Monday 7 June 2010

ලව් ලෙටර් එකක් ගැන කතාවක්


කාලෙකට ඉස්සෙල්ල මං ලිව්ව මට මතකයි අල්ලපු පන්තියෙ කෙල්ලෙක් මට ලව් ලෙටර් එකක් ලියල, ඒක පන්ති නායිකාවගෙන් පන්ති භාර ටීචර්ටත්, එයාගෙන් ඉස්කෝලේ විනය භාර ටීචර්ටත් ගිහිල්ල වෙච්ච වැඩේ ගැන කතන්දරේ.. ඊට පස්සෙ මං ඕකට තව අතුරු කතාවකුත් ලිව්ව.

අද මං කියන්න යන්නෙ, මං පොඩි කාලෙ අහපු ලව් ලෙටර් එකක් ගැන කතන්දරයක්. ඇත්ත ටම කියනව නං මුලු ලෙටර් එකම ගැන නෙමේ, ඒකෙ තිබුණ පුංචි කවියක් ගැන කතාවක්.

මේක අපේ අයිය කෙනෙකුට කෙල්ලෙක් දීපු ලියුමක තිබුණු එකක්.

යට උඩින්
යාය දිගේ
ටත් හොරෙන්
ක් ටක් ගා
ල වෙලා
ළු ලියලා
රේනු සලා
න්නවාද මොකද හොරේ?

තේරුණානෙ අහල තියෙන ප්‍රශ්ණය?

ඔය ලියුමට මුල පිරුණු හැටිත් රසවත් කතාවක්. ඔන්න මේ අයිය ගමේ නැදෑ ගෙදරක නතරවෙලා ඉන්න කාලෙ, අල්ලපු ගෙදර ඉඳල තියෙනව ලස්සන කෙල්ලෙක්.

පොර පොඩ්ඩක් අවදියෙන් ඉඳල තියෙන්නෙ මේ "අංශය" ගැන.

එක දවසක් කෙල්ල ගෙදර පිටිපස්සෙ ගොටුකොල පාත්තියෙ ගොටුකොල කඩනවලු.

අපේ පොර ඇහැව්වලු "මොකටද ඔය කොල කඩන්නෙ සම්බෝලෙටද, මලවන්නද?" කියල.

"නෑ, මේ කියවන්න!" කෙල්ල කිව්වලු.

"මං දන්නෙ නෑනෙ, කොලවල අකුරුත් ලියල තියෙනව කියල, අනේ මටත් දෙන්නකො ඔය අකුරු ලියල තියෙන කොලයක්" අපේ මෑන් කිව්වලු.

ඒ කතාවෙන් පස්සෙ අයියට හම්බ වෙච්ච සෙනෙහෙ කොලේ තමයි අර කවිය තිබිල තියෙන්නෙ.

ඔය කවියට අපේ අයිය කාරය කවියෙන්ම දුන්නු උත්තරේත් මට ඒ දවස්වල කිව්ව. ඒත් ඒක දැන් මට අමතකවෙලා ගිහින්.

බැයිද කාට හරි ගැලපෙන කවි උත්තරයක් ලියන්න?

කතන්දරකාරයා

15 comments:

  1. ෂික් අද මොකද comment එකක් තාම නැත්තේ. කෝ වෙනද ඉන්න කවි කාරයෝ අද නැද්ද?. මට කවි ලියන්නවත පුළුවන් වුනානම් උත්තර ලියන්න තිබුනා.

    ReplyDelete
  2. කසූ අපිට අද කියපු කවිය හොඳා. අපිට වුනත් හදිස්සියකට ඕක පාවිච්චි කරන්න පුලුවන්නේ.

    මටත් ඉතින් ප්‍රියන්ත අයියා කියපු එකම තමා කියන්න තියෙන්නේ. මටත් ඉතින් කවි බැරි නිසා පිළිතුරු කවිය දෙන්න විදිහක් නැහැ

    ReplyDelete
  3. මඟ බලමින්
    මම උන්නේ

    ආත්ම ගානේ
    දන්න නිසයි
    රේණු නුඹයි
    යිස්සර වුයේ

    ReplyDelete
  4. ගොටු කොළ කෙල්ලට ආලය බැඳුනා
    කට දෙකොනෙන් කෙළ බෙරෙනු දැනුනා
    පැනපන් අද රැ වැට සුදු සුමනා
    ව්කුණා ගොටුකොළ රජ වෙමු ඉතිනා...

