ජීවිතයම කතන්දර ගොඩක්!
This is a Sinahla blog written for five years from July 2009. It contains stories - Kathandara - from authors life.
කතන්දරකාරයා ගේ දශක කිහිපයක ජීවන අත්දැකීම් අළලා 2009 ජූලි 11 දින සිට පුරා වසර පහක් තිස්සේ ලියවුණු කතන්දර එකතුවකි. kathandara@gmail.com
Monday, 1 August 2011
යකෝ, උඹ බැඳලා නේද බං? - Aren't you married, you bastard?
කතන්දරකාරයා බඳින්න කලින් ඇනෙක්ස් හොයන්න ගිය හැටි විස්තර, බැන්දට පස්සෙන් දා ගැන ඇඩල්ට්ස් ඔන්ලි දේවල් සහ පදිංචි වුණු ඇනෙක්ස් එකේ ඇන්ටි ගේ රිමෝට් කොන්ට්‍රොල් එක ගැන හෙම විවිධ කතන්දර මං කලින් කියලා තියෙනවානේ.
මේ සිද්ධිය වුනේ කතන්දර හාමිනේ යි මංතුමා යි ඔය කියන ඇනෙක්සි යේ වාසය කරන කාලේයි.
කතන්දරකුමාර කාලේ ඉඳලාම මං වැඩපොලට කෑම අරං ගියේ නෑ. බොසී ගේ පොට් එකේ හිටපු කාලේ නං උදේටත් නොකා තමයි වැඩට යන්නේ. මොකද එතන කැන්ටිමෙන් හොද රහට කිරි මාළු සහ පාන් කන්න පුළුවනි.
පස්සේ අර කැරුක්ටර් සර්ටිෆිකේට් එකේ කේස් සෙට් වෙලා මං සේවය අරඹපු තැන උදේ කෑම මඤ්ඤං නිසා පාන් කෑල්ලක් කාලා ගියා ගෙදරින්.
දවල් ට එක්කෝ ඉස්සරහ කඩෙන් බත් පාර්සලයක් අරං කෑවා, නැත්තං සීනියර් කොමන් රූම් එකේ විජයසේන ගෙන් බිත්තර පාන් එකකුයි, රෝල්ස් එකකුයි ගිලලා ටී එකක් බිව්වා.
බැන්දයින් පස්සේ කියල වෙනසක් නැතුව ඔය වැඩ පිළිවෙල ගෙන ගියා!
ඔන්න දවසක් මං දවල් වෙලාවක පල්ලෙහා කඩෙන් බත් පැකට් එකක් අරං කන්ද නගිනවා. මගේ ඉස්සරහටම හම්බ වුනේ තරමක් අඳුණන පොරවල් දෙකක්.
මුං දෙන්නගෙන් එකෙක් මටත් කලින් පවුල් පන්සල් වුණු එකෙක්. අනිකා නං එතකොටත් කොල්ලා.
මගේ අතේ තිබුණු කඩෙන් ගත්තු ලන්ච් පැකට් එක දැකලා බැඳපු එකාගේ ඇස් උඩ ගියා.
"ඇයි යකෝ, උඹ මේ ලඟදී බැන්ද නේද? මොකද මේ කඩෙන් කෑම අරගෙන කන්නේ?"
පොර හරියට කතා කලේ මං ගණිකා නිවාසයකින් එලියට බහින කොට ඌට හම්බ වුණා වගේ!
-කතන්දරකාරයා
ප/ලි:
මුගේ වයිෆ් ට, කතන්දර හාමිනේ එයාගේ වැඩපොල ඉස්සරහා කඩෙන් බත් පැකට් එකක් ගන්න වෙලාවක හම්බ වුනොත් මොනවා නං නො කියයි ද?
බැඳපු කාලේ එහෙම කළාට, හැබැයි දැන් නං මං කඩෙන් කනවා හරිම අඩුයි. ගෙදරින් මාළු සැන්ඩ්විච් එකක් හදාගෙන යනවා මිසක්.
ප/ප/ලි:
අද කතන්දරේ පේලි අතරේ තව පොඩි කතන්දරයක් තිබේ!
