඩියක අගු පිලක. නිකං 2011 උදුවප්-දුරුත්තේ වගේ මාර සීතලයි.

එක පොරක් සාක්කුවෙන් ඩන්හිල් සිගරැට් පැකට් එකකුයි, ලයිටරේකුයි අරගත්තා. සිගරැට් එකක් පත්තු කරගෙන දුම් අරින්න පටන් ගත්තා.

එතන හිටිය අනිත් පොරට ඉවසන්න බැරි වුණා.

"මහත්තයා මටත් දෙනවද සිගරැට් එකක්?" පොර ඉල්ලුවා. ඉල්ලපු පරක්කුවෙන් සිගරැට් එකකුයි ලයිටරෙයි ලැබුණා.

සිගරැට් ඇද ඇද දුම් අරින ගමන් දෙන්නා කතාවටත් වැටුණා.

ඔන්න පළමුවෙනි පොර ගේ සිගරැට් එක ඉවර වුණා. පොර පැකට් එක සාක්කුවෙන් ගන්න කොටම දෙවෙනි පොරත් එක හුස්මට පොර ගේ සිගරැට් එක ඇදල දැම්මා.

"මටත් තව එකක් ගන්න පුළුවන්ද මහත්තයා?"

බැලින්නම් සිගරැට් පැකට් එක ඇතුලේ තිබුනේ එකම එක සිගරැට් එකයි. මහත්තයා ඒක පත්තු කර ගත්තා. උරහිසේ තිබුණු බෑග් එක ඇරලා අළුත්ම ඩන්හිල් පැකට් දෙකක් එළියට අරං, එකක් තමන්ගේ සාක්කුවට දාගෙන අනික දෙවෙනි පොරට දුන්නා.

"ආ, තියා ගන්නව දැන් බීල ගෙදරත් ගිහින් බොන්න."

දෙවෙනි පොරට හරිම පුදුමයි. මාර සල්ලිකාරයෙක් වෙන්න එපායැ එහෙම ඩන්හිල් සිගරැට් පැකට් එකක්ම දීලා දාන්න.

"මහත්තයා හොඳ සල්ලි කාරයෙක් වගේ? පොර ඇහැව්වා. හොඳ බිස්නස් එකක් තියෙනවා ඇති?"

"හොඳ බිස්නස් එකක් නෙමෙයි ඕයි මට තියෙන්නේ."

"එහෙනං?"

"හොඳ පිළිකාවක්. පෙනහැල්ලේ!"

-කතන්දරකාරයා

ප/ලි:
ළමයිනේ සිගරැට් නං කට හරියේ තියන්න එපා!

(image from: http://www.prlog.org/11334155-4th-stage-of-lung-cancer.html)

64 comments:

  1. උදේ පාන්දරම හොඳ කතාවක්. පාන්දරම කීවට නෙමේ පාන්දර නෙමේ ඉතින්....:D

    ReplyDelete
  2. අෆොයි සිගරැට් නම් එපා ! ජීවිතේටම 5-6ක් ත්මයි බීල තියෙන්නෙ ! ඉතිරි කාලෙත් එච්චරම බොයි. අපේ ඥාති අයියා කෙනෙක් සිගරැට් බීලා හදා ගත්තා පෙනහැල්ලෙ පිලිකාවක්.. අපා දුක් වින්ඳා මාස හයක් ! හොඳම එක පෙනහැල්ලෙන් වතුර අයින් කලා බට දමලා දවසට ලීටර් ගණනාවක්ම ! වේදනාව අඩු කරන්න මෝෆීන් දීලා ඩ්‍රවුස් කරලා තිබ්බා අන්තිම කාලෙ !

    ReplyDelete
  3. ළමයිනේ සිගරැට් නං කට හරියේ තියන්න එපා!

    ReplyDelete
  4. හැම කෙනාම දුම් පානය නතර කලා නම් හොඳයි.

    ReplyDelete
  5. අරක්කු ගද ටිකක් හරි ඉවසන්න පුලුවන් ..... සිගරට් ගද නම් බෑ ...

    ReplyDelete
  6. දැන් බොහෝ දුරට සිගරට් බොන එක අඩුවෙලා.. මට හිතෙන විදියට...ඒක හොඳ ට්‍රෙන්ඩ් එකක්.

    ReplyDelete
  7. ඇත්තටම අද කාලෙ තරුණ පරපුර හොඳයි. සිගරට් බීම හොඳටම අඩුයි.

