Monday 8 August 2011

හරි හුරතල් කොලු පැටියා-තාත්තා වගේමයි-උම්මා : Like father like son, xoxoxo!


දරු නැලවිලි ගීත තුනක් එක්ක, අපේ පුතා ගැන පොඩි සඳහනක් කරමින් මං ලියපු උගෙ අම්මයි දුන්නේ කතන්දරෙන් ඉපදුණු දෙවෙනි පසු කතාව මේක. මුල් කතන්දරේ -බබා ගේ තාත්තා හපනා.

දැන් ඔය පොඩ්ඩක් විතර තුනී වෙලා, ඇඳල පැදිලා, උස ගිහිල්ලා හිටියට, පුංචි කාලේ අපේ කොලු පැටියා නිකං බෝල ගෙඩිය වගේ.

ඉතිං අහල පහල, දන්න අඳුණන ආන්ටි ලා ගේ, ඒ කියන්නේ බබා ගේ අම්මී ගේ මිතුරියන් ගේ නොමද ආදරයට පාත්‍ර වෙන්න ඌට සිදුවෙනවා.

ඉතිං මේ ලේඩීස් කෂ්ටිය ගෙදර ආපුවාම මටත් හරි ජොලි මොකද දන්නවද? බබෙක් දැක්ක ගමන් කරන කාන්තාවන් ගේ ප්‍රියතම දේ තමයි බබා තාත්තා වගේ ද, අම්මා වගේ ද කියලා හොයන එක.

ඉතිං ඔන්න මේ ලේඩීස් ලා බබාව වඩා ගන්නවා.

"බලමු, බලමු කවුරු වගේද මේ හුරතල් ලස්සන පැටියා කියලා!"

"තාත්ත වගේද? අම්ම වගේද?"

"අනේ හරීම කියුට් අනේ. බලන්නකෝ පොඩි කමට හිටියට හිනාවෙන ලස්සන!"

"මං නං හිතන්නේ තාත්තා වගේමයි කියලා. උම්මා, උම්මා, උම්මා!"

"ඔව් අනේ, තාත්තා වගේමයි, ලොකු වුණාම හරිම හැන්ඩියෙක් වෙයි, උම්මා, උම්මා, උම්මා!"

අනේ පව්, තාත්තා වගේ කියුට් වුණු වරදට කොලු පැටියාට මේ ඇන්ටිලාගේ උම්මා වරුසාවලට ලක් වෙන්නත් වෙලා.

මං ඉතිං ඕව බලාගෙන කරන්නේ අර උන්මාද චිත්‍රසේන කාලේ ගැන සිහිකරලා තනියෙන්ම හිනා වෙන එකයි.

-කතන්දරකාරයා

ප/ලි:
ඔන්න පස්සෙන් පහු කොලු පැටියාට අවුරුදු තුනක් හතරක් විතර කාලේ අපි පුතා හාෆ් ෂීට් එකක ඇඳපු චිත්‍රයක් අපි කෑම කන කෑල්ලේ බිත්තියේ ගහලා තිබ්බා.

දවසක් අපේ ගෙදර පාටියක් වෙලේ ඒකට ආපු මිතුරියක් කොලු පැටියාව වඩාගෙන ඔය චිත්‍රය බලනවා මං දැක්කා.

මේ වෙන කොට පුතාට හොඳට අදහස් ප්‍රකාශ කරන්න පුළුවන්.

ඉතිං පහුවදා පුතා මගෙන් ඉල්ලනවා තාත්තේ සුදු කොල ගොඩාක් දෙන්න කියලා.

මං ඇහැව්වා:
"ඇයි?"

"චිත්‍ර අඳින්න."

"මොකටද ඉතිං කොල ගොඩාරියක්?"

"ගොඩාරියක් චිත්‍ර අඳින්න."

"ඇයි ඉතිං ගොඩාරියක් චිත්‍ර අඳින්නේ?"

මොකද දන්නවද කොල්ලා කිව්වේ?

"ගොඩාරියක් චිත්‍ර ඇඳලා බිත්තියේ එල්ලනවා. එතකොට ගෙදරට එන ආන්ටිලා ඊයේ කළා වගේ මාව වඩාගෙන මට උම්බ එකක් නෙමේ ගොඩාරියක් දේවි!"

