Friday 18 June 2010

රැවුල් ගැන කතන්දර


ඉස්සර දේශපාලන පත්තරයක් තිබුණ "ඇත්ත" කියල. ඒක ලංකා කොමියුනිස්ට් පක්‍ෂයේ නිල පුවත් පත.

අපි පොඩි කාලෙ මට මතකයි, ඕකෙ ගිය එක හෙඩ්ලයින් එකක්.

"ඊ.එල්. ගේ පවුල රැකේ!"

මේකෙ විස්තරේ කියවල බැලුවහම තමයි තේරුනේ, ඒ දවස්වල තිබුණු ආණ්ඩුවේ එක්තරා දේශපාලඥයෙක් තමන් ගේ පවුලේ අයට ලේකම් තනතුරු හෙම දීපු හැටි ගැනයි ඒ හෙඩිමෙන් විස්තර වුනේ කියල. අද කාලෙ හැටියට නං ඉතාමත් සුළු සිද්ධියක්.

කොහොම වුනත් ඔය කතාව මතක් කලේ ඥාති සංග්‍රහය ගැනවත්, පවුල් පන්සල් ගැනවත් කතාකරන්න නෙමේ. රැවුල් ගැන කතන්දරයක් කියන්නයි.

කොල්ලන්ට පොඩි කාලෙ ඉඳලම රැවුල ටික ටික වැවෙනවනේ. නමුත් දැලි රැවුල කියන්නේ නං ගැටවර කාලේ එන ලා කළු පාට රැවුලටයි.

දැං නං ඉස්කෝලෙ යන කොල්ලොත් රැවුල කපනවා. හැබැයි මං තුමා නං මුලින්ම රැවුල කැපුවේ ඉස්කෝලෙන් පැන්නුවටත් පස්සෙයි.

තවත් ටික කාලයක් යන කොට පුදුම ආසාවක් ඇතිවුනා රැවුල වවන්න. ඒ සමහර විට අපේ තාත්තා දවස ගානෙ රැවුල කපන හින්දද මන්ද? මං කොහෙමටත් නොට්ටිගෙ පුතෙක් නේ හැම අතින්ම.

මට ඕනැ වුනේ මූණ පුරාම වැවුණු හොඳම සරුසාර රැවුලක්. හැබැයි පොඩි ප්‍රශ්ණයක් තිබ්බා. ඒක තමයි රැවුලේ කොටස් වෙන වෙනම වැවුනට ඒවා එකි නෙකට හොඳ සාරෙට සම්බන්ධ නොවීම. (අපේ ග්‍රේ ළමය දාල තියෙන කොමෙන්ටුවේ කියනවා වගේ මේකට කියන්නේ coverage තියෙනව connectivity නෑ කියලා. තෑන්ක්ස් ග්‍රේ.)

කොහෙම හරි ඉතිං මාස ගානක් තිස්සේ නොකපා ඉඳලා ඔන්න යම් කිසි තත්වයකට නග්ගලා ගන්න පුළුවන් වුණා. එහෙන් මෙහෙන් පොඩි ට්‍රිම් පාරක් හෙම දාලා එක විදියකට හදලා ගත්තා.

පොඩි ආඩම්බරයකුත් හිතේ පුරෝගෙන ඔන්න මං දවසක් යනවා, ඔය කියන දවස්වල හිටපු මහනුවර තිප්පොලේ පාරක.

යාළුවෙක් හම්බ වුනා ඉස්සරහට. මූ මා දිහා බැළුවා පුදුමෙන් වගේ හරියට අමුතු සතෙක් දිහා වලනවා වගේ.

"මොකද මචං සයිඩ් බර්න්ස් වවන්න හිතුනේ?" මූ අහපි.

මදෑ කොලා, මාස ගණනක මගේ අප්‍රතිහත උත්සාහය ඌ අවතක්සේරු කළේ සිත් පිත් නැති මුරුග විදියටයි.

එදා ආපහු කාමරේට ගිය ගමන්ම කලේ මුළු රැවුලම කපල දාපු එකයි.

එදා ඉඳන් අදත් මගේ රැවුල් ස්ටයිල් එකට සයිඩ් බර්න්ස් නෑ!

-කතන්දරකාරයා

ප/ලි
මං මුලින්ම වගේ ජොබ් එකට ගිය තැන හිටියා සිස්ටම් ඇනලිස්ට් කෙනෙක් මාර සිරා රුවුලක් තියෙන. හොඳට යූරියා ගහල හැදුව වගේ මූණ පුරාම. හොඳ ප්‍රතාපවත් පෙනුමක්.

