Monday 16 January 2012

කතන්දර බ්ලොගයට සයිබර් ප්‍රහාරයක් - 网络攻击在说书人的博客 - Cyber attack on Kathandara blog


කතන්දර බ්ලොග් එකට මේ දවස්වල හිට්ස් එන්නේ සාමාන්‍යයෙන් දවසකට 1,500 ක් විතර. කතන්දර දාන සඳුදා, බදාදා, සිකුරාදාට ටිකක් වැඩියි. ඊලඟ දවසේ අඩුවෙනවා.



සන්ඩේ ස්පැෂල් ඇක්ස්ට්‍රා කතන්දරයක් දැම්මත් ඉරිදාට අමුතු වෙනසක් නෑ. සෙනඟ අඩුයි, නිවාඩු නිසා. ඇඳුම් හෝදන්න හෙමත් තියෙනවානේ. බ්ලොග් කියව කියව හිටියාම ඇතියැ?

මං කතන්දර ඔටෝ පලවෙන්න සෙට් කරන්නේ උදේ හයට. මුල් පැය දෙක තුනේ සෙනග අඩුයි. ටික ටික කෂ්ටිය එන්න පටන් අරං උදේ දහය විතර වෙනකොට තමයි උපරිමය එන්නේ. මේ දවස්වල ඒ උපරිමය පැයකට හිට්ස් එකසිය පනහක් විතර තියෙනවා.

ඇතුලේ තියෙන ලින්ක්ස්විතින් එකෙන් එන හිට්ස් අතහැරියම වැඩිපුර හිට්ස් එන තැන් ගත්තොත් සිංහල බ්ලොග් සංසදය, ගූගල් රීඩරය, ලාංකීය සින්ඩිය, කොත්තු, ෆේස් බුකිය සහ අඹ ගහ සින්ඩිය කැපී පේනවා.

ඔය සේරම කතා අවුල් වෙන වැඩක් තමයි අද වුනේ.

ඔන්න අද සන්ඩේ ස්පැෂල් එක පලවුණා උදේ හයට. මුල් පැය තුන ඇතුලත හෝ ගාලා හිට්ස් ඇවිත්. උපරිමය උදේ හයේ පැයේ 260 ක් එක්ක සේරම 650 ක්.



මං බ්ලොගර් ස්ටැට්ස් චෙක් කරලා බැලින්නං මෙන්න තත්වය.



ජීවිතේට අහලාවත් නැති තැන් තුනකිනුයි මේ හිට්ස් ඇවිත් තියෙන්නේ.

1. http://www.googlecorrection.com/
2. http://www.justforlaughsgags.tv/
3. http://www.777seo.com/

ඒ සයිට්ස් වලට ගියාම තියෙන්නේ නිකං දැන්වීම් විතරයි.

ගරිල්ලා මාකටින් කාරයෝ කරපු සයිබර් ඇටැක් එකක් කියලයි මට හිතෙන්නේ.

-කතන්දරකාරයා

ප/ලි:
වෙනත් බ්ලොග්වලටත් මෙහෙම වෙලා තියෙනවද?

(image: http://www.net-security.org/)

50 comments:

  1. "සන්ඩේ ස්පැෂල් ඇක්ස්ට්‍රා කතන්දරයක් දැම්මත් ඉරිදාට අමුතු වෙනසක් නෑ. සෙනඟ අඩුයි, නිවාඩු නිසා. ඇඳුම් හෝදන්න හෙමත් තියෙනවානේ. බ්ලොග් කියව කියව හිටියාම ඇතියැ?"....

    ඒ හින්දම නෙමෙයි. සන්ඩේ එව්වා ගොඩක් කිසිම ගතියක් නැති එව්වා නිසා. හැමදාම පෝස්ට් දාන්නේ නැතුව සතියට තුනක් විතර හොඳ එව්වා දාන්න. අර එක පාරක් එහෙම පටන් ගත්ත නේද..? Quantity එකට වඩා quality එක තමයි වැදගත්. දැන් ඔයාට වඩා 'මගේ ලෝකය' ඉදිරියෙන් කියල හිතෙන්නේ.

    ReplyDelete
    Replies
    1. මලින්ද මාව ඔයාගේ රේස් එකකට දාන්නද හදන්නේ.

