ජීවිතයම කතන්දර ගොඩක්!
This is a Sinahla blog written for five years from July 2009. It contains stories - Kathandara - from authors life.
කතන්දරකාරයා ගේ දශක කිහිපයක ජීවන අත්දැකීම් අළලා 2009 ජූලි 11 දින සිට පුරා වසර පහක් තිස්සේ ලියවුණු කතන්දර එකතුවකි. kathandara@gmail.com
Sunday 15 January 2012
කවුද ඩෝ කතන්දරකාරයා ගැන කතන්දර ලියන්නේ? When the "Story-Teller" becomes a source for stories
කතන්දරකාරයා ගැන එක එකා, එක එක විදියේ කතන්දර ලියනවා තමයි මේ කාලේ. වැඩියෙන්ම මේකට වග කියන්න ඕනෑ අර ඇනෝනිමසයා කියන ගොබිලායි.
පොර කාලෙකට ඉස්සෙල්ලා ලියපු පොරමඩලාව වැඩසටහන් පිටපතේ සාකච්ඡාව මෙහෙයවන්න අරං තිබුණේ කතන්දරකාරයාවයි.
ඊලඟට, 2011 මහා කක්කා සම්මාන උළෙලක් තියලා, ඒකේ මහා කක්කා සම්මානය කතන්දර බ්ලොගයට දුන්නා.
තව සතියක් යන්නත් කලින් මේකා කළේ, මං ගැනයි මගේ බ්ලොග් එක ගැණයි වර්ණනා කරලා සිංහල බ්ලොග් අවකාශයේ කතන්දරකරුවාගේ භූමිකාව කියලා ලිපියක් දාන එක.
එතනින් ඇරියේ නෑ, ඊලඟට මූ මගේ ඇස්බීයූ ටී-ෂර්ට් එක ගැන මහා මුසාවාදයක් පතුරවන පෝස්ටයක් දැම්මා.
ඉවරයි කියලද හිතේ?
ඊලඟට, මංතුමා ඇතුලු බ්ලොග්කාරයෝ, බ්ලොග්කාරියෝ පිරිසක් ගැන සරදම් කරන්න පරණ කාටූන් ඈඳාගෙන පෝස්ට් එකක් දැම්මා. ඒක දාලා නිකං හිටියේ නෑ, කතන්දරකාරයා නිරූපනය කරන්න අරං තිබුණු ෆ්‍රෙඩ් ෆ්ලින්ස්ටෝන් වෙනුවට ඩැග්වුඩ් බම්ස්ටෙඩ් වඩා ගැලපෙනවා කියලා මං දාපු කමෙන්ට් එක කෙලින්ම ඊලඟ පෝස්ටුවට පරිවර්තනය කළා.
මේ කියන පෝස්ට් එක එකක් පාසා පලවුණාට පස්සේ මොකද දන්නවද වුනේ. ඒව කියවන එක එකා කියනවා ඒ කතන්දර මංතුමා ම ලිව්ලා මංතුමාම දාගත්තාලූ!!!
අවුලක් නෑ, ඔව්වට සැලෙන්නේ නෑ මං වගේ රියල් පොරවල්.
ඉතිං වැරදිලාවත් හිතන්න එපා මං ඔය උඩ ටයිටලේ දැම්මේ වලියටයි කියලා. නෑ, නෑ, වලියට නෙමේ, සොමියටයි ඒ ටයිටලේ දැම්මේ.
මං මේ කතන්දර ලියන්න පටන් අරං දැං හරියටම අවුරුදු දෙකහමාරක් වෙනවා. මේ කාලය ඇතුලත මං බ්ලොග්කරණය ගැන විවිධාකාරයේ අත්හදා බැලීම් රාශියක් කළා. ඒවා බොහොමයක් මට හිතෙන විදියට සාර්ථකයි. අනිත් ඒවාත් අසාර්ථකමය කියලා කියන්නත් බෑ.
