Thursday 6 June 2013

අල්ලපු පන්සලේ සාදු බණින හැටි මෙන්න - Go ahead, Make my day!


මේක අපේ රත්නායක මහත්තයා මා එක්ක කාලෙකට කලින් කියපු කතන්දරයක්.

මේ කතන්දරේ මං අර "අරුණී ශපීරෝ, ගනු කඩුව, එනු සටනට! - To Aruni Shapiro with love!" කියන ලිපිය දාපු දවසේ "කැපිටල් ඇනෝ" නමින් අපි දන්නා අංකල් ඇවිත් මෙලෝ හසරක් නැති කමෙන්ටුවක් දාන වෙලේ මතක් වුණත්, පස්සේ ආයේ අමතක වෙච්ච පාර මේ ඊයේ පෙරේදා මහසෝන් පිල්ලිය කියන තවත් පාඨකයෙකු ගේ කමෙන්ටුවක් නිසා යලි සිහියට ආවා.

මහාසෝන් පිල්ලිය මා එක්ක ගේම ඉල්ලන්නේ මං හාමුදුරු කෙනෙකු ගේ හොඳ කියලා ලියපු කතන්දරයක ලින්ක් එකක් දාන්න කියලයි. ඒකට උත්තර විදියට මං මේ තාක් කල් මං ලියලා පල කරලා තියෙන කතන්දර අටසිය ගානෙන් හාමුදුරුවරු, බුද්ධාගම සහ පන්සල් කියන කරුණු ගෑවිලාවත් යන කතන්දර විසි පහක ලයිස්තුවක් දැම්මා.

ඉතිං ඒ එක්කම මේ කතාවත් මතක් වෙච්ච හින්දා ඒක ලියලා දාන්නයි මේ සැරසෙන්නේ.

ඔන්න එකමත් එක ගමක, (මං හිතන්නේ රත්නායක මහත්තයලා ගේ ගම් පලාතේ වෙන්න ඕනෑ) තිබුනලු පන්සලක්. ඒ පන්සලේ ඉඳලා තියෙනවා හොඳ සිල්වත් හාමුදුරු නමක්.

පන්සලේ වත්ත පුරාම පොල් ගස් තියෙනවා ලු. ඉතිං ගමේ කොල්ලෝ කුරුට්ටෝ සෙට් වෙනවා ලු සමහර දවස්වලට මේ ගස්වලින් කුරුම්බා කඩලා කන්න.

අපේ හාමුදුරුවන්ට මේ වැඩේට හොඳටම කේන්ති ගිහිනුයි ඉඳලා තියෙන්නේ. නමුත් ඉතිං සිල්වන්තකම හින්දාම ඔන්න ඔහේ දානයක් දෙනවා ය කියලා හිතාගන්නවා කියලා දාන පාරමිතාව පුරමින් ඉඳලා.

ඔහොම යන කොට එක දවසක් අටවක දවසක රාත්‍රියේ ආවාසේ හිටපු හාමුදුරුවන්ට ඇහිලා තියෙනවා වත්ත පල්ළෙහායින් මොකක් දෝ සද්දයක්.

එකත් එකටම මේ කොල්ලෝ කුරුම්බා කඩනවා වෙන්න ඇති කියලා හිතලා අපේ හාමුදුරුවෝ ධෛර්ය උපදවාගෙන කෑලි හයේ චෝච් එකත් අරං ඒ පැත්තට ගිහින් තියෙනවා බලන්න.

ඒ හිතුවා වගේම ඒක තමයි කේස් එක!

චෝච් පාර දැකලා යට හිටපු කොල්ලෝ දෙන්නා පැනලා දුවලා. හාමුදුරුවෝ චෝච් එක ගහ මුදුණට එල්ල කළාම තමයි දැකලා තියෙන්නේ කුරුම්බා කඩන්න උඩට නැග්ග එකාට බැහැ ගන්න බැරුව තවම ගහ උඩ කියලා.

බැහැපං කොල්ලෝ බිමට කිව්වාම ඌ හෙමිහිට පහලට බැහැලා, මොකද ගමේ හැමෝම දන්නවානේ මේ හාමුදුරුවෝ සැර පරුෂ නැති හොඳ සාන්ත දාන්ත හිමි නමක් ය කියලා.

දැන් ඉතිං ඔන්න හාමුදුරුවෝ කොල්ලට බණින්න පටන් ගත්තා ලු.

"අනේ කොල්ලෝ, උඹ මේ විදියට හොරකම් කරලා කර ගන්නේ මහා පාපයක් නේද? ඒ මදිවට සාංඝීක දේවල්. පොඩ්ඩක් කල්පනා කරලා බලපං එක දවසක්ද? උඹලා මේ ගස්වල පොල් ගෙඩියක් හැදෙන්න දෙන්නේවත් නෑනේ කවදාවත්, හැමදාම කුරුම්බා වෙන්නත් කලින් විනාස කරනවා නේද?"

එතකොට කොල්ලා කිව්වලු.

"අනේ නෑ සාදු, මං නං කවදාවත් මීට කලින් මේ විදියට කුරුම්බා බීලා නෑ. මේ අදමයි ආවේ, අද හරිම ග්‍රීස්ම දවසක් නිසා පිපාසෙට කුරුම්බාවක් බොන්න කියලා."

ඔන්න එතකොට හාමදුරුවන්ට නැට්ටටම තද වුණාලු. මූ හොරකම් කළා මදිවට තව බොරු කියන්නත් එනවා.

නමුත් මේ හාමුදුරුවෝ හරිම සිල්වත් කියලා රට හැම තැන ප්‍රසිද්ධ නිසා එහෙම බණිත්නත් බෑනේ.

ඉතිං, රත්නායක මහත්තයා කියන විදියට, හාමුදුරුවෝ කොල්ලට බැනලා තියෙන්නේ මෙන්න මෙහෙමයි.

"අනේ කොල්ලෝ, උඹ හොඳ වෙලාවට අද මේ පන්සලේ හොරකම් කරන්න ඇවිත් මට අහුවුණේ. උඹ අර අල්ලපු ගමේ පන්සලේ හෙම හොරකම් කරලා එතන නායක උන්ණාන්සේට හෙම අහුවුණා නම් උඹට බණින්නේ මෙන්න මෙහෙමයි."

"තෝ ආවද බොල *** ගේ පුතා මෙතන හොරකම් කරනවා මදිවට මට බොරුත් කියන්න! දැන ගනිං ***, තෝව මං අද ** ***. අත් දෙකෙන් කන් දෙක අල්ලං ගහපිය දණ **** පුතා **** නැතුව."

මේ බැනිල්ල නං දිගටම ගිහින් තියෙනවා. ඒත් මට දැන් ඒ කුණුහරුප සේරම හරියටම මතක නෑ! ;-)

-කතන්දරකාරයා

(image: http://illusion.scene360.com/art/11235/go-ahead-make-my-day/)

99 comments:

  1. අද උදේ NETH FM රේඩියෝ එකේ බැලුම්ගල වැඩ සටහනෙ ගියා ඔබ එදා කිව්ව හොස්පිට්ල් TV බලපු කේස් එක.

    ReplyDelete
  2. මම කුණු හරුප ටික මතක් කරල දෙන්නද?

    ReplyDelete
    Replies
    1. උඹට ඊට වඩාදෙයක් බෑ නේද ?
      ගොනා වගේ තප්පුලන්නෙ නැතුව කට වහගෙන හිටපන්.
      මිනිහෙක්ට මොලයක් තියෙන්නෙ හිතන්න බුද්ධිය මෙහෙයවන්න.
      මොලය අවශ්‍ය තැන පිහිටන්නෙ නැතිවුනාම ඔහොම උම්බෑ ගෑවෙනව නේද ?
      අවශ්‍ය තැන අවශ්‍ය දේ කියපන්.
      වල්බූරු නිදහසේ අන්තෙටම යන්න එපා

      මෙය කෙන්ජි මාමාට ද්වේශයෙන් දැමූ කමෙන්ටුවක් නොවන අතර ආදරයෙන් දැමූ කමෙන්ටුවකි.