එදා තමයි මට හිතුනේ ඇත්තටම පුතා නම් තාත්තා වගේමයි කියලා! Like father like son.

80 comments:

  1. Why don't you post the kid's drawing?

    ReplyDelete
  2. @ Ano
    That was about six years ago. Those drawings are somewhere there in a file in storage now.
    My son is 10 now.
    http://kathandara.blogspot.com/2011/05/blog-post.html

    ReplyDelete
  3. පිරිමි උදවිය ඉදිරි‍යේ දී , අනුන්ගේ දරුවකු සුරතල් කිරීම. හාදු දීම , ගැහැණු මායම් 64න් එකක් ලු....

    පුතාට නේද හාදු දුන්නේ ?

    ReplyDelete
  4. @ සොඳුරු සිත

    අනේ මන්දා? ගෑනුන් ගේ සිත් ඇතුලේ තියෙන සොඳුරු මායම් ඉති අපි යැ දන්නේ?

    ReplyDelete
  5. "ගොඩාරියක් චිත්‍ර ඇඳලා බිත්තියේ එල්ලනවා. එතකොට ගෙදරට එන ආන්ටිලා ඊයේ කළා වගේ මාව වඩාගෙන මට උම්බ එකක් නෙමේ ගොඩාරියක් දේවි!" හිකිස්.. ආයේ ඉතින් තාත්තා වගේම නැතෑ පුතත්..
    අපිටත් ඔය **** වරුසාවක් ලබා ගන්න ක්‍රමේකුත් සඳහන් කළා නම් වටී..

    ReplyDelete
  6. "මං නං හිතන්නේ තාත්තා වගේමයි කියලා. උම්මා, උම්මා, උම්මා!"

    "ඔව් අනේ, තාත්තා වගේමයි, ලොකු වුණාම හරිම හැන්ඩියෙක් වෙයි, උම්මා, උම්මා, උම්මා!"

    ඉතින් ඊට පස්සෙ කතන්දර ඒ ආන්ටිව මුනගැහුනෙ නැතෙයි?

    ReplyDelete
  7. තාත්තා කියුට් වුන වරදට පුතාට උම්මා නොදී තාත්තටම දුන්නනම් හරිනේ :D

    ReplyDelete
  8. පුතා දැක්කාම නම් උම්මා දෙන්ටම හිතෙනවා. පුතා තාත්තාට වඩා කියුට්නේ. තාත්තා දැක්කාම නම් අනේ මන්දා. ඒ උම්මා දුන්නු ඇන්ටිලාගෙන්ම තමා අහන්ට ඕනි......:D

    ReplyDelete
  9. ඔවු ඔවු උම්මා ගොඩාරියක් දෙයි.
    හික්ස් :) මරු පුතෙක් !!!!!

    ReplyDelete
  10. පුතානම් තාත්තා වගේද මන්දා?? හැබැයි පොඩි එකා දැක්කමනම් උම්මා දෙන්න හිතෙනවා තමා.. කොන්ඩේ අවුල් කරන්නත් හිතෙනවා....

    ReplyDelete
  11. හනේ හනේ,, පුතා අහක බලං ඉන්න වෙලේ තාත්තා ඉටිපන්දම නිවලා,,,

    ReplyDelete
  12. ඒ ඇන්ටිලාත් දැන ගන්න ඕනි..පොඩ්ඩට උම්මා ගොඩාක් දෙනකොට පොඩ්ඩගෙ තාත්තටත් එකක් වත් දෙන්න.. ඒකටනෙ කාර්ය ඵල ඇගයීම (Perfomanace Evaluation )කියන්නෙ...

    ReplyDelete
  13. @ චතුර
    ඇයි, මං ලියන පෙම් කිරීමට උපදෙස් තන්දර කියවලා නැද්ද?

    ReplyDelete
  14. @ radicaladahas
    එක්කෙනෙක් නෙමේ කීප දෙනෙක්ම.
    මොකද නැත්තේ, යන යන තැන ඇන්ටිලා!