ඒ ඉතිං මට හිතෙන හැටිනේ. මට හිතවත් කියලා පෙනෙන කීප දෙනෙකුටම හිතිලා තියෙන්නේ මං මේ විවිධාකාරයේ බ්ලොග් ලෝකය ගැන කරන පරීක්‍ෂණ වලින් මංතුමාව මංතුමා විසින්ම සවුත්තු කරගන්නවා කියලයි.
ඒකට කමක් නෑ, මගේ අරමුණ දන්නේ මම නේ!
මේ වැඩේ මං කරගෙන යන්නේ කතන්දර කියවන්න පිරිසක් ඉන්න නිසයි. ඔබ සැමට මගේ නොවක් ස්තුතිය හිමිවෙනවා.
කියවලා නතර නොවී කමෙන්ට් කරන අයටත් විශේෂයෙන්ම මට ඇති ආදරේ නිසාම මාව නිසි මගට ගන්න කමෙන්ට් කරන ඇනෝනිමස් ලාටත්, මඩ යැයි සම්මත දේ ලියමින් සිට පසුව තමන්ගේ ගමන් මග මා නිසා වෙනස් කළ ඇනෝනිමස් ආතල්කාරයාටත් මගේ ස්තුතිය!
ඊලඟට, බ්ලොගර් ෆලෝවර්ස් ලා හත්සිය පනස් දෙනාටත්, ෆේස්බුක් එකේ මිතුරෝ 5,000 දෙනාටත් ස්තුතියි. ෆේස්බුක් මිතුරන් සීමාව පැනලා නිසා ලඟදීම අළුත් මූණකුත් අරඹන්නයි ඉන්නේ.
ඒ එක්කම මට මේ කර්තව්‍යය කතන්දර හාමිනේ ගේ සපෝර්ට් එක නැත්තං කරගන්න වෙන්නේ නෑ. ඇයටත් ස්තුතියි.
-කතන්දරකාරයා
ප/ලි
ඒක නෙමේ මං මේ කල්පනා කළේ.
අද මේකත් එක්ක කතන්දර "පන්සිය පනහකුත්" ලිව්වා.
සූ ගාලා ඇනෝලා කීප දෙනෙකුගෙන් විසි වෙන්න බැට කාලා "සූ-විසි විවරනෙත්" ලැබුණා.
බුදු වෙන්න කාලේ හරිද මන්දා?
බුදු වුනත් දැම්ම පිරිණිවන් පාන්න නම් බෑ ගොයියෝ. අනාගතයේ දී "ඒවං මේ සුතං" වෙන්නේ නෑ නේ වෙන්ඩ කතන්දර ලයිස්තුවල කතන්දර තියාගෙන හිටියට.
ප/ප/ලි - Jan 15, 2012 3:50 PM
මේ ලිපිය සුභපැතුම් ගන්න ලියපු එකක් නම් නොවේ!
Labels:
බ්ලොග් සංවත්සර,
සන්ඩේ ස්පැෂල් ඇක්ස්ට්‍රා
Subscribe to:
Post Comments (Atom)
සුබ පැතුම්.
ReplyDeleteසොඳුරු සිතකින් මිහිරි පැතුමක්!
Deleteස්තුතියි.
සුභ පැතුම් ... !!
ReplyDeleteස්තුතියි.
Deleteබුදු වෙමුද දෙන්නාම?
can convert profile to facebook page
ReplyDeleteර්~
Thanks will do -
DeleteThere is this as well:
Deletehttp://www.facebook.com/pages/%E0%B6%9A%E0%B6%AD%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B6%BB%E0%B6%9A%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA%E0%B7%8F-Kathandara-Karaya/108101792548846?sk=info
මගෙනුත් සුබ පැතුම්...:D
ReplyDeleteස්තුතියි අවසර, කුමාරිහාමි!
