Monday 25 July 2011

බැච් එකේ පොර කවුද?


මං අර ගණේමුල්ලේ කුරුවිට ගේ කතන්දරේ කිව්ව වගේ දැන් අපි කලින් නොදන්න දෙන්නෙක් මුලින්ම හමුවෙච්ච ගමන් කරන්නේ:

ඔයා කොහේද?
කොහේද ඉගෙන ගත්තේ?

යනාදී වශයෙන් ප්‍රශ්ණාවලිය මුලින් ම අහලා ඊට පස්සේ:

ඔයා ඒ පැත්තේ ගෙවල් තියෙන අරයාව දන්නවාද?
ඔයා ඒ ඉස්කෝලෙට ගිය මෙයාව දන්නවාද?

ආදී වශයෙන් මියුචුවල් යාළුවෙක්ව හොයා ගන්න බලනවා.

එහෙම කරන්නේ මුලින්ම ඇඳුනම්කම වඩාත් හොඳින් ඇතිකරගන්නයි, පස්සෙන් පහු ඒ මියුචුවල් යාළුවන් ව හමු වුණාම, අන්න ඔයා දන්න කෙනෙක් මට හම්බ වුණා කියලා කතා බහට පැටලිලා, අළුත් හැඳුණුම් කම තවත් හොඳින් ස්ථිර කරගන්නයි.

කැම්පස් දෙකක ඉගෙන ගත්තු දෙන්නෙක්, එහෙම නැත්තං එකම කැම්පස් එකේ වුනත් ෆැකල්ටීස් දෙකක ඉගෙන ගත්තු දෙන්නෙක් හම්බ වුනත් කරන්නේ ඔය රූටීන් එකේම යන එක තමයි.

ඔන්න දැන් අවුරුද්දකට දෙකකට කලින් දවසක කතන්දර හාමිනේයි, මායි ගියා පොඩි පහේ උත්සවයකට. ඔතන අපි දෙන්නා වගේ සොක්කෝ විතරක් නෙමේ තරමක් ලොකු ලොක්කෝ පවා ආපු තැනක්.

ටික වෙලාවකින් හාමිනේ මට ඇවිත් කතා කළා.

එන්න කතී (එහෙම කියන්නේ ආදරේට හොඳේ, දන්නවානේ?) මං ඔයාට කෙනෙක්ව ඉන්ට්‍රොඩියුස් කරලා දෙන්න.

මං එවෙලේ හිත හිත හිටියේ කොයි වෙලේ රෑට කන්න සෙට් වෙයිද කියලායි. ඒත් ඉතිං හාමිනේ කතා කළාම නොගිහින් පුළුවනියැ. මාත් ඉතිං හාමිනේ ගේ පස්සෙන් වැටිලා ගියා ශාලාවේ ඉස්සරහා තිබුණු මේසයකට.

"මේ ඉන්නේ මගේ හස්බන්ඩ්, කතන්දර."

හාමිනේ මාව අඳුන්වලා දුන්නේ වෙන කාටවත් නෙමේ, මේ උත්සවයට ඇවිල්ල හිටපු ලොක්කියෙක් වුණු යසෝදරා ට යි.

"කතී, මේ ඉන්නේ අපේ උත්සවයේ ප්‍රධාන අමුත්තිය. මගේ පරණ යාළුවෙක් යසෝදරා."

බැලින්නං, මේ යසෝදරා කියන්නේ කතන්දර හාමිනේ කැම්පස් හිටිය කාලේ ම වෙනත් ෆැකල්ටියක හිටපු කෙල්ලෙක්. ඒ විතරක් යෑ, දෙන්නම ඒ කාලේ වැඩ වාසය කරලා තියෙන්නේ එකම නේවාසිකාගාරයේ යි!

"හෙලෝ, කොහොමද?" මාත් ඉතිං පුටුවක් ඇදගෙන වාඩි වුණා.

දැන් ඔන්න යසෝදරාවනුයි, මායි අර සම්ප්‍රදායානුකූල කතා බහේ.

"ඔයා හිටියෙත් අපේ කැම්පස් එකේ ද කතන්දර?"

"ඔව් නේ, මං හාමිනේට වඩා අවුරුද්දක් සීනියර්."

"අනේ ඇත්තද, එහෙනං අපි දෙන්නා එක කාලේ නේ!"

"ආ ඇත්තද? එතකොට ඔයා මොනවාද කලේ කැම්පස් එකේ?"

"මං නං කෙරුවේ අහවල් ස්පැෂල් එක."

