Sunday 31 July 2011

අර්ජුන රණතුංග ගේ විහිළු සැපයීම - Arjuna Ranatunge acts joker


කතන්දරකාරයා අනුර කුමාර දිසානායකගෙන් ඇසූ ප්‍රශ්නය ගැන ලියපු මගේ පොලිටිකල් බ්ලොග් කතන්දරේ මතකයි නේද?

ඒකට ආපු රෙස්පොන්ස් එක නරකම නැති හින්දා මේ දෙවෙනි කෑල්ලත් ලියල දාන්න හිතුණා ඔන්න ඔහේ!

කොහොමටත් ඉරිදා ට සන්ඩේ ඇක්ස්ට්‍රා ස්පැෂල් එකක් දාන එක මං දැන් කාලයක් තිස්සේ කරගෙන එන වැඩක් නොවැ.

මං පහුගිය ඉරිදා කියපු විදියට, ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය නැවත නගා සිටුවීමමේ සංවිධානයේ රැස්වීිමකදි තමයි මං අනුර කුමාර දිසානායකගෙන් රිටෝරිකල් ප්‍රශ්ණයක් ඇහැව්වේ.

අනුරකාරයා ගේ ෂෝයි උත්තරේ ඉවරවෙනවාත් එක්කම මං ආපහු නැගිට්ටා දෙවෙනි ප්‍රශ්ණේ අහන්න.

ඒ දෙවෙනි ප්‍රශ්නයට නිමිත්ත වුනේ මෙන්න මේකයි.

මං මේ ප්‍රජාතන්ත්‍රවාදේ නැවත පිහිටුවමු රැස්වීමට එනකොට ඒක පටන්ගන්න නියමිත වෙලාව ඇවිත් තිබුණ වුනත්, මුලින්ම අපිට පෙන්නුවේ වීඩියෝවක්.

මතක ඇතිනේ දැන් අවුරුදු දෙකකට විතර කලින් ලංකාවේ විරූපවාහිනී නාලිකාවල සහ සමහර රේඩියෝවල උදේ හවා ගිය "ආයුබෝවේවා මහරජාණෙනි!" කියන බයිලා එක. සහේලි ද කවුද කියන ගෑල්ලමේක් තමයි මේක කියන්නේ.

අන්න ඒ සින්දුව තියෙන වීඩියෝ එකක් තමයි මුලින්ම ගියේ ජනහමුවේ ඇපිටයිසර් එක විදියට.

අනුරකුමාර ලා, අර්ජුන ලා කතාකරන දේශපාලන වේදිකාවක මේ "ආයුබෝවේවා මහරජාණෙනි!" සින්දුවේ වීඩියෝ එකක් දාන එක නිකං අප්සැට් අප්සැට් වගෙයි කියල නේද හිතෙන්නේ මේ කතන්දරේ කියවන කොට?

වැඩේ මේකයි. මේ වීඩියෝ එකේ පසුබිමෙන් මේ "ආයුබෝවේවා මහරජතුමාණෙනි!" සින්දුව තිබුණට, විෂුවල් එකේ ඉන්නේ අපේ රජතුමා හෙම නෙවෙයි. කවුදෝ ආමි පොරක්, එහෙට යනවා, මෙහෙට යනවා, බටයින් ගේ ආචාර පෙළපාලි බලනවා, යුද්ධ කරනවා, කපටි සූට්ටෙක ඇඳන් පන්සල් යනවා වගේ සීන්.

හොඳට බැලින්නම් මේ යන්නේ සරත් ෆොන්සේකා ගේ ඉලෙක්ෂන් කැම්පේන් එකේ වීඩියෝ එකක්. ඒකට සහේලි ගේ "ආයුබෝවේවා මහරජාණෙනි!" සින්දුව ඩබ්කරලා.

http://youtu.be/Q4XQeFKKhpU

ඉතිං සතරවරං බඹුන් ගේ පිහිටෙන් අපිටත් රජෙක් පහලව ඇතේ කියලා සහේලි කියන කොටම සරත් මාමා දත් පෙන්නලා විරිත්තනවා.

ඔන්න එතකොට තමයි මට මීටර් වුනේ මේ පොලිටිකල් රැස්වීමේ ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය නැවත පිහිටවමු කියන ස්ලෝගන් එකට අමතරව දෙවෙනි සටන් පාඨයකුත් තියෙන බව. ඒක තමයි සරත් ෆොන්සේකා වහා නිදහස් කරගනිමු කියන එක.

මගේ දෙවෙනි ප්‍රශ්ණයට නිමිත්ත වුනේ මේ වීඩියෝ එකයි.

"අනුර, මං කැමතියි තවත් ප්‍රශ්ණයක් අහන්න. ඔබේ කතාවේදී ඔබ කිව්වා අපේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය නැතිවෙලා තියෙන බව. ඒකට හේතුව පැහැදිලියි. මොකද දැන් ආපහු බිහිවෙලා තියෙන්නේ රාජාණ්ඩුවක් නේ!

දැන් මේ රැස්වීම පටන් ගන්න කලින් මම දැක්කා එක්තරා වීඩියෝවක් ප්‍රදර්ශණය කරනවා. එතෙන්දී අප දැක්කේ ආයුබෝවන් මහරජාණෙනි කියන ගීතය පසුබිමෙන් ඇහෙද්දී සරත් ෆොන්සේකා රඟපාන දර්ශණ කීපයක්.

මේ වෙලාවේදී මට මතක් වෙනවා 1994 මැතිවරණ සමයේදී රූපවාහිනී කතාවක ඔබේ පක්‍ෂයේ කාන්තා අපේක්‍ෂිකාවක් කළ එක්තරා ප්‍රකාශයක්.

ඇය එදා කිව්වේ, ඒ 1994 මැතිවරණයේ දී පොදු පෙරමුණ බලය ඉල්ලන්නේ 1977 සිට අවුරුදු දා හතක් තිස්සේ යුඇම්පීය රට කාගෙන, කාගෙන, කාගෙන ගිහින් නවත්තපු තැන ඉඳලා අපිට රට කාගෙන, කාගෙන, කාගෙන යන්න බලය දෙන්නය කියලාය කියන එකයි.

