Monday 18 March 2013

දුමින්ද කඩේ යයි - Duminda goes shopping


දුමින්ද ගේ එයාපෝර්ට් ට්‍රිප් එක ගැන කතන්දරේ ලිව්වාට පස්සේ මට පොර ගැන අමතකම වෙලා ගියා. බැලුවාම දැන් අවුරුදු දෙකකටත් වැඩිය ගතවෙලා.

කතන්දර බ්ලොග් එක මුල කාලේ ඉඳලා කියවන අයට නම් සමහර විට තාමත් මතක ඇති දුමින්ද ගැන කියවුණු මෙන්න මේ කතන්දර දෙක.

1. කෝක් වානා - අරක්කු ඕනා
2. යුග දිවියක් ගායනා කිරීම

අද කතන්දරේ දුමින්ද කඩේ ගිය හැටි ගැනයි. මේතන කඩේ යනවාය කියන්නේ අනියම් අරුතෙන් නොවෙයි අර කතන්දරකාරයා කඩේ ගියා වගේ කඩේ යාමක්. වෙත් විදියකින් කියනවානම් විජේකෝන් නාන්න යනවා වගේ කේස් එකක් ගැනයි.

මේ කාලේ දුමින්ද හිටියේ පස්තාච්චි අදින්න ගිහින් තායිලන්තයේ. අපිට වඩා සීනියර් පොරක් වුණු දුමියා ඒ දවස්වලත් බැඳලා, තමන්ගේ සුන්දර බිරිද සුරංගි එක්කයි කැම්පස් එකේ විවාහක සිසුන් සඳහා තිබුණු ගෙදරක වාසය කෙරුවේ.

සුරංගි උයන්න පිහන්න දස්සයි. නිකම්ම නිකං, පරිප්පු, බෝංචි, බොම්බිලි කරෝල නොවෙයි, හොඳ මැකරෝනි, පාස්ටා, බුරියානි වගේ පොෂ් කෑම බීම හදන්නත් එයා එක්ස්පර්ට්. හොඳ හොඳ තායි කෑම, චීන කෑම ජාති හෙමත් හදලා ඒ දවස්වල සුරංගි දුමින්දට කවන්න ඇති.

ඔය කාලේ අපි කෂ්ටිය සතියේ දවස් හයක්ම කෑවේ චමරියක් දාගෙනයි. අපි කැම්පස් එකේම තිබුණු කඩේකට එලවලු බඩු ලයිස්තුව දෙනවා. උන් බඩු ගෙනත් දෙනවා. තායි කුක් කෙනෙක් ඇවිත් උයල දීලා යනවා.

බැඳපු කෂ්ටියට ඒ ක්‍රමය හොඳ මදි. ඒ ගොල්ලෝ පවුල් ටික එකතුවෙලා සති අන්තයේ කැම්පස් එකට ලඟ ටවුමක පොළට යන්නයි කැමති.

මුල කාලේ සුරංගි සහ දුමින්ද කපල් එක අනිත් අය එක්ක බස් එකේ ටවුමට ගිහින් බඩු අරගෙන එනකොට වෑන් (ලූත්) එකක් කුලියට අරගෙන ආපහු එන්නයි පුරුදු වෙලා හිටියේ.

ඉතිං ඔහොම කාලය ගතවෙන කොට සුරංගි ගර්භනී වුණා. නමුත් සති අන්ත ෂොපින් ගමන සුපුරුදු ලෙස කෙරුණා. හැබැයි තවත් මාස කිහියක් ගියාට පස්සේ සුරංගිට මේ ගමන ඔරොත්තු දුන්නේ නැති නිසා කඩේ යන වැඩේ මුළුමණින්ම බාරවුණා දුමින්ද ට.

දුමින්ද ඒ දවස්වල උයන්න තියා කුළු බඩු මොනවද කියලාවත් අඳුණන පොරක් නොවෙයි. ඉතිං සුරංගි කරන්නේ අර කතන්දර හාමිනේ මට නුගේගොඩින් ගේන්න ලියලා දෙනවා වාගේ බඩු ලයිස්තුවක් ලියලා දෙන එකයි.

