Thursday 28 March 2013

ජා-ඇල ඇන්ටි ගේ චීන මොලේ - One dollar goes a long way


ඇත්තටම මේ ඇන්ටි ජා-ඇල කෙනෙක් නොවේ. නමුත් ඇන්ටි සම්බන්ධව මේ කතන්දරය මතක් වුනු වේලේ මට සිහිවූයේ ජා-ඇලයි.

එයට හේතුව නම් "ඔය මොලේ හොඳයි ජා-ඇලේ දාන්න!" යැයි අප කුඩා කාලේ අසා තිබුණු කියමන යැයි සිතමි.

මේ කතන්දරය කියවූ පසු ඔබට ද සමහර විට එලෙස සිතෙනු ඇත.

අප කුඩා කල වාසයකල නිවෙස්වල විදුලි බලය නොතිබුණි. අප රාත්‍රිය ගත කලේ භූමිතෙල් කුප්පි ලාම්පු, චිමිනි ලාම්පු සහ සමහර දිනවල පැට්‍රොල්මැක්ස්වල ආධාරයෙනි.

විදුලිබලය නොමැති කල නල ජලය කොහෙන්ද? නිවසේ පාවිච්චිය සඳහා ලිදෙන් වතුර බාල්දයෙන් ඇද කළයකට දමා ගෙන ආ යුතුවිය. අපට තිබුනේ එක ඇලුමිනියම් කළයකි. එනිසා එයට දිනකට දෙතුන්වරක් වතුර ගෙන ආ යුතු විය.

වතුර ගෙන ඒම සැලකුනේ නිවසේ කෑම ඉවීමේ ක්‍රියාවලියේ ම කොටසක් ලෙසයි. එනිසා මේ කර්තව්‍යය සාමාන්‍යයෙන් කලේ අපේ අම්මා ය.

මේ කියන දිනවල මගේ වයස අවුරුදු දොලහකි. මල්ලිලා ගේ වයස අවුරුදු එකොලහක් සහ නමයක් විය. අප සඳහා නිවසට මිලට ගන්නා ලද පුවත්පත් වූයේ ලේක් හවුසියේ නවයුගය සඟරාව සහ මිහිර පත්තරය සහ මල්ටිෆැක්ස් ප්‍රකාශනයක් වූ සිත්තර චිත්‍රකතා පත්තරයයි. සිත්තර බාලම මල්ලීටය. සතුට පත්තරය අනෙකාටය. මගේ පත්තරය වූයේ නවයුගය සඟරාවයි. මේ සඳහා මුදල් දුන්නේ තාත්තා බව අමුතුවෙන් කිව යුතු නැත.

ජා-ඇල ඇන්ටි කතාවට ඇන්ටර් වෙන්නේ මෙහිදී ය. ඇය මේ දිනවල අප නිවසේ නැවතී සිටිමින් ආණ්ඩුවේ රැකියාවක් කළාය.

"අක්කා මේ ලිඳෙන් වතුර ගේන්න කරදර වෙන්නේ ඇයි?" ඇය අපේ අම්මාගෙන් ඇසුවාය.

"පුතාලාට පුළුවනිනේ අම්මට උදව් කරන්න!" ඊලඟට ඇය පැවසුවේ අප දෙස බලමිනි.

අප කිසිවක් පවස්නට පෙරම ජා-ඇල ඇන්ටි තම යෝජනාව මෙලෙස ඉදිරිපත් කළාය.

"හොඳයි, පුතාලා අම්මාට වතුර ගෙනත් දෙන්න. මං ඒ වෙනුවට පුතාලාට පත්තර ගන්න සල්ලි දෙන්නම්."

"එහෙම හොඳයි නේද අයියේ?" ඇය ඊලඟට අපේ තාත්තා විමසුවාය.

තාත්තාට හෝ අම්මාට හෝ මල්ලිලාට හෝ මට හෝ මේ යෝජනාවට විරුද්ධ වෙන්නට කිසි හේතුවක් තිබුනේ නැත.

මල්ලිලා දෙනෙනාට සතියේ දින දෙකක් බැගින්ද, මට දින තුනක්ද වතුර ගෙන ඒමේ රාජකාරිය පැවරිණි.

එදා සිට වසර දෙකක් පමණ ගොස් අප වෙනත් නිවසකට යන තුරුම අප තිදෙනාට පෙරකී පත්තර ලැබුනේ ජා-ඇල ඇන්ටිගේ සාදර අනුග්‍රහයෙනි.

ඒ සඳහා ඇය ඒ කාලයේ මිළ ගණන් අනුව මසකට රුපියල් දහයක්, පහලොවක් පමණ වැය කරන්නට ඇත.

නමුත් එහි ප්‍රායෝගික වටිනාකම ඒ මෙන් තුන් ගුණයකි. මේ බලන්න.

1. අප තිදෙනාට මසකට රුපියක් දහයක් වටිනා පත්තර ලැබේ.
2. අපේ අම්මාට මසකට රුපියක් දහයක් වටිනා වතුර ලිදෙන් ගෙන ඒමේ සේවයක් ලැබේ.
3. අපේ තාත්තාට මසකට රුපියල් දහයක් ඉතුරුවේ.

සතියකට දින තුනක් වතුර ගෙනා මා වෙනුවෙන් මිලට ගත් පත්තරය මිලෙන් අඩුම එක වීම හැර මට මේ වැඩ පිළිවෙල ගැන කිසි ප්‍රශ්නයක් නොතිබුණි. ඇත්තටම කියනවානම් නවයුගය මිළෙන් අඩු වුවද, සීඔට සහ සිත්තර චිත්‍රකතා පත්තර හා සසඳා බලන විට වටිනාකමින් වැඩිම එක විය.