Deleteඅවසර ඉල්ලන්නේ තව 550 ලියන්ටද? ඔන්න දුන්නා. දැන් ඉතින් පටන් ගමු. :D
DeleteCongratz! What about Facebook Fan Page? "Kathandara"
ReplyDeleteThanks. I will create one.
Deleteසුබ පැතුම් !!!
ReplyDelete550 කිව්වට රියලිම 550ක්ම ඕනි නෑ..ඒ හින්දා නොදැනුවත්වම "ඕක" වෙලා ඇති.. ඕන් ඔහේ ඔහොමම යන්න අරින්න කකා..
ඇත්තටම 550 ජාතක පොතේ කතන්දර තියෙන්නේ ඊට අඩු ගණනක් මට මතක විදියට.
Deleteස්තුතියි!
543යි නේද ???
Deleteසුභ පැතුම්!!
ReplyDeleteඔබ සිංහල බ්ලොග් අවකාශයේ ප්‍රධාන මංසලකුනක් හිතවත් ගුරුවරයෙක්. ඔබට ජය!!
ස්තුතියි මිතුර.
Deleteසුභ පැතුම් ... !!
ReplyDeleteසුබ පැතුම් !
ReplyDeleteස්තුතියි.
Deleteකොහොමද අර ලටපට බ්ලොග් එකේ තෙරාතුරු?
ඒක ජයටම යනව.
Deleteඅනිවාර්යෙනම... කතන්දරගෙන් මම ඉගන ගත්ත දේත් බොහෝමයි.....
ReplyDeleteසුභ පැතුම්...!!!
ස්තුතියි!
Deleteමං දැක්කා ඉගෙන ගත්තු එක දෙයකද කොහෙද ෆොටෝ එකකුත් දාලා තිබුණා නේද?
කක්කා..... :D
Deleteකුඩා සිංඩියක් වූ බ්ලොග් අවකාශයේ කතන්දර බ්ලොගයට සුභපැතුම්.
ReplyDeleteස්තුතියි රාජ්.
Deleteස්තුතියි. Many thanks!
ReplyDeleteඅළුතින් එන හැමෝම කොච්චරක් කියලා දේවල් කකා ගෙන් ඉගෙන ගන්නවද..සුභ පැතුම් කකා..1000 ට තව පොඩ්ඩයි :D
ReplyDeleteස්තුතියි, අර බිලියනක සේල්ස් කළ අපේ අයියා පොර ගේ ගණිත ක්‍රමයට නම් දැන් 10,000 ට ත් ලඟයි!
Deletehttp://kathandara.blogspot.com/2011/10/millions-and-billions.html
ගල් ඇති ගඟ සොදුරුවෙනව වගේ ඇනෝ ගල් වලින් කකා අවුස්සන්න අවුස්සන්න සොමිය වැඩියි. ඔහොම යං කකා, ඔහොමම යං ඇනෝ!
ReplyDeleteමං කැමතියි ඇනෝට
Deleteඇනෝ කැමති නෑ මට!
සුභ පැතුම් කකා....
ReplyDeleteස්තුතියි ඔබටත් ජයවේවා!
Deleteමගෙනුත් සුභ පැතුම්...!!! පන්සිය පණස් ජාතක පොතේ තියෙන්නෙ 547 යි.
ReplyDeleteඒකනේ කියන්නේ මං දැනටම බුදුවෙලා ද මන්දා? ස්තුතියි සුභ පැතුමට.
Deleteපැනි පිරේවා (දොඩමේ)
සුභ පැතුම් ගුරුතුමා.....
ReplyDeleteස්තුතියි. මේක බැලුවද?
Deletehttp://kathandara.blogspot.com/2011/10/drafts.html
සුබ පැතුම් කසු...!!
ReplyDeleteසුභ පැතුමට ස්තුතියි ලොක්කා!
Deleteසිරාවටම මට කියන්න මුකුත් නෑනෙ..මුකුත්ම අදහසක් එන්නෙ නෑ...
