Monday 27 September 2010

දිසාපාමොක් ලා සහ මනමේ කුමාරි ගේ කන්‍යාභාවය


හොඳ කාලීන මාතෘකාව නේද?

මේක ඇත්තටම ටැබූ ට හොඳ එකක්. ටැබූ වැඩියෙන් ලියන්නේ දේශපාලන ලිපිනේ.

නමුත් ඉතිං, මට සුපුරුදු පරිදි කොහොමටත් මේක නිකංම නිකං කතන්දරයක් මිස බරපතල විශ්ලේෂණාත්මක ලිපියක් නං නෙවෙයි ඕං.

දැන් ඔය මනමේ කුමාරි කියල කිව්වට, ඇත්තටම එයා ගෙ නම අපි දන්නෙ නෑ. නාට්‍යයේ කොහෙවත් නමෙන් කතා කරන්නේ නෑනේ.

එක සින්දුවක නම් "දුලා මෙ කුමරිය විවාහ කරගෙන බලා පිටත්වෙමි බරණැස් පුරයට" කියල තිබුණු හින්ද කවුද පොරක් කිව්වළු, මනමේ කුමාරිගෙ නම දුලාංජලී කියල. හිකිස්!

කොහොම හරි ඉතිං, නාට්‍යය පටන් අරං විනාඩි කීපෙකින්ම, මනමේ කුමාරයට කසාද බන්දල දුන්න හින්ද, එවෙලෙ ඉඳන් මෙයා මනමේ කුමාරි වුනා.

ඒත් අනේ පව් කියන්නේ මෙයා, මේ මනමේ කුමාරිය, එතනින් ප්‍රමෝෂන් එක අරගෙන මනමේ රැජින වෙන්න කලින්ම එයා ප්‍රධාන චරිතය රඟපාපු කතන්දරේ ඉවර වුනා. ඒකත් හරිම දුක්බර අවසානයක්.

මනමේ නාට්‍යය දැකලත් නැති, මනමේ කතාව වෙන විදියකින් හරි අහලාත් නැති අයත් ඉන්න පුළුවන් හින්දා ඉස්සෙල්ලාම කියල දෙන්නං කෝ මේ කතන්දරේ, ඉතා කෙටියෙන්.

අනිත් අයත් ඕනෙම නං කියවන්න.

මේ කුමාරි ගෙ තාත්ත තමයි, ඉස්සර ඉන්දියාවෙ තක්සලා නුවර තිබුනයි කියල කියවෙන තක්සලා විශ්ව විද්‍යාලයෙ වයිස් චාන්සලර් හෙවත් ප්‍රොෆෙසර් දිසාපාමොක්. ඔය යුනිවසිටියට ඉගෙන ගන්න ඇවිල්ල තියෙන්නෙ සේරම රාජ කුමාරවරු, සිටු කුමාරවරු වගේ පොලිටිකල් පවුල්වල, බිස්නස් පවුල්වල කොල්ලො. ඒ දවස්වල ඔය නිදහස් අධ්‍යාපනේ කියන එක තිබුනෙ නෑ මයෙ හිතේ. ඒ තිබුණත් මේක කොහෙමටත් ප්‍රයිවෙට් යුනිවර්සිටි එකක් නේ.

අර "මොහබටීන්" චිත්‍රපටියෙ තිබුණු ගුරුකුල් විශ්ව විද්‍යාලේ ලොක්ක වගෙ වලියට බර පොරක් නම් නෙම් මේ දිසාපාමොක් ප්‍රොෆා. දැන් ඉන්න ප්‍රොෆෙසර් ල කාටත් ආදර්ශයට ගන්න පුළුවන් පොරක් වගෙයි මට නම් හිතෙන්නෙ.

මනමේ කුමාරය රජ්ජුරුවන් ගෙ පුතා වුනාට සිටු කුමාර අවටාර් බලකාය එක්ක වලේ බහින්නෙ නැතුව හොඳට ඉගෙන ගෙන තියෙනව. අන්තිමේදි පොර බැච් ටොප් කරල ධනුද්ධර කියන ස්පෙෂල් ඩිග්‍රිය ගත්තෙ ෆස්ට් ක්ලාස් එකක් එක්කයි.

