Tuesday 3 January 2012

සමාවෙන්න කුරුළු අම්මේ - පින්තූර කතන්දරයක් : A picture story


මනුස්සයෝ ශිෂ්ඨාචාර පිහිටුවාගන්න කලින් ගල්ගුහා කාලේ ඉඳලාම සිතුවම්වලින් කතන්දර ලිව්වාය කියලානේ කියන්නේ. ඊට පස්සේ වුනත් ඔය පිරමීඩ්ස් වල වගේ දිග කතන්දර තියෙනවාලු ලියලා රූප මගින්. චීන භාෂාවේ අකුරක් අකුරක් පාසා චිත්‍රයක්.

දැන් ඉතිං ඩිජිටල් යුගයේ අපි යන යන තැන ෆොටෝ කොටනවා.

පින්තූරයක් වචන 1000ක් වටිනවා කියලා කතාවක් අහලා තියෙනවා නේද? එහෙම බැලුවොතින් මං මේ කතන්දර බ්ලොග් එකේ ලියන දිගම කතාවක් තමයි මේක.

ඒත් වචන පොඩ්ඩක් විතර දාන්නං කෝකටත් කියලා.

* * * *

"කතී, කතී, බලන්න අර වත්ත පල්ලෙහා හොඳටම කැලේ වැවිලා. අළුත් අවුරුද්දේ වැඩ අල්ලන්නත් එක්ක ටිකක් එළිපෙහෙලි කරලා දාන්නකෝ අනේ!"



අත් කියතක් අතින් ගත් මිනිහෙක් දිගට හරහට ගස් අතු කපනු පෙනේ.



තවත් අත්තක් කපන විට මහා කළබළ හඬක් ඇසුණි. ඔහු නොම දුටු අමුත්තෙක් ද ඒ ගස් අතරේ සිට ඇත.



ඉනිමගක් සෙට් කරගෙන බැලූ විට අන්තිමට කැපූ අත්තේ දෙබලක කුඩා කූඩුවක් තිබෙන බව පෙනුණි.



එතුල දර්ශනය දැඩි සිතක් වුවද කළඹන සුළු විය. කුරුලු කූඩුවේ බිත්තර දෙකකි.



කැපූ අත්ත වහාම තාවකාලිකව පිළිසකර කෙරිණි. මේ සඳහා යොදා ගත්තේ ඉන්සියුලේෂන් ටේප් බව හොඳින් බැලුවොත් පෙනෙනු ඇත!



කෙමෙන් කෙමෙන් වැඩ අවසාන විය. මෙන්න පලදාව.



මෙන්න ඉතිරි කොටස. සුලඟට පෙරලුනු ගසක කොටස්.



පැයකට පමණ පසු කුරුළු අම්මා ආපසු ඇවිත් බිත්තර රකින්න පටන්ගත්තා!



සමාවෙන්න කුරුළු අම්මේ...!!!

-කතන්දරකාරයා

ප/ලි

හාමිනේ සහ දරු දෙදෙනා ද සමග කතන්දරකාරයා ද ලඟඳීම අළුතින් සෑදූ කූඩුවකට යාමට නියමිත බව සතුටින් දැනුම් දෙමි!

මේ පහත සබැඳියේ ඇති කතන්දරයේ ප/ලි කෑල්ල කියවූහොත් ඒ සඳහා කෙතරම් දිගු කාලයක් ගතවූයේදැයි සොයා ගත හැකිවෙනු ඇත.

http://kathandara.blogspot.com/2010/06/blog-post_16.html

සැමට ජයවේවා!

(Cave art photo: http://caitlinnicoll.wordpress.com/2011/08/05/storytelling-through-art/)

29 comments:

  1. කූඩුව කැඩුනෙ නැතුව ඇති.අනිත්එක කූඩුවකටත් යන්න හදනවෙලේ.

    ReplyDelete
  2. තනිකඩ සුටික්කියෙක් අපේ ගෙදර සෑහෙන මහන්සියකින් කුඩුවක් හදාගෙන බිත්තර දාගෙන ටික දවසක් හිටියා.ටිකක් වඩු කුරුළු ටයිප් එකේ. දොර ඉහලින්.දිග හොටට ඉඩ මදි නිසා එළියෙන්.නොසන්ඩාල පුසෙක් උගේ ඉරණම තීන්දු කළා.

    ReplyDelete
  3. ලස්සන පින්තූරු කතාව.

    කුරුලු කූඩුව නොකැඩූ එක හොඳයි.

    අලුත් කැදැල්ලක් හදාගන යන, කුරුලු කතන්දර, කුරුලු හාමිනේ සහ කුරුලු පැටව් දෙන්නාට සුබ පැතුම්....:D:D:D

    එහෙදීත් කරුනාකරලා මේ වගේ කතන්දර වැඩියෙන් ලියැවෙන තැනක් හදාගන්ට.

