ජීවිතයම කතන්දර ගොඩක්!
This is a Sinahla blog written for five years from July 2009. It contains stories - Kathandara - from authors life.
කතන්දරකාරයා ගේ දශක කිහිපයක ජීවන අත්දැකීම් අළලා 2009 ජූලි 11 දින සිට පුරා වසර පහක් තිස්සේ ලියවුණු කතන්දර එකතුවකි. kathandara@gmail.com
Wednesday, 20 March 2013
වික්‍රමතුංග ගේ සිරා ජෝක්ස් සහ පීචං ජෝක්ස් - Gravis iocos et low-gradu iocos secundum Udareous Vickramathungeous
පසුගිය දා තම සංගීත දිවියේ පනස්වෙනි වසර සම්පූර්ණ කළ නිහාල් නෙල්සන් එක විදියක පොරකි.
පොර ගැන අප බොහෝ දෙනෙකු අසා ඇති එක කතාවක් මෙසේය.
කලෙක ඉහත, ඒ කියන්නේ ජෝතිපාල ද ජීවත්වෙන කාලයේ, සිංහල විදග්ධයෝ ඇසුවේ අමරදේව ගේ, වික්ටර් රත්නයාක ගේ, නන්දා මාලනී ගේ සින්දු ය. මේවා හින්දුස්ථාන සංගීයට අනුව නිමවුණු, ගැයුණු, තබ්ලා, වයලීන්, බටනලා වැනි පෙරදිග වාද්‍ය භාණ්ඩ මගින් සංගීතය සැපයුණු ප්‍රබුද්ධ ගීත විය.
ඒ ගී ගැයුවෝ ප්‍රබුද්ධ ගායකයෝ ය.
ඒ ගී ලියූවෝ ප්‍රබුද්ධ කවියෝ ය.
ඒ ගී අසා රස වින්දෝ ප්‍රබුද්ධ ශ්‍රාවකයෝ ය.
දිනක් පුවත්පත් සම්මුඛ සාකච්ඡාවකදී මේ ගැන අදහස් දැක්වූ ජෝතිපාල "ඒ අය ප්‍රබුද්ධ ගායකයෝ, අපි නිකං පීචං ගායකයෝ!" කියා තමන් පරාජය බාර ගෙන තිබුණි.
මේ වල විට තම ගී ඇතුලත් කැසට් පට බර ගාණක් නිමවා ජනප්‍රියක්වයේ ඉහල තැනක සිටි නිහාල් නෙල්සන් එසේ පරාජය බාර ගන්නා අයෙකු නොවීය.
ඊලඟ සතියේ පැවැත්වුණු සාකච්ඡාවකදී ඔහු පුවත්පත් කලාවේදියා සමග කියා තිබුණේ, "මල්ලී ඔවුන් ප්‍රබුද්ධ නම් අපි සුප්‍රබුද්ධ!" කියායි.
මේ කතාව මට සිහිවුනේ මගේ මිතුරෙකු ගැන අද සිහියට නැගුණු වෙලාවේ ය.
නමින් උදාර වික්‍රමතුංග වුණු ඔහු ද, රත්නායක මහත්තයා, දුමින්ද වැනි කතන්දර මවන්නෙකි. අද මේ කෙටි කතන්දරය මා ලියන්නට සිතුවේ උදාර ගේ උදාර වික්‍රම ගැන කියවෙන කතන්දර මාලාවක ඇරඹුම ලෙසය.
විශ්ව විද්‍යාලයට ඇතුලත් වු දින සිටම පාහේ අප හැම එකාටම විවිධ අන්වර්ථ නම් පට බැඳුණි. පොලා, ඇඩ්ඩියා, ලැම්බා, බෙලෙක්කයා, බොලොක්කයා, නට් ඇන්ඩ් බෝල්ට් යනාදී මේ සමහර නම්වල යම් කිසි තේරුමක් හෝ පසුබිමක් හෝ තිබුණද, බහුතරයක් පටබැදි නම්වලට කිසිදු පදනමක් තිබුණේ නැත.