1. පොටෑටෝස්
2. ටුමෑටෝස්
3. ෆිෂ්
4. බිග් අනියන්
5. මැකරෝනි
6. බීන්ස්
7. චිකන්
8. ගාර්ලික්
9. එග්ස්
10. කොරියන්ඩර් ලීව්ස්

මෙන්න රත්නායක මහත්තයා මට විස්තර කළ විදියට දුමින්ද තායි පොලෙන් බඩු ගන්න හැටි.

මුලින්ම එලවළු කඩේකින් අර්තාපල් ගන්නවා. ඒවානේ සුරංගි ගේ ලයිස්තුවේ අංක එකට ලියලා තියෙන්නේ. රත්නායක ලාත් ඔන්න එතනින්ම ගන්නවා තමන්ට අවශ්‍ය දේවල්. ඊට පස්සේ දුමින්දත් රත්නායක කපල් එක එක්ක යනවා.

දැන් කට්ටිය ඇතුල් වෙන්නේ මස් ජාති තියෙන කෑල්ලටයි. නමුත් දුමින්දට ඕනෑ මස් ගන්න නොවෙයි, ලයිස්තුවේ අංක දෙකට තියෙන තක්කාලි ගන්නයි.

"මේ ටුමෑටෝස් ගන්න තියෙන්නේ කොතනද රමණී?" දුමින්ද අහනවා.

"අයියෝ දුමින්ද අර අපි අර්තාපල් ගත්තු කඩේට අල්ලලු තැන තිබුණනේ!"

"ඇත්තද? එහෙනං මං ගිහින් අරගෙන එන්නම්."

ඉතිං දුමින්ද ආපහු එලවළු කඩ තියෙන පැත්තට ගිහිල්ලා තක්කාලි අරං එනකං රත්නායක ලා චිකන් ගන්නවා.

"හොඳයි මට දැන් ඕනෑ මාළු ගන්න" දුමින්ද කියනවා. ඔන්න කට්ටියම මාළු ලෑලි තියෙන පැත්තට ගිහින් මාළු ගන්නවා.

දැන් ඔන්න දුමින්ද බඩු ලයිස්තුව අරගෙන අංක තුනට ඉස්සරහින් ටික් එකක් දාලා රමණී ගෙන් අහනවා මෙහෙම.

"රමණී කොහෙන්ද මේ ලොකු ලූණු ගන්නේ. බොම්බයි ලූණූ?"

"ඇයි දුමින්ද අර අර්තාපල් ගත්තු තැන තිබුණනේ. ගත්තේ නැද්ද එතනින්?"

දැන් ඉතිං දුමින්ද යනවා ආපහු අර මුලින්ම ගිය කඩේට.

ඔන්න ඔහොමයි වැඩේ වෙන්නේ.

බඩු ලයිස්තුව සේරම අරං ඉවරවෙන කොට දුමියා පොළ වටේ පස් හය සැරයක් ගිහිල්ලා! රත්නායකලාටත් හොඳටම හති වැටිලා.

මං ඔය කාලේ හිටියා නම් දුමින්දට කියලා දෙනවා අර ඔපරේෂන් රිසර්ච්වල තියෙන ක්ලැසික් ප්‍රශ්නයක් වෙන ට්‍රැවලින් සේල්ස්මන් ප්‍රොබ්ලම් එක විසඳන ඇල්ගොරිතම් එකක්වත්.

සේරටම මුලින් සුරංගිට කිව්වා නම් බඩු ලයිස්තුව වර්ගීකරණයක් කරලා කොටස් කීපයකට හදන්න, දුමින්ද ගේ ෂොපින් ප්‍රශ්නය ටිකක්වත් ලේසි කරගන්න තිබුණා!

-කතන්දරකාරයා

ප/ලි:
මේ වෙනකොට නම් දුමින්ද බත් ටිකක්, පරිප්පුවක් වත් උයා ගන්න ඉගෙන ගෙන ඇති!


(image: http://www.bangkokpost.com/)

64 comments:

  1. HAHA, DAN DUMINDATA KADE YANNA BERILU

    ReplyDelete
    Replies
    1. ඔහු දැන් දවල්ට කන්නේ කඩෙන්!

      Delete
  2. දුමින්ද ගැන පුදුම දුකක් හිතුනේ. :D:D:D

    ReplyDelete
    Replies
    1. ගෑල්ළමයින්ට කොල්ලන් ගැන පව් කියා සිතෙන එක නම් මාර හොඳ දෙයකි!

