Sunday 27 June 2010

ගුරු සේවයේ තවත් රස කතන්දර - චූටි ටීචර් ලියයි


අර අපි දන්නා චූටි ටීචර් ලියපු සාම්පුර්වලට බෝම්බ ගහපු කතන්දරේ, කිචි-කිලිය ගැන කතන්දරේ හෙම මතකයි නේද?

මෙන්න දැන් ටික දවසකට ඉස්සර චූටි ටීචර් ලියල එවපු තවත් ගුරු සේවයේ රස කතාවක්.

අපි නොදන්න ඉංගිරිසි!
================
මාත් එක්ක දුක සැප බෙදා ගත්තෙ උදිතා. එයා ගෙ විෂයය ජ්‍යාන්තර භාෂාව. අපි හිටියෙ එකම බෝඩිමේ.

ඒ ගෙදර හිටියෙ වයසක යුවලක් විතරයි.

මතකනේ අපේ පාසල තිබුනේ ආරක්‍ෂක කලාපයක් ඇතුලෙයි. සාම්පූර් වලට බෝම්බ ගහන සද්දේ ඇහෙන දුරින්.

දවසක් ඉස්කොලෙ ඇරිලා එනකොට අපිට පිටවෙන්න තියෙන ප්‍රධාන මුරපොලේ හිටිය සෙබලාගෙ තුවක්කුව ඔහු අතින් ඉබේ පත්තු උනා. කියනකොටත් ඇග හිරි වැටෙනවා. මොකක්දෝ පිනකට එතනින් අපි දෙන්නා වෙනදා යන වෙලාවට නැතුව එදා මිනිත්තු දෙකක් විතර පරක්කු උනා.

මේක අපිට ලොකු අත්දැකීමක්, පාසල් ප්‍රවාහන සේවෙ කරපු අන්කල් එක්ක කීවෙත් එ ගැන. ගෙට අතුල් වෙච්චි ගමන් බොඩිමෙ ඇන්ටි හොයගෙන ගිය උදිතා විස්තරෙ කියන්න පටන් ගත්තා. කීවෙ හොද සිංහලෙන්. මොකද ඇන්ටිට තේරෙන්න ඕනා නිසා.

"...... ඒ තුවක්කුව ඉබේ පත්තු උනා...." කීවා විතරයි ඇන්ටි කියපි"

"මිස් ෆයර් එකක් වෙන්නැති දුවේ!" කියල!

මට නම් හිනාව නවත්ත ගන්න බැරි උනා. උදිතා පස්සෙ කීවා මීට පස්සෙ ඇන්ටිට කියන්නෙම ඉංග්‍රිසියෙන් කියලා.

========================================

චූටි ටීචර් ලියා එවූ "අපි නොදන්න ඉංගිරිසි" කතන්දරේ ප්‍රසිද්ධ කලේ...

කතන්දරකාරයා වන මම් වම්හ.

12 comments:

  1. අද අපි කාටත් නැතිව බැරි ආයුධෙ නෙව ඔය දෙවන බස. මොන බස වුනත් සිංහලෙන් කියන තරම් නම් කිසි දෙයක් ඔළුවට එන්නෙ නැහැ නෙව.... හැබැයි ඉතින් සමහර වචන නම් සිංහලට වඩා ඉංගිරිසියෙන් තමයි තේරෙන්නේ....

    සමහර සිංහල වචන ඉංග්‍රිරිසියට හරවන්න බැහැ වගේම සමහර ඉංගිරිසි වචන සිංහලට හරවන්නත් බැහැ නෙව....

    ReplyDelete
  2. යුද්ධෙට නැති කඩුව කොස් කොටන්න ද???

    ReplyDelete
  3. "මිස් ෆයර්" කියන එක ඉංග්‍රීසි වෙන්නෙ කොහොමද? පිස්සු නේ...?
    ඕකෙ හරි වචනෙ "මිස් පයර්".

    ඒක නෙවෙයි කතන්දර... ඔබතුමා අර නිතරෝම කියන කවියා ...අර කවි පොත ලිව්වෙ... අන්න එයා මොකක් හරි ටෙලියක් ලියලද අලුතෙන්? සැකේටයි අහන්නෙ!

    ReplyDelete
  4. අන්තිම ලාස්ට් ෆයිනල් එක වගේ තමා...

    ReplyDelete
  5. ඩ්‍රයිවර් කෙනෙක් කිවුවලු "ෆුල්ම කපලා තව පොඩ්ඩක් කපන්න" කියලා

    ReplyDelete
  6. ඇයි පස්සට රිවර්ස් කරනවා, කැච් එක අල්ලනවා තව කොච්චර තියනවද. වත් කිව්වා වගේ සමහර ඉංග්‍රීසි වචන දැන් දැන් සිංහල වගේ වෙලා කියන අයවත් දන්නේ නෑ ඒවා සිංහලද ඉංග්‍රීසිද කියල. මේක විශ්ව ගම්මානයක්නේ. අන්තිමට භාෂා ඔක්කොම එකක් වෙයිද දන්නේ නෑ.

    ReplyDelete
  7. ඔයි සමහරු කෑම මේසෙදි මස් කෑල්ලක්, කොස් ඇටයක් බිම වැටුනත් "ශිට්" කියන්නෙ, මෝකෝ තේරුම දැනගෙනයැ...

    ReplyDelete
  8. 9ට පටන්ගත්ත කතන්දර කියවිල්ල දැන් තමයි ඉවර උණේ. ඈයි ඉතින් ආවෙ මාස 2කින් විතරනෙ කියවන්න. ඔන්න කතන්දර මාමෙ මං final exam එක fail වුණොත් ඔයා තමයි ඕං හොදේ.
    :D:D:D

    ReplyDelete
  9. @ All

    මෙතන වැදගත් පැත්ත තමයි, සමහර ඉංගිරිසි දන්න අය ගමේ ඇන්ටිලව ස්ටීරියෝ ටයිප් කරල හිතල එකයි.

    කොහෙම වුනත් චූටි ටීචර් ආයෙ කතා මට එවන එකක් නෑ. එයාගෙම බ්ලොග් එක තියෙනවනේ.

    සියළු දෙනාටම ස්තුතියි!

    ReplyDelete
  10. ගාමන්ට් එකක ජොබ් එකක් කරන එකෙක් ඉන්නවා පොර දවසක් කියනවා ඊයේ රෑ නයිට් කරලා ආවේ බන් කියලා.

    චුටී ටීචර්ගේ බ්ලොග් එක මොකක්ද ?

    ReplyDelete
  11. අර උන්නැහේ කිව්වවගේ ඔය අංකල්,ඇන්ටි කියන සුද්ද සිංහල වලට හරියන්නේ මිස් පයර්. තව එකක්, චූටි ටීචර් ට සිංහල එක " චූටි මිස්"

    ReplyDelete
  12. දැන් එන්න එන්න කතා චොර වේගෙන යනව වගේ ... කතන්දරගෙ බහින කලාවද මන්ද ... තව ටිකක් බලල මාත් බ්ලොග් එකක් පටන් ගන්න ඕන ඇටෑක් එකට :D ...

    ප/ලි
    මේ ... අන්තිම කෑල්ල කිව්වෙ විහිළුවට හොඳේ ...

    ReplyDelete

මා ලියූ කතන්දරයට අදාල නැති කරුණු ඔබේ ප්‍රතිචාරවල ඇතළත් නොකරන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

අදහස් වාරණයක් නොකෙරේ. කුණුහරුප සහ තුන්වන පාර්ශවයන්ට නින්දා කෙරෙන ප්‍රතිචාර ඉවත් කෙරෙනු ඇත.