Saturday 18 May 2013

බුද්ධාගං සංස්ථාව විවේචනය කිරීමට මූලික අයිතිය ඇත්තේ කාටද? - Self-critisism Vs criticising others


මේ කතන්දරේ මට මතක් වුනේ මං පෙරේදා දාපු "බුද්ධාගං කල්ට්වල නෝනා මහත්තුරු - Me good you bad concept" කියන සටහනට ආපු ප්‍රතිචාර සහ ඒ සටහනේ මං සඳහන් කරපු නිර්-ආගමිකයෝ බ්ලොග් එකේ රිටිගල ජයසේන ලියපු ලිපියට ඇවිත් තිබුණු ප්‍රතිචාර කියවද්දී යි.

මෙන්ම මුලින්ම මගේ කතන්දරේ.

මේ සිද්ධිය වුනේ මං පේරාදෙනිය විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ අවසන් වසරේ ඉගෙනුම ලබමින් සිටිය කාලේ. ඒ අවුරුද්දේ අපේ වාර්ෂික ප්‍රිය සම්භාෂණයට බෑන්ඩ් එකක් හොයා ගන්න අපිට ඕනෑ වුණා.

ඒ දවස්වල මහනුවර පැත්තේ ජනප්‍රිය බෑන්ඩ් එකක් ප්ලේ කළා නුවර වැවට උඩ පාරේ තියෙන හොටේල් සුයිස් එකේ. (බෑන්ඩ් එකේ නම නං දැන් අමතකයි. ඒක හීසොනයිට් ය කියලා යාළුවෙක් කියනවා).

අපිට ඕනෑ වුනේ මේ බෑන්ඩ් එක බුක් කරගන්නයි. ඉතිං, මායි ඔය බෑන්ඩ් එක තරමක් දන්න මගේ බැචෙකුයි සෙට් වුණා මේ ජොබ් එක කතා කරගන්න යන්න හොටේල් එකට.

ඔන්න අපි දෙන්නා බස් එකේ නුවරට ගිහින් වැව පාර දිගේ හොටේල් සුයිස් එක පැත්තට ඇවිද ගෙන යනවා. වේල්ස් පාක් එක ලඟින් හැරිලා කන්ද නැග ගෙන යන කොට දකුණු අත පැත්තේ තියෙනවානේ මල්වතු මහා විහාරය.

මං මේ පන්සලට ගිහින් නෑ. නමුත් මං දන්නා විදියට මේක නිකං පන්සලක් නොවෙයි. මේක තමයි සියම් නිකායේ මල්වතු පාර්ශවයේ හෙඩ් ක්වාටර්ස් එක. මෙතන තමයි නායක හාමුදුරුවරුන් ගේ කාර්යාල සහ ආවාස තියෙන්නේ. ඊට අමතරව මෙතන පිරිවෙනක් තියෙනවාද කොහෙද.

ඉතිං පන්සලේ විශාල ගොඩනැගිලි තියෙනවා. ඒවා පාරේ යනකොට පේනවා.

මේක දැකපු මා එක්ක ගිය මගේ බැචා කිව්වා මෙන්න මේ වගේ කතාවක්.

"යකෝ, බලපංකෝ මේ පන්සලේ බිල්ඩින්වල ලොකු! මිනිස්සු දුක් විඳිනවා. හාමුදුරුවරු සුර සැප විඳිනවා!"

දැන් මේක අපි කලින් අහලා නැති අමුතු කතාවක් නොවෙයි නේ.

සුනිල් ආරියරත්න මේ වගේ දේවල් ගැන ලියපු සින්දු කීපයක් ම අපි අහලා තියෙනවා නේ මන්දා නාලනී නැන්දා කියනවා.

ඒ වුණාට මට මේ කතාවේ පොඩි අවුලක් දැණුනා.

මොකක්ද කියලා එක පාරටම හිතාගන්න බැරි වුණත් තත්පර කීපෙකින් වැඩේ ක්ලික් වුණා.

මෙන්න මේකයි අවුල.

මා එක්ක මේ කතාව කියන මගේ බැචා බුද්ධාගමේ නොවෙයි!

පරම්පරාවෙන් බුද්ධාගංකාරයෙක් බුද්ධාගම විවේචනය කිරීමයි වෙනත් ආගමක කෙනෙක් බුද්ධාගං වැඩ විවේචනය කිරීමයි අතරයි ලොකු වෙනසක් තියෙනවා.

ඒ වගේම පරම්පරාවෙන් බුද්ධාගංකාරයෙක් බුද්ධාගම විවේචනය කිරීමයි ඔහු හෝ ඇයම වෙනත් ආගමක වැඩ විවේචනය කිරීමයි අතරත් ලොකු වෙනසක් තියෙනවා.

මේ නියමයේ කොරොලරිය තමයි මෙන්න මේක.

ස්වයං විවේචනයක් කරන්න බැරි වුන්ට අනුන්ව විවේචනය කරන්න අයිතියක් නෑ.

රිටිගල ජයසේන ගේ ලිපියට සමහරු දාලා තියෙන ප්‍රතිචාරවලට මගේ උත්තරය ඒකයි.

මෙන්න මං ලියපු බුද්ධාගම සහ පන්සල්වලට සම්බන්ධ කතන්දර කිහිපයක්.