      Delete
    2. ඇනෝ;
      ඔබ විසින් ආදරයෙන් දැමු කොමන්ටුව,මා උපන් පොසොන් මස බැතිබර සිතින් පිළිගත්තෙමි.!
      තෙරුවන් සරණයි දරුව...!!!
      කක්කි මාමිලා වැටවල් අයිනෙ තියෙන මල් කඩන්න කිව්වට,කඩන්න යන්න එපා දරුවො.

      Delete
    3. ආදරයෙන් කමෙන්ට් කලාට කමන් නෑ වැඩිය ලඟට එහෙම යන්නේ නෑ.. !
      ලඟට ගියොත් ආදරේ දෝරේ ගලයි ඈ..

      Delete
    4. කකුල් දෙක දිගේ නේද ඇනෝ දොරෙ ගලන්නේ

      Delete
  3. චැම්පියන්ස් ලීගය අද ඇරඹේ.පුහුණු තරඟ දෙක පරාජයට පත්වූවත් එහිදී ක්‍රීඩකයන්ගේ දක්ෂතාව කැපී පෙනුනි එම නිසා පරාජය එතරම් කාරනාවක් නොවේ.නමුත් තරගාවලියට ධන මානසිකත්වයකින් පිවිසිය යුතුය.
    විෂේශයෙන්ම Aකාන්ඩයේ වැඩිම අවාසිය ඇත්තේ අපිටය.පුහුණු තරඟ වලදී දෝලනයක් නොමැති පිටිවල ක්‍රීඩා කලත් තරඟාවලියේදී එය එසේ සිදු නොවේ.
    A කාන්ඩයෙන් ඕස්ට්‍රේලියාව,ලංකාව,එංගලන්තයට වැඩි අවස්තාවක් ඇත Bකාන්ඩයෙන් දකුනු අප්‍රිකාව හා පාකිස්තානය අවසන් පූ තරඟ වලට පිවිසීමට වැඩි අවස්තාවක් ඇත.
    මෙහිදී ජීවන්ගේ ස්තානයට දිල්හාරට අවස්තාවක් ලබාදුනහොත් එය කන්ඩායමේ සංයුතියට මනා පිටුවහලකි.චන්දිමාල් අංක 4හා මැතිව්ස් අංක 5 යන ස්තානවල ක්‍රීඩා කිරීම ඔවුන්ගේ සාර්තකත්වයට හොද අවස්තාවකි.




    ReplyDelete
  4. අපෝ අපේ පන්සලෙත් හාමුදුරුවෝ මිනිස්සුන්ට පලු පැලෙන්න බනිනවා.
    අද මම 1 ද මන්දා ?

    ReplyDelete
    Replies
    1. 1ක ශෝකය දුරුවේවා !!!!

      Delete
    2. ඔවු.. ඔබ එක !

      Delete
  5. අනේ කතන්දර මහත්තයෝ කාටද මේ බොරු කරන්නේ ?
    මම කිව්වේ හාමුදුරු කෙනෙක් ගැන හරි පන්සලක් ගැන හරි බෞධයෙක් ගැන හරි හොඳ , හොඳ , හොඳ , හොඳ , හොඳ ,හොඳ , හොඳ (කීප සැරයක් රිපීට් කරේ අවධානය ගන්නයි ) කියපු තැනක් පෙන්වන්න කියල. ලින්ක් නම් බර ගානක් රිප්ලයි එකට දාල තිබ්බ. ඒ එකක වත් හොඳක් කියපු එකක් දැක්කේ නැහැ. මට පෙනෙන්නේ අවංකවම ඔබට තිබෙන්නේ වංචනික කුහක යටි අරමුණකින් බෞධයන්ට අපහාසාත්මක වන ප්‍රකාශ නිකුත් කිරිමකට වඩා හොඳ සහ නරක අවබෝධ කර ගැනීමේ නොහැකියාව සම්බන්ධ මනෝ ව්යාධිමය තත්වයක් බවයි. කොටින්ම කියනවා නම් පිස්සෙක්.

    මගේ ඒ කොමෙන්ටුවේ කිව්වේ , විවේචනයක් තිබෙනවානම් කමක් නැහැ නමුත් එය සමබර සහ කරුණු සහිත විය යුතු බවයි. දැන් එතකොට බෞධයන් , ස්වාමින් වහන්සේලා සියල්ලම 100% evil ද ? ඔවුන්ගේ කිසිම හොඳක් කවදාවත් ඔබට පෙනුනේ නැද්ද ?

    අනිත් කාරණය ,ගැරඬියෙක් නයෙක් පාරේ මැරිලා ඉන්නවා දැක්කත් අනේ අපොයි කියන , විස්සෝප වෙන මිනිස්සු ඉන්න රටක මනුෂ්‍යත්වය ගැන බොරුවට පාරම් බාන ඔබ අපවත් වූ ස්වාමින් වහන්සේ නමකට ගොනා , බුරුවා , හරකා නාමයෙන් ආමන්ත්‍රණය කිරීම සහ එය සාදාරනීකරනය කිරීමට ලජ්ජා විරහිත ලෙස ගෙන යන අරගලය. මැරුවා හරි මැරුණා හරි සියදිවි නසා ගත්තා හරි ඕන මගුලක්. නමුත් බොහෝ මිනිසුන් ගරු කරන තැනැත්තෙකුට එවැනි ලෙස නිග්‍රහත්මකව කතා කිරීම අමානුෂික , තිරශ්චින මනුෂ්‍ය ගතියක්. එත් කමක් නැහැ... ඒ වගේ නොසන්ඩාල මිනිස්සුත් මේ ලෝකේ ඉන්නවා නේ. නමුත් එහෙනම් බොරුවට මානුෂත්වය ගැන පාරම් බාන එක නවත්වන්න. ඔබට එහෙම එකක් නැහැ.

    ReplyDelete
    Replies
    1. @ මහසොහොන් පිල්ලිය
      මෙහෙමනේ... දැන් ඔය ගිණි තියාගෙන මැරුණු හාමුදුරුවන්ව විවේචනය කිරීම වෙත් දෙයක් නමුත් කකා උන්නාන්සෙට "හරකා" කියලා කියන්නෙ ද්වේශ සහගතව.දේශපාලනික අර්ථයෙන් උන්නාන්සෙව විවේචනය කළ අය ඕනැතරම් හිටියා ඒක වෙනම කතාවක්.

      ඉතින්, දැන් දකුණුකුරු දිවයිනට වෙලා ඉඳගෙන ලංකාවේ මිනිස්සු කරන කියන හැම දෙයක්ම "ගොන්පාට්" විදියට දකින එහෙව් "හරකෙකුගෙන්" ඔයිට වඩා සදාචාරයක් බලාපොරොත්තු වෙන්නේ ඔහේටත් "මඤ්ඤං" ද මන්ද?

      Delete
    2. /* ඔබ අපවත් වූ ස්වාමින් වහන්සේ නමකට ගොනා , බුරුවා , හරකා නාමයෙන් ආමන්ත්‍රණය කිරීම සහ එය සාදාරනීකරනය කිරීමට ලජ්ජා විරහිත ලෙස ගෙන යන අරගලය */

      මෙය වැරදි වැටහීමක් මත කෙරෙන වැරදි චෝදනාවකි.

      Delete
    3. මෙන්න මං ලියපු බුද්ධාගම, පන්සල්වලට සහ පැවිදි අයට සම්බන්ධ කතන්දර.

      හාමුදුරුනමකට මා ගොනා බූරුවා හරකා කියා හෝ වෙනත් නරක වචනයකින් අපහාස කළ තැනක් පෙන්වන්න.

      ඔබ මේ අභියෝගය එදා බාරගත්තේ නැති නිසා අදවත් පිළිතුරු දෙන්න.