ප/ප/ප/ලි (ඇත්තටම)
ඒ පේලි අස්සේ කතාව, එනම් මං ඒ දවස්වල වැඩ කරපු තැන, අරවින්ද චන්ද්‍රපද්ම ට අහුවී තිබේ.
(image: http://mayuonline.com/)
Labels:
කතන්දර හාමිනේ
Subscribe to:
Post Comments (Atom)
අහන්නත් මොකද්ද වගෙ... යාලුව අහපු ටෝන් එක හරියටම එහෙමයි කියල අඳුර ගන්න තරම් ඒ පැත්තෙන් අත්දැකීම් තියෙනව වගෙයි..
ReplyDeleteඅද කතන්දරේ හොඳයි. අර උඩින් දාලා තිබිච්ච වෙන්ට කතන්දර බැනර් එක අයින් කල එකත් හොඳයි. පොඩි උපදෙස් ටිකක් දෙන්නම්. කැමති නං පිළිපදින්න, මොකද පෙර්හැරේ යන අයට නෙමයි බලන් ඉන්න අයටෙනෙ පෙහැර පේන්නෙ.
ReplyDelete1. ඕනවට වැඩිය තමන්ව පුම්බගන්න යන්න එපා. ඔයා ජීවිතයේ අවශ්‍ය දේවල් සෑහෙන්න ලබාගෙන තියනවා කියල හිතෙන නිසා, ඒක අනවශයයි කියලයි මට හිතෙන්නෙ.
2. තමන්ගෙ පාඨකයන්ට පිලිතුරු දෙන කොටත්, අනිත් අයගේ පොස්ට් වලට පිලිතුරු දෙන කොටත් , හැකි පමණ නිහතමානී වෙන්න බලන්න. ඒ පිළිතුරු වලින් රචකයාව දිරිමත් කරනවා විනා "ආ, මම ඕක ගැන කලින් ලියලයි තියෙන්නෙ, මේං ලින්ක් එක" වගේ ඇඩ් දැමීමේ පුරුද්දෙන් වලකින්න.
ලිපි ලිවීමට කාළය මිඩංගු කරනවාට ස්තූතියි. ඔබට ජය!
පිටින් කන කෑම රසයි.. කොහොමත්....
ReplyDelete//බැඳපු කාලේ එහෙම කළාට, හැබැයි දැන් නං මං කඩෙන් කනවා හරිම අඩුයි. ගෙදරින් මාළු සැන්ඩ්විච් එකක් හදාගෙන යනවා මිසක්.//
ReplyDeleteඇයි දැන් ලිහලද?...:D
බැඳපු එවුන්ට 'කඩෙන්' කන්ට තහනංද.. :)
ReplyDeleteපේලි අතරේ තිබ්බ කතන්දරේ විතරයි මටත් තේරුනේ...
ReplyDeleteඑකක් නෙමේ අයියට හිතුනේ නැතුවට දෙක තුනත් තිවෙනවා....
අපේ සිංහල බ්ලොග්කරුවන් කන්නෙ කොහොමද කියන එක ගැන සෙවීම රසවත් පර්යේෂණයක් විය හැකියි.
ReplyDeleteඋදාහරණයක් හැටියට බලන්න අපේ මාරයා. ගෙදරදි ඔය අතින් උයා පිහා ගත්තු දෙයක් තමයි කන්නෙ. කඩෙන් කෑම අතින් උයන කෑම තරම් රහ නෑයි කියල ඇහුවොත් කියාවි ඕනැ වෙලාවක.
කතන්දර දැන් නාකි හින්ද කඩෙන් කන්නෙ නෑලු... හෙ හෙ..
ReplyDeleteකිව්වත් වගේ තමන්ගෙ අතින්ම හදාගෙන කන්න අනේ,, එතකොට රස වැඩිලු
ReplyDeleteඅනේ බැදලා හිටියත් ලිහලා හිටියත් කමක් නැ කවුරු කවුරුත් ගෙදරින් එකක් හරි හදාගන කන්ට. එක ඇගට ගුනයි.. විශේෂයෙන් පිරිසිදුකම අතින්.
ReplyDeleteකුකරි ක්ලාස් ගියේ දෙන්න එකටමද ? නැත්තන් වෙන වෙනමද ?
