Saturday 28 January 2012

බූට් එකෙන් ඔබ්බට - Is love blind?


ආලය අන්ධයි කියලා කිව්වේ කවුද 'විලියොං සකුරුපිය' ද නැත්තං ස්ටීව් වොන්ඩර් ද?

මොකා කිව්වත් කතාව ඇත්තයි!

ඕකට විද්‍යාත්මක හේතුව මගේ හිතේ, ඇහැට වැටෙන ආලෝක කදම්භ විශ්ලේෂණය කරලා අතාත්වික ප්‍රතිබිම්භ ඇහැ ඉස්සරහ මවන්න අවශ්‍ය මොලේ ශෛල ටික, මොලේ අයිතිකාරයා ලව් කේස්වල පැටලුනාම කරන්න සිද්ධ වෙන අමතර වැඩවලට යොදවන්න වෙන එක වෙන්න ඕනෑ.

හිටපු බ්ලොග්කරු ටැබූකාරයා හිටියා නම් පැහැදිලි කරලා අහගන්න තිබුණා!

"ආලය අන්ධයි!" කියන කතාව, කවියකින් කියන්න පුළුවන් මෙන්න මේ විදියට. මේ කවියේත් හඳ ගැන සඳහනක් තියෙන්නේ ඇයි කියලා අමුතුවෙන් කියන්න ඕනෑ නෑනේ?

පියවි ලොව

දෙසිත එකසිත වූ සඳෙහි
ලෝකයම සොඳුරු විය
බැලු බැලූ හැම අතම
සුන්දරත්වය
වැපිරී තිබුණි
එක සිත දෙසිත වුවහොත්
ලෝකය
කටුක වෙතැයි සිතුවෙමි

එනමුදු
අද ද ලෝකය
පෙර සේම සුන්දරය

එදා බැසයන හිරු
නැග එන සඳු
රෝසමල් සොඳුරු විය
අද නැග එන හිරු
බැස යන සඳු
නිදිකුම්බා මල් ඊට වඩා සොඳුරුය!

අරුමයක් නොවේ

ආදරය යනු
ලොව අඩක් වැසෙන
අර්ධ පාරදෘෂ්‍ය
උපැස් යුවලකි


-කතන්දරකාරයා

ප/ලි:
මේ කවිය මං පේරාදෙනිය යුනිවසිටියේ දෙවන වසරේ කල්මරන කාලේ ලිව්වට, ඇත්තටම කණ්ණාඩි දෙකක් නං දැම්මේ සිව්වන වසරේදීයි.

ඒ කණ්ණාඩි දෙකක් දාපු කේස් එකත් හොඳ කතන්දරේ. දවසක ලියලා දාන්න ඕනෑ!

(මේ කවිය පේරාදෙනිය ඉංජිනේරු පීඨ කලාකවයේ නිර්මාණ පුවරුවේ මුලින්ම පල විය. පසුව මවිසින් හස්තද්වාරයෙන් ප්‍රකාශ කරන ලද හන්තානේ කඳු පාමුල කෘතියට අඩංගු කරන ලදී)

(image: http://e-shirt.com/item/Love-is-Blind-+_0_AT-LoveisBlind)

24 comments:

  1. මම කණ්නාඩි දාන්න ගත්තේ මේ ලඟදී......

    ReplyDelete
  2. විද්‍යාත්මක පැහැදිලි කිරිම නම් නියමයි ක.කා

    ReplyDelete
  3. පට්ට අන්ධයි කියන්නෙ සමහර ඒවා ඉවර වෙලත් ඒත් තවම ඇස් පෙනෙන්නෙ නෑ නෑ වගෙයි !

    ReplyDelete
    Replies
    1. ඕකනම් ඔය වයසට එන ලෙඩක් වෙනී අයියේ! :D

      Delete
    2. මම දැක්කනෙ බුකියෙ දාල තියෙනව කන්නාඩි දෙකක් දාගෙන ඉන්න ෆොටෝ එකක්...

      වෙනී ද වැල්

      Delete
  4. අන්ධ ආලය නෙමේ ආලය කරන අය.

    ReplyDelete
  5. ආදරය යනු
    ලොව අඩක් වැසෙන
    අර්ධ පාරදෘෂ්‍ය
    උපැස් යුවලකි

    හ්හ්ම්ම් හ්හ්ම්ම්ම් සහතික ඇත්ත . . .

    ReplyDelete
  6. 'විලියොං සකුරුපිය' නෙමේ පොරගෙ හරි නම 'සෙක්කුපේරුගේ විලියොං'

    ReplyDelete
    Replies
    1. අනේ ඔබා මාමේ කවිය ගැන මොකක් හරි අදහසක් කියලා යන්ඩකො තරහා නැතුව...:p

      Delete
    2. කවි වලට එච්චර 'මෙව්ව' එකක් නෑ බං

      Delete
  7. අඩක් ම කියන්න බැ කියලයි මට නං හිතනේනෙ.... ඒක එක එක්කෙනාට සාපේක්ෂයි කියලායි මට හිතෙන්නෙ...