මට මේ කතන්දරයත් සමග ජා-ඇල සිහිවුණු හේතුව මුලින් කීවෙමි.

ජා-ඇල ඇන්ටිගේ මොලය චීන මොලයක් යැයි මා කීවේ මේ කතන්දරයත් සමගම මට විදේශ ණයවලින් සිදුවෙන සංවර්ධන ව්‍යාපෘති සිහිවුණු නිසාය.

-කතන්දරකාරයා

ප/ලි:
වැඩි විස්තර සහ පැහැදිලි කිරීම් කමෙන්ට්ස් මගින් ලැබෙනු ඇතැයි සිතමි.


(image: http://bpfaus.com/Free-Loan-Health-Check.php)

88 comments:

  1. //ජා-ඇල ඇන්ටිගේ මොලය චීන මොලයක් යැයි මා කීවේ මේ කතන්දරයත් සමගම මට විදේශ ණයවලින් සිදුවෙන සංවර්ධන ව්‍යාපෘති සිහිවුණු නිසාය.// මේ ටික නොකිව්වානම් හොඳය

    ReplyDelete
    Replies
    1. මට හිතෙන දේ නොකිව්වොත් ඔබ එය දැන ගන්නේ පරචිත්තවිජාණන ඥාණයෙන්ද?

      Delete
    2. නෑ ඔබම කියලා තියන විදියට කොමෙන්ට් වලින්

      Delete
    3. kaka ta hoooooooo....

      Delete
    4. ස්තුතියි Loku John.
      නමුත් ඉන් මා අදහස් කලේ වැඩි විස්තර සහ (දීර්ඝ/විකල්ප) පැහැදිලි කිරීම් යන්නයි.

      Delete
  2. මේ කතාව බොහෝ පැතිවලට හිතන්න අපිව යොමු කරන නිසා මේ කතාව මගේ ප්‍රියතම වර්ගයේ එකක්.

    1. අපේ මිනිස්සු අත් පය බැඳගෙන ඉඳගෙන අපි දුප්පත් කිය කිය බෙරිහන් දෙනවා

    2. කකාගෙ විදේශ ප්‍රතිපත්තිය චීනය දෙසට ඇලවෙනව වගේ

    3. මා රෙද්දක් හෝදන්න, ගේ අතුගාන්න ඉගෙන ගත්තේ විවාහ වූවාට පසුවය, අපේ පවුලේ සහෝදර සහෝදරියන් සියලු දෙනාම එසේමය, හිතන්න අම්මා කෙනෙකු කොපමන වෙහෙසෙන්න ඇතිද කියා.

    4. පිට රට වෙසෙන මා හිතවතෙකු පවුල කඩා ගත්තේ තමාට උයන්න බැරි නිසාය. පවුල කැඩුනු පසු ඔහු දැන් සිය දරුවන්ටත් එක්ක උයයි, ඔහු අත හැර ගිය ලඳ දැන් යලි එකෙවෙන්න පතයි, මිත්‍රයා එයට කැමති නැත.

    ReplyDelete
    Replies
    1. හබීලා ගේ කුකින්වලට වයිෆ්ලා කැමතියි!

      Delete
  3. ජා ඇල කිව්වම මට මතක් වෙන්නෙම ජා ඇල හන්දියේම තියෙන රුක්මනි දේවි පිළිරුව. පුදුම වදයක් විඳින පිලිමයක් ඒක. ඇයි කාලෙන් කාලෙට ඕකේ කළුතෙල් ගානවා නෙව. ඊට පස්සේ කලාකාරයෝ ආයෙම අඬ අඬා සුදු හුණු ගානවා. :)

    මම අද 1 ද ?

    ReplyDelete
    Replies
    1. ඔය කියන්නෙ තුඩැල්ල ගැන වෙන්න ඕන. මොකද රුකමනීගෙ පින්තූරෙ තිබ්බෙ එතුමිය හැපුන තුඩැල්ලෙ පල්ලිය කිට්ටුව හන්දියෙ.

      "මම අද 1 ද ?"

      අපි හුඟක් වෙලාවට හිතන් ඉන්නෙ එහෙමයි. ඒත් ඇත්ත මෙහෙමයි.

      Delete
    2. සමහරු හිතන් ඉන්නවා අද දෙයි හෙට දෙයි කියලා.... ඒත් ලැබෙන්නෙ නෑ

      Delete
    3. ඉන්දික උපශාන්ත

      වෙන්න ඇති ඉන්දික. පුත්තලමේ ඉන්න අපිට ජා ඇලත් එකයි තුඩැල්ලත් එකයි. එකලඟ ගම් දෙකක් නේ.

      Delete
    4. ගනේමුල්ලේ සිට ජාඇලට බස් දෙකක් ඇත.
      ඒවා 276 සහ 278 බව මගේ මතකයේ ඇත.
      ඒ සමගම 266 බසයද විය එය ගියේ කදානට පමණද?

      Delete
    5. @ AnonymousMarch 28, 2013 at 12:06 PM,

      මමත් රත්මලානෙ. ඒත් මට ඔය පිළිමෙ තියෙන තැන හොඳට මතකයි මොකක් හරි හේතුවක් නිසා. නැත්තං අපි ජා ඇල ට වඩා දන්නෙ වැළිගම්පිටියනෙ.

      Delete
  4. ඇන්ටිගේ මොලේ හොද ඇලේ දාන්නම තමයි....

    (අපිත් ජා -ඇල තමයි ඈ )

    ReplyDelete
    Replies
    1. ඇය අපේ ඇන්ටිලාගෙන් මගේ ප්‍රියතම ඇන්ටි වේ. ඇය මට කර ඇති උදව් කියා නිම කළ නොහැකි තරම්ය.

