Saturday 17 September 2011

කයි-කතන්දර ~ ආදරය ගැන කෙටි කවි දෙකක් : Is love short?


මේ දවස්වල ෆේස් බුකියේ මං දැක්කා හයිකු වගේ කෙටි කවි පෝලිමේ ලියවෙනවා ටොන් ගණනේ, මාත් ලයික් කරල ඉන්න මොකක්ද කයියට බර ගෘප් එකක.

හයිකු කියන්නේ නම් එක්තරා මාත්‍රා රටාවකට අනුව බොහෝ විට පරිසරය ගැන ලියවෙන ජපන් කවි විශේෂයක්.

දැන් වගේම කාලෙකට ඉස්සර සිංහල කවියන් අතරත් මේ ආකාරයේ කෙටි කවි විශේෂයක් ඉතා හොඳින් ජනප්‍රිය වෙලා තිබුණා.

මේ ඒ කාලයේ මංතුමා ලියපු කවි දෙකක්.

මේ කවිවලත් තේරුම වගේම පොඩි පහේ ආකෘතියකුත්, තාලයකුත් තියෙනවා!

ඒ එක්කම කියන්න ඕනෑ, පුංචියට, කොටට, තිබුණයි කියල මේ කෙටි කවි ලියනවාය කියන්නේත් ලේසි වැඩක් හෙම නං නෙමේය කියන එක.

1. ප්‍රහේලිකාව
ලොවෙහි සියළු දුක් දොම්නස්
මැද සැනසුම
ආදරයයි

ලොවෙහි සියළු සැනසුම් මැද
දුක දොම්නස
ආදරයයි෴


2. ආදරය සහ ජීවිතය
ආදරය සුන්දරය
ආදරය නොහඳුනන්නන්හට නොව
ආදරය හඳුනන්නන්හට

ජීවිතය කටුකය
ආදරය නොකරන්නන්හට නොව
ආදරය කරන්නන්හට෴


අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සෙනසුරාදා දිනවල කතන්දර බ්ලොගයේ මේ කයි-කතන්දර පල කෙරෙනුයේ 2011 සැප්තැම්බර් සාහිත්‍ය මාසය වෙනුවෙනි.

-කතන්දරකාරයා

ප/ලි:
මගේ මිතුරෙක් මට ඊයක් එවලා තිබුණා මං කතන්දර මාතෘකාවේ සිංහල පදය ඉංගිරිසියට පරිවර්තනය කරන විදිය හරි නෑ කියලා.
මං පොරට කියලා යැව්වා, ඒ සේරම (මාතෘකාවේ දෙකොටසමයි, කතන්දරයයි, ප/ලියයි) කතන්දරයේම කොටස් බව!


(පේරාදෙනිය විශ්ව විද්‍යාලයේ පළමු වසරේ දී මා විසින් ලියන ලද ඉහත පදවැල ඉංජිනේරු පීඨ කලා කවයේ බිත්ති පුවරුවේ මුල්වරට පලකරන ලදුව දෙවන වසර අවසානයේ දී හස්තද්වාරයෙන් එලිදක්වන ලද හන්තානේ කඳු පාමුල කාව්‍ය සංග්‍රහයට ඇතුලත් කරන ලදී.)

(image: http://www.themattefinish.com/blog/tag/too-many-electronics/)

23 comments:

  1. හයිකු මාත්‍රා යෙදෙන්නේ 5 ,7 ,5 ලෙසයි . මාත් ඕක ඉගෙන ගත්තේ අපේ දුගෙන් . අරියවංශ රණවීර මහතා පරිවර්තනය කල පොතක් තිබුන මන් ළඟ . දැන් ළඟ නැහැ . මමත් බොහොම කැමති කලාවක් . මොකක්දෝ ලස්සනක් තියෙනවා ඒ වචන කීපය තුල . දැන් මුණු පොත නිසා කෙටි කවි හරි ජනප්‍රියයි නේද .

    ReplyDelete
  2. කවි කෙසේ වෙතත්, ආදරය නම් කෙටියි...ඒක සම්පූර්න ඇත්ත...:(

    ReplyDelete
  3. මහා ලොකු කතන්දරයක් වචන කිහිපයක ඔබ්බවන එක නම් ලේසි පාසු නැහැ. ඒ නිසා මන් හයිකු කියවන්න විතරයි කැමති. කශු ගේ හයිකු කවි දෙකත් අපූරුයි !

    ReplyDelete
  4. හයිකු කවි ගැන අහල තිබුනට ලොකු දැනුමක් නම් නෑ! ඒ මොනව වුනත් කකාගෙ මේ කවි දෙක නම් ෆට්ට (ඕවා හයිකුද නැද්ද කියන එක වැදගත් නෑ ඕං...)

    ReplyDelete
  5. හරිම ලස්සන අර්ථවත් කවි. සැබවින්ම සත්‍ය මේක නේද.
    දිග කවි වලට වඩා මාත් ප්‍රිය කරන්නේ මේ වගේ කෙටි කවි වලට.. සරළයි. පැහැදිලියි....

    ReplyDelete
  6. කොහොම වෙතත් මරු!~

    ReplyDelete
  7. අගේ ඇති කෙටි පද ඇමුණුම් යාලූ..