අපි හැමෝම දන්නා පරිදි පස්සේ ඇත්තටම සිද්ධ වුනෙත් ඒකයි.

මෙතන පෙන්නුව ඒ වීඩියෝ එක දැක්ක වෙලාවේ මටත් ඇතිවුනේ ඒ හා සමාන ප්‍රශ්ණයක්.

දැන් රාජාණ්ඩුවක් බිහිවීම නිසා නැතිවෙලාය කියලා ඔබ කියන ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය ඔබ ආපසු පිහිටුවන්න යන්නේ, දැන් ඉන්න රජා වෙනුවට, ඒ සින්දුවම දාගෙන, වෙන රජෙක් පත්කරගෙනද?"

මගේ මුල් ප්‍රශ්ණය වගේම මේ දෙවෙනි ප්‍රශ්ණයත් මං ඇහුවේ උත්තරයක් ඕනැවට නෙමේ. මගේ මතය ඉඳිරිපත් කරන්නයි.
මගේ ප්‍රශ්ණයට අනුරකාරයා ට කට කොණකින් පොඩි හිනා කෑල්ලක් යනවා වගේත් මං දැක්කා.

ඒ හින්දද කොහෙද මේකට උත්තර දෙන්න ඉදිරිපත් වුනේ අර්ජුනකාරයායි.

"ඔබතුමා හරි!" අර්ජුන කිව්වා.

මට ෆුල් ත්‍රිලක් ආවා.

මාරයි නේ. මෙන්න බොලෝ මෙච්චර බලගතු අර්ජුනකාරයාත් මට ඔබතුමා කියනවා.

ඒ මදිවට මං හරි ලු!

හැබැයි ඒ ජොලිය තිබුනේ තත්පර කීපයයි.

අර්ජුන විහිළු සපයන්න හොඳින් දන්න කෙනෙක් බව මට වැටහෙනවාත් එක්කම ඒ ජොලිය නැතිවෙලා ගියා.

මෙන්න අර්ජුන රණතුංග ගේ උත්තරේ. මට වැටහුණු විදියට මගේ වචනවලින්.

"ඔබතුමා හරි, මෙච්චර කල් වැඩ සිද්ධ වුනේ එහෙම තමයි.

හැබැයි මේ පාර ඒ සේරම වෙනස්.

මං ෆොන්සේකා තුමාව හුඟක් ලඟින් ආශ්‍රය කළා පසුගිය කාලේ. එතුමා නිකං බෝධිසත්වයෙක් වගේ ගුණවත් කෙනෙක්. දූෂණය පිටු දකින කෙනෙක්."

මට වැටහුණු විදියට ඒ අර්ජුන රණතුංග කිව්වේ අළුත් රජතුමාව රජ කොරෝලා, ප්‍රජාතන්ත්‍රවාදය නැවත පිහිටෙව්වාම, ලංකාව නිකං කේතුමතී පුරේ වගේ වෙනවා, ඒ ගැන කිසිම සැකයක් නෑ, ඉර හඳ වගේ විශ්වාසයි, කියලයි.

මගේ දූෂ්රා එකට අර්ජුන ලෝන්ග් ඕන් හරහා හයේ පාරක් දුන්නේ එහෙමයි.

-කතන්දරකාරයා

ප/ලි:
ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය පිහිටුවන්න කරන්න තියෙන්නේ එක දෙයයි.

ඔන්න ඔහේ අර්ජුනව ක්‍රීඩා ඇමති කරලා දාන්න, අයියෝ.

ප/ප/ලි:
කේතුමතී පුරය කියන්නේ සියළු ධන ධාන්‍යයෙන් සශ්‍රීක උටෝපියාවක්. ජේ.ආර්. රජ්ජුරුවන් ගේ කාලේ ලංකාවේ බිහිවුණු කේතුමතිය ගැන සුනිල් ආරියරත්න ලියා නන්දා නැන්දා ගැයූ සින්දුව මෙන්න.

http://www.sinhalajukebox.org/cgi-bin/smi.cgi?s=A0170173C01

දන්සල් දොරෙහි නැත යදියෝ
සල්පිල්වලය පුරවැසියෝ
පන්සිල් රකිති මැරවරයෝ
මේ කේතුමතී නුවරයි
මේ කේතුමතී නුවරයි

නොමැත ඇසක කඳුලක් නොවැටුනොත් රොඩු කැබැල්ලක්
දකිණු නොහැක ලේ බිඳුවක් නොමලොත් මකුණෙක් මදුරුවෙක්
මළ බැඳුණු ගිණි දණ්ඩේ දැල් බඳිති මකුළු සේනා
වෙඩි හඬ අසනු රිසි දනෝ පුපුරවති අහෝ රතිඤ්ඤා

මැරුණත් මේ පුරේ - මේ මනරම් සමේ
උපදින්න මතු වාසනා
උපදින්න මතුවාසනා

දස රජ දම් හි නිති පැවතී
නරපති ඇමති වඩන රුතී
සත වෙත පතල මෙත සදතී
මේ කේතුමතී නුවරයි
මේ කේතුමතී නුවරයි

රැකෙයි අකුරට නීතිය
දෙයක් දේ නම් යම් සුදුස්සාටම අයිතී වී ඇත
නැත අක්‍රමිකතා වැඩේ සුහදතා සුන්දරතා සුවතා
හෝ සැපයි සැපයි මෙපුර විසුම නම්
මැරුණත් මේ පුරේ - මේ මනරම් සමේ
උපදින්න මතු වාසනා
උපදින්න මතුවාසනා

කියමින් නිබඳ ගී මියුරූ
දකිමින් අවට රූ සොඳුරූ
සතුටින් රඟති මේ නුවරූ
මේ කේතුමතී නුවරයි
මේ කේතුමතී නුවරයි

