Monday 9 January 2012

මිනිහෙක් දවසකට කී පාරක් සෙක්ස් ගැන හිතනවද? - How many times a day does a man think about SEX?


බොරු කියන්නේ මොකටද, මං නම් සිංහල බ්ලොග්වලින් කියවන්න වැඩියෙන්ම කැමති විවිධාකාරයේ කතන්දර තියෙන බ්ලොග් තමයි. කාලීන දේශපාලන කරුණු ගැන සාකච්ඡා කෙරෙන ලිපි කියවන්නේ ඊ-ලඟටයි. කවි කෙසේ වෙතත්, කයි-කතන්දර කියවීම මගේ දුරස්ත වූ තුන්වැනි මනාපය කියලා කියන්න පුළුවනි.

කොච්චර වැදගත් වගේ පෙණුනත් ලෝකය ගැන දැනුම ලබා දෙන බ්ලොග් ලිපි නං මං කියවන්නේ ඉතාමත් අඩුවෙන් බව පැහැදිලියි.

මේකට හේතුව ඒ දැනුම සපිරි බ්ලොග්චල අන්තර්ගතයේ තියෙන වරදක් හෙම නං නෙමේ. බ්ලොග් කියවන්න ගතකරන හැම විනාඩියෙන්ම උපරිම ආතල් එක ගැනීමේ අරමුණ නිසයි ඒ දැනුම වඩන බ්ලොග් කියවෙන්නේ නැත්තේ.

ඒ මිසක් ඔය කියන නවීන විද්‍යාත්මක පරීක්‍ෂණ, සමාජ අධ්‍යයන සමීක්‍ෂණ, පුරා විද්‍යාත්මක ගවේෂණ ඇතුලු විවිධ අරළු බුලු කටුකරෝසන ගැන මගේ හිතේ තියෙන සාමාන්‍ය කැමැත්තේ අනිත් අයට වඩා තියෙන අඩුවක් නම් නැතිව ඒ එක්කම කියන්න ඕනෑ.

ඒ හින්දම තමයි, වැදගත් කාරණයක් ගැන කෙරුණු එක්තරා සමාජ සමීක්‍ෂණයක් ගැන ප්‍රවෘත්තියක් පත්තරේකින් දැකල කියෙව්වට පස්සේ මට වහාම ඒ ගැන (href="http://www.telegraph.co.uk/health/healthnews/8924988/Men-think-about-sex-just-19-times-a-day-nearly-as-much-as-food.html) කතන්දර බ්ලොග් එකට ලියල දාන්න හිතුනේ.

* * * *

මේ පුවත්පත් වාර්තාවේ කියවෙන විදියට මේ සමාජ සමීක්‍ෂණය පවත්වලා තියෙන්නේ මිනිස් මොලයේ සිතුවිලි ක්‍රියාකාරීත්වය ගැන අධ්‍යයනය කරන ඇමරිකා එක්සත් ජනපදයේ පර්යේෂකයින් පිරිසක්. මේ සඳහා සහභාගී වෙලා තියෙනවා විශ්ව විද්‍යාලවල ඉගෙනුම ලබන වයස අවුරුදු 18 සහ 25 අතර සිසුන් 300 දෙනෙක්.

පර්යේෂකයෝ මේ සිසුන්ට කියලා තියෙනවා තමන් ගේ සිතට ආහාර ගැන, නින්ද ගැන සහ සෙක්ස් ගැන සිතුවිලි දවස පුරා එන වාර ගණන සටහන් තියා ගන්න කියලා.

සමීක්‍ෂණයේ මූලිකම හොයා ගැනීම තමයි පිරිමින් ගැහැණුන් ට වඩා මූලික භෞතික අවශ්‍යතා ගැන හිතන බව.

මේ අතරින් මුල් තැන ගන්නේ සෙක්ස් (Sex) ගැන සිතීමයි.

හරි පුදුමයි නේද? මට නං විශ්වාස කරන්නත් අමාරුයි අමාරුයි වගේ.