    ReplyDelete
  15. @ පූසා
    අනේද කියන්නේ. බලමු, දැන් මේ කතන්දරේ කිේ‍රාලවත් ක්්ටිය ඒඛ තේරුම් ගනීවිද කියලා

    ReplyDelete
  16. පුතාට දුන්න උම්මා තාත්ත බාර ගත්තෙ මොකද කියලයි මට හිතුනේ.
    මැණික්

    ReplyDelete
  17. @ podi kumarihami
    පුතා කියුට් නං ඒ මදෑ, ඒ සේරම අම්මීගේ ජීන්ස්.

    ReplyDelete
  18. @ මධුරංග
    තාත්තා වගේමයි කියලා ඇන්ටිලා කියන්නේ ඒකනේ!

    ReplyDelete
  19. @ Gimhani
    පුතා ඉපදෙච්ච දවසේ නර්ස් කෙනෙකුත් කිව්වා ලොකුවෙලා කෙල්ලන්ව වශී කරාවි කියලා.

    ReplyDelete
  20. අනේ බබා ශෝයි.

    ReplyDelete
  21. @ හරී-පිණිපලස
    මේ තාත්තා ගේ උපන් දිනයක් දවසේ. ඒකනේ චාම් කේක් එකක් විතරක්.

    පුතා අහන්නේ ඇයි එක ඉටිපන්දමක් විතරක් කියලායි.

    මෙන්න පුතාගේ උපන් දිනය දා.

    http://kathandara.blogspot.com/2011/05/blog-post.html

    ReplyDelete
  22. @ Weni
    ඒකනේ කියන්නේ, බෝනස් පවා දෙන්න වටිනවා.

    ReplyDelete
  23. @ මැණික්
    ඇයි මම නේ කොල්ලා ගෙන් සීයට පණහක අයිතිකාරයා.

    ReplyDelete
  24. @ නදී
    බබා ෂේයි, තාත්තා වගේමයි නේද?
    කෝ උම්මා?

    ReplyDelete
  25. හැම තාත්තෙක්ගේම පැතුම පුතා තාත්තාවාගේ වෙන්න නේ. පුතාටයි තාත්තාටයි දෙන්නාටම සුබ පැතුම්!

    ReplyDelete
  26. ආ ,, ඒක මිසක් !! හැබෑට වයස කීයෙන් බෙදලද ඔය එක ඉටිපන්දමක් විතරක් හිටෙව්වෙ??

    ReplyDelete
  27. @ Chandi
    ස්තුතියි. කොල්ලා නං මං වගේ කෙසේ වෙතත් කාර් පිස්සෙක් වෙන විදියයි දැන් නං පේන්නේ.

    ReplyDelete
  28. @ හරී-පිණිපලස
    මෙහෙමයි, මගේ වයස, මගේ වයසෙන්ම බෙදුවා.
    උත්තරය එකයි. ඉතිං එක ඉටිපන්දමක් පත්තු කළා!

    ReplyDelete
  29. ශෝක් කොලූ. මගේ කෙල්ලගේ වයසමයි.
    ඔය උම්මා දෙන ඇන්ටිලා නම් මම හිතන්නේ ව්‍යංගයෙන් කියන්නේ වෙන දෙයක්. ඇයි යකෝ ඕක කෙලින් කිව්වනම් මක්කා වෙනවද?

    ReplyDelete
  30. //එදා තමයි මට හිතුනේ ඇත්තටම පුතා නම් තාත්තා වගේමයි කියලා! Life father like son.//

    ඉඳල හිටල ඇත්තත් කියනවා වගේ.......

    ReplyDelete
  31. ඇන්ටිල නිවුවේ නැතිද පුතත් තාත්තා වගේම ඳඟකාරයෙක් වෙයි කියල

    ReplyDelete
  32. @ මහ වෙදනා
    අනේ මන්දා, අර සොඳුරු සිත කියන්න්නේ ඒ හටහරෙන් එකක් ය කියලා. දාන්නකෝ ඔය හැට හතර හොයලා ලිපියක් වෙද ගෙදර බ්ලොගේ.

    ReplyDelete
  33. @ netha
    පැත්තක් ගියත් ඇත්ත කියන කෙනෙක් මම.
    ඔයා ත් ඇත්ත කියන්න කෝ. ඔයා විනීතා ද, සුනීතාද, ප්‍රනීතා ද, ජනීතාද?

