Monday 27 February 2012

මොහිදීන් බෙග් ට මොකද වුනේ? - What happened to Mohideen Beig?


මොහිදීන් බෙග් ගැන සඳහනක් තිබුණු කතන්දරයක් මං ලිව්වා මේ බ්ලොග් එකේ මුල කාලෙදීම. ඒ තමා අර රේඩියෝ එකේ යන සින්දුවල වචන වැරදියට ඇහෙන කෂ්ටිය කරන වැරදි ගැන කතන්දරේ.

ඒ දවස්වලම වෙන්ඩ කතන්දර ලයිස්තුවට ඇතුලත් කර ගත්තට අද අවුරුදු දෙකකටත් පස්සේ තමයි මේ කතාව ලියන්න අවස්ථාවක් ආවේ!

ඔන්න මං එක දවසක් බස් එකක නැගිලා යනවා බොරුල්ලේ පැත්තේ ඉඳලා. මං හිතන්නේ මේක 154 ක් හෝ 193 ක් වෙන්න ඕනෑ. සුරංජිත් ට්‍රැවල්ස් වගේ ප්‍රයිවේ්ට් එකක්.

වෙලාව දහයට, එකොලහට ඇති. බස් එකේ දාලා තිබුණේ රේඩියෝ එක, එස්එල්බීසී වෙළඳ සේවය වගේ එකක්.

ඔන්න සින්දුවක් පටන් ගත්තා


ඔබ රා ගී මන කැළඹේදෝ
පිවිතුරු හදවත පෑරේදෝ
ඔබ රා ගී මන කැළඹේදෝ
පිවිතුරු හදවත පෑරේදෝ
එමවිට පවසනු මුවින් ඔබේ
බුද්ධං සරණං ගච්ඡාමී


ඒ සින්දුව ඉවර වුණා. ඒ එක්කම මෙන්න ඊලඟ සින්දුව ආවා.

මිනිසාමයි ලොව දෙවියන් වන්නේ
මිනිසාමයි ලොව තිරිසන් වන්නේ


එතකොටයි මට මීටර් වුනේ එක දිගට මොහිදීන් බෙග් ගේ සින්දු දෙකක්ම ගියා නේද කියලා.

ඒක ඉවර වුනු ගමන් මෙන්න ඊලඟ සින්දුව ආවා.

මැණිකක් රකිනා නා රජිඳෙකු සේ
මම ඔබ නිරතුරු රකිමී
මොහොතක් පාසා නිල්මිණි කියනා
නාමය මතුරා කියමී


ඊලඟට දාපු සින්දුවත් මොහිදීන් බෙග් ගේ ම එකක්.

අන්තිමේදී මං බස් එකෙන් බැහැලා යන කොටත් මොහිදීන් බෙග් ගේ පැරණි රසාංගම විතරයි රේඩියෝ එකේ ප්‍රචාරය වුනේ.

මට වැරදිලා නෑ. මේ කැසට් එකක් නෙමේ. රේඩියෝ එකමයි. මොකද දෙතුන් සැරක්ම වෙලාව කිව්වා.

කාලෙකින් දවල් වෙලාවේ රේඩියෝ අහලා නොතිබුණු නිසා මං හිතුවේ මේ අළුතින් පටන් ගත්තු, එක එක ගායකයෝ ෆීචර් කරන වැඩ සටහනක්ය කියලයි.

පස්සේ ඔෆීසියට ගියාමයි වැඩේ දැනගත්තේ හරියටම.

මට මතක හැටියට එදාම උදේ ඇස් ඔපරේෂන් එකකට නිර්වින්දනය කරපු මොහිදීන් බෙග් ට ආපසු සිහිය ඇවිල්ලා නෑ.

අනේ පොර සිහිමුර්ඡාවෙන්ම මැරිලා!

මුස්ලිම් සිරිත අනුව එදාම හවස අවසන් කටයුතු.