      Delete
  5. සුදු වෑන්...... සුදු වෑන්..... සුදු වෑන්....... අපිට කොහෙන්ද ඔසී පී. ආර්...... බුදු අම්මෝ.... මට බෑ කොමෙන්ට් කරන්න....

    ReplyDelete
    Replies
    1. මොන විකාරයක් ද මේ කියන්නේ?

      Delete
    2. මං හිතන්නේ චීන ව්‍යාපෘති ගැන වෙන්න ඕන.
      -ADM

      Delete
    3. මං හිතන්නේ චීන ව්‍යාපෘති ගැන වෙන්න ඕන.
      -ADM

      Delete
  6. හිත හොඳ ගෑනු කෙනෙක්.
    නැත්නම් අච්චර උදව්වක් කරයි යෑ.

    ReplyDelete
    Replies
    1. ඉතා පරිත්‍යාගශීලී කාන්තාවකි.

      Delete
  7. චීන ව්‍යාපෘති සහ ජාඇල ඇන්ටි සංසංදනය කරන්න බෑ. අච්චර උදව් කරපු ජාඇල ඇන්ටිට කතන්දර අපහාසයක් කලේ. චීන ව්‍යාපෘති වලදි,
    $-චීනය පොලියට ණය දෙනව,
    $-කොන්ත්‍රාත් එකත් ඒගොල්ල ගන්නව,
    $-මැවිසුරන්ගෙ ඉඳල කම්කරුවන් දක්වා පිරිස එහෙන්,
    $-අන්තිමට ණය ගෙවන්නත් ඕන පොලී එක්ක අපි,
    $-ඒ වෙද්දි හදපු ව්‍යාපෘතිය අබලන් වෙලා.

    ReplyDelete
    Replies
    1. මමම් කියන්න ගිය එක උඹ කියලා. කතාගේ ඇන්ටි උදව් කරලා තියෙන්නේ කිසිම දෙයක් බලාපොරොත්තුවෙන් නෙමෙයි..

      Delete
    2. එංගලන්තෙන් වික්ටෝරියා හැදුවෙත් ඔය විදියටම තමයි. අනිත් ව්‍යාපෘතිත් එලෙසමය.

      Delete
    3. කොහොමත් මීයක් කඩන්නෙ අතලෙවන්න නෙවෙයිනේ . කවුද දන්නෙ චීන ඇන්ටිගෙ යටි අරමුනක් තිබ්බද ඒක ඉශ්ට කරගත්තද කියලා .....

      Delete
  8. අම්මටත් ඔය වැඩේ හිතුණත් දුක නිසා නොකිය ඉන්න ඇති

    ReplyDelete
    Replies
    1. අම්මලා දුක් ගන්නේ පුතුන් හදන්ටා! පුතුන් රජුන් කරන්ටා!!

      Delete
  9. ඇන්ටි චීනය නම් පොඩිමල්ලි හම්බන්තොටය. දෙවෙනියා ගම්පහය. කකා කොලඹය. අම්මා කිසිත් නොදත් පුරවැසියෙක්ය. තාත්තා ඇමරිකාවය

    ReplyDelete
    Replies
    1. ඒ කියන්නේ සරල වින්දනය හම්බන්තොටට, දැනුම කොළඹට කියන එකද?

      Delete
  10. '' ආධාර, සහනාධාර, ණය ආධාර දෝතින් ගෙන ඔවුන් සංක්‍රමණය වන විට බලය උදෙසා ඕනෑම‍ දෙයක් බිලි දෙන්නට සූදානම් පාලයකින් සේම, නිකන් ලැබෙන ඕනෑම දෙයකට දෝත පාන රටවැසියන් ද ඔවුන් අභියස නිවටුන් වන්නේ තමන් දෙපා තබා සිටිනා මහ පොළවද ලැජ්ජාවට පත් කරවමිනි.''

    ''කැන්ගරුවෝ'' නවකතාව කියවා අවසන් කළා අද උදෑසන දුම්රියේ දි... 1997 මුල්වරට මුද්රාණය වු මේ නවකතාවෙ පෙරවදනින් උපුටා ගත් කොටසක් මුලින් සදහන් කළේ... මේ ලිපියට අදාළයි කියල හිතුණා.. කතුවරිය සෝමා ජයකොඩි

    ReplyDelete
    Replies
    1. "කැන්ගරුවෝ" පොත වගේම "වසලයෝ" පොතත් කියවලා ඒකෙන් කෑල්ලක් උපුටලා දක්වන්න.
      මෙතනට ඒකත් ගැලපෙනවා.
      ඒ පොත ලියලා තියෙන්නේ රසික සූරියාඅරච්චි කියලා කෙනෙක්. නිව් සවුත්වේල්ස් ප්‍රකාශනයක්.

      Delete
    2. කැන්ගරු කෝට් ගැන නම් අසා තියෙනවා.

      Delete
  11. වරතමාන සංවර්ධනය ගැන අපුරුම ගැලපිල්ලක්.. ඒත් අනේ ජා ඇල ඇන්ටි පවු කකා එයා..

    ReplyDelete
    Replies
    1. ඔය ඉන්නේ අපූරුවට, යන යන තැන බබුළුවා ගෙන.

      Delete
  12. "විදුලිබලය නොමැති කල නල ජලය කොහෙන්ද?" වැරදියි. අපේ ගෙදර ජල සම්පාදනේ ලයින් එකෙන් වතුර අරන් උඩ ටැන්කියක් ගහල ඒකට පුරවල වතුර මලෙන් නාන්න තිබ්බට පත්තු කලේ භූමිතෙල් ලාම්පු. ඒ කාලෙ පාරෙ ලයින් එකේ වතුර එච්චර ප්‍රෙෂර්. ඒත් අද!