      Delete
    2. අනේද කියන්නේ කකා....

      Delete
  3. "දුමින්ද කඩේ ගියා වගේ" (නූතන ප්‍රස්ථා පිරුළක්)

    බ්ලොග් අවකාශය පාළුයි වගේ නම් මෙතනටත් ගිහින් බලන්න.

    ReplyDelete
    Replies
    1. මේ සුමිත්, පට්ට හොරුන්ව ප්‍රමෝට් නොකර උඹේ වැඩක් බලාගෙන හිටපන් බං.

      Delete
    2. මොහුට හොරෙක් කියා ඇත්තේ ඇයි?

      Delete
    3. ස්තුතියි සුමිත්.

      මා ගොස් ඇරඹුම සහ එක ලිපියක් කියෙව්වා. පසුව ගොස් අනිත් ලිපි ටික කියවන්න ඕනෑ.

      ජයවේවා! කෝ අර ප්‍රහාරය? ප්‍රති ප්‍රහාර මැද පසු බැස්සාද?

      Delete
    4. මගේ අත්දැකීම් අනුව නම් ඔය ඇනෝ ඇවිත් බණින්නේ එක්කෝ සුමිත් සමග නැතිනම් සතර දිගන්තය බ්ලොග්කරු ගේ මතවාද ගැන ඇති දේශපාලන තරහක් නිසා විය යුතුයි!

      Delete
    5. කකා නම් මේකා ගැන නොදැනීම ගැන පුදුමයක් නැහැ. නමුත් සුමිත් නොදන්නවා නම් පුදුමයි. ඇත්තටම සුමිත්ගේ මුල් කමෙන්ට් එක මට හිතුණේ සෝපහාසයෙන් දාපු එකක් කියලා.

      Delete
  4. "දුමින්ද කඩේ යයි"

    ටයිටලේ වැරදියි නේ මහත්තයෝ..

    නිවැරදි ටයිටලේ වෙන්නේ,

    "දුමින්ද කඩේ යවයි"

    අද මම එක ද ?

    ReplyDelete
    Replies
    1. එහෙම නම් දුමින්ද කියා උක්තව තියන්න බෑනේ? දුමින්දව අහවලා විසින් කඩේ යවයි කියන්න ඕනෑ.

      Delete
    2. දුමින්ද (අහවලාව) කඩේ යවයි.

      මෙයයි මං හිතපු ටයිටලේ.

      Delete
  5. "දුමින්ද කඩේ යයි"

    ටයිටලේ වැරදියි නේ මහත්තයෝ..

    නිවැරදි ටයිටලේ වෙන්නේ,

    "දුමින්ද කඩේ යවයි"

    අද මම එක ද ?

    ReplyDelete
    Replies
    1. එක සහ දෙක දෙතැනම ගන්නද දෙවරක් කමෙන්ට් කෙරුවේ?

      Delete
    2. අපෝ නෑ මහත්තයෝ..
      මං ඉන්න පැණිදෙණියේ බෝඩිමට තුන්වෙනි පරම්පරාවේ සිග්නල් නෑ නේ. ඒ නිසා කමෙන්ට් එක සබ්මිට් කරනකොට වැරදීමක් වෙලා.හන්තානේ ටවර් එකක් තිබ්බට මෙලෝ වැඩක් නෑ.

      Delete
  6. අද තරඟයේ තෙවන දිනයයි. ප්‍රථම ඉනිමේ වාසිය මේ වනවිට ලංකාව ලබා ගෙන හමාරය.
    ලකුනු 150ක පමණ ඉදිරියක් තබාගතහොත් තරඟය පහසුවෙන්ම ජය ගතහැක !

    ReplyDelete
    Replies
    1. ලංකාවේ ක්‍රීඩකයන්ට ජය පතා බෝධිපූජාවක් කරන්න අද හවසට ගැටඹේ විහාරයට පුලු පුලුවන් හැමදෙනාම එකතු වෙන්න. අපේ එකමුතුව රටේ සවියයි !

