Thursday 29 September 2011

අක්බාර් හෝල් එකට ටෙලිවිෂන් එකක් ලැබේ - All problems solved!


මට පේරාදෙනියේ ගිය ගමන් නතර වෙන්න නේවාසික පහසුකම් ලැබුනේ මාකස් ප්‍රනාන්දු හෝල් එකේයි. මේ හෝල් එක තිබුනේ කන්දක් මුදුනේ, මාර ලස්සන තැනක්. ඒත් ඉතිං දුර වැඩියි කම්මලට එතන ඉඳලා.

කොහොම හරි අන්තිමේ සෙකන්ඩ් ටර්ම් එකේ ඉඳලා යාන්තං අක්බාර්-නෙල් එකේ ගජේකට සෙට් වෙන්න පුළුවන් වුණා.

මේ කාමර පොඩියි. ඇඳන් දෙකයි, මේස දෙකයි, රවුම් මේසයයි ඇඳි පුටුවයි තිබ්බහම ඇවිදින්න ඉඩ නෑ. බොහොම අමාරුවෙන් තමයි ජීවත් වුනේ.

හැබැයි මාකස් ප්‍රනාන්දු ශාලාවට වඩා අක්බාර් එකේ ඉන්න එකේ ෆැකල්ටියට ලඟ එකට අමතරව තව එක වාසියක් තිබුණා.

ඒක තමයි අක්බාර් එකේ තිබුණු ටෙලිවිෂන් එක!

මේ කවිය ඒ සුන්දර වස්තුව ගැන ලියවුණු එකක්.

ටෙලිෆන්කන්ට් කුමාරියේ

කම්මල් බිම තුල ගෙවෙනා දිවියේ
ඉතිරිව ඇති සැණසුම ඔබ වේ
පාළුව අඳුරුව ගිය ජීවිතයට
මිහිර ගෙනෙන කුමරිය ඔබ වේ

මල හිරු අහසේ සැඟවෙන මොහොතේ
මගේ ලොවට විත් තනිය මකන්නේ
විසිතුරු දේදුණු සමනල පැහැයෙන්
හදවත සතුටින් පුරවාලන්නේ

අද සවසත් මා වෙතට තුරුලූ වී
ලොවේ සොඳුරු බව කියා දියන්නේ
හෙට හවසත් යළි හමුවෙන අටියෙන්
අඳුරු අහස තුල සැඟවීයන්නේ

මගේ ලෝකයට සැනසුම ගෙන එන
රූපවාහිනී කුමරි ඔබයි
සදා අඳුරු මේ ලොව වසනා තුරු
මගේ ආදරය ඔබට හිමියි෴



අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සෙනසුරාදා දිනවල කතන්දර බ්ලොගයේ මේ කයි-කතන්දර පල කෙරෙනුයේ 2011 සැප්තැම්බර් සාහිත්‍ය මාසය වෙනුවෙනි.

-කතන්දරකාරයා

ප/ලි:
ගංගා ගැන, මුහුදු ගැන, කළුගල් ගැන කවි ලියන්න හොඳ නං, මේ කතාකරන, සින්දු කියන ප්ලාස්ටික් මෙටල් පෙට්ටිය ගැන කවියක් ලිව්වහම මක්ක වෙනවද?


(පේරාදෙනිය විශ්ව විද්‍යාලයේ පළමු වසරේ දී මා විසින් ලියන ලද ඉහත පදවැල ඉංජිනේරු පීඨ කලා කවයේ බිත්ති පුවරුවේ මුල්වරට පලකරන ලදුව දෙවන වසර අවසානයේ දී හස්තද්වාරයෙන් එලිදක්වන ලද හන්තානේ කඳු පාමුල කාව්‍ය සංග්‍රහයට ඇතුලත් කරන ලදී.)

(image: http://www.marcelstvmuseum.com/)

24 comments:

  1. ටෙලිවිෂන් එක ගැන කවි විතරක් නෙමේ, කතන්දර සහ ගීත ඇතුළු නිර්මාණ කරන එකේ කිසිම වැරද්දක් නැහැ. නිකම් හිතල බලන්න, ටෙලිවිෂන් එක ලංකාවේ ජන ජීවිත වලට කොය් තරං වෙනසක් ගෙනාවද කියල.

    (ලෝකෙ හුඟාක් රට වල පටන් අරන් තියෙන්නෙ කළු සුදු විකාශන, ලංකාවේ පටන් ගත්තෙම වර්ණ රූපවාහිනියෙන් - හැබය් වර්ණ එකක් ගන්න මුදල් සහ ඉන්න පලාතට මේන් කරන්ට් එක තිබ්බ නම් විතරය්)

    ReplyDelete
  2. ටෙලිවිශන් කුමාරි එක්ක අපි ගත කරන කාලය බැලුවහම ඒ වෙනුවෙ පබැඳුනු කවි ගී වැල් නම් බොහෝම මදි !