    ReplyDelete
    Replies
    1. විදුලිබලය නැති ගම්වල කොයින්ද ඉන්දික නල ජලය?

      එහෙම නම් මට මතකයි අපේ ඉස්කෝලේ ලිඳට ඒ කාලේ අතින් වැඩකරන පොම්පයක් හයිකරලා තිබුණා.

      Delete
  13. තමන්ගේ (කකාගේ) අම්මට ගෙදර දොරේ වැඩපල කරද්දි සහයක් ලබා දෙන්න උදව් කරපු ගෑනු කෙනාව හාස්‍යයට ලක් කිරීම හෙලා දකිමි.
    ඒ ගෑනු කෙනා තමන්ගේ මුදලින් අච්චර උදව්වක් කලේ තමන්ගේ (කකාගේ) අම්මා දවසගානේ විඳින වදයෙන් පොඩි හරි සහනයක් ලැබෙයි කියලා හිතලා. එහෙව් ගැහැනිව හාස්‍යට ලක් කිරීම වැරදියි.

    වැරැද්ද පිලිගන්න ඔබ සූදානම්ද කකා ?

    ReplyDelete
    Replies
    1. එදා සිට වසර දෙකක් පමණ ගොස් අප වෙනත් නිවසකට යන තුරුම අප තිදෙනාට පෙරකී පත්තර ලැබුනේ ජා-ඇල ඇන්ටිගේ සාදර අනුග්‍රහයෙනි.

      ඒ සඳහා ඇය ඒ කාලයේ මිළ ගණන් අනුව මසකට රුපියල් දහයක්, පහලොවක් පමණ වැය කරන්නට ඇත.

      නමුත් එහි ප්‍රායෝගික වටිනාකම ඒ මෙන් තුන් ගුණයකි. මේ බලන්න.

      1. අප තිදෙනාට මසකට රුපියක් දහයක් වටිනා පත්තර ලැබේ.
      2. අපේ අම්මාට මසකට රුපියක් දහයක් වටිනා වතුර ලිදෙන් ගෙන ඒමේ සේවයක් ලැබේ.
      3. අපේ තාත්තාට මසකට රුපියල් දහයක් ඉතුරුවේ.

      සතියකට දින තුනක් වතුර ගෙනා මා වෙනුවෙන් මිලට ගත් පත්තරය මිලෙන් අඩුම එක වීම හැර මට මේ වැඩ පිළිවෙල ගැන කිසි ප්‍රශ්නයක් නොතිබුණි. ඇත්තටම කියනවානම් නවයුගය මිළෙන් අඩු වුවද, සීඔට සහ සිත්තර චිත්‍රකතා පත්තර හා සසඳා බලන විට වටිනාකමින් වැඩිම එක විය.

      Delete
  14. කකා ඔබ නිවසේ ඉඳුම් හිටුම් ආහාර පාන සැපයීම වෙනුවෙන්
    ඇය යම් ගෙවීමක් කලාද ?

    පිළිතුර නැත නම් : ඇය විසින් පත්තර 3 කට ඔබ සියලු දෙනා කඩේ යවා ඇත .
    පිළිතුර ඔව් නම් : ඇය හොඳ ඇන්ටි කෙනෙකි..

    ReplyDelete
    Replies
    1. ඒ ගෑනි කෑම බීම වලට ගෙවන්නේ අහවල් දේකට ද ?
      ඔබ වැනි අයෙකුගෙන් මීට වඩා වැදගත් අදහසක් ලබා ගත නොහැකි බව පසක් විය..

      Delete
    2. මම කියන්නේ කකාගේ ගෙදර නැවතිලා එයාලගෙම්ම
      කෑම බීම ඉඳුම් හිටුම් ඔක්කොම අරගෙන නිකම්ම නිකම්
      නෝනා වගේ හිටියනම් වැරදි.අනික අද වගේ සුව පහසු
      ජීවිතයකුත් නෙවේ ගත කරලා තියෙන්නේ.ඒ ගත කරපු
      අපහසු ජීවිතේ ගැන පෝස්ට් එකෙත් කකා කියල තියෙනවනේ ..

      අනිත් දේ තමයි ඔය කියන ඇන්ටි ජොබ් එහෙකුත් කරලා තියෙනවා..
      අතේ මුදලුත් තියෙනවා ඇතිනේ එහෙනම් කෑම බීම වියදම හරි
      දෙන්න ..ඔන්න එයත් ඉගෙන ගන්න නම් ඇවිත් හිටියේ කමක් නැහැ...


      දැන් බලමු චීන ණය ක්‍රමය හා ඇන්ටි ..

      ඕව ගැන ඕන තරම් කතා කරලා තියෙනවා ඇනෝ.මෙතනටත් ඔය
      දේශපාලන කියුම් කෙරුම් , අනුවණ වැඩ පටල ගන්නේ නැතුව හිටියේ
      අපි ඕව ගැන කතා කරන එකත් නිෂ්ඵල නිසා. ඉස්සර රනිල්ට බැන්නා
      හැම මිනිසෙක්ම 75,000 ක ණය කාරයෙක් කරා කියලා ..

      දැන් මේ ගත්ත ණය වල හැටියට මන් හිතන්නේ ලංකාවේ එක මනුස්සයෙක්
      මිලියන 12 කට එහා ජාත්‍යන්තරයට ණයයි ..ඕව කතා කරන්න ගියොත්
      ඉවරයක් නැහැ..ඊට වඩා ඇන්ටි ගැන වචනයක් කියල නිකම් ඉන්න එක
      හොඳයි කියල හිතුණා ...