1. බණ, වැදි බණ, බුදු බණ, පොප් බණ සහ අනේ අපොයි බණ
2. පන්සල් ළඟදී පස්ස පැත්ත ඉස්සීම - First class, second class and third class temples?
3. පරගස්දෙනියේ බුද්ධවංශාභිදාන කතා වස්තුව - Once upon a time....
4. ඇසින් දුටුවොතින් ජඩ වැඩ දඹුලු පෙත, බුදුන් පාරළෙයි වනයට වඩිනු ඇත - වෙසක් සිතුවිලි :: Wesak thoughts
5. දතේ පන්සල, ජනාධිපති සහ අරලිය ගස් (කතන්දරයක්මත් නොවේ!)
6. චතුරාර්ය සත්‍යයත් ඕපන් සෝස් සංකල්පයක්! - Four noble truths, an open source concept?
7. බුදු දහම නිසා සමහරු නිවන් ගියා, බුදු පිළිම නිසා සමහරු හිරේ ගියා - Antidote to doubt is not faith but enquiry!
8. පොඩි සාදු ගේ වලත්ත කතාව - Thus Have I Heard (a story from yesteryear)
9. සිල්වත් සාදු ගේ රහස - Brain drain?
10. සාදු, සාදු, පොඩි උදව්වක් කරනවද?
11. පාටි ජෝක්ස් - තිස්ස ගේ ආගම් මාරුව
12. ඊ ලඟ ආත්මේ - හොඳ තැනක ඉපදෙමු...!!!
13. පොඩි පොඩි විහිළු කතා දෙක තුනක්
14. සිදුහත් ගිහි ගෙය හැර ගියේ ඇයි? රහස එළිවෙයි! - Not many people will get this?
15. විනාඩි විසිපහක් තියෙනවාද? නොහොත් ස්පර්ශකය - WTH is that?
16. කතන්දරකාරයා මහණ වී හිටි බව එලිදරව් වේ!
17. බිනර පෝ දා බණ පදයක් (දෙකක්, තුනක්) අහමු : A poem written in two languages
18. සුදු හාමිනේ ට මොකටද සල්ලි හෙවත් බබාලයි අම්මා ගේ අවාසනාව - Lucky child, unlucky mother!
19. මටත් තියෙන ප්‍රශ්න - Oh, these problems
20. ඒකෝන් ගේ ලංකා ගමන සහ කතන්දරකාරයා ගේ දෙව් ලොව ගමන - Akon's trip to Sri Lanka and my trip to the heaven
21. දත මැද ගැනීම – හෙවත් – ටැම්පල් ඔෆ් ද සේක්‍රඩ් ටූත් රෙලික් කතාව ඉදිරියට : Get your tooth brushed!
22. වැසිකිලිය, කැසිකිලිය සහ ගඳකිලිය
23. රා බොමු, කවි කියමු! - Vi auguro un felice anno nuovo!

-කතන්දරකාරයා

ප/ලි:
මගේ ඒරොප්පේ කතන්දර නැවත සඳුදා සිට ඇරඹෙනු ඇත.


(image: http://www.nation.lk/2010/04/18/eyefea1.htm)

66 comments:

  1. ඒක තමා සත්‍යය.

    ReplyDelete
    Replies
    1. තම්නගේ ඇහේ පොල් පරාල නොපෙනී අනුන්ගේ ඇහේ පොල් කෙන්ද පේනවා කියන්නේත් ඔය වගේ ම කතාවක් තමයි.

      Delete
  2. බුද්ධාගම ගැන කතන්දර ලියපු මේ ලිපිය අමතක උනාද....අමතක කලාද?

    චතුරාර්ය සත්‍යයත් ඕපන් සෝස් සංකල්පයක්!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි, එකතු කළා!

      Delete
    2. මයිල් කෙලින් වෙන ලෙසටම සිතිවිල්ල ලියල නොවැ.
      ස්තුතියි මයියා කකාට මතක් කිරීම ගැන.
      අනිත් ටිකත් පස්සෙ කියවනව.
      කකාව අදහන්න වටිනවනෙ.

      Delete
    3. මැරුණට පස්සේ දෙවි කෙනෙක් වෙන්නයි අදහස!

      Delete
  3. ස්වයං ව්වෙච්න  කෙසේවෙතත් සංවර්දනාත්මක ව්වෙචනයක්වත් පිළිගන්න බැරිකම තමා ඕකට හෙතුව්. තමුන්ගේ අම්මා තාත්තා බුද්ඩගමේ නොවුනානම් ඔය කීයෙන් කීදෙනෙක් බුද්ඩගම්කාරයෝ වෙයිද? ඕක හැම ආගමකටම පොදුයි.වරද ඇත්තේ විවේචන්න පුද්ගලිකව බාරගනිමත් ඒවා මගින් තමන් සදාගෙන සිටින ප්රතිරුපය බිදවැටෙයි කියන බයත් නිසා ඕනවට වඩා  defencive වීමයි. "Holier-than-thou". 

    ReplyDelete
    Replies
    1. ඒහි පස්සිකෝ යනාදී දහම් ගුණ අමතක කරනවා. බුදු දහම දේව භාෂිතයක් කරගන්නවා.

      Delete
  4. \\\\පරම්පරාවෙන් බුද්ධාගංකාරයෙක් බුද්ධාගම විවේචනය කිරීමයි වෙනත් ආගමක කෙනෙක් බුද්ධාගං වැඩ විවේචනය කිරීමයි අතරයි ලොකු වෙනසක් තියෙනවා.///

    අන්න ඒකයි ප්‍රශ්නේ මෙතන , අන්‍ය ආගමිකයෙක් බුද්ධාගම විවේචනය කරයි නම් එතන පොඩි අමතර ගැටළුවක් එනවා. ඒ තමයි ඔහු එම විවේචනය සිදු කරන්නේ සද්භාවයෙන්ද කියන දේ ...? නැතිනම් ද්වේශ සහගතවද කියන දේ ...?

    ( බුද්ධාගම් කාරයෙක් වෙනත් ආගමක් විවේචනය කරද්දීත් මේක පොදුයි )


    ඔය විදිහට හිතලා බලද්දී අපිට කල්ට් එකක් උනත් විවේචනය කරන්න බැහැ උසාවි මට්ටමට යද්දී. හැම දේම පැවතිය යුතුයි කියලා අවසන් තීන්දුව ලැබෙන එක විතරයි වෙන්නේ අධිකරණයෙන්.

