Monday 6 February 2012

හිටපු මිතුරා ගේ අන්දරය - Story of an ex-friend


පසුගිය දවසක මට බ්ලොග් ලෝකයේ මිතුරියකගෙන් ලැබුණු ඊ-මේලයක මෙන්න මෙහෙම තිබුණා.

       හිතවත් කතන්දර

ඔබ අඳුණන අයෙකු මට ඊයේ අහම්බෙන් මුණ ගැසුණා. අප ඔබ ගැන ද කතා කළා. ඒත් ඒ කතාවෙන් ඔහු ඔබේ මිතුරෙක්ද, තරහ කාරයෙක්ද කියානම් මට හිතාගන්නට බැරිවුණා!

මීට
බ්ලොග් ලෝකයේ මිතුරිය

ඉතිං, කවුද, කින්ද, මන්ද කියල නමක් ගමක් සඳහන් කරන්නේ නැතුව මං අඳුණන කෙනෙක් හමුවුණාය කියලා ඔහොම කිව්වාම මං කොහොමද ඒ කවුද කියලා හිතාගන්නේ?

මං ගැන පෞද්ගලික විස්තර දන්නවා නම්, මගේ මේ කතන්දර බ්ලොග් එක ගැනත් දන්නවා නම්, මා ගැන කතා කළා නම්, ඉතිං මේ කියන පොර මගේ යාළුවෙකු වෙන්න ඕනෑ තමයි.

ඒත් මගේ වැරදි කතා කරළා හෝ මට බැණලා හෝ තියෙන බවක් පේන්න තියෙනවා. ඒක නේ, මේ කියන පුද්ගලයා මගේ යාළුවෙකු නෙමේ තරහකාරයෙක් වගේ කියලා හිතිලා තියෙන්නේ. ඔව්, එහෙම බැලුවාම යාළුවෙකු වෙන්න බෑ නේන්නම්!

එහෙනම් මේ මගේ :හිටපු මිතුරෙක්: වෙන්න ඕනෑ!

මට එහෙම හිතුනේ ඇයි දන්නවාද? මගේ එක්තරා කවියට බර යාළුවෙක් ඉන්නවා පොර සමහර උන් ගැන අපි එක්ක කියන්නේ මගේ "හිටපු මිතුරෙක්" කියන හැඳින්වීම එක්කයි. පොර ලියන කවිවල, ලිපිවල පවා සමහරු ගැන ලියන්නේ "මගේ හිටපු මිතුරෙකු වෙන" කියන විශේෂණ පද එක්කයි.

මගේ මේ කියන යාළුවා මගේ කතන්දර බ්ලොග් එකේ සිංහල භාෂාව හැසිරවීම, යොදන සිංහල වචන, ව්‍යාකරණ භාවිතා නොකිරීම ගැන නොසෑහෙන තරමට මට උපදෙස් දෙන්න හදලා තියෙනවා. "මනුස්සයෝ, ඔහේ ගේ මේ ලිවීමේ හැකියාව සහ මේ වැඩේට ගත කරන කාලය මීට වඩා හොඳ ලිවීමේ කටයුත්තකට ගතකරන්න!" කියලායි පොර නිතරම මට කියන්නේ.

එකත් එකටම මගේ මිතුරිය ඊ-මේලයෙන් සඳහන් කලේ මේ යාළුවා ගැනය කියලා මට හිතුණා.

පස්සේ ආරංචි වුණු විදියට මගේ අනුමානය ටක්කෙටම හරි!

මේ කතාවේ අනිත් අතීත කෑල්ල මේකයි.

ගිය අවුරුද්දේ කතන්දර බ්ලොග් එකේ ගිය මටාටා ටිටා කතන්දරය කියවපු මගේ මේ යාළුවා මට මෙන්න මේ කවිය ලියලා එව්වා ඊ-මේලයකින්.

මේක පරණ සිංහල කවියක්.

       සුරාවේ රසයත්
එහි ඇති මනා ගුණයත්
බොන මිතුරෝ මිසක්
නොබොන සුදණන් කෙසේ හඳුනත් ?

මං මොකද දන්නවද කළේ. ඒ එවපු කවිය මෙන්න මේ විදියට කරෙක්ට් කරලා යැව්වා හැරෙන ඊ-මේල් තැපෑලෙන් ආපහු යැව්වා.

       සුරාවේ රසයත්
එහි ඇති මනා ගුණයත්
බොන මිතුරන් මිසක්
නොබොන සුදණෝ කෙසේ හඳුනත් ?

ඒ මං යවපු ග්‍රැමර් කරෙක්ෂන් එක හින්දා ද මන්දා කලින් මිතුරා පස්සේ හිටපු මිතුරා වෙලා ඊටත් පස්සේ අද වෙනකොට මිතුරෙක් ද තරහකාරයෙක් ද කියලා හිතාගන්න අමාරුවෙලා තියෙන්නේ.

