ජීවිතයම කතන්දර ගොඩක්!
This is a Sinahla blog written for five years from July 2009. It contains stories - Kathandara - from authors life.
කතන්දරකාරයා ගේ දශක කිහිපයක ජීවන අත්දැකීම් අළලා 2009 ජූලි 11 දින සිට පුරා වසර පහක් තිස්සේ ලියවුණු කතන්දර එකතුවකි. kathandara@gmail.com
Saturday, 30 November 2013
තාත්තා ගැන නයි පැට්ටෙක් - Is it wrong to boast about one's father?
තාත්තලා කියන්නේ දරුවන් ගේ වීරයෝ ය කියන කතාව අවිවාදාත්මක එකක්.
ඒ හින්දා තමන් ගේ තාත්තා ගැන පුතෙක් හෝ දුවෙක් පම්පෝරියක් ගැසීමේ කිසිම පුදුමයක් නෑ. මේ විදියට කියන කතාවක් නයෙක් ද නැද්ද කියන එක නම් මං අර කලින් කතන්දරයේ කිව්වා වගේ අසන්නාට සාපේක්‍ෂ කාරණයක්.
දැන් මෙන්න, වහෙන් ඔරෝ නැතුව කෙලින්ම පොල්ලෙන් ඔළුවට ගැහැව්වා වගේ මගේ තාත්තා ගැන පොඩි නයි පැට්ටෙක්.
මගේ තාත්තා උපාධිධරයෙකි.
තවත් විස්තර කියනවා නම්, ඔහු වසර 1962 දී විද්‍යොදය (දැන් නම ජයවර්දෙනපුර) විශ්ව විද්‍යාලයෙන් තම උපාධිය ලබා ගත්තෙකි.
දැන් මේ කතාව නයෙක් වෙන්නේ කොහොමද?
මේක නයෙක් වෙන්නේ මෙලෙස ප්‍රකාශයක් කරන්නට හැකි අය අඩු හින්දයි. විශේෂයෙන්ම මේ කතාව කියන්නට පුළුවන් මගේ සමවයසේ අය ඉතාමත් අඩුයි, මා දන්නා තරමට.
නමුත් මේ උපාධි කතාවේ පසුබිම සලකා බැලුවොත් නයා ගේ පෙනේ තරමක් හැකිලී යන්නට ද ඉඩ තියෙනවා.
මගේ තාත්තා උපන්න කාලයේ ගමක හැදෙන වැඩෙන, සාමාන්‍ය ගොවිතැනෙන් දිවි රැකගන්නා පවුලක ළමයෙකුට සිංහලෙන් උගන්වන ගම්බද පාසල් ක්‍රමය යටතේ ලබා ගත හැකි වුනේ සීමිත අධ්‍යාපනයක් පමණි. මේ කියන ගමට කොළඹ කොඩිගහ යට සිට ඇත්තේ සැතපුම් පාළහකටත් වඩා අඩුවීම මෙයට අදාල නෑ.
මේ කාලයේ අටේ පන්තියෙන් උඩට හෝ ඉගෙන ගත්තේද ඉතා අඩු පිරිසක්. ඊට වඩා ඉහලට ඉගෙන ගෙන වුවද ලබාගත හැකි එකම රැකියාව වූයේ ගුරුවරයෙක් වීම පමණයි. ආයුර්වේද වෛද්‍යවරයෙක් වීම හෝ නොතාරිස් කෙනෙක් වීම වැනි පොඩි ඔප්ෂන් දෙක තුනකුත් තිබුණා ලු.
මගේ තාත්තාත් ඒ ආකාරයට ග්‍රාමීය අධ්‍යාපනය ලබා ප්‍රාරම්භය, අවසානය ආදී විභාග තරණය කරලා රජයේ උප ගුරු තනතුරක් ලබා ගත්තා. ඔහුගේ ආරම්භක මාසික වැටුප රුපියක් තිස්පහක් පමණ මුදලක් ලු. නමුත් මේ ආප්පයක් තුට්ටුවට විකිණෙන කාලය නිසා ඒක සැලකිය යුතු මුදලක්.
