Monday 8 February 2010

අරක්කු බොන්නෙ නැතුවට කමක් නෑ අපේ බයිට් එක ඉතුරු කරපං!


මුලින්ම කියන්න ඕනැ, මේ කතන්දරේ ලියන්න ඕනැ කියල මට කල්පනා "ම" හෙවත් "ම - රේ" ලියන මගේ මරණය බ්ලොග් එකේ අරක්කු ගැන ආයි කතාවක් පොස්ට් එක කියවපු වෙලෙයි.

මගේ මරණය රචකයා තමයි සිංහල බ්ලොග් අවකාශයේ ඉන්න හොඳම අරක්කු (පොදුවේ මත් පැන්) ලෝලියා.

අරක්කු නං "මගේ මරණය", "මගේ මරණය" නං අරක්කු කියල හිතාගන්නකො!

ගූගල් වලට ගිහින් අරක්කු ගැන සර්ච් එකක් කළොත් මේ ලඟක් වෙනකං ඒකෙ උඩින්ම රෑන්ක් වෙලා තිබුනෙ මගේ මරණය බ්ලොග් ලිපි තමයි. නමුත් ලඟදි ඉඳල ගූගල් සර්ච් එන්ජින් එකේදි අරක්කු කියල ලියල [I'm feeling lucky!] බොත්තම එබුවොත් කෙලින්ම යන්නෙ කතන්දරකාරය ලියපු අරක්කු ඕන කෝක් වානා කියන කතන්දරයටයි.

මං වත් දන්නෙම නැතුව මං අන්තර්ජාලෙ හොඳම අරක්කුකාරය වෙලා!

මං ලියපු පාටි ජෝක්ස් - තිස්ස ගේ ආගම් මාරුව කතන්දරේදිත් කිව්ව වගේ කතන්දරකාරය අමද්‍යප සංගමයෙ සාමාජිකයෙක් නං නෙමේ. හැබැයි නොබී ඉන්න බැරි කමකුත් නෑ. උදාහරණෙකට කියනව නං මීට අවුරුදු දෙකකට කලින් රට ගිහින් එනකොට duty free එකෙන් ගෙනාපු ජොනී වෝකර් එකක් තාමත් තියෙනව බාගයකටත් වැඩිය කුස්සියෙ කබඩ් එකක.

ඉතිං අද කතන්දරේ මේකයි. ඇත්තටම කියනව නං මේක කතන්දර බාගයක් විතරයි.

ඔන්න මං මුලින්ම ජොබ් එකකට ගිය දවස්වල අපි කොල්ලො කට්ටිය සෙට් වෙලා හිටිය එතන ක්වාටර්ස් එකට. ඉතිං සතියකට පාරක් විතර බෝතල් වීදුරු සද්ද වෙනව. දන්නවනෙ, සල්ලි අතේ තියන තනිකඩයො ගැන.

ඒ දවස්වල සෙට් වෙනව කියන්නෙ එකම ප්‍රොජෙක්ට් එකක්. සල්ලි එකතු කරන්න ඕනැ. එම්ටීස් හොයන්න ඕනැ, බියර් වලට විශේෂයෙන්ම, බයිට් හදන්න ඕනැ. කෝක් ගේන ඕනැ. වැඩ කෝටියයි.

අපේ එක පොරක් හිටිය අපිට වඩා ටිකක් සීනියර්. පොර අමද්‍යප. ඒ නිසා සල්ලි සම්මාදමක් නෑ. හැබැයි පාටියට සෙට් වෙනව. වැඩි කතාබහකුත් නෑ. එක දිගට බයිට් එකටයි, කෝක් වලටයි වැඩේ දෙනව.

මුලදි, මුලදි අපි ගනං ගත්තෙ නැති වුනාට, පස්සෙ කීප දෙනෙකුට මේකෙ අප්සෙට් එක තේරුණා. පොරව කපල දාන්නත් බෑ. අර කවුද කිව්ව වගේ ඌ බිව්වෙ නැති වුණාට හොඳ පොරක්.

මේ බව තේරුණු තවත් සීනියර් පොරක් කියපු කතාවකින් පස්සෙ අපේ ඒ තරහ සන්සිදිල ගියා. මොකක්ද දන්නවද ඒ කතාව? අපි මේ අමද්‍යපයි කියල හිතන් හිටපු අපේ මිත්‍රයා - එහෙම වෙලා තියෙන්නෙ වෛද්‍ය උපදෙස් මත.