ReplyDeleteගිම්හානිට පේලි අතර කතාව අහුවෙලා නැද්ද මංදා....කොහොමටත් ඔය දන්නෙ නැති හෝටල් වලින් කාලා එක එක ලෙඩ හදාගන්නවට වැඩිය හොඳයි බඩගින්නෙ ඉන්න එක... නෙහ්...
ReplyDeleteකැලණිය මොන්ටිසෝරියේ කතන්දර මක්කැයි කළේ. පින්තූරේ අනුවත් නැග්ගයි කියන කන්ද අනුවත් කැලණියම වෙන්න ඕනේ
ReplyDeleteමොනවා උනත් ගෙදර කෑම එක නියමයි...ඒකට ලංවෙන්න ඉතින් හොද හෝටෙලෙක කෑම එකකටවත් බැහැ
ReplyDeleteබැඳපු කාලේ එහෙම කෑවයි කිව්වේ දැන් ඉන්නේ ලිහා ගෙනද..?
ReplyDelete@කතන්දර,
ReplyDeleteLunch එකයි dinner එකයි ගෙදරින් කාලා breakfast එකට ඔය short eats වගේ දෙයක් කඩෙන් කෑවොත් ඒකත් වැරදියිද?
ඉතින් කියන්න තිබුනනෙ කෑම උයන්න වයිෆ්ව උදෙන් නැගිට්ටවන්න දුකයි කියල, එහෙම නම් ඔය ඕපාදූප කාරයගෙ කට වැහෙනවනේ :))))
ReplyDeleteහාමිනේට උයන්නම බැරිද එතකොට?
ReplyDelete“ආහ් . .. උඹ දැන් කසාද බැඳපු ගෑණියෙක් නේද ? ෂෙ: තවමත් කඩෙන් කනව නෙ ලැජ්ජ නැතිව... උඹ මහත්තයටවත් කෑම එකක් උයල දෙන්නෙ නැද්ද මෙයා... මං නම් හැමදාම උදෙන්ම නැගිටල කෑම එකක් හදල දෙනවා... මහ ජාති ගොඩක් නැතත් , බතුයි තව මොනා හරි එකක් හදල අරන් ගියත් ගෙදරින් නෙ මෙයා. ඔය කඩේ කෑම වගේ ද? “
ReplyDelete“ඌරන්ට මොන සෞඛ්‍ය ද මෙයා.... බැන්ද අලුත උයන්න තියා ගත්තම බැහැ.... “
පේළි අතර කතන්දරේ දැක්කෙ නැහැ .....
ReplyDeleteමම නම් කඩෙන් කන්නෙ කවද්ද කියල බලං ඉන්නෙ. වෙලාවට අද උදේ ගෑස් අහවර උනේ. මේ පල්ලෙහා කඩෙන් කෑම එකක් අරං ආව විතරයි ! හැමදාම එකම හෝටලෙන් කනකොට එපා වෙනව අප්පා.
ReplyDeleteසෝ සෝ
ReplyDeleteපස් කුපාඩි වැඩේ නිම කරලා හැකියාවට රැකියාව මදි උනාම අපේ කතන්දර ලොක්කත් විද්‍යාවට අලංකාර දාන හැටි උගන්නන වත් ගියාද කියා සිතේ. පේලි අස්සෙන් පේන හැටියට මේක ඒ ගැන ගැසූ පොර ටෝකකි.
අනේ අර ඩවුන් ටු අර්ත් ඇනොවා පොර සේ කතන්දරට නිහතමානි කම ගැන කියා දුන්නේ හරියටම මේ පේලි අස්සේ පොරටෝක් තියෙන පොස්ට් එකේ නේද කියා හිතුවාම මට ඇනොවා ගැන දුක හිතේ.
කියා දෙන්නට කලින් තේරුම් ගෙන හිටහන් කියා ඇනොවාට මොන්ටිසෝරියේ මිස් වත් කියා දීලා නැද්ද?
\\කතන්දර හාමිනේ එයාගේ වැඩපොල ඉස්සරහා කඩෙන් බත් පැකට් එකක් ගන්න වෙලාවක හම්බ වුනොත් මොනවා නං නො කියයි ද?//
ReplyDeleteඒක නෙවේ.. බත් පැකට් එකක් ගන්න ගඩේට යනකොට කඩේ ඇතුලෙ හාමිනේ හිටියොත් මොනවා නොකියයිද?? නේද. :D :D :D ;)
This comment has been removed by the author.