      Delete
  7. වැරදිට හිතන්නත් එපා, කොක්කටත් නෙමෙයි. ගොඩාක් උපාධීදාරින්ගේ තත්වේ ඕකයි. විශේෂයෙන් ලංකාවේ. ඒක ඒ මිනිස්සුන්ගේ වැරැද්ද නෙමෙයි අධ්‍යාපන ක්‍රමයේ හා විශේෂයෙන් දෙම්ව්පියන්ගේ වැරැද්ද. මම අර කලින් කිව්වේ කසාද බඳින්න අකමැති, අපේ ඉටි කිරි වගේ දොස්තර නෝනා. එයාගේ අම්මලත් එයාව හදන්න හැදුවේ ඔහොමයි. ඒත් අපේ ගෙදර උන්න කාළේ. අපේ අම්මගෙන් උයන්න පිහන්න ඉගෙනගත්තා. අද සිය දෙනෙකුට උනත් තනියම කෑම උයයි. දැන් රාගම ලැක්චර් නෝනා කෙනෙක්.

    ReplyDelete
    Replies
    1. ගොඩක් උපාධිධාරීන්ය කියන්න බෑ. මේ මා දන්නා එකම දුමින්දයි. ඔහුගේ ප්‍රශ්නය වයස තිහක් වුනත් කිසි දිනක තනිවම කඩේ ගොස් බඩු අරගෙන පුරුද්දක් නැති කම.

      දෙමව්පියන් ගේ පෝසත්කම, හැකියාව සහ දරුවන්ව අසීමිතව ආරක්‍ෂා කිරීම මේවාට බලපානවා.

      මං නං කඩේ ගියේ පහේ පන්තියෙන් විතර කාලේ ඉඳලාමයි.
      http://kathandara.blogspot.com/2011/02/blog-post_13.html


      .

      Delete
  8. මට එකපාරටම මතක් උනේ අර අමතක වෙලා
    හිටපු දුමින්දව ...:(

    ඔයාගේ කතාවේ කතාව දුමින්ද ගැන කියද්දී මගේ
    මස්සිනෙක් මතක් උනා ..එයත් ඔහොමයි..පොල් ගෙඩියක්
    තෝරන්නෙත් ගෙදරට කෝල් එකක් දීලා ...

    " වතුර නම් ටිකක් අඬනවා , බරත් හොඳයි.
    මන් ගන්නද බබා ? "

    ReplyDelete
    Replies
    1. මේ කියන කාලේ අපිට මොබයිල් ෆෝන් නෑ. තිබුණා නම් වැඩේ ඒ වගේ තමයි වෙන්නේ!

      Delete
  9. කෝ අද චූ, පඩ, ජී, චූ, ජොකා කමෙන්ට් එක නැද්ද ???

    ReplyDelete
    Replies
    1. දෙපාරක් චූ කරලා.....

      Delete
  10. මටත් දුමින්ද කිව්වම හිතුනේ " මට මතක නෑ දුමින්දද " කියලා. මේ දුමින්දට නම් හොඳ වැඩේ වයිෆ්ට බබා හම්බ වෙනකොට දුමින්ද ඔක්කොම ගෙදර වැඩ ටික ඉගෙන ගන්න ඇති.

    ReplyDelete
    Replies
    1. මං හිතන්නේ නෑ එහෙමට දියුණු වුනාය කියලා!

      Delete
  11. MAMA ADA NO 1 - DUMINDAYA OYA WIDIYATA KADE YANNA GIYAMA JOKA GELA WENAWA , ITHIN EETA PASSE BADUMA THAMA, CHOO YANAWA, JEE YANAWA, PADA YANAWA, EKA PALIYATA ENAWA, SUKRA YANAWA, KAI PADATH ARAGENA YANA NISA THAWATH AMARUI.

    ReplyDelete
    Replies
    1. කකාගේ පෝස්ට් වගේම ආතල් මේ කොමෙන්ට් ටිකත්... මේ නම් කකාගෙ ගිය ආත්මෙ සහෝදරයෙක්ද කොහෙද...

      Delete
    2. ගිය ආත්මෙ රියල්,
      මේ ආත්මෙ වර්චුවල්,
      ලබන ආත්මෙවත් ගැලවිල්ක් තියෙයිද බලමු!

      Delete
    3. කක්කා චූ පඩ කිව්වහම බ්ලොගවකාශයේ ඉස්ස ඉස්සෙල්ලම මතක් වෙන්නේ අපේ කකාව නේ.
      පොඩ්ඩක් ඉන්නකෝ...