ReplyDeleteඔහොම වෙනවා කාලෙකට. මං නං ඔහොම වෙලාවට ගිහින් බණ්ඩක්කා පාත්තියට වතුර ටිකක් දාලා එනවා!
Deleteමගේ උණුසුම් සුභ පැතුම පිළිගන්න.
ReplyDeleteමේක 'ෆයර් ෆොක්ස් ' ඇඩ් එකක් නං නෙමේ, මට බ්ලොග් කීපෙකටම ගොඩ වුනාට ස්ක්‍රොල් කරන්න සහ කොමෙන්ට් දාන්න බැරුව තිබුනා. 'කතන්දර ' ත් එයින් එකක්. කවදාවත් පාවිච්චි කර නොතිබුන 'ෆයර් ෆොක්ස් ' ඩවුන් ලෝඩ් කරගෙන ට්‍රයි කළා බලන්න. එසේ වැඩ නොකර තිබූ ඒවයින් දෙවෙනි එක මේ කරදරයක් නැතුව බලල කොමෙන්ට් එකක් දාන්නෙ.
උණුසුම් සුභපැතුම් ස්ටර් ෆ්‍රයි ද, බේක් කරලාද?
Deleteමොනවා වුනත් ස්තුතියි.
මාත් ගෙදර පාවිච්චි Firefox තමයි.
සුභ පැතුම් මගෙනුත්!
ReplyDeleteතැන්කියු මලයා.
Deleteකතන්දර සින්ඩියට මගෙං සුභ පැතුම් . . . .
ReplyDeleteප.ලි.
බුදු වෙන අදහසත් නරකම නෑ . . . . . ඕං මං තමා එදාට කුස තන මිටි අට පූජා කරන්නෙ . . . (ඔතලමද ඕනෙ නැත්තං ඔයාම ඔතාගන්නවද කියල මේලක් එවන්න)
තැන්කියු කිව්වා.
Deleteඔය තනකොල කේස් එකට මං ගල් බමුණෙක්ව හොය හොය තමයි හිටියේ.
ක.(ක්).කා ට ජයවේවා..!!!!!
ReplyDeleteඅඩෝ... තනියම බුදුවෙන්න හුහ්.. වරකොබලන්න....."තොට දෙන්නං තාත්තේ. .හන්දි කැඩෙන්න......" (තාත්තා = බොලොක්ක පියා)
ඒ.. මොකද්ද අර රාජ් කොලුව කිව්ව කුඩා කින්ඩිය......පුහ්.. .මේකා දාන කින්ඩි හොඳ කුඩා සමහර වෙලාවට පුක නෑ....ජී..ඈ....
X-Porter
ඇක්ස්පෝටර්ටත් ජය වේවා!
Deleteරාජ් ගේ බ්ලොගේට සෑහෙන්න ට්‍රෑෆික් මගේ බ්ලොග් රෝල හරහා එනවයි කියන්නේ. ඒකයි කතාව.
මගෙත් දෙවනියට වැඩිම ට්‍රැෆික් තියෙන්නෙ කතන්දරගෙං
Deleteමට තුන්වෙනියට වැඩිම හිට්ස් තියෙන්නේ කකාගේ බ්ලොග් එකෙන්.
Deleteදුර ගමනේ "කතන්දර" බෙදාගන්න කතන්දරකාරයාට සුභ පැතුම්.
ReplyDeleteබ්ලොග් කියවන්න හුරු කළාට බොහොම ස්තුතියි.
ස්තුති වේවා!
Deleteප/ප/ලි
ReplyDeleteමේ ලිපිය සුභපැතුම් ගන්න ලියපු එකක් නම් නොවේ!