තාත්තා ඉංගිරිසි ඉගෙන ගෙන තියෙන්නේ පාසලෙන් නොවේ. ටික කලක් තිස්සේ සතියකට වරක් උදේ පාන්දර හතරට නිවසට ආ ගුරුවරයෙකු ගෙන්. ඒ අතරතුර දිනපතා දිණමිණ සහ ඩේලි නිවුස් පුවත්පත මිළට ගෙන එහි කතුවැකි සංසන්දනාත්මකව කියවීමත් කර තියෙනවා.
නමුත් තාත්තා එතැණින් නතර වුනේ නෑ!
ඔහු මුලින්ම මරදානේ කාර්මික විද්‍යාලයේ ඉගෙන ගත්තා.
ඉන්පසු මීරිගම ගුරු විදුහලෙන් අධ්‍යාපනය ලැබුවා.
ඊටත් පසු තනිවම ඉගෙන ගෙන ලන්ඩන් ඒ-ලෙවල් විභාගය සමත් වුණා.
එතැනිනුත් නොනැවතී ලන්ඩන් විශ්ව විද්‍යාලයේ බාහිර උපාධිය ලංකාවේ සිට හදාරන්නට ලියා පදිංචි වුණා. පසුව තාත්තා ජී.ඒ.කිව් නමින් හැදින්වෙන ලන්ඩන් උපාධියේ පළමු වසර විභාගයත් සමත් වුණා.
මේ අතරතුර ලංකාවේ සිදුවුණු දේශපාලන පෙරළි නිසා රටේ සාමාන්‍ය ජනතාවට ද බටහිර මොඩලයේ උසස් අධ්‍යාපනය ලබන්නට ඉඩ සලසමින් විද්‍යෝදය සහ විද්‍යාලංකාර කියන රජයේ විශ්ව විද්‍යාල දෙක ඇරඹුණා. ගුරු සේවයේ සිටි තාත්තාට අධ්‍යාපන නිවාඩු ලබා විද්‍යෝදය විශ්ව විද්‍යාලයේ දෙවෙනි වසරට ඇතුලත්ව උපාධිය ලබා ගන්නට එනිසා ඉඩ ලැබුණා.
තාත්තා උපාධිය ලබා ඇත්තේ භූගෝලය, ඉතිහාසය සහ සිංහල යන විෂයන්ගෙනුයි. සිරිල් වික්‍රමගේ නළුවා තාත්තා ගේ විශ්ව විද්‍යාල සමකාලීනයෙක් බව තාත්තා මා සමග කිය තියෙනවා.
ඉතිං, කොහොමද, තාත්තා ගැන ලියවුණු මගේ නයි පැට්ටා හොඳඳ?
-කතන්දරකාරයා
ප/ලි:
ඇත්තම කියනවා නම් මේ කතන්දරේ මං ලිව්වේ නයි ඇරීම ගැන උදාහරණයක් සපයන්නටම නොවේ.
මගේ තාත්තා මිය ගොස් දෙසැම්බර් මස දෙවෙනි දිනට වසර තුනක් සම්පුර්ණ වෙනවා. එය සමරන්නටයි මේ කතන්දරය අද පළකෙරෙන්නේ.
තාත්තා ගැන සඳහන් මා ලියූ වෙනත් කතන්දර කීපයක් මෙන්න.
1. මේව්ව උඹට හොඳ පාඩම් නොහොත් බෝංචි ග්‍රීන් කරිය - How not to cook Beans
2. පරම්පරා හතරක් පැරණි ඓතිහාසික කැවුතුකාගාර කොලිටියේ උදැල්ලක් - A page from the Guinness Book of Records
3. ලියුං කැඩීම - තාත්තා ට පාඩමක්
4. බ්ලොග් අවකාශයේ "පඩ ෂෝ" එක!