    ====================================
    එවිට තව ගැටළු එනවා ..( මේ ටික පෝස්ට් එකට 100% සන්බන්ධ නැහැ )

    01.ඇස් පනා පිට ත්‍රිපිටක ධර්මය විකෘති කරද්දී අපි මොකද කරන්නේ ...?
    02.ඇස් පනා පිට බුද්ධාගම වේවා වෙනත් මොන යම් හෝ ආගමකට අපහාස වෙන විදිහට කටයුතු සිද්ධ වෙද්දී අපි මොකද කරන්නේ ?
    03.කල්ට් සහ ප්‍රධාන ආගම නීතිය ඉදිරියේදී වෙන් කර හඳුනා ගන්නේ කෙසේද ...?

    ======================================

    හොඳම දේ තමයි සියලු දෙනාම ආගමික සහජීවනයෙන් ජීවත් වීම. බොහෝ මිනිස්සු තමන්ගේ ආගමට වචනයක් කිව්ව හැටියේ නයි වගේ කිපෙනවා . ආගම උනත් අන්තවාදීව අදහන්න යෑම තමයි එවැන්නකට මුල.ආගමකින් ඇති කරන තැන්පත් බව ආගම නිසාම බිඳ ගන්නවානම් තේරුමක් නැහැ....

    ReplyDelete
    Replies
    1. එනිසා තමයි මෙතන බුද්ධාගං සංස්ථාව කියලා දාලා තියෙන්නේ.

      Delete
  5. මම නම් හිතන්නේ ආගමික ශස්තෲන්වරුත් කලේ ජනතාව මුලාවෙන් ගලවා ගන්න එක. අපේ ආගමේ බුදුන් දෙසු දෙයට පිටින් යමක් වෙනවා නම් ඒක විවේච්නය කිරීමට අයිතියක් තිබිය යුතුයි. නැත්නම් ඒක බුදු රජානන් වහන්සේටත් කරන අපහාසයක්.

    ReplyDelete
    Replies
    1. ප්‍රශ්නේ මොකද්ද බුදුන් දෙසු ධර්මය කියන එක....එක කට්ටියක් කියනවා බුදු හමුදුරුවෝ මෙහෙම දේශනා කලා කියල ..තව කට්ටියක් කියනවා නැහැ මෙහෙමයි කියල...දැන් ප්‍රශ්නේ තියෙන්නේ ඔරිජිනල් බුද්ධාගම හොයා ගන්න එකයි....අසපුවේද ?භාවනා මධ්‍යස්ථානයේද ?ගමේ පන්සලේද ? වන සෙනසුන් වලද නැතිනම් බොදු බල සේනා ලඟද?

      Delete
    2. 1. හැම දෙයක්ම විවේචනයට යටයි, ප්‍රශ්න කල හැකියි!

      2. බොදු බල සේනා කියන්නේ දේවදත්ත නිකාය නේද? ඒ කියන්නේ අර ගල් පෙරලන, නාලාගිරිලාට රා පොවන කෂ්ටිය!

      Delete
  6. අන්‍යාගම් පැත්තකින් තියන්න. බුද්ධාගම් කාරයකුටවත් බැහැලු නේ හාමුදුරු කෙනෙකුගේ වරදක් විවේචනය කරන්න. එහෙම තමා මේ අපේ නූතන බුඩිස්ට් ෆෝර්ස් ආමි වාදීන් කියන්නේ. ඒ කියන්නේ ඉන වටේ සිවුරක් තියෙනවා නම්: බේබද්දාට බේබද්දා කීම වැරදියි, ස්ත්‍රීලෝලියා ට එහෙම කීමත් වැරදියි.. ඔක්කොම වැරදියි හාමුදුරුවෝ ඇරෙන්න..

    අනේ අම්මප මේ වගේ ශාසනඛාදක, ධර්මඛාදක හැත්ත ගහල පන්නන්න විදියක් නැති හැටි!

    ReplyDelete
    Replies
    1. මෙහෙමයි, එහෙම ගහල පැන්නිල්ල කියන එකත් වැරදියි නේ. ඔවුන් නිරායාසයෙන්ම කොන්වී යා ය්‍රුතුයි. එහෙම වෙන්නේ සමාජයම ධාර්මික නම්. අදමිටුවන් ඉන්නා තුරු ඔය ආකාරයේ අයත් ඉඳීවී.

      Delete
    2. ඔව් ඒ කතාවත් ඇත්ත. මට කියන්න ඕනේ කළේ ගිහියෙක්, ගිහියෙක් වීම නිසාම සහ චීවරධාරියෙක් චීවරධාරියෙක් වීම නිසාම, විවේචනයේ අයිතිය ඒකපාර්ශ්වික වීම මොන තරම් සාධාරණද කියන කාරණය.

      Delete
  7. බුදු දහමේ තියෙන කිසිම දෙයක් විවේචනය කරන්න කාටවත් බෑ.නමුත් ඒවා පවත්වන් යන අය ගැන විවේචන තියෙන්න පුළුවන්. අර පිට ආගම් අය ඒක කරත්දී ද්වෙශයෙන්ද කියන්නේ කියලා තෝරා ගන්න වෙනවා. සහන් කියන්නෙත් එකමයි. වැරැද්ද කවුරු පෙන්වා දුන්නත් බාර ගන්න බුදු හාමුදුරුවොන්ගේ කාලේ උදාහරණත් තියෙනවා.

    ReplyDelete
    Replies
    1. බුදු දහමේ තියෙන දෙයක් උනත් කිවූ පමනින් දොහොත් මුදුන් දී පිළිගන්න කියල නැහැ අන්කල් .විමසා හදාරා පිළිගන්න .සාධාරණ විවේචනයකට ඉඩකඩ තියෙන බවක් තමයි අපි දන්නා බුද්ධ දර්ශනයේ තියෙන්නේ.

      Delete
    2. බුදු දහමේ තියෙන කිසිම දෙයක් විවේච්නය කරන්න බෑ කියන්නේ. තලේබාන්වාදය. වෙන මොකක්වත් නෙමෙයි. මුදු හාමුදුරුවෝ කියලා තියෙන්නේ සත්‍යයයි හැඟේනම් පමණක් පිළිගන්න කියලා විතරයි. උන්නාසෙටත් වැරදුන තැන් අනන්තයි, අප්‍රමාණයි...