      Delete
    3. කෑම බීම යනාදිය අදාල නැත.

      මා කියන්නේ එක ඩොලරයකින් කීප දෙනෙකුට උදව් කළ හැකි බවයි.

      Delete
    4. @ ano

      මම කියන්නේ කකාගේ ගෙදර නැවතිලා එයාලගෙම්ම
      කෑම බීම ඉඳුම් හිටුම් ඔක්කොම අරගෙන නිකම්ම නිකම්
      නෝනා වගේ හිටියනම් වැරදි.අනික අද වගේ සුව පහසු
      ජීවිතයකුත් නෙවේ ගත කරලා තියෙන්නේ.ඒ ගත කරපු
      අපහසු ජීවිතේ ගැන පෝස්ට් එකෙත් කකා කියල තියෙනවනේ ..

      අනිත් දේ තමයි ඔය කියන ඇන්ටි ජොබ් එහෙකුත් කරලා තියෙනවා..
      අතේ මුදලුත් තියෙනවා ඇතිනේ එහෙනම් කෑම බීම වියදම හරි
      දෙන්න ..ඔන්න එයත් ඉගෙන ගන්න නම් ඇවිත් හිටියේ කමක් නැහැ...


      දැන් බලමු චීන ණය ක්‍රමය හා ඇන්ටි ..

      ඕව ගැන ඕන තරම් කතා කරලා තියෙනවා ඇනෝ.මෙතනටත් ඔය
      දේශපාලන කියුම් කෙරුම් , අනුවණ වැඩ පටල ගන්නේ නැතුව හිටියේ
      අපි ඕව ගැන කතා කරන එකත් නිෂ්ඵල නිසා. ඉස්සර රනිල්ට බැන්නා
      හැම මිනිසෙක්ම 75,000 ක ණය කාරයෙක් කරා කියලා ..

      දැන් මේ ගත්ත ණය වල හැටියට මන් හිතන්නේ ලංකාවේ එක මනුස්සයෙක්
      මිලියන 12 කට එහා ජාත්‍යන්තරයට ණයයි ..ඕව කතා කරන්න ගියොත්
      ඉවරයක් නැහැ..ඊට වඩා ඇන්ටි ගැන වචනයක් කියල නිකම් ඉන්න එක
      හොඳයි කියල හිතුණා ...

      ---------------------------------------------------------------

      දැන් මේ කකා කියන විදිහට ඇය කර ඇති සේවය ඉහළයි .
      කකාට ඊට පස්සෙත් උදව් කරා කියල මේ කමෙන්ට් කරලා
      තියෙන්නේ පස්සේ පස්සේ...

      Delete
    5. @ කකා

      මම ඔහොම කිව්වේ සමහර මිනිස්සු ඉන්නවා බොරුවට
      පොඩි දෙයක් රෝල් කරලා දීල ලොකු ලොකු වාසි ගන්න .
      ඒක පැහැදිළිවම කපටි කම මිසක් වෙන දෙයක් නෙවේ...
      ( චීන ණය ව්‍යාපෘති වගේ )


      මේ ඇන්ටි එහෙම කෙනෙක් නෙවේ කියල ඔබ පුන පුනා කියල
      තියෙන නිසා ගැටළුවක් නැහැ.ඇය කරලා තියෙන්නේ බොහොම අගේ
      ඇති වැඩක්...

      Delete
    6. haiyoooo me sahan kiyana dial eka mokekda aththatama.. yana yana thana wathura nathuwama naanawa ne.

      Delete
  15. වර්තමාන සංවර්ධන ව්‍යාපෘති වල ඇත්ත කතාව..අනේ අපෙත් ගේ ළඟ හිටියනම් ඇන්ටි කෙනෙක් මගේ ඉන්ටනෙට් බිල ගෙවන්න!

    ReplyDelete
    Replies
    1. එතනින් නවතීද? නාඩි මලයා.

      Delete
    2. ලිඳෙන් වතුර ඇද කළ පුරවන්නට කැමතිද?

      Delete
    3. පත්තර වෙනුවෙන් ලද මුදලට කළ පිරුවුණු බව බොහෝ දෙනකුට මෙතැන අමතක වෙලා නේද කකා.

      Delete
  16. දේශපාලනය පැත්තකින් තිබ්බොත් කකා, සටහනේ මුල් ටිකේ කියවෙන කරුණු මටත් හරි සමීපයි. අද නම් කොළොඹ නොඉපදිච්ච, විදුලි බලය නොතිබුන, ළිදෙන් වතුර නොගත්ත කෙනෙක් හොයනවා කියන්නේ සෑහෙන අමාරු වැඩක්. අපේ ගෙදරට පත්තර ගොඩක් ගත්තා. ඒ කාලයේ ඒ පත්තර වල බලන්න යමක් තිබුනා.
    චීනයේ ණය ව්‍යාපෘති අප්‍රිකාවේ වුනත්, ආසියාවේ වුනත් කරන්නේ, යලිත් අය කර ගන්නා හැටි හොඳට ගණන් බලලා. ඒ අය කර ගැනීම මුදල් වලින්ම නොවේ. අප්‍රිකාවේ ඛනිජ සම්පත් ටිකට කෙල හලන ගමන්, චීනුන් අප්‍රිකාවේ පදිංචි වීමත් සිදු වෙනවා. හැබැයි බොහෝ විට, ඒ සමහර රටවල් වල මෑත කෙරුණු විශාල යටිතල පහසුකම් දියුණු කිරීම් වලට, චීනය තරම් දායක වුනු වෙන රටක් හොයා ගන්න හරි අමාරුයි.