-කතන්දරකාරයා

ප/ලි:
හිටපු මිතුරා මට ඔය හමුවීම වාර්තා කළේ මෙන්න මෙහෙමයි.

       කතන්දර,

මට ඔහේ ගේ බ්ලොග් එකේ පාඨකයෙක් මුණ ගැහුණා මේ ලඟදී කොළඹ තිබුණු සාහිත්‍ය සම්මන්ත්‍රණයක දී. ඒ ඇත්තී රාජ්‍ය සේවයේ ඉතා ලොකු නිලයක් දරණ කෙනෙක්.

දැන් ඉතිං කතන්දරට පුළුවන් ලියන්න තවත් කතාවක්, හොඳ උගත් ඉහල මට්ටමේ රාජ්‍ය නිලධාරිනියොත් කතන්දර බ්ලොග් එක කියවනවාය කියලා.

එහෙනං හිටපු මිතුරාණෙනි, මෙන්න ඒ ඉල්ලීම ඉටු කළා! (හිටපු මිතුරා කිව්වට කිසි තරහක් නෑ, මේ ඊයෙත් ෆෝන් කළා)

(image: http://www.coloring-pictures.net/drawings/Simpsons/Bart-and-his-friend-Milhouse.php)

30 comments:

  1. හිටපු මිතුරා කිව්වම බැලුවේ ඒ කව්ද කියලා...දැං බලංගියාම ඔහේගේ බ්ලොග්ගෙක රටේ හැමෝම කියෝනොවා ඈ...

    ReplyDelete
  2. අපේ තියෙන ලොකු අඩු පාඩුවක් තමයි ඕක. කෙනෙක්ගේ වැරදි ඔහුගේ මූනටම නොකියා තැන තැන කතාකිරීම. එහෙම නොකරන්නත් හේතුවක් තියෙනවා. ඒ තමයි එහෙම කියන පුද්ගලයා එක්ක අමනාප වීම. ඔතන තියෙන්නේ අවංකකම පිළිබඳ ප්‍රශ්නයක් කියලයි මම හිතන්නේ.. හැබයි ඔය හේතුව නිසා රසවත් සංස්කෘතියකුත් තියෙනවා. ළිඳ ළඟ සංගමය.. එකක් අනික වටෙන් ගැහීම..

    ReplyDelete
    Replies
    1. ඇනෝ බිහිවීමේ පලවෙන හේතුව... පස්සෙ ඕකෙ දැකල අර අවජාතක උනිත් පහත් ආතල් ගන්නවා...

      Delete
  3. අපොයි කතන්දර අඳුනන උදවිය....:D

    ReplyDelete
  4. දැන් කතන්දරගේ ලොජික් එකට අනුව හිටපු මිතුරො හතුරො විදිහට ගණන් ගන්න පුළුවන් නම්, හිටපු හතුරන්ට කියන අනිත් නම "මිතුරෝ" ද ?

    ReplyDelete
  5. එක්කො මිතුරන් අතර ජනප්‍රිය චරිතයක් වෙන්න ඕන, එහෙම නැත්තන් හිතට එකඟව කටට එන දේ කියලා දාන එකෙක් වෙන්න ඕන.. ඔය දෙක හයිබ්‍රිඩ් කරන්න හරිම අමාරුයි..! මම නං කරන්නෙ ඇඟට පතට නොදැනී කියලා දාන එක... :D

    ReplyDelete
  6. mamanam me wage aun ekka "no katha, no sina"

    ReplyDelete
  7. බොක්කං නම් මොනා කිව්වත් ගණං ගන්නැ.....

    ReplyDelete
  8. ෂා, කතන්දර බ්ලොග් එක කියවන අය! නේද? :)

    ReplyDelete
  9. හිටපු මිතුරා.... :)
    ෂඃ... නියම වචනේ

    ReplyDelete
  10. මටාටා ටිටා කියන ලින්ක් එක නිතර දැකල තිබුනත් මොකක්ද කියල දැනගෙන හිටියෙ නෑ. මම හිතාගෙන හිටියෙ වෙන භාෂාවක වචනයක් කියලයි.
    "මටාටා ටිටා = Matata Tita = මතට තිත!" කියල දැනගත්තෙ දැන්.:)

    ReplyDelete
    Replies
    1. ' හකුනා මටාටා ' [ ලයන් කිං චිත්‍රපටයේ] කියන එකේ තේරුම දන්නවද?