ඉතිං ගුවන් විදුලි සංථාවේ අයට මොහිදීන් බෙග් ගැන උපහාර වැඩ සටහන් හදන්න වෙලාවක් නෑනේ. හවස අවසාන කටයුතුවලට කලින් මොහිදීන් බෙග් ගේ සේරම සින්දු ටික ප්‍රචාරය කරලා කරන උපහාරයක් කරන්නයි ඒ ගොල්ලෝ ක්‍රියාකරලා තියෙන්නේ!

මොහිදීන් බෙග් ගේ සින්දු නන්ස්ටොප් දාලා තියෙන්නේ ඒ නිසයි.

-කතන්දරකාරයා

ප/ලි:
මං මළාමත් එදාම අවසන් කටයුතු කරන්න පුළුවනි පැයකටත් අඩු කාලෙකින්. මොකද මං ලියපු සින්දු තාම එච්චර ගොඩක් සින්දු නෑනේ. අතේ ඇඟිලි ගානටයි තියෙන්නේ.

1. අම්මාට ද තාත්තාට ද – පවුලේ ගීතය

2. පොල් ගස තාල වර්ගයේ - යුධ විරෝධී ගීතය

3. ඉස්සර දවසක - පේරාදෙනියේ ගීතය

4. රෝස මලේ නුඹ නාඩන්නේ - සමරිසි ගීතය

(image: http://www.dailynews.lk/2010/11/03/art01.asp)

45 comments:

  1. ප්‍රශ්නය අහලා ඔයා උත්තරත් දීලනේ...:D

    මොහිදීන් බෙග්ගේ පුතා (ඉෂාක්) මෙල්බන් ඇවිත් ඔය පරණ සිංදු ඔක්කොම කීවා. හරිම ලස්සනයි.

    ReplyDelete
    Replies
    1. බැලුවද ශෝ එක...අප් බැන්ඩ් එක ප්ලේ කලේ "සී සෙවන්ත්"

      Delete
    2. බැලුවා. බැලුවා. අනේ හරි ලස්සනයි ඔයාලගේ බෑන්ඩ් එක. :D

      Delete
  2. "අනේ පොර සිහිමුර්ඡාවෙන්ම මැරිලා!"
    මේ වැකිය එච්චර සභ්‍ය නෑ කියලා මට හිතෙන්නේ...

    ReplyDelete
    Replies
    1. කෙනෙක් නොමල ගෙදරකින් (අබ ටිකක් ඉල්ලන අතරේ) මේ වාක්‍යය නිවරද කරන හැටි අහගන්න ඕනෑ!

      Delete
  3. මේ කතාව කලින් කොතැනක හරි ලිව්වද මතක නෑ.

    මොහිදීන් බෙග්ගෙ ගෙදරට අල්ලපු ගෙදර හිටියෙ ලංසි ගෑනියෙක්ලු. මේ ලංසි ගෑනි එළුවෙක් ඇති කලාලු. මාස්ටර්ට මේක මාර කරදරයක්ලු. ඔන්න දවසක් එළුව වැටට උඩින් ඔළුව දාගෙන මාස්ටර් අමාරුවෙන් වවන ක්‍රෝටන් ගස් වල කොළ කනවලු. (කාලයක් ක්‍රෝටන් වැවීම අපේ රටේ පැෂන් එකක වෙලා තිබුණා.) මොහීදීන් බෙග්ට මළ පැනලා කෑගහුවලු මෙහෙම.

    "මැඩෑම් යුවර් මටන් ඉස් ඊටින්ග් මයි ක්‍රෝටන්!"

    (අමිත අබේසේකර මහත්තයාගෙ පොතේ එන කතාවක්.)

    ReplyDelete
  4. වික්ටර්ගෙ 'ස' බෙග්ගෙ 'බ' කියලා කතාවක් තිබ්බා නේද ඒ දවස්වල?

    බෙග්ගෙ බුදුගුණ ගීතවලට ගහන්න නම් ඒවා තවම හැදිලා නෑ..තාමත් වෙසක් කාලෙට පොසොන් කාලෙට හැමතැනින්ම ඇහෙන්නෙ එව්වා තමයි..