5. කිරි ඉබ්බෝ සහ ගල් ඉබ්බෝ
6. ඉතා කණගාටුවෙන් දැනුම් දෙමි
7. තාත්තා ගැන මතකයෙන් බිඳක්
8. අද ඉරු දිනයේ තාත්තා සිහිවී - Father's Day
9. තාත්තේ මට සමාවෙන්න - Thaththe, please forgive me!
Subscribe to:
Post Comments (Atom)
මට නම් නයෙක් නෙමේ.
ReplyDeleteසත්‍ය කතාවක්.
එසේ නම් කම් නැත!
Deleteඑතකොට දානේ දෙන්න කතා මෙහේ එනවද...? නැත්නම් එහේ දෙනවද...?
ReplyDeleteදානේ දී අවසානයි!
Deleteතාත්තා අද ජීවතුන් අතර නැති වුනත් එයා හුඟක් සතුටු වෙනව ඇති කතන්දරකාරය ගැන ...
ReplyDeleteහිටිය කාලේ සතුටින් හිටියා!
Deleteතාත්තාගේ උපන්දිනය?
ReplyDeletehttp://kathandara.blogspot.com/2009/11/blog-post_11.html
Deleteමේක නම් නයෙක් නෙවේ කකා. ආඩම්බරයෙන් කියන්න පුළුවන් කතාවක් පුතෙකුට
ReplyDeleteඇත්ත.
Deleteනයි අරිනවා කියන්නේ බොරු ආටෝප සහිතව කෑලි අතින් දමා කියන කොටයි. එදිනෙදා ජීවිතයේ සැබෑ දෙයක් ගැන කීම නයෙක් නොවෙයි!
කකා නයි අරින්න දන්නෙ නැතුවද මන්ද. කොටිම්ම මේක නයෙක් කීම කතාවෙ වටිනාකමට බාධාවක්දත් කියල හිතෙනව. නයා වෙන්නෙ තාත්තට බග්(ක්) ෆියට් එකක්වත් තිබ්බ වගේ කතාවක් කිව්වොත් විතරයි. ඒ ගැන ඕනනම් මාතලන් ලොක්කගෙන් හරි මින්හගෙ ඇනෝ සෙට් එකෙන් හරි අහගන්න.
ReplyDeleteතාත්තට ඉක්මනින් නිවන් සුව පතනව ( දෙව් මිනිස් සැප කෙළවර කියල මේ හොඳ මනුස්සයෙක්ට මොකට සසර දික්වෙන්න පතනවද )!
මගේ නයි මෙලෙස ය!
Deleteමෙහි කිසිදු නයි ගතියක් නැත. හැටේ දශකයේ දිරිමත් මිනිසෙකුගේ කතාවකි මෙය. පියාණෙනි ඔබට නිවස් සුව.
ReplyDeleteනයි ගතිය? ඒ මොකක්ද නලීන් ඒ? කොහොමද මනින්නේ?
Deleteආඩම්බරෙන් කියන්න පුලුවන් තාත්තෙක් ගැන කීම නයෙක් වෙන්නෙ කොහොමද කකො
ReplyDeleteමාත් උඩ මාත්‍යකාවෙන් අහලා තියෙන්නේ ඒ ප්‍රශ්නය තමයි!
Deleteමේ මොන නයෙක්ද ? නයි අරින්න කෝස් එකක් මම පට්න් ගන්නයි ඉන්නෙ..ඒකට කකාත් එන්න...
ReplyDeleteතාත්තා ගැන ආඩම්බර වෙන්න පුළුවන් ඉතිහාසයක් තියෙන්නෙ..ඔය කාලෙ ඉගෙන ගන්නවා කියන්නෙ හරිම දුෂ්කරයි කියලයි මමත් අහලා තියෙන්නෙ..කලාතුරකින් කෙනෙක් තමයි ඉහලටම ඉගෙන ගන්නෙ..
ඔව් අපේ තාත්තා සමග ගමේ පාසලට ගිය කිසිවෙක් ඔහු තරම් ඉහලට ඉගෙන ගෙන නෑ.