    ReplyDelete
  34. @ ඇනෝ
    පුතා ගේ අම්ම නං කියන්නේ කතන්දරකාරයෙක් වෙයි කියලයි.
    මට නං හිතිලා තියෙන්නේ කාර් රේස් කාරෙයෙක් වෙයිද කියලයි.

    ReplyDelete
  35. අන්න ඒකනෙ කියන්නෙ හැම තැනම වැඩේට නියම පැසසිය යුත්තට ගරු නම්බුනාම ප්‍රථිලාභ මුකුත් නෑ... ...

    ReplyDelete
  36. ඔව් ඔව්, තාත්තලාට දෙන්න බැරි උම්මා, බබාලට දෙනවා තමයි ලේඩීස්ලා.... මමත් ඕක අත්දැකලා තියෙන සත්‍යයක්....!

    ReplyDelete
  37. @ පොඩි මෑන්
    අසාධාරණේ, අසාධාරණේ. කාට කියන්නද මේ අවනඩු?

    ReplyDelete
  38. @ දුමී
    තවත් තාත්තා කෙනෙකුම තමයි ඕක දන්නේ.
    මේ ලේඩීස් කට්ටිය නොදන්නවා වගේ ඉන්නවා.

    ReplyDelete
  39. [[අනේ පව්, තාත්තා වගේ කියුට් වුණු වරදට කොලු පැටියාට මේ ඇන්ටිලාගේ උම්මා වරුසාවලට ලක් වෙන්නත් වෙලා.

    මං ඉතිං ඕව බලාගෙන කරන්නේ අර උන්මාද චිත්‍රසේන කාලේ ගැන සිහිකරලා තනියෙන්ම හිනා වෙන එකයි.]]

    සිනහව අතරින් කඳුලක් උපන්නා... ඒ බැව් "නොකියම" සිනහවක් ම පෑවා...

    මට බැඳපු වයසේ - බැරිය වෙණ ගායනා පෙර සේ කිව්වලු.

    ReplyDelete
  40. පුතු තාම බාල වයසෙ හින්ද පුතාලට දෙන්න ඕන වටිනා දේවල් තාත්තලට දෙන එක නොවැ හරි විදිහ...

    ReplyDelete
  41. පොඩ්ඩක් තුනී වෙලා, ඇදිල, පැදිල, ඉන්න එක හොඳය හැබය් බෝල ගෙඩිය වගෙ ඉන්නවට වඩා.....කාන්තා පක්ෂෙන් උම්ම හම්බු වුනාට.

    කොල්ලට සුභ අනාගතයක්.....

    ReplyDelete
  42. අම්මපා ! කපාපූ පලුව !

    gamini

    ReplyDelete
  43. @ Sujeewa Kokawala
    ඕව නෙමේ මෙන්න මේවයි සින්දු

    1. කොලොම් තොට නැත මහළු වී
    2. පොද වැස්සක පෙර නිමිති පේනවා...

    ReplyDelete
  44. අනේ නැහැ මම නිකම්ම නීතා විතරයි .

    මට කලින් ලියන්න බැරි උනා පුතා නම් හරිම ලස්සනයි.

    ReplyDelete
  45. @ සපතේරු උන්නැහේ
    ඒකනේ, මට දුන්න නං පරිස්සමෙන් තියා ගන්නවනේ, කාටවත් නොකියා.

    ReplyDelete
  46. @ Observer
    උස ගියොත් බාස්කට් බෝල්වත් ගහන්න බැරියැ, නේද?

    ReplyDelete
  47. @ Gamini
    මගේ නං එක පළුවයි පේන්න තියෙන්නේ, ඒ පළුවවත්ද?

    ReplyDelete
  48. @ Netha
    මොකද නිකං "නම්" කියලා අනියමාර්ථයෙන් කතා කරන්නේ?
    ඇයි තාත්තා කළු ද?

    ReplyDelete
  49. [[පොද වැස්සක පෙර නිමිති පේනවා...]]

    අමරේ ගොයියට නම් පෙර නිමිති පෙනුනේ මහ වැස්සක.