ReplyDelete[[බැන්ද අලුත කඩෙන් කන එක හා එයට හේතු වන කරුණු]]
ReplyDeleteඅතිශයින්ම පුද්ගලික හා වැඩිහිටියන්ට් පමණක් යෝග්‍ය මෙවැනි දේ ගැන ප්‍රසිද්ධ තැන්වල කතා කිරීම නොහොබී.
"සීනියර් කොමන් රූම් එකේ විජයසේන" මේ කවුද?
ReplyDeleteමං මේ පේලි අතරෙ කතන්දරේ හොයනවා තාම.....මට පේන, පේලි අතරෙ කතාව ලේසියෙන් දැක්ක නිසා ඊට වඩා ගැඹුරු මොනවත් තියේද දන්නෙ නැහැ කියල.
ReplyDeleteඅනේද කියන්නේ. හික්ස් :)
ReplyDeleteමම බැඳපු අළුත නම් වැඩට යන්න පටන් ගත්ත දාම ඉඳන් මගේ ගම හාමිනේ මට කොහොම හරි කෑම එක දෙනවා. කන්න බැරි එක වෙනම කතාවක්. ඉතින් ඒ දවස්වල ඔෆිස් එකේ යාළොවොත් එක්ක කෑම ශේයාර් කරගෙනනේ කන්නේ. මෙන්න ටික දවසක් යනකොට යාළුවෝ ඔක්කොම වැඩිපුර මාළු පිණි එහෙම අරගෙන එනවා මට දෙන්න....... හැබැයි දැන් නම් අපේ ගම හාමිනේගේ කෑම වලට ගහන්න අර ගෝල්ෆේස් නානා'ටත් බෑ....!
ReplyDeleteහපොයි සෑර් ඔහොම කඩෙන් කන්ඩ පුරුදු වෙන්ඩ එපා. දැන් නොයෙකුත් වසංගත රෝග. පේලි අතරෙ කතන්දරේ කිව්වම මට මතක් වුනේ අර කුරුල්ලෝ වෙඩිතියන්න ගිහින් තුවක්කුව සුද්ද කරපු පුතාව!
ReplyDelete@ Weni
ReplyDeleteමගේ වරද, මේ කතාව හුඟ දෙනෙක් වරදවා වටහා ගෙන තිබේ. අපේ බූවා අදහස් කලේ බැඳපු උං හැමෝම ගෙදරින් කෑම ගෙන ඒම අතිශය අනිවාර්ය දෙයක් බවයි. මං ඒ නිසායි ගණිකා නිවාස කතාවක් ගෙනාවේ.
අම්මෝ..මටත් ගෙදර නෑම වගේ කඩ කෑම නම් අල්ලන්නෙම නෑ.
ReplyDeleteඒත් ඉතිං..ඉදලා හිටලා නම් හොදයි...
@ ඇනෝ 1
ReplyDeleteබැනර් එක පහලින් දමා ඇත. සොරි මෙයා.
1. පිම්බීම - අනේ ඇනෝ මගේ බ්ලොග් එකේ අනිත් සේරම දේවල සාකැස්ටික් බව තේරෙන්න යි, මං ගැන කියන කොට ඒක නොතේරෙන්නයි හේතුව මට නම් තේරෙන්නේ නෑ.
2. ලින්ක්ස් ගැන ඔබ ලියා ඇති දෙයින් ඔබ මේ වෙබ් කියන වචනයේ තේරුම නොදන්නා බව පෙනේ. ලින්ක්ස් නොමැති නම් අපට ඇත්තේ ලක්‍ෂයන් කිපයක් සහ සමහර විට චාප කීයප් පමණි. ජාලයක් එන්නේ හැකි තරම් ඟේ වෙබ් පිටු එකිනෙක හා ලින්ක් කිරීමෙනි.
