Saturday 8 January 2011

අසව්! අසව්!! ශාස්තෲ ආතල් කතන්දරේ පිළිබඳ පැහැදිලි කිරීමයි


පෙරේදා මං දාපු "W3Lanka එකේ පරා ගේ පිහිටෙන් ඇනෝනිමස් නැති ආතල් එකක් ගැනීම හෙවත් ටැබූ කාරයා ට වැරදුණ (තවත්) තැනක් හෙවත් ඉන්ද්‍රනාම නමැති හිටපු ජෙප්පා ගේ වැඩ කිඩ හෙවත් ශාස්තෲ" කියන පොස්ට් එක ගැන පොඩි පැහැදිලි කිරීමක් කරන්නයි මේ හදන්නේ.

මගේ කතන්දර බ්ලොග් ටෙම්ප්ලේට් එකේ හැටියට ආපු කමෙන්ට්ස් වලට රියල් ටයිම් නොකරොත් වෙන වෙනම උත්තර බඳින්න බෑ. සේරම එක ගොඩටයි යන්නේ. වැඩ කරන දවස් නිසා ඒ විදියට රිප්ලයි කරන්න වෙලා නෑ. ඒ නිසයි මේ වෙනම ලිපියක් ලියන්නේ.

මුලින්ම කියන්න ඕනැ, මං පෙරේදා දාපු පෝස්ට් එකෙන් පොඩි පරීක්‍ෂණ කිහිපයක් කළා ය කියන එක. ටයිටල් එකෙන් පටන් අරගෙන අන්තර්ගතයේ සමහර කොටස් වලින් පවා.

ටයිටල් එක අද කාලෙට ඔබින, නමුත් ඒ පෝස්ට් එකට අදාල, වචන ටිකක් දාලා ඔච්චර දිගට සෙට් කෙරුවේ තනිකරම හොඳින් කැපී පෙනෙන්නටයි. ඒ පරීක්‍ෂණය සාර්ථකයි. මාස පහලොවක මගේ කතන්දර බ්ලොග් ඉතිහාසයේ දවසකට ලැබුණ වැඩිම හිට්ස් ගාන ලැබුණා පෙරේදා.

ආපු කමෙන්ට් වලින් මං දැක්කා සමහරු මගේ උප්පැන්නේ තියෙන නම හොයන්න හදල තියෙන හැටි. හැබැයි, පෙරේද පොස්ට් එකට මං දාපු ටයිටල් එකේම තිබුණ කෑල්ලක් තමයි "ඇනෝනිමස් නැතිය" කියන එක.

මං කවුද කියල දන්නෝ දනිති නේ. ගිය පාර සිංහල බ්ලොග් සංසදයේ සුහද හමුවෙදීත් කීදෙනෙක්ව හම්බ වුනාද? මේ පාර සුහද හමුවට එන්න බැරි වුනත්, ඊට කලින් සුමානෙ අපේ ගෙදරටම ආව බ්ලොග් ලියන, කියවන අර දහ දෙනෙක් විතර.

ඉතිං අහවල් දේකට යැ මගේ නම හොයන්න ඔච්චර මහන්සි වෙන්නේ.

ජොලිම වැඩේ කියන්නෙ මගේ නම ගැන කමෙන්ට්ස් දාපු අය ඒවා දාලා තියෙන්නේ ඇනෝ ලා විදියටයි. ඒ ගොල්ලන්ට ඇනෝනිමස් ආතල්. මට ඇනෝනිමස් නැති ආතල්. දැන් ඔය මගේ නම හොයන්න ලින්ක්ස් එක්ක ඇනෝ කමෙන්ට්ස් දාපු අයගේ නම් හොයන්නේ කවුද මන්දා?

ඊ ලඟට කතන්දර බ්ලොග් එක ගැන කියන්නම්.

එකක් දෙකක් ඇරුනහම, 2009 ජුලි මාසෙ පටන් ගත්තු දවසෙ ඉඳන් මං මේ බ්ලොග් එකේ දාපු හැම පෝස්ට් එකකින් ම උත්සාහ කලේ සරල වින්දනයක් එක්ක පොඩි කතන්දරයක් කියන්නයි.

මං මේ වැඩේට බැනුම් අහන තරම් ලොකු කාලයක් ගත කරනව. නමුත් හිතේ ජොලියක් මිස දුකක් නෑ, ඒ කැපකිරීම ගැන. වෙනදා ස්ට්‍රෝබෙරී ජැම් කාපු හැටි ගැන හරි, ලෝ කට් බ්ලවුස් ගැන හරි, සීය සාස්තර අහපු හැටි ගැන හරි ලියපු කතන්දරවලට වඩා පෙරේද දාපු පෝස්ට් එක වෙනස් වුනේ, ඒකේ මගේ විවිධ බක පණ්ඩිත මත, ආගිය විත්ති, උපුටා ගැනීම් වගේ දේවල් හැර වෙනත් සුවිශේෂී කතන්දරයක් නොතිබීමයි.

=======මගේ අදහස වටහා ගැනීම පහසුවෙනු පිණිස පසුව එකතු කරන ලදී.======
බ්ලොග් කියන වචනේ හැදිලා තියෙන්නේ වෙබ්-ලොග් කියන වචන වලින්. මං දන්න දරමින් ඒ කියන්නේ බ්ලොග් වල ප්‍රථම භාවිතය තමයි තමන් ගේ එදිනෙදා වැඩ කටයුතු පිළිබඳ වාර්තා තැබීම සහ තමන්ට හිතෙන දේවල් ලිවීම. මෙච්චර කල් කතන්දර ලියපු, තාත්ත අසනීප වුණු වෙලාවේත් ඒ ගැන කතා ලියපු, තාත්තා මිය ගිය වෙලාවේ කවියක් දාපු මං, මේ විවදාත්මක බ්ලොග් පෝස්ට් එකෙන් කලේ මගේ, අදහස්, එදිනෙදා ගමන් බිමන් යනාදිය ගැන ලිවීමයි. මීට කලින් මං එගෙම කරල තියෙන්නේ අන්තිම අඩුවෙන්. අර අවමංගල ස්තුතියේ දී විතරයි මට මතක හැටියට.