මනමේ කුමාරයව දිසාපාමොක් ප්‍රොෆා ගෙ හිතට කොච්චර අල්ලල ගියාද කියනව නම්, වහාම තීරණය කළා තමන් ගෙ දුව ව මේ මනමේ කුමාරයට කසාද බන්දල දෙන්න.

අන්න ප්‍රොෆෙසර් ලා!

කතාවෙ හැටියට මිසිස් දිසාපාමොක් කෙනෙක් නං හිටියෙ නෑ. එයා කළුරිය කරන්න ඇති මයෙ හිතේ නාට්ටිය පටන් ගන්න කලින්.

ඉතිං ඔන්න, ප්‍රොෆෙසර් දිසා, ජෝඩුවගෙන් කැමැත්ත විමසුව, මනමේ පොරත් එක පයින්, බඩුවත් එක පයින්, වැඩේ අවුලක් නෑ, පටස් ගාල බන්දල දැම්ම, හරියට පොලිසියෙන් අල්ලල බැන්දෙව්ව වගේ.

ඒ මොහොතෙම අළුත් කපල් එක මනමේ කුමාරයගෙ රාජධානිය බලා පිටත්වුනා.

අද කාලෙ වගේ ඒ දවස්වල රෝයල් ෆැමිලි එකේ මෙම්බර්ස් ලා ට වුනත් ගමන් යන්න තිබුනේ තනිකරම පයිං තමයි. මොකද, සිය ගානක් බත් බැලයො හැට හුටහමාරක් යන යන තැන අරං යන්න ප්‍රාඩෝ, මොන්ටෙරෝ, දඩුමොනර ගන්න ජහමනයාගේ මැම්බර්ලා සල්ලි පාස් කරල දුන්න එකක් යැ.

ඉතිං ඔන්න අළුත බැඳපු ජෝඩුව කොල්ලගෙ ගෙදර යන්න යනව කැලේ මැද්දෙන්.

බැඳපු ගමන්, හරියට කාල අත හෝදන්නෙත් නැතුව වගේ නේ, තක්සලා නුවරින් පිටත් වුනේ. ඉතිං නාට්ටිය බලන අපි කොයි වෙලේ හනිමූන් එක එයිද කියල හිත හිතයි ඉන්නේ.

මුං දෙන්නට ඒව ගාණක් නෑ වගේ. මෙන්න බොලේ සින්දුවක් කියන්න පටන් ගත්ත.

ප්‍රේමයෙන් මන රංජිත වේ නන්දිත වේ
පුෂ්පයෙන් වන සුන්දර වේ ලංකෘත වේ
ප්‍රේමයෙන් මන රංජිත වේ නන්දිත වේ
පුෂ්පයෙන් වන සුන්දර වේ ලංකෘත වේ
ආලයෙන් වෙලි සෑදී මේ ලතා
ආලයෙන් වෙලි සෑදී මේ ලතා
මණ්ඩපයෙන් චණ්ඩාතප ඛණ්ඩිත වේ හිරු රජිඳුගෙ

කෝකිල හඬ කන් පිනවයි රන් ස්වරයයි
රෑන ගිරව් දෙන ගී සින්දු අම බින්දු
කෝකිල හඬ කන් පිනවයි රන් ස්වරයයි
රෑන ගිරව් දෙන ගී සින්දු අම බින්දු
සෑම දෙසේ සංගීත ඇසේ
පිපි තඹරණ නද බඹරණ
පිය රැව් දෙන ලිය කිඳුරණ
පිපි තඹරණ නද බඹරණ
පිය රැව් දෙන ලිය කිඳුරණ

වැඩේ ටිකක් ඇදිල ඇදිල යනව වගේ.

මනමේ කුමාරි ගේ කන්‍යාභාවය - කතන්දරේ ඉතුරු ටික දෙවෙනි කොටසින් ලියන්නං හොඳේ?

-කතන්දරකාරයා

ප/ලි:
මෙන්න දෙවෙනි කොටස.
http://kathandara.blogspot.com/2010/09/blog-post_30.html

22 comments:

  1. "බැඳපු ගමන්, හරියට කාල අත හෝදන්නෙත් නැතුව වගේ නේ, තක්සලා නුවරින් පිටත් වුනේ." හිතට වදින උපමාවක් :D
    මම ආස කකාගේ පලි කෑලිවලට.. පලි නැතිවුනාම මට නම් ඉතින් කතන්දරයක් නෑ නෑ වගේ. අද ඉතින් මතු සම්බන්ධයිනේ...
    (ඊළඟ එකේ පලි කෑල්ල 13+ comment එකක් දාන්න පුළුවන් විදිහට ලියන්න හොඳේ..... බොංචි කතා වලට කොහොමෙයි 13+ comment දාන්නේ?)

