ජීවිතයම කතන්දර ගොඩක්!
This is a Sinahla blog written for five years from July 2009. It contains stories - Kathandara - from authors life.
කතන්දරකාරයා ගේ දශක කිහිපයක ජීවන අත්දැකීම් අළලා 2009 ජූලි 11 දින සිට පුරා වසර පහක් තිස්සේ ලියවුණු කතන්දර එකතුවකි. kathandara@gmail.com
Tuesday 18 January 2011
අපි සර් ලා ගේ උදව්කාරයෝ නේ...!
තාත්ත ගේ මල ගෙදරට ආපු පරණ යාළුවෙක්, නම හේමන්ත කියමුකෝ, මහ රෑ වෙනකං කතා කර කර හිටියා.
ඒ වෙලාවේ පොර කියපු කතන්දරයක් තමයි මේක.
අපේ මිත්‍රයාට ඉස්සර කොල්ල කාලේ තිබුණා මෝටර් සයිකලයක්. මේක ඉතිං පොරගෙ හොඳම යාළුවොත් අරං යනව වෙලාවෙන් වෙලාවට.
ඒ වගේ නිතරම මෝටර් සයිකලේ බරෝ කරපු යාළුවෙක් තමයි සුදේෂ්. සුදේෂ් වැඩ කලේ ආමි එකේ.
සුදේශ් ගමේ ආපුවාම ගහන තරමක් රස්තියාදු ගහන්නේ සාලිය එක්කයි.
ඔන්න එක පාරක් සුදේශ් නිවාඩුවට ගෙදර ආපු කාලෙ තමයි ලඟ ටවුමේ පන්සලේ මහ පෙරහැර තිබුණෙ. සුදේශ්කාරයයි සාලියයි දෙන්න එක්ක මේ පෙරහැර බලන්න යන්න කතා වුණා. යනවත් වෙලා පොරවල් සේ යන්න ඕනැනේ. ඉතිං හේමන්තයා ගේ බයික් එක ඉල්ලගෙන යන්නයි ප්ලෑන් එක.
පෙරහැර දවසේ ටවුමේ පාරවල්වල අතුරු සිදුරු නැතුව සෙනග. පාර අයිනේ විතරක් නෙමේ මැද්දේත්, කාර් බයික් වලට යන්නත් ඉඩ නැතිවෙන තරමට සෙනග පිරිලා.
කරුමෙට වගේ ඔන්න පාරෙ ගිය කෙනෙක්ව මෝටර් සයිකලේ හැපුණා. සුදේශ් කාරයායි, සාලියයි දෙන්නත් බිම. මෝටර් සයිකලෙත් හීරිලා.
ඒ මදිවට පාරෙ ගිය එකා සයිස් එකකුත් දාගෙන එනවා.
"මොනාද ඩෝ, කවුද උඹට ලයිෂන් දුන්නේ? ඔහොමද උඹලා පාරවල් වල යන්නේ?"
සුදේශ්කාරයාට තද වුණා.
"අඩෝ උඹ වැරදියට පාර පැනලා දැන් සයිස් දාන්නත් එනවද? දැන ගනිං මං ආමි එකේ!"
සාලියත් නිකං ෆෝසස් වල වගේ ඉන්නේ කවදත්. දෙන්න සෙට් වුණා බයික් එකේ හැප්පුණු පොරට ගහන්න.
ඔය ආමි කතාව අහපු ගමන් බයික් එකේ හැප්පුණු පොර සරෙන්ඩර් වුණා. දන්නවනේ ඒ කාලේ ආමි, නේවි, එයා ෆෝස්, එස්.ටී.එෆ්. උන් එක්ක වලි දාගන්න යන එක ඉතිං අති භායනකයි නේ! දැනුත් එහෙම වෙන්නැති.
"අයියෝ සර් කියන්න එපායැ, ආමි එකේ කියලා".
චණ්ඩියා දැන් කීකරු පූසෙක් වගේ වෙලා.
ඒත් සුදේශ් ට නං හිතෙන්නේම දෙකක් දීල අදින්නයි. ගත්ත පොරව ඇදල කොලර් එකෙන් ම.
"අනේ සර්, ගහන්න එපා". ගමේ පොර මුළුමණින් ම සරෙන්ඩර්. "අපි ඉතිං ජොබ් එකට කරන්නෙත් සර්ලට උදව් කරන එක නේ".
ඔන්න ඉතිං සුදේශ්්ටත් ටිකක් අප්සෙට්. මේ කෑම්ප් එකකට සප්ලයිස් කරන සිවිලියන් කෙනෙක් ද දන්නේ නැහැනේ.
"ආ ඇත්තද? කොයි කෑම්ප් එකේ ද වැඩ?"
"නෑ, සර්, මං වැඩ කරන්නේ මල් ශාලාවේ. අපි තමයි සර් ල ගේ මිනී ගෙනාපුවාම සේරම කෑලි එකට තියලා හරි ගස්සන්නේ"!