    දැන් ඔය නොලැබෙන උම්මා වලට අඬන්නේ නැතුව, "සැරයටියෙන් අපි යනෙන තුරා" කියාගෙන ගෙදර ආණ්ඩුවට යටත් ව උන්නා නම්.

    මොකද කොල්ලට කොහොමත් තව ලොකු වෙද්දී උම්මා ලැබෙයි. තාත්ත එව්වට ජෙල නොවී බණක් දහමක් කොරගෙන ඉන්න එපාය.

    කොල්ලට්ස් සුබ පැතුම්. උගේ රේස් සිහිනයට අපෙනුත් තල්ලුවක්.

    ReplyDelete
  50. කවුද අර ලස්සනම ලස්සන නිළියක් විරූපී මහාචාරය කෙනෙක්ගෙන් ඇහුවෙ "අපි බඳිමුද" කියල, පොඩි එකාගේ රූපය අම්ම ‍වගේ ලස්සන වෙලා මොලේ තාත්තගෙ වගේ වෙයි කියලා. එතකොට මහාචාර්ය තුමා කිව්වලු බැරිවෙලාවත් ඒක අනිත්පැත්තට වුනොත් කොහොමද?" කියල. මට හරියට කතාව මතක නෑනෙ.
    රූපෙ කවුරු වගේ ද කියන එක නෙමෙයි වැඩේ. ගතිගුණ ගැන බලන්න.
    පොඩි එකාගෙ හොඳ ගතිගුණ ඔක්කොම එන්නෙ අම්මාගෙන්ය. නරක ගතිගුණ තිබුනොත් ඒවා එන්නේ තාත්තාගෙන් ය.
    -ට්‍රැපික් ඇනෝ

    ReplyDelete
  51. අප්පච්චි කලබල නොවී උන්න නම් තම්යි හොඳ කොලුවගෙ දෑවැදි වලට....කොලූට සුබ අනාගතයක් කිව්ව ඕං.....

    ReplyDelete
  52. දන ගාද්දි ඇවිදින්නට මට අත දුන්න
    ගුරු හරුකම හොඬ්හ් නොහොදත් කියලා දුන්න
    මහළුව බැරි උනහම ඔබ හට ඇවිදින්න
    අත දෙන්නම් තාත්තේ වන්දි ගෙවන්න..
    අත දෙන්නම් තාත්තේ වන්දි ගෙවන්න..

    පිය සෙනෙහසට කව් ගී ලිය උනා මදී..

    ඔය උම්ම දෙන ඇන්ටිලට දෙන බේතක් මගේ ගාව තියෙනව.. ප්‍රසිද්ද කොරන්න බැරි.. හැම එකාම මේක බලනවනේ...

    ReplyDelete
  53. මට හිතේන්නේ දැන් බෙහෙත දෙන්න ඕන කකා අය්යට.

    ReplyDelete
  54. පොඩි වුන්ට විතරයි ඔය චාන්ස් එක . ලොකු වුනහම ඉතින් මුණ දික් කරන හිටියත් ලැබුනේ නැහැනේ නේද . අපේ චුටි දුටත් ඔය කලම තමයි. සමහර ඇන්ටිලා ලඟදි කෙල්ල පැනල දුවනවා .

    ReplyDelete
  55. තාත්තා වගේමයි කිය කියා උම්මා දෙන එක නම් ඉතින් ආයේ සුපිරිම මායමක් තමා . තාත්තව ඉඹින්න බැරි නිසා පොඩි එකාව ඉඹලා යනවා .

    ඒක නෙවේ කතන්දර අයියේ ..! දැන් පිරිමි උදවිය ආවේ නැද්ද පුතාව බලන්න ? පිරිමි අය කීවේ පුතා තාත්තා වගේ කියලද , නැත්තම් අම්මා වගේ කියලද ..?