      1. බණ, වැදි බණ, බුදු බණ, පොප් බණ සහ අනේ අපොයි බණ
      2. පන්සල් ළඟදී පස්ස පැත්ත ඉස්සීම - First class, second class and third class temples?
      3. පරගස්දෙනියේ බුද්ධවංශාභිදාන කතා වස්තුව - Once upon a time....
      4. ඇසින් දුටුවොතින් ජඩ වැඩ දඹුලු පෙත, බුදුන් පාරළෙයි වනයට වඩිනු ඇත - වෙසක් සිතුවිලි :: Wesak thoughts
      5. දතේ පන්සල, ජනාධිපති සහ අරලිය ගස් (කතන්දරයක්මත් නොවේ!)
      6. චතුරාර්ය සත්‍යයත් ඕපන් සෝස් සංකල්පයක්! - Four noble truths, an open source concept?
      7. බුදු දහම නිසා සමහරු නිවන් ගියා, බුදු පිළිම නිසා සමහරු හිරේ ගියා - Antidote to doubt is not faith but enquiry!
      8. පොඩි සාදු ගේ වලත්ත කතාව - Thus Have I Heard (a story from yesteryear)
      9. සිල්වත් සාදු ගේ රහස - Brain drain?
      10. සාදු, සාදු, පොඩි උදව්වක් කරනවද?
      11. පාටි ජෝක්ස් - තිස්ස ගේ ආගම් මාරුව
      12. ඊ ලඟ ආත්මේ - හොඳ තැනක ඉපදෙමු...!!!
      13. පොඩි පොඩි විහිළු කතා දෙක තුනක්
      14. සිදුහත් ගිහි ගෙය හැර ගියේ ඇයි? රහස එළිවෙයි! - Not many people will get this?
      15. විනාඩි විසිපහක් තියෙනවාද? නොහොත් ස්පර්ශකය - WTH is that?
      16. කතන්දරකාරයා මහණ වී හිටි බව එලිදරව් වේ!
      17. බිනර පෝ දා බණ පදයක් (දෙකක්, තුනක්) අහමු : A poem written in two languages

      Contd/-

      Delete
    4. 18. සුදු හාමිනේ ට මොකටද සල්ලි හෙවත් බබාලයි අම්මා ගේ අවාසනාව - Lucky child, unlucky mother!
      19. මටත් තියෙන ප්‍රශ්න - Oh, these problems
      20. ඒකෝන් ගේ ලංකා ගමන සහ කතන්දරකාරයා ගේ දෙව් ලොව ගමන - Akon's trip to Sri Lanka and my trip to the heaven
      21. දත මැද ගැනීම – හෙවත් – ටැම්පල් ඔෆ් ද සේක්‍රඩ් ටූත් රෙලික් කතාව ඉදිරියට : Get your tooth brushed!
      22. වැසිකිලිය, කැසිකිලිය සහ ගඳකිලිය
      23. රා බොමු, කවි කියමු! - Vi auguro un felice anno nuovo!
      24. බුද්ධාගං සංස්ථාව විවේචනය කිරීමට මූලික අයිතිය ඇත්තේ කාටද? - Self-critisism Vs criticising others
      25. බුද්ධාගං කල්ට්වල නෝනා මහත්තුරු - Me good you bad concept
      26. මා පන්සිල් ගත් අන්තිම දා - No broken promises anymore
      27. ෆේස් බුකියේ ජෝක් - Facebook Jokes
      28. පන්සිල් නොගෙන සිටි කතන්දර කුමාර ට සීයා ගෙන් දෝස්මුරයක් - Trotting against the herd
      29. අල්ලපු පන්සලේ සාදු බණින හැටි මෙන්න - Go ahead, Make my day!

      හාමුදුරුනමකට මා ගොනා බූරුවා හරකා කියා හෝ වෙනත් නරක වචනයකින් අපහාස කළ තැනක් පෙන්වන්න.

      ඔබ මේ අභියෝගය එදා බාරගත්තේ නැති නිසා අදවත් පිළිතුරු දෙන්න.

      Delete
    5. ඔය කෙහෙල් මල් අනිත් කතන්දර ඕන නෑ කකා. මේ පෝස්ටුව ඇති කකාගේ තරම තෙරුම් ගන්න. සුදීකගෙන් DOS ගේම ඉල්ලන කොමන්ට් දානකොට සූදීකට අපහාස කරනවා කියලා සිතලා සමහර කොමන්ට් වගයක්නම් වාරණය කළා. ටිකක් පල කලා. නමුත් වාරණය කිරීමට ඒවායේ අපහාසයක් තිබුනේ නෑ.
      එත් පහුගිය ටිකෙම කකාට ආගම (විශේෂයෙන් බුද්ධාගම) සහ එය අදහන අය පෙන්නන්න බෑ. මාක්ස් වාදියෝවත් මෙහෙම ආගමට පහර ගහන්නෑ. බලාගෙන ගියාම කකාත් අර ඇමරිකාවේ ඇන්ටි වගෙ මහ පණ්ඩිතයෙක් කියලා හිතාගෙන ඉන්නේ.
      මම ලොකුවට ඉගෙනගත්තා කියන්න ඕනනම් ඒක වෙනමම කියන්න. මේ ඉගෙනගත්ත අයෙකු කළ යුතු පහත් වැඩක් නොවේ.
      පල කරනවනම් පල කරන්න, නැත්නම් වාරණය කරන්න.

      Delete
    6. mewayin 75% k apahasa.

      Delete
  6. අදනං කතන්දරටත් කණුහරුපෙන් බනින්න හිතෙනවා. වෙන එකෙකුට බනින විදියට

    ReplyDelete
    Replies
    1. වෙන උන් කිව්වෙ ලේක් හවුසියේ බන්දුල බඩුකුමාර,ආසියාවේ ආස්චර්යේ මරා, බැරා, ගොරා වගෙ අයටත් උඹ කුනුහරුපෙන් බනිනවද?

      Delete
    2. පිස්සුද හලෝ මට තාම මොලේ කොලොප්පං වෙලා නෑ.

      Delete
    3. බණින්න තියෙන්නේ ජහමනයාටයි මුලින්ම.

      Delete
    4. නෑ නෑ නලින්ට බනින්න තියෙන්නේ යූන්පියටයි ජේවීපියටයි. කමෝන් කමෝන් නලින් මේ ලිපියෙන් උන්ට බනින්න ක්‍රමයක් හිතහන්. හිතට ආවනම් ලේක් හවස් රිංගහන්.

      Delete
    5. අන්න ඇනෝ වරද්ද ගත්ත තැන. ජවිපෙට නං බනින්න දේවල් තියනවා. මේ රටට කළ විනාසෙ නිසා. යූඑන්පියට බනින්නේ අහවල් දේකටද. රට ගෙනියන්න ඉන්නේ එක්කෝ යුඑන්පි නැත්නම් ශ්‍රිලංකා විතරයි.තට්ටු මාරු දේශපාලනය අහලා ඇතිනේ. එයින් පිට අද්දැකීම් අපට තාම නෑ නේද?

      Delete
    6. මොකා ආවත් වැඩක් නෑ බං, රට ගෙනියන්න වෙන්නෙ උබලා - අපි වාගේ මිනිස්සු එක්කනේ.

      Delete
  7. කතන්දර කියන්නේ සල්ලි ලැබෙනවා නම් අම්මා අප්පා උනත් විකුණන ජාතියේ එකෙකුට.

    ReplyDelete
    Replies
    1. ඔහේ විකුණන්නේ අහවල් එකද?

      Delete
    2. මිනිස්සුන්ට වැදගත්, සමාජයට පිළිකුල්නැති, සංකෘතියට එකඟ, සමාජයට හානි නැති, දේවල් අතරින් මා කැමති අංගයක්. අංගයක් කීවේ ඇගේ කොටසක්ම නොවේ.