    ReplyDelete
  8. මොකක්ද අප්පෙ මෙ උනේ

    ReplyDelete
  9. දැන් අර්ධ පාරදෘෂ්‍ය උපැස් යුවල ක් වැටෙන්නේ ආදරේ කරන කාලේද, කරන්නේ නැති කොටද කියල අපි හරියටම කියන්නේ කොහොමද?

    ReplyDelete
  10. ආදරේ අන්ධයි විතරක් නෙමෙයි ආදරේට නහයකුත් නෑ කියල හිතෙනව කාලෙකට බේරෙ වැව වටේ වාඩිවෙලා ලව් කරන උන් දැක්කම.

    ReplyDelete
  11. අර්ධ පාරදෘශ්‍ය නෙමේ... පූර්ණ අපාරගම්‍යයි...

    ReplyDelete
    Replies
    1. පාරාන්ධ වෙන්නැති නියම වචනේ මයේ හිතේ එහෙම නේද අක්කේ

      Delete
  12. අර්ධ පාරදෘශ්‍ය කන්නාඩ් කියන්නේ සූර්ය ග්‍රහණ බලන්න දාන ඒවද එහෙම් නැත්නම් 3ඩි බලන ඒවද??? :-)

    ReplyDelete
  13. සම්පූර්ණයෙන් සත්‍ය කතාවක්. පෙමින් වෙලී සීටින පෙම්වතුන් අහඹු ලෙස තෝරා මා කළ සමීකෂනයකින් මේ බව සොයාගත්තා. පෙම්වතා පෙම්වතීගේ ඇදුම් අස්සේ පවා නැති වූ රුපියල් දෙකක් හොයනවා. පෙම්වතිය එය පෙම්වතාගේ සාක්කූ ඇති ප්‍රදේශයේ ඇතිදැයි සොයනවා. ඔවුන් අන්ධභාවයට පත් වී පමණක් නොව නෙතු පවා ඇරෙන්නේ නෑ. අවසානයේ දෙදෙනා කනවැල අල්ලාගෙන ගමන් කරනවා. මේ පිළිබඳ නිබන්ධය ළඟදීම ...

    ReplyDelete
  14. "..........ඕකට විද්‍යාත්මක හේතුව මගේ හිතේ, ඇහැට වැටෙන ආලෝක කදම්භ විශ්ලේෂණය කරලා අතාත්වික ප්‍රතිබිම්භ ඇහැ ඉස්සරහ මවන්න අවශ්‍ය මොලේ ශෛල ටික, මොලේ අයිතිකාරයා ලව් කේස්වල පැටලුනාම කරන්න සිද්ධ වෙන අමතර වැඩවලට යොදවන්න වෙන එක වෙන්න ඕනෑ........."

    මේක නම් ඇත්ත වෙන්නෝන...හික්ස්...

    ReplyDelete
    Replies
    1. නැතැව නැතුව ලව් කරද්දි අහසේ මාලිගා හදාගෙන ඒවායේ ලමයිනුත් හදාගන්න ගියාම අර්ධ වශයෙන් පාරදෘෂ්‍ය නෙමෙයි සම්පූර්ණයෙන් පාරාන්ධ වෙනවා හි හි

      Delete
  15. aaalaya anda natha
    aalaya wimasilimathya
    aaath sama deyakma nosalaka harinawa ...

    ReplyDelete
  16. හැම තිස්සෙම ඒක අර්ධ පාරදෘෂ්‍ය උපැස් යුවලක් කියන්න බෑ නේද ඒක වෙන්නේ පෙම්වතී ලඟින් ඉන්නකොට විතරයි නේද හි හි මියුරු අක්කා කියපු කතාව සහතික ඇත්ත

    ReplyDelete
  17. අන්ධ ආලය නෙමේ කාකා, අලය කරන් අයයි. සමහර වෙලාවට බේරෙ වැව ලඟ ඉන්නකොට හොඳට බලා ගන්න පුලුවනි අන්ධ වෙලා ඇත්තෙ ඇයි ? කියල.

    ReplyDelete
  18. @ All
    සියළු දෙනාටම ස්තුතියි!

    ReplyDelete

මා ලියූ කතන්දරයට අදාල නැති කරුණු ඔබේ ප්‍රතිචාරවල ඇතළත් නොකරන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

අදහස් වාරණයක් නොකෙරේ. කුණුහරුප සහ තුන්වන පාර්ශවයන්ට නින්දා කෙරෙන ප්‍රතිචාර ඉවත් කෙරෙනු ඇත.