      කණගාටුයි ඒ ගැන. මං ඉන්නේ මගේම රේස් එකක මිස පොදු රේස් එකක නෙමේ. මේ ගැන විස්තර කෙරෙන කතන්දරයක් මං කලින් ලියා තියෙනවා.
      http://kathandara.blogspot.com/2010/04/blog-post.html

      Please read that.

      Delete
    2. කතන්දර සමග මාත් එකඟවෙනවා. බ්ලොග් ලිවීමේ ශෛලිය හා ක්‍රමවේදයන් එකිනෙකාට වෙනස්වූ දෙයක් එක් අයෙකුට දින හතේම බ්ලොග් ලිවීම කාලෝචිතවූවත් තවෙකුකට එය සතියකට කිහිපයකට සීමාවූවාට වරදක් නැහැ. එය තමන් තොරාගෙන ඇති ක්‍ෂෙත්‍රය මත රදා පවතිනවා. කොහොමවුනත් ලිපිය අනුව කතාකරනවා නම් මගේ බ්ලොග්එකටත් මේව‍‍ගේ කිසිම සම්බන්දයක් නැති තැන්වලින් ඇවිත් තියෙනවා. අඩුම තරමෙන් එවැනි තැනකින් පින්තූරයක් වත් මම අරගෙන නැහැ. කොහොම එනවද කියන එක නම් නොදනිමි...

      Delete
  2. රිෆර ස්පෑම්.ඕව ඉග්නොර් කරන්න.ඒ ලින්ක් උඩනම් ක්ලික් කරලා ඒ සයිට් වලට යන්නෙපා එතකොට තවත් එනවා වැඩි වෙනවා .මගේ බ්ලොග් එකටත් ඔහොම ආව.ඉග්නොර් කලාම අඩුවෙලා පස්සේ එන්නෙම නැති වෙනවා

    ReplyDelete
    Replies
    1. ස්තුතිය උපදෙසට.
      ඒත් මේ ලින්ක්ස් තුන පේන්නේ මට විතරයි නේ. ඇයි දෙතුන්සිය පාරක් හිට් කරලා?

      Delete
    2. මේක කියවන්න
      http://en.wikipedia.org/wiki/Referrer_spam

      Delete
  3. අපෝ නැ ..අපේ ඒවට ස්පැම් කොරල වැඩක් නැහැ නොවැ .

    ReplyDelete
    Replies
    1. එතනො සුමනො නාඩ ඉඳින් සිකුරු තරුව පායනකම්....

      Delete
  4. මටත් එනවා ඒ වගේ ඇඩ් විතරක් තියෙන සයිට් එකකින්. ඒ සයිබර් ඇටෑක් එකක්ද???

    ReplyDelete
    Replies
    1. පැය තුනක් ඇතුලට තැන් තුනකින් හිට්ස් හයසීයක් ආවාම ඇටෑක් එකක් නොවෙයිද?

      නිකං මදුරුවෝ හයසීයක් කෑවාය හිතන්න!

      ;-)

      Delete
  5. අඩේ මාත් චෙක් කරලා බලන්නෝන මටත් මෙහෙම හිට්ස් ආවද කියලා.
    මේකට කරන්න පුලුවන් පිලියමක් දන්න කෙනෙක් නැද්ද ?

    ReplyDelete
  6. මටත් එනවා. ඔය ලින්ක් වලිනුත් එනවා තව ඒවයිනුත් එනවා! ඕවා ක්ලික් කළොත් ඕක තව වැඩි වෙනවා. ගණන් නොගෙන ඉන්න. එතකොට ඉබේම හරියනවා.
    http://blogging.nitecruzr.net/2011/10/referer-spam-is-here-to-stay.html

    ReplyDelete
  7. කොහොම හරි හිට්ස් වැඩි වෙනවනේ.... :D

    ReplyDelete
  8. ඉතින් කතන්දර ඔයාට ඕක කොහොමටවත් ප්‍රශ්නයක් නෙවෙයිනෙ. ඔයාට ප්‍රශ්නෙ හිට්ස් අඩු වුණොත්නෙ. ඔහොම නිකම්ම හිට්ස් එනකොට කක්කා කතා චූ කතා ජොකා කතා ලියල හිට්ස් වැඩි කර ගන්න දඟලන්න ඕනැත් නැහැනෙ. ඒ හන්දා ඔන්න ඔය ලින්ක්ස් ටික තව ටිකක් ක්ලික් කරන්න. හැමදාම නිකම්ම හිට්ස් 600ක් ආවොත් කාටද ආඩම්බර?