      Delete
    3. ANO 9,25 A.M. - OYA HARIYATA HARI

      Delete
  8. කකා අරුණිට හින්ට් පාස් කරනවා. අරුණි කකාට හින්ට් පාස් කරනවා. අර ගිහින් බලන්නකෝ අද කියලා තියෙන දේවල්.

    ReplyDelete
    Replies
    1. ශීලාචාර හැසිරීම යනු කුමක් දැයි නොදන්නා අයෙකුට ශීලාචාර විය හැකි ද?!!!!!!!!!

      Delete
    2. “ඔය ලියන අත කොර වෙයි. ඒ පැත්තේ අංසබාගේ හැදෙයි. අපායක් නැත. අමුතුවෙන්ම මැවුණු අපායකට පොළව පළාගෙන යයි. පවුල හැත්ත වරිගෙ හැඳි ගෑවෙයි.”

      Delete
    3. ඒ අරුණී සහ ඇනෝලා ගේ වලියක්?

      Delete
    4. එත් වලිගය තියෙන්නේ අරුණිට. අක්කට ඒක තේරෙන්නේ නැතිද මංදා. හැමදාම වලිගෙ පෑගිලා. කකාටත් වලිගයක් එනවාදෝ කියලා හිතෙනවා. අපිට වලිගයක් තිබුනට එක අපි තේරුම් අරගෙන පරිස්සමෙන් ජීවත් වෙන්නේ. කොටේ උඩ ඉඳගෙන කුඤ්ඤේ ගලවන්නේ නෑ.

      Delete
  9. ඊයෙ ජපාන ම.කො කාර්යාලෙට රාවනා බලේ සෙට් එක සංදේශයක් බාරදීල.
    හේතුව තමයි සීගිරියෙ බියර් ඇඩ් එකක් ෂූට් කිරීම.
    මං අහන්නෙ රාවනා බලේ එවුන්ට එහෙම කරන්න තියන අයිතිය මොකක්ද සීගිරිය කියන්නෙ සංස්කෘතික උරුමයක් මිස බෞද්ධයන්ගෙ දේපලක් නෙමෙයි.

    ReplyDelete
    Replies
    1. සිගිරිය කියන්නේ රාවණාධිරාජයා ගේ අභ්‍යාවකාශ ගමන් තොටුපල බව නොදන්නේද?

      http://kathandara.blogspot.com/2012/07/return-of-ravana-great-date-revealed.html

      ???

      Delete
  10. හොඳ වෙලාවටනේ කතන්දරගෙ මේ පෝස්ට් එක අපි කියෙව්වෙ. ඇනෝවෙක් කියෙව්වනම් කතන්දරට බනින්නෙ මෙන්න මේ විදිහට:
    ‘ඈ බොල කකා. තෝ තොගෙ අ*** හි**ට තොගෙ තියෙන ******** අපේ සංඝයා වහන්සෙලට ******** තොගෙ අ*****...............‘

    ReplyDelete
    Replies
    1. දැන් මේ ෆේක් ප්‍රෝෆයිල් එකෙන් ඇවිත් ඔහොම කියල තව ටිකකින් ඇනෝ ඇවිත් බනින්නෙත් උබම තමයි අනේ නිකන් බබා නොවී හිටපන්.

      Delete
    2. ඇනෝලාටත් මේ දවස්වල අයිඩෙන්ටිටි ක්‍රයිසිස් එකක් ඇවිල්ලා!

      Delete
  11. meke thiyenne okkoma walu kathawal. samahara siddi dakka wage, ahunage wage boruliyalath thiyanawa.

    ReplyDelete
    Replies
    1. මෝඩකමට බේත් නැත. නමුත් කතන්දර කියන ඒවා අසා නැති අය සිටීම නම් පුදුමයකි.

      Delete
  12. හාමුදුරුවන්ගේ මොලේ දාන්න ඕනේ ඇලේ ...

    ReplyDelete
    Replies
    1. ඒකකෝ හාමුදුරුවන් ගේ නැත්තං මේ කතාව හදපු එකාගේ!

      Delete
  13. අනුන්ගෙ සීනි කිරන්න යනව වගේ වැඩක් වගේ පෙනුනට මං මේ ලියන්නෙ කතන්දරට පක්ෂව වත් මහසොහොන්පිල්ලියට විපක්ෂවවත් නෙවෙයි. කතන්දරගේ මතවාදයට සමාන්තර මතචාදයක් දරන සියළු දෙනාම වෙනුවෙනුත්, මහසොහොන් පිල්ලියට සමාන්තර මතවාද දරන සියළු දෙනාට විරුද්ධවත් කියන කතාවක් මේක.

    ලංකාවේ සහ වෙනත් රටවලත් බොහොම ගුණගරුක සිල්වත් හාමුදුරුවරු වැඩ ඉන්නවා. ඒ වුනත් බහුතරයක් වගේ පේන තරමටම ඉන්න හාමුදුරුවරු වගේ පෙනි හිටින පිරිසක් නොයෙකුත් කුනුහරප විප්‍රකාර කරමින් ඉන්නවා. දළදා මාලිගාව ඉස්සරහට ගිහින් ගිනි තියාගෙන සියදිවි නසාගැනීමට තැත් කිරීමත් බරපතල අපරාධයක්, නරක ආදර්ශයක්. ඒ ක්‍රියාව කළේ යහපත් දෙයක් අරමුණු කරගෙන කියල තර්කයක් ගෙනාවට හරියන්නෙ නෑ. මොනතරම් යහපත් දෙයක් සඳහා වුනත් නරක දෙයක් නොකළ යුතුයි. මේක බොහොම පහසුවෙන් තේරුම්ගන්න පුළුවන් දෙයක්.

    මේ කතන්දර බ්ලොග් එකේ දාන්නෙ කතන්දර වගේ ඒව. කතන්දරයක් කියන්නෙ කතන්දරයක්නෙ. සාමාන්‍ය සිද්ධියක් කතන්දරයක් වෙන්නෙ නෑනෙ. උදාහරණයක් විදිහට ගත්තොත්, මහදැනමුත්තගෙ කතන්දර කියන්නෙ අමුම අමු මෝඩකම් පිළිබඳ කතන්දර. මහසොහොන්පිල්ලියට පුළුවන්ද ලංකාවෙ ජනකතාවක් පෙන්වන්න සාමාන්‍ය කෙනෙක් ගැන. කතාවක් හැදිල තියෙන්නෙ විශේෂත්වයක් තියන අය ගැනයි. සාමාන්‍ය හාමුදුවරු ගැන කතන්දරයක් ලියවිලා නැත්තෙ ඒකයි.

    ඕකට විස්සෝප වෙලා වැඩක් නැහැ. උගත්, සිල්වත් හිමිවරු ගැන බුදුසරණ පත්තරේ යන කතා කියවන්න. බ්ලොග් එකක් කියවලා ඒ වගේ කතා බලාපොරොත්තු වෙන්න එපා.

    ReplyDelete
    Replies
    1. මුදලාලි කිරුවත් , කොල්ල කිරුවත් කිරන්නේ සිනි නේ !

      ස්වාමින්වහන්සේගේ සියදිවි නසා ගැනීම අනුමත නොකරමි. එය වැරදියි. දෙවෙනි චෙදෙට උත්තරය එයයි.

      ඕනෑම දෙයකට යම්කිසි සමාජ සීමාවක් ඇත. බ්ලොගයක් වූ පමණින් එයට වල්බුරු නිදහසක් හිමි නොවේ. අද මෙතන කකා ස්වාමින් වහන්සේ නමකට හරකා , බුරුවා , ගොනා කියයි.
      ඔබ වැනි මනුෂ්‍යත්වය සහ හොඳ නරක පිලිබඳ නිර්ණායක නිර්වින්දනය කරගත් අපතයන් එය සාධාරණී කරණය කරයි. බ්ලොගයක් නේ කමක් නැහැ ...