සාමාන්‍යයෙන් පිරිමියෙක් දවසකට 19 පාරක් සෙක්ස් ගැන හිතනවාලු!

හැබැයි පිරිමින් සාමාන්‍යයෙන් කෑම ගැනත් හිතනවාලු 18 පාරක්.

ලේඩීස් කට්ටිය ගේ සිතුවිලිවල බ්රේක් ඩවුන් එක නං මීට වඩා ටිකාක් විතර වෙනස්.

ඒ ගොල්ලෝ සාමාන්‍යයෙන් දවසකට 15 පාරක් නින්ද ගැන, 10 පාරක් සෙක්ස් ගැන සහ නම පාරක් කෑම ගැන හිතනවලු!

-කතන්දරකාරයා

ප/ලි:
මම නං අද දවසේ වැඩිපුරම පාරක් හිතුවේ මේ වගේ වැදගත් සමාජ සමීක්‍ෂණ ගැන හොයලා බලලා, ඒවා කියෝලා, පස්සේ ඒවා ගැන බ්ලොග් එකට ලියන එක ගැනයි.

මගේ මේ සැලසුම් සාර්ථක වුනොත් කතන්දර බ්ලොග් එක ටික ටික මහා දැනුම් සාගරයක් බවට පත්වෙයිද මන්දා? මල කෙලියයි!



(image: http://www.telegraph.co.uk/health/healthnews/8924988/Men-think-about-sex-just-19-times-a-day-nearly-as-much-as-food.html)

62 comments:

  1. හිහ් හිහ්...
    ඔය නියැදියේ ඉන්න අය හරියටම ඇත්ත කීවද දන්නෙ නෑනේ?
    මාත් ලියල බලන්න ඕන,
    ඕක එච්චර සාර්ථක නෑ වගේ ඒත්,

    ReplyDelete
  2. පිරිමි ගැන කියලා තියන කතා නම් ඇත්ත වෙන්ටැති. එයාලාගේ වැඩේ නම් කාපු, බීපුවා ගැන කතා කරන එකමයි.

    18-25 වයස් අතර? හපොයි ඇත්තම වෙන්ටැති. කරන්ට වැඩි වැඩකුත් නැති වයස...:D:D:D

    කතන්දරගේ බ්ලොග් එක කොහොමත් සුපිරිනේ. මෙහෙම සමීක්ෂන වාර්තා ඉදිරිපත් කරන්ට ගියාම, ඊලඟට කොහේ යයිද දන්නේ නෑ.

    ReplyDelete
  3. ෂුවර්ද 19 වතාවක් කියලා.. මං හිතන්නෙ ඒ සමීක්ෂණේ එච්චර සාර්ථක එකක් නෙවෙයි.. :D

    ReplyDelete
  4. බිලියන 7ක් ගැන 300කින් කිව්වැකිද?

    ReplyDelete
  5. 19 ද 99 ද.....හික් හික් .....

    ReplyDelete
  6. //මගේ මේ සැලසුම් සාර්ථක වුනොත් කතන්දර බ්ලොග් එක ටික ටික මහා දැනුම් සාගරයක් බවට පත්වෙයිද මන්දා?//

    මන්දා

    ReplyDelete
  7. අද නම් ලියන්නේ කමෙන්ට් එකක් නෙමෙයි. මට පුළුවන්ද මගේ වැඩකට යොදා ගන්න මේ ලිපිය හොයා ගන්න. ඒ ලිපියේ ලින්ක් එක දුන්නොත් පින්.

    ReplyDelete
  8. දැනුම් සාගරයේ පීනන්න මමත් බලන් ඉන්නවා ඕං...

    ReplyDelete
  9. දැනුම් සම්භාරයක් වෙනවටනම් හරිම කැමති .

    ReplyDelete
  10. නිදිමත එන්නේ රුධිරයේ යකඩ අඩු උනාමලුනේ.කෙල්ලනේ හොඳට කාපල්ලා..