මාත් ආසයි දින සටහන් ලියන්න මගේ මති මතාන්තරත් එකතු කරලා.
============================================================

ඒ ලියපු ටිකට, එදා ගෙදර එනකොට හවස් වුණා, ගෙදර උයන්න එලවළු තිබුනේ නෑ, වැස්ස නිසා කඩේ යන්න කම්මැලියි, පරිප්පුයි සැමනුයි උයල කෑව, කබඩ් එකේ තිබුණු පරණ "හැනපියර්" බාගයක් තිබිල ඒකටත් වග කිව්ව, ඉන් පස්සෙ ඉහේ ඉඳල පොරවගෙන හොදටම නිදාගත්ත වගේ කෑලි ටිකකුත් දැම්ම නං වචනයේ අර්ථ-පරිසමාප්තාර්ථයෙන් ම මේක වෙබ්-ලොග් එකක් කරන්න තිබුණා.

අනෙක් කාරණය තමයි, මං හැදුවේ ශාස්තෲ පොත ගැන විචාරයක් කරන්න නෙමේ. මං පැහැදිලිවම කියල තිබුණනේ ඒ වැඩේ සමහර විට වෙන කෙනෙක් කරයි කියල.

මං මීට කලිනුත් පොත් ගැන පොඩි හැඳින්වීමක් දීල, ඒවායින් පොඩි පොඩි දේවල් උපුටා දක්වන එක කරල තියෙනව. සිව් සිත් කව් පොත ගැන එක පාරක් නෙමේ දෙතුන් පාරක්ම සහ තිරස තරණ පොත ගැනත් එකපාරක්.

ඒ පෝස්ට් ගැන ආපු නැති විරෝධයක්, මේ ශාස්තෲ ගැන ලියපු වෙලේ එන්නේ, අටවක පුත්තු ගැන හොඳ විචාරක් ලියපු ටැබූ සර්, ශාස්තෲ ගැන දෙඤ්ඤං බැටේ විචාරයක් ලියපු හේතුව වගේ මන් නොදන්න හේතුවක් හින්දයි කියල හිතන එක අසාධාරණයි මගේ හිතේ!

කීප දෙනෙක්අකමැති වෙලා තියෙන්නේ, මං ශාස්තෲ පොතෙන් උපුටලා පෙන්නපු සෘංඝාරාත්මක ඡේද දෙක නිසා වෙන්න ඕනැ. ඒ අයව දාන්න ඕනැ අර ගවුම්වල දිග හොයන කෙමිටියට හරි ඒ වගේ වෙන එකකට හරි.

ඔය අතර ටැබූ ලියල මං මඩ ගහනව කියල.

මගේ නං එහෙම අරමුණක් තිබුනෙ නැහැ කිසි විටකත්. මං මීට කලිනුත් ටැබූ ගැන කියවෙන කතන්දර එකක්, දෙකක් නෙමේ තුනක්, හතරක් විතර ලියල තියෙනව. ඊට අමතරව ටැබූ ගේ පෝස්ට් වල තියෙන නොයෙකුත් දේවල් ගැන විරෝධතා දක්වල තියෙනව.

මේ පෙරේද දාපු පෝස්ට් එකේ මං ටැබූ ගැන ලිව්වේ කාරණා තුනයි. ඒවා මඩ නෙමේ.

එකක් ලව් සහ කසාද ගැන ටැබූ ලියූ "තියරිටිකල්" ලිපිය සහ එයට මා, රංග සහ තවත් කීප දෙනෙක් දැමූ කමෙන්ට් වල සංක්‍ෂිප්තයක්. දෙවැන්න, පොත් ලිවීම නිශ්ඵල වැඩක් යැයි කියන ටැබූ ගේ කතාවට දැඩි විරෝධයක්. තුන්වැන්න, ටැබූ "අටවක පුත්තු" ගැන හොඳ විචාරයක් ලියා "ශාස්තෲ" ට වෙනත් හැන්දකින් බෙදුවේ ඇයි දැයි කියා ඇසූ අවංක ප්‍රශ්ණයක්. නැවතත් මේවා මඩ නෙමේ. මං ටැබූ ලියු ලිපිවල 'ඇන්ටි' වචනයට හෝ 'කටා' නමැති ගුරුවරයා ගේ කේස් එකට පෙන්වූ විරෝධය හා සමාන ඒවා.

අවසාන වශයෙන් කියන්න තියෙන්නේ මේකයි. මං ජීවිතේටම එක දවසක් විතරක් දැකල තියෙන, අජිත් පැරකුම් ජයසිංහ ලියල පල කරපු, මං රුපියල් 250 ක් දීල අරගෙන කියෝපු, ශාස්තෲ කියන නවකතා පොත මගේ සිත ගත්තා. මං ඒ ගැන මගේ බ්ලොග් එකේ ලිව්වේ අජිත් පැරකුම් කියන්නේ අපේම සහෝදර බ්ලොග් කාරයෙක් හින්දයි.

එච්චරයි!

-කතන්දරකාරයා

ප/ලි
මං කලින් දවසක කමෙන්ට් එකක ලිව්ව වගේ මං ලියල ඉවර කරපු කතන්දර දහයක් තව තියෙනව. බාගෙට ලිපු ඒව පහක් විතර තියෙනව. ලියන්න තියෙන ලයිස්තුවේ 60+ තියෙනව.