    ReplyDelete
  5. ආයුබොවන්...!!
    ලස්සනයි කවි ටික.....
    දන්නම් ලවු ලෙටර් නැ නෙ.. SMS තමයි... අර සි0දුවකුත් තියෙන්නෙ...
    මටත් පොඩි කාලෙ අපෙ අයිය යාලූඋන අක්කලගෙන් හොදට සැලකිලි හම්බ උනා..
    1ක අක්කෙක් නස් කෙනක්.. මට තුවාල නතුවත් බෙහෙත් දානව .. මොකද මම තමයි ලියුම් අරගෙන ගෙදරටම යන්නෙ...
    අපෙ අයිය හොදට ගෙව්ව මට.......

    ReplyDelete
  6. එපා වෙනව...ඔය වාගෙ කවි ඉංග්‍රීසියෙන්නම් ලියන්න ලේසියි...

    ReplyDelete
  7. සෑහෙන්න දෙණෙක් ට්‍රයි කරල කරල අතහැර දාල වගේ!!!

    ReplyDelete
  8. මෙන්න මං නං එකක් ලිව්වා

    මගෙ හදවත
    ටක් ටක් ගා
    ඔය විදියට
    බය වේ නම්
    එන පොට හොඳ නෑ වාගේ
    පාගල යමි හැටට හැටේ!

    ReplyDelete
  9. අදනම්
    නේත්තරා පල්ල
    නෑ...

    ReplyDelete
  10. හිහ් හිහ් හිහ්........... අද ගොඩක් කවියො නිහඬ පිලිවෙත් අනුගමනය කොරල වගේ...........

    ReplyDelete
  11. ඔයට උඩින්
    යාය දිගේ
    නුඹට හොරෙන්
    ටක් ටක් ගා
    ආල පිරූ
    මගෙ හිත් මල
    රේණු සලයි
    රේණු නමින්
    දන්නෙමි මම මොකද හොරේ?

    ReplyDelete
  12. වැඩේ දුරගිහින් නැති බව කසුට මතක තිබිල වගේ.

    ReplyDelete
  13. @ isimbuwa: කවියනම් එළ නමුත් හොරේනම් දැනිල නැති පාටයිවගේ.......

    වෙනස්විදියකට කියවල බලන්නකෝ.....

    ඔයාට පෙනුනෙ නැද්ද අර වචන ටික බ්ලා බ්ලා බ්ලා... (දන්නවනේ)

    ReplyDelete
  14. අළුත් හඳක්
    පින් පාටට
    බලන් සිටී
    දිලිසි දිලිසි
    මුදු සඳ රැස් ගලා හැලේ
    දවස පුරා!

    ReplyDelete
  15. මෙන්න දැන් ලැබුණු විශේෂ පුවතක් :

    වැඩේ කුරුවල් වීමනිසා පැනයාමට තැත්කල කසූ ගොටුකොල අම්මණ්ඩිගේ අතටම මාට්ටුවීම හේතුවෙන් ඇපෙන් බේරීමටමෙන් ගොටුකොල කෑල්ලට කවියකින් මෙසේ පවසා ඇත.

    "අළුත් හඳක්
    පින් පාටට
    බලන් සිටී
    දිලිසි දිලිසි
    මුදු සඳ රැස් ගලා හැලේ
    දවස පුරා!"

    හික්ස් සහ ලොල් පුවත් සමාප්තයි.
    හික්ස් සහ ලොල් පුවත් සමඟින් යලිත් හෙට් උදේ 8ට හමුවෙමු.

    බා.....යි.......

    ReplyDelete

මා ලියූ කතන්දරයට අදාල නැති කරුණු ඔබේ ප්‍රතිචාරවල ඇතළත් නොකරන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

අදහස් වාරණයක් නොකෙරේ. කුණුහරුප සහ තුන්වන පාර්ශවයන්ට නින්දා කෙරෙන ප්‍රතිචාර ඉවත් කෙරෙනු ඇත.