    ReplyDelete
  11. ෂා මොනා නැතත් ඒ අතින් කොල්ලො ඉදිරියෙන්....

    ReplyDelete
  12. (Traffic Ano)
    සමීක්ෂණ වාර්තා ගැන ලියන එකත් හොඳයි අද ලියල තියෙන විදිහට කතන්දරයක් වගේ ලියනවනං. (ඇහැක් විදිහට කණක් අඳිනව වගේ). සමහර අය ලියල තියෙන “දැනුම ගෙන එන” ලිපි මෙලෝ රහක් නෑ. කියවන්න හිතෙන්නෙ නෑ. කියෙව්වට තේරෙන්නෙත් නෑ. සමහර අය ලියන දේවල් එක එක්කෙනාට තේරෙන්නෙ එක එක විදිහට. ‍එහෙම වුනාම, කියවන කෙනා කැමති විදිහට තමයි ලිපිය අර්ථ නිරූපණය කර ගන්නෙ.

    ReplyDelete
  13. (Traffic Ano)
    නම පාරක් හිතලා හාමිනේලා හදන කෑම දහ අට පාරක් හිතලා අපි කනවා.

    ReplyDelete
  14. අනේ මන්දා ඉතින්... ඒ ගොල්ලෝ කියනවා නම් එහෙම වෙන්න ඇති... :D

    ReplyDelete
  15. හැබෑටම නින්ද කොච්චර වැදගත් ද?? :)))

    ReplyDelete
  16. කතන්දරටම හරියන කවි ටික

    ReplyDelete
  17. ආහ් මේ සංඛ්‍යාලේඛන හරිද බලන්න දැන්ම ඉඳන් ගණන් කරන්න පටන් ගන්න ඕනේ...
    එකායි....
    .....

    ReplyDelete
  18. පොඩිකාලේ ඉඳලා කාමයේ නිවැරදිව හැසිරෙන්න ඉගෙනගන්න නිසා ලංකාවෙ තත්වය වෙනස් ඇති.

    ReplyDelete
  19. චැහ් මම හිතන්නෙ මගෙ මීට වෙනස් ..

    ReplyDelete
  20. ඕක පිළීගත නොහැකි අසම්පූර්ණ වාර්ථාවක් වෙන්ට ඕන... ඇයි හත් ඉලව්වේ අවුරුදු 12-13ට කලින් අපි ඔය මොනවත්ම හිතුවේ නැහැනේ... ඒත් 13 වගේ ඉඳලා 20 විතර වෙනකල් මං හිතන්නේ අපි වෙන මොනවත් හිතුවේම නැද්ද මංදා... ඇයි ඕකට 18ත් 25ත් අතර තෝර ගත්තේ.. අසාර්ථකයි.. කොහොම උනත් අර ලිපි කියවීම ගැන මගේ තියෙන රුචිකත්වයත් ඔහොමම තමා...

    ReplyDelete
  21. හුටස් මේ මොකද කාකා කමෙන්ට් මොඩරේට් කොරලා...

    ReplyDelete
  22. සෙක්ස්...?? 19 පාරයිද...?? අයියො...

    ReplyDelete
  23. විසිල් විතරයි...ඒ කියන්නෙ හෙඩිම මිස මදෙ ඇති පලක් නැත් වෙලා! රංගගෙ ලණු කන්න ගියොත් ඉවරයි.

    මෙව්වම ලිව්වොත් කවදහරි කතන්දර ගැන කියන්න වෙන්නෙත් "පවස නිවන දිය පොදක් නොවී ඔබ...ඇයි මහ සාගරයක් වූයේ"කියල තමයි.

    ReplyDelete
  24. අර ජෝක් කතාව මතක් වුණා...

    කව්බෝයි කෙනෙක් බාර් එකක පොඩි ඩ්‍රින්ක් එකක් දාගෙන ඉද්දී එතනට ආව හැඩකාර බ්ලොන්ඩ් කෙල්ලෙක් කතාවට වැටුනලු...