"ආ ඇත්තද? එහෙනං ඔයා ලක්සිරිව දන්නව ඇතිනේ. පොරත් කලේ අහවල් ස්පැෂල් එක තමයි. ඒ දවස්වල මගේ හොඳ යාළුවෙක්."

"ඔව්, ඔව්, මං දන්නවා ලක්සිරිව. එයා කෙරුවේ නං ඉංග්ලිෂ් මීඩියම්, හැබැයි, මං ලක්සිරිලා ගේ කට්ටිය එක්ක එකටම තමයි හිටියේ. මං හොඳට දන්නවා."

"හොඳයි, හොඳයි, මට පොරව අන්තිමට හම්බ වුනේ, පොර පී.එච්.ඩී. එක ගහලා ආවට පස්සේ කොළඹදී."

"ඉතිං කතන්දර මොනවද කෙරුවේ කැම්පස් එකේ? කම්මල් වැඩ නේද?"

"ඔව්, මං කම්මලේ තමයි හිටියේ."

"එහෙනං ඔයා කුමාරි පෙරේරා ව දන්නවා ඇති."

"ඔව්, එයා අපිට ජූනියර් බැච් එකේ."

"එතකොට කුමාර පෙරේරා ව දන්නවාද?"

"ඔව් මං දන්නවා, පොර අපිට වඩා අවුරුද්දක් සීනියර්."

"එතකොට කුමාරි ෆර්නැන්ඩෝ?"

"එයා මට වඩා අවුරුදු දෙකක් ජූනියර්."

"එතකොට කුමාර ෆර්නැන්ඩෝ?"

"පොර මට වඩා අවුරුදු දෙකක් සීනියර්."

"අයියෝ ඇත්තද?

අපේ යසෝදරා නෝනට හරි දුකයි. මොකද එයා දන්න, දන්න කම්මලේ හිටපු කොල්ලෝ කෙල්ලෝ එකෙක්වත් මං අඳුණනවා වුණාට මගේ බැච් එකේ නෙමේ නේ. මගේ බැච් එකේ එකෙක් ව වත් යශෝදරා අඳුණන්නේ නෑ.

ඉතිං, යසෝදරා මෙහෙම ඇහැව්වා.

"කතන්දර, ඉතිං කවුද ඕගොල්ලන් ගේ බැච් එකේ හිටපු හැමෝම වගේ දන්න අය?"

"ඔයා ඔය අහන්නේ, අපේ බැච් එකේ පොර කවුද කියලනේ. ඕකත් අහන්න දෙයක්ද? අපේ බැච් එකේ පොර තමයි මං!"

යසෝදරා නෝන ලැජ්ජාවෙන් මුකුලිත වෙලා ගියා.

හොඳ වෙලාවට එවෙලෙම එනවුන්ස් කළා, කෑම කන්න පුළුවන් කියල බුෆේ එකෙන්.

-කතන්දරකාරයා

ප/ලි:
තමන්ගේ ක්ලාස් එකේ, බැච් එකේ, ගෲප් එකේ පොර කවුද කියල ලියල යන්න පහලින්.

(image: http://www.bowdoin.edu/isle/current-recent-programs/2008-fall-program/fall2008-session1.shtml)

37 comments:

  1. හොඳ වෙලාවට " මං පොර " ගෙ බැච් එකේ කාවවත්ම යශෝදරා නෝනා අඳුනන්නෙ නැත්තේ. නැත්තම් ඉතින් හොඳ හොඳ " ඉතිහාස " කතා ටිකක් අහගන්න තිබ්බා මං පොර ගැනත්... නේද කාකා :p

    ReplyDelete
  2. කතා දෙකක් නැහැ කැම්පස් එකේ අපේ බැච් එකෙත් හෙණම පොරක් තමයි මම.

    මොනවා නැතත් History Special first year බැච් එකේ පොර මම තමයි ආයේ කතා දෙකක් නැහැ :))

    ReplyDelete
  3. ඇත්තම ඇත්ත කියනවනං කකා අපේ බැච් එකේ ‍පොර මංතුමා තමා.. හික්ස්, මගෙත් එක්ක හැරෙන්නවත් පුළුවන් අය හිටියෙ එක්කෙනයි දෙන්නයි.. :D

    ReplyDelete
  4. ඔන්න මමනම් පොරක් නෙංවෙයි....

    ReplyDelete
  5. අපේ බැච් එකේ පොරත් මමනේ.. :D

    ReplyDelete
  6. ඕං ඇත්තම කිව්වා....

    මංතුමා තමා නම් නෙවෙයි...

    ReplyDelete
  7. සිංහල බ්ලොග් ලියන්නන් අතර පොර කවුද?