මෙය මා අද ඊයේ ඉගෙන ගත් දෙයක් හෝ අද ඊයේ ඔබ ට කියන දෙයක් නොවේ. මගේ පෙර ආත්මයේ මගෙන් ඉගෙන ගත් දහසක් විශ්ව විද්‍යාල සිසුන්ට ඉගැන්වූ ද දෙයක් වේ. දැන් කරුණාකර ඉහත අංක 1 ආපහු මතක් කරන්න එපා.
නවම් මාවත, කතන්දර,
ReplyDeleteඅපි කව්රුත් දන්න විදිහට එකම හෝටලෙන් කන එක තමා නුවණට හුරු වගේම, ලෙඩරෝග හැදෙන්නෙත් නැති ක්‍රමේ.
ඒත් එකම හෝටලෙන් කන එක එපා වෙනවනම් මොකද කරන්නෙ?
හැමදාම එකම තැන, එකම විදිහට, එකම කෑම කන්නැතුව වෙනස් විදිහට වෙනස් තැන්වල, වෙනස් කෑම ජාති කාලා බලන්ඩ. එකම හෝටලේ උනත් කොච්චර කෑම ජාති තියෙනවද නේද?
................
දෙයියගෙ පිහිටෙන් කතන්දර අර මුල් කාලේ වගේ ඇමරිකන් පිටි කන්නැති එකමයි කාරිය, නැත්තං වෙලහකටත් ප්‍රතිථල බලාගන්ට තිබ්බා.
@ All
ReplyDeleteපේලි අස්සේ කතන්දරය මා ඒ දිනවල සේවය කළ ස්ථානය සහ රැකියාව ගැන කියවෙන දෙන එකකි.
එය අරවින්ද චන්ද්‍රපද්ම සහ සුජීව කොකාවලට වැටහී ඇත.
@ ALL
ReplyDeleteහැමෝටම උත්තර දෙන්න නං වෙලාව නෑ ඩාලින්ස් ලා, හොඳේ?
උදේ පාන්දර නැගිට බත්මුල් බඳින්නට ගැට්ටක් මටවත් හාමිනේටවත් තිබුනේ නෑ. දවල්ට කඩෙන් කෑ අපි දෙන්නා, රාත්‍රියට අර මසවුළු උයා කෑවෙමු.
මගේ මිතුරු බූවා ගේ පොතේ හැටියට, බැන්දයින් පස්සේ කඩෙන් කෑම මාර වැරදි වැඩකි. එයට ඇත්තේ එකම එක උදාහරණයකි.
පසු කලෙක මගේම බෑයා කසාඳ බැන්දායින් පසු නෑනා පොඩ්ඩ උදේ පහට අවදිවී බත් තම්බනවා මා දැක ඇත.
තමන් විසින් උයන ලද කෑම කන්න තියෙනවා නං එය සැපකි. නමුත් සමහර විට අපිට පොඩි පොඩි කොම්ප්‍රොමයිස් කිරීඟට සිදුවේ. මෙය එවැන්නකි.
@ Buddhi
ReplyDelete/* එකම හෝටලේ උනත් කොච්චර කෑම ජාති තියෙනවද නේද? */
මේ මොනව කියනවද මලේ? දන්නෝ දනිති. ඕනෑ කෑමක් ගෙදර හදන්න පුළුවන්!
පේළි අතර කතාව අනුමාන කරන්න කැලණිය මොන්ටිසෝරිය ගැන දන්න කෙනෙක් වෙන්න ඕනෙම නෑ. සීනියර් කොමන් රූම් මම දන්න හැටියට කැම්පස් එකක ඇර වෙන තැනක තියෙන්න විදිහක් නෑ.
ReplyDeleteමේ මක්ක දොඩනවද මෙයා.....ගේදර කෑම නම් කොහොම උනත් එපා වෙනව බොරු ඕං......
ReplyDeleteගෙදරින් කනවට වඩා පිටින් කනකොට රහයි අප්පා.....හික්ස් හික්ස්...
ReplyDeleteකකා සමාවෙන්න මේ මට හිතෙන හැටි...