      හෙට කකා ස්වාමින් වහන්සේලාට වේ* ගේ පුතාල කියා අමතයි.
      එය සාධාරණිකරණය කිරීමට ඔබ පැමිණෙයි. .. බ්ලොගයක් නේ කමක් නැහැ ... නොබලා ඉන්න. බුදුසරණ බලන්න.

      අනිද්දා කකා බුදුන්ටත් අන්ත තිරශ්චින ලෙස අමතයි.
      කාගේවත් සද්දයක් නැත.

      පසු දිනක පත්තරයේ ස්වාමින් වහන්සේ නමකට කුණුහරුපයෙන් බැන ඇත .
      අපි නිර්වින්දනය වී ඇත. පත්තරේ නේ කමක් නැහැ. නොබලා ඉන්න

      ඉන්පසු ටීවී එකේ ස්වාමින් වහන්සේට පර බල්* කියා බැන වදී.
      එතකොට සියල්ලන්ම නින්දෙන් අවදි වී කෑ ගසති.
      ඇයි එහෙම බනින්නේ ?
      ඇයි උඹලට ගනයෙක්ට මම එහෙම පර බල්* කිව්වම විතරද පෙන්නේ ?
      ඉස්සර ඉඳන්ම අන්තර්ජාලයේ , පත්තරේ ස්වාමින් වහන්සේලාට පර බල්* කියල බැනල තිබ්බේ. දැන් මොකද මේ කුලප්පු වෙලා?

      මෙහෙම අහගන්න උනාම පැනපල්ලා මුදේ.

      කකා මෙහිදී දී ඇත්තේ වැරදි පුර්වාදර්ශයකි . මා මෙහිදී කරන්නේ ස්වාමින් වහන්සේ නමකට සුදු හුණු ගෑමක් නොව කකා ගේ හිපොක්‍රසියානු ජඩත්වය පෙන්වා දීමයි. ත්‍රස්ත පුත්‍රයෙකු ඝාතනය වූ විට ඒ සම්බන්ධයෙන් අසංවේදී ප්‍රකාශ නිකුත් කල පලියට තම බ්ලොරෝලෙන් බ්ලොග් ඉවත් කල කකා ස්වාමින් වහන්සේ නමක් අපවත් වූ විට නිකුත් කල අන්ත අශිෂ්ට නර්මාලපයන් සම්බන්ධයෙන් අප කලයුත්තේ කකා ලංකාවට පැමිණි විටක අල්ලා පුක (© කකා ) පැත්තේ තාර ගෑමද ?

      ඒ නිසා කෙන්ජි අන්කල් ට වැටවල් බඳිනවා සේම කුඩා , නොවැදගත් ලෙස පෙනුනත් මෙවැනි තිරශ්චින ප්‍රකාශ වලට වැට මෙතෙනින්ම බැඳ දැමිය යුතු බව සිතමි. මෙය දෙස නිර්වින්දනය වූ මනසින් බලා නොතකා හැරීම තවත් මෙවැනි ජඩ ප්‍රකාශයන්ට උල්පන්දන් දීමක් වෙයි.

      කොහොම නමුත් කොමෙන්ටු ටිකකට , හිට්ස් ටිකකට මනුෂයෙකුට මෙතරම් පහත් නීච තත්වයකට වැටිය හැකි දැයි මට නම් ඇත්තේ ඇත්තටම විස්මයකි.

      සිංහල බෞධයන්ට දැන් තම ජීවත්වීමේ මුලික මිනිස් අයිතිවාසිකම ලබාගැනීම උදෙසා පෙරමුණු තුනක සටන් කිරීමට වී ඇත. අන්ත මිලේච්ච අමානුෂික ඉස්ලාම් පැසිස්ට්වාදය , ද්‍රවිඩ ජාතිවාදී බෙදුම්වාදී පැසිස්ට්වාදය සහ ඉහත කි පැසිස්ට් ව්‍යාපාර ද්විත්වයට විරුද්ධව පෙළගැසෙන අහිංසක බෞධයන් නිරපරාදේ අපහාසයට සහ නින්දාවට පත්කරන කකා වැනි සිංහල බෞද්ධ වෙෂධාරී උන්මත්තක තිරශ්චින සන්ධානය යනු මේ තුනයි.

      කනගාටුවෙන් වුවත් කිව යුත්තේ මේ සටනින් බෞධයන් අනිවාර්යයෙන් පරාජය ලබන බවයි. තව දශක කීපයකින් ලංකාව තනි තරුවට සහ අඩ සඳට යට වීම ඉර හඬ මෙන් නියත දෙයකි. දරුණු ඉස්ලාම් පැසිස්ට් වාදයෙන් පිඩා ලැබීමට අකමැති කවුරු කවුරුත් දකුණු කුරු දිවයින පැත්තට ගියොත් හොඳා.

      There you go. I just made your day. Be happy :)

      Delete
    2. මම නම් කෙලින්ම කියනවා ඔහේ කියන විදිහට අඩ හඳටයි තනි තරුවටයි යටවෙන්න උනොත් එකේ වගකීමෙන් 2/3 ගන්න ඕන සිවුරු පොරවන් හාමුදුරුවෝ නමින් පෙනී ඉන්න බුදු දහම යන්ත්‍ර මන්ත්‍ර ග්‍රහලෝක ඔක්කොම එකතු කරලා විකුණන් කන අවජාතක වේ-- පුතාලා ටික සහ එවැනි දේවල් සාසනය තුල වෙනවා දැක දැක තමන්ගේ බලය රැක ගන්න නොදැක්ක වගේ ඉන්න මැරෙන්න ඔන්න මෙන්න ඉඳිත් පුළුවන් එකෙකුට කරන්න නොදී මහා පුටුවල ඉන්න සංඝ නායක කියන නම දරන අමන හැත්ත.

      Delete
    3. @ මහසොහොන් පිල්ලිය June 6, 2013 at 4:49 PM

      /* අද මෙතන කකා ස්වාමින් වහන්සේ නමකට හරකා , බුරුවා , ගොනා කියයි.*/

      මෙය වැරදි වැටහීමක් මත කෙරෙන වැරදි චෝදනාවකි.

      Delete
    4. @ මහසොහොන් පිල්ලිය

      මෙන්න මං ලියපු බුද්ධාගම, පන්සල්වලට සහ පැවිදි අයට සම්බන්ධ කතන්දර.

      හාමුදුරුනමකට මා ගොනා බූරුවා හරකා කියා හෝ වෙනත් නරක වචනයකින් අපහාස කළ තැනක් පෙන්වන්න.

      ඔබ මේ අභියෝගය එදා බාරගත්තේ නැති නිසා අදවත් පිළිතුරු දෙන්න.

      1. බණ, වැදි බණ, බුදු බණ, පොප් බණ සහ අනේ අපොයි බණ
      2. පන්සල් ළඟදී පස්ස පැත්ත ඉස්සීම - First class, second class and third class temples?
      3. පරගස්දෙනියේ බුද්ධවංශාභිදාන කතා වස්තුව - Once upon a time....
      4. ඇසින් දුටුවොතින් ජඩ වැඩ දඹුලු පෙත, බුදුන් පාරළෙයි වනයට වඩිනු ඇත - වෙසක් සිතුවිලි :: Wesak thoughts
      5. දතේ පන්සල, ජනාධිපති සහ අරලිය ගස් (කතන්දරයක්මත් නොවේ!)
      6. චතුරාර්ය සත්‍යයත් ඕපන් සෝස් සංකල්පයක්! - Four noble truths, an open source concept?
      7. බුදු දහම නිසා සමහරු නිවන් ගියා, බුදු පිළිම නිසා සමහරු හිරේ ගියා - Antidote to doubt is not faith but enquiry!
      8. පොඩි සාදු ගේ වලත්ත කතාව - Thus Have I Heard (a story from yesteryear)
      9. සිල්වත් සාදු ගේ රහස - Brain drain?
      10. සාදු, සාදු, පොඩි උදව්වක් කරනවද?
      11. පාටි ජෝක්ස් - තිස්ස ගේ ආගම් මාරුව
      12. ඊ ලඟ ආත්මේ - හොඳ තැනක ඉපදෙමු...!!!
      13. පොඩි පොඩි විහිළු කතා දෙක තුනක්
      14. සිදුහත් ගිහි ගෙය හැර ගියේ ඇයි? රහස එළිවෙයි! - Not many people will get this?
      15. විනාඩි විසිපහක් තියෙනවාද? නොහොත් ස්පර්ශකය - WTH is that?
      16. කතන්දරකාරයා මහණ වී හිටි බව එලිදරව් වේ!
      17. බිනර පෝ දා බණ පදයක් (දෙකක්, තුනක්) අහමු : A poem written in two languages