      Delete
    3. බුදු දහමේ තියෙන කිසිම දෙයක් නොවේ, හැම දෙයක්ම විවේචනය කරන්න පුලුවන්.

      සිද්ධාර්ථ ගෞතම කියලා කෙනෙක් හිටියා ඔබතුමා දන්නවද දන්නෙ නෑ. එතුමා නම් කිව්වේ තමන්ගේ නිවණ පවා ප්‍රශ්න කරන්න කියලා.

      පොඩි කාලෙ බයිබලේ කියවපු උන් දැන් කාලෙ ඒක ප්‍රශ්න කරන්න පටන් අරගෙන. හැබැයි අපේ අයියලාට ඕනේ බුද්ධාගමත් බයිබල්ගත කරන්න.

      Delete
  8. තැටිය රත්වී ඇත
    රොටිය පිච්චීමට සූදානම්ද ?

    ReplyDelete
    Replies
    1. රොටිය නම් පිච්චුවා.... පුන්නක්කු වල ඔබන් කන්න... නෙදකින් යකෝ වැදගත් අදහසක් කියන්න ඉගෙන ගනින් .... බුද්ධිය වර්ධනය කර ගනින් .... බලපන් උඩ ඉන්න මිනිස්සු දිහා ... ඉගෙන ගනින් යකෝ ... හැදියන්...

      Delete
    2. හරියට හරි,වැරැද්ද දුටු තැන පෙන්නල දෙන්න ඕන.එතකොට තමයි හැදෙන්නෙ Good Ano.

      Delete
    3. ජේ සන්... ඔබ ඔය බොන කොළ කැද කෝප්පයට අල කොල එක්කර බොන්න.... මොලය වර්ධනය වේ.....

      Delete
    4. ලොකු දෙයක් නෑ පොඩි විහිලුවක් පමණයි !
      ;-)

      Delete
    5. ජේ සන් බොන්නේ කොකා කෝලා වගෙයි මට නම් පේන්නේ!

      Delete
  9. sinhala heading is qite different from enlish heading. whole story is an insult to Buddhism.

    ReplyDelete
    Replies
    1. මෙහි පරිවර්තක සේවා නැත. මාතෘකා දාන්නේ කතාවට සරිලන ලෙසටයි.

      Delete
  10. Nanda Malini Aunty nam Sunil Ariyaratne, Uncle wenta oone neda? Malwathu Viharaya genath hariyata danne nethiwada mewa liyanne. Wesak sathiye agamata aphasa karanawada?

    ReplyDelete
    Replies
    1. මල්වතු විහාරය ගැන දන්න, ඒක වැඳ පුදාගන්න ගිය බෞද්ධයෝ කී දෙනෙක් ලංකාවෙ ඉන්නවාද? බොහොම අල්පයයි. මල්වතු විහාරෙට කවුරු හරි ගියානම් බොහෝ විට ගමේ පන්සලේ සාමනේර නමක් උපසම්පදා වෙන වෙලාවකදි වෙන්න ඕනෑ. ඒකට ඉතින් සියම් නිකායෙ මල්වතු පාර්ශවයෙ පන්සලක් වෙන්නම ඕනැ. මල්වතු විහාරය කියන්නෙ බෞද්ධයෝ කවුරුත් වැඳ පුදා ගන්න අනුරාධපුරයෙ අටමස්ථානය, නැත්නම් ශ්‍රී පාදස්ථානය වගේ තැනක් නෙවෙයි.
      මොකක්ද මෙතන තියන අපහාසය කියල පැහැදිළි කරන්න කරුණාකරල. මං හිතුව මේ වගේ ලිපියකට සාසනේ අදහන අය විරුද්ධ වෙයි කියල.

      Delete
    2. මේකයි, මේ බබාලට විහාරයක්, ජාතක කතාවක්, රහතුන් වහන්සේ නමක් මොකක්හරි පෝස්ට් එකකට ගෑවුණත් රිදෙනවා. පොඩ්ඩක් තේරුම් ගන්නකෝ.

      සුනීත සෝපාක මහණ කරපු බුදුන්ගෙ ශාසනේ කොටසක්ය කියන ඔය නිකායවල් එක්තරා කුලයක අය පමණක් මහණ කරගන්නේ ඇයි වගේ ප්‍රශ්න නම් වැරදිලාවත් අහන්න එපා.

      Delete
    3. HENAHURO, MEKE WACHANAYAK PASA APHASETA NOVEDA LIYALA THIYENNE.

      Delete
    4. 1. සුනිල් ලා ගේ නන්දා ලා ගේ නෑකං මට අනවශ්‍යයි.

      2. අපේ ගමේ පන්සල අස්ගිරි චැප්ටර් එකේ. ආනන්ද සාදු ගේ උපසම්පදාව එතනින්. ගමෙන් බස් එකක් ගියා. අපි පොඩි කාලේ.

      3. ඔතනදී කුලය විතරක් නොවෙයි බලන්නේ. කසාද සහතිකෙත් බලනවා.
      [පරගස්දෙනියේ බුද්ධවංශාභිදාන කතා වස්තුව - Once upon a time.... : http://kathandara.blogspot.com/2012/08/once-upon-time.html]

      4. -

      Delete
  11. "
    දකුණු අත පැත්තේ තියෙනවානේ මල්වතු මහා විහාරය.

    මං මේ පන්සලට ගිහින් නෑ. නමුත් මං දන්නා විදියට මේක නිකං පන්සලක් නොවෙයි. මේක තමයි සියම් නිකායේ මල්වතු පාර්ශවයේ හෙඩ් ක්වාටර්ස් එක. මෙතන තමයි නායක හාමුදුරුවරුන් ගේ කාර්යාල සහ ආවාස තියෙන්නේ. ඊට අමතරව මෙතන පිරිවෙනක් තියෙනවාද කොහෙද.