ඉතිං, මගේ කතන්දර ලෝලීන් ට දුක් වෙන්න දෙයක් නෑ. සඳුද ඉඳන් බිස්නස් ඈස් යූෂුවල්!

39 comments:

  1. රසික සූරියආරච්චි මහත්තයා තමන් දන්න සරල කතන්දර විතරක් ලියලා ඉන්නෙ නැතිව තමන් නොදන්න බහුසෘත කම් පෙන්නන්න ගිහින් නිකං නාගත්තා නේද?

    ReplyDelete
  2. @කතන්දර,

    1. මා උපුටා දක්වන විට විකෘති කිරීම් නොකරන ලෙස මම මීට පෙර ඉල්ලා සිටියෙමි. එසේ කාරුණිකව ඉල්ලා සිටීමෙන් පසුව නැවත එසේ කිරීමෙන් පෙනෙන්නේ එක්කෝ ඔබ ඒ ඉල්ලීම ගණන් නොගෙන "තෝ කවුද ඩෝ මට කියන්න?" වැනි ආස්ථානයකට ගොස් ඇති වගය. නැතිනම් ඔබට සරල සිංහල නොතේරෙන බවය. මා ලියුවාය ලියුවේ නැති කාරණා මෙසේ පුන පුනා ලියන විට ඒවා නිවැරදි කිරීම සඳහා වෙනම කාලයක් ගත කිරීමට සිදුවේ. එය මට කරදරයකි. කරුණාකර තේරුම් ගන්න.

    2. 'නවකතාවක්ය' කියන 'ශාස්තෲ' කියන පල් හෑල්ලෙන් ඔබ වින්දනයක් ලැබුවා නම් ඒ වින්දනය ගැන ලියන්න. හොඳ පොතක් නම් හොඳ පොතක් වුණේ ඇයිද කියන්න. නැතිව අරකා කිව්වේ මෙහෙමයි මේකා කිව්වේ මෙහෙමයි අඩෝ, තෝ වැරදියි කියා බැණ අඬ ගසා ගැනීම් වලින් වලකින්න.

    3. ටැබූ 'අටවක පුත්තු' හොඳ නවකතාවකැති කිසි තැනෙක කියා නැත. මෙය ඔබේ සිංහල වටහා ගැනීම ගැන වූ ගැටළුවකි. ඔබ විකෘති කළ මේ කාරණය පොදු පාඨකයාගේ දැන ගැනීම සඳහා, ටැබූගේ විනිශ්චයේ සාරාංශය නැවත මෙහි පළ කරමි.

    විනිශ්චය: අටවක පුත්තු කියන්නෙ එක හුස්මට මුල සිට අගට කියවන්න පුලුවන්, පාඨකයාට ප්රෙහේලිකාවක් නොවන අපූරු පොතක්. ඒත් සම්මාන දෙන්න තරම් සුවිශේශ ක්රුතියක් කියන්න නම් හැකියාවක් නැහැ. ඔහුගෙ අතීතයෙ රෝමෑන්තික තක්සේරුව හා ටැබූ එකඟ වෙන්නේ නැහැ කොහොමටවත්. අටවක පුත්තු කියන්නෙ ගැහැනු ලමයි වත් මලගිය ඇත්තෝවත් නෙවෙයි. අඩුතරමින් ටැබූ සාපේක්ෂව අසාර්ථක නවකතාවක් කියා හිතන යුගාන්තයවත් නෙවෙයි. කතුවරයා, ලියනගේ අමරකීර්ති, ඒ. වී. සුරවීර ‘නවකතා නිර්මානය හා විචාරය’ පොතේ ඉරි ඇඳ පෙන්නා දෙන වැරදි ගනනක් කරනවා. (ඒ. වී සුරවීර පොරක් කියනව නෙවෙයි.)

    සම්පූර්ණ ලිපිය: http://taboosubjects.wordpress.com/2010/05/05/145


    3. අනෙක අටවක පුත්තු හොඳ වුණත් නැතත් එය හොඳ වීම හෝ නැතිවීම වෙනත් නවකතාවක් පල් හෑල්ලක්ය කීමට බාධාවක් නොවේ. මේ දෙක අතර ඇති සම්බන්ධය මට නම් පේන්නේ නැත.

    4. ටැබූ මේ පොත් දෙකටම කැමති හා අකැමැති කාරණා පැහැදිළිව ලියා ඇත. නැතිව "මේ මා දන්නා කෙනෙක්ය, එනිසා ලිවාය" වැනි ඔබ කියන කාරණා මත ලියු දෙයක් නොවේ ඒ සටහන. මේ පොත් දෙකේම ලේඛකයන් ටැබූ පෞද්ගලිකව නොදනී. දැන ගන්ට ඕනැකමක්ද නැත.

    අවසාන වශයෙන් 'ශාස්තෲ' මොනතරම් හරසුන් බොල් කතාවක්ද කියා ඊට රුපියල් 250 වැය කරන්ට වූ මැට්ටෝ මැට්ටියෝම තේරුම් ගනිත්වා! (ගෙදරට ටොයිලට් පේපර් ඕනෑම නම් ඒවා රුපියල් දෙසිය පනහට අඩු මුදලකට මිළට ගත හැකිය!)

    ReplyDelete
  3. ඒ පොත තැපෑලෙන් ගෙන්වා ගන්නේ කොහොමද ?
    එහෙම නැත්තන් ගෙදර යන ගමන් එයින් පොතක් මටත් ගෙනත් දෙන්න පුළුවන්ද ? (පුළුවන්නම් තව සිංහල නවකතා පොත් 2ක් 3ක් එක්ක )

    ReplyDelete
  4. මම ඊයෙ දාපු කමෙන්ට් එකක කොටසක්

    I have a feeling that you have a good, reasonable and well acceptable response for all the criticism aimed at you.