    ReplyDelete
  56. පවුලේ වැඩිමලා වෙච්ච මට උම්මා හම්ඹ උනේම නැහැ කිවොත් නිවැරදියි, කියුට් මලයට තමයි ඔක්කොම ආදරේ, ලොකු වෙලා කියල එහෙම වාසනාවක් තිබුනෙත් නෑ ඒ නිස උම්ම හමබ වෙන අය එක්ක ලොකු ඉරිසියාවක් තමයි මට තිබුනේ, ඉතින් උම්ම ලැබෙන්නත් වාසනාවක් තියෙන්න ඕන කියල හිතෙනව.
    මේ ලඟදී වැඩ ඇරිලා ගෙදර යනකොට කෝච්චියේදී, බීපු කෙල්ලෙක්ද කොහෙද මට කිස් එකක් දුන්න!( වාසනාව පෑදීගෙන එනවද පව් අපේ සීයත් මේ වගේ කියල හිතුනද?)

    ReplyDelete
  57. //@ Gamini
    මගේ නං එක පළුවයි පේන්න තියෙන්නේ, ඒ පළුවවත්ද?//

    කතන්දර . . . ."එක පළුවයි" කීවෙ . . . ."කොයි පළුව"ද ???

    ප.ලි.
    කොළුවාගේ රේස් සිහිනය සැබෑවෙන සුභ අනාගතයක් . . . . .

    ReplyDelete
  58. කතන්දර,
    දුමියත් කියනවනං කතාව ඇත්ත වෙන්ඩැති,

    හරි දැං බලමු ඔක්කොමට කලින් අපේ හාමිනේගේ යාලුවො කව්ද කියලා

    ReplyDelete
  59. අඩ්ඩඩ්ඩා..... අපේ හාමිනේගේ යාළු රොත්තක් හෙට එනවලු පොඩි එකා බලන්න. මං දැම්ම පටන්ගන්න ඕනෙ චිත්‍ර අඳින්න.

    ReplyDelete
  60. අපෙ තාත්තා ඉතා සුදුයි

    ලොකු අක්කත් ඉතා සුදුයි

    පොඩි අක්කත් ඉතා සුදුයි

    මං විතරක් තල එළලුයි


    ( තාලය = උඹෙ අප්පත් ඉතා කලුයි )

    ReplyDelete
  61. තාත්තට දෙන්න බැරි උම්ම ටික ඔකකොම පොඩ්ඩට....

    ReplyDelete
  62. අනේ මේ දැන් ඉතින් කියන්ටකෝ ආපු අංකල්ලා පුතාව වඩාගන එයා අම්මි වගේමයි කියලා උම්මා දුන්නු හැටි....:)

    ReplyDelete
  63. @ Sujeewa Kokawala
    බාල ලියන් මල් නටුවෙන් හබල් ගහන වෙලේ නේ ඔය පොද වැස්ස ආවේ!

    පින් දහම් කරන වෙලාව තමයි මේ බ්ලොග් කෙරුවාවට වැය කරන්නේ.

    ස්තුතියි සුබ පැතුමට.

    ReplyDelete
  64. @ ට්‍රැෆික් ඇනෝ
    ඔය කතාව කියල තියෙන්නේ ජෝර්ජ් බර්නාඩ් ෂෝ.

    ReplyDelete
  65. @ හීනියට
    ස්තුතියි අවවාදයටත්, සුබ පැතුමටත්!

    ReplyDelete
  66. @ මාතලන්
    මොකක්ද හලෝ ඒ බේත?
    යකඩ චෙරි රස පිරී ඩියුරෝල් ද?

    ReplyDelete
  67. @ Gimhani
    බේත් කිව්වහම මේ ජීන්ගල් එක මතක් වුනා.

    දිනෙක ආවා මගේ සුපෙම්වතා
    වේදනාවෙනි නැතිය කතා
    ඇහුවහම විමසල මොකද කියා
    ඔහු කිව්වා,
    කම්මැලියි, ඇඟට පණ නෑ කියා
    මා කීවා ගන්න...
    ඇඟ පතට පන එන්න - ඩියුරොල්
    කඩිසරව ගැවසෙන්න - ඩියුරොල්
    යකඩ චෙරි රස ඇතී - ඩියුරොල්
    මිහිරි විටමින් ටොනික් - ඩියුරොල්

    ReplyDelete
  68. @ Bindi
    මං හිතුවේ ඇන්ටිලා උම්මා දෙන්නේ පුතාලට විතරයි කියලා!

