Sunday 19 February 2012

මොකක්ද මේ හස්තද්වාරය කියන්නේ? What the heck is "Hasthadwaraya"?


මං කතන්දර බ්ලොග් එකේ කතන්දර මැද්දේ ඉඳලා හිටලා කවියක් දෙකක් දැම්මා මුල් දවස්වල ඉඳලාම.

ඒත් ඉතිං, අපේ සමහරු ඉන්නවා නේ කවි නොතේරෙන. අන්න ඒ අයගේ පහන් සංවේගය පිණිස මං පස්සේ පටන් ගත්තා රනින් කමෙන්ට්‍රියක් එක්කම කවි දාන්න අර දෙව්ලොව ගිය ගමන කවි-කතන්දරයත් එක්ක.

ඊට පස්සේ 2010 සාහිත්‍ය මාසය අල්ලලා කවි රස හඳුණන ඔබා-මා ට පවා එපා වෙන විදියට කයි-කතන්දර තොගයක් ම පලකළා.

ඒ කාලේ ඉඳලා දාපු ගොඩක් කයි-කතන්දරවල අගින් මෙන්න මෙහෙම පලවුණා පොඩි අකුරෙන්.

"පේරාදෙනිය ඉංජිනේරු පීඨ කලා කවයේ නිර්මාණ පුවරුවේ මුල්වරට පලවිය. පසුව හස්තද්වාරයෙන් නිකුත් කෙරුණු හන්තානේ කඳු පාමුල කාව්‍ය සංග්‍රහයට ඇතුලත් කරන ලදී."

මේ "හස්තද්වාරය" කියන්නේ මංතුමා මගේ පාවිච්චිය සඳහා නිර්මාණය කරගත්තු අළුත් වචනයක්. ඒ හින්දාම මේක අපේ සමහර පාඨකයින්ට මීටර් වුනේ නෑ.

ඒ අයගේ දැනගැනීම පිණිස "හස්තද්වාරය" වචනය නිර්වචනය කරන්නයි මේ ලියන්නේ.

අපි පොඩි කාලේ පොතක් මුද්‍රණය කරළා එලි දක්වනවාට කියන්නේ මුද්‍රණද්වාරයෙන් දොරට වඩිනවාය කියලයි. ඒකෙන් අදහස් වෙන්නේ පොත මුද්‍රණාලයේ දී ප්‍රින්ට් කරලා, බයින්ඩ් කරලා, එක සයිස් එකට කපාල, මිටි බැඳලා, දොරෙන් එහෙම නැත්තං ද්වාරයෙන් එලියට අරගන්න අවස්ථාවයි.

මං ඉස්කෝලේ යන කාලේ අවුරුදු දාසයේ ඉඳලාම වගේ කවි ලිව්වා. කෙටිකතාත් ලිව්වා.

පස්සේ ඒවා ලියපු කටුවැඩ කොලවල එකතු කරගෙන ඇක්සයිස් පොත්වල පොත් විදියට සැකසුවා. අත් අකුරෙන්. එහෙම තමයි මංතුමා පොත් පලකළේ.

දැන් ඉතිං මේ පොත්වලට කියන්න බෑනේ මුද්‍රණද්වාරයෙන් එලිදැක්වුවාය කියලා. ඉතිං මං ඒ වෙනුවට නමක් හදාගත්තා "හස්තද්වාරයෙන්" එලිදැක්වුවා කියලා.

දැන් මෙන්න ඒ හස්තද්වාර පොත් ලයිස්තුව.

පොතේ නමවර්ගයකාල වකවානුව
පියෙකුගේ කතාවක්කෙටිකතා   උසස් පෙල සමය
සිහින සිතුවිලිකවිඋසස් පෙල සමය
සය දිනක සටහන්කවිඋසස් පෙල සමය
ගී පදමාලා 25කවිඋසස් පෙල සමය
ගමනකෙටිකතාඋසස් පෙල සමය
නිසංසලා රනුකනවකතාවගන්ධබ්බ සමය
වාසනා සහ සැබෑවුණු සිහිනය  කවිගන්ධබ්බ සමය
හන්තානේ කඳු පාමුලකවිපේරාදෙනිය දෙවන වසර
මායාවෝකවිපේරාදෙනිය සිව්වන වසර
විරැකියාවේ විලාපයකවිනිදහස් සමය

-කතන්දරකාරයා

ප/ලි:
ඔය පොත් මුද්‍රණද්වාරයෙන් පල නොකිරීමෙන් මං සිංහල සාහිත්‍යයට කළ සේවාව නං මිළ කළ නොහැකියි!

(image: http://webmasterbb.net/blog/webmaster/top-3-article-submission-websites/)

37 comments:

  1. දැන් ඉතින් කියලා දෙනවද මේ ගන්ධබ්බ සමය කියන්නේ මොකක්ද කියලා....:D

    ReplyDelete
    Replies
    1. හපොයි මෙයා ටියුබ් ලයිට් එකක් නෙමේ . . . ටියුබ් ලයිට් ගෙනා නැවක්

      Delete
    2. Gandhabba samaya kiyanne lamayaa, naanne nathi kaaley...