    ReplyDelete
    Replies
    1. ගංජා වලට පුරුදු වෙලා

      Delete
  8. මම අහපු කතාවක්.කතන්දරගේ මිත්‍රයා කාලෝ ෆොන්සේකා මහත්තයත් සම්බන්ධයි.

    රෝගියා: ඩොක්ටර් අරක්කු තමයි නරක නේද?සිගරට් බිව්ට නම් එච්චර ගැටලුවක් නෑ නේද?

    කලෝ මහතා: සහෝදරයා.උස ගොඩනැගිල්ලක 40 වෙනි තට්ටුවෙන් බිමට පැන්නත් මැරෙනවා.30 වෙනි තට්ටුවෙන් පැන්නත් මැරෙනවා.ඒදෙකේ වෙනසක් තියෙනවද?ඔයා අහන ප්‍රශ්නෙත් ඒ වගේ තමයි.

    ReplyDelete
  9. ඇත්තටම අද කාලෙ තරුණ පරපුර හොඳයි. සිගරට් බීම හොඳටම අඩුයි.

    ReplyDelete
  10. මමත් සිගරට් බීම අත හැරලා දැන් අවුරුදු හයක් නැතිනම් හතක්. හොඳ කතාවක් තමයි.
    henryblogwalker the Dude

    ReplyDelete
  11. දැන් තරුණ පරම්පරාවෙ දුම් පානය හොඳටම අඩුයි කියන්න පුළුවන්. මෙහෙවත්, ලංකාවෙ වත් මගේ ඥාති පුත්තු, දුවල, එකෙක් වත් සිගරට් බොන්නෙ නෑ.

    ReplyDelete
  12. වැඩිහිටි නිවාසයක සිටි මහලු කාන්තාවන් දෙදෙනෙක් මද වැස්සක් තිබුන දිනක දුම් පානය සඳහා එලියට ආවා. එයින් එක් කාන්තාවක් තංගල්ලෙන් කොන්ඩම් එකක් ඇදල අරන් කොන හපල තමන්ගේ සිගරට්ටුව වහගත්තා.
    අනිත් කාන්තාව කවදාවත් කොන්ඩම් එකක් දැකල තිබුනේ නැහැ. එයා අනිකිගෙන් ඇහුවම කියල දුන්න ඒවා තමයි කොන්ඩම් කියන්නේ කියලත් ඕනෑම pharmacy එකකින් ගන්න පුළුවන් බවත්. පහුවදාම මේ
    වයසක උන්දෑ pharmacy ට ගිහින් pharmacist ඉල්ලුවා කොන්ඩම්. pharmacist පුදුම වෙලා ඇහුවා මැඩම්ට මොන brand ඒවද ඕන කියලා. ආච්චි කියනවා "doesn't matter honey, as far as it fits for a Camel" කියලා.
    (ඇමරිකාවේ තියෙනවා Camal කියල සිගරට් වර්ගයක්)

    ReplyDelete
  13. ඉස්සර කොල්ලො උජාරුවෙන් සිගරට් බිව්වට දැන් කොල්ලො සිගරට් බොන්නෙ හැංගිලා ලැජ්ජාවෙන්. ඒක හොද ප්‍රවනතාවක් කියන්න පුලුවන්. කොහොම උනත් මාත් දකින විදියට දැන් තරුණ පරම්පරාව සිගරට් බීම නං අඩු කරලා. හැබැයි මත්පැන් බීම නං වැඩි වේගෙන එනවද මංදා :D :D

    ReplyDelete
  14. හපොයි...මටත් සිගරට් දුමට ඔලුව කැක්කුම එනවා.ඉන්නම බෑ එකොකොට..

    ReplyDelete
  15. අද පින්තූරෙත් ලොකු කතාවක් කියනවා..කිව්වත් වගේ සිගරට් බීම නම් දැන් අවුට් ඔෆ් ෆැෂන් වෙලා තමා..නීතියෙනුත් තහනම්නේ...

    ReplyDelete
  16. (Traffic Ano)
    මට හිතෙන විදියට සිගරැට් බීම ගැන ලෝකේ තියෙන හොඳම කතන්දරේ.