නැත මුදලේ වටිනාකම්
බුහුමන් කරයි ශිල්ප ශාස්ත්‍රයටම
නැත පවුල්වාද, පිල් බේද, කුලවාද, දෑ වාද
නැත බදුබර, පවුල් බර ජීවන බර
මැරුණත් මේ පුරේ - මේ මනරම් සමේ
උපදින්න මතු වාසනා
උපදින්න මතුවාසනා

දන්සල් දොරෙහි නැත යදියෝ
සල්පිල්වලය පුරවැසියෝ
පන්සිල් රකිති මැරවරයෝ
මේ කේතුමතී නුවරයි
මේ කේතුමතී නුවරයි

64 comments:

  1. ඔන්න ඔහේ එහෙමනම් ඒකත් කරලා දාමු...
    කව්ද අනේ අකමැති ඔහොම පුරවරයක ජිවත් වෙන්න....

    ReplyDelete
  2. ඒකනේ අර්ජුන අයියාට ක්‍රිඩා ඇමතිකම දුන්නනම් අහවරයි නේ. ;)

    කේතුමතු රාජධානිය ගැන හොද විස්තරයක් තියෙනවා කොටුගොඩ ධම්මාවාස හාමුදුරුවෝ ලියපු "කේතුමතී රාජධානිය" කියන පොතේ..

    ReplyDelete
  3. අර්ජුන රණතුංග - දක්ෂ ක්‍රිකට් ක්‍රීඩ්කයෙක්, එකාධිපතියෙක්, ඉන් පොලොට්‍රික්ස් හී ඉස් ඇන් අටර් ෆේලීයර්... ක්‍රිකට් පරිපාළනයට විරුද්ධව සහෝදර සමාගමේ තව එකෙක් සමඟ සිරසේ සඳුදා රැට පොරි හැලෙන්න දෙයි.. හිටපු ලේඛම් ගැන වචනයක් නැත..

    නන්දා මාලනී - ජේ. ආර් ට. ප්‍රේමදාස ට විරුද්ධව සටන් කළ කොල්ලන්ට සත්‍යයේ ගීතය නමින් බයිලා විමුක්තී ගී ගයා උන් ෆෝම් කොට මරා දමා.. 2005 සිට ඇය හා සුනිල් පැතු ළෝකය ගොඩනගා අද සිරස සමඟ ස්වේත රාත්‍රිය සමග ආතල් ගනී..

    උනුත් එකයි, මුනුත් එකයි, කොයි එකත් එකයි.. අවස්ථාවාදි මිනිස්සු...

    ReplyDelete
  4. මාතලන් අයියා කිව්වා වගේ,

    ""උනුත් එකයි, මුනුත් එකයි, කොයි එකත් එකයි.. අවස්ථාවාදි මිනිස්සු...""

    හරියට හරි අවස්ථාවාදී මිනිස්සු [දේශපාලකයෝ].
    හැමෝම අපිට ආදරේ බලය ගන්නකන් විතරයි.

    ReplyDelete
  5. බලේට එන හැමෝම රජ වෙනවා අපි බලු වෙනවා. දැන් ඉන්න අය ගිහින් අලුත් අය ආවත් ඕක ඔහොමමයි :D

    මේ ඉපිය කියෙව්වාම මහානාම දිසානායක යන්ගේ දවල් මිගෙන් රෑ දනියෙල් කියන කවිපොතේ 20 වෙනි පිටුවේ තියන මේ කවිටික මට මතක් වුනා. කවුරුත් බලේට එන්නේ මේ ටික කරන්න තමයි :D

    පොරජාතන්තරේ
    ඉතා කදිම මන්තරේ
    නැතිබැරියන් ගෙ කරපිට
    ඉණිමං කරගැනීමට

    අසුනක් තරඟ කොට
    දිනා ගන් මැතියෙකු හෝ
    ඇමැතියෙකු හෝ වූ පසු
    සියලු වස් දොස් ඉවරයි

    ඉටු කළ නොහැකි බොරු
    පොරොන්දු දී බලය ලැබ
    නැඟ ගත් පසු මුදුනට ම
    ඉනිමඟ පෙරලා බිමට

    පළමු ව තම අයට
    දෙවනු ව නෑදෑයනට
    තෙවනු ව පන්දම්කාර
    නිවටයන් හට තනතුරු

    පුදන්නට පමණක්
    නොව තමා ද සරු සාර
    වන හැටි දන්න එකෙකි
    එ පොරජාතන්තරයා

    ReplyDelete
  6. සුනිල් ආරියරත්න ‍ගේ පද වැල් ටික නම් මල් මසුරන්....

    ReplyDelete
  7. සුනිල් ආරියරත්න මාමයි, නන්දා මාලීනී නැන්දයි 89 න් පස්සෙ මැරුණද?

    ReplyDelete
  8. සත්‍යයේ ගීතය විසින් කොල්ලන් ෆෝම් කළ බවත්, එවකට දේශප්‍රේමී ජනතා ව්‍යාපාරය නමින් ක්‍රියාත්මක වූ බලල් අත ශක්තිමත් වීමට එය මහත් පිටුබලයක් වූ බවත් සත්‍යයකි. එහෙත් එය අයින්ස්ටයින්ගේ සොයාගැනීම් හරහා අධිරාජ්‍යවාදීන් යුධ ශක්තිය වැඩි කර ගත්තා වැනිය.
    වගකීම සුනිල් ආරියරත්නයන්ට හෝ නන්දා මාලිනියට පැවරීම අයුක්තිසහගතයි නේද?

    ReplyDelete
  9. @ All
    මට එකක් කියන්න අමතක වුණා. පහුගිය අවුරුද්දේ අග හරියේ නන්දා නැන්දගේ ෂෝ එකක් බලන්න ගියාම එයා නං කතා කොලේ දැන් කේතුමතී රාජධානිය බිහිවෙන්න ඔන්න මෙන්න වගේය කියලයි!