    ReplyDelete
  4. කතන්දර සයිට් එකේ කැලේට හැදුනු මල් පෝස්ට් එක දැකල, අපේ ගෙදර වටේට කැලෑවට වැවිල තියෙන මල් සහ පලතුරු ගස් වල පින්තුර ගත්ත.
    ලඟදිම දාන්න ඕනෙ කොපිකැට් පෝස්ට් එකක් ඒ පින්තුරත් එක්ක.

    නව වසරෙ, නව කදැල්ලක්. සුභ පැතුම් පිළිගන්න.

    ReplyDelete
  5. කකා එහෙනං බෝල බෝල මැටි සීන් එක අහවරක් කරලා දැම්මද..?? ජයවේවා කිවුවා..!!

    ReplyDelete
  6. කැඩුවට වඩා, මහන්සි වෙලා කුරුළු කූඩුව බෙර ගත්තට එකට මගේ ආචාරය! :)

    ReplyDelete
  7. පින්තූර ටිකෙන් කියවෙන තව කතාවක් තමයි කසූ ඉන්නෙ දකුනු කුරු දිවයිනේ බව. ඒකනේ අපි බ්ලොග් එකෙන් වගේම පහනෙනුත් කසූගේ කතා බලන්නේ.

    ReplyDelete
  8. කුරුලු කූඩුව බේරගත්ත එක ලොකු දෙයක් තව බෝල බෝල මැටි ගේකට යන අතරේ, හැම දේටම සුබ පැතුම්..

    ReplyDelete
  9. හරිම සතුටුයි. ඔබට ජය. මේ කථා කලාවත් අගෙයි. කවදත් වගේ ඔබ එක කථාවක් තුලින් කථා කීපයක්ම ලියා තිබෙනවා. ඔබගේ පුද්ගලික ජයග්‍රහනය ගැන සමාජයට මෙහෙම ආදර්ශයක් සමග ලිවීම හැමෝටම කරන්න බැහැ. ඔබ ලාංකීය බ්ලොග් ලොවේ අංක එක බව නැවත ඔප්පු කලා.

    ReplyDelete
  10. නියමායි නියාමායි...
    ලියන්න ලියන්න තව තව සොබා කතා :)
    ලස්සනයි...
    මම ආසාවෙන් කියෙවුවා :)
    කොබෙයියෙක් නේද හිටියෙ?
    දැන් පැටව් ඉපදිලද?
    කකා මාමාගේ අළුත් කතා මන්දිරයට තෙරුවන් සරණයි!

    ReplyDelete
  11. නව කැදැල්ලට ගොඩ වදින්න පෙර මගේ සුබ පැතුමත් පිළිගන්න
    කුරුළු කූඩුව බේරගත්තු එකට මගේ ප්‍රණාමය

    ReplyDelete
  12. කූඩුව කඩන එක නම් කොහොම කරන්නද? මොකද සත්ව කරුනාව අපේ ඇඟෙන්ම එන දෙයක්. හරි නැත්නම් මෙතන කවුරු හරි ඉන්නවද ඔය වගෙ කූඩුවක් කඩලා දාන්න පුලුවන් කෙනෙක් ?

    ReplyDelete
  13. අලුත් ගෙදරට සුභපැතුම්. කුරුළු කූඩුව බේරගත්තු එක නම් ලොකු දෙයක්.

    ReplyDelete
  14. මගෙ ගෙදරත් කාලයක් තිස්සෙ තියෙන ලේන් කූඩුවක් තියෙනව... ලේන් අම්ම කලින් කලට ඇවිත් පදින්චි වෙලා පැටව් දාල අරන් යනව... මේ ලඟදි මගෙ කාමරේ තිබ්බ බෝනික්කෙක්ගෙ තොප්පියක් නැති වෙලා හොයල බලද්දි මේන් ඒක තියෙනව ලේන් කූඩුව අස්සේ... ඒ මොනව කලත් ලේන් පැටව් ගේ පුරා දුවද්දි මාර සතුටක් දැනෙන්නේ...

    කතන්දරගෙ අළුත් කැදැල්ලට මගෙනුත් සුභ පැතුම්....

    ReplyDelete
  15. කතන්දරගේ නව කැදැල්ලට සුභ පැතුම්! කිරියෙන් පැණියෙන් ඉතිරෙන ජලි ගුඩ් අවුරුද්දක් වේවා!

    අර කුඩුවේ පැටව් ද ඉන්නෙ නැත්තන් බිත්තරද තියෙන්නෙ? හරියට පේන්නෙ නෑ

    ReplyDelete
  16. පින්තූර කතන්දරේ ලස්සනායි... අළුත් කැදැල්ලට මගෙනුත් සුභ පැතුම් ඔන්න...

    ReplyDelete
  17. අපේ නිදන කාමරේ ටොයිලට් එකේ එක අස්සෙ පොඩි කුරුළු කූඩුවක් හදල තිබුන හාමිනේ පොඩි බාහු හම්බුවෙන්න ඉස්පිරිතාලෙ ගිය ටිකට. පුදුම කට්ටක් කකා ඉවසුව. ඔව්ව පින් අතේ වැඩ.