      Contd/-

      Delete
    5. 18. සුදු හාමිනේ ට මොකටද සල්ලි හෙවත් බබාලයි අම්මා ගේ අවාසනාව - Lucky child, unlucky mother!
      19. මටත් තියෙන ප්‍රශ්න - Oh, these problems
      20. ඒකෝන් ගේ ලංකා ගමන සහ කතන්දරකාරයා ගේ දෙව් ලොව ගමන - Akon's trip to Sri Lanka and my trip to the heaven
      21. දත මැද ගැනීම – හෙවත් – ටැම්පල් ඔෆ් ද සේක්‍රඩ් ටූත් රෙලික් කතාව ඉදිරියට : Get your tooth brushed!
      22. වැසිකිලිය, කැසිකිලිය සහ ගඳකිලිය
      23. රා බොමු, කවි කියමු! - Vi auguro un felice anno nuovo!
      24. බුද්ධාගං සංස්ථාව විවේචනය කිරීමට මූලික අයිතිය ඇත්තේ කාටද? - Self-critisism Vs criticising others
      25. බුද්ධාගං කල්ට්වල නෝනා මහත්තුරු - Me good you bad concept
      26. මා පන්සිල් ගත් අන්තිම දා - No broken promises anymore
      27. ෆේස් බුකියේ ජෝක් - Facebook Jokes
      28. පන්සිල් නොගෙන සිටි කතන්දර කුමාර ට සීයා ගෙන් දෝස්මුරයක් - Trotting against the herd
      29. අල්ලපු පන්සලේ සාදු බණින හැටි මෙන්න - Go ahead, Make my day!

      හාමුදුරුනමකට මා ගොනා බූරුවා හරකා කියා හෝ වෙනත් නරක වචනයකින් අපහාස කළ තැනක් පෙන්වන්න.

      ඔබ මේ අභියෝගය එදා බාරගත්තේ නැති නිසා අදවත් පිළිතුරු දෙන්න.

      Delete
    6. @ හෙනහුරා
      බලමු පිල්ලිය මොනවා කියයි ද කියලා!

      Delete
    7. ගුරුවරයෙක් කසිප්පු බීවෝත් මිනිස්සු බනිනවා
      හාමුදුරුවෝ හයියෙන් කෑ ගසුවොත් කකා වගේ අය බණිනවා.

      එත් ඒ බණින කකා වගේ උන් ලොකෙ තියෙන අසමච්චාති වැඩවලින් එකක් හරි කොරනවා.

      Delete
    8. ඒ මනුස්සයා පැසිස්ට්වාදය කියල හිතාගෙන ඉන්නෙ මොකක්ද කියල දැක්කද?

      Delete
    9. කකාට පිළිතුරක් හෙට දෙන්නම්. මේ හෙනහුරා නමින් ඉන්න මෝඩයට මේ උත්තරය.

      හොඳින් බලන්න. //මිලේච්ච අමානුෂික ඉස්ලාම් පැසිස්ට්වාදය// යන වාක්‍ය ඛන්ඩයේ වචන 4 ක් ඇත. ලින්ක් එක දැම්මේ ඉස්ලාම් ආගම අදහන අයගේ මිලේච්ච අමානුෂික ක්‍රියාවක් පෙන්වා දීමටයි. හැම වෙලේම වලිගෙ පාගා ගෙන කුලියට සිනි කිරන අපතයන් මෙය ගත්තේ මම පැසිස්ට්වාදයට නිර්නායකයක් ඉදිරිපත් කිරීමට මෙම ලින්කුව මගින් දැක්වෙන කතාව උපයෝගී කර ගත හැටියටයි. මම කියපු වෙනත් දහසක් දෙයට කිසිම පිළිතුරක් නොදී කොහෙන් හරි පොඩි අඩු පාඩුවක් පෙන්නලා පොර වෙන්න හදන ඔහේ වගේ මන්ද මානසික වංචනික මතවාදීමය වශයෙන් බංකොලොත් උදවිය ගැන තරහක් නැහැ ඇත්තටම කනගාටුයි.

      කොහොම වුනත් ඉස්ලාම් ආගම පැසිස්ට් වාදී ආගමක් තමයි. මෙන්න ඔහෙට කියවගන්න පුළුවන් නම් ලින්කුව.

      තව ඕන නම් ආ ...
      Islamo-Fascism Awareness
      Ex-Muslim Maryam Namazie on Islamofascism
      The shocking video Muslims don't want you to see!!

      මෙච්චර දෙයක් තේරුම් ගන්න බැරි ඔහේ වෙන ගැඹුරු දේවල් කොහොම තේරුම් ගනවාදයි කියල මට නම් තේරෙන්නේ නැහැ. කොරෙක්ස් ටිකක් බීල නිදා ගත්තොත් ඔය ලෙඩේ නිට්ටාවට සනීප වෙයි.

      Delete
    10. පිල්ලිය 99% ම

      Delete
  14. මේක කකාට වෙච්ච සීන් එකක්ද කොහෙද.. හිකිස්.. බිකිස්..
    ඒක නෙමෙයි කකා, හාමුදුරුවෝ වයස නිසා ද වයසක කෙනෙක්ගේ පින්තූරයක් දැම්මේ ?
    -හුරතල් ඇනී-

    ReplyDelete
    Replies
    1. පොඩ්ඩක් ඉන්න කකා උත්තර දෙන්න එයි.

      Delete
    2. සුරතල් ඇනී,

      ඒ ඉන්නේ ක්ලින්ට් ඊස්ට්වුඩ්. එයා ගේ ඬැකියක් තමයි කතාවේ ඉංගිලිසි ටයිටලය.

      Delete
  15. චැම්පියන්ස් ලීගය අද ඇරඹේ.පුහුණු තරඟ දෙක පරාජයට පත්වූවත් එහිදී ක්‍රීඩකයන්ගේ දක්ෂතාව කැපී පෙනුනි එම නිසා පරාජය එතරම් කාරනාවක් නොවේ.නමුත් තරගාවලියට ධන මානසිකත්වයකින් පිවිසිය යුතුය.
    විෂේශයෙන්ම Aකාන්ඩයේ වැඩිම අවාසිය ඇත්තේ අපිටය.පුහුණු තරඟ වලදී දෝලනයක් නොමැති පිටිවල ක්‍රීඩා කලත් තරඟාවලියේදී එය එසේ සිදු නොවේ.
    A කාන්ඩයෙන් ඕස්ට්‍රේලියාව,ලංකාව,එංගලන්තයට වැඩි අවස්තාවක් ඇත Bකාන්ඩයෙන් දකුනු අප්‍රිකාව හා පාකිස්තානය අවසන් පූ තරඟ වලට පිවිසීමට වැඩි අවස්තාවක් ඇත.
    මෙහිදී ජීවන්ගේ ස්තානයට දිල්හාරට අවස්තාවක් ලබාදුනහොත් එය කන්ඩායමේ සංයුතියට මනා පිටුවහලකි.චන්දිමාල් අංක 4හා මැතිව්ස් අංක 5 යන ස්තානවල ක්‍රීඩා කිරීම ඔවුන්ගේ සාර්තකත්වයට හොද අවස්තාවකි.




    ReplyDelete
    Replies
    1. Hamuduruwo mach ekatath giyada

      Delete
    2. ඉතින් ඊට පස්සේ..