      Delete
    4. ඒ කියන්නේ ඔහේට

      1. දවසකට එක පාරක් කක්කා නිසාත්,
      2. දවසකට හය හත් පාරක් චූ නිසාත්,
      3. දවසකට විසි තිස් පාරක් පඩ නිසාත්

      මාව මතක් වෙනවා නේද?

      Delete
    5. ඔවු රත්තරන්...
      මට ඔයාව මතක් වෙනවා..

      Delete
  12. නික්කොලොබ්මක්18 March 2013 at 13:13

    කව්රුවත් මේ වෙනකම් නොකිව්වාට , මට නම් හිතෙන්නේ මේ දවස්වල නිව්ස් වල ඉන්න " දුමින්ද " නමෙන් පොඩි චාන්ස් එකක ගත්තා වගෙයි කියලයි.

    ReplyDelete
    Replies
    1. මා ඔබට දොස් කියන්නේ නෑ, එය සාධාරණ සැකයක්.

      නමුත් සත්‍යය නම් මේ කතාව මා 2011 පෙබරවාරි 27 දින පල කළ වෙන්ඩ කතන්දර ලයිස්තුවේ 45 වෙනි කතන්දරය බවයි.
      http://kathandara.blogspot.com/2011/02/blog-post_27.html

      මා ඊයේ රාත්‍රියේ ඒ ලයිස්තුව පිරික්සා බලා ඉන් නොලියූ කීපයක් ලියන්න පටන් ගත්තා මේ ඉන් එකක්.

      දුමින්ද ගැන මං මුලින්ම ලිව්වේ 2009 දී බව මුලින්ම දී ඇති සබැඳිවලින් පෙනී යා යුතුයි.
      1. කෝක් වානා - අරක්කු ඕනා
      2. යුග දිවියක් ගායනා කිරීම


      Delete
    2. නික්කොලොබ්මක්20 March 2013 at 12:42

      කතන්දර ගැන කියන දේත් කතන්දරයක් විදියට ම භාර ගන්න.

      Delete
  13. කොතනද මීය එතනට වෙඉ බිගු රාසි
    කොතනද පාත එතනට වෙඉ දිය රාසි
    කොතනද පාන එතනට පළගැටි රාසි
    කොතනද කාසි එතනටමි හැම වාසි

    -හුරතල් ඇනී-

    ප/ලි. - එදා වගේ අෆ්හ නම් ඔයා ලින්ක් දාන්න යන්න එපා.

    ReplyDelete
  14. දුමින්ද ගැන කිව්වහම මට මේ කවිය මතක් උනේ....

    වටාපත මත කඩුව සඟවා
    පවුල රට දැය සමය රකිනා
    සහක් පරපුර ලොවට දෙන්නට
    මුල් අණුව ගැහැණියට පුදනා

    -රත්ගමයා-

    ReplyDelete
    Replies
    1. මට නං ටියුබ් ලයිට්!
      මේ කියන්නේ හාමුදුරු කෙනෙක් ගැනද?

      Delete
    2. හාමුදුරු කෙනෙක් කොහොමද කකෝ මුල් අණුව ගැහැනියට පුදන්නේ ?

      Delete
    3. ඒකනේ හලෝ ටියුබ් ලයිට් කිව්වේ.

      මේක නෙරංජි සුලක්ඛනා කාන්තා දිනයේදී පිරිම්න් ගැන ලියූ කවියක කොටසක්?

      http://neranji-sulakkana.blogspot.com/2013/03/blog-post_8.html

      Delete
    4. හොර ගෙඩියා..... !!
      මෙයා හොරෙන්ම නෙට් එක සර්ච් කරලා ලින්ක් එක මෙතන කොටාබාලා !!

      Delete
    5. කොටා බානවා යනු ආහාරයට ගැනීමයි, කෑමයි!

      Delete
    6. මොන මඟුල හරි කමන් නෑ.
      ඔයා නෙරංජිගේ ගුබ්බෑයමටත් රිංගලා කමෙන්ට් එකකුත් කොටලා ආවා නේ !!!

      Delete
  15. රත්නායක මහත්තයයි රමණි නෝනයි කියන්නේ කවුද ?

    අපහසුතාවයට පත් වූ ඇනෝවෙක්.

    ReplyDelete
    Replies
    1. දුමින්ද සහ සුරංගි වගේම තවත් කපල් එකක් මේ කතන්දරයේ.