Deleteඅර පාඨමාලාවට තැපැල් මගින්වත් කරන්න රෙජිස්ටර් වෙන්න ඕනෑ!
කකා ඔබේ පියාගේ කතාව ඇසීම සතුටක්, මගේ පියාත් ගමේ ඉඳන් GAQ කරලා හැටේ දශකයේදී ඔය වගේම විද්‍යෝදය සරසවියෙන් උපාධිය ලබා ගත් අයෙක්. ඒ කාලේ හැටියට එහෙම දෙයක් කරන්න සෑහෙන හිතේ හයියක් තියෙන්න ඕනේ.
ReplyDeleteසතුටුයි කකා. මගේ පියාත් විද්‍යෝදය උපාධි ධාරියෙක්. 65 ද කොහෙද.
Deleteඑහෙනං අපිට අර කැම්පස් සින්ඩියේ ජ'පුර කොටුවට පනින්න පුළුවන් වෙයි!
Deleteකකා මෙය කිසිසේත්ම නයි පැටියෙක් නොව දිරිය මිනිසෙකුගේ කතාවකි,කෙනෙකුට ඉගෙන ගන්නට සෑහෙන දෙයක් ඔබේ පියාගේ චරිතයෙන් ලබාගත හැක.පියාට නිවන් සුව පතමි.
ReplyDeleteතාත්තා එසේ කළාට මට නං ඒ වයස එන කොට කම්මැලිකම හැදුණා.
Deleteඑහෙනං "නයි පැට්ටා" මමයි!
ඔව් කාකා තුමෝ තාත්තාගැන ලියන ලිපි වලට මමත් ගොඩක් කැමති මගේ ලෝකේ වීරයා තාමත් මගේ සුදු තාත්තා ,, මං හිතන්නේ නැහැ මේක නයි ඇරීමක් ලෙස අපේ ඇනෝ කෙනෙක්වත් ගනී කියලා ඇනොලාත් තාත්තලා ඉන්න දරුවොනේ , තාත්තගේ දානෙන් පස්සේ තව එකක් ලියන්න ..
ReplyDeleteඅද කොමෙන්ට් මොඩරේෂන් එහෙමත් අයින් කරලා
Deleteඔබ කීවා සේ මා හිතනවා ඇනෝලා අද හොඳ ළමයි වෙයි කියා. කොහෙමටත් දැන් සතියක පමණ සිට කෂ්ටිය සිල් අරං තමයි ඉන්නේ.
Deleteතාත්තලා ගැන දරුවො ආඩම්බරෙන් කියන කතා නයි වෙන්නෙ නෑ කකා. දරුවන්ට ආඩම්බර වෙන්න පුළුවන් දෙමව්පියො වගේම දෙමව්පියන්ට ආඩම්බර වෙන්න පුළුවන් දරුවො ඉන්න එකත් වාසනාවක්.
ReplyDeleteඔය කියන්නේ ආඩම්බරකාර තාත්තලා ගැනද?
Deleteකිසි සේත් නයෙක් නො වේ.
ReplyDeleteඅපරාදේ! මදෑ මාත් නයෙක් අරින්න හැදුවා!
Deleteකකාගේ තාත්තව දැකපු සීමිත පිරිසෙන් එකෙක් තමයි මමත්.... දානේ කොහෙද දෙන්නේ...... ඔහේ දෙනවානම් ඒ ගැනත් දාන්න.
ReplyDeleteඅපේ තාත්තා ගැනත් නයෙක් ද දන්නෑ මෙන්න කතාවක්.
