Sunday 14 March 2010

අවකලනය සහ අවනීතිය - A Level කාලේ ලියපු කවියක්


කතන්දරකාරයා අද මේ වගෙ කතන්දර ලිය ලියා හිටියට ඉස්සර කවි පවා ලියපු පොරක්!

කොටින්ම "කයි-කතන්දරකාරයෙක්" කියල වුනත් හඳුන්වන්න පුවළුන්.

මං මුලින්ම මිහිර පත්තරේට කවියක් ලියපු හැටි ගැනයි, පෙම් කවියක් ලියපු හැටි ගැනයි කලින් ලිව්ව, කියෙව්ව නේද?

ඇයි දුටුගැමුණු ගැන කැම්පස් කාලෙ ලියපු කවිය?

අද මං මේ හදන්නේ මං ඒ ලෙවල් කරන කාලෙ ලියපු කවි පුංචක් හැමෝටම කියල දෙන්නයි.

මේක ඒ දවස්වල රටේ තත්වය මං දැකපු හැටි, මං ඉගෙන ගත්තු දේවල් වල අනුසාරයෙන් අර්ථ දැක්වීමට ගත්තු උත්හාසයක්. කියවල බලන්නකෝ.

අවනීතිය-අවකලනය

නිලයට බලයට ධනයට යටවුනු
යුක්තිය අද අතවැසියෙක් ගානයි
අසාධාරණය රජවුණු ලෝකයෙ
නීතිය අද අවකලනය වාගෙයි

දුප්පත් එකාට එක සැලකිල්ලකි
පෝසත් එකාට තව සැලකිල්ලකි
යුක්තිය නැත නිසි ලෙස පසැඳෙන්නේ
අවලකනය මෙනි තීන්දු එන්නේ

eX සහ k ශ්‍රිතයන් ඇත්තේ
මේවා අවකලනය කළ යුත්තේ
k අවකලනය කළ විට බින්දුව
eX එයමය හරිද තීන්දුව?

අසරණ k ලා නීතිය හමුවේ
දඬුවම් ලැබිලා වැනසෙන්නේ
බලගතු eX ල ට නැත දඬුවම්
යහතින් සැමදා වැජඹෙන්නේ

නීතිය සවි නැති මකුළු දැලක් වේ
මැසි මදුරුවෝ ය පැටලෙන්නේ
තෝරුන්, මෝරුන් සහ මහ වවුලන්
දැල බිඳගෙන ඉගිලී යන්නේ

කතන්දරකාරයා (අවුරුදු 17 දී)

ඔහොම මට හිතුන වුනාට, මං කවදාවත් ඇයි මේ වගේ අසාධාරණ විදියට k ට සලකන්නේ කියල හරි, eX ට ඇයි මේ විදියට හොඳට සලකන්නේ කියල හරි ගුරුවරුන් ගෙන් අහන්න ගියේ නෑ.

තුනෙන් දෙකේ බලයෙන් වත් මේ අසාධාරණ වෙනස් කරන්න පුළුවන් නම්...!!!

-කතන්දරකාරයා

14 comments:

  1. කසූ, කවිය තේරෙන්නෙ නෑ.

    ReplyDelete
  2. ඔයා අවුරුදු 17 දි ඔයතරම් බරපතල කවියක් ලිව්ව නම් දැන් කවි ලියන්න එපා :)

    ReplyDelete
  3. අනේ මන්ද කසූත් බලාගෙන ගියාම අමුතුම ජාතියේ පොරක්

    ReplyDelete
  4. අරේ වා වා...!!
    නියමයි නේ කතා... ඔයා ගේ කවිය මරු!

    ReplyDelete
  5. y=e^x ලගෙ බලය බිඳින්න d/dy විෂයෙහි ලා දෙවරක් අවකලනය කරන්න. ඕනෙම ශ්‍රිතයක් බින්දුවටම බස්සන අත්දුටුම ක්‍රමය තමයි d/dy විෂයෙහි ලා දෙවරක් අවකලනය.

    ReplyDelete
  6. 2/3 දුන්නට කවදාවත් මේක වෙනස් කරන්න බෑ. කවි ලියන්න විතරමයි පුලුවන් වෙන්නෙ?

    ReplyDelete
  7. සොක්‍රටීස් කියපු කතාවකුත් කියල තියෙන්නෙ.

    ReplyDelete
  8. නියම කවියක්නේ. වයස 17 වුනාට ඇරිස්ටොටල් ටත් එහා ගිය දාර්ශනික අදහස්නේ ඒ කාලෙත් තිබිලා තියෙන්නේ.

    හොද වෙලාවට හැබැයි ඕක ලියලා බිත්ති පුවත්පතකවත් නොදා හිටියේ නැත්තම් ln අවකලනය කලා වගේ යට ඉන්න තිබ්බා :)

    ReplyDelete
  9. machan marai meke kavi gathiyak enawa....

    ReplyDelete
  10. @ මකරා
    බොරු එපා, මැත ඇන ගත්තා නේද? පව්!

    @All
    සියළු දෙනාටම ස්තුතියි! වායු නියම ගැනත් ඒ දවස්වල කවියක් ලිව්චා. ඒක පස්සෙ දාන්නං.

    කතන්දරකාරයා

    ReplyDelete
  11. අයියෝ ඔනෙම බලගතු ශ්‍රිතයක් ඒ ශ්‍රිතය විෂයෙන්ම අවකලනය කරාම 1 වෙනවනෙ. අත්දුටුවයි. සත්තයි

    y=y
    d(y)/dy = උත්තරේ මතක් වුනාම ටොක්කක් ඇනගන්න.

    හී හී, මැත ඇනගත්තනම් කොහොමද හලෝ අපි දෙන්නම එකම ෆැකල්ටියෙ ආදි ශිෂ්‍යයො වෙන්නෙ. පව්!

    ReplyDelete
  12. මම හිතන විදියට හැමෝම එකා වගේ කතා කරනවා නම් අපිට ඔය දේ නවත්වන්න බැරි වෙන එකක් නැහැ ........

    කට පියාගෙන හිටියොත් හැමදාම ඔහොමමමයි .......

    ReplyDelete
  13. නියමයි. මේක දැක්කෙ අද. නීතියට උඩින් ඉන්න උදවියට eX කියන සංකේතය නියමයි.

    ReplyDelete
  14. අවකලනයෙන් කරන්නෙ වෙනස්වීමේ සීග්‍රතාව මනින එකනෙ.k කියන්නෙ නියතයක්, වෙනස් නොවන දෙයක්. ඒනිසා kහි වෙනස්වීමේ සීග්‍රතාව බින්දුවයි. k අවකලනය කලොත් ලෑබෙන්නෙ බින්දුව.ඒකියන්නෙ k මෑරිච්ච කෙනෙක් එහෙම නෑත්නම් නිවන් දෑක්ක කෙනෙක්, සතෘප්ත කෙනෙක්. ඒත් ex හෑමතිස්සෙම වෙනස් වෙනව. ඒකියන්නෙ ජීවත්වෙන කෙනෙක්..... ගනන් නොදන්න අයට ගනන් දාන්නෙ නෑතිව දන්න සින්හලෙන් ලිව්ව නම් ඉවරයිනෙ

    ReplyDelete

මා ලියූ කතන්දරයට අදාල නැති කරුණු ඔබේ ප්‍රතිචාරවල ඇතළත් නොකරන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

අදහස් වාරණයක් නොකෙරේ. කුණුහරුප සහ තුන්වන පාර්ශවයන්ට නින්දා කෙරෙන ප්‍රතිචාර ඉවත් කෙරෙනු ඇත.