    ReplyDelete
  3. මම නම් දැන් බලන්නෙම නැහැ ඔය මඟුල.

    ReplyDelete
  4. අපොයි කකා අයියා (මාමද මංදා මේ යන විදිහටා
    දැන් නම් ඉතින් කුමරියො ගොඩයිනෙ,
    ලැප්ටොප්,ෆෝන්, පිරිලනෙ.
    එළ.

    ReplyDelete
  5. දැන් පෙන්නන දේවල් වල හැටියට අද මේ කවිය ලිව්වනං ‍මීට වැඩිය ගොඩක් වෙනස් වෙන්න තිබුණ.

    ReplyDelete
  6. අක්බාර් එකේ ටීවී එක දැන් නිකම්ම නිකන් ටීවි එකක් නෙමේ. ඩයලොග් ටීවි එකක්. හික්ස් :)
    දැන් කම්මල ලඟ ම හොස්ටල් එක දියුණුයි අයියා.

    ReplyDelete
  7. අම්මප ඈ . . . . ඔය කුමාරිටනං ඔහොම කවි ලියල මදි . . . .

    ReplyDelete
  8. ඒකත් ඇත්තතාපි ඒක ගැන කවි ලියලා හොදටම මදි.කොම්පීතරේ ගැන කොච්චර ලියලා තියෙනවද..

    ReplyDelete
  9. "පේරාදෙනිය විශ්ව විද්‍යාලයේ පළමු වසරේ දී මා විසින් ලියන ලද ඉහත පදවැල ඉංජිනේරු පීඨ කලා කවයේ බිත්ති පුවරුවේ මුල්වරට පලකරන ලදුව දෙවන වසර අවසානයේ දී හස්තද්වාරයෙන් එලිදක්වන ලද හන්තානේ කඳු පාමුල කාව්‍ය සංග්‍රහයට ඇතුලත් කරන ලදී."

    ඇත්තටම කතන්දර තුමා හැර කම්මලේ වෙන කවුරුත් කවි ලීවෙම නැද්ද? මොකද හැම කවියකම මේ කොටස තියන නිසය් මන් ඇහුවේ.
    මේ කවිය කියවද්දී නම් මතක් වෙන්නේ ඔය කුමාරි නිසා පොඩි කාලේ අපි කාපු කටු ගැන "රොබින් හූඩ් 'කාටූන් ඕවගේ තව කතා බලන්න ඇන්ටෙනාව කරකවා කරකවා කොච්චර අමාරුවෙන්ද හුලග වැඩි දවට එහෙම කතා බැලුවේ .දැන්නම් ඒ වගේ ලස්සන ළමා කතා නැත්තටම නැති ගාන්ය්.
    දුර්ලබ කවියක්
    *වසිලිස්සා*

    ප/ලි
    කතන්දර සතියට වතාවක් හෝ දිගටම කවි පල කිරීම ගැන සලකා බැලීම පිලිබදව මාගේ ස්තුතිය

    ReplyDelete
  10. පේරාදෙනිය අකුරු වැරදියි,
    පෙරාදෙණිය හරි.
    මාව පැත්තකින් ඔබේ බ්ලොගයේ දැම්මට ස්තූතියි.
    ඒත් මම දේශපාළු කතා නෙවේ ලියන්නෙ.
    මං ඔබතුමාලා වගෙ ලොකු බ්ලොග්කාරයො මගෙ බ්ලොගයෙ දාන්නෙ නෑ ඉතින්,
    මොකද දාලා වැඩක් නෑනෙ,
    සිංහල බ්ලොග් කියවන අයගෙන් කවුද අප්ප ඕක නොදන්නෙ?

    ReplyDelete
  11. ටෙලිවිෂන් කුමාරි ගැන ඒ කාලේ ඔහොම කතා කලාට දැන්නම් මෙයා හරි වෙනස්ග දැන් මෙයා වැඩකරන්නෙම සල්ලි බලාගෙන විතරද කියලත් හිතෙනවා.

    කතන්දරට පුලුවන් නම් තව හතර පදයක් ලියන්ඩකෝ දැං කාලෙ ටෙලිවිෂන් කුමාරිලා ගැන....

    ReplyDelete
  12. කකා හොයල හොයල හරියටම ගැලපෙන පින්තුරේ select කරලා තියෙනවා.. ඇත්තටම 93-97 කලේ TV එක ඔය වගේමයි.. රිමෝට් නැහැ. චැනල් 10 හරි 12 හරි තියෙන්නේ.
    අක්බාර් එකේ TV බලද්දී ඉස්සරහ බැංකුවේ වැඩි වෙන එකෙක් operator වෙනවා.. ඌ තමයි channel තෝරන්නේ අදාල වෙලාවට. Eg. NEWS වලින් පස්සේ වෙන channel එකක ටෙලියකට වගේ..
    බැරි වෙලාවත් එතකොට ටෙලිය හරි මොක හරි පටන් ගෙන තිබුනොත් අනේ අර operator බැනුම් අහන තරමක්... හික් හික් ...
    අක්බාර් TV එක සම්බන්ද සිරාම මතකය තමයි 96 world cup . ෂා... එහෙම කාලයක්..