ReplyDeleteඔබ වැරැද්දක් කර නැත සහ ඔබේ කතාව කියවන ලද කිසිවෙකුත් වැරදියට වටහා ගෙන නැත. ඇයි මෙහෙම කියන්නෙ..ඔබගේ ලිපිය වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම කියන්නෙ උදෑසන, දහවල සහ රාත්‍රී කාලයෙ ආහාර පිළිබඳවයි.එය විවාහයට පෙර සහ පසු ලෙස ඔබ විග්‍රහ කර ඇත. අපි ඕනැම වයස් සහ තත්ව කාණ්ඩවල 3-4 දෙනෙකුගේ සෙට් 100ක් හෝ 150ක්ගෙන ඒ සියල්ලටම ගොස් "මේ දවස්වල මනෙ නෝනා අසනීපෙන්..නැත්නම් ගමේ ගිහින්.. ඒ නිසා කඩෙන් තමයි කන්නෙ" යැයි කියා ඔවුන්ගේ ප්‍රතිචාර බලන්න.. ඒ සියල්ලෝම පාහේ ඔය මන් සහ මට පස්සෙ කමෙන්ටු ලියූ හැම දේම ඔවුන් කියනු ඇත..( ඔය ඇනෝ කිව්ව එක හැර ) ඒ අය එහෙම කියන්නෙ ඔබ කියූ දෙය වරදවා වටහා ගෙන නොවේ.. අහිංසක ලෝකයා පුල පුලා බලා සිටින්නේ අපෙ හිතේෂිවන්තයෙකුට වචනයක් වරදින තුරු ය..නිදසුන්..මඩයා සහ අභී බලන්නකො අභීට හරි මඩයාට හරි වචනයක් නොවේ ඉස්පිල්ලක් හෝ පාපිල්ලක් වැරදුනොත් ඇතිය..ඔවුන් විශාල සුන්දර ( මඩ ) ලෝකයක් මවයි..අපිත් ඉඩ ලැබුනු හැමවිටම බලා සිටින්නෙ මේ සුන්දර සටනේ ඊලඟ ජවනිකාව එනතෙක්ය.. මමත් ඒ අහින්සක ලෝකයේ එකෙකි..එම ලිපියක් කියවූ විට කට කහන්නට පටන් ගනී.. අත පය වෙව්ලයි..ඇඟිලි නලියයි..මොනව හරි කමෙන්ටුවක් ලියන්නම ඕනි කියා හිතෙයි
මේ ගුනාංගය අනෙක් හැම ලිපියක වගේම ඔබගෙ ඉහත ලිපියේද ඕනෑවටත් වඩා ඇත..එයයි ඔබගේ ලිපි කියවන්න ආසා හිතෙන්නෙ.කමෙන්ටුවක් ලියන්න හිතෙන්නෙ.
මොනව උනත් මගෙ හාමිනේ නං බැන්දට පස්සෙ හැමදාම උදේට කෑම පාර්සලයක් ඔතල දෙනව ඔෆිස් ගෙනියන්න . . . . . ෆංකාදු පහයි ඈ . . . . මේ දවස් වල හාමිනේ පාන්දර තිස්සෙ පැටියත් එක්ක ඔට්‍ටු වෙන නිසා කෑම පාර්සලේට සාදර අනුග්‍රහය "හොටෙල් ඩි නැන්දම්මාස්" එකෙං . . . . නියම කෑම එක . . .ලුනු නෑ . . . මිරිස් නෑ . . . වෙලාවකට ඇල්වතුර එකක් කනව වගේ . . . . මෙලෝ රහක් නෑ
ReplyDeleteඅම්මට මේ දවස් වල නැගිටින්න ප්‍රමාධ වෙන නිසා මම නම් කඩෙනුයි කෑම කන්නේ . ඇත්තටම මට නම් කඩෙන් කනවා කියන එක ආඩම්බරයක් .. මම කොහොමටත් කඩ කෑම වලට කැමතියි . . විවිධ කඩ වලින් කන්න තමයි මම කැමති . සඳුදාට රෝහලේ කැන්ටිමෙන් කන මම සිකුරාදට . පොල ලඟ කඩෙන් කනවා ..
ReplyDeleteකඩ කෑම ගැන මතක් වෙද්දී මගේ හිතට සතුටකුත් ගතට සවියකුත් දැනෙන බව නොකියාම බෑ
ඹ්නයා,
ReplyDeleteකට කට! උඔ අහලා නැද්ද, ලව් මී ලව් මයි ඩෝග් කියන පැරණි කියමන.