මේ ලිපිය සුබ පැතුම් ගන්න හිතාන ලියවුන එකක් නෙමෙයි විත්තිය දන්නවා.... සුබ පැතුම් එක දිගට වැටෙන්න, ඔය පලවෙනිම කමෙන්ට්කාරියගේ කමෙන්ට් එක බලපෑව ද මන්දා...!!!!
ReplyDeleteසිංහල බ්ලොග් අවකාශයේ ගල් මල් සියල්ල සම සිතින් ඉවසන කතන්දරකාරයා හරි අපූරු චරිතයක් විත්තිය කියන්න මට උවමනා වුනත් කාලය පිළිබඳ ප්‍රශ්ණයක් නිසා , “සුබ පැතුම් “ කියල විතරක් කමෙන්ට් කරා.ඒ පිළිබඳව මාගේ බලවත් කණගාටුව.
ඒ කමෙන්ටුව සෙත් කවියක් වෙලා නේද? තුති!
Deleteදැං තමා මෙව්වැක වැඩ කලේ ගොඩක් බ්ලොග් වල කොමෙන්ට් කොටසට යන්ට බැහැ නෙව. මාර ගේමක් දීල කට්ටියගෙ උපකාරෙන් මේක දමා ගත්තෙ ........පොඩ්ඩෙං අමතක වෙනවනෙ Congrats Dear Kathandhara
ReplyDeleteබ්ලොගර් එකේ වෙනස් කං කරනවා ගූගල් මාමා. බලන්න කමෙන්ට්ස් වැටන වෙලාව පවා සිලිකන් වැලියේ වෙලාව ලංකාවේ වෙලාව නොවේ.
Deleteසුභ පැතුමට ස්තුතියි.
සුභ පැතුම් අයියේ...
ReplyDeleteටැන්කියු! Thnaks.
Deleteසුබ පැතුම්!
ReplyDeleteඒත් මම හිතුවා කතාව ගලාගෙන ගිය හැටියට, ‘වලියට බර පොරවල්“ කියන එකටත් ලින්ක් එකක් වැටෙයි කොහෙන්හරි කියලා. කො වැටුන්නැනේ....
මෙන්න දැම්මා. පොඩි එකාගේ ආසාවනේ!
Deletehttp://kathandara.blogspot.com/2009/11/blog-post_19.html
.
ජය ශ්‍රි !
ReplyDeleteසැරද!
Delete550 ට මගෙනුත් සුභ පැතුම් ඔන්න!
ReplyDeleteඔබටත් එසේම වේවා (550ක් වේවා)
Deleteෂාහ් මගෙන් සුභ පැතුම් කකා අයියේ ජය වේවා
ReplyDeleteස්තුතියි ඔබටත්!
Deleteමගෙනුත් ඔන්න සුබ පැතුම් කතන්දර . හදවතින්ම සුබ පැතුම් . මට හිතාගන්න බැරි ඔබට මේ තරම් කතන්දර කොහෙන් එනවද කියලයි . ඉදිරියටත් කතන්දර සිය ගනනින් ලියවේවායි පතමි ..
ReplyDeleteමාතෘකාව දුටුවාම මම මේ බැලුවේ කතන්දර කාත් එක්ක හරි වලියක් දාගෙනද කියලයි . පස්සෙයි මතක් වුනේ කතන්දර කාරයා කියන්නේ වලියට බර නැති සොමියට බර කෙනෙක් කියලා .
දවස ගානේ කතන්දර එකතුවෙනවා ලියන්න බැරි තරම් වේගයෙන්.
Deleteස්තුතියි ජයවේවා.
පන්සිය පනස් කතන්දර ජාතකයට මගෙනුත් සුභ පැතුම්... :)
ReplyDeleteඔබටත් එසේම වේවා!
Delete:O මේ මොකද...
ReplyDeleteඅනේ මන්දා?
Deleteකතන්දර ජාතකයට පාඨක මගෙනුත් සුභ පැතුම්...
ReplyDeleteජාතක 550ක් නේ. ස්තුතියි.