    මමත් සීයට සීයක් එකඟයි. මේක තමයි හොඳම කතාව.
    මාතෘකාව දැකපු වෙලාවෙ ඔළුවට ආපු කමෙන්ට් එක වෙන වෙලාවක දාන්න තීරණය කළා කතන්දරේ කියවල ඉවර‍වුනාට පස්සෙ.
    මාත් දවසට සිගරට් පහක් හයක් බොන්න පුරුදු වෙලා හිටිය කාලයක්. ගෘහ ජීවිතේ පටන් ගත්තට පස්සෙ තේරුණා ඒක තමන්ට කෙසේ වෙතත් අනුන්ට වාතයක් වෙන බව.

    ReplyDelete
  17. මම සිගරට් බීමට නීතියක් දාගෙන ඉන්නෙ මගේ හිතින්ම.....

    එකක් තමයි බීලා මදි වගේ හිතෙන්න ඕන.. අනික ඔය කියපු ඩන්හිල් කියන බ්‍රෑන්ඩ් එක තියෙන්නම ඕන.. අවන්ක පැට්ට නැත්නම් ඔය කාරණා දෙක එකතු වෙන්නේ හෙනම කළාතුරකින්... පැට්ටා බොන්නෙම ඩන්හිල් නිසා ඌත් එක්ක සෙට් උනොත් බඩු බනිස් වෙනවා.....

    ReplyDelete
  18. අද තරුණ පරම්පරාව සිගරට් බොන්නෙ අඩුවෙන් කියල මං නං විශ්වාස කරන්නෙ නෑ. අපේ කාලෙ සිගරට් බිව්වෙ ඉස්කොලෙන් කට්ටි පණින ගැන්සිවල කොල්ලො. පන්තියක මේවගේ අය හිටියෙ 4ක් 5ක්. ඒත් දැන් ප්‍රමාණය මම දන්න විදියට වැඩියි. එකම වෙනස තමයි එයාල ඉස්සරඅය වගේ ප්‍රසිද්ධියේ දුම්පානය නොකිරීම. මේක දුම්පාණය අඩුවෙලා කියල තේරුම්ගන්නව නං වැරදියි.

    ReplyDelete
  19. අපි නම් ඉතින් රට ගැන හිතලා ඒකට සම්මාදම් වෙනවා. සිකැරට් ගැන බිහිවුන හොඳම නිර්මාණය මෙතනින් බලන්න
    http://maathalan.blogspot.com/2011/07/blog-post.html

    ReplyDelete
  20. ආපෝ සිගරට් නම් බොන්නම නැති තරම්...
    මාස දෙක තුනකට සැරයක් පැකට් එකක් විතර තමයි බොන්නෙ.. දැන් සිගරට් අඩුවෙලා නෙමෙයි පේන්න බොන උන් නෑ...

    -රජයේ අවවාධය දුම්බීම පිළිකා ඇති කරයි-

    ReplyDelete
  21. තදින් සිගරට් බොන කෙනෙක් කාමරේකට එනකොටම එයා ගාවින් එන සිගරට් ගඳ අනිත් අයට හරිම සැරේට දැනෙන හැටිත්, එතකොට ඒ අය මුනට මුණ බලාගන්න හැටිත් ඔය බොන අය දන්නවනම්!

    ReplyDelete
  22. ඔව් ලංකාවේ නම් දැන් තරුණ අය එච්චර සිගරට් බොන්නේ නැහැ කියල මටත් හිතෙනවා. ඕස්ට්‍රේලියාවේ නම් ඒ අතින් තත්වය සැහෙන්න නරකයි

    ReplyDelete
  23. mama bonneth nehene...

    -goldfish-

    ReplyDelete
  24. කතා මාමාගේ ආදර්ශමත් කතා...
    අයිස් ටී නැති මේවගේ කතා අගනේය.
    මම නම් සිගරට් බීලා නෑ ජීවිතේට,
    ඒත් මම ආසයි අර සිගරට් පෙට්ටි වල තියන සුවඳට :)

    ReplyDelete
  25. මාත් සිගරට් බොන්නේ නෑ. මෙච්චර කාලෙකට මම එක සිගරට් එකක්වත් බීලා නෑ.(එකකින් පොඩ්ඩක් බීලා තියෙනවා)

    ReplyDelete
  26. සිගරට් විතරද හොඳ නැත්තෙ? බිව්වට කමක් නැද්ද?

    ReplyDelete
  27. හොඳ කතාවක් .....
    කාලයක් සිගරට් බිව්වා...දැන්නම් anti-smoking club එකේ...