    ඔයා මොනවා කරන කෙනෙක්ද කියලා කව්බෝයි ඇහුවම බ්ලොන්ඩි කිව්වලු මම ලෙස්බියන් කෙනෙක් කියලා... කව්බෝයි ඒක දන්නේ නැතුව ආයේ ඇහුවලු ලෙස්බියන් කෙනෙක් කියන්නේ මොනවා කරන කෙනෙක්ද කියලා...

    එතකොට බ්ලොන්ඩි කිව්වලු... "මම උදේ නැගිට්ට වෙලාවෙ ඉඳන් රෑට නිදාගන්න වෙලාව යනකල් හිතන්නේ කෙල්ලෙක් එක්ක සෙක්ස් කරන එක ගැන...කෙල්ලෙක් එක්ක කතා කොලොත්, හිනාවුණොත් මට හිතෙන්නේ ඒ කෙල්ල එක්ක සෙක්ස් කරන්නමයි... කොටින්ම මට හම්බෙන හැම කෙල්ල එක්කම මට සෙක්ස් කරන්නයි හිතෙන්නේ..." කියලා

    ඊට පස්සේ බ්ලොන්ඩි ඇහුවලු කව්බෝයිගෙන් ඔයා මොනවා කරන කෙනෙක්ද කියලා...

    බුවා කිව්වලු... "මම හිතන් හිටියේ මම කව්බෝයි කෙනෙක් කියලා... ඒත් දැනුයි තේරෙන්නේ මමත් ලෙස්බියන් කෙනෙක්" කියලා...

    ReplyDelete
  25. මං නං දවසට 19 පාරක් විතර සෙක්ස් ගැන නොහිත ඉන්නව. :D

    ReplyDelete
  26. අම්මට සිරි! මෙන්න කකා මොඩරේට් කරනව.

    ReplyDelete
  27. ඔය Sex ගැන හිතනව කියන්නේ අම්මපා මං ගෑණියෙක්ද ? පිරිමියෙක්ද කියල වෙන්ටැති නෙවද?

    gamaya

    ReplyDelete
  28. කතන්දර-sl ranaka-1185/alexa rank-368661

    රංග-sl ranaka-1467/alexa rank-614304

    මාරයා-sl ranaka-1778/alexa rank-478987

    සඳරු-sl ranaka-එහෙම එකක් තවම නැත/alexa rank-873834

    දුමී-sl ranaka-නැත/alexa rank-1909433

    දුකා-sl ranaka-නැත/alexa rank-2232170

    සොඳුරු සිත-sl ranaka-නැත/alexa rank-2219878

    සිත් ආර-sl ranaka-නැත/alexa rank-5265125

    පොඩි කුමාරිහාමි-sl ranaka-නැත/alexa rank-4291888

    දිල්ශාරා-sl ranaka-නැත/alexa rank-1624538

    ඔය තියෙන්නේ දැනට ඇලෙක්සා රේටින්ග්ස් අනුව තත්වය.
    ඒත් බයිස්කෝප් අඩවියත් ගොසිප් අඩවිත් ඉන්නේ මෙයාලට වඩා හුගාක් ඉස්සරහා.

    ආ අර අපේ ඇනෝනිමසා ගැනත් කියන්න ඕන නේද?

    ඇනෝනිමස්ට ලංකාවේ රේටින්ග්ස් නැත. ඒත් කැනඩාවේ රේටින්ග්ස් පෙන්නනවා ඒ ඇයිද මංදා?
    ඒ අනුව කැනඩාවෙන් ඇනෝ 24466ත් ඇලෙක්සා රේටින් අනුව 1423382 කියන තත්වයත් පෙන්නනවා.

    හිතන්න දෙයක් තියෙන කාරණාවක් මේවත්.ඇලෙක්සා රේටින්ග්ස් කියන්නේ අහක දැමිය යුතු දෙයක් නෙවෙයි.