    ඉතිං පන්සලේ විශාල ගොඩනැගිලි තියෙනවා. ඒවා පාරේ යනකොට පේනවා.

    මේක දැකපු මා එක්ක ගිය මගේ බැචා කිව්වා මෙන්න මේ වගේ කතාවක්.

    "යකෝ, බලපංකෝ මේ පන්සලේ බිල්ඩින්වල ලොකු! මිනිස්සු දුක් විඳිනවා. හාමුදුරුවරු සුර සැප විඳිනවා!"
    ---------------------------------
    කකා /
    ඔබට ඇතුලටම ගොස් බලන්න තිබුනනේ..ඒකෙන් වැරදි නිගමන වලට එන නිසා මඳ දැනීම භයානක දෙයක්.මල්වත්තේ මහා නායක හාමුදුරුවන්ගේ නිල නිවාසය පාර අයිනේ තියෙනවා.ඊට අමතරව තියෙන්නේ සියම් නිකායේ මල්වතු පාර්ශවයට අයත් අනෙකුත් පන්සල්. ඒ කියන්නේ විවිධ පළාත් වල ඉන්න නායක හාමුදුරුවන්ට අයත් පන්සල්.ඒ නායක හාමුදුරුවරුන් මහනුවර ආපුවාම වැඩ ඉන්නේ ඒවායේ.ඒ ඒ පළාත් වල ජනයා තමන්ගේ සාමනේර හාමුදුරුවන්ගේ උපසම්පදා පින්කමට නුවර ආපුවාම නවතින්නේ තමන්ගේ නායක හාමුදුරුවන්ගෙ පන්සලේ.(මමත් එහෙම ඉඳල තියෙනවා)ඊට අමතරව වැලිවිට අසරණ සරණ සන්ග රාජ හාමුදුරුවෝ වැඩ හිටපු පන්සලත් එතන තියෙනවා.උන්වාහ්න්සේ විසින් ආරම්භ කරපු සඟරාජ පිරිවෙනත් එහි ඉගෙන ගන්නා සාමනේර භික්ෂුන් වහන්සේලාගේ නෙවාසිකාගරත් එතන තියෙනවා.

    ReplyDelete
    Replies
    1. පැවිදි වෙන්න එන උදවියගෙ කුලේ චැක් කොරන ඔෆීසිය තියෙන්නෙ කොහෙද ආයුබොවන්?

      Delete
    2. ආයුබෝවන්,

      කිර්ති ශ්‍රී රාජසිංහ රජ්ජුරුවෝ සඟරාජ හාමුදුරුවෝ බැහැ දකින්න පන්සලට යනකොට එතන හිටපු අලුත මහන වෙච්ච හාමුදුරුවෝ නමක් රජු එනවා දැකලා හුනස්නෙන් නැගිටලා තියෙනවා.භික්ෂුවක් වශයෙන් තමන්ට නුසුදුසු ගව්රවයක් දැක්වීම ගැන රජු තරහා ගොස් ඒ කාරණය විමසා බැලු විට එකී භික්ශුවගේ හිනා ජන්මය නිසා ඇතිවූ හීනමානය මත එය සිදුවූ බව හෙළිදරව් කරගත් පසු මින් ඉදිරියට හින කුල වල අය උපසම්පදා නොකළ යුතු යයි නීතියක් පැනවුවා. ඒක රාජ නීතියක් .එමෙන්ම දළදා හාමුදුරුවන්ට සවස (6.45 ට කරන ගිලන්පස පුජාවෙන් පසු) 7.15 ට තවත් ගිලන්පස පුජාවක් කල යුතු යයි තවත් රාජ නීතියක් තියෙනවා.
      මේ රජ්ජුරුවෝම දිනපතාම දළදා හාමුදුරුවන් වැඳීමට මාලිගාවට ඇතුල් වෙන කොට පල්ලේ මාලයට ඇතුල් වෙන තැන තියෙන සඳකඩ පහන තුලසිරිතක් ලෙසින් තම ඔටුන්න තබනවා. මේ ඔටුන්න තැබූ තැන නොපාගා මාලිගාවට ඇතුල්වීම ජනතාව සිරිතක් ලෙස කළා.ඒක මහජන නීතියක්.අලුත් උපන් බිලිඳුන් මාලිගාව තුලට් ගෙනැවිත් දළදා හාමුදුරුවන් වැන්දවිම තවත් මහජන නීතියක්. මේ රාජ නිති සහ මහජන නීති අදටත් ක්‍රියාත්මක වෙනවා. ඉතින් ආයුබෝවන් මේ නීති එකක් වත් බුද්ධ නීති නෙමෙයි. ඒක පැහැදිලිව දැනගත්තොත් හොඳා.

      Delete
    3. ඒ හාමුදුරු නම රජා දැකලා නැගිටීම වනාහී පරම්පාරා ගණනාවක් තිබුණු සමාජ පීඩනයේ අතුරු ඵලයක්.

      මේ ක්‍රින රජා ඒකට දුන්නු විසඳුම මොකක්ද? ඒ සමාජ අසාධාරණය තව දුරටත් පවත්වාගෙන යාමයි. ඒ බුදු දහමට පටහැණියි.

      ඒ රජා ගේ නීති අදත් පවත්වාගෙන යන අය දිගටම පාරාජිකා!

      Delete
    4. @wmk - එතකොට බුද්ධ නීති රාජ නීතිවලට යටයි ඈ??

      Delete
    5. ඔබ කිර්ති ශ්‍රී රාජසිංහ රජ්ජුරුවෝ නම් දෙන විසඳුම කුමක්ද?