    ReplyDelete
    Replies
    1. ඔබ හරි!

      මගේ මේ කතාව ඇන්ටිට හෝ ජ්‍යාත්‍යන්තර ණය වලට විරුද්ධ එකක් නොවේ.

      මා කියන්නේ එක ඩොලරයකින් කීප දෙනෙකුට උදව් කරන්න පුළුවන්ය කියායි!

      Delete
  17. ඇන්ටිට වතුර ගෙනත් දීලා උදවු කරන්න වෙන එකෙනුත් එය බේරිලා නේද?? අන්න මොලේ! රුපියල් 10 න් වැඩේ ගොඩ දාගෙන!

    ReplyDelete
    Replies
    1. ඒකනේ මං කියලා තියෙන්නේ. One dollar goes a long way

      Delete
  18. ANE APPE KAKKA THUMALA EKALE WATHURA ADINA KOTA HARI DUKAK WINDINNA ATHI. WATHURA GENA ENA ATHRA MAGADI, JOKKU IRENNA ATHI,, CHOO YANNA ATHI, , PADA YANNA ATHI, JEE YANNA ATHI, KAI PADA WAGE KADAK BANDAGENA ENNA THIBUNA. NEVEDA ?

    ReplyDelete
  19. අර උඩ කියමන 'මොළේ හොඳයි ඇලේ දාන්ට ' නේද? ඒකේ ජා ඇල කතාවකුත් තියනවද? කොහොම උනත්, හොඳ ඇන්ටි කෙනෙක්.

    ReplyDelete
    Replies
    1. ඔබ හරි, (නිකම්ම නිකං) ඇලේ දාන්න තමයි.
      අපි ජාඇලට කිට්ටුව සිටි නිසා ජාඇල මේකට අපිම එකතුකරගන්න ඇති.

      Delete
  20. මත වාරණයක් සිදු වේ.

    ReplyDelete
    Replies
    1. ඇයි මොකක්ද අවුල?
      මොකක්ද වාරණය වූ මතය?

      Delete
  21. චීන මගුලක් නෙමේ මෙතන තියෙන්නෙ.පත්තර පොත් වලම එල්ලිල ඉන්න හොද අනාගතයක් තියෙන කොල්ලො තුන් දෙනෙක්ව ක්‍රියාශීලි පුද්ගලයො වශයෙන් සමාජයට ගේන්න ඔබගේ දෙමාපියනට උදව්වක් කරල තියෙන්නෙ.

    ReplyDelete
    Replies
    1. ඉතිං බොලේ ඒක නේන්නං මාත් කිව්වේ!

      "ඒ සඳහා ඇය ඒ කාලයේ මිළ ගණන් අනුව මසකට රුපියල් දහයක්, පහලොවක් පමණ වැය කරන්නට ඇත.

      නමුත් එහි ප්‍රායෝගික වටිනාකම ඒ මෙන් තුන් ගුණයකි. මේ බලන්න.

      1. අප තිදෙනාට මසකට රුපියක් දහයක් වටිනා පත්තර ලැබේ.
      2. අපේ අම්මාට මසකට රුපියක් දහයක් වටිනා වතුර ලිදෙන් ගෙන ඒමේ සේවයක් ලැබේ.
      3. අපේ තාත්තාට මසකට රුපියල් දහයක් ඉතුරුවේ.

      සතියකට දින තුනක් වතුර ගෙනා මා වෙනුවෙන් මිලට ගත් පත්තරය මිලෙන් අඩුම එක වීම හැර මට මේ වැඩ පිළිවෙල ගැන කිසි ප්‍රශ්නයක් නොතිබුණි. ඇත්තටම කියනවානම් නවයුගය මිළෙන් අඩු වුවද, සීඔට සහ සිත්තර චිත්‍රකතා පත්තර හා සසඳා බලන විට වටිනාකමින් වැඩිම එක විය."

      Delete
    2. හායි කෙන්ජි අංකල් !

      Delete
    3. හායි පුතා...!!පුතා සනීපෙන් නේද?බුදු සරණයි පුතාට....!!!

      Delete
  22. කකා කියවලා තියෙනවද චිත්‍රකතා පත්තර වල යන කතා ටික ? මම නම් එකක් නෑර එකතු කලා.
    පුදුම ආසාවකින් කියෙව්වේ.
    අන්තිමේට කියවලා තියෙන්නේ කැමිලස්ගේ ගජමෑන් චිත්‍ර කතා පත්තරේ.
    පොඩ්ඩක් ඒ මතකය අවදි කරමුද ? පුලුවන් නම් පහලින් කමෙන්ට් එකක් දාන්න.

    -සනාත

    ReplyDelete
    Replies
    1. මාත් චිත්‍රකතා පත්තර ආශාවෙන් කියෙව්වා. වැඩිපුරම මිතුරන්ගේ නිවෙස්වලින්. මේ ගැන මා කලින් ලියූ කතන්දරයක් මෙතනින් බලන්න.

      යුනිකෝ සහ මේඝ - අපේ කාලයේ වීරයෝ
      http://kathandara.blogspot.com/2009/11/blog-post_06.html

      Delete
    2. ප්‍රතිචාරයට ස්තුතියි කකා.
      මම ලින්ක් එක දිගේ ගිහින් ඒ කතාව කියවලා එන්නම්.