    අනිත් එක ටයිටල් එකට චීන අකුරු දැම්ම එකත් හොඳ පරීක්ෂණයක්. දැන් ඒ අකුරු හොයන චීන්නුත් එනවනෙ කතන්දර බ්ලොග් එකට. කාටද ආඩම්බර?

    ඔහොම යමු. ඔහොම යමු.

    ReplyDelete
  9. ඇත්තම කියනවා නම් ඔය උඩ අකුරු චීන අකුරුද ජපන් අකුරුද කොරියන් අකුරුද මම දන්නෙ නෑ. ඒත් චීන අකුරු කියල උපකල්පනය කරනවා.

    මොකද කොරියාවෙ ජනගහණය මිලියන 50යි. ජපානෙ මිලියන 125යි. චීනෙ මිලියන 1,300 ක් විතර. ඉතින් අහඹු ලෙස ගත්තොත් වැඩිම හිට්ස් ප්‍රමාණයක් හොයන්න පුළුවන් චීන අකුරු දාල.

    කොහොමද කතන්දරගෙ ටිකිරි මොළේ?

    ReplyDelete
    Replies
    1. මාරයි අනේ ඔයාගේ මොලේ. ඔයාට පරචිත්ත විජාණනය තියෙනවා වගේ. මට නං තියෙන්නේ මෙන්න මේක.

      http://kathandara.blogspot.com/2010/02/blog-post_15.html

      !

      Delete
    2. මං මුලින්ම කළේ හින්දි අකුරු දාලා පෝස්ට් එකක් ලිවීමයි. ඒක මතකද?
      http://kathandara.blogspot.com/2010/02/blog-post_21.html

      ඊට පස්සේ ලංකේණ්ඩියා භාෂාව ගැන ලිව්වා.
      http://kathandara.blogspot.com/2009/11/lankendia.html
      .

      Delete
  10. ඉඳ හිටලා මෙහෙම මටත් වෙලා තියනවා. හැබැයි ඉතාම සුළු ගනනක් තමයි ඇවිත් තියන්නේ. මම නම් මේ ලින්ක් එක කොපි කරගෙන වෙනම ගිහින් බැලුවාම ඔය ඇඩ් විතරයි. වැඩියම තිබුනේ පිටරටට මිනිසුන් ගෙනියන ඇඩි ජොබ් ඇඩ් වගේ දේවල්. මම මේවා ගැන දන්නේ නැති නිසා නිකා හිටියා. දැන් එන්නේ නැහැ. ඒත් ඉදහිට දෙක තුනක් එනවා. ඉතාම අඩු හිට්ස් ගනනක් ඒවායින් වාර්ථා වෙන්නේ.

    ReplyDelete
  11. හිට් කවුන්ට් එක වැඩි වෙනව නෙ. කාටද ආඩම්බර?

    ReplyDelete
  12. ඒ ගැන කිසිම දෙයක් මගේ වාර්තාවල නෑනේ.... මේකෙනුයි එහෙම දෙයක් වෙනවා කියලා දැනගත්තෙත්.

    ReplyDelete
  13. (Traffic Ano)
    බ්ලොග් කෙරුවාව ගැන එහෙමට යමක් නොදන්න නිසා කමෙන්ට් කිරීමේ තේරුමක් නැත. චීන අකුරු ටික ගුගල් එකෙන් පරිවර්තනය කරගත්තෙමි.

    ගරිල්ලා මාකටින් සයිබර් ඇටෑක් වෙන්න පුළුවනි. මේ දවස්වල පුදුමාකාර විදිහට අපට ඊ මේල් එනවා උන්ගෙන්. කොහොම ‍ඇඩ්රස් හොයා ගන්නවද කියල හිතාගන්න බෑ.

    මහන්සිවෙලා දඟලලා කතන්දර බ්ලොග් එකේ ඇඩ් එකක් දෙකක් දාගන්න පුලුවන් උනොත් කාටද ආඩම්බර?

    ReplyDelete
  14. මාතෘකාවට අදාල නැති වුනත් කතන්දර චීන බාසාය ඉගෙන ගත්තෙ කොහෙන්ද?
    අද මාතෘකාව භාෂා තුනකින්............