    ReplyDelete
  10. මේ ව දකිනකොට අර කවුද බෝයි කියල කාටුන් එක් ගියේ සිරසෙ... අන්න ඒකෙ තිබුනා නියම සිංදුවක්..

    ඒ කාලෙ ඉදල වෙච්ච කතාවක් මේ
    අපට කොරනවැයි කියලයි කියන්නෙ
    දිනපුවාම ඒ කට්ටිය උඩින් යයි
    කොරපු අඒයො කොර ඇන ඇන බිමින් යයි

    තාප්පවල එල්ලී ගෙන සිටින්නේ
    ආප්ප වගෙ මූඋ සුදට තියෙන්නෙ
    කේප්ප හරකුන් කතිරය ගහන්නෙ
    රීප්පෙකින් දෙන්න තමයි හිතෙන්නෙ

    තව කෑල්ලක් තියෙනව වගේ මතක නෑ...

    ReplyDelete
  11. ඔය කේතුමති පුරේ බිහිවෙද්දී අපි ඉඳියිද අයියේ?

    ReplyDelete
  12. පොලිටික්ස් වලට කැමති නැති හන්දා කමෙන්ට්ස් ඔලුවට එන්නේ නෑ..:)

    ReplyDelete
  13. අනේ බන් ඕක කවදාවත් වෙන දෙයක් නෙවේ මේ යන විදිහට ඔය කේතුමතී පුරේ ලංකාවටනං ප්‍රායෝගික නෑ

    ReplyDelete
  14. "මාතලන් අයියා කිව්වා වගේ,

    ""උනුත් එකයි, මුනුත් එකයි, කොයි එකත් එකයි.. අවස්ථාවාදි මිනිස්සු...""

    හරියට හරි අවස්ථාවාදී මිනිස්සු [දේශපාලකයෝ].
    හැමෝම අපිට ආදරේ බලය ගන්නකන් විතරයි."

    Hi didn't single out politicians there...
    He meant we all...
    Including the "beautiful minds" of Sinhala-bloggers...

    ReplyDelete
  15. හැබැයි අර්ජුන ක්‍රිකට් ගැන කියන දේවල් නං 100% ඇත්ත. කතන්දරටත් සුමතිපාල ගොයියගෙන් කුට්ටියක්වත් වැදුනද මන්දා... හික්

    ReplyDelete
  16. @ Anonymous /July 31, 2011 12:37 PM

    ඔහු අදහස් කළදේ ඔබ හොඳින් දන්නේ කෙසේ දැයි මම නොදනිමි ;)

    ඔව් ඔබ නිවැරිදි වන්නට පුළුවන, ඔහු අදහස් කරන්නට ඇත්තේ එය විය යුතුය. මා මගේ කමෙන්ටුවෙන් දෙන්නට උත්සාහ කරන්නට උත්සාහ කළේ මගේ අරථ කථනයයි. නමුත් මම එහේදි උපකල්පනයක් කළ බැව්ද පිළි ගනිමි.

    ""Including the "beautiful minds" of Sinhala-bloggers... ""

    HA HA :D

    ගැලපෙන ඔළුවට දාගන්නට තොප්පි විසි නොකර කියන්නට ඇති දේ කෙළින්ම කිව්වානම් වඩා අගේ යැයි සිතමි. [හරි ශෝයි තොප්පිය වුනාට, අහක යන තොප්පි ඔළුවේ දමා ගන්නේ නැති බැව්ද කරුණාවෙන් සළකන්න]

    හිතේ තරහ තියා ගන්නේ නැතුව ඕක පිට කරලා දැම්මනම් අහවරයි නෙව :D

    ReplyDelete
  17. පහුගිය අවුරුද්‍ද අග හරියෙදි කේතුමතී රාජධානිය බිහිවෙන්ඩ ඔන්න මෙන්න වගේ තියෙද්දිනෙ මේ කොටි හිතවාදීන් දේශද්‍රෝහීන් විපක්ෂය ඩයස්පෝරාව ආදී මෙකී නොකී එවුන් ඇවිත් බාල්දි පෙරලුවේ. නැත්තං මෙලහකටත් වැඩේ ගොඩ.

    ReplyDelete
  18. නන්දා මාලිනී ගයපු තව කේතුමතී ගීයක් තියෙනවා,

    "සිංහල හාලේ බත පිසෙනා සුවඳින්
    ගෙපැලක් ගානේ විලවුන් ගල්වන දා
    අප වෙසෙනා මේ සිංහල දීපය
    කේතුමතී නම් රාජධානියයි..."

    ඔන්න ඔහොම එකක්
    මේක 70 දසකයේ ශ්‍රී ලංකා ආන්ඩුව දියත් කල වගා සංග්‍රාමයට තල්ලුවක් දෙන්න හදපු සින්දුවක්. :D

    ReplyDelete
  19. ඕගොල්ලො නොදන්නව උනාට ඔය කේතුමතිය බිහිවෙලා ඉවරයි. මෙහෙම උන්නට මාත් ඒකෙ කේතුමතියෙ උපන්න ජීවත් උන (ටික කලක් ) කෙනෙක්.

    ප/ලි උපන් ස්ථානය පානදුර කියලයි ඒත් උප්පැන්නෙ නම් තීන්නෙ!

    ReplyDelete
  20. කතන්දර, ඔයා කිව්වට අර්ජුන හයෙපාරක් හෑහුව කියල, මට තේරෙන විදියට මෑන් හිට්විකට් වෙලා තියෙන්නෙ

    ReplyDelete
  21. මට නම් මතක් උනෙ ...
    "රාලෙ බැඳපන් ආපෙ පැඟිරා....
    රාලෙ බැඳපන් කිරි පුස්සා... " ගීතය තමයි....

    එක රජෙක් එලවන්න හදන්නේ තව රජෙක් පත්කරගන්න මිසක්... ප්‍රජතන්ත්‍රවාදය බිහි කරවන්න නම් නොවේ කියන එක පැහැදිලියි...