      Delete
    3. ඕනයා කෝ කට ඇරපන් උබලකඩ කෑල්ලක් දාන්න :D

      Delete
  2. ලින්ක් එකක් දාල තියෙද්දිත් ඔච්චරටම ටියුබ්ලයිට්ද ඇත්තට?

    ReplyDelete
    Replies
    1. ලින්ක් එක දැම්මේ (කමෙන්ට් එකට පිලිතුරු දැම්මාට) පස්සේ!

      Delete
    2. මං කිවුවෙ ඔය රිප්ලයි කරපු ලින්ක් එක නෙවෙයි, අර කතන්දරේම දාල තියන *** ලින්ක් එක ගැන.
      ගමන කෙටිකතා උසස් පෙල සමය
      නිසංසලා රනුක නවකතාව ***ගන්ධබ්බ සමය
      වාසනා සහ සැබෑවුණු සිහිනය කවි ගන්ධබ්බ සමය

      Delete
    3. trafic ano ane uba wage gandabbayek ..ubane gothayo tubelight eka

      Delete
  3. සමහර නමගිය ගත්කතුවරුන්ගේත් “හස්තද්වාරයෙන් පළ කරපු” සමහර පොත් තියන බව මං අහල තියෙනව. ඒ වගේම පසුකාලයේදී වෙනත් අය විසින් (සමහර විට ඒ කතුවරයාගේ දරු මුණුපුරන්) ඒවා මුද්රවණද්වාරයෙන් පළ කරපු අවස්ථා මට ලාවට මතකයි.

    ReplyDelete
    Replies
    1. නම කෙසේ වෙතත් හම නම් ගිය කතන්දරකාරයෙකු ගේ හස්තද්වාර පොත් නං පෝලිලමක්ම තියෙන බව දන්නවානේ දැං!

      Delete
  4. කවි කියවන්න හොර වුනාට, නොකියව ඉන්නෙ නෑ. මාරයගෙ අන්තිම පෝස්ට් එකේ කිව්ව වගේ සක්ක තියන්න, බදාම දාන්න අපි ඉන්නව. කව්ද ඊයකින් එව්ව W3 Lanka පෝස්ට් එකක් හරහ ඇවිල්ල ඉස්සෙල්ලම කියෙව්ව සිංහල බ්ලොග් අඩවිය 'කතන්දර '. දැන් අවුරුද්දකට වැඩියි, ඉස්සෙල්ලම පාඨකයෙක්, පස්සෙ කාලෙක කොමෙන්ට් කාරයෙක් , ඊටත් පස්සේ 'අන්තිම පේළියෙ ' ඉඳල හිටල ලියන්නෙක් හැටියට ඉඳල, බ්ලොග් එකක් ලියන ආධුනිකයෙක් වුන ඔබා, සිංහල බ්ලොග් වලට 'ඇඩික්ට් ' කරපු වරදට 'කතන්දර ' ප්‍රධාන බ්ලොග් ලියන්නො බර ගානක් 'ගිල්ටි '. ඒ නිසාම මොනවා ලිව්වත් අප්‍රසාදය පල කරන්න හරි එනව.

    හස්තද්වාරය, හස්තෝපක්‍රමය, ලස්සනට එකට චයිම් වෙන වචන කියලයි හිතෙන්නෙ. [නාකියගෙ වල් හිත කියල හෙම කියන්න ඔට්ටු නෑ ඕන්]

    //ඊට පස්සේ 2010 සාහිත්‍ය මාසය අල්ලලා කවි රස හඳුණන ඔබා-මා ට පවා එපා වෙන විදියට කයි-කතන්දර තොගයක් ම පලකළා//
    අපි නං අහු වෙයි ඕවට...හෙහ්...හෙහ්...

    ReplyDelete
  5. මේ හස්තද්වාර පොත් මුද්රවණද්වාරයෙන් පළකරනන් අදහසක් නැද්ද ?

    ReplyDelete
  6. මගේ පුරස්නෙට පෝස්ට් එකකින්ම උතතර දීලා තියෙන්නෙ..

    හොඳයි..හොඳයි..ස්තුතියි..

    "ඔය පොත් මුද්‍රණද්වාරයෙන් පල නොකිරීමෙන් මං සිංහල සාහිත්‍යයට කළ සේවාව නං මිළ කළ නොහැකියි!"
    එහෙම කියන එක නම් වැරදියි..බ්ලොගේ පළ කරපුවා කොච්චර හොඳද?

    කකා මාමා පොත් සෙට් එකකම ඇඩ් දාලා තියෙන්නෙ..ඒ කතුවරුන්ව ආදර්ශයට අරන් එකක් දෙකක් මුද්‍රණද්වාරයෙන් දාන්නකො..හි..හි..