මෙන්න බොලේ අවුරුද්දක් විතර ඇතුලත මූ කැපුව රුවුල. එදා ඉඳල මිස්ට ක්ලීන් ෂේව්.

අහල බැලින්නං මේකයි වෙලා තියෙන්නෙ. එහෙන් මෙහෙන් ගහක් දෙකක් ඉදිල. වයිෆරේ අණ කරල සේරම කපල දාන්න කියල. පව්!

24 comments:

  1. රැවුල වවන්න ගිහිල්ල වෙලා තියෙන දේවල්...

    ReplyDelete
  2. අර උඩින් තියෙන පරණ හෙඩ්ලයින් එක රැවුල් වලට කිසිම සම්බන්දයක් නෑ නේද? ;)

    ReplyDelete
  3. ඇත්ත පත්තරේ හෙඩ් ලයින්ස් ගැන කතන්දර බොහෝමයි. කාලය හිඟ නිසා එකක් විතරක් කියන්නම්.

    රොනීද මැල්ගේ අයවැයට පසුව දා:

    අයවැයේ හිල් මැකුවාය!

    ReplyDelete
  4. "රොනී ද මැල් පනී ද පිල්" කියලා තිබ්බේත් ඔය පත්තරේමද ?

    ReplyDelete
  5. හ්ම් හ්ම්......... රැවුල වවන එක ගැනනම් කියල වැඩක් නෑ.... අම්මගෙනුයි ගෙදර සෙට් එකෙනුයි මාර බරබරේ......

    ReplyDelete
  6. කොලම නමින් පුවත්පතක් කල චින්තන ජයසේන නම් අති විශිෂ්ඨ නිර්මානාත්මක ලේඛකයා, වරක් ගංගාරාමයේ පොඩි හාමුදුරුවන් විවේචනය කලේ " පිරිත් කැටි කර බෙදන ගංගාරාමයේ පොඩි හාමුදුරුවෝ" යන යෙදුමෙනි. රැවුලට මේ කතාවේ ඇති සම්බන්දය නම් ගලබොඩ හාමුදුරුවන් සිහින් රැවුලක් මේන්ටේන් කිරීමයි.

    ReplyDelete
  7. චිකේ හරිම් කැතයි හෙට්ලයින් එකනම්..
    @chathuraw හික් හික්.. එකෙ කියන්න බැරි තරම් කැත සම්බන්ධයක් තියෙනවා රැවුලට.. :O

    ReplyDelete
  8. මට ඕනැ වුනේ මූණ පුරාම වැවුණු හොඳම සරුසාර රැවුලක්. හැබැයි පොඩි ප්‍රශ්ණයක් තිබ්බා. ඒක තමයි රැවුලේ කොටස් වෙන වෙනම වැවුනට ඒවා එකි නෙකට හොඳ සාරෙට සම්බන්ධ නොවීම.

    haha...okata kiyanne coverage thiyenawa...connectivity ne kiyala :D

    ReplyDelete
  9. කතන්දරගෙ කතන්දරවල ජනප්‍රියත්වට හේතුවත්, ඒවායෙ තීන වටිනාකමත් මං හිතන්නෙ මේ "දිය යටින් ගින්දර ගෙනයෑමේ" ඇති පුදුම සහගත හැකියාවයි.
    මේක අරුණි කියන්නැහෙ constructive criticism මිස destructive & jealousy හිතකින් කිව්ව හෙම නෙමේ.

    ReplyDelete
  10. ඔය පිංතුරයේ ඉන්න එක්කෙනාගෙ රැව්ලට පාටදාල වගේ මට නංපේන්නෙ.

    ReplyDelete
  11. @taboosubjects
    ඔය හෙඩ්ලයින් එක මට මතක විදිය නං "මෙදා අයවැයෙන් හිල් මැකේ" කියල වගේ

    ReplyDelete
  12. මටනම් ‍රැවුලත් ඔනේ කැදත් ඔනේ..... මටනම් ‍රැවුලෙන් වාසිවෙලා තියනවා..බසෙකේ වාඩිවෙලා යන්න හම්බවෙනවා....මුස්ලිම් කියලා හිතලා එයාලා නැගිටලා යනකොට සිට් එක දීලා යනවා.....