    මේක අර්ජුන ගැන: ලොකයක් වටින මනුස්සයෙක් දේසපාලනේට ඇවිත් කිච වෙලා.. අර රන්ජන් මඩුගල්ල මහත්තය වගේ ලොකෙටම / ක්‍රීඩාවට සේවයක් කරන්න හිටපු මනුස්සයෙක්...
    SF ව දේසපාලනයට ගෙනල්ල ඒ මනුස්සය නැති කලා වගේ අර්ජුනව දේසපාලනයට ගෙනාපු අයත් ලොකෙටම කරල තියෙන්නේ පාඩුවක්...

    ReplyDelete
  22. නළුවෝ මාරු උනාට ගහන සින්දුව එකයි.

    ReplyDelete
  23. balan gihama hodai kiyala kawruth naa nea !!!!

    ReplyDelete
  24. SFට ජය වේවා !!

    ReplyDelete
  25. මෙහෙම සැහැල්ලුවට අරගෙන ඉඳලමත් හරියන්නෙ නැහැ. මොනව හරි හොයල බලල කරන්නත් වෙයි මං හිතන්නෙ.
    අර්ජුනල හරි අනුරල හරි කරනකන් කියල හිටියොත් නං හරියන්නෙ නැති වෙයි.
    අර්ජුනට දේශපා‍ලනේ පුළුවන් වුනානං, වෙන එකක් තියා අනර්කලීටත් පුළුවන් වුනානං, අපිට කියල බැරිවෙන එකකුත් නෑ.

    ReplyDelete
  26. හැමෝම එකම බෝට්‍ටුවේ කට්ටිය....
    SF ආවත් ඉතින් ඔච්චර තමා...(සමහර විට මීටත් වැඩි වෙන්න පුලුවන්)

    ReplyDelete
  27. ඔන්න මට දිග කොමෙන්ටුවක් ලියන්නට හිතුනා. අකමැති ළමයි ඇස් පියා ගන්න.

    කතන්දර ඇතුළු කොමෙන්ට් කරුවන් ඔක්කොම නගන ප්‍රශ්නය ගැන මට පේන්නේ වෙනස් ඇහැකින්. මොකද අවුරුදු තිස් ගානක් මේ විදිහේ රටක ඉඳලා මටනම් මෙහි සඳහන් කිසි කෙනෙකු ගැන පුදුමයක් නැහැ. අර්ජුන, නන්දා, සුනිල්, අනුර, ඇතුළු මේ ඔක්කොම කරන්නේ සාමාන්‍යයෙන් මිනිසුන් කරන දේවල්. මේ ගොල්ලන් අර්ධ වශයෙන් රැවටී අර්ධ වශයෙන් අනුන් රවටන්න උත්සාහ දරමින් ඉන්නේ [අර්ධ කිව්වේ 50% කියලා නොවේ]. කිසියම් ගැටලුවක ස්ටේක් හෝල්ඩර් වෙන ඕනෑම කෙනෙක් හැසිරෙන්නේ මෙහෙමයි. මේ මානව හැසිරීමේ හැටි.

    තමන්ගේ හැසිරීමේදී මෙහෙම උනාට මිනිසා අනුන්ගේ හැසිරීමෙන් බලාපොරොත්තු වන්නේ මේක නොවේ පුර්ණ පරමාදර්ශී කම. බලන්න කීයක්‌ කොමෙන්ට් කරුවන් මේ ගැන වික්ෂිප්ත වෙලාද? කතන්දර අර්ජුනට විහිළු කාරයා කියන්නේ මොන පදනමින්ද? මෙතන අර්ජුන විහිළුකාරයෙක් නම් එදා පටන් ලංකාවේ උන්නු නායකයින්ට කඩේ ගිය අනික එව්වෝ විහිළුකාරයින් නොවේද? එහෙමත් නැතිනම් ඔය පරමාදර්ශී ටෝක දෙන විජේ ඩයස් ලා විකාරබාහුලා වෙනුවෙන් මේ විදිහට හිතාන ඉන්න එව්වෝ විහිළු කාරයින් නොවේද?

    අර මරියා මග්දලේන වගේ, මෙතන අර්ජුනකාරයාට ගලක් ගහන්නට හැකි එකෙක් දේශපාලනේ ගැන කතා කරන මේ බ්ලොග් අඩවියක වත් ඉන්නවද?

    දෙශපාලානේ පරමාදර්ශ හොයන එක තරම් දැවැන්ත විහිළුවක් තවත් නැහැ.

    පළමුවෙන් ම පරමාදර්ශ කියන්නේ අනන්තයක්. මේක ලබා ගන්න බැහැ. ඒ ඒ වෙලාවලදී ඒ ඒ මිනිසුන් ගෙනෙන මතයකින් අපි පෝෂණය වෙනවා. මතය මිස මිනිසා අහුලා නොගන්න. මතය සමග [එකඟ වන නොවන ප්‍රතිශත සමගින්] ඉන්න. මතය කියූ කෙනා ඉන් නිදහස් කරන්න. එහෙම නැතුව පුද්ගල වන්දනා කරමින් ඒ මනුස්සයා සදා කාලිකව ඔබ විසින් තැනු පරමාදර්ශී දෙවොලේ දෙවස්වරුපයෙන් ඉන්න ඕනේ කියා හිතන්න එපා.

    දෙවනුව පරමාදර්ශ යනු හිතළු. එකෙක් හරිය කියා හිතන හර පද්ධතිය වෙනකෙකුට අනුව වෙනස් [මායි කතන්දරයි පගාව ගැන හිතන විදිහ වගේ]. ඉතින් මේ මිලියන විස්සක් වෙච්චි තමුන්නාන්සේලාගේ හිත අස්සේ තියෙන ඔය ස්ටැන්ඩඩ් ඔක්කොම කොම්ප්ලයි කරමින් කොහොමද අප්පා නන්දක්කලා සුනිලයියලා ජීවත් වෙන්නේ. මදිවට තව සින්දුත් කියන්නේ?