    ReplyDelete
  5. තමන්ගේ බ්ලොග් එකේ තමන්ට කැමති දෙයක් ලියන්න පුලුවන්. ඒත් කෙනෙක් /දෙයක් ගැන හොඳක් නරකක් ගැන ලිව්වොත් කට්ටියකට සතුටුයි තවත් කට්ටියකට තරහයි කීප දෙනෙක් ඉන්නවා මොනවා උනත් ගානක් නැති. මොනවා කරන්නද එක එක අයගේ අදහස් එක එක විදිහයි.
    අයියා කියල තියෙන්නේ මෙච්චර කාලෙකට ලැබුණු වැඩිම හිට්ස් ගාන ඒ ලිපියට ලැබුණයි කියලා. ඉතිං ඒ කියන්නේ කවුරු අකමැතියි කිව්වත් ගොඩක් අය ඒ වගේ ලිපි වලට ආස ඇති ;)

    ReplyDelete
  6. කකා ගෙ ඔරිජිනල් පෝස්ට් එක ගැන මම නම් කොමෙන්‍ටුවක් දැම්මෙ උපහාසයට මිසක් අපහාසයකට නම් නෙමේ.

    මම නම් කලින් ලියල තියන්නෙ නෑ. ඒ වෙලාවෙ උනු උනුවෙන් දෙන්නෙ. සමහර දවසට උදේ නැගිටිද්දි යාලුවෙක් කවුරු හරි SMS කරල මචං "අර අරහෙ වෙච්ච සීන් එක" ලියපන් කියල. ඔන්න එතකොට එදාට ලියන්නෙ ඒක තමා.

    ReplyDelete
  7. මොකටද අනුන්ගෙ කතා වලට හොට දාන්නේ... කියවල බලල සද්ද නොකර යන එක තමයි දැන් කරන්න වෙන්නේ ...

    අනික බ්ලොග් ලිපියක් ලියන එක බිස්නස් එකක් ද? //සඳුද ඉඳන් බිස්නස් ඈස් යූෂුවල්!//

    ReplyDelete
  8. රසික මහත්තයෝ , තමන්ට අනෝනිමස්ව හරි අනවර්ථ නාමයකින් හරි අන්තර්ජාලයේ රැඳෙන්න ඕනනම් අන්තර්ජාලයේ හැසිරෙන විදිහ පොඩ්ඩක් කල්පනා කරලයි කරන්න ඕන.
    මම ඔබගෙ නියම අනන්‍යතාවට අඳුනාගත්තේ මීට සෑහෙන කාලෙකට කලින්.අවශ්‍ය නම් මට ඒ කාලෙදිම ඒක කියන්න තිබුනා.නමුත් ඔබතුගෙ සමහර අමුතු මාර්කටින් ක්‍රම නිසයි මම කලින් ලිපියෙදි ඒක එළිදරව් කලේ.මොකද ඔබතුමා අර අලුත් මොඩල් එකේ ඇඳුමක් ඇඳගත්තු රජ්ජුරුවො වගේ හැසිරෙන්න ගත්ත නිසා.
    මොනව වුනත් මම ඔබතුමාගැන ගෞරව කරන දෙයක් තියනවා ඔබතුමා විවේචන ඉවත් කරන්නෙ නෑ.එහෙමත් නැත්නම් නින්දිත විදිහට පැනල යන්නෙ නැහැ ටැබූ එහෙමත් නැත්නම් බයෙන්ද ප්‍රේෙම වගේ. මොකද උත්තර නොදී නිකම් ඉන්න එක එක දෙයක්.නින්දිත විදිහට පැනල යන එක තව දෙයක්.

    ReplyDelete
  9. අපේ බ්ලොග් අවකාශෙ ප්‍රභල බ්ලොග් ලියන්නො ගාන 1500ට විතර වැඩි උනොත් කෝමද ඔය සහෝදරකම් තියාගන්නෙ..පිස්සු...මේ බ්ලොග් ලියන මිනිස්සුන්ට අයි ඩී හදන්න යන්න එපා...මම පෞද්ගලිකවම දන්නව මගේ සමහර පෝස්ට් දමන්නත් කලින් මේකට හිට් නෑ කොමෙන්ට් නෑ කියල.... ඒත් ඉන්න70ට හරි වෙනස් අදහසක් දෙන්න ඕනි..පණිවිඩයක් දෙන්න ඕනි..හෝ මෝඩ ආතල් එකක් දෙන්න ඕනි වෙලා,, මට ලියන්න කම්මැලි හිතුනෙ නැත්නම් එතන පෝස්ට් එකක් ඇති...

    ReplyDelete
  10. මේ සිංහල බ්ලොග් වල ඉන්න එවුන් මරා ගන්න එකමනේ කරන්නේ... මුං ලංකාවේ දේශපාලුවොන්ට වඩා අන්තයි... පිස්සු යක්කු...

    ReplyDelete
  11. අතිශයින්ම සාර්ථකයි කතන්දර...
    බ්ලොග් කරණය යනු නිකන්ම නිකන් ලියනවාට වඩා ඒතුලින් හරවත් අත්හදා බැලීමක් කරන්න ඔබ පෙරමුණ ගැනීම කතන්දර පාඨකයෙක් ලෙස මගේ ප්‍රශංසාවට.

    ReplyDelete
  12. තෝරු මෝරු හැප්පෙන කොට හාල්මැස්සන්ට හරි ජොලිලු..