අපේ තාත්තා කරාටේ කලුපටි කාරයෙක්, පත්තර වාර්තාකාරයෙක්, පොටෝ කාරයෙක්, ඉංග්‍රිසි සිංහල දෙමළ ඕන බාසාවකින් කතා කරන්නත් පුලුවන් හරිද! :D
වීරයා ගැන පුංචි කතාවක් මෙතනත් ඇති.
http://cyberyaya.blogspot.com/2013/02/blog-post.html
http://cyberyaya.blogspot.com/2013/02/blog-post.html
Deleteඅපේ අපේ තාත්තත් මෙවැනිම තනිවම ඉගෙන ගත් කෙනෙක්. ඔහු පස්තාච්චි ද නිම කළා (නයෙක්). ඒ කාලයේ "ප්‍රභූ" නොවන කෙනෙකුට ඉතා අසීරු කාර්යයක්. එය නොවේ කකා, ඒ කාලෙට වඩා අද හැම අතින්ම, අධ්‍යාපනය ප්‍රජාතාන්ත්‍රික වෙලා. එහි අවස්ථා පුළුල් වීම නම් හොඳ මදි තමා. නමුත් අප පවා අධ්‍යාපනය ස්වභාශාවෙන් ඇරඹීම හා පාසල් අධ්‍යාපනය නිදහස් කිරීම නිසා බිහිවුන කට්ටිය.
ReplyDeleteපස්තාච්චි නම් නියම නයෙක්.
Deleteඇයි රයිගම් තාත්තා පොත් පවා ලියපු කෙනෙක් නේද? අන්න සැබෑ නයි!
//තාත්තා ගැන නයි පැට්ටෙක්//
ReplyDeleteම්හු..මාතෘකාවයි කතාවයි නොගැලපේ. '"තාත්තා ගැන ගුණ වැයුමක්" වගේ මාතෘකාවක් හොඳ නැද්ද? :-)
ගුණ යහපත් තාත්තලා ඉක්මනට නිවන කරා යනවලු. කකාගෙ තාත්තත් එහෙම වෙයි!
අපි හැමෝගෙම පලවෙනි වීරයා තමයි තාත්තා කකා..පුංචි කාලෙ තාත්තගෙ අතේ එල්ලිලා පන්තිය ලගට එක්කන් යන්නෙ හරිආඩම්බරෙන්
ReplyDeleteමට නං නයෙක් විදියට පෙනෙන් නෑ කකා උත්සාහවන්ත මිනිසකු ගැන කතාවක් මිසක්.
ඔබේ පියතුමාට නිවන් සුව අත්වේවා !!!
කකා දණ ගහල වඳින්න දන්නේ නෑ.
Deleteකොයි උබලගේ අනිත් දෙනම.
Deleteඅනිත් උං ගැන නං කියන්න දන් නෑ බං ..
Deleteකාවා මිසිං උනා ටික දොහකට
විචාරක මහත්තැන් කාවා ව වැඩි සද්ද දැම්මොත් උස්සනවා කියල තිබ්බ නේද ?
Deleteහයිඕ සන්තානං මෑණියේ !
කාවා මුන්නයි පිල්ලි මුන්නයි අද නැහැ වගේ :)
Deleteඔව් මහසෝන මචං ඌ දවස් තුනකට එන් නෑ
Deleteකිය කිය හිටියෙ . විචාරක තුමා සද්දයක් දැම්ම විතරයි ඇඩ්‍රසුත් නැතුව ගියානෙ බං එකපාර. කෝ මේකා
අපූර්වී සහෝ
උන් නැතුව කකාගෙ බ්ලොග් එක පාලුයි පාලුයි වගේ !
හැබැයි කවාත් අතහැරලා නෑ. ඌ දාපු සද්දෙකින් විචාරකතුමාගේ හෙළුව හැමෝම දැන ගත්තා.
Deleteතාත්තා ගැන හරියටම දැන ගන්නේ අපිත් තාත්තලා උනාම. කකා මොකද කියන්නේ.
ReplyDeleteගෙදරින් කොච්චර ඈත හිටියත් තාත්තා කියන වචනේ ඇහෙනකොට හිතට දැනෙනවා මම තනිවෙලා නෑ කියලා.. <3 <3 <3
ReplyDeleteතමන්ගේ උත්සහයෙන් ඉහලට ආව ඔයාගේ තාත්ත ගැන ඔයා ආඩම්බරයෙන් කතා කරනව වගේම, ඔයාගේ දරැවන්ටත් ඔයා ගැන ආඩම්බරයෙන් කතා කරන්න පුලුවන් චරිතයක් ගොඩනගා ගන්න.