      -සනාත

      Delete
  23. මිල කල නොහැකි කොරල් පර හික්කඩුවෙන් කඩාගෙන අරන් යන්න ගිය, මත්තල ගංකබර එයාපෝට් එකේ වැඩ කරපු චීන්නු වගයක් අවවාද කර නිදහස් කරලා. බැංකුවෙන් ගත්ත ගොවි ණය ගෙවාගන්න වී ටික සාධාරණ මිලකට විකුණගන්න බැරිවුණ පොළොන්නරුවේ පොඩි විජේ කසිප්පු පෙරා අහුවුනොත් අවවාද කරලා නිදහස් කරනවාද. මම අහන්නේ ඔබෙන් නෙවෙයි ගංකබරයාගෙන්.

    අසමි දකිමි සොයමි ලියන විචාරක

    ReplyDelete
    Replies
    1. ඇසුණි, දනිමි, නමුත් පිළිතුරු නොලියමි!

      ;-)

      Delete
    2. මට යන කේන්තියම විචාරක මහත්තයටත් ගිහිල්ල හරිම වචනෙ එලියට පැනල නොවැ.ලගපාත දැන් ආයුද නැහැනෙ.දැන් ආයුදේ කී බෝර්ඩ් එකනෙ.

      Delete
    3. අපේ ආයුධ නම් චන්දය, අධිකරණය සහ යතුරු පුවරුවයි.

      වෙනත් ආයුධවලින් ප්‍රශ්න විසදන්නට සිතන්නෝ අණුවනයෝය.

      Delete
  24. කතාව කියෙව්වා....චිතුකතා පත්තර වල තියෙන කුනුහරුප ළමයින්ට සුදුසු නැති බව ඔබගේ දෙමාපියන්ට නොවැටහීද?

    ReplyDelete
    Replies
    1. මා මේ කියන්නේ චිත්‍රකතා පත්තර වල හොඳ කාලේ ගැනයි. මට නං මතක නෑ මං චිත්‍රකතා පත්තරවලින් කුණුහරුප ඉගෙන ගත් බවක්.

      පසුකලෙක චිත්‍රකතා පත්තර ප්‍රමාණය වැඩිවී එකිනෙක හා තරග කරන්නට කුණුහරුප දාන්නට ඇති. මං දන්නා තරමින් කුණුහරුප පත්තරද ආවා. නමුත් සතුට, මධුර සහ සිත්තර වැනි පත්තර හොඳ ප්‍රමිතයේ ඒවා මට හිතන හැටියට.

      කොහොමටත් මගේ දෙමව්පියෝ වාරණයක් පැනවූයේ නෑ.

      ඔබ බැලූ හෝ ඔබට බැලීමට නොදුන් කුණුහරුප චිත්‍රකතාවක් ගැන හෝ චිත්‍රකතා පත්තරයකින් ඔබ ඉගෙන ගත් කුණුහරුප කතාවක් ඔබට මතකද?

      Delete
    2. ජෝතියා ඇන ගත්තා !!!!
      හුක්කි හුක්කි හූඌඌඌඌ :)

      නරියා

      Delete
    3. @ Ano
      නරියෙක් බව නම් පෙනේ!

      Delete
  25. මම කිව්වෙ පිත්‍රකතා පත්තර වල ගොඩක් තිබුනේ ලව් කතානේ...තරුණ ස්ත්‍රී පුරුෂයන් සිප වැලඳ ගන්නා පින්තූර ළමයින්ට සුදුසු නෑනේ...කොහොමත් චිත්‍ර කතා පත්තර ළමයින්ට සුදුසු තත්තවයක කවදාවත් තිබුනේ නෑ..

    ReplyDelete
    Replies
    1. /* චිත්‍ර කතා පත්තර ළමයින්ට සුදුසු තත්තවයක කවදාවත් තිබුනේ නෑ. */

      කොහොමද එහෙම කියන්නේ? මොකක්ද පදනම?

      මා අසා ඇති පරිදි මුලින්ම චිත්‍රකතා පත්තරයක් ආවේ ළමයින්ට ලු. ඒකේ නම ටිකිරි යැයි අසා තිබේ.
      අපි දන්න කාලේ ඉඳලා දිණමිණ, සිළුමිණ පත්තරවල පවා චිත්‍රකතා තිබුණා.

      Delete
    2. ජෝති තවත් කරුණු කිපයක්.

      1. ඒ දවස්වල තිබුණු හොඳම ආදර කතාව තමයි ඉතිං ඊට පස්සේ. ඒකේ සිප වැලඳ ගැනීමක් තිබුනේ නෑ ආසාවකටවත්! ඕකේ ටෙලියක් ගියා නේද? ඒකේ නං තියෙන්න ඇති.

      2. අනික සිප වැළඳ ගැනීම කුණුහරුපයක් වෙන්නේ කොහොමද?

      3. විත්‍රකතා පත්තරවල තිබුනේ බහුතරයක් ආදර කතා කියන එකත් වැරදියි. එහෙම වුනත් මට නම් මතකේ තියෙන්නේ යුනිකෝ, මේඝ, නිව්රෝ, ටෝගා, ගජමෑන් වගේ ඒවායි.

      Delete
    3. මෙහෙමනේ කකා ජෝතිෂ කියව විදිහට ඔය පත්තර පල වෙච්ච කාල සීමාවත් එක්ක සිප ගැනීම් කියන්නේ ලමයින්ට නුසුදුසු තත්වයේ තිබ්බ ඒවා. මොකද පත්තරේකින් නෙමේ පිචර් එකක උනත් සිපගැනීමක් තියෙනවා නම් අම්මලා ලමයින්ව පිචර් හෝල් එක තියෙන පැත්ත පලාතටවත් ගෙනියන් නෑ.