    ReplyDelete
  13. @ සොඳුරු සිත,

    "අනික බ්ලොග් ලිපියක් ලියන එක බිස්නස් එකක් ද? //සඳුද ඉඳන් බිස්නස් ඈස් යූෂුවල්!//"

    "බිස්නස් ඈස් යූෂුවල්" කියන්නෙ ව්යාපාරයක් කරනව කියන අදහසින් නෙමේ."සුපුරුදු පරිදි" කියන එකයි එයින් හඟවන්නෙ.

    ReplyDelete
  14. මාත් priyantha.ඒබී එක්ක එකඟයි. මනුස්සයෙක් වුනාම තමන්ගෙ අදහස් කෙලින් කියන්න පුරුදුවෙන්න ඕනෙ. සමහරවිට අහන කෙනාගෙ හිත රිදෙන්න පුලුවන්. ඒත් ඒකෙන් එයාට හොඳක් සිද්ධවෙනවා නම්............

    ReplyDelete
  15. කතන්දරගේ බ්ලොග් කියවා රසවිදිම හැර ඔහු කවරෙක්ද කියා සෙවීම හෝ අනෙකුත් කාරනා ගැන සෙවීම නිශ්පල කාරනයකැයි මම සිතමි.

    ReplyDelete
  16. @වත්,
    ‍හොද වැඩේ අනුන්ගෙ කතාවලට කටදාන්න යනවට... :D මමත් මේ කල්පනා කලේ මීටපස්සෙ ඇනෝනිමස් විදියට කොමෙන්ට් කොරන්න.. හරිම ලේසි ප්ලෑන් එකක්.. කවුරුහරි බැන්නත් අපට නෙවෙයි වගේ ඉන්න පුළුවන්නෙ.. :)

    @හැක්ක්‍රිෂ්,
    ඒක අපේ ජාතියෙ පුරුද්දනෙ බං.. :)

    ReplyDelete
  17. //ශාස්තෲ කියන නවකතා පොත මගේ සිත ගත්තා. මං ඒ ගැන මගේ බ්ලොග් එකේ ලිව්වේ අජිත් පැරකුම් කියන්නේ අපේම සහෝදර බ්ලොග් කාරයෙක් හින්දයි.//
    සිද්ද උනේ ඒච්චරයිනෙ. එතන අමනාප වෙන්න දෙයක් නෑ.
    එතකොට මේ ආරවුල් එන්නෙ කොතනින්ද? හිතල බලන්න ඕනෙ.

    මේ ඉල්ලීම දෙවෙනි ඇනෝට. පුළුවන්නම් අපිටත් කියලා දෙන්නකෝ අන්තර්ජාලයේ හැසිරෙන විදිහ ගැන. අපි දැනට නම් කරන්නේ හිතට එකඟව අපි කැමති දේ වෙනුවෙන් පෙනී ඉන්න එක. තව විධි තියෙනවද දන්නෙ නෑනෙ.

    @ වත්,
    "අනුන්ගෙ කතා වලට හොට නොදා ඉන්න..."
    ඇනෝනිමස් කියන්නේ ලංකාවේදී පුරුෂලිංග. ඕක තමා පිරිමි අපේ හයිය. ඒක ගෙදර/ඔෆිස් එක/ජාලය කියලා වෙනසක් නෑ. මම හිතන්නෙ මේක හැරිල යන්න ඕනෙ එකක් නෙමේ. හැප්පෙන්න වටින මැණික් ගලක්.

    ReplyDelete
  18. @සියළු දෙනාටම
    මේ දවස් හරිම බිසි කාලයක්. හරියට උදේ හයට ඔටෝ පබ්ලිෂ් වෙන්න දාල ගෙදරින් ගිහින් ආවෙ හවස් වරවේ. කමෙන්ට්ස් වලට එවෙලෙම රිප්ලයි කරන්න වෙලාවක් හොයා ගන්න බෑ. පැයකින් ආපහු පිටවෙන්න වුණා.

    කමෙන්ට්ස් මොඩරේට් වෙන්න දැම්මේ එක එකා ඇඩ්ස් දාන නිසයි. කුණුහරුප කාරයා නම් දැන් සන්සුන්. ෆෝන් එකේ යුනිකෝඩ් නැති නිසා දැන් තමයි ඉතුරු කමෙන්ට් ටික කියවලා අනුමත කලේ.

    සියළු දෙනාටම ස්තුතියි.

    කීප දෙනෙකුට විතරක් පිලිතුරු ලියන්නම්.

    ReplyDelete
  19. අනේ මෙහෙමත් ‘අතිං දීලා හරක බලන අපි, නොහොත් සිංහල බ්ලොග් කරුවෝ’

    බ්ලොග් හි ආකාරය
    බැලුවම භයංකාරය
    අදහස් විකාරය
    අතිං කන්නන් ඉංන පාරය

    ReplyDelete
  20. @මගේ අනන්‍යතාවය සොයන අයිරෝනික් ඇනෝ ට,

    අනේ පවු. මා කවුද කියන එක රහසක්කියලද ඔයා හිතන් හිටියේ නගෝ?

    ඇයි ළමයෝ මං බ්ලොග්කාරයෝ පනස් දෙනෙක් විතර එක්ක ඉන්න ෆොටෝ එකක් දාලා තියෙන්නේ ඔය උඩින්ම. මං හිතන්නේ ඔයා හැර, අනිත් හැමෝම තාමත් මං කවුද කියලා දන්නවා.

    හැබැයි කොහොම වුනත් ඔයා ඇනෝ විදියට කමෙන්ට්ස් කරලා තියෙන්නේ ඔයා ගේ නම අපි දැන ගනී කියලා නේ. බය වෙන්න එපා හොදේ? ඔයා කවුද කියලා නං මං හොයන්නේ නෑ නංගී.