ReplyDeleteදැන් ඔය නයා ඇරීමත් ඉතිං අතිශෝක්තියක් නෙමෙයිනෙ... තමන්ට ඇත්තටම තියන දේවල් ගැන කියාගන්න ක්‍රමයක් සකසා ගැනීමක්නෙ.
ReplyDeleteඉගෙන ගන්න තාත්තා කාපු කට්ට බොහෝ සේ අගය කරනවා. මට නම් බොහොම හිත ඇදිලා ගියේ මේ පින්තූරෙට, තාත්තගෙ මූණ පැහැදිලිව නොපෙනුණත්, ඒ දෙන්නගේ හිතේ සතුට නම් හොඳටම පේනවා. කකාට තියෙන්නේ අම්මගෙ මුහුණුවර මම හිතන්නේ.... තට්ටේ නම් කොහෙන් ආවද මන්දා :)
MUGE WEDEMA NAI ARINA EKAI. E MADIWATA, JOKA IRANA, PUKA PENNAGENA, CHOO, PADA, JEETH DANAWA.
ReplyDeletekaka ada appachchi gena shoak kathawak liyala. harima asai kiyawanna. ape appachchith oyita wediya ugathek. eyata Agriculture gena Ph.D ekak thubuna. Agri. walata eya hari dassaya. Appachchi dan nehe. Ane eya hitiyanam. mulu yayak saru karanawa.
ReplyDeleteමෙව්ව නයි නෙමෙයි නෙ. හොඳ අවංක සත්‍ය කතා
ReplyDeleteනයෙක් වන්නේ මේවා අතින් දමා නැති දෙයක් ආරෝපණය කලානම්ය.
ReplyDeleteමේ කතවෙ නවකතාවක සාරාංශයක් වගේ තමයි මට පෙනෙන්නේ.
ReplyDelete//ඔබේ කමෙන්ටු ඟෙහි පලවෙන්නේ මා මුලින් ඒවා කියවූ පසුවයි.//
ReplyDeleteපිස්සුද බං. නැත්නම් අපි හීනයක් දකිනනවද. මේ කොමන්ට් යස අගේට වැටෙන්නේ.
කෝකටත් කකා //ඟෙහි// කියන වචනය මෙහි කියලා හදමු.
මමත් ලියනවා දවසක මගේ තාත්තා ගැන පොට්ටුවක් ..... කකාට විතරද නයි අරින්න පුළුවන්
ReplyDeleteඔබේ දෙමව්පියන් හරිම අපූරු නිර්ව්‍යාජ මිනිසුන් යැයි හිතෙනවා....මම උඩ තියෙන පින්තූරයට බොහොම කැමැත්තෙමි.
ReplyDeleteනයෙක් කියලා නම් කොහෙත්ම හිතෙන්නේ නෑ.. පුතෙක් තාත්තා ගැන ආඩම්බරයෙක් කියපු කතාන්දරයක් මේක නම්..
ReplyDeleteකතන්දරගෙ තාත්තා ගොඩක් උත්සාහවන්ත අරමුණක් ඇතුව ඉදිරියට ගිය කෙනෙක්. කතන්දරත් ඒ වගේද අයිඩියා එකක් මට නෑ මං ඔයාගේ බ්ලොග් එකට අලුත් නිසා. සිරිල් වික්‍රමගේ නලුවාගෙ ෆියුනරල් එක තිබ්බා දැං මාසෙකට කලින් විතර.
ReplyDeleteවෙලාවකට හිතෙනවා අපි දුවන කෝච්චියට අහුවෙලා වගේ රස්සාවල් කරන් ඉගෙන ගෙන හිටියට ඉස්සර මිනිස්සු අවශ්‍යතා ටිකක් එක්ක දරුමල්ලො එක්ක කොච්චර සතුටින් නිවීසැනසිල්ලෙ හිටියද කියලා නේද?