    ReplyDelete
  8. අපේ බැච් එකේ පොර මම නම් නෙමෙයි. ඒකා හෙන පොත් ගුල්ලෙක්. ඒත් අවුට් වුනාට පස්සේ වෘත්තීය සාර්ථකත්වය සහ අර පශ්චාත් කුපාඩි වැඩ වගේ දේවල් වලින් නම් මංතුමාට කිට්ටු වෙන්න කාටවත් තාම බැරි වුනා.

    ReplyDelete
  9. ඔන්න ඉතින් අපේ එකෙත් මම නම් නෙවෙයි පොර උනේ...හැබැයි පොර උන එවුන් පොර වෙන්න ගිහින් අනාගත්ත හැටි නම් දැක දැක පොරවල් නොවුණු අපිට මාරෙටම හිනා..හිකිස්‌

    ReplyDelete
  10. ඔය බැච්වල පොරවල්වලට වඩා උඩින් හිටපු පොරීලාත් හිටියද?
    පොරවල් වගේ ප්‍රසිද්ධ පොරීලත් උන්නද? ප්‍රශ්න දෙකක් හොඳේ...:)

    ReplyDelete
  11. Author and most of the commenters should read

    http://en.wikipedia.org/wiki/Narcissism

    ReplyDelete
  12. අපි වගේ අයි මොනාද ලියන්නේ... ? අපේ ස්කෝලේ නම් අපි ඔක්කොමලා පොරවල්. ඒ වුනාට ඉතිං දැන් යාළුවෝ ටිකක් දුරස් වෙලා නිසා මං තමා පොර.

    ReplyDelete
  13. සිංහල බ්ලොග් ලියන්නන් අතර පොර කවුද කියල විතරක් නෙවෙයි පොරී කව්ද කියලත් තෙරුවොත් හොඳයිනේ .

    හැබැයි මම නම් පොරක්වත් පොරී කෙනෙක්වත් නෙවෙයි ඒ ගොල්ලන්ගෙ යාලුවෙක් විතරයි :D

    ReplyDelete
  14. අනේ අපිනම් පොරවල් නෙමේ කොහේවත්.. පොරවල් වෙන්න ඉන්න අයට් සපෝට් කරනවා. හැමෝටම පොරවල් වෙන්න බැනේ.

    ReplyDelete
  15. අපිනම් පොරවල් නෙමේ.. අහිංසක, සුකුමාල ළමයි...

    ReplyDelete
  16. අපරාදේ යසෝදරාට බ්ලොග් එකක් තිබුනේ නැත්තේ....!

    ReplyDelete
  17. යසෝදරාට අප්සෙට් ගියේ එයා කතන්දරගෙ බැච් එකේ කෙනෙක්ව දන්නෙ නැති නිසා නෙමෙයි. යසෝදරා අහන අහන එක්කෙනා අහවල් බැච් එකේ කියල කියන්න තරම් දැනුමක් කතන්දරට තිබුන නිසායි.

    මේක මට කවුදෝ කිව්ව කතාවක්.
    හදිසියේ අඳුරගන්න ලැබුනු දෙන්නෙක්.
    "මේ ඔයා අහවලා දන්නවද?"
    "ඔව්. එයා මගේ බැච් මේට්".
    "මොනව? එතකොට ඔයාගේ බැච් එක මොකක්ද?"
    "අහවල් එක. ඔයාගේ?"
    "මගේ එකත් ඒකමයිනෙ."
    "ඉතිං ඔයාට මාව මතක නැත්ද? මටත් ඔයාව මතක නෑ."

    සුදත්

    ReplyDelete
  18. කතන්දර අයියා කම්මල් කඩේ. යශෝදරා අක්කා රූප කඩේ.
    ඕං ඔහොමයි මට හිතුනේ කියලා කිව්වලු.
    මොකෝ එකපාර ආට් බිල්ඩින් එකේ පින්තූරයක් එහෙම දාලා.

    ReplyDelete
  19. හැබෑට "පොර" කියන එකේ ස්ත්‍රී ලිංග භාවිතාව මොකක්ද ?...

    මම නම් අහල නෑ ගෑනු කෙන්ක්ව "පොර" කියලවත් "පොරී" කියලවත් හඳුන්වනව... මේක තනිකරම "gents only" එකක්ද ?

    ReplyDelete
  20. මන් නම් පොරක් නෙවේ ඕං! හැබැයි අපේ නම් පොරවල් වෙන්න හදන උන් කරන්නේ එක එකාට කඩේ යන එක තමා....