      Delete
  11. ඔහොම තමයි සමහර මිතුරෝ....පොඩ්ඩ වැරදුනාම හිටපු මිතුරෝ වෙලා....වර්තමාන හතුරෝ වෙන්නත් ඉඩ තියනවා...
    මම විශ්වාස කරන දෙයක් තමයි...No Permanent Friends, No Permanent Enemies!

    ReplyDelete
    Replies
    1. සමහර යාළු මිත්‍රයෝ දේශපාලකයෝ වගේ තමා....

      Delete
  12. කතන්දර මාරයිනෙ ඈ...

    ReplyDelete
  13. දැන් මට තියෙන ප්‍රශ්නේ අර කවියේ තියෙන ග්‍රැමර් වැරැද්ද මොකද්ද කියලා.
    කතන්දර මහත්තයෝ මේ ඔබේ අවධානය පිණිසයි !

    ReplyDelete
    Replies
    1. පැනල දෙනවට සමාවෙන්න,

      වාක්‍යයක උක්තය කර්තෘකාරක වෙන්න ඕනි.හෙමහි "සුසනණ්" යනු කර්මකාරක වචනයකි.රහි කර්තෘකාරක ස්වරෑපය "සුදනෝ" විය යුතුය.
      (කෙසේ වෙතත් කවියේ අරුත සමඟ මුලුමනින් ම විරැද්ධයි)

      Delete
    2. මටත් අකුරු වැරදිල, "සුදණන්" යන්න "සුදණෝ" ලෙස නිවැරදි වියයුතුයි

      Delete
  14. කවි දෙකම දෙපාරක් කියවලයි කතන්දර මහත්මයා නිවැරදි කරපු තැන අල්ල ගත්තේ...

    ReplyDelete
  15. කතන්දර මාමට හම්බෙන්නෙම ඔය වගේ යාළුවොනේ අෆ්ෆා.

    ReplyDelete
  16. අඩේ කතන්දරත් දැන් ලංකප්ප්‍රසිද්ධයි නේ

    ReplyDelete
  17. ඔය කවිය එළිසමය එන්න මෙසේ වෙනස් වෙන්න ඕනෙ නේද?
    බලන්න...

    සුරාවේ අගයත්
    එහි ඇති අමා ගුණයත්
    බොන සුදනෝ දතත්
    නොබොන අනුවණ දනෝ නොදනිත්

    හෝ

    සුරාවේ අගයත්
    එහි ඇති අමා ගුණයත්
    බොන මිතුරෝ දතත්
    නොබොන සුදනෝ කෙසේ හඳුනත්

    :)

    ReplyDelete
  18. කතන්දර බ්ලොග් එකේ කමෙන්ට් දාන අපිත් ප්‍රසිද්ධ වේවි ..

    ඒක නෙවේ ඔයි කියන හිටපු ෆ්‍රෙඩා මේක කියෝලා ජන්මාතර වෛරක්කාරයෙක් වේවිද මන්දා .. මොනා වුණත් ෆ්‍රෙඩාලා එක්ක ෆිට් එකේ ඉන්ඩ.. මම නම් ලේසියෙන් එකපාරක් යාලුවෙච්ච එකෙක් අතාරින්නේ නම් නෑ වලියකදී එහෙම අපිට සෑහෙන්න යාලුවෝ ඕනෙ කරනවා . :)

    ReplyDelete
    Replies
    1. ඔව්...වොව්...ළමය ගුටි කන විධියට යාළුවො කොච්චර හිටියත් මදි තමා

      Delete
  19. මට පේන්නෙ ගුටි කෙලියක් ඇරබෙන්න වගෙ හදන්නෙ

    ReplyDelete
  20. කතන්දර . . . වලියක් වගේනං කතාකරන්න ඈ . . . බොක්කෙං සප . . . (ටිකට් එකේ ගාන නං හොයාගත්තෑකි, වීස එකෙයි ස්පොන්සර් එකෙයි වැඩේ ඔයා හැන්ඩ්ල් කරන්න)

    ReplyDelete
  21. සියළු දෙනාටම ස්තුතියි!

    කිසිම වලියක් නෑ. හිටපු මිතුරා ගිය සතියෙත් කතා කළා. පොර නං මගේ බ්ලොගේ බලන්නේ නෑ, මොකද භාෂාව සහ ව්‍යාකරණ තාමත් අවුල් නේ!

    හෙට බදාදා කතන්දරයෙන් හමුවෙමු.

    ReplyDelete

මා ලියූ කතන්දරයට අදාල නැති කරුණු ඔබේ ප්‍රතිචාරවල ඇතළත් නොකරන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

අදහස් වාරණයක් නොකෙරේ. කුණුහරුප සහ තුන්වන පාර්ශවයන්ට නින්දා කෙරෙන ප්‍රතිචාර ඉවත් කෙරෙනු ඇත.