      Delete
    6. කකා/
      මම ඔබට පැහැදිලි කලේ මහනුවර දළදා මාලිගය තුල බුද්ධ නිතිය,රාජ නිතිය මෙන්ම මහජන නීතියද ක්‍රියාත්මක වෙන අන්දමයි.මේ එකිනෙකට වෙනස් නීති වලට අනුගත වෙනවා මිස ඒවායේ හොඳ නරක ගැන තීරණය දෙන්න තරම් මා සුවිශේෂී අයෙක් නෙමෙයි.මා සාමාන්‍ය සිංහල බෞධයෙක්. ඔබේ දේශපාලන මතවාද ප්‍රචලිත කරන්න බුදු දහමට පහර ගැසීම කරන්න යන්න එපා (මම දේශපාලනය සත්වයෙක් නෙමෙයි). බෞද්ධ දර්ශනය හෝ බෞද්ධ ඇදහීම් ගැන ඔබට විවේචන තිබෙනවා නම් ඒවා කෙලින්ම ඉදිරිපත් කරන්න. අපි සාකච්චා කරමු. නමුත් බුදු දහම ගැන ප්‍රලාප ලියන්න එපා. ඔබ පාරාජිකා ගැන මොනවද දන්නේ?පළමුව ත්‍රිපිටකයේ විනය පිටකයේ තියෙන සතර පාරාජිකා ගැන කියවල ඉන්න.(ඉන්ටෙර්නෙට් එකේ ත්‍රිපිටකය තියෙනවා. තේරුමක් ඇති වැඩක් කරන්න
      සමරසේකර .

      Delete
    7. මට පෙනෙන ලෙස මෙම ලිපියෙන් නම් කිසිම අකාරයෙන් බෞද්ධ ඇදහිල්ලකට අපහාස වී නොමැත. සමරසේකර මහතාගේ අතිශය ශ්‍රද්ධාව නිසා ඔබතුමාගේ වල්ගය ඔබටම නොපෙනියමක් නම් සිදුව ඇති බව පැහැදිලි ය. ඔබතුමා කෙතරම් භක්තිමත් පුද්ගලයෙකු වුවත් ඔබතුමාට සරල හොඳ නරක වත් තේරුම් ගැනීමට විචාර බුද්ධියක් නොමැති බව ඔබතුමාම පිළිගෙන ඇත. එසේ තිබියදී ඔබ අන් අයෙක්ගේ අදහසක් ඔබ විවේචනය කරන්නේ කෙසේද?

      Delete
    8. @ wmk

      //..මින් ඉදිරියට හින කුල වල අය උපසම්පදා නොකළ යුතු යයි නීතියක් පැනවුවා. ඒක රාජ නීතියක්...//

      පහළින් දිනුක අයියා කියලා තියෙනවා වගේම රාජ නීතියෙන් බුද්ධ නීතිය වෙනස් කරන්න බැහැ. කෙසේ වෙතත් රාජ්‍යයේ පවතින නීතිවලට භික්ෂූන් අනුගත වෙන්න ඕනේ කියලා නම් බුදුන් වහන්සේ අනුදැන වදාළ බව දැක්වෙනවා.

      ඒ කෙසේ වෙතත් මෙතනදී රජතුමා සිදු කරන්නේ බුද්ධ නීති පරයා සඟ සසුනට රාජ නීති එක් කිරීමක්. එය පැහැදිලිවම සීමාව ඉක්මවා යාමක් වගේම බුද්ධ දේශනාව පැහැදිලිවම නොසළකා හැරීමක්.

      //..එමෙන්ම දළදා හාමුදුරුවන්ට සවස (6.45 ට කරන ගිලන්පස පුජාවෙන් පසු) 7.15 ට තවත් ගිලන්පස පුජාවක් කල යුතු යයි තවත් රාජ නීතියක් තියෙනවා...//

      දළදා වහන්සේට මේ මේ ආකාරයෙන් පුද පූජා පැවැත්විය යුතුයි කියලා බුදුන් වහන්සේ අනුදැන වදාළේ නැහැ. ඒවා කාලයත් එක්ක ක්‍රමිකව මිනිසා විසින්ම සකසා ගත් සිරිත් විරිත් පද්ධතියක්. ඒ සඳහා කාලීනව අවශ්‍ය කරන සංශෝධන බලයේ සිටින පාලකයා විසින් සිදු කිරීම ගැටළුවක් නෙමෙයිනේ.

      //...මේ රජ්ජුරුවෝම දිනපතාම දළදා හාමුදුරුවන් වැඳීමට මාලිගාවට ඇතුල් වෙන කොට පල්ලේ මාලයට ඇතුල් වෙන තැන තියෙන සඳකඩ පහන තුලසිරිතක් ලෙසින් තම ඔටුන්න තබනවා...//

      ඔබ දළදා වහන්සේ වැඩ සිටින ඇතුල් මාළිගාව ගිහින් තිබෙනවාදැයි කියන්න මම දන්නේ නැහැ. නමුත් මම ඒ භාග්‍යය අවස්ථා 4 කදී පමණ හිමිකරගෙන තිබෙනවා. දළදා වහන්සේ වැඩ සිටින මාළිගාවේ ඉහළ මාලයේ රිදියෙන් තැනූ උළුවස්සක පඩිය මත රජතුමා ඔටුන්න තැබූ බව තමා දැනගන්න ලැබුණේ. ඒ උළුවස්සේ පඩිය නොපාගා දළදාව වන්දනා කරන්න කියලා තමා තේවාව භාර නිලධාරීන් කියන්නේ. [දළදාව වැඩ සිටින ගන්ධ කුටියේ දොරටුව යොමුවෙන ආලින්දයට මුහුණලා අනෙක් පැත්තේ තියෙන උළුවස්ස]

      //..මේ ඔටුන්න තැබූ තැන නොපාගා මාලිගාවට ඇතුල්වීම ජනතාව සිරිතක් ලෙස කළා.ඒක මහජන නීතියක්....//

      ඒක මහජන නීතියක් කියනවාටත් වඩා ගැලපෙන්නේ මහජන සම්මතයක් කියන එක :D

      //..මේ රාජ නිති සහ මහජන නීති අදටත් ක්‍රියාත්මක වෙනවා. ඉතින් ආයුබෝවන් මේ නීති එකක් වත් බුද්ධ නීති නෙමෙයි...//

      හැබැයි රාජ නීතියෙන් හෝ මහජන නීතියෙන් බුද්ධ නීතිය උල්ලංඝනය වෙනවා නම් එතැනයි ගැටළුව තියෙන්නේ

      Delete
    9. කොහොම හරි හසිත මල්වතු අස්ගිරි පන්සල් වල ගොවිගම නොවෙන කෙනෙක්ට මහණ වෙන්න බැහැ.මහණ කරන්නේ නැහැ .මේ අදටත් එහෙමයි.නීති වේවා රීති වේවා මහජන සම්මත වේවා කොහොම හරි මහණ කරන්නේ නැහැ.