      Delete
  16. මම මෙතන කොමෙන්‍ටුවක් දාන පළවෙනි වතාව.

    මම අහල තියනව මේ කතාවෙම වෙනත් version එකක්. සමහර විට වෙන හාමුදුරු කෙනෙක් ගැන වෙන්න ඇති. මෙයත් ගොඩක් සිල්වත්, ඒත් බුද්ධිමත් බුද්ධ පුත්‍රයෙක්.

    කොල්ලව ගහෙන් බස්සල හාමුදුරුව අහනව මෙහෙම.
    "දරුවො, බෝලෙ ගහ උඩට ගියාද?"

    කොල්ලත් හිතනව හාමුදුරුවෝ ඇඳගෙන කියල. ඌත් කියනව, "එහෙමයි හාමුදුරුවනේ" කියල.

    හාමුදුරුවො මොකුත් නොවුන වගේ කියනව, "දැන් මේ ගහේ බෝලෙ තිබුනද?" කොල්ල කියනව "නෑ හාමුදුරුවනේ" කියල.

    හාමුදුරුවෝ කියනව මෙහෙම. "අපරාදේ බෝලෙ. මම හිතන්නෙ මේ ගහට නෙවෙයි බෝලේ ගිහින් තියෙන්නෙ.... මෙන්න මේ ගහට" කියල ලඟ තිබුන තව පොල්ගහක් පෙන්නනව.

    "පුතේ, මේ ගහටත් ගොඩ වෙලා බලමු නේද"

    කොල්ලට දැන් තමයි තේරෙන්නෙ වැඩේ වැරදීගෙන එන බව. ඒත් කරන්න දෙයක් නෑ. හාමුදුරුවන්ගෙ කීම අහක දාන්නයැ. කොල්ල නගිනව ගහට. කොල්ල ගහ මුදුනටම නැංගහම හාමුදුරුවො අහනව, "පුතේ බෝලෙ තියනවද?" කොල්ල කියනව "නෑ හාමුදුරුවනේ" කියල. ඊලඟට හාමුදුරුවො කියනව "දැන් ගහට නැංග එකේ ඔය පැහිච්ච පොල් ටික කඩලා දාපන් දරුවෝ".

    මෙහෙම කියල හාමුදුරුවෝ පන්සල් වත්තෙම තියන පොල් ටික අර කොල්ලට කියල කඩව ගන්නව. කොල්ල පන්සල් වත්තෙ තියා තමන්ගෙ වත්තෙවත් පොල් ගහකට ආයෙ ජීවිතේට නැංගේ නැති බවයි ආරංචිය.

    ReplyDelete
    Replies
    1. සමාජ භාවිතාව සහ අපි තෝරා ගන්නේ කුමක්ද කියන එක හොදට තේරෙනවා මේකේන් මචං.

      Delete
    2. කකාගේ බ්ලොගයට පලවෙනි වර පැමිණීම වෙනුවෙන් ලබාදෙන ගොනා කාණුවේ නොයන පරිඳි බැඳතබා ගතහැකි බැට් මෑන් බිකිනි ජොකා ඔබ ජයග්‍රහණය කර තිබෙනවා. ඉදිරියට පැමිණ ත්‍යාගය පිලිගන්න...


      සභාවෙන්...
      වේගවත් අත්පොලසන් නාදයක්....

      Delete
    3. @ RabbitHole

      කතන්දරයට ස්තුතියි.

      මේ සේරම කතා - කතන්දර, යාන් හෑලි.

      මේවා යේ සරල වින්දනයක් නොලබා රණ්ඩුවට එන්නේ අණුවනයෝ.

      Delete
    4. බලන්න පින්වතුනෙ සමාජ ප්‍රශ්නවලින් කකා සරල වින්දනයක් ලබන හැටි. ආතල් නේද.

      Delete
  17. This comment has been removed by the author.

    ReplyDelete
  18. අදත් හිට්ස් තකා පන්සල පාවිච්චි කරලා !
    කකාට නම් මේ සම්මජ්ජාතියකට නිර්වාණය අවබෝධ කරගන්න වෙන්නේ නෑ.
    කකා ගණ මෝහාන්ධකාරයකින් වැහිලා. ඒකෙම ගිලීගෙන ඉන්නවා... පවු !

    ReplyDelete
  19. කොළඹ විශ්ව විද්‍යාලීයය නීති පීඨයේ අධ්‍යාපනය ලබමින් සිටි 21 හැවිරිදි ශිෂ්‍යාවක ඩෙංගු රෝගය වැලඳීමෙන් ඊයේ (05 වෙනිදා) මිය ගියා.

    -පුවතක් -

    ReplyDelete
    Replies
    1. ඇයට නිවන් සුව අත්වේවා !

      Delete
  20. හරිම රසයි ලිපිය
    එක හුස්මට කියෙවුවා
    ++++++++
    Jayawewa,
    මරු බං,
    හි හි.....හි හි.....,
    හයියූ,
    එන්න අපේ පැත්තේ
    හප්පටසිලි,
    ටිප් ටොප්
    ආන්න උඹටත් මට හිතිච්ච එකම හිතිලා,
    හැම පැත්තක්ම හොයලා බලලා ලියපු ලිපියක්
    අනේ හපොයි
    ආතල්..
    මම කිසිත් නොකියමි...
    ආයෙ පාරක් කියවලා කොමන්ට් කරන්නම්
    ඊයා නේ බං... හිරිකිතයි!....
    හිනා වෙලා පණ යනවා බං.,
    හිනා වෙලා ඉල ඇදෙනවා
    හනේ ඕයි. නියම ලියවිල්ල.
    මචං එළම එළ ඔහොම්මම ලියාගන පලයං , උඹ ලියන එව්වා රහයි,
    නියම,එල,පට්ට.ඇත්තටම එල කිරිස්.
    කියවපු රහම එක. උපරිමයි, පට්ට, එළකිරි,
    කාලෙකින් හරි හමන් කතාවක් කියලා එකක් කියෙව්වා...
    අගෙයි...
    මාරයි බන් ..
    අද නියම කතාවක් දාල තියන්නේ ....
    හොඳයි ඈ...දිගටම ලියන්න
    ඔය තියෙන්නෙ එල පහට..මෙහෙම කතා ලියන උන් දහයක් තව හිටිය නම්..අපි බ්ලොග් ලියන්නෙ නෑ..
    මේ තියෙන්නේ!!! පිස්සු පීකුදු ඈ!!!!
    තව නැද්ද මචන්....කතාව නම් සුපිරි...
    කියෙව්වෙමි! අගෙයි!
    එලකිරි කතාව...උපහාසයයි හාස්‍යයයි නියමෙට ගැබ් වෙලා තියනවා.
    නියමයි අයියේ, ගොඩ කාලෙකින් ඇගට දැනෙන දෙයක් කියෙව්වා.
    ආයෙ කියන්න වචන නෑ බං. උපරිමයි.
    ela..pata..niyamai.
    Jayawewa.
    ඉතාමත් හොදින් ලියලා තියන කතාවක්.

    ReplyDelete
  21. KAKKA DOES NOT PUBLISH MY LATEST COMMENT, IT HAS NOTHING TO DO WITH PUKA ETC., NOTHING FILTHY, MUST BE HE IS ANGRY WITH ME.

    ReplyDelete
    Replies
    1. First Law of Kaka

      puka is not a filthy. it is four letter word.


      this law is proven by kaka

      Delete
  22. නියමයි අයියේ, ගොඩ කාලෙකින් ඇගට දැනෙන දෙයක් කියෙව්වා.

    ReplyDelete
    Replies
    1. උබට කොයි හරියටද දැනෙන්නේ.

      Delete
    2. ඉනෙන් පහල කොටසට අයියෙහ්...

      3:03ට කමෙන්ට් කල ඇනෝ.