    --
    හරී
    http://dreamsofharee.blogspot.com/
    --

    ReplyDelete
  7. //ප/ලි:
    ඔය පොත් මුද්‍රණද්වාරයෙන් පල නොකිරීමෙන් මං සිංහල සාහිත්‍යයට කළ සේවාව නං මිළ කළ නොහැකියි!//

    'biggest under estimation of the year'

    ReplyDelete
    Replies
    1. Sorry, should be corrected as biggest 'self under estimation'

      Delete
  8. //ඔය පොත් මුද්‍රණද්වාරයෙන් පල නොකිරීමෙන් මං සිංහල සාහිත්‍යයට කළ සේවාව නං මිළ කළ නොහැකියි! //

    එහෙම කියන්න එපා ඔයාගේ ලස්සන නිර්මාණ තියනවා.

    ReplyDelete
  9. අන්න එහෙම එන්න....

    //ඔය පොත් මුද්‍රණද්වාරයෙන් පල නොකිරීමෙන් මං සිංහල සාහිත්‍යයට කළ සේවාව නං මිළ කළ නොහැකියි//

    හස්තද්වාරයෙන් පල කිරීමෙන් කළ සේවාව හෝ නස්පැත්තිය ගැන කිව්වනම්......ඔබා-මා කවි වලට තව තවත් අලජික් වීම හැරුණු කොට....:-)

    ReplyDelete
  10. හස්තද්වාරයෙං සෑහෙන කලක් නිකුත්කරමින් ඉඳල එකක් මුද්‍රනද්වාරයෙන් නිකුත් කරගත්ත. දැං ආපහු හස්තද්වාරය තමයි

    ReplyDelete
    Replies
    1. එහෙම වෙන්නැති හිතං ඉන්නෙ...හෙහ්...හෙහ්...

      Delete
    2. ඕනයා, බලපන් හොඳට උබේ අල්ලේ රේඛා එහෙම තාම තියෙනවද කියල..

      Delete
  11. නරකද ඉතින් ඔය හස්තස්වාරයෙන් ලියපුවා මුද්‍රනද්වාරයෙන් නිකුත් කලානම්..

    ReplyDelete
  12. හස්ත කරුමාන්තෙන් කරපුවා හෙම නැද්ද?

    ReplyDelete
    Replies
    1. හස්තද්වාරයට ඉන්ධන සපයන්න ඇත්තේ එහෙම වෙන්ටැ!

      Delete
  13. කවි ගැන නම්...ම් ම්හ!

    ReplyDelete
  14. කොහොම හරි ඔතන තේරුම් දෙකක් තියෙනවා මයෙ හිතේ. එකක් ඔහේ ලියලා තියෙනවා. අනික තමයි අත සෑහෙන පාවිච්චි කරන කාළේ කියන එක. ඒ කාළේ මුද්‍රණය කළානම් බල්ලොත් ගන්න එකක් නෑ. දැන්නම් උනු කැවුම් වගේ යයි. කොහොම හරි හොඳ ඇඩ් එකක්. ඔහේ ප්‍රින්ට් නොකලත් පොඩි කතී වැඩේ දෙයි. රෝස බබා...

    ReplyDelete
  15. ටයිම් ස්ටෑම්ප් එක අවුල් වගේ

    ReplyDelete
  16. ඒවත් බ්ලොග්ද්වරයෙන්ම පල කොලොත් නරකද ?

    ReplyDelete
  17. ඔය ක්‍රෙම්ට පල කරන්න ලියද්දි ඩිලිට් කරන්නෙ, අන්ඩූ කරන්නෙ එහෙම කොහොමද?

    ReplyDelete
  18. ප්‍රින්ට් කරන්න තිබ්බේ කකෝ.. !

    ReplyDelete
    Replies
    1. කතන්දරකාරයට ඒ වෙලාවේ කඩලකාරයට සේවාවක් කරන්න මතක් උනේ නැද්ද?

      Dick-son

      Delete
  19. දැන් ඔය සේරම විද්‍යුත්ද්වාරයෙන් එළියට දාන්න පුළුවන්නේ... ඇත්තටමයි කියන්නේ එහෙම කරමුද..? මාත් එකක් කලා හරි ලේසියි...

    ReplyDelete
  20. දැනුත් හස්ත ද්වාරයෙන් එලි දක්වලා එන ගමන් !!!

    ReplyDelete
  21. ඕඩියෝ බුක්ස් තමා දැං නැගලා යන්නේ....

    ReplyDelete
  22. උඹ ළමයි හැදුවෙත් හස්තද්වාරෙන් නේද බන්?

    ReplyDelete
  23. ඕවායේ මොනවා තියනවාද කවුද දන්නේ. ඒකයි මුද්‍රණද්වාරයෙන් පළ නොකරනවා ඇත්තේ...:D
    මොනවා උනත් කතන්දර ලියන කවි නම් ලස්සනයි.

    ReplyDelete
  24. This comment has been removed by a blog administrator.

    ReplyDelete

මා ලියූ කතන්දරයට අදාල නැති කරුණු ඔබේ ප්‍රතිචාරවල ඇතළත් නොකරන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

අදහස් වාරණයක් නොකෙරේ. කුණුහරුප සහ තුන්වන පාර්ශවයන්ට නින්දා කෙරෙන ප්‍රතිචාර ඉවත් කෙරෙනු ඇත.