    ඒ වගේම ලංකාවේ රේටින්ග්ස් වලට අනුව මාරයා ඉන්නේ අංක 3නේ සහ රංග අංක 2කේ උනත් ඇලෙක්සා රේටින්ග්ස් අනුව රංගට වඩා මාරයා ඉස්සරහින් ඉන්නවා. ඒ වගේම කතන්දර පහුගිය මාසේ සීයයට 3ක දියුණුවකුත්, මාරයා සීයයට 8ක පසු බෑමකුත් තියෙනවා.

    මම යම් කිසි කාරණාවකට මෙයට මාස කිහිපයකට කලින් බලනකොටනං සඳුරුට ලංකාවේ රේටින්ග්ස් තිබුනා. ඒත් දැන් ඒක පේන්නේ නැහැ.ඒ වෙනකොටනං සඳුරු හිටියේ ඔය මුල්පෙලේ අයට වඩා දෙසිය පණහකට විතර පිටුපසින්.
    කොහොම උනත් ගොසිප් සයිට් තමයි වැඩිම රේටින්ග්ස්වල ඉන්නේ ලංකාවේ හැටියට. එහෙම බැළුවම
    ඔය මුලට එන හුගාක් ඒවා අධ්‍යාපනික හෝ සම්භාව්‍ය කියලා ගොනු කරන්න අමාරුයි කියලයි මට හිතෙන්නේ කතන්දර/මාරයා/රංග/සඳරු මේ කවුරුත් ජනතාවට ආතල් දෙන්නෝ මිස අර කිව්ව ආකාරයේ හරවත් අඩවි නෙවෙයි.
    ඒත් ජනතාවට ආතල් දීමත් හරවත් වැඩක් හැටියට සලකන මට අනුවනං ඔය කවුරුත් වැදගත් කොටසක් කරනවා. ඇනෝ උනත් එහෙම තමයි. ඒත් ඇනෝ ආතල් දෙන විදියේ පොඩි හිරිකිතයක් තියෙනවා.
    අපි කරන්න ඕන කතන්දර/මාරයා/රංග/සඳුරු වගේ අය රැක ගන්න එක මිසක් ඇනෝලා වගේ පාලනයක් නැති සමාජ නාශක අඩවි රැක ගැනීම නොවන බවත් කරුණාවෙන් මේවා කියවන මහත්වරුන්ට කියන්න කැමතියි.
    ස්තූතියි.
    සිංහල සයිබරයට ආදරය කරන හිතවතෙක්.

    ReplyDelete
  29. බීටල්ගෙ කතාව ඇහුවම මේ කතාව මතක් වුණා.

    ඔන්න පාටියක කොල්ලෙක් දැක්කලු හැමෝම නටද්දි එක කෙල්ලෙක් විතරක් පැත්තකට වෙලා බලාගෙන ඉන්නවා. ඉතින් කොල්ල ගිහින් ලෙයාට නටන්න කතා කළාලු.

    කෙල්ල කියනවලු "I can dance with you, but you are wasting your time. I am a LESBIAN" කියල.

    කොල්ල හිනා වෙලා කිව්වලු "So what? Glad to know you, I am a THOMIAN" කියල!

    ටියුබ් ලයිට් ටික කාගෙන් හරි අහගන්න.

    ReplyDelete
  30. ඇනෝ,
    ඔබ කලේ විශාල සේවයක්. මමත් ඔබ හා එකඟයි. අනික මේ රේටින්ග්ස් ලබා ගන්න හැටි ගැනත් පොඩි හැදින්වීමක් කරනවා නම් වටිනවා කියා හිතනවා. අනික ඔබත් එන්න අපිත් එක්ක එකතු වෙන්න. ආරූඪ නාමයකින් අපි මේ කලාවට යම් සේවයක් කරමු.

    ReplyDelete
  31. දවසකට 19 පාරක් සෙක්ස් ගැන හිතනවාලු කියන්නේ 19 දෙනෙක්ද? එක්කෙනෙක්ද?....හ්ම්ම්ම්ම්ම්!

    ReplyDelete
  32. මගෙ ලිපි කියවීමේ රුචිකතවය මගෙත් ඔමම තමයි . . . .