    ReplyDelete
  21. @Taboo
    ඔබ මෙසේ ලියා තිබේ.
    /* එක්කෝ ඔබ ඒ ඉල්ලීම ගණන් නොගෙන "තෝ කවුද ඩෝ මට කියන්න?" වැනි ආස්ථානයකට ගොස් ඇති වගය. නැතිනම් ඔබට සරල සිංහල නොතේරෙන බවය.
    */

    එය මා ලියූ දේ ඔබට පෙනෙන ආකාරයයි.

    මා කලේ ද එයමයි, එනම්, ඔබේ පොත් පල කිරීම පිළිබඳ ස්ථාවරය සහ ඔබේ ශාස්තෲ පිළිබඳ අදහස දක්වා ඔබ ලියූලිපිය කියවා මගේ හිත තුල ඇතිවුණු අදහස ලිවීමයි. එය ඔබ දක්වා ඇති අදහසට වඩා වෙනස් නම්, එය මගේ අවබෝධ කරගැනීම පිළිබඳ ප්‍රශ්ණයකි.

    ඒ සමගම මම ඔබේ පෝස්ටයට "වැඩ කරන" බැඳියක් යෙදුවෙමි. තුන්වැනි පාර්ශවයකට එයද කියවා තම තම නැණ පමණින් දැන ගත හැකිය.

    මා ඔබට මඩ ගැසීමක් කර නැත. එසේ කරන්නට මට අවශ්‍යතාවයක් ද නැත.

    ඔබට මඩ ගසන්නෝ අපමණය. ඔවුන් ඉන්නේ එහා ඉවුරේ බව නොපෙනේද?

    මා කළ වරද නම් වෙනදා කෙලින්ම ඔබේ පෝස්ටවලටම මගේ අදහස් දමනවාට අමතරව මා වෙනම ලියු ලිපියක මාතෘකාවේ සිට අවසානය දක්වා තුන්වරක් පමණ ඔබ ගැන සඳහන් කිරීමයි.

    මා කවදත් වලියට බර පොරක් නෙමේ.
    http://kathandara.blogspot.com/2009/11/blog-post_19.html

    මං කැමති මෙන්න මෙහෙම කියන්නයි.
    http://kathandara.blogspot.com/2010/06/blog-post_1669.html

    -KK

    ප/ලි
    ඉහත බැඳියන් යෙදුවේ ඒවා මතක් කරන්නට මෙන්ම, කමෙන්ටුවක් මැද බැඳියක් යොදන ආකාරය ඔබට කියා දෙන්නටත් එක්කය.

    ReplyDelete
  22. මට තේරෙන විදියට නම් කතන්දර මහත්තයා ශාස්තෲ ගැන ලියනවාට අකමැති පිරිසක් සිංහල බ්ලොග් අවකශයේ ඉන්නවා. කතන්දර මහත්තයා ශාස්තෲ ගැන ලිව්වොත් මොකක් හරි බාල්දියක් පෙරලෙනවා. ඒ නිසා මට හිතෙනවා අකමැත්ත තියෙන්නෙ කතන්දර මහත්තයා ගැනද නැතිනම් ශාස්තෲ පොත ලියපු මහත්තයා ගැනද කියලා.

    කතන්දර මහත්තයා මුලින්ම ශස්තෲ පොත එළිදැක්වීමේ උළෙල ගැන ලියපු වෙලාවෙ කතන්දර බ්ලොග් එකේ ඇනොනිමස් කමෙන්ට්ස් දාන එක නවත්වන්නත් කතන්දර මහත්තයට සිදුවුනා. මගෙ හිතේ ආයිත් ඇනොනිමස් කමෙන්ට්ස් දාන ඉඩ ලැබුනේ මළ ගෙදරින් පස්සෙයි.

    දැන් ආයිත් කතන්දර මහත්තයා ශාස්තෲ පොත ගැන විස්තරයක් දාපු වෙලාවෙ තමන් කව්ද කියන එක එළිදරව් කරගන්න කතන්දර මහත්තයාට සිදුවුනා.

    මේකට කරන්න තියෙන්නෙ ශාස්තෲ ගැන ලියන එක නවත්වන එකද? නැතිනම් දිගටම ශාස්තෲ ගැනම ලිය ලිය ඉන්න එකද?

    ReplyDelete
  23. “ලියන ෙද් ෙනාව ලියන්ෙන් කවුද යන වග ෙසායන්ෙන් අැයිද ?

    සෑම විටම ලියු ෙද්ට වඩා ලියුෙව් කවුද යන්නත්. අැයි ලියූෙව් යන්නත් ෙසවීමට ෙම් තරම් ෙවෙහස වන්ෙන් අැයි ?”

    කොම්බුව අබ්ලික් උනත් “සොඳුරු සිත” කතන්දරගේ කලින් සටහනේ ලියා ඇති මේ අදහස ඇත්තයි. ඒ දිගේ හිතුවාම “ඇනෝනිමස් ආතල්” කාරයා කරන්නෙත් ඔය වාගෙම වැඩක්.
    නෑ නෑ ඒ වැඩේ ඔයිට වෙනස්. එයා කරන්නේ අර සමන්ත (ටැබූ ලින්ක් කරපු රංගගෙ කතාවෙ) වගේ පොලිස් ගැටේ දාන එක...

    කතන්දර,
    අපි පුංචි කාලේ සමුපකාරෙට කාලෙකට එනවා කරවල ජාතියක්. මට මතක හැටියට “බොම්බිලි”. ඒවා ආපුවාම ගමේ ගොඩේ කවුරු උනත් පාරක තොටකදි හම්බවුණත් කතාව පටන් ගන්නේම “බොම්බිලි ඇවිත් ...නේ...ද....” කියල.