ජොබ් එකට ඇවිත් අවුරුදු හතරක් පහක් යන්නත් කලින් මිනිහගෙ කෝට එක ඉවරවෙලා!

පව් නේද?

කතන්දරකාරයා

ප/ලිඃ
මේ දිනවල මගේ කතන්දර වලට නිමිති ලැබෙන්නේ අපේ සහෝදර බ්ලොග්කරුවන්ගෙන්. මගේ ලඟදී ලියූ කතන්දර සේරම ඒ වගේ ඒවා.
1. අනේවාසික නිසා - පාටි ජෝක්ස් - තිස්ස ගේ ආගම් මාරුව

2. අරුණි ශැපිරෝ නිසා - නොදන්න දෙමලේ

3. කමු බොමු නිසා - කීප් එසයිඩ්: අන්තර්ජාලේ ඉහුං පිහුං

ඒ සැමට මගේ ස්තුතිය.

6 comments:

  1. කැම්පස් එකේ අපේ බැච් එකේ හිටිය එල සෙට් එකක්. බොන්න සල්ලි එකතු කරද්දි උන් අමද්‍යප. ඒත් බොන්න ගත්තම මුලින්ම බෝතලේට සෙට්වෙන්නෙ මුන් ටික. අපි ඒ සෙට් එකට නමකුත් දාලා තිබුනා 'අල්කයිඩා' කියලා මොකද උන් අල්කයිඩා එක ගහනව වගේ තමා බෝතල් ටිකට වැඩේ දෙන්නේ.

    ReplyDelete
  2. අනේ මමත් ඔහොම තමා. කට්ටිය මට වෙනම ප්ලේට් එකකට බයිට් දාල දෙනවා.එච්චර තමා ඒ අයගේ එකට අත දැමීම තහනම්. කෝක්, ස්ප්‍රයිට් තහනමක් නෑ.

    ReplyDelete
  3. හප්පා.. ඒක නම් හරිම පව් වැඩේ.. ඒ කියන්නේ ෂුවර් එකටම පස්සේ කාලෙකදි ‍නොබී හිටියට ඒ මනුස්සයා බොන දවස් වල කණ සාක්කුවෙනුත් පහලට වැටෙන තරමට බොන්න ඇති නැද්ද?

    ReplyDelete
  4. මම බොන්නෙ නැති දවස් වල කට්ටිය එක්ක සෙට් උනත් මුකුත් කන්න බොන්නෙ නැහැ. මොකද මෙ වචනෙ අහන්න කැමති නැති හින්දා. එ උනත් එහෙම මුනට කියන එක වැරදි, ඔතන හිටපු කවුරු හරි කෙනෙක් ම තමයි එ අයියටත් අඩගහලා තියන්නෙ. බිලා නතර කරපු කෙනෙක් බොන තැනක ඉන්නෙ කාලාතුරකින්.

    ReplyDelete
  5. අර රුසියාවෙ හිටිය යාලුවො දෙන්නගෙ අලුත් භාෂාව ගැන දෙවන කොටස ලිව්වෙ නැහැනෙ

    ReplyDelete
  6. අපෙත් නෑදෑ කෙනෙක් ඉන්නවා ඒ කාලේ මුළු ජීවිතේටම ඇති වෙන්න බීලා දැන් කටේ තියන්නේ නැහැ. හැබැයි දැන් නම් සෝඩා වත් බොන්නේ නැහැ. එයා අපිට නම් කියන්නේ ටික ටික ගානට ජීවිත කාලෙම බොන්න සේරම ටික එකපාර බොන්නේ නැතුව කියල.

    අපිනම් එන හැමෝගෙන්ම ගාන එකතු කරනවා ඒක නිසා බයිට් එකට වග කියන්න විතරක් කවුරුත් එන්නේ නැහැ

    ReplyDelete

මා ලියූ කතන්දරයට අදාල නැති කරුණු ඔබේ ප්‍රතිචාරවල ඇතළත් නොකරන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

අදහස් වාරණයක් නොකෙරේ. කුණුහරුප සහ තුන්වන පාර්ශවයන්ට නින්දා කෙරෙන ප්‍රතිචාර ඉවත් කෙරෙනු ඇත.