    ප.ලි.
    19වතාවක් ????? වෙන්න බෑ . . . උං බොරු කියල

    ReplyDelete
  33. මුලින්ම කියල තිබ්බ බ්ලොග් කියවන ක්‍රමේ නොදැනුවත්වම මාත් අනුගමනය කරන් ඉඳල තියෙන්නෙ.

    19 වතාවයි, ඕක සම්පූර්නෙම්ම වැරදියි.

    ReplyDelete
  34. මම හිතල බැලුවා,
    මේ සමීක්ෂණේ අඩු පාඩු තියනවා,
    එක්කො කකා මාමා චුට්ටයි දාල තියන්නෙ,

    ReplyDelete
  35. හපොයි එච්චරද...? ලංකාවට එන්න කියන්න බලන්න ඔය පර්යේසකයොන්ට

    ReplyDelete
  36. මට නම් දැන් මොකුත් හිතෙන්නේ නැහැ වගේ. සම්පූර්ණ බ්ලෑන්ක් වුණා වගේ :))

    ReplyDelete
  37. 19 වතාවක් කියන්නේ සෑහෙන අඩු ගානක්නේ....

    ReplyDelete
  38. මේ පර්යේෂයින් ඉදිරිපත් කළ රිසර්ච් පේපර් එක මං දැකලා නෑ. මගේ වාර්තාව පදනම් වුනේ පුවත්පත් ලිපිය මතයි.

    මෙන්න මේ දැන් ඒ ලිපියේ කෙටි සාරාංශයක් තිබුණු පත්තර කෑල්ලක රූපයක් එකතු කළා.

    http://2.bp.blogspot.com/-G8Vo8oxuNQo/TwroIrQLUmI/AAAAAAAAB3c/hSbRV9EyeMU/s400/MX-1.jpg

    ReplyDelete
  39. 19 ද නැත්නම් 190 ද....මම හිතන්නේ ප්‍රින්ටින් මිස්ටේක්....ටිපෙක්ස් කරන්න වෙයි... ;)

    ReplyDelete
  40. අදින් පස්සේ මම හිතෙන වාර ගනන ගනං කරලා ලියලා තියාගන්නවා .

    ReplyDelete
  41. හෆොයි අපිලා නම් දහනව පාරක් හිතලා නැවැත්ටුවොත් ඇති ..... හිකික් :)

    ReplyDelete
  42. කකා..මෙතනින් බලන්න පුළුවන් ඔය රිසර්ච් එක ගැන. ෆුල් පේපර් එක Journal of Sex Research එකේ ජනවාරි වල පබ්ලිෂ් වෙනවා කියලත් තියනවා.
    http://researchnews.osu.edu/archive/sexthoughts.htm

    Journal of Sex Research - http://www.tandfonline.com/toc/hjsr20/current

    ReplyDelete
  43. වෙන්න බෑ වෙන්න බෑ ඔය කරපු පරීක්ෂනේට දෙපැත්තටම නැති එවුන් සෑහෙන්න සෙට් වෙලා තියෙන්න ඇති 19 වතාවකට අඩුවෙන්න...

    එහෙමත් නැත්තම් ඕක ගනනය කරලා තියෙන්නේ ලංකාවේ මහාචාර්යවරු වෙන්නැති හි හි

    ReplyDelete
  44. මේකෙ කමෙන්ට් වල කියල තියෙනව වගේ 19 නං කොහෙත් ම වෙන්න බෑ. ෂුවර් ද 18 - 25 ත් අතර කියල?

    ReplyDelete
  45. ඇලෙක්සා රැන්කින් වලට ගොඩක් දත්ත යන්නේ ඇලෙක්සා ටුට්බර් එක ගෙන ඉන්නවා නම් විතරය් ... එඅ අනුව තක්සනික පැත්තට වැඩියෙන් නැබුරු අය යන site වලට හොද රෑන්කින් ලැබෙනවා ... ලංකාවෙන් වගේ පොඩි නියදියකින්ග් ගන්න දත්ත අනුව මේවා නිගමනය කරන්න ගියාම මේ වගේ වැරදි වෙනවා

    ReplyDelete
  46. එතකොට කතන්දර ඉස්සරහින් ඉන්නේ ඇලෙක්සා ටූල්බාර් දාගෙනද?
    මාරයා තාක්ෂණික පැත්තට නැඹුරුද?
    මොන වගේ වැරදිද වෙන්නේ ඇනෝ?