    තෙවනුව මේ දේවත්වයට දාගෙන වන්දනා කරන පුද්ගල චරිත වලටත් තියෙනවානේ දේශපාලන මත. ඒවාත් අපේ ඒවා වගේ වෙනස් වෙනවනේ. 88-89 හිතපු හැටියටම හැමදාම ඉන්න බැහැනේ. මං 94-95 කාලේ හිතුවේ ඩෙනිම් අඳින්නේ රස්තියාදුකාරයෝ කියලා. අද එහෙම බැලුවොත් මාත් එයින් එකෙක් නේ. ඉතින් මේ දෙවියන් කියා හිතන් ඉන්න මිනිස්සු ඔබට විරුද්ධ මතයකට යන්නේ හැමදාම රජාගේ කුට්ටියකට හෝ පට්ටමකට නොවේ. ඔබ හරියි කියා නොහිතන ඔවුන් හරියි කියා හිතන දාර්ශනික හේතු මතත් ඔවුන් එහෙම කරනවා.

    [අප්පට සිරි මේක දිග වැඩිලු. ඔන්න දෙකට කැඩුවා. ඉතිරිය ඊළඟ කොමෙන්ටුවේ]

    ReplyDelete
  28. [මෙන්න ඉතිරිය]

    88-89 කාලේ සුනිල් ලියු නන්දගේ පවනේ සත්‍යයේ ගීතයේ ගැයුණු ඉහත ගීය වැනි ගීත වලින් එවකට අවි ගත් තරුණ පිරිස නියෝජනය වුනා නේ. මේ තරුණ පිරිස මුලික දර්ශන කිහිපයක හයිබ්‍රිඩ් එකක්. එක දර්ශනයක් තමයි සමාජවාදය. තව එකක් දූෂණ ඥාති සංග්‍රහ විරෝධය, තව එකක් දේශප්‍රේමය [දනිස් ගැස්ම වර්ෂන් එක] කවුරුත් දන්නා පරිදි ජේ ආර් ලොක්ක ඕකේ අනික කොනේ නේ උන්නේ. අන්ත ධනවාදී විදිහට "උන්ගේ නෑදෑයින්ගේ පක්ෂය" තර කරමින් උන්නා මදිවට ඉන්දියාවට කඩේ ගොහින් "රට පාවා දුන්නා" [දේශප්‍රේමීන් ගේ දනිස්සට කකුලෙන් ඇන්නා]. ඔන්න සිය කෝකිල හඬ විවර කරනවා අපේ නන්දක්ක. දැන් මෙතුමිය මේ සින්දු කිව්වේ සමාජවාදය වෙනුවෙන් ද, දුෂණ විරෝධය වෙනුවෙන් ද. නැතිනම් දේශප්‍රේමයටද? ඔන්න ඔතනයි ප්‍රශ්නේ. මොකද අද ඔය දර්ශන තුන එක තැනක නැහැ. ඉතින් අපි හිතමු නන්ද ඔය සින්දු කිව්වේ දනිස් ගැස්ම දේශප්‍රේමයට කියලා. අද ඔබ දන්නවනේ ඒ මතය තියෙන්නේ දුෂණ විරෝධේ ඔපොසිට් පැත්තේ. ඉතින් ඔන්න දුෂණ විරෝධීන් බනිනවා නන්දගේ අද මතවලට.

    සම්භාව්‍ය සිංහල සංගීතය කියා අපි බොහොමයක් පෙම් කරන සින්දු පවුලේ ගායක ගායිකාවන් ගණිකාවන් කරන පාර කපන්නට කපුගේ නැග්ග නේද සන් ෆ්ලවර් වේදිකාවට. ඒ කාලේ මල කොන්ටෙනර් වලින් ඇද්දේ. අන්තිමට හේතුව බැලුවම, මොන තරම් පරිත්‍යාග ශීලිද? [මං ඔය කපුගේ කාරය දුන්නු ලනුව් ගිලින්නේත් නැහැ. ඔය කොලෙක්ෂන් එකෙන් එක්තරා % එකක් සුගතපාල ගොයියටයි ඉතිරිය මෙන්ඩිස් ගොයියටයි යන්න ඇත්තේ. අපි නොදන්න කපුගේ]

    කොටින්ම 88-89 කාලේ ජේ ඩී එස් කාරයාගේ ජර්මන් ගෙදර ඉඳං ලංකාවේ ඝාතන ගැන යූ එන් එකාට කියන්න ගිය මනුස්සයාට එරෙහිව අද ජේ ඩී එස් කාරයා අර්ධ-අසත්‍ය චෝදනා කොට යූ එන් කාරයා වාර්තාවකුත් හැදුවේ.

    මං හිතන්නේ දේශපාලනේ ප්‍රායෝගිකයි. අපේ තීරණ ප්‍රායෝගික විය යුතුයි. පට්ට තියරි දාන එක ජෝක් එකක්.

    මිනිසා කියන වසම් වාසී සතා ගේ තරමක් විශාල රංචුවක ලීඩර් නාම්බන් කරන දේශපාලනේ කියන පරිනාමික සංසිද්ධිය අස්සේ පරමාදර්ශ සොයමින් ඒව නැති එක ගැන හඬමින් ඉන්න එක තමයි ලොකුම විහිළුව කියා මට හිතෙන්නේ. අවාසනාවට මිනිසාගේ අසම්පුර්ණ හිත ඉල්ලන්නේ සම්පුර්ණත්වය වගේ.

