Sunday, 30 June 2013

පිරිමින් ට පොදු ප්‍රශ්නයක් - A universal men's problem


ලෝකේ කොයි හතර දිග්බාගේ හිටියත් පිරිමින්ට පොදු එක්තරා ප්‍රශ්නයක් තියෙනවා.

මේක සෞඛ්‍යයට සම්බන්ධ ප්‍රශ්නයක්.

මං මේ කියන්නේ අර පත්තරවල තෙල් බේත් කාරයෝ දැන්වීම් දාලා පෙති, කරල්, ක්‍රීම් ජාති විකුණාගන්න බලන අප්‍රාණිකත්වය, නෂ්ටකාමය හෝ ක්‍ෂණික මෝචනය වගේ කේස් ගැන නොවෙයි.

මේක ඊට වඩා ජෙනරික් ප්‍රශ්නයක්.

මේ පොදු පිරිමි ප්‍රශ්නය තමයි පිරිමි තමන් ගේ සෞඛ්‍යය ගැන නිසි අවධානය යොමු නොකිරීම.

කඩේට ඇවිදලා යන කොට පොඩි මහන්සි ගතියක් එනවා. කෝච්චියට දුවන කොට පොඩ්ඩක් හති එනවා.

ඒත් ගාණකට නොගෙන ඉන්නවා. ගෙදර උන්දෑට කියන්නෙත් නෑ. දොස්තර කෙනෙකුට පෙන්නන්නෙත් නෑ. අන්තිමේදී හාට් ඇටෑක් එකක් එනකං දන්නේ නෑ.

ටොයිලට් ගියාම ටිකක් වෙලා යනවා. ඒ හින්දා තේ එකක් නොවෙයි දෙකක්ම බීලා යනවා. නිතරම අජීර්ණ ගතියක් දැනෙනවා.

ඒත් ගාණකට නොගෙන ඉන්නවා. ගෙදර උන්දෑට කියන්නෙත් නෑ. දොස්තර කෙනෙකුට පෙන්නන්නෙත් නෑ. අන්තිමේදී බවල් කැන්සර් එකක් එනකං දන්නේ නෑ.

ඒ විතරක් නොවෙයි.

චූ කරන්න ගියාම වෙනදාට වඩා වෙලාව යනවා. ඒ ගිහින් තව ටික වෙලාවකින් ආපහු යන්න ඕනෑ වගේ දැනෙනවා.

ඒත් ගාණකට නොගෙන ඉන්නවා. ගෙදර උන්දෑට කියන්නෙත් නෑ. දොස්තර කෙනෙකුට පෙන්නන්නෙත් නෑ. අන්තිමේදී ඒක ප්‍රොස්ටේට් කේස් එකක් වෙනකං දන්නේ නෑ.

ඔය වගේ තව නොයෙකුත් උදාහරණ දෙන්න පුළුවනි!

පිරිමි හොරයි තමන් ගේ ලෙඩ ගැන අනුං එක්ක කියන්න, කොටින්ම දොස්තර කෙනෙක් එක්කවත්. ඉතිං මුලදී හඳුනාගෙන ඉක්මනින්ම සුව කරගන්න පුළුවන් දේවල් අන්තිමේදී මහා ප්‍රශ්න වෙනවා.

ඔය සේරම මතක් වුණේ පොඩි කේස් දෙකක් හින්දයි.

එකක් දන්නා කියන හිතවතෙක් ගැන ලැබුණු ආරංචියක්. ඔහුට කාලෙක ඉඳලා ඇවිදින කොට මහන්සිය, ටිකක් හයියෙන් යන කොට හතිය වගේ දැනුනට ගාණකට ගන්නේ නැතුව ඉඳලා. පස්සේ බිරිඳගේ බවලත් (බලවත්) ඉල්ලීම පිට ගිහින් දොස්තර ළඟට ගිහින් බැලින්නම් හාට් කේස් එකක්. වැඩේ ඉස්පිරිතාලෙනුයි නතර වුණේ.

දෙවෙනි කේස් එක මට මේ ඊයේ වෙච්ච වැඩක්.

සයිබරයෙන් අඳුනා ගත්තු හිතවතෙකු ගේ ගෙවල් මාරු කරන වැඩේට උදව් කරන්න ගිහින් දණහිස වැදුණා ඇඳක විට්ටමේ. කේස් එක වුණේ උදේ එකොළහට විතර. එවෙලේ පොඩ්ඩක් විතර රිදුණත් ගණං ගන්නේ නැතුව හිටියා පොර සේ.

පස්සේ හවස් වෙන කොට දණහිස හොඳටෝම ඉදිමිලා අඩිය තියලා ඇවිදින්න බැරිවුණා. හාමිනේ ගේ උපදෙස් පිට අයිස් පැක් තියලා, පැය ගාණක් ඇඳට වෙලා ඉඳලා තමයි යන්තං වැඩේ ගොඩ ගියේ.