      නමුත් රත්නායක යුවල මා කලින් ලියූ කතන්දර විස්සක පමණ හිටියා. ඒවා කැටගරිවලට ලින්ක්ස් දමා ඇත.

      මෙන්න නැවතත් කීපයක් වෙන වෙනම.
      1. රත්නායක ජෝක්ස්
      2. රත්නායක මහත්තයා ගෑණුන් ගේ xxx හොයපු හැටි
      3. රමණී මෙතඩ්
      4. පුරාතන මධ්‍යතන නූතන
      5. එසේම වේවා
      6. මී කිරිවල ගුණ
      7. කටුබැද්දේ කුකුල්ලු දෙන්නා
      8. අරක්කු ඕනා, කෝක් වානා
      9. කීප් එ සයිඩ් - Keep aside - අන්තර්ජාලයේ ඉවුං පිහුං
      10. රත්නායක මහත්තයා ගේ තවත් වැඩකිඩ
      11. රත්නායක මහත්තයා ගේ ඉටිරෙද්ද
      12. අපි නොදන්න එලකියුෂන් - The rain in Spain stays mainly in the plain
      13. බූට් කාලා තියෙනවාද? - Never give up hopes!
      14. රත්නායක මහත්තයා ගේ අනන්‍යතාව හෙලිවේ! - Mr Ratnayake's identity revealed
      15. රමණී නෝනා මහත්තයා ගේ ආගන්තුක සත්කාරය - A few quick recepies from Ramani Ratnayake
      16. රමණී නෝනා හොඳ වැඩක් කරපු හැටි - Ramani method of conflict resolution
      17. රත්නායක මහත්තයාගෙන් රමණී නෝනා ට වැදගත් උපදෙසක් - Ramani gets an important advice


      Delete
    2. බොහොම ස්තුතියි කකා.
      මේ ටික කියවන්න පටන් ගත්තා.

      Delete
    3. 14. වෙනි කතාවේ ලින්ක් එක වැඩ නෑ.

      ඒ ඇරෙන්න ඉතුරු කතා සෙට් එකම කියෝ ගත්තා. අඩේ ඒ කාලේ ලියපු පෝස්ට් මාර ගති නේ. මේ පෝස්ට් තරම් අජපල් නෑ නේ.

      Delete
    4. ඔය කතන්දරේ නම ගූගල් කළා නම් හරිනේ.
      මෙන්න ලින්ක් එක.

      14. රත්නායක මහත්තයා ගේ අනන්‍යතාව හෙලිවේ! - Mr Ratnayake's identity revealed

      Delete
    5. ස්තුතියි කකා.
      අද ඇති තරම් හිනා වෙන්න කතා ගොඩක් කියෝ ගත්තා.
      මගේ ක්‍රෙඩිට් එක කතන්දරටයි රත්නායක/රමණි යුවලටයි හිමි වෙනවා.

      Delete
  16. හුටා... !!!!
    කමෙන්ට් 39යි !! ඒකෙන් 13ක්ම මම දාපු ඒවා !!
    ඒ කියන්නේ සම්පූර්ණ කමෙන්ට් වලින් 3න් 1ක් මං දාපු ඒවා !!!

    ReplyDelete
    Replies
    1. ඔයා ඇනෝ නියෝජිතයාද?

      Delete
    2. ඒ කිව්වේ.... ????

      Delete
  17. පුංචිම කාලේ තාත්ත මැරුණට පස්සේ කඩේ යන එක ඉතිං හොඳට හුරුයිනේ මට.. ඒකනේ සමහරු මං මහින්ද මමාට කඩේ යනවා කියලත් කියන්නේ..ඒක නෙමේ ඔයාල තායිලන්තේ දී ටුක් ටුක් එකෙන් බුං බුං වලට එහෙම ගියේ නැද්ද?

    ReplyDelete
    Replies
    1. අපි සිටියේ සරසවිය ඇතුලේ. සති අන්තයට ගියත් බස් එකේ තමයි ගමන. ලූත් නම් ඩබල් කැබ් වල ගියා කීප දෙනෙක් සමග එයාපෝර්ට් යන විට.

      ටුක් ටුක්වල ගියේ නෑ හා සමානයි. එච්චර සල්ලි තිබුනේ නෑ පොඩි ශිෂ්‍යත්වයකින් නේ ජීවත් වුනේ. ඒසී බස්වල ගියෙත් හරි අඩුවෙන්.