      කාලයත් එක්ක තමා සිපගැනීම ප්‍රශ්නයක් වෙන්නේ. නමුත් කුණුහරුපයක් වෙනවද කියලා නම් දන්නේ නෑ. ජෝතිශගේ ඒ කතාවට නම් එකඟ නෑ.

      දැන් නම් කාලෙත් එක්ක සිපගැනීම් එතරම් ගනනට ගත යුතු දේවල් නෙමේ වෙලා. ඔබ ජීවත් වෙන බටහිර රටවල් වලදි නම් එලිපිට සිප ගැනීම තහනමක් නෙමේ. එහෙම නේද ?

      -සනාත

      Delete
    4. ජෝතියට පොඩිකාලෙ අන්කල් කාරයෙක් චිත්‍ර කතා පත්තර කියල වැල පත්තර පෙන්නලා වගේ.... "මකුලුවා" වගේ නමක්ද පත්තරේට තිබුනෙ?

      ප. ලි. කොහොමත් අපි ජෝතිගෙන් බලාපොරොත්තු වෙන්නෙ ඇනලයිස් කරපු කොමෙන්ට් එකක්.... හරියට, ලමයි පොඩිකාලෙ වැදගත් දේ නොකියවා චිත්‍ර කතා කියවන්නෙ කුමන ග්‍රහ බල පෑම් නිසාද වගේ ඇනලිසිස් එකක්...

      Delete
    5. කතන්දර කියන දේ හරි..ළමා පත්තර වල තිබූ චිත්‍ර කතා ළමයින්ට සුදුසුයි.ඉස්සර විජය මිහිර පත්තරවල ගිය කුරුපුංචිගේ කතාව,පුංචිත්තා,යෝධ රාළයාමි මල්මාමා කතා වලට අපිත් හරි ආසයි.ඒත් මම කිව්ව සිත්තර,සතුට වගේ පත්තර ළමයින්ට හොඳම නැහැ.
      කතාව ටිකක් දුර ගියා නේද?කව්ද බොලේ මේ ඇනෝ..ඒත් මේ ඇනෝ එච්චර නරක නෑ..මූට වඩා මහ එපා කරපු ඇනෝ කෙනෙක් ඉන්නවා මගේ කමෙන්ට් පස්සේ දුවගෙන එන...හික්...

      Delete
    6. මේ ඒ ඇනෝම තමයි.... අද ඇනලිසිස් එක ලියන්න වෙලා නෑ බන් ජෝති.... අම්බානක වැඩ.... ඒකයි උඹට ලියන්න කියුවෙ.... මමම තමයි උඹට දුම්මල කේස් එකට නොබෙල් සම්මානෙ දෙන්න යෝජනා කරෙත්... මතකද මන්ද....

      Delete
    7. @Anonymous
      මතකයි..මතකයි..කවුද බන් හිතුවේ උඹල වගේ මහ එපා කරපු ඇනෝලත් ඉන්නව කියල.හැබැයි එදානම් මම හොඳට නා ගත්ත..හික්...

      Delete
  26. චිත්‍රකතා පත්තර නොබැලූ අයෙකු මිස කියවූ, බැලූ අයෙක් ඒවාට අකමැති වෙනු ඇතැයි මා සිතන්නේ නෑ.

    http://poerty-dawson.blogspot.com/2012/06/blog-post.html

    ඉහද සබැඳියෙන් ඩෝසන් ගේ ලිපිය බලන්න.

    ReplyDelete
  27. ඇන්ටි වැදගත් මනුෂ්‍යෙයක් වගේ...ළමුන්ගේ කියවීමේ රුචිය වැඩිකරන්නට ගත්ත මහන්සිය අගෙයි...

    ReplyDelete
  28. චිත්‍රකතා සහ කුනුහරුප කියන මාතෘකාවට ආපු නිසා මිස මේ කමෙන්ට් එක පෝස්ට් එකට නම් අදාළ නෑ. අපි අටේ නමේ පන්ති වල ඉන්නැද්දි ක්ලාස්මේට් කෙනෙක් හිටියා උපන් ජෝකරයෙක්. මේකා දවසක් චිත්‍රකතා පත්තරයක එක කොටුවක් කපාගෙන ආවා ඉස්කෝලෙට. ඒ කොටුවෙ තිබුනෙ දෙබසක් සහ චිත්‍රයක්. දෙබස මෙහෙමයි (මතක හැටියට).
    "මේකනම් කවදාවත්ම හි‍‍‍ඳෙන දියපාරක් නෙවෙයි වගේ"
    "ඔව් ඔව් ඝන සැරේට වටේටම කැළැව වැවිල තියෙන්නෙ"
    මේකා මේ කෑල්ල පෙන්න පෙන්නා හිනාවෙනවා.

    මම කියන්නේ කුනුහරුප ‍තියෙන්නෙ පත්තරවල නෙවෙයි, අපේ හිතේ.

    ReplyDelete
  29. mona magulakda bn.. matanam mokuthma therenne ne

    ReplyDelete
  30. අවු. 9 මල්ලිට සිත්තර පත්තරේ තාත්තා අරන් දුන්නා කිව්වම පුදුම හිතුනා. මොකද, ඕකෙ වැඩිපුරම තියෙන්නෙ වැඩිහිටි ගෑනු මිනිස්සු ගැන කතා හින්දා.

    ReplyDelete

මා ලියූ කතන්දරයට අදාල නැති කරුණු ඔබේ ප්‍රතිචාරවල ඇතළත් නොකරන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

අදහස් වාරණයක් නොකෙරේ. කුණුහරුප සහ තුන්වන පාර්ශවයන්ට නින්දා කෙරෙන ප්‍රතිචාර ඉවත් කෙරෙනු ඇත.