එකිනෙකාට මේ ආකාරයට නම් හෙවත් කාඩ් දැමීමෙන් ද, එවායින් එකිනෙකා ඇමතීමෙන් ද අප එදා ලැබුයේ අවුරුදු දහනමයේ කොල්ලන් ලබන සරල සොමියක් පමණි. එසේ නොමැතිව, මේ නම්වල කිසිදු නින්දාවක් හෝ අපහාස කිරීමක් හෝ ගැබ් වී නොතිබුණි.
අපේ මේ නම් පට බැඳීමට නිතරම වාගේ භාජනය වූ එක් අයෙක් වූයේ උදාර යි. ඔහුට කොතරම් මේ ආකාරයේ නම් පට බැඳුනේද කිවහොත් ඉන් වැඩි හරියක් පැවතුනේ සතියක් හෝ දෙකක් පමණි. ඒ ඉන් පසු තවත් නමක් පබැඳුණු නිසාය. කොටින්ම දැන් ඒ උදාරගේ අන්වර්ථ නම් බහුතරයක් දැන් මගේ මතකයේ නැත.
"උඹලා මට මේ විදියට කාඩ් ගැහැව්වට දැනගනිල්ලා අපේ ගම්වල අපිට කියන්නේ 'අප්පෝ' හරි 'හාමු' හරි කියලා!" දිනක් උදාර අප සමග පැවසීය.
අපි එදා ඔහුට 'අප්පුහාමි' යැයි නමක් පට බැන්දෙමු!
තමන්ට උපහාසාත්මක කතා කියනු අසා එය ඉවසා සිටිය හැක්කේ කලාතුරකින් අයෙකුටයි. උදාර ට ඒ කුසලතාවය ඉතා කෙටි කලකින්ම ප්‍රගුණ කර ගැනීමට සිදුවිය. ඔහු ගැන කතන්දර කියමින් අප සිනා සයුරේ ගිලෙන අතරතුර උදාර ඒ නොඇසුණා සේ මුවින් නොබැණ සිටියි.
"උඹලා ගේ ඔය ජෝක්ස් සිරා ජෝක්ස් නොවෙයි, ඕවා මහ පීචං ජෝක්ස්!" උදාර එවැනි දිනක අප සමග කීවේය. "උඹලා දන්නවාද සිරා ජෝක්ස් සහ පීචං ජෝක්ස් අඳුනගන්නා විදිය?"
ඇත්තටම අපේ කණ්ඩායමේ එකෙක්වත් ඒ නිර්වචනයන් එදා අසා තිබුණේ නැත.
"ජොක් අහපු උන්ට වැඩියෙන් ජෝජ් එක දාපු එකාම හිනාවෙනවා නම් ඒක පීචං ජෝක්ස් එකක්!"
"සිරා ජෝක්ස් කියන්නේ ජෝක් එක අහපු උන් කොච්චර හිනා වුනත් ජෝක් එක දාපු එකා හිනා නොවෙනවා නම් විතරයි."
ඒ උදාර වික්‍රමතුංග අප සමග "සිරා ජෝක්ස් සහ පීචං ජෝක්ස්" නිර්වචනය කළ ආකාරයයි.
-කතන්දරකාරයා
ප/ලි:
රත්නායක ජෝක්ස් සහ රත්නායක නොවන ජොක්ස් ගැන අසා නොමැති නම් මෙන්න එතැනට සබැඳියක්.
http://kathandara.blogspot.com/2010/03/new-classification-of-jokes.html
ඒ කතන්දරයේ ද මේ සිරා ජෝක්ස් සහ පීචං ජෝක්ස් ගැන සඳහනක් ඇත.
(image: http://lankanstuff.blogspot.com.au/2013/03/50-years-of-nihal-nelsons-music.html)
Subscribe to:
Post Comments (Atom)
@ All
ReplyDeleteමේ කතන්දරයේ කතා නායකයාට මා මුලින් දැමූ උදාර වීරවංශ යන අන්වර්ථ නාමය කතන්දරය පලවී විනාඩි කිහිපයකට පසු උදාර වික්‍රමතුංග ලෙස වෙනස් කරන ලදී.
කට්ටිය උදාර වීරවංශව නිමල් වීරවංශ කල ද ?