    ReplyDelete
  2. හොඳ කාලීන මාතෘකාව :)

    ReplyDelete
  3. ඉතිං ඔන්න, ප්‍රොෆෙසර් දිසා, ජෝඩුවගෙන් කැමැත්ත විමසුව, මනමේ පොරත් එක පයින්, බඩුවත් එක පයින්, වැඩේ අවුලක් නෑ, පටස් ගාල බන්දල දැම්ම, . ඇත්තටම මෙහෙම වුනාද කියල හිතෙනව....

    ReplyDelete
  4. මම ආසම වේදිකා නාට්‍යයක් තමා මනමේ කියන්නේ. කසූ නියම විදිහට කතාව කියලා තියෙනවා. ඉතුරු කොටහ දානකම් බලන් ඉන්න ලිස්ට් එකට මාවත් දාගන්න :)

    ReplyDelete
  5. මම නිතරම කතන්දර කියෙව්වත් අද තමයි මුලින්ම කමෙන්ට් කරන්නේ.............
    ඔබට සුභ පැතුම්...
    (දිසාපාමෙක් හොදයි කියලා ඔයා කිව්වත් එයා නිසා තමයි දෙන්නටම මැරෙන්න වුනේ කියලයි මට හිතෙන්නේ)

    ReplyDelete
  6. ඉතිරියත් දැම්මම මොකද වෙන්නේ බලමු.

    ReplyDelete
  7. ඇති යාන්තං කාලයක් ඇඩ්වර්ටීස්ට්මන්ට් දාල දාලා ඉඳල කතන්දර සූරිට කතන්දරයක් ලියන්න මතක් වෙලා . . . .!

    ReplyDelete
  8. මලේ මල්.

    ඔය කතාවෙන් ස්ටයිල් කොපියක් ගහපු තවත් කතාවක් තියෙනවා, පිංගුත්තර කියන බුවාගේ, ඒකේ මිසිස් පිංගුත්තර පහුකාලීන ව උදුම්බරා දේවිය.

    ඒ කතාවත් ලියන්න. මොකද මේ කාලේ වෙච්ච සිද්ධි වඩාත් ළඟ ඒ පිංගුත්තර ගොයියට.

    ReplyDelete
  9. Mehema wenna barida? Disapamok might told (secretly) "If you agree to marry my daughter you will be the batch top. Else you will fail the final exam. Your father (king) will angry and you will loss among your royal relations".

    A typical misuse of academic power. I know a case happened in a uni, one girl was selected by a lecturer to teach physics to his A/L daughter. She (uni girl) became the batch top in that semester (There were more than 7,8 better students in that batch).

    ReplyDelete
  10. :) හිනා වෙන ගමන් ඉඩක් තියනව නං කියවන්න :)
    http://sonduru-sihina.blogspot.com/2010/07/blog-post.html
    සොරි මෙයා... අනුන්ගෙ බ්ලොග්ස් වල මගේ ආටිකල්ස් දාන එක වැරදි තමා
    ඒ උනාට ඉතින් දැම්මා :D

    ReplyDelete
  11. There are nice professors like Disapamok even today but you can't find someone nice (like Bo pala) as prince 'Maname'.

    ReplyDelete
  12. මේ කාලේ තාලය ඉතින් රිසයිකල් කරන එක තමයි නේ...

    ReplyDelete
  13. කතන්දර ශූරීන්ගේ හොඳම කතන්දරයක්!

    වැලමිටි පාරවල්, ගුග්ලි, ටොකු අම්බානකට ඇතිවෙන්න.

    ReplyDelete
  14. // පොර බැච් ටොප් කරල //

    රජාගේ පුතා හැමදාම බැච් ටොප්
    ඌටම තමයි බන්දල දෙන්නෙත්

    ReplyDelete
  15. ඔයා මේ එන්නෙ කැරකිලා අර විද්‍‍යයොදය case එකට ම ද? අපි බලාපොරොත්තුවෙන් ඉන්නෙ ඉදිරි කොටස එන තුරු..

    ReplyDelete
  16. ඉතිරි ටිකත් ඉක්මනට දාන්න......අපි බලන් ඉන්නවා.........