මේ හයිබ්‍රිඩ් ආදර්ශ පාඨය අහලා තියෙනවද?

පුංචි පැලේ ගස වෙන නිසා නියපොත්තෙන් කඩන්න පුළුවන් දේ පොරොවෙන් කපන්න වෙනකං ඉන්න එපා!

-කතන්දරකාරයා

ප/ලි:
මෙන්න අණ්ඩක් කැඩී දණහිස නැමීමට බැරි වියක තර්ප්පුවකින් ඉහලට පහලට යෑමේ ක්‍රමවේදය.

නගින කොට ඉස්සෙල්ලා හොඳ කකුල තියන්න. අනික පසුව ගන්න.
බහින කොට ඉස්සෙල්ලා කැඩුණු කකුල තියන්න, අනික පසුව ගන්න.


(image: http://en.wikipedia.org/wiki/File:International_Men%27s_Day_Symbol.png)

29 comments:

  1. තමන්ටම දෙයක් වුනාම තමා ආදර්ශ පාඨ මතක් වෙන්නේ නේද...?

    ReplyDelete
    Replies
    1. ඔව්! එක්කෝ අත්දැකීම්, නැත්තම් මේ ඊයේ මට වුණු කේස් එක වගේ කකුල් දැකීම්!

      Delete
    2. අණ්ඩ කැඩී ඇති විට ජොකා අදින්නේ සහ ගලවන්නේ කෙසේද?
      කකා කරුණාකර ඔබගේ උපදෙස් බලාපොරොත්තුවෙමි...

      Delete
  2. කෙන්ජිය තාම බීල නිදිද?
    කෙන්ජි ඔනීචන් ඔතන්ජෝබි ඔමෙදෙතෝ
    -ක්‍යූෂූ ඇනෝ-

    ReplyDelete
    Replies
    1. අද කෙන්ජිගේ උපන් දිනේ... තාම සමරනවා ඇති ඒකයි නැත්තේ.

      Delete
    2. නේචාන්/නීචාන් කියුෂු ඇනෝ,
      අරිගතෝ කුදයි මසු.
      ඔකෙක් සමා ෆුකුඕකා/කුමාමොතො දෙස්කා?

      Delete
  3. සම්පූර්ණ ඇත්ත කතාවක්! පොදු යහපත උදෙසා මතක් කළාට පින්.

    ReplyDelete
    Replies
    1. හැබැයි, තමන් හිසට තම අතමය සෙවනැල්ල!

      Delete
  4. හැම කෙනෙක්ම 35 හ පනිද්දීම වගෙ කෑම,බීම,ව්‍යායාම් පිළිබද යම් ක්‍රමවත් බවක් ඇතිව ක්‍රියා කලොත් බොහෝ දුරට රෝග අඩු කරගන්න පුළුවන් කියල මම හිතනව.
    අවුරුද්දකට සැරයක්වත් ශරීර පරීක්ෂාවක් දැම්මත් හොදයි.
    ලංකාවෙ නම් ඉතින් එහෙම ගියොත් හොදට තියෙන දතුත් ගලවල හාට් එකත් ලෙඩ කරවන බිලකුත් දීලනෙ එවන්නෙ.

    ReplyDelete
    Replies
    1. හැම එකකටම මැලේසියාව ගාවගන්නවා කියලා බනිනවා හෙම නොවෙයි ඔන් ... ඒත් මේක ඇත්තට දැනට මස 2කකට විතර කලින් මෙහෙ උන දෙයක්..... මෙහෙ ගොඩක් අය ඉන්නේ හොරට හදාගත්ත එත් නිත්‍යානුකුල වීසා වලින් ඔය labour category එකේ අය ඔක්කොම හැම අව්රුද්දේම medical ටෙස්ට් එකකට ඉදලා fitness Ok කරගන්න ඕන ඊලග අව්රුද්දට වීසා එක දික්කරගන්න. මෙහෙ අපේ එකෙක් මෙඩිකල් ගියාම ඩොකා කියලා උබේ පපුව හොද නැ එනිසා fitness දෙන්න බැ එක්කෝ උබ ලංකාවට පලයන් නැත්නම් මෙහේ ඉස්පිරිතාලේ full chekup එකක් කරපන් කියලා ....... අපේ හාදයා ඩොකාට බැන බැන ගිහින් ඒජන්ට් කෙනෙක්ව අල්ලා පගාව දීලා හොරට fitness ok කරගෙන මාස 4යි වැඩ කරේ දවසක් රැ කොල්ලට නහයෙන් කටින් සේමදාගෙන වැටිලා සිහිය නැතුව සති 2ක් මෙහෙ ඉදලා ඇඳ පිටින්ම තමයි ප්ලේන් එකේ ලංකාවට එව්වේ......... ඔන්න නොසැලකිල්ලේ තරම....... ඔයවගේ කතා තව බල්ලන්න මේ පැත්තෙත් එන්න http://onemalaysiasinhala.blogspot.com/ (මෙය මුදල් ගෙවා ප්‍රචාරය කරන ලදී )

      Delete
    2. @ Kenji
      කෑම බීම තමයි ප්‍රධානම සැකකරුවෝ.
      ඊලඟට ජීවන රටාව.