Delete// "උඹලා දන්නවාද සිරා ජෝක්ස් සහ පීචං ජෝක්ස් අඳුනගන්නා විදිය?//
ReplyDeleteබුදු හාමුරුවන්ගෙනුත් සුලු මව උන ප්‍රජාපති ගෝතමී මේ වගේ ප්‍රශ්නයක් ඇහුවා. හැබැයි ඒ නම් ඇහුවේ ධර්මය යි අධර්මයයි අදුන ගන්නේ කොහොමද කියලා...
ඒක නෙමේ ජෝක් අහපු එවුනුයි ජෝක් කියපු එවුනුයි දෙගොල්ල්ම හිනා වෙන ඒව්ට දාමු සුප්‍රබුද්ධ ජෝක් කියලා..ම්මොකද ඒවා නිහාල් ගේ සිංදු වගේ දෙපැත්තම ආතල් ගන්න හින්දා...
ජෝක් කරන අයටයි අහන අයටයි දෙගොල්ලටම හිනා යන්නේ නැති ඒවා ප්‍රබුද්ධ ජෝක් කිය්ලා දාමු,,
// "උඹලා දන්නවාද සිරා ජෝක්ස් සහ පීචං ජෝක්ස් අඳුනගන්නා විදිය?//
ReplyDeleteබුදු හාමුරුවන්ගෙනුත් සුලු මව උන ප්‍රජාපති ගෝතමී මේ වගේ ප්‍රශ්නයක් ඇහුවා. හැබැයි ඒ නම් ඇහුවේ ධර්මය යි අධර්මයයි අදුන ගන්නේ කොහොමද කියලා...
ඒක නෙමේ ජෝක් අහපු එවුනුයි ජෝක් කියපු එවුනුයි දෙගොල්ල්ම හිනා වෙන ඒව්ට දාමු සුප්‍රබුද්ධ ජෝක් කියලා..ම්මොකද ඒවා නිහාල් ගේ සිංදු වගේ දෙපැත්තම ආතල් ගන්න හින්දා...
ජෝක් කරන අයටයි අහන අයටයි දෙගොල්ලටම හිනා යන්නේ නැති ඒවා ප්‍රබුද්ධ ජෝක් කිය්ලා දාමු,,
එතකොට පීචං බ්ලොග්කාරයොයි ප්රබුද්ධ බ්ලොග්කාරයොයි අදුරගන්නෙ කොහොමද ?
ReplyDeleteඇනෝ කමෙන්ට් විවෘත කරලා සංවාදයට ඉඩ ලබා දෙන්නේ ප්‍රබුද්ධ බ්ලොග්කාරයෝ.
Deleteඇනෝ බ්ලොක් කරගෙන එකිනෙකාගේ පිට කහගන්න කමෙන්ටු දාන්න බ්ලොග්ලියන්නේ පීචං බ්ලොග්කාරයෝ.
පීචං බ්ලොග් ලියන අයත් ඉන්නවද?මම ඇනෝ මහත්වරුන්ව දැකලම තියෙන්නෙ ප්‍රබුද්ධ බ්ලොග් වල විතරමනේ.
Deleteපීචං ඇනෝලා සහ ප්‍රබුද්ධ ඇනෝලා කියලත් වර්ග දෙකක් ඉන්නවා.
Deleteඇයි පීචං ප්‍රොෆයිකාරයොයි ප්‍රබුද්ධ ප්‍රොෆයිකාරයොයි කියලත් දෙවර්ගයක් ඉන්නවා.
Delete//"ජොක් අහපු උන්ට වැඩියෙන් ජෝජ් එක දාපු එකාම හිනාවෙනවා නම් ඒක පීචං ජෝක්ස් එකක්!"
ReplyDelete"සිරා ජෝක්ස් කියන්නේ ජෝක් එක අහපු උන් කොච්චර හිනා වුනත් ජෝක් එක දාපු එකා හිනා නොවෙනවා නම් විතරයි."//
මේ වගේ දේවල් දැනගන්න එකත් කොයිතරම් දෙයක්ද? :D:D
තමන්ම දාල තමන්ම හිනා වෙන/ හිනා මූනු දාන කොමෙන්ට් වලට කියන්නෙ පීචන් කොමෙන්ට්....