    ReplyDelete
  28. 2010 ඉඳල 2012 වෙනකම් කටාරයේ ඉඳන් හොඳට සිගරට් බීපු මං 2012 ඉඳල ඒ පුරුද්දට තිත් තුනක්ම තිබ්බ.

    ReplyDelete
  29. " ළමයිනේ සිගරැට් නං කට හරියේ තියන්න එපා! "

    අන්න හොද අවවාදයක්...

    ReplyDelete
  30. මම නම් කවදාවත් සිගරට් බීලා නෑ

    ReplyDelete
  31. // තදින් සිගරට් බොන කෙනෙක් කාමරේකට එනකොටම එයා ගාවින් එන සිගරට් ගඳ අනිත් අයට හරිම සැරේට දැනෙන හැටිත්, එතකොට ඒ අය මුනට මුණ බලාගන්න හැටිත් ඔය බොන අය දන්නවනම්! //

    දවසේ කතාව නිරෝෂිනි ගෙනි.. :)

    ReplyDelete
  32. There is a nice short story called "The song of the stormy petrol" by Maxim Gorky. Read it and see... there is a connection...
    But I agree wholeheartedly, smoking is a very bad habit.
    Aruna

    ReplyDelete
  33. සිගරැට් පෙට්ටියේ ඊයං කොලය ගෙන ඇතුල් පැත්තේ කඩදාසී සිවිය ඉවත්කරන්න. පසුව ගිනිකුරුවල ඇති ගිනිබේත් දෙක තුනක් අර ඊයං කොල කෑල්ලකට කඩා දමා හොඳින් තද කර සිමෙන්තියේ තබා මිටියෙන් තලන්න. ඩොං යන සද්දයෙන් කැප්රොල් පිස්තෝලයක වෙඩිල්ලක් මෙන් එය පුපුරා යාවී.

    හැබැයි ටිකක් බයානකයි. සිගරට් වගේ තමයි.

    ReplyDelete
  34. මමත් කාලයක් සිගරේට් 15 ක් 20 ක් විතර දවසකට් බිව්වා, දැන් අවුරුදු 12 ක් වෙනවා නවත්තල. පොඩි ජොලියක් දැනෙනවා. හොඳ අවවාදයක්!!!

    ReplyDelete
  35. මම අමද්‍යප සහ දුම් නොබොන...ඒ නිසා ක.කා. ගේ ප.ලි. එකට ඉහලින්ම හුරේ!!!

    ReplyDelete
  36. ම්ම්ම්ම්ම්ම්.....හොද කතාවක්.......

    ReplyDelete
  37. මාත් සිගරට් දුම එක උගුරක් හොරාට බීල තියේ.... චැහ් ..කොහොම බොනව ද මන්දා....

    ඔක්කමත් හරි...උහුලන්න බැරි පුසුඹ තමයි.... නැද්ද සුවඳ කවාපුව හෙම.

    ReplyDelete
  38. ඔක ඒදවස් වල ප‍්‍රමොට් කලා නොවැ... චිත්තරපටි නාට්ටි වලින් හෙම

    ReplyDelete
  39. Hmmmm Cigarette , It doesn't matter You are a anti-smoker or a smoker , Just stop posting about your opinion, check my blog to find out how I smoke,

    www.asithasblog.blogspot.com

    ReplyDelete
  40. හොඳ ආදර්ශයක්!!! සිහරට් දුමනම් හෆ්ෆෝ... ඉවසන්න බෑ..

    ReplyDelete
  41. මාත් හිතන් ඉන්නේ සිගරට් නොබී ඉන්න.. මහා ගොන් වැඩක්.. මෝඩ ආතල් ගැනිල්ලක්..

    ReplyDelete
  42. දැන් තරුණ පරපුර සිගරට් බොනවා අඩුයි කියල කව්ද කියන්නෙ? ලංකාවේ සිගරට් විකුණන ඕන කඩයකින් අහල බලන්න වැඩිපුරම සිගරට් බොන්නේ කව්ද කියල.. නාකි පප්පල නම් නෙමේ.. ඇටෙන් පොත්තෙන් එලියට ආපු මටත් වඩා බාල මල්ලිලා ඇවිත් අපූරුවට සිගරට් බොන හැටි මගේ දෑසින් අනන්තවත් දැකල තියෙනවා.. ගන්න දෙයක් නෑ, ඒ අතින් නම් කොල්ලෝ ඉවරයි.