    --
    හරී
    http://dreamsofharee.blogspot.com/
    --

    ReplyDelete
    Replies
    1. ලංකාවෙ විතරක් නෙවෙයි බුරුමෙ (මියන්මාරයේ) කඩවල්වලත් උදේ පාන්දර බෙග් ගෙ “බුද්ධා සරණං ගච්ඡාමි” ලවුස්පීකර් එකෙන් දානව කියල මට කිව්ව එහෙ රස්සාවකට මාස 3ක් ගිය එක්කෙනෙක්.

      Delete
    2. 'බ' බෙග් ගෙ නෙමේ, අරියධම්ම කියල හාමුදුරු නමකගෙ. ඒ හාමුදුරුවො අපවත් වෙලා දැන් ටිකක් කල්.

      Delete
    3. පානදුරේ අරියධම්ම හිමි

      Delete
  5. පව් අනේ උන්නැහේ බලන් ඇති තවම සිහිය එනකන්. පොඩි ඇස් ඔපරේසොන් එකක්නේ..

    ReplyDelete
  6. බෙග් තරම් බුදු ගුණ කියල නැතුව ඇති වෙන කවුරුවත්

    ReplyDelete
  7. පව් පොර සිහිය එනකන් බලන් ඉන්නවා ඇති..
    සෝ එකකදි කොල්ලි කෑ ගහලා මාස්ටර් කෝටූ කෑලී ගහන්න කියලා
    මාස්ටර් කිව්වලු
    කෝටූ කෑලී ගහගනින් තොගේ පුකේ කියලා..

    ReplyDelete
  8. පව් පොර සිහිය එනකන් බලන් ඉන්නවා ඇති..
    සෝ එකකදි කොල්ලි කෑ ගහලා මාස්ටර් කෝටූ කෑලී ගහන්න කියලා
    මාස්ටර් කිව්වලු
    කෝටූ කෑලී ගහගනින් තොගේ පුකේ කියලා..

    ReplyDelete
  9. ගායකයො මැරුණම සින්දු දානව වුනාට කතන්දරකාරයො මැරුණම කතන්දර කියන්නනෙ වෙන්නෙ. කතන්දර පන්සිය ගාණම කියවල ඉවර වෙනකන් ඉන්න වෙනව කාන්ට් හෙල්ප්.

    ReplyDelete
    Replies
    1. සහතික ඇත්ත..රේඩියෝ වලින් කතන්දර කියන්න ගිහාම අසනන්නට එපා වෙයිද මන්දා..ඔය කතන්දර වල තියන ලින්ක් ගැන රේඩියෝ එකේ කොහොමද කියන්නෙ...
      මම හිතන්නෙ මේ ගැන කල්පනා කරලම අන්තිම කැමත්ත ලිව්වොත් හොඳයි..

      Delete
    2. වසිලිස්සා27 February 2012 at 13:35

      මෙන්න දවසේ කතාව.කාකා වෙනුවෙන් කතන්දර නොකිය සින්දු මොකටද? :)

      Delete
    3. පන්සීය ගානෙන් කොහෙ නවතින්නද..!!?? එහෙනං ඉතිං කකාට අද හෙටම මැරෙන්න වෙයි.. නැත්තං ඉතිං මේ යන විදියට කතා දස-දාස්ගානක් එකතු වෙලා තියෙයි.. බොඩි එක මාස 3ක් වත් තියාගන්න වෙයි කතා ටික ඔක්කොම ඉවරවෙනකං.. :)

      Delete
    4. ඔව් දැන් දාහත් පැනලා මාසයකටත් වඩා ගියා!

      Delete
  10. This comment has been removed by the author.

    ReplyDelete
  11. සමහර සිංහල වචන ‍බෙග් මහත්තයට මක් කරලවත් කියන්න බැරි හංදා ඒවා ඒකලෙ එහෙම්ම රෙකෝඩ් කලාලු!