Deleteකාකා අයියේ සුභ පැතුම් 550 ට ..
ReplyDeleteමම බ්ලොග් කියවන්න ගත්තේ ඔයාගේ බ්ලොගෙන් තමා ඒත් අද තමා මුලින්ම කොමෙන්ටුවක් දාන්නේ.
ජය වේවා.
මුල් කමෙන්ටුවට ගොඩාක් ස්තුතියි.
Deleteෆුල්ම රැඩිකල් වගේම ඕපන් බ්ලොග් වලින් ඉස්සරහින්ම තියන බ්ලොග් එකක් කතන්දර කියන්නේ. ඇනොනිමස් ආතල්ගේ කතන්දරකාරයාගේ භූමිකාව ලිපියේ ඒ කතාව හොඳට විස්තර කරලා තියනවා,.. ඉතින් කතන්දර කාරයට මගෙනුත් සුභපැතුම්.
ReplyDeleteජයවේවා!
Deleteසමහරු හිතන්නේ ඒක මංතුමාම ලියාඝෙන කියලනේ!
"මේ ලිපිය සුභපැතුම් ගන්න ලියපු එකක් නම් නොවේ!"
ReplyDeleteඒක හින්ඳා සුබපතන්නෙ නැතුව කොමෙන්ටුවක් විතරක් දාන්නං :)
හොඳයි, හොඳයි.
Deleteමේ ලිපිය දැම්මේ වෙන අරමුණකින්.
කතන්දර ගැන මම දැනගෙන හිටියෙ අපි දාන කිසිම කොමෙන්ට් එකකට උත්තරයක් නොදෙන බුවෙක් හැටියටයි. හරියට අර ගහකට ගලකට කතා කරනවා වගෙ. මෙන්න අද නම් හැමෝටම වගෙ උත්තර දීලා.
ReplyDeletehenryblogwalker the Dude
Dude,
Deleteබොහෝ විට එක පොදු පිළිතුරක් පමණයි දාන්නේ වෙලාව නැති නිසා.
තමන් ගේ ඊ-මේල් වලින් කමෙන්ට් දාන අයට පිලිතුරු යවනවා සමහර විට.
නමුත් සති දෙකකට වරක් පමණ හැමෝටම පිළිතුරු දෙනවා. සමහර විට මසකට වරක් පමණ. අද ඒ වගේ දවසක්. ඊයේත් එහෙමයි.
මේ දවස්වල නිවාඩුයි නේ!
මගෙනුත් සුභ පැතුම්!!!!!
ReplyDelete"550 කතන්දර වස්තුව" කියලා ටයිටල් කලානම් අපූරුයි???
ReplyDeleteබ්ලොග් ලියන අයගේ කුනුකන්දල් අනික් බ්ලොග් වල ලියන්නේ 'සිංහල බ්ලොග් අවකාශයේ' විතරමද කොහෙද....
ලාංකික අනන්‍යතාවයද නිසාද මන්ද..
මොනවා උනත් .... 'ඕල් ද බෙස්ට්' කිව්වා...
කතන්දරට සුබ පැතුම්... මේ වගේ වෙලාවක පොඩි ඉල්ලීමක් තියේ කරන්න.. කතන්දරගේ ඉස්සෙල්ලම ස්ටයිල් එකේ කතන්දර ආපහු ලියන්න කියන එක.. කොහොම උනත් මම මේ බ්ලොග කියවන්න ගත්ත "ලෝ කට් බ්ලවුස් - පෙන්නීම සහ හැංගීම " කියන පෝස්ට් එකේ ඉදන් ඉතිරි සියලුම පෝස්ට් කියෙව්වෙ, කමෙන්ට් කලේ හරිම ආසාවෙන්.. ජය වේවා..!
ReplyDeletesudheera ගේ ඉල්ලීම යොජනාවක් විදිහට ගත්තොත්, ඒ යෝජනාව ඉස්තිර කරමු. මෑතක ලියවුන කතන්දර වලට වඩා පැරණි කතන්දර ඇත්තටම රසවත්.