    ReplyDelete
  15. ඇනොත් ඉඳලා හිටලා මරු පොයින්ට්ස් ගේනවා... චීන අකුරු කන්ස්පිරසි එක මම කිව්වේ... :)

    ReplyDelete
  16. කොහොමහරි ඉතින් කකා ගේ හිට්ස් වැඩි වෙලානේ එච්චරයි.. :D

    ReplyDelete
  17. අප්පේ...මාත් චෙක් කරලා බලන්න ඕනෙ...

    ReplyDelete
  18. ආයිස් අප්පා.... සෝක් පෝස්ට් එකක්..මටනං තේරුනේ අර චීන අකුරු ටික විතරයි. බොලොක්ක කෙරිල්ල නොදන්න අපිට අනික් ඒව නිකං චීන වගේ.. ඒයි මේ අපිට ඔය වගේ ඇටෑක් කොරන්නැද්ද..? අනෙ ඕයි අපිටත් අටෑක් කොරවනවකො....අනේ අපිටත් ඇටෑක් කොරගන්න හරි ආසයි හලෝ...

    X-Porter

    ReplyDelete
  19. හැක් වෙන්නේ නැතිව ඕනි දෙයක්. ගුගල් හිට්ස් ලිමිට් කලොත් නම් අවුලක් වෙනවා අපි වගේ නොමිලේ දෙන සේවා භාවිතා කරන අයට.....DDD
    හැැබයි මමත් පෞද්ගලිකව නම් කැමති නෑ බොරු හිට්ස් එකතු වෙනවාට. මොකද හිට්ස් තුලින් තමා අපි ලියන දේට කියවන අය කැමතිද බලන්න පුළුවන් එක විධියක් වන්නේ. මම කවදාවත් මෙහෙම දෙයක් හිතුවේ නෑ. කතන්දර මේක ලීව එක හොඳයි නොදන්න අයටත් දැනගන්න.

    ReplyDelete
  20. හොඳ වෙලාවට ටියුබ් ලයිට් හන්දා මේවා තේරෙන්නේ නෑ. :D

    ReplyDelete
  21. ගූගල් දෙයියගෙන් මේ "网络攻击在说书人的博客" චීන අකුරු ටික translate කරගත්තාම නම් එන්නේ මේක "Attacks in the storyteller's blog" :))

    ReplyDelete
  22. හුටා.....මේ මොන අලකලංචියක්ද..බ්ලොග බේරාගන්න ඩිෆෙන්ස් එකක් වත් දාන්න වෙයි....

    ReplyDelete
  23. මාත් නිකමට ගිහින් බැලුව ස්ටැට්ස්. එක සයිට් එකක් සල්ලි හොයන ලේසි ක්‍රම කියල දෙන්න හැදුව.
    අනිකෙන් ආවෙ මේ පණිවිඩේ.
    Google
    404. That’s an error.
    The requested URL / was not found on this server. That’s all we know.

    ReplyDelete
    Replies
    1. දැන් මොකේද දන් වලදන්නේ

      Delete
  24. අපේ කතන්දර මල්ලිටත් වෙන වැඩ? කමක් නැහැනෙ හිට්ස් ටික වැඩිවෙයි නෙ.

    ReplyDelete
  25. මටත් සමහරදාට ඔය වගේ නොදන්න ඒවයින් ඇවිත් තියෙනවා.. ගිහින් බැලුවම එන්නෙ 404 error එක...

    ReplyDelete
  26. මටත් මේක වෙලා තිබුණා.

    ReplyDelete
  27. බලංගියාම කතන්දර බාසා වෙල්ලෙක් නෙ . . . චීනත් දන්නව

    ReplyDelete
    Replies
    1. බාසව වෙලන්නෙ කොහම හරි ගොඩ යන්නනෙ බං!

      Delete
  28. මගේ බ්ලොගේ පෝස්ට් එකක් දැම්ම දවසට 1000ක් හිට්ස්.. (අපිට කකාට තරම් නැහැ බෙල :)
    සාමාන්‍යයෙන් අනිත් දවස්වලට හිට්ස් 100යි.

    මේ සීන් එක චෙක් කොරන්නම් !

    ReplyDelete
  29. දන්නේ නැති නිසා කිසිත් නොකියමි
    ඒත් කොමෙන්ටු කියවීමෙන් තරමක දැනුමක් ලබාගත්තෙමි.