    ReplyDelete
  18. අම්මේ . . .උඹ කලේ ලොකු දෙයක් කකා . . . . !

    අහ් අලුත් නිවසට සහ එහි ජීවත් වෙන්න යන අයට ජය වේවා

    ReplyDelete
  19. මේ දවස්වල කොන්ඩ කුරුල්ලො අපේ ගෙදර සාලෙ පොකුරු බල්බ් එකක කූඩුවක් හදනව.. කුරුල්ලො ගේන පුන්චි පොල් කොහු කෑලි බිම වැටෙනව හරියට.. පොඩ්ඩටත් වෙන වැඩක් නෑ ඒව අරගෙන කුරුල්ලන්ට දෙන්නමයි ට්‍රයි එක.. (පොඩ්ඩට තාම අවුරුද්දයි).. සර්පයෙක් හේම ආවොත් කියල බයකුත් හිතෙනව ඉතින්...

    ReplyDelete
  20. සම්මා සතියෙන් ගස් කපපු නිසා හොඳයි.(ඈ? අත් කියතකින් කිව්වා?) .නැත්නම් කතන්දරට පශ්චත්තාප වෙන්නයි වෙන්නෙ !

    ReplyDelete
  21. ඉස්සර නම් කාමරේ මකුළුවෙක් හිටියොත් ඌව මරනකම් මට නින්ද යන්නේ නැහැ. බොහොම අමාරුවෙන් ඒ පාපයෙන් මිදුනා.
    කතන්දරගෙන් ආදර්ශවත් post එකක්. අලුත් කැදැල්ලට සුභ පතනවා.

    ReplyDelete
  22. අර කුරුළු කැදැල්ල වගේ කකාගේ කැදැල්ලටත් කිසිදු උපද්‍රවයකින් තොරව චිරාත් කාලයක් වාසය කරන්න ලැබේවා!

    ReplyDelete
  23. කතන්දරටත් ඔයාගේ කුරුලු කූඩුවටත් සුභ අලුත් අවුරුද්දක් පතනවා..ඒ වගේම මේ කූඩුවේ හිටපු පවුලටත් සුභ අලුත් අවුරුද්දක් !!!

    ReplyDelete
  24. දැන් අර කුරුළු පැටවූ ලොකුද?
    කකාත් අලුත් කුරුළු කුඩුවකට (පරණ කිරිල්ලි සහ කුරුළු පැටවූ එක්ක) යන එකට මෙන්න සුභ පැතුම්!

    ReplyDelete
  25. යාලුත් ගෙදරට සුභ පැතුම්..

    හොද වැඩක් කරලා තියෙන්නෙ.නැත්නම් ඕක ජීවිත කාලෙම හිතේ තියේවි...

    ReplyDelete
  26. @ All
    පින්තූර කතන්දරය කියවූ, කියවා ප්‍රතිචාර දැක්වූ සියළු දෙනාටම ස්තුතියි!

    ReplyDelete
  27. (ට්‍රැෆික්)
    අලුත් අවුරුද්දට වැඩ අල්ලන්න ගිහින් නියම පරිප්පුවක්නෙ කාල තියෙන්නෙ.
    මීට පස්සෙ අතු වැඩිපුර තියන ගස් කපනකොට, ගහ කපන්න ඉස්සෙල්ල පොඩි අතු කපල දාල ඉන්න ඕනැ. එහෙම කරද්දි ඔය වගේ අකරතැබ්බවලට මුහුණ පාන්න වෙනව අඩුයි. සමාවෙන්න උපදෙස් දෙනවට, ගමේ පුරුද්දට කිව්වෙ.
    අර කුරුළු බිත්තර දෙක දැකපු වෙලාවෙ ඒව තම්බල කන්න ආසාවක් ඇති නොවී ගහ නැවත ප්‍රතිසංස්කරණය කරන්න හිතුන එක කොච්චර එකක්ද?

    අළුත් ගෙදර පදිංචියට යනකොට හවුස් වෝමිං පාටි එකක් එහෙම තියෙනවැයි?

    ReplyDelete
  28. හොඳ වෙලාවට කකා කුරුළු කූඩුව කැඩුවෙ නැත්තෙ. ඒ කුරුල්ල තමයි "කෙකටපුලියා" කියන මහ භයානක කුරුල්ලා

    කකාගේ අළුත් පදිංචියට මගෙං සුභ පැතුම්

    ReplyDelete
  29. සිංහල 3 වසර හෝ 4 වසර පොතේ තිබුණු "පිං සිදුවන්නේ අනේ බාල ළමුන්නේ" සිංදුව මතක් වුණා

    ReplyDelete

මා ලියූ කතන්දරයට අදාල නැති කරුණු ඔබේ ප්‍රතිචාරවල ඇතළත් නොකරන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

අදහස් වාරණයක් නොකෙරේ. කුණුහරුප සහ තුන්වන පාර්ශවයන්ට නින්දා කෙරෙන ප්‍රතිචාර ඉවත් කෙරෙනු ඇත.