      Delete
    3. දැන් මට විදේශයන් වලින් ගෙනෙන ලද ආහාර වලට කෑදරකමක් තිබුණට අපේ ගෙදර හිස්. වසර 10 ක් විතර හිටපු ගෙයට ගොඩවදින අලුත් යාළුවෝ ගෙදරට අලුතින් ආපු ගමන් දැයි අහනවා!!!!

      නමුත් එයින් වෙන්නෙ තවත් කෙනෙකුගෙ ගෙදරකට ලටපට ටික යැවෙන එක නේද? සමහර විට ගෙවල් තුන හතරක් අතරේ බෙදිලා යන්නත් පුලුවන්. ඒත් ඒක නෙමෙයි කාරණය .. ඇයි ඒ අයගේ කැමැත්ත වෙනස් කළ යුතු යැයි හිතන්නෙ? ගරාජ් සේල් එකකින් ලැබෙන මුදලට වඩා බඩු දිහා බලල රසාස්වාදයක් ලබනවා ඇති.

      හැමෝම ආත්මාර්ථකාමීයි. පිළිගන්නේ ටික දෙනයි.

      Delete
  5. දොස්තර ගාවට ගියාම හාට් ඇටෑක් හැදිලා මැරෙනවනේ දෙන බේත් ටික ගන්න ෆාමසියට ගියාම. ඒ නිසා මම ෆාමසියේ වන්ෂොට් අල්ලගෙන ඉන්නේ. එක පාරයි බඩු බනිස්.. කිඩ්නි, ලිවර් තියෙනවද දන්නෙත් නෑ.. කොහොමත් ඉතින් ඉඳලා හිටලා බේත් ටිකක් බොන නිසා අවුලක් නෑ..

    ReplyDelete
    Replies
    1. ඔය වයසට හොඳයි ජීවන රටාව කෑම බීම ටික ටිකවත් වෙනස් කරන එක!

      Delete
  6. දෙයක් වෙන්නම ඕන කරුණු කාරනා තේරුම් යන්න.

    ReplyDelete
    Replies
    1. අනුන්ට නොවෙයි, අපිටම කෙලවෙන්න ඕනෑ!

      Delete
    2. කකා සව්ක්‍ය ගැන සැලකිලිමත් වගේ ..හොදා ..හොදා ,
      අපිත් පොඩි අසනීපයක් තියෙද්දී ගණන් නොගෙන ඉදලා, අසනීපෙ වැඩි උනාම තමයි රට වටේ දුවන්නේ..

      Delete
  7. ප/ලි:
    මෙන්න අණ්ඩක් කැඩී දණහිස නැමීමට බැරි වියක තර්ප්පුවකින් ඉහලට පහලට යෑමේ ක්‍රමවේදය.

    නගින කොට ඉස්සෙල්ලා හොඳ කකුල තියන්න. අනික පසුව ගන්න.
    බහින කොට ඉස්සෙල්ලා කැඩුණු කකුල තියන්න, අනික පසුව ගන්න.

    ReplyDelete
    Replies
    1. මගේ අණ්ඩ කැඩී ගිය විට මම මගේ අරමුණු සාක්ෂාත් කරගන්නට වෙහෙසෙනවා මෙන් ඔවුන් ද ඔවුන්ගේ අරමුණු සාක්ෂාත් කරගන්නට වෙහෙසෙති. මට ඔවුන්ගේ සහයෝගයෙන් මගේ කැඩුණු පාදය සුවපත් වෙනවා යැයි දකිද්දී ඔවුන් ද මගේ සහ වෙනත් අයගේ සහයෝගයෙන් ඔවුන්ගේ අරමුණු ද සාක්ෂාත් කරගන්නට හැකියාව ලැබෙනවා යැයි දකිති. මම ඍජුවම හෝ වක්‍ර ආකාරයකින් ඔවුන්ගේ අරමුණු සාක්ෂාත් කරගන්නට මෙම සමාජ සහයෝගීතාවෙන් උදව් කරනවා යැයි දකිද්දී ඔවුන් මා සමඟ ගණුදෙනු කරන්නට පෙළඹෙති.