    ReplyDelete
  21. මේක ප්‍රසිද්ධ කතාවක්. එක රෞද්‍ර පෙනුමැති උත්තමයෙක් අලුත් බැච් එකේ මල්ලි කෙනෙක්ගෙන් ඇහුවලු සාම්ප්‍රදායික ප්‍රශ්නය. "තෝ පොරක්ද? බඩුවක්ද?" (මේ ප්‍රශ්නයෙන් මතුවන මානසික විද්‍යාත්මක ප්‍රකාශනය වෙනම සාකච්චා කරන්න ඕනෙ මං හිතන්නෙ ) මේ අහන්නෙ ඉතින් නවකයාව පහත් තත්වයකට දාන්නනේ. නමුත් මේ මල්ලි ඕක දන්න එකක්යැ. ඌ අවංකව කිව්ව "මම පොරක් උත්තමයා" කියල. උත්තමය රවල බැලුවා බලාපොරොත්තු නොවුනු උත්තරේ නිසා. මල්ලිට තේරුනා වැඩේ වැරදුන බව. ඌ මෙහෙම කිව්වලු "පො.. පො.. පොරක් කිව්වට... මම අහිංසක පොරක්"

    ReplyDelete
  22. මගේ සියලුම කතන්දර වල මම තමයි පොර....වැඩියෙන්ම මගේම කුටිම්භයට එහෙම තමා ඉතින්.....

    ReplyDelete
  23. අපේ ගෲප් එකේ පොර.......වෙන කවුද කෙනෙක් :D

    ReplyDelete
  24. හා හා කතන්දර කාරයා පොර වූ වගයි :D

    ReplyDelete
  25. හික් හික්!! යසෝදරා බලන්න ඇති කවුද මේ අමුතු පොර කියලා

    ReplyDelete
  26. අනේ මට බැජ් එකක් තිබුනේ නෑ නෙව මම හිටියේ ගැන්සි බැහැලා ..මම ඒ වුණාට ගැන්සියේ පොර නෙවේ .

    මම දන්න විදිහට නම් අපේ ඉස්කෝලේ පොර තමයි " වවුලා " නියම නම මට අමතකයි ටවුන් එකේ පොර තමයි ." කුචිං බතලේ අයියා !"

    කතන්දර අයියත් පොරක් කියලා දැනගන්න ලැබීම සතුටක් . ඉතින් ඇයි ලියන්නේ නැත්තේ පොර කාලේ කරපු පොඩි මදාවි වැඩක් දෙකක් එහෙම ...ඒවත් ලියන්නකෝ අපිත් ආසයි දැනකියාගන්න

    ReplyDelete
  27. මගෙ බැච් එකෙත් හිටිය හෙන "පොරවල්" කීප දෙනෙක්ම . . . . ඒ කාලෙ අපි කබ්බො . . . . හැබයි ඩිග්‍රිය අරගෙන රස්සාවලට ගියාට පස්සෙ අර පොරවල් ලොවෙත් නෑ

    ReplyDelete
  28. මේක පොඩි කතාවක් හැමෝම වගේ දන්න,එක ග0ගාවක හරිම දරුණු කිඹුලෙක් ඉදල තියෙනවා.මේ දරුණු මේ කිඹුලව අල්ලන්න එක එක රටවල අය උත්සාහ කරල තියෙනවා.ඒත් ඒ හැමෝටම අන්තිමට හරි අපූරු දෙයක් වෙලා තියෙන්නෙ.කිඹුලව අල්ලන්න ගිය පිරිම් හැමෝම හායි...මෙයාලා..කියල ගොඩට ආවෙ අර රහස් අවයවය නැතිවලු...හැම කතාවෙම වගේ ල0කාවෙ එකා අන්තිමට වතුරට බැහැල...මෙන්න බොලේ කිඹුල ගොඩට එනවලු..කව්ද...ඒ...පොර..කියල.

    ReplyDelete
  29. [["...අපේ බැච් එකේ පොර තමයි මං!"

    යසෝදරා නෝන ලැජ්ජාවෙන් මුකුලිත වෙලා ගියා]]

    යසෝදරා මුකුලිත උනේ ලජ්ජාවෙන් ද?

    ඔන්න මං පොඩි උදාහරණයක් දෙන්නම්. යාපනේ ගිය මනුස්සයෙක් අර්ධද්පීපයේ උසම කන්ද මොකද්ද කියල ඇහුවම පොරක් ගේ පිටි පස්සේ තියෙන පස් ගොඩක් පෙන්නුවලු. එතකොට අර අහපු මනුස්සයට මොකද හිතුනේ.

    හැබැයි ඉතින් ඔය ටික ලිව්වේ විහිළුවට. වී වී නො. නෝ නෝ පීපල් නො.