Deleteමේ බ්ලොග් එකේ මම ආසම රත්නායක ජෝක්ස් වලට.
ReplyDeleteමේ ලඟදි තමා රත්නෙව අඳුන ගත්තේ. ඒවා නම් සිරාම ජෝක් වගයක් !
උදාරයා වගේ අපෙත් එකෙක් හිටියා. ඌට දාලා තියෙන කාඩ් ගාන කාටවත් මතක නැහැ. දැන් ඌ එච්චර සෙට් වෙන්නේ නැති නිසා අලුතෙන් මොකුත් වැටුණේ නැහැ.
ReplyDeleteඒ ජාතියේ තව පොරක්ට වැටුණු කාඩ් ඔක්කොම එකතු කරලා නමක් හැදුවා අපේ එවුන් "අලි අක්බර් මලින්ද ෆ්‍රැන්සිස් ඛාන්" කියලා :D
තමන්ම දාල තමන්ම හිනා වෙන/ හිනා මූනු දාන කොමෙන්ට් වලට කියන්නෙ පීචන් කොමෙන්ට්....
Delete@ Anonymous March 21, 2013 at 9:44 AM
Delete:D
විහිළු ගැන අපූරු අර්ථකථනයක්...සරලයි.. පැහැදිලියි...
ReplyDeleteමේ කතනදරය ඇතුළෙ කතන්දර ගොන්නත් තියෙනවා.. හිතන්න කාරණාත් ගොඩක් තියෙනවා...
උදාර වික්‍රමතුංගගේ නිර්වචනයට මමත් එකඟයි.
ReplyDelete(කමෙන්ට් එකක් දාලා දාපු එකාම හිනා වෙනවනම්, කමෙන්ට් එක ගැන උඩඟු වෙනවනම්, ඌ පීචං කමෙන්ට් කාරයෙක් කියල නිර්වචනයක් නැද්ද?)
me comment eka dakkama apitath ehemai hithenne.
DeleteVISSA VIJJALEDI PATA BANDENA THAWA NAM THIYANAWA, MENNA KIHIPAYAK, JOKA, CHOOWA, JEEYA,, PADAYA, BOGA, PA..AYA, KA-IYA. ETC.
ReplyDeleteකකාගේ විස්ව විද්‍යාලයේදි BOGA කියලා කියන්නේ පාඩම් කරනවට !
Deleteපාඩම් කරනවා = බොග දානවා
කක්කා කරනවා = බොක දානවා.
ඔන්න ඕකඣ්යි බොකෙයි බොගෙයි වෙනස. එහෙම නේද කකෝ.
කතන්දර; මම ඔබ ලියූ >>Keep aside<< ලිපිය කියෙව්ව.හිනා කාල මැරෙන කතානෙ.
ReplyDeleteදැන් ඒ අය අර KamuBomu ලිපි ලියන්නෙ නැද්ද?ජාඩි හදන විදියක් දාල තිබුන කටට කෙල උනන විදියට.අනිත් ලිපි ටිකත් කියවන්න ඕන.ඔබට ස්තුතියි!!!
කාපු බීපු කාලේ ඉවරයි.
Deleteදැන් තියෙන්නේ බර බර ගාලා රෙන්න තියෙන ලිපි ලියන කාලේ.
පොඩ්ඩක් ඉන්නකෝ...
කාගේද?
Delete..............??????
මොකටෙයි?
ඔන්න මම දැන් ජෝක් එකක් කියන්න යන්නෙ කියලා පටන් ගන්න ඒවත් පීචං ජෝක් ගොඩට දාන්න පුළුවන්...
ReplyDelete//"ජොක් අහපු උන්ට වැඩියෙන් ජෝජ් එක දාපු එකාම හිනාවෙනවා නම් ඒක පීචං ජෝක්ස් එකක්!"
ReplyDelete"සිරා ජෝක්ස් කියන්නේ ජෝක් එක අහපු උන් කොච්චර හිනා වුනත් ජෝක් එක දාපු එකා හිනා නොවෙනවා නම් විතරයි."//
මෙහි "ජෝක් එක දාපු එකා" යනුවෙන් හදුන්වා ඇත්තේ කවරෙක්ද ?