    ReplyDelete
  13. හෙඩින් දෙකම මරු . . .අනේ පව් මේ සමහර පොඩි උන්ට රැවුල් වලයි පවුල් වලයි සම්බන්දේ නොතේරෙන හැටි . . හික්ස්

    ReplyDelete
  14. මට එකපාරටම මීටර්වුනේ නෑ හෙඩින් එකෙයි කතාවෙයි සම්බන්ධය.. හි හි හි, කකා උඹ තමා දවසකටවත් මිනිහා.. ROTFLOL

    ReplyDelete
  15. @ All
    තාමත් මං රුවුල වවනවා. හැබැයි සයිඩ් බර්න්ස් නැතුව. රුවුල වවන්නේ ආසාවටත් වඩා කපන්න තියෙන කම්මැලිකම සහ වෙලාව ප්‍රශ්ණය නිසයි.

    ටැබූ අනේ කියන්නකෝ සර් තව ඇත්තේ ගිය හෙඩිං ටිකක්, ප්ලීස්?

    ReplyDelete
  16. එල එල!!මමත් මේ දවස්වල ඔය සම්බන්ධ ලිපියක් ලියනවා.දැන්නං ගොඩක් දුරට ඉවරයි!

    ReplyDelete
  17. @gamini,

    ඔබ නිවැරදි විය හැකියි. මේ කිසිවක් මා කියැවූ කතා නොව ඇසූ කතා පමණයි. මට යාන්තම් මතක අනූවේ දශකයේ 'ඇත්තේ' අවසාන යුගය. ඒ වන විට එහි රැස් ගිහින්.

    @කතන්දර,

    සියල්ලම එක විට කිව යුතු නැහැ. කතන්දර පළවන ආකාරය අනුව එකතු කරන්නම්. මෙන්න තව එකක් විතරක්.

    රටේ රාජ්‍ය නායකයා අණ බෙර ගහගෙන විදේශ සංචාරයක නිරත වෙනවා. මෙන්න පසුවදා ඇත්තේ හෙඩිම.

    රට බල්ලාට යයි. බල්ලා රට යයි.

    (ඊට යටින් පුංචි ෆොටෝ එකක් දානවා, කාන්තාවක් බලු පැටවකු අරගෙන ගුවන් යානාවකට නඟින.)

    - Taboo

    ReplyDelete
  18. මොකද්ද එතකොට හෙඩිමෙයි ... නිධාන කතාවෙයි තියෙන සම්බන්දය

    ReplyDelete
  19. රඋල් නියමය කියල 1ක කුත් තියනව... ගනිතය නම් කියලදෙයි......
    මටත් උනා මරු සීන් 1ක්.. මම යලුවෙක්ය්ගෙ බෙස්ට්මන්ට යන්න උ වගෙම ෆෙන්ච් කට් 1ක වැඋව මාස 5ක් ම... වෙඩින් 1ක ට කලින් දවසෙ අනිත් 1ක ‍රැඋල කපල.....
    ඉතින් ‍රැම මමත් කපාගත්ත......

    ReplyDelete
  20. මේ කතන්දරේ නම් හරිම ජුගුප්සාජනකයි..... හහ් හා.....

    ReplyDelete
  21. කියුබාවෙ ජනාධිපතිගෙ නම රැවුල් කැස්ත්‍රෝ. ඒ වුනාට කැස්ත්‍රෝ පවුලෙ අනිත් අයට වගේ රැවුලක් නෑ මනුස්සයට

    ReplyDelete
  22. ඇත්තටම ඇයි පිරිමින්ට රැවුල් වැවෙන්නෙ?
    මානව විද්‍යානුකූලව බැලුවොත්, ප්‍රයෝජණයක් නැති දෙයක් වැවෙන්න හේතුවක් නැහැනෙ!!!!!!!!!!

    ReplyDelete
  23. අයියේ මගේ කෑත හිටට හිතේන දේවල් වෑඩිය ගනන් ගන්න එපා පොඩ්ඩක් මේක අනිත් පෑත්ත හරවලා බලන්නකෝ."ඊ.එල්. ගේ පවුල රැකේ!"

    ReplyDelete
    Replies
    1. මෙන්න මේ කතන්දරයට ලැබී ඇති හොඳම ප්‍රතිචාරය! මාර හොයා ගැනීමක්!!

      Delete

මා ලියූ කතන්දරයට අදාල නැති කරුණු ඔබේ ප්‍රතිචාරවල ඇතළත් නොකරන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

අදහස් වාරණයක් නොකෙරේ. කුණුහරුප සහ තුන්වන පාර්ශවයන්ට නින්දා කෙරෙන ප්‍රතිචාර ඉවත් කෙරෙනු ඇත.