    ReplyDelete
  30. අපිත් පොරවල් තමයි සමහර තැන් වලදි.
    හැබැයි මොන වගේ තැන් වලදිදි..?..කියලා නම් අහන්න එපෝ...!!

    ReplyDelete
  31. @ Ano
    ඇනෝ ට,
    අනේ ඇනෝ ඔයා ඇයි මේ නිතරම නාසිසිසම් ගැන මෙතන ලින්ක් දාන්නේ?

    අපිට නම් එහෙම ලෙඩක් නෑ.

    අපි වගේ පොරවල් අතරේදී ඔයාට නං හීනමානයක් හෙවත් ඉන්ෆීරියරිටි කම්ප්ලෙක්ස් එකක් ඇවිල්ලා ද කොහෙද?

    ReplyDelete
  32. @ All
    සියළු දෙනාටම ස්තුතියි.
    මං හිතුවේ අපි සේරම පොරවල් කියලනේ. පොර නොවෙන අයත් ඉන්නවා වගේ.
    පොර ගේ ස්ත්‍රී ලිංග පදය - බඩුව නෙමේ ද? අනේ මන්දා.

    ReplyDelete
  33. හි හි....සිරාවට කසූ කොයි වැයික්කියෙද?අර පොර කුකුල්ලු කොටවපු දිහාද?නැත්තම් මල් වත්ත පැත්තෙද? ඉගන ගත්තේ....:D

    මොනවා වුනත් බැච් එකේ පොර....පට්ට ඈ....

    ReplyDelete
  34. අනේ , මෙහෙම පොරවල්. අපි නම් පොරවල් නෙමේ ඔන්න. හැබැයි , මේක තමයි නේද ? හැම වෙලාවෙම දෙන්නෙක් එකතු උනාම කථාව යන්නෙ. ආයුබෝවන් කතන්දර හාමිනේටත්.

    ReplyDelete
  35. "අපි වගේ පොරවල් අතරේදී ඔයාට නං හීනමානයක් හෙවත් ඉන්ෆීරියරිටි කම්ප්ලෙක්ස් එකක් ඇවිල්ලා ද කොහෙද?"

    Yeah right; feeling inferior to bunch of self promoting hot heads!

    The above link was a kind advice to seek help for the increasing condition.

    ReplyDelete
  36. 'පොර'ගැන කියන කොට කතාවක් මතක් වුණා. කැම්පස් පොරක් එයාගෙ යාලුවෙක් එක්ක ගමට ගිහින්. ගෙදරට ටිකක් දුර ඇවිදගෙන යන්න තිබුණා. ඉතින් යහළුවා ගෙදරට ගොඩ වුණු ගමන් වතුර එකක් ඉල්ලල තියෙනවා. ඉතින් අපේ ගමේ ළමයා, "නංගි, අර පොරට වතුර වීදුරුවක් දෙන්න" කියල තියෙනවා. මේක අම්මටත් ඇහුණ කණා පුරාවටම.
    පුතාගෙ යාළුවා දොළට ගිහින් නාගෙන හෙම ඇවිත් මිදුලට වෙලා ඉන්න කොට අම්මා ඇවිත් දවල් කෑම කන්න එන්න කියලා, පුතාගෙ යාලුවට කීවෙ මෙන්න මෙහෙමයි.

    "පොර, එන්න...කෑම ටිකක් කමු"

    අම්මා හිතල තියෙන්නෙ පුතාගෙ යහළුවගෙ නම පොර කියලා.

    @ කකා:
    පොරගෙ ගැහැණු සතා 'බඩුව' නම් නෙවෙයි. කාන්තා පක්ෂය ඔය වගෙ අඩු ලංසු වලින් මනින එක ඔවුන්ව හෑල්ලු කිරීමක්. ඒක හරියට මාළුවගෙ ගැහැණු සතාට 'මාළු කෑල්ල' කියනව වගෙම අවමානයක්. තමන්ගෙ අම්මට හෝ නංගිට හෝ බිරිඳට හෝ 'කෑල්ල, 'බඩුව' කියනවට ඔය ගොල්ලො කැමැතිද?

    ReplyDelete
  37. ඉතිං ඒ ලමයා පිලිගත්තද කතන්දර පොරක් කියලා .......

    ReplyDelete

මා ලියූ කතන්දරයට අදාල නැති කරුණු ඔබේ ප්‍රතිචාරවල ඇතළත් නොකරන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

අදහස් වාරණයක් නොකෙරේ. කුණුහරුප සහ තුන්වන පාර්ශවයන්ට නින්දා කෙරෙන ප්‍රතිචාර ඉවත් කෙරෙනු ඇත.