    ජයවේවා...!

    -ලොකු

    ReplyDelete
  24. ගොම්බෙලි රහයි
    කෑවම ගඳයි

    ReplyDelete
  25. සංධ්වනි9 January 2011 at 13:33

    ටැබූ, මීට පාදක වූ කලින් ලිපියේදී මා ඔබෙන් ඇසූ ප්‍රශ්නයකට ඔබෙන් තවම පිලිතුරු නොලැබුනි. එය ඔයට මගහැරෙන්නට ඇතැයි මා සිතන නිසා එය නැවත මෙහි පලකරන්නම්. ඔබේ පිලිතුර දැනගැනීමට කැමැත්තෙමි.

    ------
    //මේ වනතෙක් මහත්මයකු යැයි ටැබූ සිතා සිටි//

    දැන් ඔබ කතන්දර මහත්මයෙකු සේ නොගන්නේ ඇයි? ඔබව විවේචනය කල නිසාද? නැතහොත් ඔබව විවේචනය කරන කමෙන්ටු පල කරන නිසාද? ඔබේ උපහැරණයට අනුව නම් ඔබ අදහස් කරන්නේ දෙවැන්න බව පෙනේ.

    නමුත් මේ දෙකම ඔබ විසින් ඔබගේ බ්ලොග් අඩවියේදි සිදුකරන බව අමතක වූවාද? දෙවැන්න ඔබගේ බ්ලොග් අඩවියේදී ඉතා නරක ලෙස සිදුවේ. වෙනත් අයගේ නම් වලන් පවා දමන කමෙන්ටු එහි ඇතත් ඔබ ඒ සම්බන්ධයෙන් කිසිදු පියවරක් ගන්නා බවක් නොපෙනෙයි.
    -----------------------

    ReplyDelete
  26. "සඳුද ඉඳන් බිස්නස් ඈස් යූෂුවල්"

    ඇයි ඉරිදට කඩේ වහලද??? LOL

    ReplyDelete
  27. සංධ්වනි,

    ටැබූ උත්තර දෙන්නේ අවංකව උත්තර බලාපොරොත්තුවෙන් අසන අයටයි. නැතුව ප්‍රශ්න ඇසීමේ මුවාවෙන් වෙන අරමුණු ඉටු කර ගන්නා අයට නොවේ. දෙන්ට ඇති එකම පිළිතුර එයයි.

    - Taboo


    - Taboo

    ReplyDelete
  28. කතන්දර මල්ලි,
    පරියේශනයෙ පර්තිපල නරක නැහැ නේද? ඊයෙ comment 30 පැන්න අද දැනට 26 ක්.
    මගෙ සුභ පැතුම්.

    ReplyDelete
  29. සංධ්වනි9 January 2011 at 19:53

    @ Taboo
    හනේ ඇත්තට? :D
    එසේනම් මම සිතාගන්නේ ඔබට එම ප්‍රශ්නයට කට උත්තර නැති වූ වග තමයි :)

    ReplyDelete
  30. As usual taboo just leave the question , because he hasn't answers

    ReplyDelete
  31. කතන්දර,
    මමත් ඔබේ කලින් පෝස්ට් එක බලා නොසතුටට පත් වූ ඔබේ පාඨකයෙක්.....ඒ වෙන කිසිවක් නිසා නෙමෙයි, ඔබ පොත ගැන ඔබේ අදහස් කියා නතර නොවී ඒ ගැන ටැබූ ආදීන් කියූ දේවල් කියා ටොකු අනින්නට යාම ගැනයි.

    මෙතෙක් කල් තමාගේ පාඩුවේ අපිට කතන්දර කියමින් ඔබ ගොඩ නගාගත් ප්‍රතිරූපයට එයින් වෙන්නේ හානියක්.....ඒ වරදම ඔබ නැවතත් මේ පෝස්ට් එකෙත් කර තිබෙනව, නම නොකියා, මේ කතා වලට කිසිම සම්බන්ධයක් නැති මාරයාට ටොක්කක් ඇනීමෙන්.

    මේව දකිද්දි ඕනෑම කෙනෙකුට හිතෙන්නේ ඔබට බොහෝ පසුව බ්ලොග්කරනයට එකතු වූ අය, ඔබට වඩා ඉතා නිර්මාණාත්මකව සාර්ථකත්වයට පත් වෙනව බලං ඉන්න බැරි දුකට ලියවෙන දේවල් කියල තමයි....

    ඔබ පිලිගන්න අකමැති උනත් ඇත්ත තත්වය තමයි ඔබගේ බ්ලොග් එකෙහි මෑත කාලයකට ඉස්සර ලියවුන තරම් සාර්ථක කතා ලියවුනේ නැති බව...බොරුවට නයි අරින/මඩ ගහන කතන්දර නැතුව, අපේ පරන කතන්දරව ඉක්මනින් ආපහු සොයා ගන්න.....අපි බලං ඉන්නව !!!

    ReplyDelete
  32. "ආපු කමෙන්ට් වලින් මං දැක්කා සමහරු මගේ උප්පැන්නේ තියෙන නම හොයන්න හදල තියෙන හැටි. හැබැයි, පෙරේද පොස්ට් එකට මං දාපු ටයිටල් එකේම තිබුණ කෑල්ලක් තමයි "ඇනෝනිමස් නැතිය" කියන එක.

    මං කවුද කියල දන්නෝ දනිති නේ. ගිය පාර සිංහල බ්ලොග් සංසදයේ සුහද හමුවෙදීත් කීදෙනෙක්ව හම්බ වුනාද? මේ පාර සුහද හමුවට එන්න බැරි වුනත්, ඊට කලින් සුමානෙ අපේ ගෙදරටම ආව බ්ලොග් ලියන, කියවන අර දහ දෙනෙක් විතර.