      Delete
  8. අද අප්පච්චිටයි අම්මටයි තර්ජණය කරන්න ඕනෙ full checkup එකක් කරගන්න කියල.


    සිතුම් සයුර

    ReplyDelete
  9. pto waradi nada

    ReplyDelete
  10. කතාව නං ඇත්ත.... තමන්ටම වෙලත් පාඩම් ඉගෙන ගන්නෙ නැති එකනේ වැඩේ... වැටිලා ඉන්නකොට නම් හිතනවා අනේ මම අද ඉඳන් ව්‍යායාම කරනවා, බොන එක අඩු කරනවා, අරවා කන්නෙ නෑ, මේවා කන්නෙ නෑ කියලා. නැගිටලා දවස් 3, 4 යද්දි ඒවා මතක නැහැ... ආයෙත් සුපුරුදු රටාවට...

    ReplyDelete
  11. මසුරන් වටින කතාවක්. සාමාන්‍යයෙන් හැම පිරිමියාම ඔහොම තමයි.තමන්ට ලෙඩක් තිබුනත් එකේ නොයාම තත්වය අනෙක් අයගෙන් වසන් කර ගෙනයි ඉන්නේ. එබැවින් තමන් තමන් ගැන බලා ගතයුතු යයි පැවසෙන මේ ලිපිය කොතරම් වටිනා අර්ථයක් ගෙන දෙනවාද? එකේනේ මම කලින්ම කිව්වේ ක/කා ගේ ලිපි වල ගන්න දෙයක් තියෙනවා කියල (හැබැයි බුදු සසුන ගැන තියෙන වෛරී ලිපි හැර)

    ReplyDelete
  12. අද පෝස්ට් එකට කමෙන්ට් ගණන 26
    මා විසින් දමපු ඇනෝ කමෙන්ට් ගණන 0
    වෙනත් ඇනෝ වරු දමපු කමෙන්ට් ගණන 5
    කකා විසින් දමපු කමෙන්ට් ගණන 6
    වෙනත් ප්‍රොෆයිල් කමෙන්ට් ගණන 15

    විශේෂ සටහන් - මා විසින් එකතු කමෙන්ට් එකක් නොදැමූ පෝස්ටුව. ඇනෝ කමෙන්ට් අවම පෝස්ටුව.කකාගේ හා වෙනත් ප්‍රොෆයිල් කමෙන්ට් ගණන, ඇනෝ කමෙන්ට් අබිබවා ගිය එකම පෝස්ටුව මෙය වේ.
    සංගණන ඇනෝ.

    ReplyDelete
  13. පිරිමින්ට විතරක් නෙවේ කකා මේක අපේ අම්මලටත් පොදු ප්‍රශ්නයක්. හැබැයි ගණන් නොගෙන සිටීම සහ කියන්න කෙනෙක් ළඟ නොසිටීම කියලා තවත් පැති දෙකකුත් මේ කතාවට තියනවා කියලයි මට හිතෙන්නේ.

    ReplyDelete
  14. මම දන්නා පව්ලක් ඉන්නවා....... මාසෙකට එක වතාවක් මොකක් හරි චෙක් කර ගන්නවා... එකත් එක විදියක පිස්සුවක්... එයාල හොයන්නේ ලෙඩක්... හම්බ වෙන්නේ නැත්තෙත් එකම තමයි :D

    ඔව් පිරිමි අය බහුතරය නම් අන්තිම අඩියටම එනකල් ඉන්නවා චෙක් කර ගන්න. මරණ තර්ජනය කරලා තමයි අන්තිමට දොස්තර ගාවට එක්කගෙන යන්නේ....

    මමත් පොඩ්ඩක් විතර ඔය ජාතියේ... මගේ වම අතේ ඇගිල්ලක අග කොටස එක පාරක් අල්මාරියේ දොරට අහු උනා. දවසක් දෙකක් ගියාට පස්සේ තමයි වැඩේ එලියට ආවේ... අම්මෝ මට වම් අතින් කිසිම වැඩක් කර ගන්න බැරි උනා.... එත් මම නෙවෙයි බේතක් ගත්තේ..... මාස 4ක් විතර ගිහිල්ල තමයි මව බලෙන් වගේ දොස්තර ගාවට එක්කගෙන ගියේ... දැන් නම් අඩුයි

    ReplyDelete

මා ලියූ කතන්දරයට අදාල නැති කරුණු ඔබේ ප්‍රතිචාරවල ඇතළත් නොකරන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

අදහස් වාරණයක් නොකෙරේ. කුණුහරුප සහ තුන්වන පාර්ශවයන්ට නින්දා කෙරෙන ප්‍රතිචාර ඉවත් කෙරෙනු ඇත.