මගෙනුත් ඔය කතාවම ඇහුවා මම බැඳලා මාස හයකට විතර පස්සේ. ඒ මට කොල්ලො සෙට් එකක් එක්ක උයන්න වෙච්ච වෙලාවක. මම එතකොට උයන්න දන්නේ නැහැ. ඒකට අනිත් උන් උයන්න රුසියෝ. මම කලේ ලූණු සුද්ද කරන, භාජන හෝදනවා වගේ සිල්ලර වැඩ. මේක දැකපු එකෙක් ඇහුවා "යකෝ උඹ බැඳලත් උයන්න දන්නෙ නැද්ද කියලා". එදායින් පස්සේ නෝනට කියලා උයන හැටි ඉගෙන ගත්තා.
ReplyDelete“මා හරි උගතා මා හරි ජගතා සිතනා මිනිහා මෝඩයෙකි“
ReplyDelete@ බුද්ධි,
ReplyDeleteකඩෙන් ප්ලේන්ටියක්වත් බීල බලපන් ඉඳල හිටල, එතකොට තමයි ගෙදර හදන ප්ලේන්ටියෙ, බත් එකේ රහ හොඳටම තේරෙන්නෙ.
ඕර්නය නැන්දම්මගෙනුත් කෑම කනව වගේ.. හෙ හෙ...
ReplyDelete// මුගේ වයිෆ් ට, කතන්දර හාමිනේ එයාගේ වැඩපොල ඉස්සරහා කඩෙන් බත් පැකට් එකක් ගන්න වෙලාවක හම්බ වුනොත් මොනවා නං නො කියයි ද? // අහයි .." ඇයි අනේ මහත්තය ගෙදරින් කන්න ඉල්ලන්නැද්ද ? " කියල
ReplyDeleteමට නම් හාමිනේ ඔතල දීපු බත් එකක් අරන් වැඩට ගිය එක්ස්පීරියන්ස් එකක් ඇත්තෙම නෑ... අපි පවුල් පංසල් වෙලා දැන් අවුරුදු අටක් විතර වුනා වුනා... බාගයක්ම අපි හිටියෙ කරදිය වලල්ලෙන් දෙපැත්තෙ... අනිත් බාගෙ හිටියෙ වැඩපොලෙ ඉඳන් දවල්ට ගෙදර ඇවිත් කාල යන්න පුලුවන් දුරින්....
@ All
ReplyDeleteසියළු දෙනාටම ස්තුතියි. සතියේ දවස් නිසා වෙන වෙනම උත්තර බඳින්න අමාරුයි.
මේ පෝස්ට් එකේ ජොලිම වැඩේ තමයි, පේලි අතරේ කතාව කියලා, පේලි උඩ මං ලියපු කතාව හැමෝම අල්ලා ගැනීමයි.
ඒ එක්කම ඇනෝ අක්කා ගේ කතාවටත් මට හොඳටම හිනා ගියා. මංතුමා පොරක් බව දැකලා ඇනෝඅක්කාට දුක හිතිලා වගෙයි.
ඇනෝ මතක් කර ඇති වික්ටර් රත්නායක ගේ "මා හරි ජගතා, මා හරි උගතා" කියන සින්දු පදයට පිළිතුරු ගීතය මෙන්න.
ගව තෙල් නොදමයි රන් බඳුනේ.... (සීටී ප්‍රනාන්දු)
මම මේ කතාවටත් වඩා එයට දමා ඇති කමෙන්ට්ස් රස වින්දෙමි.
ReplyDeleteමිනිස්සු හිතන හැටි විවිධාකර බව එයින් පෙනේ. "කඩෙන් කෑම" යන්න සමහර අය වෙනත් අර්ථයක් ඇති (ඩබල් මීනින්ග්ස් කියල සමහර කාන්තාවන් හඳුන්වන සහ අහන්න ආසා කරන) පදයක් ලෙසත් තේරුම් ගෙන ඇති බවත් පෙනේ.
කියන්නා කෙසේ කීවත් අසන්නා තමන්ට සාපේක්ෂව අසන බව මේ කතාවෙනුත් පැහැදිළිය.