      ඔය දුමින්දලා කඩේ ගියෙත් ඒකයි. එහෙම බඩු ගෙනල්ලා උයං කන්නේ නැතුව කැෆටේරියාවෙන් කාලා ඉන්න ශිෂ්‍යත්වය මදි කොහොමටත් දෙන්නෙකුට. කොටින්ම කැම්පස් කඩෙන් බඩු නොගත්තේත් ඒ හේතුව හින්දායි.

      Delete
  18. කඩේ යාමටත් විශේෂ ප්‍රාගුණ්‍යයක් අවශ්‍යයයි :D

    ReplyDelete
    Replies
    1. ප්‍රාගුණ්‍යයක් මෙන්ම පන් මල්ලක්ද අවශ්‍යයයි කාටූන් වල තියෙන විදියට!

      Delete
  19. ඔය ලිස්ට් එක ලියන අය දන්නවා, එහෙම වර්ගීකරණ කරලා ලියන්න අමාරු වග. මොකද ලිස්ට් එක යන්නේ, කුස්සියේ ඒ ඒ තැන්වල තියන බඩු දිහා බලමින්, නැති ඒවා ගන්නත්, අඩු ඒවා පුරවන්නත්. එහෙම ලියපු ලිස්ට් එක වර්ගීකරණය කරන්න තව ලිස්ට් එකක් ලියන්න වෙනවා. උපාධියකුත් ඉවර කරපු හාදයෙකුට, ලිස්ට් එකේ තියන බඩු වත් හරියට ගන්න බැරි එක, ලියලා කෙනාගේ වැරැද්දද, නැත්නම් බඩු ගන්න ගිය කෙනාගේ වරදද? ප්‍රශ්න පත්තරේට 100% ලකුණු ගත්තත් මේ වගේ සරල ජිවන කාර්යයක් හරියට කර ගන්න බැරි මිනිසුන් බිහි කරන්නේ අධ්‍යාපනයද, දෙමාපියන්ද, නැත්නම් ඒ හැටිද?
    දැන් මේ බ්ලොග් සටහන් උනත් වර්ගීකරණයකට දාන්න වෙන්නේ ටිකක් ලියුවට පස්සේ. කලින් එහෙම වර්ගීකරණයක් කරන්න අමාරුයි.

    ReplyDelete
    Replies
    1. මගේ පුතා දැන් අවුරුදු 12 කට ලඟයි. තාම මං තනිවම කඩේ යවන්න හිතලාවත් නෑ. මෙහෙමම ලොකු වුනොත් ඔය තත්වයට ඒවි.

      ඒ සමගම කතාව මට කියූ රත්නායක අතින් දාපු ටික ගැනත් හිතන්න වෙනවා දුමින්දට කරන සාධාරණයක් හැටියට!

      Delete
  20. දැන් එතකොට කතන්දරත් මුලින් මුලින් කඩේ ගියෙත් එහෙමමනේ නේද?
    හික්ස්

    ReplyDelete
  21. පිරිමින් කඩේ යවන ගැහැනුන් හෙලා දකිමු!!!

    ReplyDelete
  22. දුමින්ද කිව්වම මට මතක් උනේම සිංගප්පූරුවේ හ්හිටපු දුම්න්දව

    -සනාත

    ReplyDelete
  23. ටයිටල් එක දැක්ක ගමන් මට මතක් උනේ, වෙන කෙනෙක්. මොනවා උනත් කතාවනම් මරු.

    ReplyDelete
  24. මට තිබ්බ ප්‍රශ්නේ, ලිස්ට් එකේ තිබ්බ බඩුවක් කඩේ ගන්න නැත්නම් ඒ වෙනුවට ආදේශකයක් ගන්න ඕනේ කියන එක මතක් නොවීම.

    ReplyDelete

මා ලියූ කතන්දරයට අදාල නැති කරුණු ඔබේ ප්‍රතිචාරවල ඇතළත් නොකරන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

අදහස් වාරණයක් නොකෙරේ. කුණුහරුප සහ තුන්වන පාර්ශවයන්ට නින්දා කෙරෙන ප්‍රතිචාර ඉවත් කෙරෙනු ඇත.