    ReplyDelete
  12. බෙග් මාස්ටර් ටීවී ප්‍රෝග්‍රෑම් එකකට ඇවිත් අඬන ක්ලිප් එකක් යූ ටියුබ් එකේ තියනවා. ඒක දැක්කහම හිතෙනවා බෙග් මොන කෙහෙල්මලකට ලංකාවේ සින්දු කිව්වද කියලා...ඒ ප්‍රෝග්‍රෑම් එකේ ප්‍රේමකීර්ති, වික්ටර් එහෙමත් ඉන්නවා. ලින්ක් එක හම්බ උනොත් දාන්නම්.

    ප.ලි.:කතන්දර කප් ගහපු දවසට ඇනොනිමස් ආතල් කාරයා කතන්දරගේ කතන්දර ආතල්ගේ බ්ලොග් එකේ දායි හිටු කියලා පැයෙන් පැයට. :-)

    ReplyDelete
    Replies
    1. සමහර විට ඔබ දන්නවද දන්නේ නෑ.බෙග් කියන්නේ ලංකාවේ සම්මාන පුරවැසිභාවය ලබපු කෙනෙක්.(ඒ කිවිවේ උපතින් ශ්‍රීලාංකික නොවුණ රජයෙන් පුරවැසිභාවය ප්‍රදානය කෙරුන කෙනෙක්-ඔහු ගේ ගායන හැකියාවට උපහාරයක් ලෙස)

      ඔහුගේ ගායන ප්‍රතිභාව දැකපු පකිස්ථාන නායකය ඔහුට එරට පුරවැසිකම දෙන්න උත්සහකරල තියෙනවගනමුත් ඔහු ඒක ප්‍රතික්ෂේප කරල ලංකාවෙම රැදී සිටියලු.

      Delete
    2. ඔව්...බෙග් ගේ අනුස්මරණ වැඩසටහනක් යූ ටියුබ් එකේ තිබුනා. ඒකේ ඒ ගැන බෙග් ගේ පුතාලා දෙන්නා කිව්වා. සංහිඳ වැඩසටහනකත් ඔය ගැන කියලා තිබුනා.

      Delete
    3. This comment has been removed by the author.

      Delete
  13. මොහිදීන් බෙග් කොච්චර බුදු ගුණ ගී කිව්වා තමයි. ඒත් පොර තරම් කුම්මැහියෙක් මුළු කලා ලෝකෙම ඉඳලා නෑ. හොඳ රස කතා දෙක තුනක්ම තියෙනවා.

    අනාගත කටකහන කතාවක්.

    ReplyDelete
    Replies
    1. //ඒත් පොර තරම් කුම්මැහියෙක් මුළු කලා ලෝකෙම ඉඳලා නෑ //


      හරියට හරි... බුදුගුණ ගීත කිවුවෙ මාකට් එක හොද නිසා මිසක් බුද්ධාගමට ආදරේකට නෙවෙයි...

      Delete
    2. හැබැයි රේඩියෝ ඉන්ටවිව් එකකදි ඒක පිළිගත්ත එකම එක්කෙනාත් බෙග්ම තමයි.

      Delete
    3. කුම්මැහි නොවී තියේද දහ පාලොස්දෙනෙකුට කන්න දෙන්න තියනකොට...

      Delete
  14. මේක මම අහපු කතාවක්.
    එක මියුසිකල් එකක මිල්ටන් ඇවිත් සින්දු කියල යන්න හදද්දි කෙල්ලෙක් දුවගෙන ඇවිත් ඇහුවලු
    "මිල්ටන් අයියා හරි නරකයි, ඔයා "එදා රෑ" ගැහුවෙ නෑනෙ" කියලා.
    එතකොට මිල්ටන් කිව්වලු
    "ඒකට බයවෙන්න එපා නංගි, බෙග් ඇවිත් "කෝටු කෑලි" ගහල යයි " කියලා.

    ReplyDelete
    Replies
    1. ග්‍රීස් යකා27 February 2012 at 23:06

      අනේ යන්න ...එඩ්වඩ් අය්යා සිරියහනේ ගහනවා කියලා ගැහුවෙත් නෑ...අපි අමරදේව අන්කල් ට කියල සසර වසන තුරුම ගහගන්නම්...!!!