01.විහිලුවට ඉලක්ක වන පුද්ගලයාද
02.විහිලුව පැවසු පුද්ගලයාද
මූට නම් සරල සිංහලත් බෑ වගේ...
Deleteඉතින් ඔබතුමාම පැහැදිළි කරානම් ...lol
Delete/"ජොක් අහපු උන්ට වැඩියෙන් ජෝජ් එක දාපු එකාම හිනාවෙනවා නම් ඒක පීචං ජෝක්ස් එකක්!"/
Deleteමෙහි මා අතින් සිදුවූ ටයිපින් මිස්ටේක්ස් කීපයක් ඇත. ඒ වාක්‍යය "ජෝක් එක අහපු උන්ට වැඩියෙන් ජෝක් එක දාපු එකාම හිනාවෙනවා නම් ඒක පීචං ජෝක් එකක්!" යනුවෙන් නිවරද විය යුතුයි.
@ ඇනෝ ලාබෙට කාම්බෝජේ යමුද එක එක්කෙනාට කොක්ක නොදා ?
Delete@
Deleteපළමු ඇනෝ
දැන් තේරුණාද කාටද සරල සිංහල බැරි කියලා ?
මා ශ්‍රී ලාංකිකයෙකු නොවෙන්න පුළුවන් .ඒත් ඒක
මෙතනට අදාළ කරගන්න එපා ..
@ කකා
තෑන්ක්ස් කකා වරද තේරුම් ගත්තට හා නිවැරදි කිරීම
ගැන .
@ දෙවන ඇනෝ
තෑන්ක්ස් මෙයා ..:)
පොඩ්ඩක් ඉන්න මම මේ සිස්සත්ත ටික දීලා ඉවර වෙනකන්..
Deleteහොදට බලන්න ..කකා හදලා තියෙන්නේ අකුරක් විතරයි..ඔයාට ඒක තේරුම ගන්න බැරිද? සිංහල ඉංග්‍රිසී දෙකම ඉගෙන ගන්න..බොරුවට කෑ ගහන්න එපා...ලෝකේ ගොඩක් වෙනස්..
Deleteඉතින් ඔච්චර දැනුමක් තියෙනවනම් බොරුවට කෑගහන්නේ
Deleteනැතුව මුලින්ම මට වැරැද්ද පෙන්නුවා නම් ඉවරයි නේද ?
කකා ඇවිත් වැරැද්ද නිවැරදි කරනකම් හිටියේ ඇයි ...? :D
තමන්ම දාල තමන්ම හිනා වෙන/ හිනා මූනු දාන කොමෙන්ට් වලට කියන්නෙ පීචන් කොමෙන්ට්....
Deleteඅලස ජනතාවක් නැති කරන්නට සැලසුමක් හැදූ ශ්‍රේරේෂ්ඨ ගොර්බචොව් කියපු දේ ඇහුවනම් ඔය මුකුත් නෑ
Deleteඔය සහන් කියන එකා හැම තැනම මේ වගේමයි. හත් පොලෙ ගා ගන්නව. මෙතනත් කිසිම තෙරුමක් නැති කතාවක් කියල ඒකට කිසිම අදාලත්වයක් නැති කකා ගෙ අකුර වැරදුන එක නිසා එහෙම කිව්ව කියන්න ගිහින් හොඳ නෑමක් නාගෙන.
Delete
Deleteකකාම එතන වැරද්දක් තිබ්බා කියල පිළිඅරන්
ඒක හදල තියෙද්දිත් ඇයි අනේ මෙහෙම පච
කියන්නේ?
ද්වේශ සහගත කමෙන්ට් කියන්නේ ඕවට තමයි.
@ All
Deleteපුද්ගලික අපහාසාත්මක ප්‍රතිචාර නොකරන මෙන් කරුණාවෙන් ඉල්ලා සිටිමි.
ඒක නම් ඇත්ත. ටෙනියගේ විහිළු මිනිස්සු කියන්නේ තුන් වන පන්තියේ විහිළු කියලා. එකෙක්වත් ඒවල තියෙන යටි අරුත තේරුම් ගන්න උත්සාහ කරන්නේ නෑ.