    ඉතිං අහවල් දේකට යැ මගේ නම හොයන්න ඔච්චර මහන්සි වෙන්නේ."

    You are the one open the door to speculate your true identity by referring to Rasika Suriyarachchi as a separate entity.

    ReplyDelete
  33. කසූ,
    කතන්දරේ සිම්පල්.
    " ආතල් දෙන්න. හැබැයි ආතල් කඩන්නනම් හිතන්නනවත් එපා!".

    ඒක නේද මේ බහුතරයක් දෙනා කියන්නෙ?

    ඉදිරියටත් ආතල් කඩන්න ​ධෛර්යය ලැබේවා යැයි පතමි.

    ReplyDelete
  34. කතන්දර ඔයාව අනිත් අය ආතල් ගන්න කඩේ යවන ගමන්, සද්දෙත් දානව නේද? you have been used by them, pathetically.


    මම බ්ලොග් කියවන්න ආවෙම ,ඔබේ දිව්යලෝකෙ ගමන කියවල. නමුත් ඔබෙ තත්වය දැන් බැහැලා.

    take immediate action to gain , earlier standards

    ඔබෙ බ්ලොග් වල කියන්න තියෙන කතාව, පරන කතා වලට පුලුවන් තරම් ලින්ක් දාල(ඔබවම මාකටින් කරන්න )කියන්න ගිහින් රසය නැති කරගන්න බව ඕන අයෙකුට පේනව.

    ඔබ වෙනුවෙන් අමාරුවෙන් පලමු සිOහල කොමෙන්ට් එක, මෙසේ ගැසුවෙමි

    සුබ ගමන්

    ප/ලි
    මාව සින්හල බ්ලොග් වෙත යොමු කල, හසිත ගුනසින්හ ට තුති

    ReplyDelete
  35. @WIG
    එක පෝස්ට් එකක සිට තවත් එකකට ලින්ක්ස් දැමීම ගැන ඔබ චෝදනා නගන්නේ - වෙබ් (web) යන වචනයේ තේරුම නොදැන නොවේ නේද?

    ReplyDelete
  36. බලෙන්ම වාගේ, අනවශ්ය පරිදි දැමීම නිසා, කතාවේ ගලායාමට හානිවෙනවා නේද?

    ReplyDelete
  37. @WIG

    ඉතාමත් ස්තුතියි ප්‍රතිචාරයට.

    මේ "අසව්, අසව්" ලිපිය නම් මගේ කතන්දරයක් නෙමේ. මේකේත්, මීට කලින් එකේත් සනහර ලින්ක්ස් අයින් කලත් ප්‍රශ්ණයක් නෑ තමයි.

    ඔබේ මේ අදහස් දැක්වීම මට ඉතා වැදගත් වෙන්නේ සාමාන්‍ය කතන්දර ගැනයි. මං දන්නා පරිදි වෙබ් එක සාර්ථක වෙන්ණ එක හේතුවක් තමයි මේ ලින්ක්ස්. හයිපර්-ටෙක්ස්ට් කියන්නේ ලින්ක්ස්-විතින් කියන එකටයි. විකිපීඩියාව වගේ තැනක්තමයි මේ ලින්ක්ස් ඉතාවැදගත් වෙන්නේ.

    ඉදිරියේ දී මං මේ ගැන තව සැලකිලිමත් වෙන්නම්. සාමාන්‍යයෙන් මං කරන්නේ මං අද කියන කතන්දරයේ ඉන්න චරිත ගැන කලින් ලියු කතන්දර හැකි පමණ අද කතාවට හයිපර්ටෙක්ස්ට් මගින් සම්බන්ධ කිරීමයි.

    උදාහරණයක් ලෙස අද (22 ජනවාරි 2011) කතන්දරයේ රත්නායක මහත්තයා ගැණ තියෙන ලින්කස් ගැන බලන්න.

    නැවතත් ඉතාමත් ස්තුතියි.

    අර කලින් කමෙන්ට් එකේ සඳහන් කඩේ යාම ගැන නං කියන්න තියෙන්නේ, එය අසාධාරණ කියමනක් බවයි. මං, මට ඕනෑ දේවල් මිස අනුන්ට ඕනෑ දේවල් මේ බ්ලොග් එකේ කවදාකවත් ලියලා නෑ. ලියන්නෙත් නෑ.

    ReplyDelete
  38. මගේ කොමෙන්ටුව ශාස්තෲ ලිපියට පමනක් අදාල වූවක් නොවේ. කලක් තිස්සේ දුටු දෙයකි. රසවත් කතන්දර ලියන්න,ඔබට සුබ ගමන්!!

    ReplyDelete
  39. Sihina Ekathukarannek5 February 2011 at 19:17

    බ්ලොග් අවකාශයක නිර්මිත අනන්‍යතාව හා පුද්ගල අනන්‍යතාව අතර පැහැදිළි වෙනසක් තියෙනවා . නිර්මිත අවකාශයක උප්පැන්න සහතික හොයන්න යන්න එපා . ඒක ඵල රහිතයි .(මේක කිව්වේ ඉහත කොමෙන්ටු දැමූ ජනී ජනතාවට ) . කතන්දර මම උඹට සුබ පතනවා . ඔහොම යං !

    ReplyDelete

මා ලියූ කතන්දරයට අදාල නැති කරුණු ඔබේ ප්‍රතිචාරවල ඇතළත් නොකරන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

අදහස් වාරණයක් නොකෙරේ. කුණුහරුප සහ තුන්වන පාර්ශවයන්ට නින්දා කෙරෙන ප්‍රතිචාර ඉවත් කෙරෙනු ඇත.