      Delete
    10. @ SilentSahan

      ඔව් ඔව් ඒක හැබෑව. අපේ ගම් පළාත්වල [ගම්පහ දිස්ත්‍රික්කේ] තියෙන සියම් නිකායේ පන්සල පවා මේ නීතිය අකුරටම කරන බව මම දැකලා තියෙනවා. ඒත් ඒ ගැන මගේ අදහස මම කලින් ප්‍රතිචාරයේ අන්තිමට කිව්වානේ. "..රාජ නීතියෙන් හෝ මහජන නීතියෙන් බුද්ධ නීතිය උල්ලංඝනය වෙනවා නම් එතැනයි ගැටළුව තියෙන්නේ.."

      Delete
    11. මේ වගේ විකාරයක් තවත් දරාගෙන ඉන්න තරමට වැඩවසම් වහල් මානසිකත්වයක් අපේ බෞද්ධ සමාජයට ආවේ කොහොමද?

      ප/ලි/ වැඩවසම්, වහල් වැනි වචන පාවිච්චි කිරීම මත මට "ජෙප්පා" යැයි කොටන්නට සැරසෙන ඇනෝලා වෙත: ඇයි මීට කලින් ජෙප්පො නොවෙන උන් මේ වචන පාවිච්චි කරනවා දැකල නැද්ද? (දන්නවනෙ ඉතුරු ටික)

      Delete
  12. //මගේ ඒරොප්පේ කතන්දර නැවත සඳුදා සිට ඇරඹෙනු ඇත//

    නයි පැදුර දිග අරින්නද යන්නේ....

    ReplyDelete
    Replies
    1. මොන නයිද බන්.
      නොදන්න අපිට දැනගන්න නේ ලියන්නෙ.

      Delete
    2. KAKKA BUWAGE MAHA PANDAMA KENJI

      Delete
    3. කක්කා බුවාගේ මහසමයම.

      Delete
    4. මෝඩකමට බේතක් හොයා ගත් දිනයක මේ ඇනෝලාට ඉසිකෝමානයෙන් තොරව, සතුටු සිතින්, බ්ලොග් කියවිය හැකි වෙනු ඇත.

      Delete
  13. ක.කකා,

    ඔබ නුවර වැව රවුමට පිවිසෙන්නට පෙර මාර්කට් එක ළඟ තිබෙන තඩි මුස්ලිම් මුස්ලිම් පල්ලිය දැක්කේ නැද්ද? මාලිගාව සතු ඉඩමක හොර ඔප්පුවක් අනුව සාදා ඇති ඒක නියමයි කියල ඔබේ මිත්‍රයා කිව්වද? ඇහෙලේපොල කුමාරිහාමි මාවතේ ඒ කොටස පල්ලිය පාර කියල වෙනස් කරලා තිබෙන බව ඔබ නුදුටුවේ කොහොමද? මල්වත්තේ පන්සල සුරසැප දෙන මාලිගාවක් ලෙස දුටු ඔබ ඊට මදක් ඉහලින් ඇති hillwood collage එකේ තියෙන ගොඩනැගිලි පහසුකම් වලින් සියෙන් එකක් වත් සඟරාජ පිරිවෙනේ ඉගෙනුම ලබන භික්ෂුන් වහන්සේලාට නැති බව දුටුවේ නැද්ද?

    ඔබට බෞධාගම හෝ භික්ශුන් වහන්සේලා ගැන විවේචන තිබෙනවා නම් එක කෙලින්ම ලියන්න. එහෙම නැතිව ලියන මෙහෙම ප්‍රලාප වලින් පිරිහෙන්නේ ඔබමයි.

    ReplyDelete
    Replies
    1. දැන් ඔය කකා ලියලා තියන එකමනෙ බන් උඹ කරලා තියෙන්නෙ.... හූ... හූ....

      Delete
    2. ATHTHAMA KATHAWA.

      Delete
    3. ඔබ වැන්නෙකුත් මෙලෙස නර්මාලාප දොඩවන්නේ ඇයි? මා කියා ඇති කතාව තේරුම් ගන්න බැරි ඇයි?

      අන්‍යාගමික මා මිතුරා ගේ කීම මට ඇල්ලුවේ නෑ. මා කියන්නේ තමන්ගේ ආගම විවේචනයට කලත් අනුන්ගේ ආගම් විවේචනය වැරදි බවයි.

      මා ඔහුට කිව්වේ මෙලෙසයි.

      "මචං, මෙතන නායක හාමදුරුරුවරු ඉන්න, පිරිවෙනක් තියෙන තැනක්. ගිහිං බලපං බිෂොප් ගේ නිල නිවාසයේ හරි සෙමනේරියේ හරි සයිස් එක මුලින්."

      ඔය ක්‍රින මුස්ලිම් පල්ලිය මට මතක නැ. අපි ඬැව රවුමට යන්නේ පැනිදෙනියේ සිට බස් එකේ පැමිණ ඔර්ලොසු කණුව අසලින් බැස ඬැවැ පැත්තට ගොසිනුයි. අනික මේක හද්ද පරණ කතාවක්.

      Delete
  14. අමුලිකා සද්ධාවයි ආකාරවතී සද්ධාවයි කියලා දෙකක්ම තියනවා බන්.

    ReplyDelete
    Replies
    1. අසා නැත. සොයා බලන්නම්.