ReplyDeleteමේකත් සිරා ජෝක් එකක්ය.
ReplyDeleteජෝක් තවත් ආකාර කිහිපයකටම වර්ගකල හැකිය. ඒකට නම් උදාහරන සහිතව පෝස්ට් එකක්ම දැමිය යුතු නිස මෙතන නොකියමි.
එහෙනම් කකාට මේල් කරන්න.
Deletekathandara@gmail.com
කකා ඒක පෝස්ට් එකක් විදිහට මේ බ්ලොග් එකේම පල කරයි.
කතන්දර බ්ලොග් පාඨක සංගමය
ජෝක්ස් ගැන නම් දන්නවා, ඒත් මේ පීචං ජෝක්ස් , සිරා ජෝක්ස් කියල නිර්වචනය වෙන හැටි නම් අදයි දැන ගත්තේ. කතාව නම් ඇත්ත ,සමහරුන්ගෙ ජෝක්ස් වලට හිනායන්නෙ නැහැ. කිව්ව එක්කෙනාම හිනාවෙනවා. මම මෙච්චර කල් ඒවට කිව්වෙ" මෝඩ ජෝක්ස් " කියලා.
ReplyDelete"ගොන් ජෝක්" කියලත් කියනවා නේද?
Deleteow. welawakata ape kakkaa buwaa daana joksuth 'gon jokes' thamai.
Deletehttp://kathandara.blogspot.com/2013/03/genetic-or-environmental-factors.html?showComment=1363155295124#c3941990473367262771
Deleteමේ තියෙන්නෙ ගොන් ජෝක් දාන්න ගිහිල්ල ඇනගත් එකට හොද උදාහරණයක්...
ඒකනම් මාර නෑමක්..
Delete//අද මේ කෙටි කතන්දරය මා ලියන්නට සිතුවේ උදාර ගේ උදාර වික්‍රම ගැන කියවෙන කතන්දර මාලාවක ඇරඹුම ලෙසය//
ReplyDeleteආරම්භය සාර්ථකයි.
රාගය දුරලා
ReplyDeleteබොදු බැති සිතින්
මුනිදු පුදා
දහම් සරණ යමු.
රා
බො
මු
ද?
-හුරතල් ඇනී-
Deleteලාබෙට කාම්බෝජේට යමුද?
Deleteඅනේ තාම වීසා හරි ගියේ නෑ නේ. බැසිල් මහත්තයාටවත් කියලා බලන්න ඕන.
Deleteලමායි කට හොල්ලනව නෙවෙයි... ඇදුරුතුමාගෙ නයාට මම හරි ආදරෙයි....
Deleteඔයාගේ ඇමෙරිකන් විරෝධය හොඳටම තදවෙලා
Deleteඑහෙනම් ටීවී වැඩ සටහන් වල ඉන්න නිවේදිකාවන් දාන්නේ පීචං ජෝක්ස් :)
ReplyDeleteතමන්ම දාල තමන්ම හිනා වෙන/ හිනා මූනු දාන කොමෙන්ට් වලට කියන්නෙ පීචන් කොමෙන්ට්....
Deleteහුටා
Deleteමේ රත්නායක මහත්තයාගේ කතා වැඩිය කියවල නැහැ.කෝණ මාසේ වැඩත් අඩු එකේ කතා සෙට් එකම කියවල බලන්න ඕන...
ReplyDeleteඅන්න හරි ජෝති.
Deleteනමට ගැලපෙන කමෙන්ට් එක !!
//තමන්ට උපහාසාත්මක කතා කියනු අසා එය ඉවසා සිටිය හැක්කේ කලාතුරකින් අයෙකුටයි.//
Deleteරවි තුලාවට නීච වේ.... බොහෝ විට රවි තුලාවේ සිටිනා මිනිසුන්ගේ මෙම ඉවසීමේ එසේත් නැත්නම් අපහාස දරා ගැනීමේ හැකියාව ඉහලය.... ලග්නය මේශ වී පලමු වැන්නේ රවි පිහිටි අයෙක් මෙයට හාත්පසින්ම වෙනස්ය....ඔහු විහිලු, අන් මතවාද නොයිවසයි....