      Delete
  15. අපිට ඉස්සර ඉංගිරිස් උගන්නපු පොරක් මොහොදින් බෙග් ට කිවුවෙ "මුහුදෙන් ගෙම්බෙක්" කියල

    ReplyDelete
  16. වෙසක් පොසොන් දංසල් මේවාට ඉතින් නන්ස්ටොප් බෙග්ම තමයි... බුදු ගුණ ගී කියන්න වෙනත් කෙනෙක් ඇත්තටම නැහැ නේ...

    ReplyDelete
    Replies
    1. සොඳුරු අක්කා, බුදු ගුණ ගී කියපු අය තව කොච්චර ඉන්නවද?

      මෙතෙන්ට ගිහිං බලන්ඩ,
      http://www.sadaham.diyatha.com/bethigee.html

      Delete
    2. එතන වුනත් බෙග් ගෙ ලිස්ට් එක දිගයි නේද අමරදේව ගානටම?
      එතන අනිත් අයගේ ගොඩක් සිංදු නෑ තමයි.
      මුල් කාලේ මං හිතන්නෙ බෙග් ගෙ වොයිස් එක නිසා ගොඩක් බුදුගුණ ගීත මිනිහට සෙට් වෙන්ඩ ඇති. අනිත් අය වැඩිපුර ලව් සිංදු පස්සෙ යන්න ඇති.

      Delete
  17. බෙග්ගේ කතාව බලන්න ඇවිත් කතන්දරගෙ ගීත ටික බැලුවා අර නාන කාමරේ සිංදුවනම් හරිම ශෝක්

    ReplyDelete
  18. සොදුරු මිනිසෙක්

    ReplyDelete
  19. ayi, dineka matuda geethaya amathaka wunada? Eka dan Mage u-tube eke wediyema hits wadina sinduwai.

    Mohideen Baig kiyanne Sangeethaya pramanavath ayurin dath, bharathaye gayakayantath wada uchcha swarayen gayana karanna hekiyavak thibuna madura kta-handak thibuna gayakayek. Ape patu sinhalakama hithata aran ohu vivechanaya kireema sudusui kiya mannam hithanne nahe.

    ReplyDelete
  20. When we talk about 'varadiyata kiyana sindu', a good one is the very famous song by Master Amaradeva 'Paramitha Bala'. Most people say the next two words as 'Poojitha, Poojitha' but it should be "Pooritha Poojitha)meaning 'filled with Paramitha bala, and reverend'

    ReplyDelete
  21. "අනේ පොර සිහිමුර්ඡාවෙන්ම මැරිලා !!

    මේ වාක්‍ය එච්චර හොඳ නෑ නේද??

    ReplyDelete
    Replies
    1. කෙනෙක් නොමල ගෙදරකින් (අබ ටිකක් ඉල්ලන අතරේ) මේ වාක්‍යය නිවරද කරන හැටි අහගන්න ඕනෑ!

      Delete
  22. සියළු දෙනාටම ස්තුතියි.

    ජයවේවා!

    ReplyDelete
  23. කකා මළ දවසට කකාගේ කතා එක බැගින් විනාඩි 10 න් 10 ට මුහුණු පොතේ ශෙයාර් කරන්නම්. ඒක වඩා හොඳයි වගේ :)

    ReplyDelete
  24. මොනව උනත් බෙග් අන්කල් මරු ගායකයා හොදේ .....අන්කල්ගෙ සින්දු වලට ඇඩෙනව තනි ඇහැට

    ReplyDelete

මා ලියූ කතන්දරයට අදාල නැති කරුණු ඔබේ ප්‍රතිචාරවල ඇතළත් නොකරන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

අදහස් වාරණයක් නොකෙරේ. කුණුහරුප සහ තුන්වන පාර්ශවයන්ට නින්දා කෙරෙන ප්‍රතිචාර ඉවත් කෙරෙනු ඇත.