-කතන්දරකාරයා
Subscribe to:
Post Comments (Atom)
හෙ..හෙ..හෙ!!!කතන්දර,නියම කථාව.හිනා වෙලා ඉල ඇදුන.
ReplyDeleteචණ්ඩියා, තියන්න වටින්නැනෙ, පොර ලෝකෙ කාල වතුර බීපු එකෙක් වගෙයි
ReplyDeleteහප්පොච්චෝ,,නියම උදව්ව.. එක අතකට බැලුවම ඒ කතාවෙ වැරද්දකුත් නැහැ වගේ!
ReplyDeleteඒකත් ඇත්ත නෙව.
ReplyDeleteඅයියේ ඊට පස්සේ ඔයාගේ යාළුවෝ දෙන්නා සරෙන්ඩර් වුනාලු නේද?
ReplyDeleteහුටා...
ReplyDeleteමොන සද්දෙ දැම්මත් කෑලි මාරුකරල මැහුවොත් බඩු නේ අන්තිමට ;)
මැදැයි....
ReplyDeleteහිනාවක් සහ දුකක් එක පාරම ආවා
යකෝ උගේ නම් දත් දෙක තුනක් බඩට යවන්න තියෙන්නේ
ReplyDeleteඅපි තමයි සර්ලව එසෙම්බල් කරන්නෙ කියුවනම් හරි..
ReplyDeleteහපොයි, ඊට පස්සෙ අනිවා ගහන්න ඇති නේද?
ReplyDeleteහෙහ් හෙහෙ... පිස්සු කොර කතන්දරයක්....
ReplyDeleteබඩ නෑ වගේ හිනාවෙලා...!
උඩින් පේන කතාවට වඩා යටින් තියෙන්නේ වෙනස් දෙයක්. කීදෙනෙක් කෑලි වෙලා ආපසු එන්න ඇතිද?
ReplyDeleteසුදේශ්ට කට උත්තර නැති වෙන්න ඇති......
ReplyDeleteමරුම පොරව තමයි හැප්පිලා තියෙන්නේ......
අපි ඉන්නෙ උදව් කරන්න නෙ.... පට්ට කතාව, දැන් නං පොරට වැඩ අඩු ඇති එහෙනං.
ReplyDeleteමුලින්ම හිනාවුනාට priyantha.ඒබී කියපු කතාව නිසා හුඟක් දුරට හිතන්න සිද්ද වුනා
ReplyDelete@නොදන්න අයට
ReplyDeleteඔය පින්තූරේ තියෙන්නේ යුධ-විරෝධී සාම ලාංඡනයයි.
@හැමදෙනාටම
මෙතන මිනී සාප්පුවේ පොර ඔය කතාව කියල තියෙන්නේ මං හිතන්නේ කිචේට නෙමෙයි.
මිනිහ ගේ අවංක අදහස විය යුතුයි.
-කතන්දරකාරයා
කතාවට හිනා ගියාට ඇත්තටම ඒ කාලේ ගැන දුකයි :(
ReplyDeleteකතාවට මටනම් ඇත්තටම දුක හිතුනා
ReplyDeleteහිනාවෙනවද අඬනවද කියල හිතාගන්න බැරි කතාවක්!
ReplyDeleteආමි කොක්කක් දාගත්තාම ඉතින් බොරු කියවෙන්නේ නෑනේ මල්ලී.
ReplyDeleteබයටම කොල්ලා ඇත්ත තමා කියල තියෙන්නේ..
ඇත්තටම මතුපිටින් පෙනෙනවට වඩා ඇතුලෙ තියන කතන්දරේ හිතන්ඩ ගොඩක් දේවල් තියෙනවා,
ReplyDeleteමේක නං මාරම මාර කතන්දරයක් කසූ!
ReplyDeleteපොර හිතලා නොකිව්ව උනත් ඒ කතාවේ මාර මානුෂික කතන්දරයක් වගේම අර දෙන්නට අමුතුම ජාතියේ ලොකු තර්ජනයකුත් තියෙනවා.
@All
ReplyDeleteකලින් කිව්ව වගේ, මට හිතෙන විදියට, කිචේට නෙමේ ඇත්තටමයි ඔය කතාව කියන්න ඇත්තෙ.
මිනී එම්බාම් කරන්නෙත් හිත් පිත් ඇති මිනිස්සුනේ.
හේමන්ත කියපු විදිය සුදේශ් ලා ඒ මිනිහාට නෙලලා නෑ, ඔය කතාවෙන් පස්සේ.
ඒක එක විදියටක අර අනිච්ඡාවත සංඛාරා වගේ ජීවිතයේ අනිත්‍යබව කියවෙන එකක්.
සියළු දෙනාටම ස්තුතියි.
පුරහද කළුවර ෆිල්ම් එකේ කතාව මතක් වෙනවා මේක දැක්කාම
ReplyDeleteකිව්වත් වගේ අඩනවද හිනාවෙන්වද කියල අමතකයි..
ReplyDelete