නමුත් //උදාර ට ඒ කුසලතාවය ඉතා කෙටි කලකින්ම ප්‍රගුණ කර ගැනීමට සිදුවිය.//
ඒ අනුව බැලූ විට කකාගේ මිතුරා බොහෝවිට ශනි තුලා ලග්න ගතව සිටි අයෙක් ලෙස පෙනී යයි....
තවද දුර්වල/නීච වූ ශනි ඇත්තෙක්ගේ එම මහ දසා අන්තර් දසා කාලවල, කේතු දසාවල, සෙනසුරු ඒරාෂ්ඨක කාලවල මෙම අපහාස උපහාස බහුලව විදීමට සිදුවිය හැක... තවද සුභ පලදෙන මහ දසාවල එනම් සිකුරු වැනි දසා වල වැරදි වැඩ කරමින් සිටිය අයවලුන් පසුව එන රවි දසාවෙන් සමාජ අපහාස/ අපවාද වලට ලක්කරනු දැකිය හැකිය.....උච්ච වූ රවි මෙය වඩා අසුභ තත්වයක් ගෙන දේ යයි පොත පතෙහි කියා තිබේ....
දින 7ක් බෝ මලුව අබියස කිරිපිඩු පූජා කර, හිගන්නන්ට දන් දීමෙන් මෙම අපල දුරු කර ගත හැක.... විදේශ ගත වීමද සුදුසුයි.... මෙම කාල සීමාවේ සමාජයේ කැපී පෙනෙන චරිතයක් වීමට නොයා මදක් කොන් වී වාසය සුභයි....
බෝ මලුව අභියස සෙත් කවි ගායනා කරන්න.... ශාශ්ත්‍රානුකූලව ජීවම් කල සුර දැමීම ගුණයි ..... නවරත්න මුදු පැලදීමෙන් යහපතක් නොවේ...
මෙන්න මේවයි ඇනලයිස් කරපු කොමෙන්ට්.... මොනවද බන් ජෝති...
මම අහලා තියෙන විදිහට හොඳ ජෝක් එකක තුන් දෙනෙක් ඉන්න ඕනේ..ජෝක් එක කියන කෙනා..ඒක තේරෙන කෙනා සහ නොතේරෙන කෙනා!
ReplyDeleteඅද කාලෙ ගොඩක් දාන්නේ පීචං ජෝක්ස් තමා.. :ඩී
ReplyDeleteපීචන් කොමෙන්ටුත් තියනවා... අපිට හිනා යන්නෙ නැති උනත් :D කියල එයාම කොටාගෙන හිනා වෙනවා...
Deleteවෙද මහත්තය මාතලන්ගෙ පිට කසනව... මාතලන් වෙද මහත්තයගෙ පිට කසනව.... කෙන්ජිය දෙන්නගෙම පිට කසනව.... අනේ මන්ද... ලන්කාවෙ සාහිත්‍ය සම්මාන උලෙලක් වගේ.... පව්....
ReplyDeleteසුරු බුහුටි සුරතල් ඇනෝ,මාතලන් ඒකට නියම උත්තරේ දීල තිබුන නේද පැටියෝ?
Deleteරස විඳුම් වර්ග දෙකක් විනා පීචං හා ප්‍රබුද්ධ යනුවෙන් දෙවර්ගයක් නැති බව ඔප්පු කල ජනතාවගේ කලාකරුවෙක් තමයි නිහාල් නෙල්සන්, ඒ නිසා නිහාල් නෙල්සන් නමත් ලංකාවේ අමරණීය වන නමක්.
ReplyDeleteකුමන දෙයක් කලද තමන් කරන දේ ගැන විශ්වාසය තබාගැනීමෙන් දියුනුවෙන් දියුනුවට යන බවට හොඳ උදාහරණයක්
මෙවරද ඉන්දියන් ප්‍රිමියර් ලීග් තරගාවලියට ලංකා ක්‍රීඩකයින් පිටත් වීමට සූදානම් වන බවක් පෙනී යයි. ශ්‍රී ලංකාවට මෙතරම් ඉන්දීය ජනතාවගෙන් හා ඉන්දීය රජයෙන් කරදර සිදුවූවත් මුදලට තිබෙන කෑදර කම නිසා රට උනත් පාවා දීමට සූදානම් බව පසක් කරවීම මෙම සංචාරයේ ප්‍රධානම අරමුණයි.