මට පෙනෙන ලෙසට ඇනෝ අංක එක දී ඇති අවවාද වලංගු නැත. මේ කතන්දරවල රසය වැඩි කිරීමට කතන්දර කාරයගේ බෝස්ටින් හේතු වී ඇත. (මේවා කතන්දර බව අප තේරුම් ගත යුතුය. අපි කුඩා කාලයේ සිංහල පාඩම් පොතක තිබුනු පිඹුරාගේ පිට උඩ හැදිල තිබුන පොල් ගහෙන් කුරුම්බා බීපු සීයාගේ කතාව ඒ ඇනෝට පුළුවන්නම් හොයාගෙන බලන්න).
අසන්නාගේ සාපේක්ෂ බව කියන්නේ මේකය.
කලකට පෙර මගේ මස්සිනාට වාහන පිස්සුවක් හැදිල තිබුනා. (තවමත් එයාට ඒක ඇති. ඒ වුනාට මිනිහට දැන් සල්ලි හිරවෙලා). ඒ දවස් වල එයා හිටියේ මහියංගනේ (එයා කරන්නේ නේවාසික රාජ්යට සේවයක්) ඉතින් දවසක් කාර් එකක් ගන්න නුවර ගිහිල්ල රෑ වෙනකොටත් පොර මිසිං. ඒ දවස්වල මොබයිල් පෝන් පාවිච්චිය සිරා පොරවල් වලට සීමා වෙලා තිබුනෙ.
දැන් කවුරුත් කලබල වෙලා. මොකද මෑන් සල්ලි සාක්කුවෙ දාගෙන ඇවිත් තිබුනෙ. කියන්න බෑනෙ මේ කාලෙ.
පහුවදා උදෙත් පොර නෑ. මටත් දැන් මෑන් හොයන්න යන්නයි හිත. මං බොසාගෙන් නිවාඩුවක් ඉල්ලුවා. හේතුව කිව්වම බොසා කියනවා "කලබල වෙන්ඩ එපා. ෂුවර් එකට මිනිහට .............ක් සෙට් වෙන්ඩ ඇති. අද දවල් වෙනකොට එයි."
මීට ට්‍රැපික් දෙවියන්ගේ කපුරාළ
[[මේ පෝස්ට් එකේ ජොලිම වැඩේ තමයි, පේලි අතරේ කතාව කියලා, පේලි උඩ මං ලියපු කතාව හැමෝම අල්ලා ගැනීමයි]]
ReplyDelete"හැමෝම"? ඒ කියන්නේ අපේ ගෙස් එකත් වැරදි ද?
මට ඇනොවා [අක්කා කීමෙන් කාන්තාවන් පහත් කොට දැමෙන නිසාවෙන්, මේ අමුතු සත්ව ප්‍රභේදයට විද්‍යාත්මක නාමයක් දෙමු] අංක එක ගැන දුක තමයි මේ පොස්ට් එකේ පොර ටොක නැති එක ගැන කතන්දරට ප්‍රශංසා කිරීම.
කොහෙද මැටි කොකෝ මං මේකෙ "පොර" ටෝක් නෑ, කියල කිව්වෙ. මං කිව්වෙ කතන්දරේ හොඳ බවත් "පොර" ටෝක් අඩු කරන්න කියලනෙ. උඹ ඔය වෙලකට වෙලා, මාලුවෙක් දෙන්නෙක් බා ගෙන හිටහන්කො, දුක් නොවී.
ReplyDelete@ Ano
ReplyDelete@ Sujeewa
බුදු අම්මෝ ළමයි ගහ ගන්න නං එපෝ.
මංතුමා නං වලියට බර පොරක් නෙමේ!
http://kathandara.blogspot.com/2009/11/blog-post_19.html
apinam ithin kadenma tamai......
ReplyDeleteකතන්දර තුමා වගේම මං තුමාද උදෑසන රාජකාරි දවසට කැන්ටිමේ (රස?)මසවුලු බුදින්නේය.
ReplyDeleteහැබැයි ඒ නම් තුමී හා තුමා පැට්ටා ව උදේ ඇහැරවීමට ඇති අකමැත්ත නිසා වේ..