    ප.ලි.: හුටා මේක මං ආපහු කියෙව්වම හිතෙනවා කට්ටිය හිතයි කියා මං හංස-වාදියෙක් කියා. ඇත්තෙන්ම ඔය හංසාගමනය තමයි මෑත ඉතිහාසේ ලංකාවේ සිද්ද වෙච්ච බොළඳ ම දේශපාලන සංසිද්ධිය [අනර්කලියාගමනය ටත් වඩා]. මේක රන් කලේ සුපර් ස්ටාර් වගේ. අනික මං ඔය ෆොන්සේකාගේ දේශපාලන කටයුතු ගැන බොහොම අප්පිරියාවෙන් බලන්නේ එතුමා කිව්වා කියා මා හිතන [එයාගෙම හඬ පටි "සිරස" ටී වී එකෙන් දැක්කේ] සුදු කොඩි කතාවෙන් පස්සේ. ඉතින් මං මේ කිව්වේ අර්ජුනයා සිරාය නැතිනම් ෆොන්සේකා සිරාය කියා නොවේ. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ අර්ජුනගේ නොවේ. කතන්දර හා මෙයින් වික්ෂිප්ත වන කට්ටියගේ.

    [සමාප්තයි - ස්තුතියි]

    ReplyDelete
  29. ඔන්න ඇස් පියා ගත්තා. ඇහැරලා බලනකොට ඊලඟ කමෙන්ටුවත් ඒකමයි....:D:D:D

    ReplyDelete
  30. @ දේවා ගේ අඩවිය
    @ ChammA
    ළඟදිම ඒකත් වෙයි වගේ, ඔහොම බලාන ඉන්නකෝ.

    ReplyDelete
  31. @ මාතලන්
    /* උනුත් එකයි, මුනුත් එකයි, කොයි එකත් එකයි.. අවස්ථාවාදි මිනිස්සු... */
    අපෝ රජතුමා නං එහෙම නෑනේ, නේද? මාතලන් කාලේ හිටපු රජාලා වගේ නෙමේ මේ විසි එක්වෙනි සියවසේ හරිශ්චන්ද්ර ලා.

    ReplyDelete
  32. @ malansamarawickrama
    දාන්න පහක්. හැබැයි ඒ ආදරේ පෙන්නීමක් විතරයි.

    ReplyDelete
  33. @ පූසා
    එදත් අදත් කවදත් යුනිවර්සල් සත්යය.

    ReplyDelete
  34. @ සොඳුරු සිත
    පදවැල් මසුරන් මකවලා, මාලයක් හදන්න ගියාම, හෙට්ටිවීදියෙන් කිව්වා මාත්තු රත්තරන් කියලා.

    ReplyDelete
  35. @ Outsider
    මැරුනේ නෑ, කෝමා එකක ඉන්නේ. සමහර විට නැගිටියි!

    ReplyDelete
  36. @ Anonymous 1
    අපොයි ඔව්. කියන්නා කෙසේ කීවත් අසන්නා සිහි බුද්ධියෙන් ඇසිය යුතුය කියලා මගේ ආච්චීත් ඒ දවස්වල නිතරම කියනවා.

    ReplyDelete
  37. @ පොඩි මෑන්
    Thanks for that.

    ReplyDelete
  38. @ prasanna86k
    අපොයි ඔව්, නැතුව නැතුව. අහන්න කෝ අර්ජුන අංකල්ගෙන්.

    ReplyDelete
  39. @ Podi Kumarihami
    ඔයාගේ ඔළුවට එන්නේ මොනවාද මෙයා?

    ReplyDelete
  40. @ කිඩෝ
    Welcome to the real world, Kid!

    ReplyDelete
  41. @ Anonymous 2
    I am sure Maathalan meant only politicians. Anyway, you are entitled to your own interpretation.

    ReplyDelete
  42. @ Anonymous 3
    එහෙම කුට්ටියක් ලැබෙනව නං මොනව කරන්න බැරිද? දෙන්නං කෝ ජම්බෝලවලින්.

    ReplyDelete
  43. @ Anonymous 4.
    Well said, mate. ඇයි බැංකි මූණා?

    ReplyDelete
  44. @ Anandawardhana
    ස්තුතියි. ඒ එක්කම අර සුනිල් ලියූ ජනරජ ගීයත් ඒ වගේ එකක් තමා.

    ReplyDelete
  45. @ ඉන්දික උපශාන්ත
    සමහරු ඇති මේ ලෝකේ නොවේ නව ලෝකෙක, නැත්තං හදට යන රොකට් එකක වගේ තැන්වල ඉපදුණු!

    ReplyDelete
  46. @ Anonymous 5
    ඇත්තරම කියනවනං පොර බෝල් ටැම්පරිං වලටත් වග කියන්න ඕනෑ.

    ReplyDelete
  47. @ නදුන් උයන
    කියනුම කවරේද?

    ReplyDelete
  48. @ kandyan
    ඇයි ඉතිං නළු බට්ටෝත් අද ඒ පැත්තේ, හෙට මේ පැත්තේ නේ!

    ReplyDelete
  49. @ Anonymous 6
    ඇයි මංතුමා. දෙන්න කෝ මට බලේ. කොරලා පෙන්නන්නං!

    ReplyDelete
  50. @ Tharaka
    රජ වෙනකං ඉවසලා ඉන්න මෙයා.

    ReplyDelete
  51. @ Anonymous 7
    මේ මොනවා කියනවද, ඒකනේ මේ මාත් ටික ටික ඇන්ටර් වෙන්නේ සීන් එකට.

    ReplyDelete
  52. @ චතූ......
    අපොයි නෑ, පිස්සුද, අහන්න කෝ අර්ජුන ගෙන්.

    ReplyDelete
  53. @ Sujeewa Kokawala
    ටිකක් වෙලා යයි මේකට උත්තර බඳින්න නං.

    ReplyDelete
  54. බෝම කැමැත්තෙන් කියෙව්වෙ බ්ලොග් එකයි, 'කට' දාපු වයි

    ReplyDelete
  55. පොඩ්ඩියේ;

    [[ඔන්න ඇස් පියා ගත්තා. ඇහැරලා බලනකොට ඊලඟ කමෙන්ටුවත් ඒකමයි]]

    ඔන්න එහෙනම් ආයිත් ඇස් පියා ගන්ටෝ. දෙයා ශුඩ් බී සම් ලයිට් ඇට් දි එන්ඩ් ඔෆ් ද ටනල් නේ මෙයා.