      Delete
  23. WHY DONOT YOU PUBLISH THAT

    ReplyDelete
    Replies
    1. ද්වේෂ සහගත පුද්ගල අපහාසවලට හෝ එවැනි දේ ප්‍රචාරය කිරීමට ඉඩ නැති බව කරුණාවෙන් මතක් කරමි.

      Delete
    2. swollen headed fool

      Delete
  24. දෙකක් ලග නවා ගත්තම මතක් උනේ,ක්ලින්ට් කාරය ගෙ මුණ නැතිව අසාරගේ මුණ දාන්න තිබුනෙ.

    ReplyDelete
    Replies
    1. ක්ලින්ට් ගේ මුණ විතරක් නොවෙයි අතේ මුද්‍රාව බලන්න. කොල්ලා කාලේ ඕකේ මැග්නම් හො බ්‍රව්නිංග් හෝ වගේ එකක් තිබුණා.

      Delete
  25. අල්ලපු ගමේ පන්සලේ හාමුදුරුවෝ කොයි විදිහටද ඒ පැත්තේ ප්‍රසිද්ධ වෙලා තියෙන්නේ :)

    ReplyDelete
    Replies
    1. රත්නායක මහත්තයාට මේ දැන් කෝල් එකක් දුන්නා ඒ ගැන අහන්න.

      වැඩේ කියන්නේ අද (ජූනි 7, 2013) රත්නායක මහත්තයා එයැයි ගේ ගමේ පන්සලේ දායක සභා රැස්වීමට ගිහින්.

      පණිවිඩයක් තිබ්බා. පොර කෝල් කළාම අහලා විස්තරේ කියන්නම්.

      Delete
  26. අද පෝස්ට් එකට කමෙන්ට් ගණන 75
    මා විසින් දමපු ඇනෝ කමෙන්ට් ගණන 14
    වෙනත් ඇනෝ වරු දමපු කමෙන්ට් ගණන 23
    කකා විසින් දමපු කමෙන්ට් ගණන 19
    වෙනත් ප්‍රොෆයිල් කමෙන්ට් ගණන 19

    ReplyDelete
    Replies
    1. පල නොකළ ඇනෝ කමෙන්ට් ගණන = 5
      (that includes two (2) from CAPITAL ANO).
      පිෂින් යැයි සැක හිතෙන ස්පෑම් = 2

      Delete
    2. the balance one is from mine u a.h. you are a jackass

      Delete
  27. කතන්දර කාරයා හිතාගෙන ඉන්නෙ බුදු හාමුදුරුවන්ටත් වඩා බණ දන්නවා කියල .දන්නෙ එක දෙයයි වංචනික කුහක යටි අරමුණකින් බෞධයන්ට අපහාස කිරිමයි. ලොකු ලොකු චින්තන දාන්න තමුන්ගේ බහුශ්‍රැත පණ්ඩිතකම පෙන්වන්නයි.බොරු උගත්කම් පෙන්නගෙන පොන්න කතා ලියන්න කලින් මිනිහෙක් විදියට හිතන්න........

    ReplyDelete
    Replies
    1. මා හිතන දේ දැනගන්න ඔහේට පරචිත්ත විජානන ඥාණය තියෙනවාද?

      ඔහේ නම් අවිදු අඳුරේ ගැලී ඉන්නා කෙනෙක් බව පේනවා.

      බුදු දහමේ හරය ප්‍රශ්න කිරීම මිස ඇදහිල්ල නොව බව වත් දන්නේ නැද්ද?

      ඔබේ සිතේ අඳුර දුරුවේවා යැයි පතමි.

      Delete
  28. කතන්දර කාරයා හිතාගෙන ඉන්නෙ බුදු හාමුදුරුවන්ටත් වඩා බණ දන්නවා කියල .දන්නෙ එක දෙයයි වංචනික කුහක යටි අරමුණකින් බෞධයන්ට අපහාස කිරිමයි. ලොකු ලොකු චින්තන දාන්න තමුන්ගේ බහුශ්‍රැත පණ්ඩිතකම පෙන්වන්නයි.බොරු උගත්කම් පෙන්නගෙන පොන්න කතා ලියන්න කලින් මිනිහෙක් විදියට හිතන්න........

    ReplyDelete
    Replies
    1. මා හිතන දේ දැනගන්න ඔහේට පරචිත්ත විජානන ඥාණය තියෙනවාද?

      ඔහේ නම් අවිදු අඳුරේ ගැලී ඉන්නා කෙනෙක් බව පේනවා.

      බුදු දහමේ හරය ප්‍රශ්න කිරීම මිස ඇදහිල්ල නොව බව වත් දන්නේ නැද්ද?

      ඔබේ සිතේ අඳුර දුරුවේවා යැයි පතමි.

      Delete
  29. කතන්දර කාරයාට බුද්ධාගම සහ එය අදහන අය පෙන්නන්න බෑ. අවංකවම ඔබට තිබෙන්නේ කුහක ද්වේෂ සහගත යටි අරමුණකින් බුද්ධාගමට අපහාස කිරිමේ උවමනාවයි......

    ReplyDelete
    Replies
    1. අනේ ළමයෝ ආයේත් ඇයි මේ එක අඥාණ කතාවම කියන්නේ?

      යන්න ගිහින් බයියං ටිකක් කාලා, උක්කුං ටිකක් බීලා, මෛත්‍රී බාවනාව කරලා දොයියා බබා වෙන්න.

      Delete
  30. මීලඟ පාර්ලිමේන්තු මැතිවරණයේදි ගම්පහ දිස්ත්‍රික්කයෙන් තරඟ වදින ලෙස තමන්ට විවිධ පාර්ශවයන්ගෙන් ආරාධනා ලැබී ඇති බව එ.ජා.ප පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමණායක මහතා පවසයි.
    -පුවතක්-

    නෙද්දකින් හැම එකාම ගම්පහින් ඉල්ලන්නේ. ගම්පහ ඉන්නේ බත්කන හරක් කියලා හිතුවද මන්දා ??

    ReplyDelete
    Replies
    1. එදා 1977 දීත් ගම්පහ සහ අත්තනගල්ල ආසනවල හිටියේ බත් කන හරක් කියලයි කියවුනේ.

      Delete
    2. රනිල් ලඟ ඉන්නේ තණකොළ කන හරක් නේද කකා.

      Delete
  31. SUSUL KUMARA OBA HARIYATA HARI MATATH KIYANNA THIYENNE OYA TIKAMA THAMA.

    ReplyDelete
    Replies
    1. Dear CAPITAL UNCLE

      I think his name is Susil Kumar, not SUSUL.

      And next time, please use the "Reply" button under the comment to reply.

      Cheers.

      Delete
  32. කොහොම හරි මේ සිල්වත් හාමුදුරුවරු පෙරහැරේ ගූගල් ප්ලස් එකෙත් ඇවිදිනවද කොහෙද? මට අද ඊයේ දවස් දෙකකට මාව ඇඩ් කරපු හාමුදුරුවෝ කිහිපයක් හමු වුනා. කොටින්ම මාව ෆලෝ කරන ආගමික නියෝජිතයෝ නෑ නේ කොහේවත්. ඒත් ඉතින් මේක හිතලාම කරන මිනිස්සු ඉන්නවා ඇති. මම කැමති නෑ හාමුදුරුවෝ වත් පූජකවරුන්වත් මගේ ඔඅපදුප හොයන්න ෆේස්බුක් හෝ ජී ප්ලස් එනවට. ඒත් අද වෙනකොට මෙන්න මෙහෙම බුද්ධාගම විනාශ වෙනවා කියන එක නම් අහන්න දෙයක් නෙමෙයි.

    ReplyDelete

මා ලියූ කතන්දරයට අදාල නැති කරුණු ඔබේ ප්‍රතිචාරවල ඇතළත් නොකරන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

අදහස් වාරණයක් නොකෙරේ. කුණුහරුප සහ තුන්වන පාර්ශවයන්ට නින්දා කෙරෙන ප්‍රතිචාර ඉවත් කෙරෙනු ඇත.