      Delete
    2. ශ්‍රද්ධාව නම් තුනුරුවන් කෙරෙහි පවත්නා පැහැදීමයි.

      ශ්‍රද්ධාව ප්‍රධාන වශයෙන්,

      i අමූලිකා සද්ධා
      ii ආකාරවතී සද්ධා

      නමින් දෙ පරිදි වේ.

      අමුලිකා ශ්‍රද්ධාව දුටු පමණින් ඇතිවන පැහැදීම යි. එය නිතර වෙනස් වෙයි.

      ආකාරවතී සද්ධා යනු ගුණ දැන පැහැදීමයි. මෙම ශ්‍රද්ධාවන්තයන්ගේ පොදු ලක්ෂණය නම් සිල්වතුන් දැකීමට කැමති වීම, බණ දහම් ඇසීමට කැමති වීම, මසුරු මළ නැති කොට දන්දීම ආදියයි.

      http://www.tharunayaweb.lk/sinhala/buddhist/page.php?id=360

      Delete
  15. //ස්වයං විවේචනයක් කරන්න බැරි වුන්ට අනුන්ව විවේචනය කරන්න අයිතියක් නෑ//
    කකා කියන විදිය හොඳයි. ඒත් ඒක එහෙම වෙන්න ඕන ම නෑ. වැරැද්දක් විවේචනය කරන්න ඕන කෙනෙකුට අයිතිය තියනව. එහෙම නෑ කියනව නං වැරැද්ද නොකර ඉන්න අදාල පාර්ශවය දැනගන්න ඕන.
    -රාජ්

    ReplyDelete
    Replies
    1. මේ උදාහරණය ගන්න.

      ජේවීපීය තමන් ගේ 88-89 ක්‍රියාකාලපය ගැණ ස්වයං විවේචනයක් කර නෑ. වරද පිළිගෙන නෑ. ඉතිං ඔවුන් ඒ දිනවල කරුණා අවි දැරීමට විරුද්ධ වෙන්නේ කොහොමද?

      පෙරටුගාමීනුත් කරන්නේ අර්ධ ස්වයං විවේචනයක් පමණයි.

      Delete
  16. ස්වයං විවේචනය කරන්න අමාරු වුනාට අපිට ස්වයං වින්දනේ නම් බොහෙොම යසට කොරත හැකි..බොරුද මන් අහන්නෙ?

    ReplyDelete
  17. කකා ෆිජිට් එක හැක් කරලා කියන්නේ ඇත්තද .......?

    ReplyDelete
  18. අමුතුම ආකාරයේ බ්ලොග් එකක් කියවන්න වෙනමම වෙලාවක් හොයාගන්න වෙයි වාගේ

    ReplyDelete
  19. බෞද්ධ සංස්ථාව විවේචනය කිරීමට අපිට ඇති විශෙෂ අමාරුව ගැන මම බ්ලොග් පෝස්ට් එකක් දැම්මා බ්ලොග් පෝස්ට් එකක් දැම්මා

    http://srilankanatheists.wordpress.com/2013/05/19/325/

    ReplyDelete
  20. මගේ අදහසත් ඇනෝ-රාජ් කියා ඇති පරිදි විවේචනයකදී විවේචකයාගේ ලක්ෂණ බලන්න යාම අනවශ්‍ය බවයි. හඳ පෙන්නුවහම ඇඟිල්ල දිහා බැලීම, don't kill the messenger වගේ දේවලුත් කියන්නේ ඕකටමයි. හැබැයි මම දැක්කා කවුදෝ ලඟදි කියලා තිබ්බා ඇඟිල්ලෙන් හඳ පෙන්නුවහම, හඳ දිහා බලන්න කලින් හොඳට ඇඟිල්ල දිහා බලන්න ඕනේ ඒ ඇඟිල්ල කොහෙටද දික්වෙලා තියෙන්නෙ කියලා බලන්න. ඒ කතාවත් ඇත්ත, නමුත් එතැනදිත් කියවෙන්නේ ඇඟිල්ල දික් කර ඇති තැන සොයාගැනීම මිස, ඇඟිල්ලේ හැඩහුරුකම ගැන සෙවීම නෙමෙයි.

    ප්‍රායෝගිකව කකා කියන දේ හරි, විවේචකයාගේ සද්භාවය හොයන්න අපි උත්සාහ කරන නිසා නිතැතින්ම ඒ වගේ සිතුවිල්ලක් පහල වෙනවා. විවේචනය පිළිගැනීම හෝ නොපිළිගැනීමටත් මේ විවේචකයාගේ සද්භාවය බලපානවා. ඒත්, මගේ පෞද්ගලික අදහස, විවේචනය දෙස පමණක් බලා ඒක සාධාරණයි කියලා හැඟෙනවානම්, පිළිගැනීමේ වැරැද්දක් නෑ කියන එකයි. නමුත් ප්‍රායෝගිකව කරන්න හරිම අපහසු කටයුත්තක්...


    ReplyDelete
  21. අද පෝස්ට් එකට කමෙන්ට් ගණන 60
    මා විසින් දමපු ඇනෝ කමෙන්ට් ගණන 0
    වෙනත් ඇනෝ වරු දමපු කමෙන්ට් ගණන 15
    කකා විසින් දමපු කමෙන්ට් ගණන 18
    වෙනත් ප්‍රොෆයිල් කමෙන්ට් ගණන 27

    ReplyDelete
  22. කකා ඔයා දැන් රෑට කාල නිවී සැනසිල්ලේ ඉන්න වෙලාව නේද ...?

    ReplyDelete

මා ලියූ කතන්දරයට අදාල නැති කරුණු ඔබේ ප්‍රතිචාරවල ඇතළත් නොකරන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

අදහස් වාරණයක් නොකෙරේ. කුණුහරුප සහ තුන්වන පාර්ශවයන්ට නින්දා කෙරෙන ප්‍රතිචාර ඉවත් කෙරෙනු ඇත.