ReplyDeleteකතන්දර,
ReplyDeleteහෘදයාංගම සුභ පැතුම්. එන්නේ ඉඳහිට කියලා හිතුනත්, මමත් ඔය පන්සිය පනහම වගේ කියවලා තියෙනවා නේ... බුදු උණාට නම් කමක් නෑ කතෝ... රජ වෙන්න වත් ආයෙත් විහිළුවට මිස මහණ වෙන්නවත් නම් එපා...!
බස්තියන් පයින් යන්නෙ මොකටද?
ජය
-ලොකු
This comment has been removed by the author.
ReplyDeleteපරක්කු වෙලා ආවට සමාව ඉල්ලනවා... මමත් ඉගන ගත්තු දේ ගොඩාක් තියනවා මේ සයිට් එක නිසා... පොස්ට් හෑම එකම කියවන්න උනේ නෑතත් මම කතන්දර පාඨකයෙක්
ReplyDeleteජය වේවා
ජයවේවා... කථන්දර වැඩි වැඩියෙන් ලියන්න හේතු වාසනා වේවා !!!
ReplyDeleteමම : කකා..! අපි බ්ලොග් තරු වලට කතා කරන්නයි ඉන්නේ...
ReplyDeleteකකා : බ්ලොග් වල තරු නෑ මෙයා... ඉන්නේ බ්ලොග් රචකයෝ...
පැහෙන්න පැහෙන බිමට බරවෙන වී කරලේ උඹට සුභ පැතුම්...
කතන්දරකාරයාගේ 550 දී අකුරු ලෙඩ හොඳ කරගෙන කියවන්න එන්න ලැබුණා.
ReplyDeleteතවත් 550 ක් ලියන්න සුබ පැතුම්!
සුභ පැතුම් ක.කා. අයියේ....
ReplyDelete550ට සුබ පැතුම් . . .
ReplyDeleteතමන්ට හිතෙන හැටියට ඕන් ඔහේ කතනදර ලියාගෙන යන්ට අනේ . .
ඕන කෙනෙක්ට ඕන දෙයක් කියන්ට කියලා . .
ජය වේවා . . .
සුභ පැතුම්....
ReplyDelete550 ට 1100 ක් ආවඩා ආයුබෝ වේවා :))
ReplyDeleteකතන්දර මල්ලිට සුබ පැතුම්! අනෙක් දේවල් ගනන් ගන්ට එපා මල්ලි, ඔන්න ඔහේ ලියාගෙන යන්ට. මම නිතරම කමෙන්ට් නොදැම්මට හැම දාම කියවනවා.
ReplyDeleteඑළ එළ සුභ පැතුම්....
ReplyDeleteවෙන මොනවා නැතත්, පරණ කතන්දර වලට ලින්ක් දාන සිස්ටම් එක අල්ලගත්තේ ක.ශූ. ගෙන්... නිතරම නොබැලුවත්, කමෙන්ට් නොකලත් ප්‍රවීනයෙක් විදියට ගරු කරන බ්ලොග් එකක් මේක. ගොඩක් අය බ්ලොග් කියන මාධ්‍යය අඳුන ගත්ත එක තැනක් මේක. ඒක නිසා, ක.ශූ ගේ කතන්දර ඉවර වුනු දාකටත් (එහෙම දවසක් එයි ද ඈ ?) මේක නතර නොකර ලියාගෙන යන්න...
ReplyDeleteසුභ පතන්නෑ එපා කියපු නිසා... :P ස්තුතියි කියලා කියන්නම්, කරපුවාටත්, කරන්න ඉන්න ඒවාටත්... ජය !!!
ප/ලි - අර අළුතෙන් පටන් ගත්ත මොනවද ඒවාට නම් අපි ලැයික් ය !!!