    ReplyDelete
  47. මම නම් කිරි වදින කාලෙ ඉඳලම දවසට එක සැරයක් sex ගැන හිතනවා. උදේ ඇඳෙන් බහින කොට පටන් අරගෙන රෑට නින්ද යනකම් හිතල පහුවදා ඇහැරෙනකම් හිතන්නෙ නෑ.
    වැඩිය හිතන්න හොඳ නෑ.
    මුල් කාලෙ නම් නින්ද ගිහිල්ලත් හිතිල තිබුන.
    හස්ත කර්මාන්ත පටන් ගත්තට පස්සෙ ඉබේම නැති උනා.

    Dick-son

    ReplyDelete
  48. පිස්සු පිස්සු. ලංකාවෙ විභාග දෙපාර්තමේන්තුවට කියල වෙන්න ඇති මුන් සමීක්ෂණ වාර්තාව හදවගන්න ඇත්තෙ. 19කියන්නෙ කොච්චර පොඩි ගානක්ද :p

    @ Beetle - ආතල් කතාවක් මැද්දට එබීම ගැන මාගේ ප්‍රණාමය

    ReplyDelete
  49. ගැනලම බලන්න ඕනේ මේකේ ඇත්ත නැත්ත.... :)

    ReplyDelete
  50. හ්ම්ම් අනේ මන්දා පොඩි ළමයින්ට තේරෙන්නේ නැහැ නොවැ ඕවා හිකිස්‌..

    ReplyDelete
  51. එතකොට කතන්දර ඉස්සරහින් ඉන්නේ ඇලෙක්සා ටූල්බාර් දාගෙනද?
    මාරයා තාක්ෂණික පැත්තට නැඹුරුද?
    මොන වගේ වැරදිද වෙන්නේ ඇනෝ?
    Alexa ranks sites based on tracking information of users of its Alexa Toolbar for Internet Explorer and Firefox and from their extension for Chrome.[15][16] Hence the page is only ranked between users who have these sidebars installed and may be biased if specific audience is reluctant to do this

    http://en.wikipedia.org/wiki/Alexa_Internet#Accuracy_of_ranking_by_the_Alexa_Toolbar

    http://www.thebloggersbulletin.com/2011/07/16/alexa-rankings-influential-accurate/

    ReplyDelete
  52. ඔය වයසෙදි මටනම්, නිදා ගත්ත පැය 6 ඇරෙන්න අනිත් හැමවෙලාවෙම හිතුනෙ ඕවා ගැන තමයි. එතකොට මම වැඩකරේ බයින් ඔෆිස් එකක සහ ගාර්මන්ට් එකක.
    ඒ වගේම මම CAMBRIAN කෙනෙක්. මෙතන LESBIAN ල ඉන්නවද?

    ReplyDelete
  53. ඕක 19 නම් වෙන්න බැහැ..සිරාවට :D :D

    ReplyDelete
  54. ෂිහ් .. අපිනං තාම හිතලවත් නෑ.. ලොල්..

    ReplyDelete
  55. ඔක්කොටම වඩා මටත් නම් නින්ද තමා ඕන.. සැපට නිදාගන්න තියේ නම් මට කන්න ඕනත් නෑ... වැදගත් පෝස්ට් එකක්.. ජය වේවා!!!

    ReplyDelete
  56. මට මේක කියවන් යද්දිම විතරක් 21ක් පාරක් විතර හිතුනා. :D

    ReplyDelete
  57. සෙක්ස් වැඩිය හොඳති නෑ,අඩුව හොඳත් නෑ..