ReplyDeleteමම
චමිල් අනන්ද චෙන්නායි ගුවන් තොටුපලේ සිට...
@චමිල්;
ReplyDeleteකොල්ලෝ ටික සෙල්ලම් කරල සල්ලි ටික ගේන්නෙත් ලංකාවටනේ දෙයියනේ.ඒ ගේන සල්ලි වලින් ලක්ෂරි සැලෝන්,රෙස්ටෝරන්ට් සහ බ්‍රෑන්ඩ් ඇදුම්/පාවහන් බුටික් දාන්නෙත් ලංකාවෙනෙ.වෙලා තියෙන්නෙ මාසෙ 2500න් කාල ජීවත්වෙන අපි ඔහෙලට එන අවංක කුහකත්වය නතර කරගන්න බැරි එකයි.
අනිත් එක අර ඔලු කට්ට කුඩු වෙන්නම කියල ගහන ගැහිලි දැක දැක මොන මගුලකට යනවද මන්ද.
@ All
ReplyDeleteපුද්ගලික අපහාසාත්මක ප්‍රතිචාර නොකරන මෙන් කරුණාවෙන් ඉල්ලා සිටිමි.
පොදු අපහාස කරාට කමක් නැද්ද?
Deleteඔබ කතා කරන්නේ පුද්ගලයෙක්/ මතවාදයක් අරමුණු කරගෙන අපහාස කොමෙන්ටු දමන්න එපා කියලද?
එහෙම නැත්තම් කාටහරි පුද්ගලික වෙච්ච කාරණාවක් අපහාසයක් වෙන පරිදි මෙහි දමන්න එපා කියලද?
පිරිසක් අරමුණු කරගෙන අපහාස එල්ල කරාට කමක් නැද්ද? ( අර IPL ගහන කට්ටියට අපහාස කරල තියනව වගේ....)
කරුණාකර පිලිතුරු දෙන්න...
මෙයට
අපහාසාත්මක කොමෙන්ටුවක් පලකිරීමට සිතා සිටින ඇනෝ පාඨකයෙක්
මට අවශ්‍ය වුනු දේ නිවරදව ලියවිලා නෑ වගේ.
Deleteමං කියන්නේ කවරෙකුට හෝ පුද්ගලිකව අපහාසයක් වෙන දේ ලියන්න එපා කියලයි. අදහස් මති මතාන්තරවලට විරුද්ධව කරුණු පලකිරීමයි අවයව, ශරීරය, රූප ස්වභාවය ගැන කීමයි සමාන කරන්න බෑ.
දැන් එහෙම කොමෙන්ට් එකක් මේකෙ නෑනෙ.... කෙන්ජිය මට නම් එහෙම එකක් දාල තියනව...
Delete//සුරු බුහුටි සුරතල් ඇනෝ//
කමක් නෑ පොරට මාව හුරතලේට ඇති කරන්නවත් හිතුනද දන්නෙ නෑනෙ
මෙතන නෑ තමයි, ඒක මගේ inbox එකේ තියෙනවා. එය අනුමත නොකර මේ ඉල්ලීම කෙරුවේ ඒ නිසයි.
Deleteඑහෙම කියන්න මෙයා,
Deleteකතන්දර බ්ලොග් පාඨක සංගමය නියෝජනය කරන නිත්‍ය සාමාජිකයෙක් හැටියට පල නොකිරීම අනුමත කරනවා...
මා ලියා තිබෙන කොමන්ට් වලින් කා හට හෝ අපහාසයක්/උපහාසයක් සිදුවී ඇත්නම් සමාව අයදමි.
Deleteඇනෝ සහෝදරයට/මල්ලියට >>සුරු බුහුටි සුරතල් ඇනෝ << කියල ඇමතුවෙ හදවතින් උපන් ආදර හැගුමෙන් මිස කැත සිතකින් නොවන බව කරුණාවෙන් සලකන මැනවි.