    ReplyDelete
  8. මාළු මිරිස් එච්චර සැර නැහැ..අමු මිරිස් තරමක් සැරයි..ඒ ත් කොච්චි !!!!
    හයිකු කවිත් ඒ වගේද මන්දා?

    ReplyDelete
  9. අයියා මේ කවි ටික තව මාසෙකට විතර කලින් දැම්මා නම් කළා කවියේ ලිපි මල්ල අවුස්සලා බලන්න තිබ්බා. ඔය පොත හොයාගන්න තිබ්බා.

    දැන් නම් ඔය වගේ පොත් ගහන්නේ නෑ. කාලෙකින් කවි පොතක් කළා කවයෙන් එලියට ආවේ නෑ.

    ReplyDelete
  10. මිනි කවි.. මාත් ආසම වැඩක්.. මෙන්න මම කාලෙකට කලින් බුකියෙ ගෲපියකට ලියපු මිනි කවියක් ආදරේ ගැනම තමා..

    මාගේ ජුලියට්
    මම
    නමට විතරක්
    උඹේ
    රෝමියෝ... !!!

    ReplyDelete
  11. මේ කෙටිම කවිය තරගෙකට මගේ යාලුවෙක් ඉදිරිපත් කරපු කවියක්...

    ?
    !

    ReplyDelete
  12. පොඩි මෑන්ගෙ හා බීට්ල්ගෙ කවිත් මරු...

    ReplyDelete
  13. ආදරයයි වෛරයයි ළඟින් යන දෙකක් නෙ..

    මේක දැක්කෙ "නලිනි" ගේ පෝස්ට් එකකට කවුරු "හිත මිතුරු" කියල කෙනෙක් දාපු කොමෙන්ට් එකක...

    "ඔබ පිපි මාවතේ
    මම එන්නම්
    හරකෙක් වී..
    ඔබව කන්නම්
    වමාර වමාරා.."

    ReplyDelete
  14. @සපතේරු උන්නැහේ,

    මාර ලස්සන කවි සංකල්පනාවක්නේ. රාමු කරලා තියාගන්ට වටිනවා...:)))

    ReplyDelete
  15. මටත් හොරෙන්
    මසිත සොරාගත්
    වරදට...
    මහද සිරගෙයි
    දිවි ඇතිතෙක්
    බරපතළ සෙනෙහසින්
    සිටිය යුතුමය
    ඔබ..

    කෙටිමදත් මන්ද. මගේ කවියක් නෙමෙයි. අවුරුදු ගානකට ඉස්සෙල්ල ලක්බිමේ තිබ්බෙ.

    ReplyDelete
  16. "ඔබ පිපි මාවතේ
    මම එන්නම්
    හරකෙක් වී..
    ඔබව කන්නම්
    වමාර වමාරා.."

    දවසෙ...අව්රුද්දෙ...දශකයෙ එහෙමත් නැත්තන්....අනේ මන්ද ....හොඳම කවිය.....හෙහ්..හෙහ්..හෙහ්...

    ReplyDelete
  17. තණකොල පෙත්තා
    පහන් සිළට බැදි පෙමින්
    දීප්තියෙන් දැල්වී
    මියදුනේය

    ReplyDelete
  18. කලුවර කපාගෙන
    එන පාලුව
    මා වෙලා ගෙන
    ගියා

    ReplyDelete
  19. මෝඩ තණකොල පෙත්තා
    පහන් සිලට පෙම් බැඳ,
    දීප්තියෙන් දැල්වී
    මියැදුනේ ඇයි?

    ReplyDelete
  20. කතන්දර කයියට පනදෙන්න වගේ උත්සාහය මේ සාහිත්ය මාසෙ . . . . .කයි පද බඳිද්දි පහ පහ තමයි බඳින්න ඕනෙ . . . . . .

    ReplyDelete
  21. හයිකු කවි වල දකින්න ඇති පිටින් පේන්න තියෙන සරල බවෙන් වැහුණු සංකීර්ණ බව කතන්දරගේ කවි දෙකේත් තියෙනවා කියල මට හිතුන. සාහිත්‍ය මාසේ කවි මතක් කලාට බොහොම පින්. ක.සූ. ට මොනවා නැතත් කරන්න තව රස්සාවක් තියනවා වගේ නේද ?

    ReplyDelete
  22. හයිකු ම නොවුනත් කෙටියෙන් ලියවුනු අදහසක්.

    නිල්

    ReplyDelete
  23. මේක කොහොම කවියක්ද කියන්න මන් දංනෙනෑ
    නිකමට ලියවුනු පද වැලක්
    'ආදරය
    හිස් කොලයක්
    දඩුවමට
    කුණුහරුප ලියවුනු "
    -වසිලිස්සා-

    ReplyDelete

මා ලියූ කතන්දරයට අදාල නැති කරුණු ඔබේ ප්‍රතිචාරවල ඇතළත් නොකරන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

අදහස් වාරණයක් නොකෙරේ. කුණුහරුප සහ තුන්වන පාර්ශවයන්ට නින්දා කෙරෙන ප්‍රතිචාර ඉවත් කෙරෙනු ඇත.