    ReplyDelete
  43. ක්මෙන්ට් නොකරමි

    ReplyDelete
  44. 2004දි පටංගත්ත මගෙ සිගරට් පාවිච්චිය 2005 අන්තිම වෙද්දි චේන් ගැහිල්ලකට දුර ගියා. 2009 දෙසැම්බර් 26 වෙනිද උදේ සිගරට් එකක් බොද්දි හිතුන මේ ඇතියි කියල .. . . එදා එතනින් සිගරට් පාවිච්චිය නැවැත්තුව.

    ප.ලි.
    ශීෂා එකක් හරි ත්‍රයිලෝක විජයාති පත්‍රම් හරි සෙට් උනොත්නං ඉතිං මොනම හේතුවකටවත් නිකං ඉන්නෙ නෑ

    ප.ප.ලි.
    මගෙ ආසම සිගරට් ජාතිය තමයි ගුඩං ගරම් කියන ඉන්දුනීසියන් සිගරට් ජාතිය. මගෙ රස්සාව නිසා මට ඒ දවස් වල හොඳ ගුඩං ගරම් සප්ලයි එකක් තිබුනා

    ReplyDelete
  45. කකා අයියගෙ කතන්දරේ අරුත නම් හැබෑ ඇත්ත. ඔය බීලා දුකේ වැටෙන උන් නිකන් ඉන්නේ නෑ නෙව. අනිත් එකාටත් ඒ දුක දෙන්න තමා බලන්නෙ. ඌ තමන්ගෙ යාලුව උනත් කමක් නෑ. බොන යාලුවො කොච්චර ආශ්‍රය කරත් "මචන් උඹත් බීපන්" කියන යාලුවො නං ලඟට ගන්නවත් හොඳ නෑ. උන් හෙන භයානකයි, අම්මප!

    ReplyDelete
  46. @ඕනයා,

    දන්නවද, ශීෂා එකේ ටුබැකෝ එෆෙක්ට් එක සිගරට් 40ක එෆෙක්ට් එකට සමානයි කියලා.. :)

    ReplyDelete
  47. සිගරට් බීමේදී මුලදී ලැබෙන ෆ්ලෝටින්ග් සෙන්සේශන් එක පසුව නොලැබේ. වැඩි වැඩියෙන් බොද්දී මේ සෙන්සේශන් එක ලබා ගන්නට තවත් බොද්දී ඇබ්බැහ්හිය වැඩිවේ. පසුව මේ රිලැක්සින් හෝ ෆ්ලෝටින්ග් සෙන්සේශන් එක පසු පස හඹායති.
    ස්කැන්ඩිනෙවියානු රටවල ස්නුස් නමින් තොල යට තබා ගන්න දුම්කොල කුඩු ඇත. මින් පෙන්හැල්ලට වන හානිය අඩුය. මම දිනකට දුම් වැටි 10ක්-12ක් බිවෙමි. නමුත් නවත්වා ගැනීම සම්පූර්ණ මානසික ගේමකි. නැවැත්වීම හරිම පහසුය.

    ReplyDelete
  48. අපිනම් බොයි සිගරට්.... මාත් ඔන්න ඔහේ අලුත් අවුරුද්දෙම නැවැත්තුවා.

    @ඕනෙ අයියා ඇත්තටම මම ඔය ගුඩං ගරම් 2ක් විතරමයි බීලා තියෙන්නෙ.. මාර ආතල් ඒක.. කුරුදු සුවදේ බෑ.

    ReplyDelete
  49. සිගරට් බොන එකෙක් කිස් කරනවට කියන්නෙ ඈෂ් ට්‍රේ එකක් ලෙවකනව වගේ තමයි කියන කතාව හරියටම හරි!


    බුරා,

    "දන්නවද, ශීෂා එකේ ටුබැකෝ එෆෙක්ට් එක සිගරට් 40ක එෆෙක්ට් එකට සමානයි කියලා.. :)"

    නෑ! එහෙම වෙනවනං අරාබියෙ උන්ගෙ පෙණහළු මෙලාකටත් නෑ. කොටිම්ම ගෑණු පිරිමි හරි හරියට බොන්නෙ!

    ReplyDelete
  50. @ඉන්දික,

    කියවන්න මේවා..

    http://en.wikipedia.org/wiki/Hookah#Health_effects

    http://www.mayoclinic.com/health/hookah/AN01265

    ReplyDelete
  51. වැඩි කතා ඕන්නෑ මමත් දුම් බීම නම් සදහටම නතර කලා ..