    ReplyDelete
  58. [[19]]

    මේ කතාව ගැන වැඩිම පිරිසක් නගන ප්‍රශ්නය වනුයේ 19 ෂුවර්ද යන්නයි. මේ පිළිබඳව "වියුක්ත" ව සිතා "කල්පිතයක්" හා "ප්‍රවාදයක්" ගොඩ නගන්න දරන උත්සාහයක්. ක්‍රමවේදය "ග්‍රීක යුදෙව් ක්‍රිස්තියානි බටහිර" [උන්ගේ අම්මලට] වුනත් මේ වගේ වෙලාවට බෙහෙවින් යෝග්‍යයි.

    දැන් ඔය යම්කිසි දෙයක් ගැන හිතන වාර ගණන ගනින්නේ කොහොමද? අපි එක්ස් නමැති එක්තරා පොරක් ගම්මු.

    ඔන්න පොර හිතාගෙන යනවා. එක පාරට සෙක්ස් ගැන හිතුනා. සෙක්ස් කවුන්ටරේ එකයි. දැන් සෙක්ස් ගැන හිතාගෙන යනවා හරියට භාවනාවක් වගේ. ඔන්න ආවා මුස්පේන්තු වෙනත් හන්ගීමක්. සුළු මොහොතින් එක යටපත් වෙලා ඔන්න ආයිත් අර සෙක්ස් අදහස. සෙක්ස් කවුන්ටරේ දෙකයි. මේ කියන්නේ කොටින්ම කිව්වොත් සෙක්ස් ගැන භාවනාව කරද්දී වෙනත් දේවලින් ඒක කඩෙන අවස්ථා ගණනයි මේකෙන් මැන්නේ. අර 19 ක් ගැනපු එකාගේ හිත 19 පාරක් කැඩිලා වෙනත් "ලෞකික" දේවලින්.

    [[රේටින්ස්]]

    මං ඒත් උන්නා බ්ලොග් පහ හයක් ලියන පට්ට බ්ලොග් කාරයෙක් වන මම තුමා ඇයි මේ රේටින් වල නැත්තේ කියලා. එවිට දුටුවා ඒ නිකමට වත් බ්ලොග් නිතර අප්ඩේට් නොකිරීම හෝ එතරම් ජොලියක් හෝ ගතයුත්තක් ඇති දේ නොලිවීම නිසා නොවන බවත් හුදෙක් එය අර ටූල්බාර් මර උගුල බ්‍රව්සරයත් සමග කුමන්ත්‍රණය කිරීමට මා මෙතෙක් එරෙහිව උන්නු නිසා බවත්.

    කතන්දරලා රන්ගලා මාරයලා ගැන හිතලා මං තීරණය කළා ටූල්බාර් මර උගුල හැමදාමත් පරදවමින් මෙහෙමම ඉන්න.

    ReplyDelete
  59. හ්ම්ම්...කතාවනං ඇත්ත වගේ... 19 ඉලක්කමක් විදියට හරි නූනත්... :)

    ReplyDelete
  60. වෙලාවට සෑම්ව ගත්තේ නැත්තේ ඔය කියන අහවල් පරික්ෂනේට ෆිස්සු හැදෙනවා අෆ්පා..

    ReplyDelete
  61. aneee manda. mamanam kellek vidihata 19 watawak mage job eka gana htanawa.
    18 wathawak mage himikaru kohe athidey hithanawa.
    10 wathawak kema gena hthanawa.
    5 sita 7 athara wathawak sex gena hithenawa.
    samahara dawasata sex amatakawelama yanawane.ledakda danne na.

    ReplyDelete

මා ලියූ කතන්දරයට අදාල නැති කරුණු ඔබේ ප්‍රතිචාරවල ඇතළත් නොකරන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

අදහස් වාරණයක් නොකෙරේ. කුණුහරුප සහ තුන්වන පාර්ශවයන්ට නින්දා කෙරෙන ප්‍රතිචාර ඉවත් කෙරෙනු ඇත.