    ReplyDelete
  17. ඉතිං ඔන්න, ප්‍රොෆෙසර් දිසා, ජෝඩුවගෙන් කැමැත්ත විමසුව, මනමේ පොරත් එක පයින්, බඩුවත් එක පයින්, වැඩේ අවුලක් නෑ, පටස් ගාල බන්දල දැම්ම, හරියට පොලිසියෙන් අල්ලල බැන්දෙව්ව වගේ.
    ..............................
    ''බඩුවත් එක පයින්''කියන්නේ මනමේ කුමාරි ගැන නේද?
    මනමේ කුමාරි එක පයින් කැමති උනේ නැනේ! ඒ තියා දිසාපාමොක් තමන්ගේ දරුවගේන් ඇහැව්වෙවත් නෑ මනමේ කුමාරිට කැමතිද කියලවත්, කෙලින්ම බඳින්න කිව්ව මිසක්. එහෙම බලද්දි හරියට පොලිසියෙන් අල්ලල බැන්දෙව්ව වගේ තමා!

    එක පයින් කුමාරි කැමති නැති උන හින්දා වෙන්න ඈති මනමේ කුමාරයා කවි කියකියා මණ්ඩප අස්සට කුමාරිට අඬගහද්දි කුමාරි කෝකිල හඩ අහන්න එලිමහනටම යන්න ඈත්තෙ මං හිතන්නේ.

    මං නං කියන්නේ දිසාපාමොක් කරපු ගොං වැඩේ හින්දා වන්දි ​ගෙවන්න උනේ අර කොහෙවත් හිටපු ජොඩුවකටයි!

    මේ කතන්දරේ අවසානේ ඒ ගැනත් කතා කරන්න පුලුවං උනොත් මරු!

    ReplyDelete
  18. බුද්ධි අයියා දිසා එහෙම බලහත්කාරයෙන් බන්දන්නේ නැහැ වගේ නේද ?

    මනමේ ගමට යන්න අවසර ගන්න ගියාම දිසා කුමාරිට එන්න කියලා සීන් එක කිව්වාට පස්සේ කුමාරි කියනවා

    "කතුන් ලොව තුළා - රසඳුන් නයනාලේප කරන
    මේ කුමරුන් හට වන්නට පියඹ - සන්තෝස වේ ද සිත් අසනු කුමට" කියලා

    ReplyDelete
  19. අදහස් දැක්වූ අයට ස්තුතියි. කාලවේලා ප්‍රශ්ණයක් නිසා මේ කතන්දරේ දෙවන කොටස දාන්න වෙන්නේ බ්‍රහස්පතින්දායි.

    බුද්ධිට පිලිතුරු දීම ගැන හසිතට ස්තුතියි.

    ස්වප්නාටත් විශේෂ ස්තුතියක් ඔබේ ලිපියට.

    -කතන්දරකාරයා

    ReplyDelete
  20. ඈත්තටම ඇයි ප්‍රොෆෙසර් දිසාලා රජ්ජුරුවොන්ගෙ පුතාවම බැජ් ටොප් කරන්නේ?හිතාගන්න පුලුවන්.නියම කතාව හොදට හිනා වුනා

    ReplyDelete
  21. ගින්දර ටිකට පෙල ගස්සල තියෙනව....එළ ක.ශු.

    ඒ කියන්නෙ දේවිය පැකින් පිටින්ම ගිහින්ද ආයේ. පව් අහින්සකාවි

    ReplyDelete
  22. මේ හැම කොමෙන්ටුවලට පිලිතුරු ලියා, මේ කතන්දරය තුලින් හොඳ විවාදයක් අරඹන්නට තිබුණා නේද කියා හිතෙන විට මට ඉතා දුකක් ඇතිවේ.

    අනේ ලබන ආත්මේවත් පැය විසිහය හතක ලෝකයක ඉපදේවා!

    සියළු දෙනාටම ස්තුතියි!

    ReplyDelete

මා ලියූ කතන්දරයට අදාල නැති කරුණු ඔබේ ප්‍රතිචාරවල ඇතළත් නොකරන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

අදහස් වාරණයක් නොකෙරේ. කුණුහරුප සහ තුන්වන පාර්ශවයන්ට නින්දා කෙරෙන ප්‍රතිචාර ඉවත් කෙරෙනු ඇත.