    ReplyDelete
  69. @ හිස් අහස (සඳරූ)
    අංකල් ලා කවදද ළමයෝ බබාලා වඩාගෙන හුරතල් කළේ?

    ඒ කළත් මං නං අහල නෑ, මිනිස්සු බබා කා වගේද, කිය කිය කතා වෙනවා නං.

    ReplyDelete
  70. @ දයල් බතී
    පෝය දවසක නේද? ඔහොම වෙනවා හඳ පායන කාලෙට!

    ReplyDelete
  71. @ ඕනයා
    එක පළුවයි කිව්වේ ඔය උඩ ෆොටෝ එකේ තියෙන මගේ ඇඟෙන් අඩ ගැනයි!

    ReplyDelete
  72. @ බුද්ධි
    මැරියන් ගේ යාළුවොත් හිටියද ෂර්වුඩ් එකේ?

    ReplyDelete
  73. @ nawammawatha
    නවම්, උත්සාහවන්තයා ජය ගනී කියනවනේ. වැඩේ වරදින එකක් නෑ.

    ReplyDelete
  74. @ Netha
    පුතේ නීත නුඹෙ නැන්දා
    පුතේ නීත නුඹෙ නැන්දා
    පුතේ නීත නුඹෙ නැන්දා
    අතේ වළල්ලක් දැම්මා

    ReplyDelete
  75. @ prasanna86k
    එසේ සිතා මම තුටු වුනෙමි. නිමි.

    ReplyDelete
  76. @ Podi Kumarihami
    අනේ පොඩ්ඩියේ, අංකල්ලා කවදද බබා ල හුරතල් කලේ.
    ඒ නැති වුනත් මං නං ජීවිතේට දැකලා නෑ, මිනිස්සු බබා ලා කා වගේද කිය කිය ඔට්ටු අල්ලනවා.

    ReplyDelete
  77. @ All
    සියළු දෙනාටම
    මාර ප්‍රතිචාරයක් ලැබුනේ. ඒ හැම එකකටම පිළිතුරු දෙන්නත් ඉඩ ලැබුණා.
    සරදමකට වගේ එහෙම ඉඩ ලැබුනේ, පුතා අසනීප වුණු නිසා මං ගෙදරට වී සිටි නිසයි. දැන් කොල්ලාට සනීපයි.

    සියළු දෙනාටම ස්තුතියි.

    හෙට මහරාජා ගේ දොස්තර ක්රොස් කතාවෙන් හමුවෙමු.

    ReplyDelete
  78. "එදා තමයි මට හිතුනේ ඇත්තටම පුතා නම් තාත්තා වගේමයි කියලා!"
    = මම නම් බඩු කාරයෙක්නේ.

    (යල් පැනගිය අහිංසක පොර ටෝක් එකක් )

    - සනාථ

    ReplyDelete
  79. දවසක් අපෙ නෝනනගෙ යාළු බර්ගර් ආන්ටියෙක් මගේ අතේ උන්න කොලුපැටියට දුන්න උම්ම එකක් "මාව හීතල වෙලා ගියා අප්පා"

    ReplyDelete
  80. |බාල ලියන් මල් නටුවෙන් හබල් ගහන වෙලේ නේ ඔය පොද වැස්ස ආවේ!|
    හපොයි මෙහෙමත් මතකයක්!

    කතන්දර හාමිනේගෙන් ඇහුවොත් කියාවි ඒ යාළුවෝ පස්සෙ එයත් එක්ක හොරෙන් මෙහෙම කියපු බව. " පුතා ඔයා වගෙමයි අනේ. ඒත් ඉතින් කතන්දර එතන බලාගෙන හිටපු නිසා එයාට දුක හිතෙයි කියලා හිතලා අපි බබා තාත්තා වගෙමයි කිව්වා!"

    ReplyDelete

මා ලියූ කතන්දරයට අදාල නැති කරුණු ඔබේ ප්‍රතිචාරවල ඇතළත් නොකරන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

අදහස් වාරණයක් නොකෙරේ. කුණුහරුප සහ තුන්වන පාර්ශවයන්ට නින්දා කෙරෙන ප්‍රතිචාර ඉවත් කෙරෙනු ඇත.