    ReplyDelete
  30. ඔවු... මටත් ආව ඔය තුනෙන්ම... සහ ත්වත් දෙකින්... සැලකිය යුතු ගානක් තිබුනා අනිත් ඒවත් එක්ක බැලුවමා... දැන් මේකට මොකද අක්‍ර්න්න ඕනෙ කියල කිවුවොත්...

    ReplyDelete
  31. හ්ම්ම් බලන ඕනා චෙක් කොරලා..

    ReplyDelete
  32. අනුන්ගේ පහනින් එලිය බලනවාය කියන්නේ මේවට...හිට්ස් වැඩි සයිට් එකකින් සල්ලි හොයන සීන් එකක්....ගනන් ගන්න එපා...

    ReplyDelete
  33. 刚刚来到这个网站,现在我们可以在中国读kathandara......太高兴了!!

    ReplyDelete
    Replies
    1. හික් හික් හික් එළ නේ ..උඹ චයිනා ඇනෝ බුවෙක් නේ

      Just came to this site, we can now read kathandara ...... in China so happy! !

      Delete
  34. pissu hadeiii ...........
    attatama mee mokakkda wela tayanne

    ReplyDelete
  35. @ All
    දැන් වෙන වෙනම උත්තර දෙන්න පුළුවන් නිසා ආසාවේ බෑ එහෙම කරන්නමයි හිතෙන්නේ.

    ඒත් කෝ ළමයිනේ වෙලාව.

    සියළුම කමෙන්ටුවලට ස්තුතියි.

    මේ කතන්දරයේ මාතෘකාව චීන අකුරුවලිනුත් දැම්මේ ඔය ස්පෑම් රීෆරල් ආපු තුන්වෙනි තැන ක්ලික් ඛලාම නතර වුනේ චයිනීස් ෆ්ලික්ස් වෙබ් සයිට් එකේ හින්දයි.

    හෙට උදේ නැවත හමුවෙමු!

    ReplyDelete
  36. මමත් සෑහෙන කාලෙක ඉදන් මේ බ්ලොග් එකට එනවා තමයි. ඒත් දැන්නම් එන්නෙ අනිත් අය දාන කොමෙන්ට්ස් බලන්න විතරයි. අනිත් බ්ලොග් වල තියන ඒවා එක්ක බැලුවම මේකෙ තත්වෙ දැන් ටිකක් බාලයි.

    ReplyDelete
    Replies
    1. @Sam
      ඔහොම තමයි සෑම් ලෝක ස්වාභාවේ.

      කාලෙක සිනමාවේ සරාගී නිළියෝ පස්සේ අම්මලා ගේ චරිත රඟපානවා.

      දහ දොලොස් දෙනෙක් එක්ක ගහගෙන කෙල්ල බේරා ගත්තු නළුවෝ පස්සේ කෙල්ලගේ තාත්තා ගේ රෝල් එකට යනවා.

      දැන් මගේ කාලේ ඉවර ඇති. මේ තුන්වෙනි අවුරුද්දනේ යන්නේ. ඔයා එන්න ඉස්සරහට. මං ටික ටික පසුතලයට ෆේඩ් වෙලා යන්නම්!

      Delete
  37. නෑ ලොක්කා... සැලෙන්න එපා... නිකංම නිකං කයි(වාරැ) කාරයෙක් වෙන්නෙ නැතිව නියම කතන්දර කාරයෙක් වෙන්න. ජයවේවා...!

    ReplyDelete
  38. මටත් ඔය වැඩේම වෙලා තියෙනවා කකා. මට නම් ඔබතුමාට වගේ හිට්ස් නෑ. එත් පෝස්ට් ඔක්කොගෙම බැලුවත් නැති තරම් හිට්ස් පෙන්නවා. ආපු තැනක් නෑ... ඔය වගේ සයිට් තුනක් තමා මගෙත් තිබුනේ... හිතාගන්න බෑ...

    ReplyDelete

මා ලියූ කතන්දරයට අදාල නැති කරුණු ඔබේ ප්‍රතිචාරවල ඇතළත් නොකරන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

අදහස් වාරණයක් නොකෙරේ. කුණුහරුප සහ තුන්වන පාර්ශවයන්ට නින්දා කෙරෙන ප්‍රතිචාර ඉවත් කෙරෙනු ඇත.