    ReplyDelete
  56. ane yako thopi hamadama maharajatama kade palyau gon rala

    ReplyDelete
  57. @ Sujeewa Kokawala
    /* විජේ ඩයස් ලා විකාරබාහුලා වෙනුවෙන් මේ විදිහට හිතාන ඉන්න එව්වෝ විහිළු කාරයින් නොවේද? */
    විජේ ඩයස් ලා ව, බාහුව පරමාදර්ශයක් විදියට ගන්න අය ඉන්නවා නං ඒ ගොල්ලෝ ඉන්න ඕනෑ, විජය කුමාරතුංග ගේ මහජන පක්ෂනයේ.

    /* අර මරියා මග්දලේන වගේ, මෙතන අර්ජුනකාරයාට ගලක් ගහන්නට හැකි එකෙක් දේශපාලනේ ගැන කතා කරන මේ බ්ලොග් අඩවියක වත් ඉන්නවද? */
    අපොයි ඉන්නවා, ඇයි අර කතන්දරකාරයා ගැන අහලා නැද්ද?

    /* මං 94-95 කාලේ හිතුවේ ඩෙනිම් අඳින්නේ රස්තියාදුකාරයෝ කියලා.
    */
    අනේ පව්! දැන් ඔයා හිතං ඉන්න ඒවාත් තව අවුරුදු දහයකින් පාලහකින් කොච්චර වෙනස් වෙයිද, නේද?

    ReplyDelete
  58. @ @ Podi Kumarihami
    ඔබ නිදන්න ඔබ නිදන්න සුවෙන් සැතපිලා

    ReplyDelete
  59. @ @Dayal Bathee
    ස්තුතියි දයල් බතී ළමයා.

    ReplyDelete
  60. @ Anonymous 8

    Ow, ow, den inna maharaja gen passe eelanga maharaja. Ara YouTube eke inne.

    ඔන්නං රතුලූනු නිකං කන්න පුළුවන්. නැත්තං හොඳ සම්බොලයක් හදලා කන්න පුළුවන්. එක ලිපියක කොනක් බලලා කියන කතා ගැන කියන්න තියෙන්නේ එච්චරයි.

    ReplyDelete
  61. [[විජේ ඩයස් ලා ව, බාහුව පරමාදර්ශයක් විදියට ගන්න අය ඉන්නවා නං ඒ ගොල්ලෝ ඉන්න ඕනෑ, විජය කුමාරතුංග ගේ මහජන පක්ෂනයේ]]

    සසපේ නසසපේ නෙවෙයිද? පක්ෂයක ඉන්න ම ඕනෙද?

    [[අපොයි ඉන්නවා, ඇයි අර කතන්දරකාරයා ගැන අහලා නැද්ද?]]

    :)

    [[අනේ පව්! දැන් ඔයා හිතං ඉන්න ඒවාත් තව අවුරුදු දහයකින් පාලහකින් කොච්චර වෙනස් වෙයිද, නේද? ]]

    ලෝකය ගැන අප හිතන විදිහ වෙනස් විය යුතුයි නේද? හැම දවසකම අපි දෙයක් ඉගෙන ගන්නවා. ඒ එක්ක අපි හිතන විදිහ වෙනස් වීමෙන් අප වඩාත් යහපත් විදිහට හිතන්න පෙළඹෙනවා.
    මෙහෙම වෙන්නේ මනුස්සයාගේ දැනුමේ අඩුවක් නිසා නොවේ.

    තමන් බොහෝ දැනමුත්තන් කියා හිතන අය මෙහෙම වෙනස් වෙන්නේ නැතුව මතවාදයක් අල්ලන් පුරසාරම් දොඩවනවා. තමන් දැනමුතු නිසා තමන් හිතන විදිහට ලෝකය වෙනස් විය යුතුයි කියා නේ ඒ ගොල්ලෝ කියන්නේ.

    හැබැයි මගේ කතාවේ මුලික කරුණු පැත්තක තියලා ඔයා මේ උත්තර දුන්නේ අයිසින් කෑල්ලටනේ.

    ReplyDelete
  62. කපුගේ කියන්නේ සිරා මනුස්සෙයෙක් ඵ්වගේ කෙනෙකුට මඩ ගහන්න පුලුවන් දේසපාලන කුහකයෙකුට විතරයි
    අනික 88-89කලේ රටට ඈත්තටම ආදරයන්කරපු මිනිස්සු තමා ඉස්සරහට ආවෙ.
    ඵ් කලෙත් දෑන්වගේම නපුන්සක කුහකයො කලේ තමුන්ගේ තත්වෙ ගොඩනගගෙන ගෝනිබිල්ලට ඈදපු ඵක.
    ඵ යුගය ගෑන ඵවයේ මූලයන් ගෑන හොයන්නනෑතුව ප්‍රතිපල ගෑන විතරක් කියවන ඵක තක්කඩිකම.
    අනික ඵ්වගේ බීශනයක් ඈතිනොවෙනතෑනට වගබලාගන්න UNPනායකයන්ට හොදටම ඉඩතිබ්බා.ඵ්ත් උන් කලේ ප්‍රශ්නය ඔඩුදුවනකන් ඉදලා මර්දනය කරපු ඵක.

    විජේවීරලා වගේ බුද්දිමතුන්ට පුස්සො බයයි.

    ReplyDelete
  63. එහෙනම් ඒකත් එහෙමයි ,,

    ReplyDelete

මා ලියූ කතන්දරයට අදාල නැති කරුණු ඔබේ ප්‍රතිචාරවල ඇතළත් නොකරන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

අදහස් වාරණයක් නොකෙරේ. කුණුහරුප සහ තුන්වන පාර්ශවයන්ට නින්දා කෙරෙන ප්‍රතිචාර ඉවත් කෙරෙනු ඇත.