    ReplyDelete
  13. දැන්නම් ටෙලිවිශන් කුමාරිව බලන්නේ නැති තරම්...

    ReplyDelete
  14. " ටෙලිෆන්කන්ට් "
    නියම වචන. දැන් නම් හැම විශ්ව විද්‍යාලයකම ආපන ශාලාවලයි , ගොඩක් පුධාන බස් නැවතුම් පලවලයි මේව්වා දකින්න තියේ. ආහ් ඇයි , දැන් සමහර පුද්ගලික බස් වලත් තියේ .

    ගොඩක් දෙනා ඕක දිහා බලාන ඉන්නේ ඔහේ පේන නිසා.මාත් බලනෝ ඉතින් ඉදල හිටලා.

    අයියෝ අද 29යි හෙටින් සාහිත්‍ය මාසය ඉවරයි. ඊළඟට ලබන්නේ මොවන ගැන මාසය ද?

    ReplyDelete
  15. @වත්,
    වැරදියට ගන්න එපා.. telefunken කියන්නේ බ්‍රෑන්ඩ් එකක්.. මම හිතන්නේ ජර්මන් ද කොහෙද..

    ReplyDelete
  16. @ $මරුමූස් $
    ස්තූතියි....
    Telefunken is a German radio and television apparatus company, අද මේ දැනුයි දැන ගත්තේ.මම හිතුවේ අලුත් නමක් කියලා.

    ReplyDelete
  17. ඔය කුමාරි ගැන දන් මොන කවිද?...පට්ට වේ......!

    ReplyDelete
  18. @ All
    අපේ ගෙදර ටෙලිවිෂන් එකක් නොතිබුණු නිසා අල්ලපු ගෙදරින් බලපු ඒවට අමතරව ඉස්ඉස්සෙල්ලාම පැන ගාණක් ටීවී බැළුවේ අක්බාර් එකේ දී යි.

    ඇත්තටම ඒ දවස්වල ඕක හරි ප්‍රයෝජනයි.

    දැන්නං මං ටීවී බලන්නේ සතියකට විනාඩි හතලිස් පහයි උපරිම.
    මේ සුමානේ ඒකත් නෑ.

    ReplyDelete
    Replies
    1. දැනුම් මට තේරුනේ. තමුන්නැහේ තවමත් බ්ලොග් ගුහාවට තනිවම රිංඟ ගෙන මනෝ ගහන්නෙ ඇයි කියලා. වේලිච්ච හැටියට ආයේ ඉතින් කවද තෙමා ගන්නද නේද? මම 2004 විතරේ ඔයාගෙ කම්මල පැත්තෙ ගියා. ඔක්කොම හොල්මන්. පාළුවට ගිය වලව්වක් වගෙයි.

      වයසට ගියත් තාම එක තැන පල් වෙනවා වගෙයි. පැණිදෙනිය පැත්තෙ හිටපු යෙහෙළියොත් දැන් වයසට ගිහිල්ල ඇති නේද? වැරදිලාවත් සොක ඩොක බලන්නවත් ගියේ නැද්ද?

      Delete
  19. ටෙලිවිෂන් කුමරි දැන්නම් ගොඩක් ඈත්ට ගිහින් කොම්පියුටර් කුමරි ලගට ඇව්ත්......

    ReplyDelete
  20. අපි ඉන්න කාලෙ එක්තරා ස්ට්‍රයික් කාලෙක ඔය ටීවි එකක් අතුරුදහන් වුණා. ඒක ආයෙ හම්බ වුණේ කිරිබත්කුඹුරෙන් . ඒයින් පස්සෙ වර්ක් ශොප් එකෙන් ටීවි එකට අධි ආරක්ෂක පෙට්ටියකුත් ඩිසයින් කළා

    ReplyDelete
  21. ඒක නම් අපූරු කවිය යාළු

    ReplyDelete
  22. හලේ...නියමයිනේ...!!!
    (මාත් අක්බාර් නෙල් තමා සෙට් වෙලා තියෙන්නේ... )

    ReplyDelete
  23. මමත් දැන් ඒ කුමාරි දිහා හැරිලාවත් බලන්නේ නැති තරම් .. දැන් මට ඉන්නවා පරිගණක කුමාරි

    ReplyDelete

මා ලියූ කතන්දරයට අදාල නැති කරුණු ඔබේ ප්‍රතිචාරවල ඇතළත් නොකරන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

අදහස් වාරණයක් නොකෙරේ. කුණුහරුප සහ තුන්වන පාර්ශවයන්ට නින්දා කෙරෙන ප්‍රතිචාර ඉවත් කෙරෙනු ඇත.