    ReplyDelete
  52. @බුරතීනෝ:
    මම ශීෂා ගහන්නෙ සිගරට් මෙලෝ රහක් නැති තත්වෙට ආව නිසා. අනික මම ශීෂා එක අදින්නෙ අවුරුද්දකට වතාවයි නැත්තං දෙකයි. ඊට අමතරව පාවිච්චි කරනවනං ශීෂා ‍ටුබැකෝ වෙනුවට ලෝකල් කොල පාවිච්චිකරනව.

    ReplyDelete
  53. @ All

    සියළු දෙනාටම ස්තුතියි.

    විශේෂයෙන්ම, සිගරට් බීම අත හැරියා කියල කියපු කොල්ලන්ට මගේ ආචාරය.

    සිගරට් නම් ගඳ විතරක් නෙමේ බොන්න පුරුදු වුනොත් අති දරුණුයි මොකද නිදාගන්න වෙලාව හැර අනිතා හැම වෙලේම බොන්න හැකි නිසා.

    මුලින්ම සිගරට් එකක් බීවාම කට ගද තමන්ටම දැනුනොත් අන්න නියම වාසනාව.

    ReplyDelete
  54. [ඔක්කමත් හරි...උහුලන්න බැරි පුසුඹ තමයි.... නැද්ද සුවඳ කවාපුව හෙම. ]

    නැත්තෙ මොකෝ, ජෝන් ප්ලේයර් එකෙන් ඉඟුරු, මින්ට් වගේ සුවාන්ද කවපුව හදල තිබුණ, ඉස්කෝලෙ කොල්ලන්ම ටාගට් කරගෙන

    ReplyDelete
  55. සිගරට් නොබොන උන්ටත්, බොන උන්ට මේ ගැන මතක් කලාට ක.ශු. ටත් මෙන්න ආචාරය...!!!

    ReplyDelete
  56. @මිගාර:
    ගුඩං ගරම් කියන්න්නෙ පට්ට කුරුඳු ෆ්ලේවර් එකක් තියන සිගරට් ජාතියක්.

    ප.ලි.
    ඉස්කෝලෙ කොල්ලො ටාගට් කරනව කීවාම මතක් උනේ . . . . . බැට් එකේ (මට මතක විදියට) රිසර්චර් කෙනෙක් ටාගට් ගෲප් එක ගැන කියලතියෙන්නෙ "ඉෆ් දේ ගොට් ලිප්ස්, වී නීඩ් දෙම්" කියල .. . .. උංගෙ ටාගට් එක "ඉස්කෝලෙ" කොල්ලො විතරක්ම නෙමේ

    ReplyDelete
  57. සිගරට් බොන මනුස්සයාත් අක්‍රීය දුම් පානය නිසා ළඟ ඉන්න මනුස්සයාත් දෙන්නම අමාරුවේ. සිගරට් නම් නොබොන එකමයි හොඳ

    ReplyDelete
  58. සිගා නොබී ඉන්නම බැරිනම්, සැර බීම බිව්වට කමක් නැහැ

    ReplyDelete
  59. Μаgnificent gooԁѕ from you, mаn.
    I've understand your stuff previous to and you are just too excellent. I actually like what you'νe acquired heгe, reallу like whаt you are ѕtating and the way in ωhісh you ѕay it.
    You make іt еnjοyable anԁ you still care for to keеp it smaгt.
    I сan nоt wаit tο reаd much moге from you.

    Тhіs is rеallу a great site.


    Here is my ωebρagе: Payday Loans Online
    Here is my blog :: payday loans online

    ReplyDelete
  60. සිගරට් බොන එක ගැන අවලාද කියනවාට වඩා ,කෙල්ලෝ ටික තමුන්ගේ කොල්ලෝ ඔව්ව බොන්නේ මොකද කියල හොයනවා නම් ,,, ;) ....

    ReplyDelete

මා ලියූ කතන්දරයට අදාල නැති කරුණු ඔබේ ප්‍රතිචාරවල ඇතළත් නොකරන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

අදහස් වාරණයක් නොකෙරේ. කුණුහරුප සහ තුන්වන පාර්ශවයන්ට නින්දා කෙරෙන ප්‍රතිචාර ඉවත් කෙරෙනු ඇත.